» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/07/2012 - ඉරිදා ලංකාදීප
අධ්‍යාපන ක්‍රමයේ ඉලක්ක විය යුතු නව ප්‍රවනතා - මිලින්ද මොරගොඩ

පසුගිය වසර තිහ තුළ ජාතික ආර්ථීකය සහ අන්තර් ජාතික වෙළද සහ ආර්ථීක සම්බන්ධතා අතර විශාල පරිවර්තනයක් සිදුව තිබේ. මෙය සමාජ ගෝලීයකරණයේ ප්‍රතිඵලයකි. ශ්‍රී ලාංකිකයෙකුට රටින් බැහැරව අවස්ථා සොයාගැනීම පහසුය. රටින් බැහැරව යාම ගමෙන් පිටවී නගරයට පැමිණීම තරම් සාමාන්‍ය එකකි. රට තුළ සිටින පොදු ජනතාවට පවා තමන් ජීවත්වන ප්‍රදේශයෙන් එපිට ලෝකය ගැන පුළුල් අවබෝධයක් ඇත. නීත්‍යානුකූල අන්දමට රටින් බැහැරව රුකියාවක් සොයා ගැනීම හෝ අධ්‍යාපන අවස්ථා සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. නොයෙකුත් බාධක හා නීති රීති නොකතා නීති විරෝධී අන්දමට ප්‍රයෝජන ගන්නා පිරිස ද සැලකිය යුතු තරම්ය. ශ්‍ර්‍රම වෙළ`ද පොළ ගෝලියකරණය වී තිබේ. මෙරට ජනගහනයෙන් මිලියන දෙකක් පමණ විදේශගතව සිටී. එයින් මිලියනයක් පමණ මැදපෙරදිග ඇතුළු රටවල සේවය කිරන පිරිසයි. ඉතිරිය ත්‍රස්තවාදී ගැටුම් පැවති කාලය තුළ නොයෙකුත් හෝතු මත රටිනි පිටව ගොස් ලෝකය පුරා ජීවත් වෙති. සමාජ ගෝලීයකරණය අප රටට ද දැනෙන සාධකයක් වී ඇති බව තේරුම් ගැනීම අවශ්‍යය.

මෙරට අධ්‍යාපන රටාව සකස් වී ඇත්තේ රටට අවශ්‍ය බුද්ධිමතුන් හා ශිල්පීය දක්ෂතා සහිත කණ්ඩායමක් බිහිකිරීමේ අරමුණ ඇතිවය. නමුත් අද පරිසරය වෙනස්ය. මූලික, ප්‍රාථමික සහ උසස් අධ්‍යාපනික අංශ ගැන අවධානය යොමු කරන විට සමාජගෝලීයකරණයට එහි ශ්‍රම වෙළ`ද පොළට ගැලපෙන ආකාරය ගැන අවධානය යොමු කිරීම වටී. අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම අවශ්‍යය. දරුවන් සහ දෙමාපියන්ගේ ආකල්ප වෙනස් විය යුතුය. නිදහස් අධ්‍යාපනය පමණක් නොව තරගකාරීව දැනුම, ශිල්පීය දක්ෂතා උගන්වන පුද්ගලික අංශයේ අධ්‍යාපන ආයතන වල ක්‍රියාකාරීත්වය ගැන ද සැලකිල්ල යොමු කළ යුතුව තිබේ. ලෝකය ගමන් කරන දිසාව ගැන සියලූම දෙනාය අවබෝධයක් ඇත. හැම දෙනෙකුගේම උත්සාහය එහි ඉහළම තැනට පත්වීඹයි. පාසල් අධ්‍යාපනය එම තරගයේ කොටසකි. පාලසෙන් ලැඛෙන දැනුම ට අමතරව ටියුෂන් වශයෙන් ජනප්‍රිය අතිරේක පන්ති වලට සහභාගී නොවන පාසල් සිදුවකු ඇත්නම් ඉතා කලාතුරකින්ය. එවැනි පුද්ගලික අධාපානයක් තිබියදී අන්තර් ජාතික තත්ත්වයන් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති අවස්තාව හමුවේ උසස් අධ්‍යාපනයට පුද්ගලික අංශය එකතුවීමට පමණක් විරුද්ධවීම ගැටලූවකි.

