තමන්ගේ ආර්ථිකයට දරා ගත හැකි අන්දමට නිවසක් ඉදිකර ගැනීම සෑම දරු පවුලකගේ ම සිහිනයකි. තමන් අත ඇති මුදල ප‍්‍රමාණවත් නැති තැන ණය වෙමින් නිවස ඉදිකරගන්නා නමුත් මෙම උත්සාහයට ඇති බාධා ගැන දන්නේ මෙරට පුරවැසියන්ය. පලාත් පාලන ආයතනය නොයෙක් නීති හා විධාන පනවයි. අවසර ගත යුතු අංශ ගණනාවකි. මෙකී අවසර ගන්නට සහ නීති අනුගමනය වෙනුවෙන් මහජනතාවට දරන්නට සිදුවන වෙහෙස සෑහෙන එකකි. එහි සමාජ පසුබිමක් ද තිබේ. දුගී දුප්පතුන් එයින් මහත් හිරිහැරයට පත්වෙයි. කාලයක් නාස්ති කරයි. ධනවත් සහ බලවත් නොයෙකුත් දෙනා එය පහසුවෙන් කර ගනී. අතරමැදියන් පොහොසත් වෙයි. කර්මාන්තයක්, ව්‍යාපාරයක් ආරම්භ කරන්නට කරන වෑයමක ද ප‍්‍රවේශය එසේමය. අවසර ගැනීම් රෙගුලාසි නොයෙකුත් තිබේ. නිති, රෙගුලාසි සහ බලපත‍්‍ර පනවා ඇත්තේ ජන ජීවිතය අපහසු කරන්නටය. නිවෙසක් ඉදි කරන්නට වෙහෙසෙන මධ්‍යම පාන්තික පවුලකට රජයේ හා පලාත් පාලන ආයතන වල රෙගුලාසි හිරිහැරයක්වීම බලවත් අප‍්‍රසන්න තත්ත්වයකි.
නීති රීති, රෙගුලාසි හා අවසර ගැනීම අවශ්‍යය. නමුත් එහි සරල සාධාරණ විනිවිද පෙනෙනසුළු ක‍්‍රම ඇති කළ යුතුය. කෙනෙකුට එය පහසු සහ තවත් කෙනෙකු ගේ ධෛර්යය හීන කරවන නීති රටක අනාගතයට සුබදායක එකක් නොවේ. නීති රීති සහ පාලන රාමුව ඇති කරන්නේ මහජන යහපතටය. මහජනතාව පත් කරන නියෝජිතයන් මෙකී පාලන රාමුව තමන් පත් කළ ජනතාවට ගැලපෙන එකක් දැයි විමසා බැලිය යුතුය. මහජනතාවට ද මෙම නීති ප‍්‍රායෝගික නොවන අවස්ථාවලදී පොදු හ`ඩක් ඇතිකර මහජන නියෝජිතයන්ට කරුණු දැක්වීම අවශ්‍යය. වැව, කුඹුර, ගහ කොළ, ඇල දොල සහ වනාන්තරය මිල කළ නොහැකි වටිනා සම්පත් බව ඇත්තකි. නමුත් ස්වභාවික සම්පත් පවා මනුෂ්‍ය යහපතට ප‍්‍රයෝජනයට ගත යුතුය. එය කළ යුතු නිසි අධීක්ෂණයකින් සහ විචාර බුද්ධියක් ඇතිවය. රටක නීති වලින් මනුෂ්‍ය ජීවිතය ගොඩනගන බව තහවුරු විය යුතුය.
