» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/07/2013 - ඉරිදා ලංකාදීප
රාජ්‍ය සේවාවේ විනය, කැපවීම හා ආත්ම ගරුත්වය - මිලින්ද මොරගොඩ

අප රට ජනගහනයට සාපේක්ෂව මහජනයාට සේවය පිණිස රාජ්‍ය සේවකයන් වැඩිම පිරිසක් සිටින රටක් වශයෙන් සැලකේ. නිති පතා තව තවත් පිරිස බ`දවා ගැනෙති. අධ්‍යාපනය ලැබීමෙන් පසු රජයේ සේවයට එකතුවීම එකම අපේක්ෂාව සහිත යම් කොටසක් සිටිති. රජයේ සේවය කාර්යක්ෂම නැති බවට බොහෝවිට නැගෙන චෝදනාවකි. මහජනතාව ද රජයේ සේවකයන් ඉටුකරන සේවය සම්බන්ධව තෘප්තිමත් නැත. රජයේ සේවයේ නිරතව සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිස ද පසුවන්නේ සතුටින් නොවේ. රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සහ මහජනතාවට සේවය කරන්නට හැකිවන ආකාරයට බලය බෙදාහැරීමෙහි ඇති අවශ්‍යතාවය ගැන මේ දිනවල විහාල සංවාදයකි.

රටකට ස්වාධීන රාජ්‍ය සේවයක් අවශ්‍යය. දේශපාලන පක්ෂ බලයට පත්වන අතර නිල කාලය අවසන්වීමෙන් පසු යළිත් මැතිවරණයනට මුහුණ දී ජනතා කැමැත්ත ලබා ගත යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය එයයි. බලයට පත්වන ආණ්ඩු වල ප‍්‍රතිපත්ති කලින් කලට වෙනස් වන්නට ඉඩ තිබේ. නිදහස ලබා ගැනීමෙන් පසු මේ දක්වා කාලය තුළ එකම පක්ෂය තුළ නමුත් බලයට පත්වූ නායකයන්ගේ දැක්ම අනුව ආර්ථික සම සමාජ ප‍්‍රතිපත්ති වෙනස් වූ බව පැහැදිලිව පෙනේ. යුගයේ අවශ්‍යතාව සහ ජාත්‍යන්තර පරිසරය අනුව මෙවැනි වෙනස්කම් කරන්නට සිදුවූ බව ද තේරුම් ගත යුතුය. නමුත් පරිපාලනය අනෙකකි. ආණ්ඩුව තීරණය කරන ප‍්‍රතිපත්ති අනුව නීති හා විධිවිධාන වලට අනුකුලව පරිපාලන ව්‍යුහය පවත්වාගෙන යා යුතුය. ආණ්ඩුවේ ප‍්‍රධාන දේශපාලනඥයෙකු වූ පමණින් ආසනයේ ඇති ඉඩම් පාක්ෂිකයන්ට බෙදා දෙන්නැයි නිලධාරීන්ට බල කළ නොහැකිය. සංචර්ධන සැලසුම් දේශපාලන පක්ෂයට අවශ්‍ය ආකාරයට සම්පූර්ණයෙන්ම ආපසු හැරවීම ද අපහසුය. නිලධාරීන් ක‍්‍රියාකරන්නේ චක‍්‍රලේඛන සහ ක‍්‍රියා පටිපාටිය අනුවය. නීතියට එපිටින් තීරණ ගැනීමේ බලයක් රජයේ සේවකයාට නැත. කළ හැකි දේ සහ නොහැකි දේ අතර මෙරට දේශපාලනයේ පැවතෙන නොනිමි ගැටුමක් පවතී. මෙම ප‍්‍රශ්න නිරාකරණය කරගැනීමේ යම් යාන්ත‍්‍රණයක් වශයෙන් බලයට පත්වන මැති ඇමතිවරුන්ට පුද්ගලික කාර්ය මණ්ඩලයක් නිල බලයෙන් ලැබෙන අතර ඔවුහු ඇමතිවරයාගේ අවශ්‍යතාව අනුව ක‍්‍රියා කරති. මෙවැනි පත්කිරීමකින් රාජ්‍ය සේවයේ තීන්දු යම් පීඩනයකට ලක් වූ බව නොරහසකි. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව අනුව දේශපාලනඥයන්ගේ ජනප‍්‍රිය භාවය උදෙසා නීතියට පිටින් යමින් කෙසේ හෝ ජනතාව සමග සිටින රාමුවක් මෙයින් සකස් කරගෙන ඇත.

