» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
05/01/2014 - ඉරිදා ලංකාදීප
අධ්‍යාපන ක‍්‍රමයේ ඉලක්ක විය යුතු ජාත්‍යන්තරයේ පැතිරෙන නව ප‍්‍රවනතා - මිලින්ද මොරගොඩ

පසුගිය කාලය තුළ ජාත්‍යන්තර සමාජයේ අධ්‍යාපන ක‍්‍රම සම්බන්ධයෙන් විශාල පරිවර්තනයක් සිදුව තිබේ. පාසලකට පැමිණ විධිමත් ආකාරයට ඉගෙන ගන්නා ශිෂ්‍ය පරපුර වෙනුවට ලෝකයේ ඕනෑම තැනකින් දැනුම සපයාගෙන ස්වයං අධයනයට ඉඩ කඩ ලැබන පසුබිමක් දක්වා වෙනස් තත්ත්වයක් නිර්මාණය වී ඇත. ලෝකයේ පැවැත්මට සෙසු සියලූ සම්පත්වලට වඩා මානව සම්පත වැදගත් සාධකයන් බව තහවුරු වී ඇති අතර මානව සම්පත සංවර්ධනය ඉතාම ප‍්‍රමුඛ උවමනාව බව ජාත්‍යන්තර සමාජය පිළිගෙන හමාරය.

මෑත කාලය තුළ ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය ද ක‍්‍රමයෙන් වෙනසකට ලක් වෙමින් තිබේ. සමාජයේ මැද ආර්ථිකයක් සහිත පැලැන්තියට එසැවෙන සමාජය තමන්ගෙ ¥ දරුවන් ස`දහා යහපත්ම අධ්‍යාපනයක් සපයා දැන් සිටින තලයට වඩා ඉහළින් ඔවුන්ට ඔසවා තබන්නට වෑයම් කරමින් සිටී. ශ‍්‍රී ලංකාව නොයෙකුත් ජයග‍්‍රහණ ල`ගාකරගෙන ඇතත් සමාජයේ අද ප‍්‍රවනතාවය අනුව දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් රටින් පිට විස`දුමක් කරා යොමු වන පිරිස වැඩි වෙමින් පවතී. රටට ගැලපෙන අධ්‍යාපන ක‍්‍රමයක් සහ එය නිදහසේ විවෘතව සපයා ගැනීමට අවස්ථාවක් නැතිවන විට ප‍්‍රජාව එය ඇතිතැන කරා ගමන් කරමින් සිටී, නමුත් එවැනි තැනක් කරා යන හැකියාවක් ඇත්තේ සීමිත කොටසකට පමණකි. බහුතරයක් පවතින අධ්‍යාපන ක‍්‍රමයෙන් අතෘප්තිමත්ය.

මෙරට අධ්‍යාපන රටාව සකස් වී ඇත්තේ පැරණි යටත් විජිත යුගයේ පැවැති රාමුව පදනම් කරගෙනය. රටට අවශ්‍ය බුද්ධිමතුන් හා ශිල්පීය දක්ෂතා සහිත කණ්ඩායමක් බිහිකිරීමේ අරමුණ ඇතත් එයින් බිහි කරන්නේ රජයේ සේවයට අවශ්‍ය කොටසක් බව පෙනේ. මූලික, ප‍්‍රාථමික සහ උසස් අධ්‍යාපනික අංශ ගැන අවධානය යොමු කරන විට සමාජගෝලීයකරණයට සහ එහි ශ‍්‍රම වෙළ`ද පොළට ගැලපෙන ආකාරය ගැන අවධානය යොමු කිරීම වටී.

අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කිරීම අවශ්‍යය. හුදෙක් තැනින් තැනින් කරන වෙනස්කම් වලින් සමස්ථයට යුක්තිය ඇතිකරන්නේ නැත. දරුවන් සහ දෙමාපියන්ගේ ආකල්ප වෙනස් විය යුතුය. නිදහස් අධ්‍යාපනය පමණක් නොව තරගකාරීව දැනුම, ශිල්පීය දක්ෂතා උගන්වන පුද්ගලික අංශයේ අධ්‍යාපන ආයතන වල ක‍්‍රියාකාරීත්වය ගැන ද සැලකිල්ල යොමු කළ යුතුව තිබේ. ලෝකය ගමන් කරන දිසාව ගැන සියලූම දෙනාට අවබෝධයක් ඇත.

ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය ස`දහා වූ ආයතනය Organisation for Economic Co-operation and Development මෑතක දී ජාත්‍යන්තර අධ්‍යාපනය ගැන තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. http://www.theguardian.com වෙබ් අඩවියෙන් ප‍්‍රකාශයට පත් කර ඇත. ඔවුන්ට අයත් රටවල් ගණනක තත්ත්වය පමණක් නිරීක්ෂණය කර ඇති අතර එයට ශ‍්‍රී ලංකාව අයත් නොවේ. මෙහි ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව ගුරුවරයෙකුගේ කාලයෙන් සියයට හැත්තෑවක් දරුවන් සමග පන්තියේ ගත කරයි. එය පන්තියේ ක‍්‍රියාකාරකම් සහ එදිනෙදා අධ්‍යාපනය ලබා දීමය. ඉතිරි සියයට තිහෙන් කොටසක් ගුරුවරු ඉගෙන ගනී. තවත් කොටසක් දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන ක‍්‍රමය ගැන උගන්වයි. ගුරුවරු දැනුමෙන් යාවත්කාලීන වන්නේ නැතිව අධ්‍යාපනය ඉදිරියට යන්නේ නැත. අලූත් දැනුම සහ අවබෝධය ඇතිවන්නේ පුහුණුව සහ අධ්‍යයනයට ගුරුවරුන්ට ඇති අවස්ථා සමගය. මෙම වාර්තාවට අනුව පාසලට පැමිණෙන දරුවන්ගේ දෙමව්පියන්ට ද දරුවන්ගේ භාෂාව, ගණිතය සහ විද්‍යාව වැනි විෂයයන් සම්බන්ධව ඉගැන්වීමක් කරන්නට පාසල් අධ්‍යාපනයේ දී කාලයක් වෙන් කර ඇත. ගුරුවරුන් දරුවන්ට නිවසේ දී කරන්නට නියමකරන පැවැරුම් වලදී දරුවන්ට උදවු කරන්නට හැකි පසුබිමක් දෙමව්පියන්ට ඇති කිරීමෙන් අධ්‍යාපනය සාර්ථක වන බව මෙයින් අනාවරණය කෙරේ. නිසි විනයක් ඇතිව ගුරුවරුන් සහ දෙමවුපියන්ගේ හමුවීම් පැවැත්වෙයි. ගුරු දෙගුරු අතර සමීප සම්බන්ධයක් කරන්නට දුරකථනය හෝ ඊ මේල් භාවිතා කරන බව පෙන්වා දෙයි. මේ අතර මෙම අධ්‍යාපන ක‍්‍රමයේ දී දක්ෂතම ගුරුවරුන් සොයා ගන්නා අතර එම දක්ෂ ගුරුවරු යොදවන්නේ අදක්ෂම දරුවන්ට උගන්වන්නටය. දරුවන්ගේ දක්ෂතා කොන් කිරීමෙන් ඔවුන් අත් හැරෙන අතර දක්ෂ ගුරුවරු හා දක්ෂ දරුවන් එකතු වීමෙන් පමණක් අධ්‍යාපන ක‍්‍රමය සාර්ථක නොවන බව පෙනී ගොස් තිබේ.

ශ‍්‍රී ලංකාවේ අද පවතින ක‍්‍රමය අනුව හැම දෙනෙකුගේම උත්සාහය ඉගෙනුමෙන් ඉහළම තැනට පත්වීමයි. පාසලෙන් ලැබෙන දැනුම ට අමතරව ටියුෂන් වශයෙන් ජනප‍්‍රිය අතිරේක පන්ති වලට සහභාගී නොවන පාසල් සිදුවකු ඇත්නම් ඉතා කලාතුරකින්ය. සෑම දෙමාපියෙකුම ජනප‍්‍රිය පාසලකට තම දරුවා ඇතුලත් කරන්නට උත්සාහ කරයි. ලංකාවේ පාසල් පද්ධතිය තුළ නොයෙකුත් අත්හදා බැලීම් ඇත. නොබෝදා අනාවරණය කළ තීරණයකට අනුව ශිෂ්‍යත්ව ක‍්‍රමය අහෝසි වෙයි. දක්ෂ දරුවෙකුට ජනප‍්‍රිය පාසලක් ලබා ගැනීමට තිබූ හැකියාව මෙයින් නැති වන බවට සමාජයේ ආන්දෝලනයක් ඇතිවෙමින් තිබේ. ශිෂ්‍යත්ව ක‍්‍රමය සහ එය හරහා ඇතිවූ ටියුෂන් ක‍්‍රමය දරුවන් තරගයකට යොමු කර අනර්ථයක් කරන ලද බව පොදු පිළි ගැනීමය. එසේ වූ පමණින් සමස්ථය වෙනස් කිරීම ගැන ලෝකයේ සිදුවන දේ සමග සස`දා සාකච්ඡුා කිරීම වැදගත්ය. අනාගතයේ අධ්‍යාපන ක‍්‍රමයෙහි එල්ලවන අභියෝග හා වෙනස්වන පැති ගැන අවධානය යොමු නොකරන අප විශාල දේශපාලන විවාද වල පැටලී සිටි.

අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන තද තින්දු වලට යා යුතුය. අධ්‍යාපනය දේශපාලනීකරණය වී තිබේ. වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පටු බලවේග ඉගෙනුම සම්බන්ධයෙන් රටට අවශ්‍ය වෙනස කරන්නට ඉඩ දෙන්නේ නැත. දෙමව්පියන්ද, දරුවන්ද මෙරට සියලූ නායකයින් ද අධ්‍යාපනයේ වෙනස්කමක් සිදුවිය යුතු ආකාරය දනී. අද තීන්දු ගැනීමෙන් තවත් අවුරුදු පහක් දහයක් ඇතුලත එහි සාධනීය ප‍්‍රතිඵල රටට අත්පත්වන බව නිසැකය. විශ්ව විද්‍යාලය, උසස් වෘත්තීය පුහුණු ආයතන යනාදිය විකල්ප ආකාරයට සිතන්නට ක‍්‍රියා කරන්නට අවශ්‍යය. අද තාක්ෂණය දියුණුය. දුරස්ථ අධ්‍යාපනය ප‍්‍රබල තැනෙකය. ලෝකයේ ප‍්‍රමුඛ විශ්ව විද්‍යාල වල දේශන වලට අන්තර් ජාලයෙන් ප‍්‍රවේශ විය හැකි යුගයක් උදා වී තිබේ. විදේශ ගත නොවී මෙරට දීම මුදල් ගෙවා ඉහළ අධ්‍යාපනයක් ලැබීමට පහසුව ඇත. නොමිලේ සහ නිදහස් අධ්‍යාපනය බව ප‍්‍රකාශ කරන නමුත් එය සීමා වි ඇත්තේ නැති බැරි දුප්පතුන්ට පමණක් වීම මෙරට ඇති අභාග්‍යයි. ධනය ඇති පිරිස මෙරටින් නැති අවස්ථා ලෝකයේ කොතැනකින් හෝ උපයාගෙන අනාගත ලෝකයේ අවශ්‍යතාවයන්ට අනුකූල වන්නට උනන්දුවන අතර එයට අනුගත වන්නට අවස්ථාවක් නැති පිරිස අධ්‍යාපනයක් රහිත නුපුහුණු ශ‍්‍රමිකයන් බවට පත්වෙමින් තිබේ.

මෙය වලක්වන්නට නම් අලූත් පැති ගැන සොයා බැලීමට උනන්දුවීම වැදගත්ය. ගොඩනැගිලි හෝ ඒවායේ ඇති පහසුකම් වලට එපිටින් අධ්‍යාපනය ලබන්නට පහසුව ඇති කළ හැකිය. ලෝකයේ අධ්‍යාපන ක‍්‍රමය දියුණු වූයේ හො`දම යටිතල පහසුකම් ඇතිව නොවේ. අධ්‍යාපනය ලබන්නට ඇති අයිතිය තහවුරු කළ යුතුය. තමන්ගේ අධ්‍යාපනය තමන්ම සාක්ෂාත් කරගත යුතුය යන දර්ශනය රටට උදා කර දිය යුතුය. අඩුම තරමින් මූලික අධ්‍යාපනය පොදුවේ සෑම දෙනෙකුටම සමාන ආකාරයට අ\ලබා දෙන ක‍්‍රමයක් ස්ථාපිත කරන්නට අවශ්‍යය. එයින් ඉනික්බිතිව දරුවන්ගේ හැකියාව, දක්ෂතාවය සහ මෙරට පවතින ආර්ථික අවශ්‍යතා අනුව උසස් අධාපනය හා වෘත්තීය අධ්‍යාපනය සැලසුම් කිරීම කළ හැකිවෙයි. මුලින් ස`දහන් කරන ලද වාර්තා වල පෙන්වා දෙන්නේ ගුරු දෙගුරු සම්බන්ධතාවයෙන් අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කළ හැකි ආකාරය පිළිබ`දවය. අද මෙරට එවැනි හමුවීම් තිබේ. ඒවායේ දී කතා කරන්නේ පාසලේ පහසුකම් වැඩි කිරීම, ගොඩනැගිලි වැඩි කරගැනීම වැනි කරුණු ගැනය. හො`දම ගුරුවරුන් බලන්නේ අගනුවර හෝ ජනප‍්‍රියම පාසලේ නතර වන්නටය. ඉගෙනුමට දක්ෂ නැති දරුවන් සොයා ගොස් ඔවුන්ට දක්ෂ ලෙස පාර පෙන්වන්නට උවමනාවක් ගුරුවරුන්ට හෝ බලධාරීන්ට ඇති කිරීම සියලූ දෙනාගේ වගකීමකි. පවතින ක‍්‍රමය සම්බන්ධයෙන් අලූත් ආකාරයකට ක‍්‍රියා කරන්නට අවශ්‍යය. එයින් තොරව නිසි ප‍්‍රතිඵල අත්පත් කර ගත නොහැකිබව ස`දහන් කිරීම අවශ්‍යය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.