නීතිය හා විධිවිධාන රටට ලැබුණේ යටත් විජිත පාලන කාලයේදීය. අධිරාජ්‍යවාදීන්ට ස්වකීය බල පරාක‍්‍රමය තහවුරු කරගන්නට නම් පුර වැසියන් මානසිකව යටත් කර ගත යුතුව තිබිණ. එම යටත් කර ගැනීමට විශාල අවස්ථාවක් වූයේ බලපත‍්‍ර ක‍්‍රමයයි. එවකට බලපත‍්‍රය ඉතාම වැදගත් එකකි. යටත් විජිතවාදී පාලකයන්ට හිතවත්, ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කළ කණ්ඩායමට බලපත‍්‍ර හිමිවිය. සෙසු මහජනතාව යටත්විජිත පාලනයේ යටහත් පිරිසයි. නිදහස ලැබූ පසු රටට, මහජනතාවට හිතවත් පාලනයක් ඇති කිරීම අවශ්‍යය. පොදු ජනතාවගේ මහජන නියෝජිතයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ යම් යම් අංග රටට හ`දුන්වා දුන් නමුත් ජන ජීවිතය පහසු කරන්නට ගත හැකි සුළු වෙනස්කම් ගැන අවධානය යොමු කළේ නැත. වර්තමානයේ නිලධාරීන් එය ස්වකීය වාසියට හරවාගෙන සිටී. ආයෝජනයක් කරන්නට, රටේ සංවර්ධන වැඩ පිළිවෙලක් අරඹන්නට සූදානම් වන අවස්ථාවක පවා නැගෙන්නේ මෙම නීති රීති හා අවසර ගැනීමේ අවහිරයයි.
නිවෙසක්තනා ගන්නට යන පොදු ජනතාවට එය බරපතල හිරිහැරයක් සේ ම ආයෝජනයක් කරන්නට සූදානම් වන කර්මාන්ත කරුවෙකුට ව්‍යාපාරිකයෙකුට දප‍්‍රශ්නයකි. තමන්ගේ ධනය වැය කර කර්මාන්ත අරඹන්නට සූදානම් වන විට එයට පලාත් පාලන ආයතනය විරුද්ධය. පරිසර නීති හරස් වෙයි. ආගමික සංවිධාන නැගී සිටියි. පොදු ජනතාව එරෙහි වෙයි. තැනෙක එහි වඩා බලවත්ව ඇත්තේ දේශපාලනයයි. ප‍්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ අලූත් දෙයක වැරදි සොයන්නට වෙහෙසෙන අතර විරෝධතා පවත්වමින් මහජන මතය අවුලූවයි. එයින් ක‍්‍රමය තුළ සංකීර්ණ තත්ත්ව ඇතිවෙයි.
ආපසු හැරී බලන විට මෙරට පොදු ජනතාව නිවසක් ඉදිකර ගැනීමට උත්සාහ කරන විට එයට සැලසුම අනුමත කිරීමේ දී ගැටලූ මතු කරන ආකාරයට ම මහවැලි යෝජනා ක‍්‍රමය, නොරොච්චෝලේ බලාගාරය, අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය ඇතුළු සෑම අවස්ථාවකම ගැටලූ මතු කර තිබේ. හෝටලයක් ඉදිකිරීම, ගුවන් තොටු පොලක් ඇතිකිරීම, ජලාශ ආශ‍්‍රිතව ගුවන් යානා පාවිච්චි කිරීමේ අලූත් තාක්ෂණය හෝ ගංගා ඔස්සේ බෝට්ටු සේවා ඇතිකිරීම යන සියලූ දේ ප‍්‍රශ්න කරන්නට පටන්ගෙන තිබේ. රටට, පරිසරයට ගැලපේ දැයි විමසා බැලීමට විද්වත් ආයතන ඇති කළ යුතුය. දැනටමත් රට තුළ එවැනි ආයතන තිබේ. මෙම ආයතන කරන අනුමැතිය ඉහළම තීන්දුව සේ සලකන්නට සමාජය හුරුවීම අවශ්‍යය.
