වර්තමානය ශ‍්‍රි ලංකාවේ පක්ෂ දේශපාලනය අභියෝගයකට මුහුණ පා ඇති වකවානුවකි. පක්ෂ දේශපාලනයට ජනතාවගේ ඇති උන්නදුව ක‍්‍රමානුකූලව අඩු වෙමින් තිබේ. විශේෂයෙන් තරුණ පෙළ දේශපාලනයෙන් ඈත්වන ස්වභාවයක් පෙනේ. දේශපාලන නායකයන් සම්බන්ධව මහජනතාව තුළ ඇති ගෞරවය යම් පමණකට අඩු වී ඇති බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. විශ්වාසනීයත්වය පිරිහීම බරපතල එකකි. පොදුවේ සෑම දේශපාලනඥයෙකුම වංක, දුෂණයට ලක් වූ සහ බලය වෙනුවෙන් කි‍්‍රයාකරන අය බව සමාජය සිතන්නට පටන්ගෙන ඇත. ඇතැම් දේශපාලනඥයන් මැර කණ්ඩායම් නඩත්තු කරන අතර හැසිරෙන ආකාරය යහපත් නැති බවද මහජනතාව සිතයි. නායකයන් ගැන ඇති එම ආකල්ප දියුණු වන රටකට එතරම් සුදුසු නැත. ලංකාෙව් පමණක් නොව ජාත්‍යන්තර සමාජයේ ද දේශපාලනඥයන් ගැන මතය එවැනිය. ඒ බව පැහැදිලිව වටහා ගත හැකිය. තමන් විසින්ම පත් කරන නායකයන් තමන්ම ප‍්‍රතික්ෂේප කරන ස්වභාවයකට ජනතාව පත්වූයේ ඇයි? එය විමසා බැලීම වැදගත්ය. ජාත්‍යන්තරය කෙසේ නමුත් අප අපගේ දේශපාලන ක‍්‍රමය නිසි මගට ගත යුතුය.
මහජනතාව තමන් කැමැති පාලන ක‍්‍රමය පවත්වාගෙන යන්නට මහජන නියෝජිතයන් පත් කරගනී. මැතිවරණයක දී මහජන ඡුන්දයෙන් තම අපේක්ෂකයා පාර්ලිමේන්තුවට යවන ජනතාව විශාල සමාජ පරිවර්තනයක් ඔහුගෙන් ඉල්ලා සිටියි. පවතින ක‍්‍රමය තුළ ඉල්ලන වෙනස්කම් කරන්නට හැකියාවක් නැත. මහජනතාවගේ අපේක්ෂා සහ දේශපාලනයෙහි නිරත ජනතා නියෝජිතයන්ට ඉටු කළ හැකි තරම සම්බන්ධයෙන් විශාල පරතරයක් තිබේ. එය ක‍්‍රමයෙන් විකාශය වූ තත්ත්වයකි. එපමණක් නොවේ. පවතින මනාප ක‍්‍රමය රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පිරිසිදුබව සහ පාරදෘෂ්‍ය භාවය ප‍්‍රශ්න කරන එකක් බවට පත්ව ඇත.
