» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/12/2013 - ඉරිදා ලංකාදීප
උතුර නැගෙනහිර ජන හදවත් දිනා ගන්නා මග කෙරෙහි අවධානය - මිලින්දමොරගොඩ

වර්තමානය ශ‍්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ තත්ත්වයන් අලූත් ආකාරයේ අභියෝග ගණනාවකට මුහුණ දෙමින් සිටින වකවානුවකි. දශක හයක පමණ කාලයක් මෙරට පැවැති ගැටුම් අවසන්ව තිබේ. ආරම්භයේ දී සුළු ගැටුම් වශයෙන් පැවැති තත්ත්වය පසුව මරාගෙන මැරෙන බිහිසුණු ස්වභාවයකට පත්විය. අවසන් කාලසීමාවේ දී සාමාන්‍ය ජනතාව ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගන්නා මානුෂික මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරන්නට ආරක්ෂක අංශවලට සිදුවූබව සිහිපත් කළ යුතුය. ත‍්‍රස්තවාදය හමුවේ රටට අහිමිවූ ජීවිත සහ දේපොල මිල කළ නොහැකි තරම්ය. ත‍්‍රස්තවාදය උත්සන්න වන විට එම පලාත්වල ජීවත්වූ ජනීජනයා රට තුළ වෙනත් ප‍්‍රදේශ වලට සහ රටින් බැහැරට පලා ගියේය. සාමය උදාවීමත් සමග උතුර සහ නැගෙනහිර පලාත් යළි පිබිදෙමින් තිබේ. රට හැරගිය පිරිසගෙන් කොටසක් ආපසු එමින් සිටිති. කොටසක් නැවත මවුබිමට පැමිණෙන්නේ නැත. තමන්ගේ උරුමය ගැන කතා කරමින් රට තුළ සිදුවනදේ ගැන විවිධ මත දක්වමින් සිටියි. මෙම වාතාවරණය අපේක්ෂා දනවන කාලසීමාවකි.

උතුරේ ත‍්‍රස්තවාදීන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් පැවැති යුදසමයේ රටට තිබුණ අභියෝග සම්බන්ධව අත්දැකීම් අපට ඇත. යුද්ධයක බිහිසුණු බව සහ ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ කළ කැපවීම ගැන අවබෝධයක් තිබේ. යුද තත්ත්වය තුරන්කර සැනසිලි දායක සමාජයක් ගොඩනගන්නට ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුව ගත් වෙහෙසකර වෑයම ගැන හැ`ගීමක් රටට තිබේ. නමුත් යුද්ධය අවසන් කරසාමකාමී වාතාවරණය තුළ ඇති අභියෝග අප අධ්‍යයනය කරනැත. සාමය තහවුරුකරමින් පැවැති පලාත් සභා මැතිවරණයෙන් පසු ජනජීවිතය ගොඩනගන ආකාරය ගැන උතුරේ නායකයන් පමණක් නොව දකුණ ද එකතුවූ පුලූල් සංවාදයක් කළ යුතුව ඇත. නැවත පදිංචි කිරීම සහ ජන ජීවිතය නගාසිටුවීම රජයට පමණක් කළනොහැක. පලාත් සභාවට ද එය ප‍්‍රශ්නයකි. රටක් ලෙස සියලූ දෙනා පොදු අරමුණකින්ක‍්‍රියා කළ යුතුය. නගර සංවර්ධනය වෙන්නේ ජාති ආගම් පසුබිම් බලමින් නොවේ. උතුර සහ නැගෙනහිර ආශ‍්‍රිතව ද එවැනි පරිවර්තනයක් සිදුවිය යුතුය.

උතුර නැගෙනහිර පලාත්වල විශේෂිත ප‍්‍රශ්න හ`දුනාගැනීමේ ක‍්‍රමවේදයක් අපට අවශ්‍යය. දේශපාලනඥයන් ක‍්‍රියා කරන්නේ වෙනස් ආකාරයකටය. ඔවුන්ගේ ඉලක්ක වෙනස් එකකි. නමුත් සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා දේශපාලන නායකයන්ගේ ක‍්‍රියාකලාපයට වඩාවෙනත් පැත්තකට යොමු වී ඇතිබව පෙනේ. උතුරේ ජනතාවගෙන් කරන විමසීමක දී ඔවුන් කිසිසේත් ඉඩම් සහ පොලිස් බලතල ගැන විශේෂයෙන් කතා නොකරන බවට සැකයක් නැත. නමුත් දේශපාලනඥයන්ට අවශ්‍යව ඇත්තේ බලයයි. ජනතාවට අවශ්‍යව ඇත්තේ එදිනෙදා සංවර්ධනයයි. අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශවල යමක් උතුර සහ නැගෙනහිර පලාත් වල කළ හැකිය. කෘෂිකර්මයේ නවෝදයක් ඇති කරන්නට අවස්ථාව තිබේ. සංචාරක ව්‍යාපාරය වේගයෙන් දියුණු කළ හැකිය. එය ඔස්සේ සාමාන්‍ය ජනතාවගේ ගැටලූ වලට පිළියම් යොදන්නට මග විවෘත කර ගැනීම අවශ්‍යය.