තමන්ට අවනත, දේශපාලන අරමුණු වලට අනුව කි‍්‍රයාකරන රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාම දේශපාලනඥයන් බහුතරයකගේ උවමනාවයි. එය පහසු නැත. එවැනි ප‍්‍රයත්නයක් අවසානයේ දී රජයේ සේවකයන් මන්දෝත්සාහී වෙයි. තමන්ට අවශ්‍ය පිරිස රාජ්‍ය සේවයට ඇතුල් කිරීම නිසා ප‍්‍රතිපත්ති තීරණ සමග ගැටුම් ඇතිවූ බව නිරීක්ෂණය කළ හැකිය. දිගින් දිගටම සිදුවූ මෙම පීඩනය අවසානයේ දී අද බිහි වී ඇත්තේ අකාර්යක්ෂම හා යම් ප‍්‍රමාණයකට ¥ෂිත රාජ්‍ය සේවයක් බව මහජනතාවගෙන් ප‍්‍රකාශ වුවහොත් එය අසත්‍යයක් නොවේ. දේශපාලන හිතවත්කම් අනුව සේවයට ඇතුල්වන නිලධාරීන් උත්සාහ කරන්නේ දේශපාලනඥයන් කියන කරන හැම කාරණයක්ම එක හෙලා අනුමත කිරීමය. එමේ නොකරන නිලධාරීන් නිර්දය විවේචනයට ලක්වෙයි. ස්ථාන මාරු කර වරප‍්‍රසාද අඩුකර මානසික වශයෙන් පීඩා කරන අවස්ථා ද එමටය.

මහජන සේවය සඳහා කැපවුණ, දේශපාලන මැදිහත්වීම් සහ ¥ෂණ වංචා වලින් ඈත් වූ රාජ්‍ය සේවයක් රටට අවශ්‍යය. මහජනතාව බලාපොරොත්තු වන්නේ "ඔව් එය කළ හැකියි" හෝ "නීතියට අනුව කළ නොහැකියි" යනුවෙන් කෙළින්ම ප‍්‍රකාශ කරන සේවාවකි. නමුත් දැන් ඇත්තේ "එය කරන්නට පෙර අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතුයි" හෝ "අදාල කමිටුවකින් අනුමැතිය ගැනීමෙන් පසු විෂය භාර ඇමතිවරයාගේ නිර්දේශය අවශ්‍යය" කියන නිලධාරීන් සහිත රාජ්‍ය සේවයකි. එවැනි පරිවර්තනයක් සිදුවූයේ වරින් වර බලයට පත් දේශපාලනඥයන්ගෙන් ක‍්‍රමානුකූලව සිදුවූ බලපෑම හෙයින්ය. අද එය උත්සන්න වී තිබේ. රට තුළ නොවිස`දුන ප‍්‍රශ්න, මහජනතාවගේ දුක්ගැනවිලි වලට හේතුව නිලධාරීවාදයයි. දේශපාලනඥයන්ට අවශ්‍ය තීන්දු නිලධාරීන් ගන්නේ නැත. පවතින ක‍්‍රමයට ඇති අතියත බිය හමුවේ නිලධාරීන් අලස වී සිටී. මහජනතාව ආණ්ඩු පත්කරන්නේ තමන්ගේ එදිනෙදා ප‍්‍රශ්න විස`දා ගැනීමටය. නමුත් මහජනතාව ඉදිරිපත් කරන ගැටලූ ඉටුනොවන විට රාජ්‍ය යාන්ත‍්‍රණයේ දුබල බව පෙනේ. පහසුවෙන් ඉටු කළ හැකි දේ සම්බන්ධයෙන් තීරණ නොගැනීම හමුවේ මැති ඇමතිවරුන්ට මහජනතාවගේ එදනෙදා ගැටලූ විසඳන නිලධාරියෙකු ලෙස කි‍්‍රයාකරන්නට සිදුව ඇත. මැති ඇමතිවරු නිලධාරීන්ට දොස් පවරා ජනතාව රවටන ක‍්‍රමයකට හුරු වී සිටී. එයින් පිරිහී ඇත්තේ රජයේ සේවයයි.

