» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/12/2011 - ඉරිදා ලංකාදීප
හදවතක් නැති විවෘත ආර්ථිකයෙන් තරගකාරීව නිසි අවස්ථා දිනා ගැනීම - මිලින්ද මොරගොඩ

ජාත්‍යන්තර ආර්ථිකය ට රටාවක් ඇත. පිළිගත් මූලධර්ම තිබේ. මෙම මූලධර්ම දීර්ඝ කාලීන අත්දැකීම් හා පර්යේෂණ අවසානයේ බිහිවූ ඒවාය. අදටත් එහි කෙළවරක් නැත. අලූත් අලූත් දේ සොයා යයි. වැරදීම් සිදුවෙයි. නිවැරදි කරගන්නා ක‍්‍රමවේද ඇත. ලෝකය පුරා පැතිර ඇත්තේ විවෘත ආර්ථික ක‍්‍රමයයි. එය සාධාරණ ම ආර්ථික ක‍්‍රමය නොවේ. යුක්තිසහගත එක ම විය නොහැකිය. එනමුත් එයට විකල්පයක් තවමත් නැත. සාර්ථක විකල්පයක් පැන නැගෙන දා, අද ඇති විවෘත ආර්ථික ක‍්‍රමය යල් පැන එය භාවිතයෙන් ඉවත්වනු ඇත. විවෘත ආර්ථිකයේ මූලික හරය තර`ගකාරීත්වයයි. ජීවයේ පරිනාමයට පදනම ද තරගකාරීත්වයයි. සාර්ථක, මුහුණ දිය හැකි ජීවියා ඉතිරිවෙයි. ප‍්‍රතික්ෂේපවන්නා මිහිතලයෙන් අහෝසි වෙයි. එහෙයින් විවෘත ආර්ථිකය ජීවිතයට ද, ලෝක පැවැත්මට ද සමීපය.

පවතින්නටනම් උපරිම කාර්යක්ෂමතාවය අවශ්‍යය. එය විවෘත ආර්ථිකයේ රහසයි. කළමනාකරණය වැදගත්ය. ඵලදායීතාවය ඉහළින් තිබිය යුතුය. මේ නිසා තරගය ඇතිවෙයි. හො`දම දේ පවතින ස්වභාවය තරගයේ ප‍්‍රතිඵලයයි. රජයක වගකීම මෙම තරගය අන්තවාදයට යාම වැළැක්වීමයි. තරගයෙන් අසරණ වන සමාජ කොටසක් ඇත්නම්ි නම් රැුකබලා ගැනීමයි. අසාධාරණයක් සිදුවන තැන සාධාරණය ඉටු කිරීමයි. විවෘත ආර්ථිකය නිසා ධනවාදය පැතිරෙයි. සමාජයේ දුප්පත් පෙහොසත් පරතරය වැඩිවන්නට ඉඩ තිබේ. එවැනි අවස්ථා උපායශීලීව පාලනය ආණ්ඩුවක යුතුකමයි.

විවෘත ආර්ථිකයේ ස්වභාවය ඉක්මනින් තීන්දු ගැනීමයි. ආණ්ඩු එයට හැමවිටම සමත් නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ අනුව සාකච්ඡුා කර දේශපාලන වාසි බලා තීන්දු ගන්නා විට කාලය ගත වෙයි. විවෘත ආර්ථිකයේ වාසි අත්පත් කර ගන්නට නම් ඒ වෙනුවෙන් දක්ෂ කණ්ඩායමක් අවැසිය. සමාජය රැුක බලාගැනීමත්, තරගකාරීව ව්‍යාපාර මෙහෙයවීමත් පැති දෙකකි. ව්‍යාපාර මෙහයවන්නට ධනය අවශ්‍යය. ධනය උත්පාදනය කරන්නේ ව්‍යවසායකත්වයයි. අනෙක නව සොයා ගැනීම් කළ යුතුය. අලූත් දේ සොයා යමින් නව ව්‍යවසාය බිහිකිරීමට වඩා දක්ෂ කණ්ඩායම වැදගත්ය. සාර්ථකව තරගකාරිව ව්‍යාපාර ගෙන යන විට එයින් ලැබෙන ප‍්‍රතිඵල ඉහළය. අලූත් දේ සොයා ගැනීමට පර්යේෂණ කළ යුතුය. අත්හදා බැලීම් කරන්නට සිදුවෙයි. එය අවදානමකි. අවදානම ගැනීම ට ආණ්ඩු සූදානම් නැත. වගකියන්නට සිදුවෙයි. අවදානම අනුව අසාර්ථක වුවහොත් චෝදනාව එන්නේ දේශපාලනඥයන්ටය. අවදානම ගන්න හා තද, ඉක්මන් තීරණ ගන්න අසමත් දේශපාලනයට ව්‍යාපාර පවත්වාගෙන යාම පහසු නැත.