අන්තර් ජාතිකව සලකන විට ලෝකයේ නොයෙක් රටවල් දියුණු වූයේ රටට ගැලපෙන සරල නීති සහ ප‍්‍රතිපත්ති හෙයින් බව අවබෝධ කර ගැනීම වටී. දැඩි පාලන ක‍්‍රම පැවති රටවල් පවා අද ආයෝජනයක, කර්මාන්ත වලට සහ වෙළදාමට ඉඩ දෙන ආකාරයට වෙනස් වෙමින් සිටී. එය අතරට චාටර් සිටි ^Charter city& නමින් අලූතින් එකතු වී ඇති සංකල්පයකි. එය රටක් ඇතුලේ බිහිවන අලූත් රටකි. ශ‍්‍රී ලංකාවේ මෙයට සමාන ක‍්‍රමයක් මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටුවීය. බියගම නිදහස් වෙළද කලාපය එයයි. විශාල භූමි භාගයක් තෝරාගෙන ප‍්‍රදේශයට අවශ්‍ය පොදු පහසුකම් සපයන ලද අතර විශේෂ අනුමැතිය යටතේ ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් එහි තම ආයෝජන කටයුතු ආරම්භ කළේය. කලාපය තුළ ආයෝජනයට නොයෙක් පහසුකම් සැපයීය. අවසර ලබා ගැනීමට තැන තැන යා යුතු නොවීය. එක තැනෙක සියලූ නිලධාරීන් එකතු වී ගැටලූ නිරාකරණය කළේය. එය මහත් අවස්ථාවක් විය. පසුව ආර්ථික සංවර්ධනය උදෙසා රටේ නොයෙකුත් තැන මෙවැනි ආයෝජන කලාප නම් කරන්නට පසුගිය කාලය තුළ පැවති ආණ්ඩු තීරණය කළ බව පෙනේ. එහි සාර්ථකත්වය අනුව කර්මාන්ත බිහිවිය. රැකි රක්ෂා සැපයිණ. රජයට බදු ආදායමක් ලැබිණ. එම කම්හල්වල නිපදවන දේ පිටරට යැවෙන විට එහි වෙළදාමෙන් රටට විනිමය උපයාගත හැකිවිය.
ලෝකයේ නොයෙක් රටවල් මෙකී නිදහස් වෙළද කලාප ක‍්‍රමය තවත් වැඩි දියුණු කර තිබේ. එය චාටර් සිටි (Charter city& නමින් අද පවත්වාගෙන යයි. එයට අනුව රට තුළ යම් ඉඩම් ප‍්‍රමාණයක් වෙන් කෙරේ. එම භූමිය රටේ පරිපාලනයෙන් නිදහස්ය. පාලනයට විශේෂ බලධාරීන් කණ්ඩායමක් පත් කරයි. එම කලාපය තුළ සාමාන්‍ය ජනතාව පදිංචිව සිටිය හැකි අතර ඔවුන් ඉවත් නොකරන නමුත් අලූතෙන් පදිංචියට ඉඩ නොලැබෙයි. ව්‍යාපාරිකයන්ට, කර්මාන්තකරුවන්ට එහි අවස්ථාවක් ලබා ගත හැකිය. චාටර් සිටි අයත් රට අය කරන බදු ක‍්‍රම එහි නැත. නීතිය වෙනස්ය. නොයෙක් පහසුකම් සැපයේ. රටක් තුළ නව ආර්ථික බලවේගයක් ගොඩනැගෙයි. බාහිර ප‍්‍රතිවිරෝධතා වලින් තොර මෙම ආර්ථික බලය අවසානයේ දී මව් රටට මහත් ශක්තියකි. පාලන ක‍්‍රමය සහ මුලින් ම පරිවර්තනය කළ නොහැකි රටවලට මෙය වටිනා අවස්ථාවක් බව පැහැදිලිය.