පවතින දේශපාලනය සූක්ෂම බල අරගලයකි. දේශපාලනය පිරිහී ජනතාවගෙන් ඇත්වීමට සම්ප‍්‍රදාය සහ පක්ෂ වල උරුමය වෙනස්වීම බලපා ඇත. සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂ වල විද්වතුන්ගේ සහභාගීත්වයක් තිබේ. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දක්නට ඇති පුලූල් පදනමකි. පක්ෂයට හිතවත්, පක්ෂයට ලැදි මෙම විද්වත් කණ්ඩායම දේශපාලන ධාරාවට එකතු වී ඡුන්දය ඉල්ලන පිරිසක් නොවේ. පක්ෂ යාන්ත‍්‍රණයේ උපදේශක නොඑසේනම් ඉහළින් සිටින පිරිසකි. දේශපාලන පක්ෂයක මුදුන් මුල් ලෙස සැලකිය හැකිය. ඔවුන්ට පරිනත බවක් ඇත. රටක් ගමන් කරන දිසාව ගැන අවබෝධයක් තිබේ. සංස්කෘතිය සදාචාරය ආරක්ෂා කිරීම ගැන වගකීමක් ඇතිව කටයුතු කරයි. හුදෙක් ධනය හා බලය පමණක් නොව රටේ සහ ජනතාවගේ ගෞරවය ආරක්ෂා වන අයුරින් තීරණ ගැනීමට දේශපාලන පක්ෂ වල පසුබිමේ කටයුතු කරයි. බටහිර රටවල් විශේෂයෙන් බි‍්‍රතාන්‍යයේ මෙම නායකයන් පිරිසිදු මහත්මයන් යන අදහස දෙන ර්‍ණඋසිැ ඵැබ" යනුවෙන් හැ`දින්වෙයි.
මෙම සංකල්පයට අනුව පක්ෂ වල සිටින විද්වතුන් පක්ෂයෙන් යැපෙන්නන් නොවේ. දේශපාලන ක‍්‍රමයෙන් ධනය හෝ කීර්තිය උපයා ගන්නට අපේක්ෂාවක් ද නැත. ආණ්ඩු බලයට පත් වූ පසු තනතුරු ගැනීම හෝ මෙරට පවතින ආකාරයට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැමේ අදහසක් ඔවුන්ට නැත. පක්ෂයට ලැදි, පක්ෂ නායකයා සහ ක‍්‍රියාකාරීන් සමග එකට සම්බන්ධව ක‍්‍රියාකරන කණ්ඩායමකි. පක්ෂයට අභියෝග ඇති අවස්ථාවල මෙම නායකයෝ එයට එකතුවී මුහුණ දෙති. සාකච්ඡුා කර ප‍්‍රශ්න විස`දා ගනිති. දේශපාලන පක්ෂ වල ගරුත්වය සහ සම්ප‍්‍රදාය ආරක්ෂා කිරීමට බැ`දී සිටිති. පක්ෂවල තනතුරු වෙනස් වෙයි. අලූත් තරුණ ජවය එකතු වෙයි. නමුත් ප‍්‍රතිපත්ති වෙනස්වන ආකාරය හා පක්ෂ අනුගමනය කරන වැඩ පිළිවෙල සම්බන්ධව පක්ෂ තුළ ගැඹුරෙන් සාකච්ඡුා කරන්නේ මෙම විද්වතුන්ය. දේශපාලනයට නොඇලී, දේශපාලනයෙහි නොගැලී එයට ඉහළින් සිටිමින් පවතින තත්ත්ව ගැන සාවධානව සිතන්නට හැකියාව ඇති හෙයින් මෙම නායකයන්ගෙන් ඉටුවන මෙහෙවර ඉතාමත් සුවිශේෂී එකකි.
ඕනෑම පක්ෂයක සිටින මෙම නායකයන්ගෙන් සිදුවන්නේ පංති අවශ්‍යතා ඉටුකිරීමක් බව තර්ක කරන්නට හැකිය. ධනය ඇති, තවත් බලය උපයා ගත යුතු නැති උසස් පිරිස පක්ෂ වලට සම්බන්ධවී දේශපාලන පක්ෂ මෙහෙයවන බවට නැගෙන තර්කය යම් ප‍්‍රමාණයකට අසාධාරණ නැත. මෑතක් වන තුරු මෙරට දේශපාලනය ද සීමා වී තිබුණේ එක පන්තියකට පමණකි. නමුත් දේශපාලන පක්ෂයක ගරුත්වය සහ ගන්නා තීන්දුවල අභිමානය වෙනුවෙන් මෙම විද්වතුන් පසුබිමෙහි සිට කරන මෙහෙවර සැලකිය යුතු එකකි.