විවෘත ආර්ථිකයට හදවතක් නැති බව චෝදනාවකි. ඇමරිකාව හා බටහිර යුරෝපීය රටවල් හැසිරෙන්නේ එහෙමය. තද තීන්දු ගනී. ආර්ථිකයේ ප‍්‍රශ්න ඇතිවන විට වියදම් කපා හරී. සහන අත්හිටුවයි. දහස් ගණනින් රැුකියා වලින් නෙරපයි. සමාජයට විශාල කැපවීමක් කරන්නට සිදුවෙයි. නමුත් එවැනි පියවර නිසා ඉක්මන් ප‍්‍රතිසංස්කරණයකට මග පෑදෙයි. වැරදි සකස් කරගෙන ඉක්මනින් ආර්ථිකය යථා ස්වභාවයට හැරෙයි. ඒ සමාජ එහෙමය. අර්බුදයක දී එහි බලපෑම තදින් දැනෙන අතර කෙටි කාලයකින් එය සමනය වෙයි. ශ‍්‍රී ලංකාව වැනි රටවල විවෘත ආර්ථිකය පාලනයකට යටත්ය. බලපෑම මහජනතාවට එල්ල නොකරයි. රජය ආරක්ෂාව සපයන අතර පීඩනය ක‍්‍රමයෙන් මුදාහරී. එහි බලපෑම දිගු කාලයක් සමාජයට දරන්නට සිදුවෙයි. වැඩි රිදවීමකින් තොර දිගු කාලීන පීඩනයකි. ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙන්නේ ද දිග කාලයකට පසුවය. එය අප වැනි රටවල සංස්කෘතියයි.

විවෘත ආර්ථික සංකල්පයේ දී රජයේ මැදිහත්වීම සීමිත එකකි. ශ‍්‍රී ලංකාව එයට මැදිහත්වෙයි. තරගයට මුහුණ දෙන්න, ඉක්මන් තීරණ ගන්න දක්ෂ පුද්ගලික අංශයයි. එය ලෝකයේ තහවුරු වී ඇති සංකල්පයකි. ඇමරිකාව, යුරෝපීය රටවල ආර්ථික අර්බුද මතු වූ අවස්ථාවේ පුද්ගලික අංශයේ දැවැන්ත ව්‍යාපාර බි`ද වැටෙන ලකුණු පහළ විය. ඒ රටවල ආණ්ඩු එයට මැදිහත්වුණේ වෙනස් විදියකට. රජය සමාගම් වලට මුදල් යොදවා අලූත් කොටස් මිලදී ගත්තා. කළමණාකරනයේ ප‍්‍රශ්න ඇතිවී තිබුණ විට දඩුවම් කළා. නැවත ප‍්‍රතිසංස්කරණ කරන්න ඒවායේ කළමනාකරණයට ඉඩ දුන්නා. යළි ව්‍යාපාර අභියෝග ජයගෙන නැගී සිටින අවස්ථාවේ රජයට හිමි කොටස් විකුණා ඒ ව්‍යාපාර පුද්ගලික අංශයටම පැවරුවා. බැංකු හා රථවාහන අංශ වල එවැනි දේ සිදුවුණා. විවෘත ආර්ථිකය පිළිගන්නා රටවල පුද්ගලික අංශයට ඉඩක් ලැබෙන්නෙ එහෙම. ආණ්ඩුව ව්‍යාපාර කළ යුතුයි කියන සංකල්පය නැහැ. දැන් චීනයෙත් අනුගමනය කරන්නේ ඒ හ සමාන ප‍්‍රතිපත්ති. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා පාලන රාමුව සම්බන්ධ ක‍්‍රමය වෙනස්. නමුත් ආර්ථික මූලධර්ම ලෝකය පුරා පොදුයි.