ලෝකය පැවතුනේ නගර කේන්ද්‍ර කරගෙන බව අතීතය දෙස බලන විට පෙනේ. වැනීසිය ලෝක ප‍්‍රකට එවැනි නගරයකි. රටවල් ගැන කතා කරන්නට කලින් නගර ගැන මතකයට නැගෙන්නේ රටක ශක්තිය වෙනුවෙන් නගරයක ඇති වැදගත්කම සනිටුහන් කරමින්ය. ශ‍්‍රී ලංකාවෙ අතීත රජ දවස පවා නගරය කේන්ද්‍ර කරගෙන වෙළදාම සිදුවූ බව ඉතිහාසයෙහි දැක්වෙයි. අනුරාධපුරය, ත‍්‍රිකුණාමලය එවැනි සුවිශේෂී තැන්ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තොරතුරු වලට අනුව ඉදිරි දශක කිහිපය තුළ ලෝකයේ නගර කරා බිලියන තුනකට වැඩි ජනගහනයක් සංක‍්‍රමණය වනු ඇත. එය අලූත් ප‍්‍රශ්නයකි. ආණ්ඩු මෙම තත්ත්වය ගැන අවධානය යොමු කළ යුතු අතර අප කැමති වුවත් නැතත් මෙම සංක‍්‍රමනය සිදුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. මෙම පිරිස වෙනුවෙන් අලූත් රුකියා, අලූත් වාසස්තාන සහ ඔවුන් ගේ ජීවිත සාර්ථකවීම තුළින් පරපුරක් නගාසිටුවීම රටක යුකුකමකි. එය කළ හැකි මාර්ග කවරේද යන්න දැන් අත්හදා බලමින් සිටී. ජන ජීවිතය පහසුකරන්නට පියවර ගැනීම විනා විකල්පයක් නැති තැනට පත්වෙමින් තිබේ. බාධා පමුණුවා අවහිර ඇතිකරන විට එයින් නැගෙන විරෝධයට වඩා ජනතාවට අවස්ථාව දෙන පරිසරයකින් නැගෙන ආර්ථික බලය රටට පිටිවහලක් කර ගැනීම වැදගත්ය. ලෝකයේ අලූත් අත්හදා බැලීම් රටක පැවැත්මට වහල් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්නට අවශ්‍යය. නිදහස් වෙළද කලාපය සම්බන්ධ අත්දැකීම් රටට ඇත. එයින් ලැබුණ වාසි අවාසි ගැන තක්සේරුවක් තිබේ. එහි අඩුපාඩු හා දුර්වලතා මැන බලා අනාගතයට සූදානම් වීමට කාලය ප‍්‍රමාණවත්ය.
නමුත් චාටර් සිටි සංකල්පයට වඩා අප අවධානය යොමු කළ යුතු සාමාන්‍ය ජනතාවගේ ජීවිතය ගැනය. ඔවුන්ට සරල, විනිවිද පෙනෙන පාලන ක‍්‍රමයක් ඇතිකළ යුතුය. රට පීඩනයෙන් වෙලී. ජනතාව මහත් ප‍්‍රශ්න මැද ජීවත්වන අතරතුර රටතුළ වාටර් සිටි ඇති කිරීම තවත් ප‍්‍රශ්න ගණනාවකට අත වැනීමකි. ගෙයක් දෙරක් තනාගෙන නිවී සැනසිල්ලේ ජීවත්වෙන්නට උත්සාහ කරන දරු පවුලකට නීතිරීති හා බලපත‍්‍ර මගින් අවහිරයක් වෙයි නම් එය ප‍්‍රශ්නයකි. අද රට තුළ පවතින ආයතන ක‍්‍රමය තුළ ඇත්තේ ලිපි ගොනු පුරවන සංකල්පයක් පමණකි. යමක් කරග ගන්නට ප‍්‍රයත්න දරන පුරවැසියා සම්පූර්ණ කළ යුතු ආකෘති පත‍්‍ර ප‍්‍රමාණය මහත්ය. ඒවාට ඇමිනිය යුතු තවත් ලේඛන ගණනාවකි. පුන පුනා නොයෙකුත් ආයතන සහ නිලධාරීන් හමුවේ මේවා ඉදිරිපත් කරන්නට සිදුවෙයි. ඒ වෙනුවෙන් ගාස්තු අය කෙරේ. නොමිලේ කෙරෙන දෙයක වුවත් අවසාන වියදම රජයෙන් දරන අතර එයට වන්දි ගෙවන්නේ මහජනතාවයි. ලිපි ගොනු පුරවා අනුමැතිය ගන්නා නමුත් පසුවිපරමක් නැත. එයට බලය ඇත්තේ වෙනත් ආයතනයකය. අනුමැතිය ගන්නා කෙනෙකු එයට අනුකූලව ක‍්‍රියා කෙරෙන්නේදැයි සොයන්නට නොවෙහෙසෙන විටක පළමුවෙන් පුරවන ලිපි ගොනු වලින් පලක් නැත. චාටර් සිටි සංකල්පය ගැන සේ ම මහජනතාවට එයින් යුක්තියක් ඉටුකිරීමට හැකි මග ගැන අලූත් ආකල්ප රට තුළ වගා කළ යුතුය.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|