මැකෙන්සි ග්ලෝබල් ඉන්ස්ටිටියුට් මගින් මෑතකදී කළ සමීක්ෂණයක තොරතුරු දැන් අනාවරණය කර තිබේ. එය http://www.mckinsey.com අඩවියෙන් කියැවිය හැකිය. එයි මූලික දත්ත වලට අනුව වසර 2030 වන විට ලෝකයේ ශ්‍රම අවශ්‍යතාවය බිලියන 3.5 ක් වනු ඇත. දැනට බිලියන 2.9 ක් වන ප්‍රමාණයට සාපේක්ෂව මෙය සැලකිය යුතු අවශ්‍යතාවයකි. දැනට ලෝකය මුහුණ පා ඇති ආර්ථීක අර්බුද වලින් මිදීමට ඉහළ පුහුණුවක් හා ශිල්පීය දක්ෂතාවයක් සහිත ශ්‍රමයට වැඩි අවස්ථාවක් හිමිවන අතර නුපුහුණු ශ්‍රමය ට ඇති ඉල්ලූම පහත වැටෙනු ඇති බව එම පර්යේෂණ වාර්තාව පෙන්වයි. පසුගිය දශක තුන තුළ ලෝක ආර්ථීකය දියුණුවීම හා කර්මාන්තකරණයවීමක් නිරීක්ෂණය කළ හැකිය. එම පසුබිම තුළ වෙළ`ද පොළ හා ශ්‍රම අවශ්‍යතාවය තියුණු වෙනසකට ලක්ව තිබේ. ගොවිපොලේ සිට කම්හල දක්වා ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව වැඩිදියුණුවට පත්ව ඇත. ලෝකයේ දුප්පත්ව සිටි මිලියන ගණනක් දුගී භාවයෙන් මිදී ඇති අතර මිලියන ගණනක් අලූතෙන් ශ්‍රම වෙළ`ද පොලට එකතු වී තිබේ. දැනටමත් පුහුණු හා නිසි වෘත්තීය පුහුණුව සහිත ශ්‍රමය හා නුපුහුණු ශ්‍රමිකයන් අතර ආදායම් ඉපැයීම සම්බන්ධයෙන් පරතරය පුළුල් වී ඇති බව ද මෙහි දැක්වෙයි. ලෝක නිෂ්පාදනයට, නවීන ආර්ථීකයට ගැලපෙන, විශ්ව විද්‍යාල උපාධිය හෝ පශ්චාත් උපාධිය සහිත ඉහළ අධ්‍යාපනයක් ඇති ශිල්පීන් මිලියන 38-40 අතර පිරිසක ගේ හෝ සම්පූAර්ණ අවශ්‍යතාවයෙන් සියයට 13 ක හි`ගයක් වසර 2030 වන විට අවශ්‍ය වනු ඇත. නමුත් පහළ සහ මධ්‍යම අධ්‍යාපනය ඇති ශ්‍රමය සහිත පිරිස මිලියන 90-95 අතර පිරිසක් හෝ සම්පූර්ණ අවශ්‍යතාවයෙන් සියයට 10 ක අතිරික්තයක් මෙම කාලය තුළ පවතින්නට ඉඩ තිබේ. විශේෂයෙන් දියුණුවෙමින් පවතින රටවල නිෂ්පාදන හා සේවා අංශ වල පමණක් වෘත්තිය පුහුණුවක් සහිත මිලියන 45 ක පමණ ශ්‍රමබලකායක් හි`ගවනු ඇතැයි ද සැලකේ.