දේශපාලනඥයන්ගේ ඉලක්කය මැතිවරණයෙන් වැඩිම මනාප ගැනීමයි. තමන්ගේ පාක්ෂිකයන්ට රජයෙන් හෝ අමාත්‍යංශයෙන් ලබා දිය හැකි දේ ගැන මැති ඇමැතිවරු උනන්දු වෙති. අපේක්ෂා කරන අරමුණ ඉටුකර ගත නොහැකි විට ප‍්‍රසිද්ධියේ චෝදනා නගති. දොස් පවරති. චරිත ඝාතනය වන ආකාරයට අසත්‍ය පතුරවති. පුද්ගලයන්ට දොස් කියන තරමට දේශපාලනය පත්ව ඇත. සාමාන්‍යයෙන් සිදුවියයුතු යම් වරදක් ඇත්නම් එම වරද සිදුවූ නිලධාරීයාගේ තනතුර අභියෝග කිරීමයි. දේශපාලනඥයන්ගේ නිර්භීත බව පෙනෙන වචන වලට ජනමාධ්‍යයේ ද වැඩි ඉඩක් තිබේ. එයින් සිදුවන්නේ රජයේ සේවකයන් තුළ කලකිරීම තව තවත් වැඩිවීමය. රාජ්‍ය සේවකයන් විවේචනය කිරිම සහ අපහාසයට ලක් කිරීමද නව ප‍්‍රවණතාවයක් ලෙස වර්ධනය වනු දැකගත හැකිය. සැලකිල්ලට ගත යුතු වන්නේ පහත් මට්ටමේ දෝෂාරෝපණ ම`ගින් වඩා දක්‍ෂ සහ නිවහල් පරිපාලන සේවයක් ඇති කිරීම තවදුරටත් දුෂ්කර වන බවයි. මන්දයත් උගත්, හැකියාවලින් යුත් පුද්ගලයින් දේශපාලන අවලාද හෝ තර්ජන වලට මුහුණ දීමට වඩා පුද්ගලික අංශය තුළ හෝ විදේශ වල කළ හැකි රැුකියාවක් සොයා යනු ඇත. අද එසේ සිදුවෙමින් තිබේ. රාජ්‍ය සේවයට එකතු වන්නේ දක්ෂ පිරිස පුද්ගලික අංශය විසිනු තෝරාගත් පසු බවට මතයක් අද විධායක මට්ටමේ දී පැතිරෙමින් තිබේ.

මෙරට සමාජ ආර්ථික ගැටළු පිළිබ`ද වඩා හොද අවබෝධයක් ඇති පුළුල් රාජ්‍ය සේවයක් බිහිකිරීම අවශ්‍යය. රජයේ සේවකයන්ගේ ආත්ම ශක්තිය සහ කාර්යක්‍ෂමතාවය ප‍්‍රබල මට්ටමකට ගෙන ආ යුතුය. අර්ථයෙන්ම දැක්වෙන පරිදි රටට අවශ්‍යව ඇත්තේ ජනතාවට වැඩි ඇති රජයේ සේවයකි. නිදහස ලබනවිට මහජනතාවට යවන ලිපියක පවා නිලධාරීන් අත්සන් කළේ මෙයට අවංක සේවක යනුවෙන් බව සිහිපත් කළ යුතුය. නිලධාරීන් සිටුයේ අධිරාජ්‍යවාදී කාලයේය. නිදහස් රටක නිලධාරීන් පත් කරමින් යළිත් ගමන් කරමින් සිටින්නේ අධිරාජ්‍යවාදී පාලනයට බව පෙනේ. මේ වන විට නොව තනතුර පිළිගැනීමකි. සුළු ආරවුල් විස`දීය. හොර මැරයන් මට්ටු කරන්නට ගම්මුලාදෑනියාට හැකියාව තිබිණ. ග‍්‍රාම සේවක වන ජනතාව අතර තිබුණ හිතවත්කම ග‍්‍රාම නිලධාරී වන විට තවත් ඈත්වී තිබේ. වින්නඹු මාතාව, වින්නඹු සේවිකාව වූ අතර දැන් පවුල් සෞඛ්‍ය නිලධාරිනියකි. රජයේ සේවය ක‍්‍රමානුකූලව මහජනතාවගෙන් ඈත් වන්නට එය ද තවත් අතුරු හේතුවකි.

