» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/09/2013 - ඉරිදා ලංකාදීප
ඉඩම් අයිතිය සම්බන්ධ විප්ලවීය තීරණ සංවර්ධනයට ඉවහල් වෙයි - මිලින්ද මොරගොඩ

ශ‍්‍රී ලංකාව කුඩා රටකි. එහි ඇති සම්පත් සීමිතය. අනාගතය උදෙසා ඉතාමත් ඵලදායී සහ කාර්යක්ෂම ආකාරයට සම්පත් පරිහරණය ඉතාම වැදගත්ය. ඉඩම මේ අතුරින් සුවිශේෂීය. ඕනෑම රටක ඉඩම් සම්බන්ධ ගැටලූ සියුම් මානුෂික මුහුණුවරක් ගනී. සංවර්ධනය, රුකියා ජනනය සහ පොදු අව්‍යශතා වෙනුවෙන් නිසි ආකාරයට ඉඩම් පරිහරණය නොවන්නේ නම් එය ආර්ථිකයට කරන බරපතල හානියකි. නවිකරණයක් සිදුවන විට ඉඩම් සම්බන්ධ ප‍්‍රතිපත්ති ඉතා සංකීර්ණ මුහුණවරක් ගනී. රටට අයත් ඉඩම් සහමුලින්ම ආර්ථික උවමනාවන් වෙනුවෙන් පමණක් භාවිතයට ගැනීමට නොහැකිය. එය අවිධිමත්ය. තිරසාර පාරිසරික අවශ්‍යතා වෙනුවෙන් ආරක්ෂා කළ යුතු කොටසක් තිබේ. ආහාර වෙනුවෙන් කෘෂි ඉඩම් වෙන් කළ යුතුය. පදිංචියට නිවාස ඉදිකිරීමට වෙන් වූ කලාප ඇති කළ හැකිය. කර්මාන්ත, ව්‍යාපාර වැනි විවිධ අවශ්‍යතා වෙනුවෙන් ඉඩම් වෙන්කර ගැනීම ඉතා සංවේදීව කි‍්‍රයා කළ යුතුය. ආණ්ඩුවට ඉඩම් සම්බන්ධව ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍ය එහෙයින්ය. බලයට පත්වන ආණ්ඩු අනුව කලින් කලට වෙනස්වන සහ පුද්ගල අවශ්‍යතා අනුව ඉඩම් සම්බන්ධ පරිහරණ ප‍්‍රතිපත්තිය වෙනස් කිරීම සුදුසු නැති බව ස`දහන් කළ යුතුය.

අද වන විට මෙරට ඉඩම් සම්බන්ධ ජාතික ප‍්‍රතිපත්ති අවිනිශ්චිත සහ විනිවිද නොපෙනෙන ආකාරයකින් පවතී. එය රට තුළ සංකීර්ණ ප‍්‍රශ්න ඇති කර තිබේ. දේ විදෙස් ආයෝජන දුර්මුඛ කරන්නකි. ශ‍්‍රී ලංකාවේ භූමියෙන් සියයට අසූවක හිමිකාරීත්වය ඇත්තේ රජයටය. එම ඉඩම් ප‍්‍රමාණය උපරිම ආකරයට ප‍්‍රයෝජනයට ගැනීම සහ නිෂ්පාදනය වැඩි කරගන්නට දායක කරගැනීම අප සතු පුලූල් වගකීමකි.