මෙම පර්යේෂණ වාර්තාව අනුව අපට සිතන්නට සෑහෙන තරම් කරුණු ඇත. දැනට පුහුණුවක් රහිතව විදේශගතවන ලාංකිකයන්ගේ රැකියා වසර 2030 වන විට අවදානමකය. නිෂ්පාදනය, සේවා අංශයේ නිසි වෘත්තීය පුහුණුවක් හා ඉහළ කළමණාකරන දැනුමක් රහිත නම් ඔවුන් අන්තර් ජාතික ශ්‍රම වෙළ`ද පොලේ ඉල්ලූමට නොගැලපෙන තත්ත්වයට පත්වෙයි. යම් අවස්ථා සොයාගත හැකිවුවද ලැඛෙන වැටුප් තලය පහල එකක් වනු ඇත. මෙරට පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය පුහුණු ආයතන ලෝකයේ ශ්‍රම වෙළ`ද පොල පරිවර්තනය වන ආකාරය ගැන අවබෝධයක් ඇතිව දරුවන්ට ඉගැන්වීම අවශ්‍යය. රට තුළ දැනටත් රැකියා අවස්ථා විශාල වශයෙන් තිබේ. මේවායේ අවශ්‍යතා සපුරන පුහුණු ශ්‍රමය හි`ගය. යම් මට්ටමක දැනුම ඇති පිරිස අඩු බැවින් ව්‍යාපාර හා කර්මාන්ත අතර ප්‍රශ්න මතුවී තිබේ. පාසලෙන්, විශ්ව විද්‍යාලයෙන් පිටවන දරුවන් කම්හලේ, ව්‍යාපාරික ස්ථානයේ අවශ්‍යතා වලට නොගැලපෙයි. රටට අවශ්‍ය තරමට දැනුම, කුසලතා සහිත ශ්‍රම බලකායක් ජනනය කරන්නට මෙරට අධ්‍යාපන ක්‍රමය අපොහොසත්ය. හිගය පියවන්නට අවශ්‍ය පුහුණු ශ්‍රමය බිහිකරන්නට රජයට අයත් විශ්ව විද්‍යාල පද්ධතියට පමණක් කළ නොහැකිය. වසර 2030 වන විට අන්තර් ජාතික අවශ්‍යතා අනුව සලකන විට සිදුවිය යුතු පරිවර්තනයට මුහුණ දෙන්නට නම් මෙරට අධ්‍යාපන ක්‍රමය හා එහි ප්‍රතිපත්ති විශාල වෙනසකට ලක්කිරීම අවශ්‍යය. මෙම පසුබිම පිළිබ`ද නිසි අවබෝධයක් රටට හෝ සමාජයට ඇති බව නොපෙනේ. නිදහස් අධ්‍යාපනය වශයෙන් අකුරු ඉගෙන ගැනීමෙන් පමණක් පවතින්නට හොහැකි යුගයක් උදාවෙන අතර සාමාන්‍ය අධ්‍යාපනය ලැබ රුකියා විරහිත ගොන්නට එකතුවන පිරිස අවසානයේ දී අතිරික්තය විනා ලෝකයේ හිග ශ්‍රම බලකායට කිසිදු විකල්පයක් නොවන බව ඉතා පැහැදිලිය. ප්‍රතිපත්ති සම්පාදකයන්, ජනතා නායකයන් සහ දෙමවුපියන් විශේෂයෙන් තම අනාගත පරපුරේ පැවැත්ම පිළිබ`දව අවධානය යොමු කරනු වටී.

1980-2010 කාලය තුළ වැඩකරන ශ්‍රම බලකාය බිලියන 1.2 ක සිට බිලියන 2.9 ද්ක්වා වැඩිවී තිබේ. සියයට අසූවක් සපයා ඇත්තේ දියුණුවෙමින් පවතින රටවලිනි. මෙයින් මිලියන 500 ක් සපයා ඇත්තේ චීනයෙන් හා ඉන්දුනීසියාවෙන්. දියුණු රටවල් ශ්‍රමය අඩුවෙන් භාවිතා කරන තාක්ෂණික ක්‍රම වලට ඇතුළු වී තිබේ. එයින් ඉහළ තල වලට වඩා පහල තල වල ශ්‍රම අතිරික්තයක් නිර්මාණය විය. බැංකු වල මුදල් තැන්පතු හා ආපසු ගැනීම් ටෙලර් යන්ත්‍ර වලට හැරවී තිබේ. තොරතුරු තාක්ෂණය හෙයින් විශාල රුකියා ප්‍රමාණයක් අහෝසි වී ඇත. මේ නිසා රුකියාවක් සොයා ගැනීමට නම් උසස් අධ්‍යාපනය වැදගත් වන යුගයක් උදාවන බව පැහැදිලිය. අනෙක් අභියෝගය වැඩි වයස්ගත ජනගහන ප්‍රතිශතය ඉහළ යාමයි. දියුණු රටවල වයස්ගත වන පිරිස පවා තාක්ෂණය භාවිතාකරන රුකියා වලට යොමු වෙමින් පවතී. 2030 වන විට ලෝකයේ විශ්‍රාම යන පිරිස මිලියන 360 ක් වනු ඇත. මෙම පිරිස ආදායම් උත්පාදනය නොකර යැපෙන මට්ටමක සිටියහොත් ඕනෑම රටකට ආර්ථීක ගැටලූ මතුවනු ඇත. රුකියා නැති සමාජයක විශ්‍රාමික පිරිස තව දුරටත් ආදායම් උපයන වෘත්තීන්හි ර`දවා ගතහොත් එහි අනිවාර්ය බලපෑම එල්ල වන්නේ තරුණ සමාජයටය.