චීනය තමන්ගෙ ඇමරිකාවේ භාන්ඩාගාර බිල්පත් මිළදී ගන්නවා. එය ඇමරිකාවට ණය සැපයීමක්. ඇමරිකාවට ණය දෙන ප‍්‍රධාන ම රට චීනය. ණය දෙන අතරවාරයේ චීන නිශ්පාදන වලින් සෑහෙන කොටසක් විකුණන්නේ ඇමරිකානු වෙළ`ද පොළට. ඇමරිකාව චීනයට අවශ්‍ය දැනුම හා අලූත් තාක්ෂණය දෙනවා. මේ සහයෝගීතාව චක‍්‍රයක්. චිඇමරිකා කියන මෙම ආර්ථික සම්බන්ධතා සංකල්පය අද අවධානයට ලක්වෙලා. ධනවාදය ප‍්‍රතික්ෂේප කරන චීනය ඇමරිකාවේ ආයෝජනය කර සුරක්ෂිතව තම ධනය ආයොජනය කරන තීන්දුව ගැනීමෙන් පෙන්වන්නේ මෙම මූලධර්ම සම්බන්ධය. ලෝකය එක ආර්ථික රටාවකින් බැ`දිලා. ශ‍්‍රි ලංකාව කියන්නේ මේ දැවැන්ත ආර්ථිකයේ පාවෙන කුඩා කඩදාසි බෝට්ටුවක්. අපට මේ බෝට්ටුව හසුරවන්න හැකියි කියන ආත්මාභිමානය විශිෂ්ට එකක්. නමුත් සාගරයක පාවෙන කඩදාසි බෝට්ටුවක් කියන යථාර්ථයෙන් ඈත්වීම නුසුදුසුයි.

රටට දියුණුව කරා ගමන් කරන්න පුද්ගලික අංශය එකතු කරගත යුතුයි. ආයෝජනය කරන්න අවශ්‍ය ධනය රජයට ප‍්‍රමාණවත් නැහැ. වේගවත් සංවර්ධනයකට යන්න ආයෝජන වැදගත්. මේ අතර රජයේ වියදම වැඩියි. ආනයන හා අපනයන අතර පරතරය පුලූල්. අපනයන ආදායම අඩුයි. රටට අවශ්‍ය විදේශ විනිමය යම් පමණකින් හෝ උපයා ගන්නේ විදේශ රටවල සේවය කරන ලාංකිකයන් එවන විනිමය මගින්. පුද්ගලික අංශයටත් ධනය සීමා සහිතයි. තාක්ෂණික දැනුම අඩුයි. මේ නිසා ජාත්‍යන්තර ආයෝජන සම්බන්ධ කරගැනීම වැදගත්. පුද්ගලික ආයෝජන, විදේශ ආයෝජනය ගෙන්වා ගන්න රට තුළ හො`ද ආයෝජන හිතකර පරිසරයක් තිබිය යුතුයි. එවැනි පරිසරයක විශ්වාසය වැදගත්. විනිවිද පෙනෙන ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කළ යුතුයි. ආයෝජනය කරන ධනය සුරක්ෂිත නැති බව දැනෙන්න ඉඩ දියයුතු නැහැ. ලෝකයේ හැම තැනෙම විදේශ ආයෝජන කරනවා. ආයෝජකයන් බලන්නේ තමන්ගෙ නිෂ්පාදන අලෙවි කරන්න වෙළ`ද පොළ දිහා. ධනය ආරක්ෂා කරන තැන් ගැන. තාක්ෂණය දියුණුයි. දේශ සීමා බැ`දීම් නැහැ. එක් කෙළවරක සිට අනෙක් කෙළවරට ඇති දුර සීමිතයි. කියුබාව, උතුරු කොරියාව සිට ග‍්‍රීසිය දක්වා ආයෝජකයන්ට අලූත් තැන් නිර්මාණය වෙනවා. විවාත ආර්ථිකයේ තරගයක්. ආයෝජන ආකර්ශනය කරගන්නත් රටවල් අතර ඇත්තේ තරගයක්. ශ‍්‍රී ලංකාව වගේ කුඩා රටක් තරග කරන්නේ කොහොමද?