ආර්ථිකය දියුණු කරගැනීම අපට ඇති අභියෝගයකි. දේශීය සහ විදේශීය ආයෝජන අවශ්‍යය. විදේශිය ආයෝජකයන්ට ඉඩම් විකිණීම හෝ පැවරීම සම්බන්ධයෙන් නැවතත් කතා බහක් ඇතිව තිබේ. අද පවතින ජාත්‍යන්තර තරගකාරී ආයෝජන ආකෘතිය අනුව දේශීය හෝ විදේශීය ව්‍යවසායකයන්ට නිදහසේ හුවමාරු විය හැකි ඉඩම් වෙළ`ද පොලක් තිබීම රටක ඇති ප‍්‍රමුඛ අවශ්‍යතාවයකි. සුදුසු ආකාරයට සැලසුම් කරන ලද ඉඩම් ප‍්‍රතිපත්තියක් ප‍්‍රකාශයට පත් කිරීම එහිලා ජාතික වැදගත් කමකින් යුක්තය. මෙරට ආර්ථිකය යම් පරිවර්තනයක් කරා ගමන් කරන්නට නම් විදේශ ආයෝජන අවශ්‍යය. විශේෂයෙන් අපනයන වර්ධනය කර ගැනීම සහ විදේශ විනිමය උපයා ගැනීමේ දී විදේශ ආයෝජන සෑහෙන වගකීමක් උසුලයි. ලෝකයේ සියලූම රටවල් එනම් ඇමරිකාවේ සිට චීනය දක්වා දුප්පත් පොහොසත් බේධයකින් තොරව සෘජු විදේශ ආයෝජන ලබා ගැනීමට නිරන්තර තරගයක නිරතය. එවැනි අවස්ථාවක ශ‍්‍රී ලංකාවට ද ආයෝජන උපයා ගැනීමට වෙහෙසෙන්නට සිදුවෙයි. ඒ සදහා ක‍්‍රියාකළ යුතු ආකාරය තිරණාත්මකය. අවස්ථාව ගිලිහුණ පසු යළිත් එය උදාවන්නේ නැත. යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් පසුගිය කාලය තුළ විශාල මුදල් ආයෝජනයක් කර තිබේ. වරාය, ගුවන් තොටුපොල සේවා, අධිවේගී මාර්ග සහ තොරතුරු තාක්ෂණය වෙනුවෙන් කරන ලද වියදම සැලකිය යුතු එකකි. මෙම පහසුකම් සමග රටට විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට පහසුවක් අත්පත් කර දෙන නමුත් අවසානයේ දී ඉඩම වෙනුවෙන් යම් ආයෝජකයෙකුට ගෙවන්නට සිදුවන වියදම මත එහි තීරණය බලපවත්වයි. රජයේ ආදායම උපයා ගැනීමේ අවශ්‍යතාවය හෝ වෙනත් සාධක මත විදේශික ආයෝජකයන්ට හෝ ජාත්‍යන්තර ආයෝජකයන් සමග එකතුව මෙරට ව්‍යාපාර අරඹන ව්‍යවසායකයන්ට ඉඩම සම්බන්ධව අතිරේක බරක් දරන්නට සිදුවීම ගැටලූ ඇති කරයි.

අනාවරණය වන කරුණු අනුව නුදුරු කාලයේ දී විදේශික ආයෝජකයන්ට හෝ මෙරට ව්‍යවසායකයන් ද කොටස්කරුවන් කරගෙන විදේශිකයන් කරන ආයෝජන වලට සම්බන්ධ ඉඩම් ගනුදෙනු වලදී නව නීති පැනවෙනු ඇත. එම නීති මගින් අලූත් ආයෝජන අධෛර්යයට පත්කරන්නේ නම් රටට අලූතින් අත්පත් වන වටිනාකමක් නැත. අඩුම තරමින් අවුරුදු දහයක්වත් අඛණ්ඩව මෙරට ආයෝජනයෙහි නිරතව සිටි විදේශීය ආයෝජකයෙකුට හැරෙන්නට අන් සමාගමකට ඉඩම් සම්බන්ධ බාධා මතුවනු ඇතැයි පළවෙයි. දේපොල මිලදී ගැනීමේ දී පමණක් නොව මෙරට මහල් නිවාස අයිතිය විදේශිකයන්ට පැවරීමේ දී ද නොයෙකුත් බදු සහ විධි විධාන පැනවෙනු ඇත. එවැනි ප‍්‍රතිපත්ති ප‍්‍රායෝගික දැයි විමසා බැලීම අවශ්‍යය.