බෙහෙවින් ෙදාස් අසන මහජනතාවගේ උදහසට ගොදුරු වී ඇති රාජ්‍ය සේවය තමන්ටම අනුකූල නිසි විනයක් ගොඩනගා ගත යුතුව ඇත. එය කළ හැකිවන්නේ දේශපාලනය අනුව නොව ප‍්‍රතිපත්ති අනුව වැඩ කරන්නට තීරණය කිරීමෙන් පමණකි. හො`ද වැටුපක් ගෙවන කුඩා ව්‍යුහයක් පවට එය පත් ළ යුතුය. එවැනි තීන්දුවකට අවතීර්ණ වුවහොත් වැඩි කල් නොයා රාජ්‍ය සේවය මහජන පැසසුමට ලක්වනු නො අනුමානය. දෙවනුව එයට අවශ්‍ය වන්නේ කැපවීමයි. ඇතැම් නිලධාරීන් කාර්යාලයේදී හැසිරෙන්නේ කැපවීම සම්බන්ධ කිසිදු අවබෝධයක් නැති ආකාරයට බව අද පැහැදිලිව පෙනේ. මෙය ආකල්ප ප‍්‍රශ්නයකි. රටේ දියුණුව සැලසෙන්නේ කැපවීමෙන් තමන්ට අදාල වගකීම් නිසි ලෙස ඉටු කළ හොත් පමණකි. රජයේ සේවයේ නිරත පිරිස එය විශේෂයෙන් සැලකිල්ල දැක්විය යුතු පැත්තකි.

අවසාන වශයෙන් රජයේ සේවකයන්ගේ ආත්ම ගරුත්වය සම්බන්ධව විශේෂ අවධානය යොමු කළ යුතුය. තමන්ගේ සේවයෙන් තම ආත්ම ගරුත්වය ආරක්ෂා නොකරයි නම් කිසිවෙකුට ආත්ම තෘප්තියක් ඇති නොවේ. දීර්ඝ කාලයක් එකම තැන අමිහිරි ලිපිගොනු අධ්‍යයනය කරමින්, නීරස එකම තීන්දු ගන්නට සිදුව ඇති නිලධාරියෙකු ස්වකීය කාර්ය භාරය අරභයා කනස්සල්ලෙන් පසුවන්නට සිදුවීම වැලැක්විය නොහැකිය. එය වඩා තීව්ර වන්නේ තමන්ගේ හැකියාව කිසිසේත් අගය කිරීමක් නොවී තමන්ට හිමිවිය යුතු උසස්වීම් හෝ ප‍්‍රතිලාභ දේශපාලන හිතවත්කම් මත තවත් කෙනෙකුට හිමිවන බව දකින අවස්ථාවේදීය.

මේ සියල්ල රජයේ සේවාව අද මුහුණ පා ඇති ගැටලූය. විනයක් සහිත කැපවීමකින් යුත් පුද්ගල කණ්ඩායමකට සිය ආත්ම ගරුත්වය උදෙසා මේ සියල්ල වෙනස් කළ හැකිය. අවශ්‍ය ආරම්භයක් පමණකි. අලූතින් එකතු වන තරුණ පිරිසට මේ ගැන අධිශ්ඨානයන් ඇති කර ගත හැකිය. අවශ්‍ය ශක්තිය හා පුහුණව රජයට දිය හැකිය. එවිට බිහිවන අලූත් රාජ්‍ය සේවාව මහජනතාවගේ අපේක්ෂාව බවට පත්වනු ඇත. නිලධාරීන් ශක්තිමත් වී මහජන සේවය ඉටු කරන අවස්ථාවේ මහජනතාව තව දුරටත් දේශපාලනඥයන් පසුපස යමින් ඔවුන්ට හීලෑ කණ්ඩායමක් බවට පත් නොවනු ඇත. එය රටට අභිමානයකි. අවසාන වශයෙන් රටෙන් තමන්ට ලැබිය යුතු දේ නොව තමන්ගෙන් රටට සිදුවිය යුතු යුතුකම ගැන කතා කරන සමාජයක් බිහිවනු ඇති බව නිසැකය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.