ආණ්ඩුවකට ණය ගැනීමේ සීමා තියෙනවා. ණය ගැනීමෙන් ආයෝජන ඇරඹිය හැකියි. ගෙවන්න වෙන්නෙ පොලියත් එක්ක. ආර්ථිකය දෙස අලූත් ආකල්ප ඇතිව බලන රටවල් රාජ්‍ය, පෞද්ගලික ඒකාබද්ධ ආයෝජන ගැන සිතයි. පුද්ගලික අංශයට ඉදිකිරීම, මෙහෙයවීම පවරා ජනතාවට සහය විය හැකි අවස්ථා ගැන අවස්ථා ඇතිකර තිබේ. ඉන්දියාවේ මාර්ග ඉදිවන්නේ, වරාය අලූතින් ඉදිකරන්නෙ රාජ්‍ය පුද්ගලික හවුල් ව්‍යාපාර හැටියට. අපේ රටේත් එවැනි රාජ්‍ය පුද්ගලික හවුල් ව්‍යාපාර තියෙනවා. එවැනි තත්ත්ව වැඩි කළ හැකියි. එවිට ආණ්ඩු මහජනතවගේ සුබසාධනය බලා ගන්නවා. පුද්ගලික අංශය ආණ්ඩුවේ නීති අනුව ව්‍යාපාර මෙහෙයවනවා. පුද්ගලික අංශයට දක්ෂ ලෙස මෙහෙයවන්න හැකි අවස්ථා විවෘත කර එයින් රටට වාසි අත් පත් කර ගැනීම ලෝකය පුරා පැතිරුණ සංකල්පයක්. මෙවැනි සංකල්ප රටේ දියුණුවට එකතු කර ගත හැකියි.

ශ‍්‍රී ලංකාවේ නිදහස ලැබූ දිනයේ සිට ආපසු හැරී බලමු. ආණ්ඩුව ව්‍යාපාර මෙහෙයවන්න අසමත්. පාඩු ලබනවා. මධ්‍යස්ථව බලන්න. දේශපාලන බලපෑම් වැඩියි. ආයතන පාලනය කරන්නෙ දේශපාලන හිතවතුන් ට අවශ්‍ය අන්දමට. අවසානයේ දී රාජ්‍ය ආයතන පිරිහෙනවා. මේ අලාභ වක‍්‍රව එකතු වෙන්නේ ජනතාවට. වියදම් කරන්නේ චේශපාලන අනුදැනුම මත.

විවෘත ආර්ථිකය තුළ අලූත් දේ සොයා යා යුතුයි. රජයට එය කරන්නට පහසු නැති අවස්ථාවේ දී පුද්ගලික අංශයට ඉඩදීම අවශ්‍යයි. එවැනි දේ මගින් කෘෂිකර්මය දියුණුකළ හැකියි. මහා පරිමානයෙන් වගා ඇතිකරන විට අඩු වියදමකින්, වැඩිපුර නිපදවනවා. එය කෙලින්ම පාරිභෝගිකයන්ට දැනෙන අවස්ථාවක්. සංචාරක ව්‍යාපාරය තවත් එවැනි පැත්තක්. දිවයින වටා ඇති මුහුද සම්පූර්ණයෙන් ම ප‍්‍රයෝජනයට ගත හැකියි. මේ වටා අලූත් ව්‍යාපාර, කර්මාන්ත ඇරඹීම ගැන අවධානය යොමු කළ හැකියි. මේ සම්පත් නිසි අන්දමට ආයෝජනය කළහොත් එහි වාසිය අත් වෙන්නේ රටට. සමාජයට. තුඩා රටක් හැටියට අපි වෙළ`ද පොළ පුලූල් කරගන්නේ කොහොමද කියන එකත් හිතමු. අසල් වැසි ඉන්දියාව සම්බන්ධකර ගත හැකියි. ඉන්දු ලංකා සහයෝගීතාව වැඩි කර ගහොත් මේ රටේ නිපදවන දේ ඉන්දියාවට අපනයනය කරන්න පුලූවන්. ඒ විතරක් නෙවෙයි. විශේෂිත වෙළ`ද පොළ සොයා ගැනීමට පර්යේෂණ කළ යුතුයි.