මෙවැනි අලූත් වගන්ති මගින් රටට ඇති අනන්‍යතාවය ආරක්ෂා කරගැනීමට ඇති අයිතිය පිළිගත යුතුය. ඒ අතරම අනාගත පරපුර වෙනුවෙන් රටට ගැලපෙන ආර්ථික සංවර්ධන අවශ්‍යතා මතු කර ගැනීම අවශ්‍යය. ඉඩම ආරක්ෂා කරගෙන ඉදිරි කාලයේ ද රුකී රක්ෂා හි`ග සහ ආදායම් උත්පාදනය නොවන තත්ත්වයකින් පලක් නැත. අද පවා මෙරට තරුණ පෙල සිය ආර්ථික ප‍්‍රශ්න වලට විස`දුම් සොයන්නට වෙනත් රටවල පිහිට පතමින් සිටී. ජීවිතය පරදුවට තබා රටින් පැන යන පිරිස සුළු පටු නැත. ජනගහනයෙන් සෑහෙන පිරිසක් විශාල වියදමක් දරා මැද පෙරදිග ඇතුලූ රටවල රුකියා සොයා යයි. මෙම පිරිස මෙරට ර`දවා ගෙන රුකියා සපයන්නටත්, ජීවත්වීමේ මාර්ග සකසන්නටත් නිසි වගකීමක් ඕනෑම ආණ්ඩුවකට ඇත. එය කළ හැක්කේ අලූත් ආයෝජන වලින් පමණකි. අද පවතින ආර්ථිකය අනුව ව්‍යාපාර ආරම්භ කිරීම ස`දහා ආණ්ඩුවට මුදල් වැය කළ හැකි සීමාවක් තිබේ. එම සීමාව ඉක්මවා යන්නට නම් බදු බර වැඩි කරන්නට හෝ විශාල වශයෙන් ණය ගන්නට සිදුවෙයි. තමන් එහි නිරතවීමට වඩා ආයෝජකයන්ට අවස්ථාව සලසා එයින් ශක්තිය ගැනීම නුවනට හුරු බව පැහැදිලිය. එය කළ හැක්කේ පුලූල් දර්ශනයක් ඇතිව ව්‍යවසායකයන්ට අවස්ථාව සැපයීමෙන් පමණකි. ඉඩම් පරිහරණය, එහි අයිතිය සම්බන්ධව වඩා විශාල විග‍්‍රහයකට යාම වැදගත් වන්නේ ඒ අනුව බව පෙනේ.

අවධානය යොමු කරන විට අද මෙරට ජනතාවගෙන් යම් කොටසක් දුගී දුප්පත් වී ඇත්තේ ඉඩම නිසි ආකාරයට පරිහරණය නොකරන හෙයින් බව පෙනේ. ගම්බද සිට නගරබද දක්වා විශාල ඉඩම් ප‍්‍රමාණයක අයිතිය සම්බන්ධව ගැටලූ ඇත. පරම්පරාවෙන් උරුම වූ දේපොල වල පුද්ගලික අයිතිය නිරාකරණය කරගැනීම පහසු නැත. අධිකරණ ක‍්‍රියාමාර්ග පවා පරම්පරා ගණන් ඇදෙන නඩු බවට පත්ව තිබේ. සාමාන්‍ය ජනතාව තමන් සතු කුඩා ඉඩම් වලින් ප‍්‍රයෝජන ගත නොහැකිව සිටින අතර රජය සතු විශාල ඉඩම් ප‍්‍රමාණයක් ප‍්‍රයෝජනයට නොගෙන ඇති බව ද අමතක කළ යුතු නැත. රජයේ දෙපාර්තමේන්තු සංස්ථා වැනි ආයතන වල ඇති ඉඩම් පරිහරණය කළ හැකි නම් විශාල ආර්ථිකයක් ගොඩනැගීම අපහසු නැත. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති ඉඩම් ප‍්‍රමාණය සැලකිය යුතු තරම්ය. මේවා පිහිටා ඇත්තේ නාගරික ප‍්‍රදේශවල විශාල වටිනාකමක් ඇති ආකාරයට බව පෙනේ. අලූත් සැලසුම් අනුව ගමන් කළ හැකි නම් මෙම ඉඩම් ප‍්‍රයෝජනයට ගත හැකිය. අඩු තරමින් රාජ්‍ය පුද්ගලික හවුල් ව්‍යාපාර වශයෙන් කි‍්‍රයාත්මක කළ හැකි නම් රටට ජනනය කර ගත හැකි ආර්ථික ශක්තිය සෑහෙන එකකි. එහිලා රටට ඇති කරගත යුතු නවීන ප‍්‍රතිපත්ති සෑහෙන සේවාවක් සලසන බව නිසැකය. ඉඩම සම්බන්ධව ඇති නීති වෙනස්් කරනවිට ඒවා අද පවතින ජාත්‍යන්තර තරගකාරීත්වයට හා විදේශ ආයෝජන ඇදගන්නා ආකාරයට ඉඩ දෙන එකක් කර ගැනීම අවශ්‍යය. එයට පසුබිම දෙන සංවාදයක් රට තුළ තිබිය යුතුය. ඉඩමක අයිතිය පමණක් නොව ඉඩම මැනවින් ප‍්‍රයෝජන ගැනීමට ඇති හැකියාව ගැන ද අප සියලූ දෙනාටම තර්කයක් තිබීම අවශ්‍යය.