අනාගතයේ එල්ලවන අභියෝග හා වෙනස්වන පැති ගැන අවධානය යොමු නොකරන අප විශාල විවාද වල පැටලී සිටි. ඒවා පලක් රහිත දේශපාලන ගැටුම්ය. සමාජගෝලියකරණයට අවශ්‍ය ආකාරයට හැසිරෙනවාද නොඑසේනම් සම්ප්‍රදායික නිදහස් අධ්‍යාපනය ආරක්ෂාකරගෙන එහිම ගැලී සිටිනවාද යන්න අප ප්‍රශ්න කළ යුතුය. අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන තද තින්දු වලට යා යුතුය.අධ්‍යාපනය දේශපාලනීකරණය වී තිබේ. වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පටු බලවේග රටට අවශ්‍ය වෙනස කරන්නට ඉඩ දෙන්නේ නැත. දෙමව්පියන්ද, දරුවන්ද සියලූ නායකයින් ද අධ්‍යාපනයේ වෙනස්කම සිදුවිය යුතු ආකාරය දනී. මැකෙන්සි ග්ලෝබල් ඉන්ස්ටිටියුට් වැනි ආයතන එය අවධාරණය කර අපට පෙන්වයි. අද තීන්දු ගැනීමෙන් තවත් අවුරුදු පහක් දහයක් ඇතුලත එහි සාධනීය ප්‍රතිඵල රටට අත්පත්වන බව නිසැකය. විශ්ව විද්‍යාලය, උසස් වෘත්තීය පුහුණු ආයතන යනාදිය විකල්ප ආකාරයට සිතන්නට ක්‍රියා කරන්නට අවශ්‍යය. අද තාක්ෂණය දියුණුය. දුරස්ථ අධ්‍යාපනය ප්‍රබල තැනෙකය. ලෝකයේ ප්‍රමුඛ විශ්ව විද්‍යාල වල දේශන වලට අන්තර් ජාලයෙන් ප්‍රවේශ විය හැකි යුගයක් උදා වී තිබේ. විදේශ ගත නොවී මෙරට දීම මුදල් ගෙවා ඉහළ අධ්‍යාපනයක් ලැබීඹට පහසුව ඇත. දනය ඇති පිරිස විශාල වශයෙන් තම දරුවන් පිටරට අධ්‍යාපන ආයතන වලට යොමු කරයි. විදේශගත අධ්‍යාපනය විශාල මුදලක් වැය කළ යුතු එකකි. නොමිලේ අධ්‍යාපනය බව ප්‍රකාශ කරන නමුත් එය සීමා වි ඇත්තේ නැති බැරි දුප්පතුන්ට පමණක් වීම මෙරට ඇති අභාග්‍යයි. ධනය ඇති පිරිස මෙරටින් නැති අවස්ථා ලෝකයේ කොතැනකින් හෝ උපයාගෙන අනාගත ලෝකයේ අවශ්‍යතාවයන්ට අනුකූල වන්නට උනන්දුවන අතර සමාජයේ ඇති විරෝධය සංකේතවත් කරන්නේ රට තුළ උසස් අධ්‍යාපනයක් රහිත නුපුහුණු ශ්‍රමය පමණක් පවතින මට්ටමින් පවත්වාගෙන යාමයි. විශ්ව විද්‍යාප වැඩි කිරීම හෝ රජයට එයට ආයෝජනය කිරීම සීමා සහිත අවස්ථාවක වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළ`ද පොල පැවතිය හැකි තත්තවය දැන් අවධානය යොමු කිරීම වටී. මෙම අලූත් පැති අධ්‍යාපනයේ දියුණුවට ආදේශ කිරීමේ තීන්දුව ගැනීම ගැනීම අද ඉතාමත් වැදගත් බව පැහැදිලි වනු ඇත.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.