මේ අලූත් පැති ගැන සොයන අතර අපට ශක්තියක් නැති දේ ගැන අවධානය යොමු කරන්න නරකයි. රටට අවශ්‍ය සීනි නිපදවා ගන්න අපට හැකියාවක් නැහැ. තවමත් සීනි අවශ්‍යතාවයන්ගෙන් සියයට දහයක්වත් මෙරට නිපදවන්නේ නැහැ. එයට යන වියදමත් අධික එකක්. සීනි කර්මාන්තයට දෙන සහන නිසා එහි බර දරන්නට සිදුව ඇත්තේ ජනතාවට. සීනි අඩු මිළට ගෙන එන අතර පහසුවෙන් නිපදවිය හැකි දේ මගින් විදේශ විනිමය උපයන්න අප හුරු විය යුතුයි. ස්වයංපෝෂිත විය යුතු හැම දෙයක් ම රට තුළින් නිපදවා ගැනීමෙන් නෙවෙයි. ශ‍්‍රී ලංකාව ඇ`ගලූම් කර්මාන්තයෙන් ලෝකයේ ඉහළම තැනක. නමුත් මේ කර්මාන්තයත් අලූත් තාක්ෂණය, අලූත් මෝස්තර එක්ක වේගයෙන් දියුණු වෙනවා. ඒ වෙනස රටට අත්පත් කර ගතහොත් තරගයක් දෙන්න පුලූවන්. විවෘත ආර්ථිකයේ තරගය ගැන අමතක කිරීම සුදුසු නැහැ.

දශක ගණනක් රටට අවශ්‍ය යටිතල පහසුකම් හි`ගබව ප‍්‍රශ්නයක්ව තිබුණා. යුද වියදම් නිසා යටිතල පහසුකම් සංවර්ධනයට මුදල්වියදම් කළේ නැහැ. දැන් මාර්ග පහසුකම් වැඩි දියුණුයි. විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණික දැනුම ඉහළයි. වරාය හා ගුවන් පහසුකම් වැඩිදියුණු වෙලා. රටට අවශ්‍ය තරම් බල ශක්ති පහසුව තිබෙනවා. මානව සම්පත ලෝකයෝ කොතැනකටත් වඩා ඉදිරියෙන්. එහෙම වුණේ අධ්‍යාපනික දියුණුව සමග. දැනුමෙන් හා යටිතල පහසුකම් අතින් පොහොසත් රටට අවස්ථාව උදා කර ගත හැකි වන්නේ තර`ගයට මුහුණ දීමෙන් පමණයි. වෙනත් රටක්, වෙනත් ජාතියක් සමග තරග කර ලෝක වෙළ`ද පොලේ නිසි තැන දිනා ගැනීම අද යුගයේ අභියෝගයයි. ආකල්ප වෙනස එයට වැදගත්. අලූත් විදියට හිතන්න. ලෝකයේ වෙනස්වන ආකල්ප අනුව වැඩකරන්න අපට හැකි නම් මේ අභියෝගය රටට දිනා ගන්න අපහසු නැහැ.

දිවයිනේ ලක්ෂ සංඛ්‍යාත පුරවැසියන් පිරිසක් ලෝකයේ නොයෙක් රටවල මහන්සිවෙලා වැඩ කරනවා. ඔවුන් දක්ෂයන්. අවිවාදිතයි. ආපසු මවුබිමට එන මේ දක්ෂ මානව සම්පතට ලෝකයේ නොයෙක් රටවල ආර්ථිකය පිබිදෙන අවස්ථා ගැන අත්දැකීම් ඇති. වෙහෙසෙන, ඵලදායීතාවය ගැන හිතන ආකාරය ගැන ඔවුන් ට අවබෝධයක් ඇති. මේ අතිදැකීම් නිසි පරිදි මෙහෙයවන්නට අවස්ථාව දිය යුතුයි. අවුරුදු තිහක් පැවති යුද්ධය මේ ආර්ථිකයට වැදගත් තීන්දු ගන්න අවහිරයක් වුණා. අහිමි වූ කාලය තුළ ශ‍්‍රි ලංකාව ලෝකයේ පසුබෑමට ලක්වූ රටවල් අතර තනිකළා. එයින් සිදුවූ හානිය බරපතලයි. එයින් මිදී රටට අවශ්‍ය ආර්ථික ජවය ගන්නට නම් විවෘත ආර්ථිකය කුමක්ද යන්න තේරුම්ගත යුතුයි. එහි ඇති අවස්ථා නියමාකාරයෙන් ප‍්‍රයෝජනයට ගැනිම අවශ්‍යයි. තරගකාරී ලෝකය තුළ හුදෙකලාවීම නිවැරදි තීන්දුවක්ද? ජගත් ප‍්‍රජාව එක අරමුණකින් ගමන්කරමින් සිටිය දී ශ‍්‍රී ලංකාවට පමණක් වෙනස් ගමනක් තිබේද? මේවා ප‍්‍රශ්න කිරීම අද අවශ්‍යතාවයයි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.