ඉඩම් නීති සම්බන්ධව අලූත් ආකාරයකට ක‍්‍රියා කළහොත් විශාල පෙරුළියක් රට තුළ ඇතිවීම වැලැක්විය නොහැකිය. මහජනතාව සතු ඉතාමත් වටිනා කුඩා විශාල ප‍්‍රමාණයක් ඉඩමේ අයිතිය පෙන්වීමට නීතිමය හැකියාවක් රහිතව නොවටිනා දේපොල බවට පත්ව තිබේ. ඒවායේ ආර්ථික වටිනාකම ගන්නට සෑහෙන වියදමක් දරා වෙහෙසකාරී ආකාරයට කි‍්‍රයා කරන්නට සිදුවන බව පෙනේ. නිදහස් ඉඩම් වෙළ`ද පොලක් ඇති කරන්නට හැකි ආකාරයට යම් පසුබිමක් සකස් විය යුතුය. අඩුම තරමින් විශාල ණය බරක් සහිතව අය වැය පියවා ගැනීමට ද ආදායම හි`ග ආණ්ඩුවට පවා තමන් සතු ඉඩම් නිසා ආකාරයට මෙහෙයවා ප‍්‍රයෝජන ගැනීමට මග පාදා ගැනීම කාලීන අවශ්‍යතාවයකි. එයට ගැලපෙන නූතන නීති රීති පැනවීම වගකිවයුතු අංශ වලින් අද සිදුවිය යුතු මෙහෙවරයි.

ඉඩමට වටිනාකමක් අත්පත් වන්නේ එය උපයෝගී කර ගන්නා ආකාරය අනුව විනා පවතින ආකාරයට තිබෙන්නට ඉඩ හැරීමෙන් නොවේ. හිස් ඉඩමකින් ආර්ථිකයක් ගොඩනැගිය නොහැකිය. රට තුළ ඇති සීමිත ඉඩම් සම්පත සම්බන්ධව පුලූල් ගවේශනයකට යා යුතුය. පවතින ඉඩම් ප‍්‍රමාණය සොයා බලා ඒවායේ අයිතිය තහවුරු කර ගත යුතු වෙයි. එය ආශ‍්‍රිතව ඉඩම් බැංකුවක් පිහිටුවිය හැකිය. එය අලූත් සංකල්පයක් වනු ඇත. දෙස් විදෙස් ආයෝජකයන්ගේ අවශ්‍යතා අනුව ඉඩම් බැංකුවට ක‍්‍රියාකරන්නට හැකි වාතාවරණයක් ඇති කළ හැකිනම් එය රටට ප‍්‍රයෝජනවත්ය. ඉඩම් සම්බන්ධ අලූත් නීති පනවන විට මෙම ප‍්‍රායෝගික පැති සැලකිල්ලට ගැනීම වටී.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.