ආපසු හැරී බලන විට ප‍්‍රධාන පක්ෂ එකම උල්පතකින් පැන නැගී ඇති බව පෙනේ. නිදහස උදෙසා සටන් කළ ජාතික කොන්ග‍්‍රසයේ සිටි නායකයෝ එක්සත් ජාතික පක්ෂය පිහිටුවා ගත්හ. ජාතික කොන්ග‍්‍රසයට දේශපාලනයක් තිබුණේ නැත. ජාති හෝ කුල ප‍්‍රශ්න නොතිබිණ. අධිරාජ්‍යවාදීන්ගෙන් රට නිදහස් කර ගැනීම එහි නායකයන්ගේ එකම අරමුණ විය. නිදහස ලැබූ පසු ජාතික කොන්ග‍්‍රසය ශ‍්‍රී ලංකාවේ පක්ෂ දේශපාලන ක‍්‍රමය ආරම්භ කළේය. එක්සත් ජාතික පක්ෂය බිහිවිය. එහි ඇතිවූ අභ්‍යන්තර ප‍්‍රශ්නයකට පසු බෙදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගත්තේය. අද රට තුළ ඇති නොයෙක් අදහස් හා ප‍්‍රතිපත්ති ඇති සියලූම දේශපාලන පක්ෂ වල පදනම ජාතික කොන්ග‍්‍රසය හා එහි නායකයන් බිහිි කළ දර්ශනයයි. අලූත් අදහස් ඇති දේශපාලනයෙන් යමක් උපයා ගන්නට තැත් නොකළ පරාර්ථකාමීහු එම වකවානුවේ දී දේශපාලන පක්ෂ වලට එකතු වී ක‍්‍රියා කළහ. නමුත් පසු කාලීනව පරම්පරා වෙනස් වන විට පක්ෂ ප‍්‍රතිපත්ති වෙනස්ව තිබේ. පංතියකට සීමා ව තිබූ දේශපාලනය එයින් මිදී තවත් ස්ථර වලට ද ව්‍යාප්ත වී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව මහජන නායකත්වය එක්තරා පන්තියකට පමණක් සීමා විය යුතු නැත. එය පිළිගත යුතුය. අද පවතින දේශපාලනයේ නියෝජනය අනුව මහජනතාව තමන්ට කැමැති තමන්ට සමීප විය හැකි නව මතධාරී පරම්පරාවක් තෝරා ගෙන තිබේ. හෘදයාංගම බවින් පොහොසත් නායකයෝ පක්ෂ වල සිටී. නමුත් ගැටලූව වී ඇත්තේ දේශපාලන පක්ෂ වලට විද්වත් මතධාරී උසස් පුද්ගලයන් සම්බන්ධ නොවීමය. රදල නොඑසේ නම් පංතියකට සීමා වී තිබුණ දේශපාලන නායකත්වය සාමාන්‍ය ජනතාව අතරට යන අතර සාමාන්‍ය ජනතාව අතරින් පවා බුද්ධිමත් සහ රටේ සම්ප‍්‍රදායික සංස්කෘතිය සහ අනන්‍යතාවය ආරක්ෂා කරන පුලූල් දැක්මක් ඇති කණ්ඩායමක් දේශපාලන පක්ෂ සමග එකතු විය යුතුව තිබිණ.
පෙනෙන ආකාරයට වර්තමාන දේශපාලනයේ බරපතල පංති සටනක් නැත. රදල හෝ පරම්පරාවෙන් උරුම වන නායකත්ව තිබූ යුගය අවසන්ය. තමන්ට සමීප සහෘද නායකයන් ජනතා කැමැත්ත දිනා ගෙන ඇත. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ඇති සියුම් ලක්ෂණයකි. පවතින ක‍්‍රමයට ගරු කරන අපට පක්ෂ දේශපාලනයේ උරුමය සහ එහි වටිනාකම් ආරක්ෂා කර දෙන නිසි අනන්‍යතාවයක් ද ගොඩනගා ගත යුතුව තිබේ. පංතිය බි`ද අලූත් දේශපාලන ප‍්‍රපංචයක් බිහිකරන අතර පැවැති රාමුව වෙනුවට අලූත් නිර්මාණයක් දේශපාලන පක්ෂ වලට ඇතුල් කළ යුතුව තිබිණි. අද එසේ නැත. ප‍්‍රශ්නයක් දෙස බලන්නේ මනාප ගණන අනුවය. මනාප වැඩි කරගන්නට ප‍්‍රතිපත්ති පරදුවට තබා වැඩකරන්නට ඇතැම් මහජන නියෝජිතයන් සූදානම්ය. රටට වැදගත් විවාදයක දී හෝ පක්ෂ රාමුවෙන් බැහැරව විනා තීන්දු ගන්නට සූදානමක් නැත. බලය එකම අරමුණයි. බලය වෙනුවෙන් දේශපාලන පක්ෂ අතර පමණක් නොව පක්ෂ තුළ පවා ගැටුම් මතභේද ඇති වෙයි. ඒවා සියුම්ව විමසා තින්දුවක් දෙන්නට බලවත් පෞර්ෂයක් ඇති නායකයන් මෙමක‍්‍රමයට කොටුවී සිටිති. පක්ෂය තුළ විනය ප‍්‍රශ්න ඇතිවන විට එයට මැදිහත් වන්නට දැක්මක් ඇති කළ හැක්කේ පක්ෂයේ ගම් මට්ටමින් ඇති යාන්ත‍්‍රණයට පවා දේශපාලනයෙන් තොර වැදගත් මිනිසුන් එකතු කරගැනීමෙන්ය. අද පක්ෂ ශාඛා සමිති සාමාජිකයෝ දේශපාලනඥයන්ය. නැතිනම් හිටපු දේශපාලනඥයන්ය. දේශපාලනයට බැ`දී නැති සමාජ වටිනාකම් සහිත පුද්ගලයන් දේශපාලන පක්ෂ වල දුලබය. එය ගුණාත්මක දේශපාලනය පිරිහෙන්නට බලපා ඇති එක් ප‍්‍රධානතම කරුණකි.
දේශපාලනයට එකතු වන්නේ නරක පුද්ගලයන් නොවේ. රටට යමක්කරන්නට උවමනාව ඇති කැපවීමක් කළ හැකි පුද්ගලයෝ පක්ෂ දේශපාලනයට එකතු වෙති. කැපවීම, පරාර්ථය, දුර දක්නා නුවනකින් වැඩ කිරිම සහ පුලූල් අවබෝධය වැනි ගුණාංග දේශපාලනයේ නිරත වන විට දුර්වල වන්නට පටන් ගනී. එය දේශපාලන සංස්කෘතිය බිහි කර ඇති වරදකි. ව්‍යවස්ථාව වෙනස් කරන්නට යෝජනා කිරීමෙන් මෙම තත්ත්වය තුරන් කල නොහැකිය. අලූත් ව්‍යවස්ථාවකින් අලූත් මිනිසුන් බිහි කරන්නට හැකියාවක් නැත. පවතිනක‍්‍රමය වෙනස්කර ගත යුතු උදාර මිනිසුන්ගේ පරිත්‍යාගයෙනි. අප සමාජයේ සිටින විරල විද්වතුන් සොයා යා යුතුය. අද දේශපාලන පක්ෂ මුහුණ දී ඇති අර්බුද විස`දා ගැනීමට නම් අති එකම මග එයයි. වරදක් දකින විට කෙලින් කතා කරන්නට හැකියාව ඇති සුදුසු තැන තබා තීන්දු ගන්නට හැකි විදුවත් ප‍්‍රඥාවන්තයන් පක්ෂ වලට සමීප කර ගත යුතුය. දේශපාලන තනතුරු දි පක්ෂ තුළට ගෙන අනාගතයේ පත් කරන මැති ඇමතිවරුන් කරන්නට නොවේ. හර සුන්වී සෝදාපාලූවට ලක්වන දේශපාලන යාන්ත‍්‍රණය ශක්තිමත් කරන්නටය.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|