රට හැරගිය පිරිසගෙන් කොටසක් ආපසු උතුර සහ නැගෙනහිර පලාත් වලට පැමිණෙමින් තිබේ. කොළඹ ඇතුලූ තදාසන්න ප‍්‍රදේශවලට ගිය පිරිස නැවත තමන්ගේ මුල් කාලයේ උපන් බිම් සොයන්නට පටන්ගෙන ඇත. ඇතැම් විට මේ සොයන්නේ අලූත් පරම්පරාවයි. තමන්ට කියා කිසිම ලේඛනයක් රහිත කොටස් මේ අතර සිටිය හැකිය. තමන්ගේ ඉඩමේ මායිම නොදන්නා ජනගහනයක් මෙම පලාත්වල උරුමය සොයමින් සිටිනබව නිසැකය. සීමිත ප‍්‍රදේශයක පවතින ක`දවුරු ඉවත් කරන ලෙස කරන බලකිරීම හමුවේ දැනට ප‍්‍රශ්න පැනනැගී ඇති ඉඩම් හ`දුනාගෙන ඒවා නිරාකරණය කිරීම වැදගත්ය. ඉඩම් බලතල ඉල්ලන පලාත් සභාවට පවා උතුරේ ජීවත්වූ ජනතාවගේ ඉඩම් සම්බන්ධ මෙම ගැටලූ වලට ඉක්මන් උත්තර නැත.

රට තුළ පවතින නිදහස් ඉඩම් වෙළ`ද පොල සහ ආයෝජන අවස්ථා උතුර නැගෙනහිරට ද ව්‍යාප්ත වීම අවශ්‍යය. එය නිරායාසයෙන් සිදුවිය යුතු එකකි. පෙනෙන ආකාරයට සාමාන්‍ය ජනතාව තුළ පවා මෙම පලාත් වලට ප‍්‍රවේශ වීමේදී යම් කුකුසක් පවතින බව පෙනේ. නීති වලට කළ නොහැකි දෙය වෙළ`ද පොළට කළ හැකිය. කොළඹ නගරයේ ඇතැම් ප‍්‍රදේශ වල දෙමල ජනතාව පදිංචිවූයේ නීති රීති හෝ වෙනත් බලපෑමකින් නොවේ. එය ස්වභාවික සංක‍්‍රමණයකි. දැනට උතුර සහ නැගෙනහිර පලාත්වල විශාල ඉඩම් මෙවැනි වානිජ ආකාරයකට පරිවර්තනය විය යුතුය. ඉදිකිරීම් කර්මාන්තයේ දියුණුවක්ඇතිවී තිබෙන ආකාරයට ඉඩම ද නිදහසේ වෙළ`දාමකට යටත් වීම අවශ්‍යය. එය පහසුවන්නේ ජනතාවට තමන්ගේ ඉඩම සම්බන්ධ අයිතිය නිරාකරණය කරගත හැකි නම් පමණකි. ඉඩමක නිත්‍යානුකූල අයිතිය සහ එම ඉඩමේ නීත්‍යානුකූල ලියැකියැවිලි පහසුවෙන් සකස් කරගන්නට ජනතාවට ඉඩ ලැබේ නම් විශාල පරිවර්තනයක් සිදුවිය හැකිය. විශේෂයෙන්මෙයින් දශක දෙක තුනකට කලින් උතුරෙ තිබූ ආකාරයේ බැංකු සහ මූල්‍ය වාතාවරණයක් ද සැකසිය යුතුය. යමෙකුට ඉඩමක් ගන්නට අවශ්‍ය නම් හෝ විකුණන්නට අවශ්‍යනම් එයට ගැලපෙන පරිදි අරමුදල් සම්පාදනය වන විට බාහිරව කරන බලපෑම් වලින් නිදහස් වන බව වටහා ගැනීම අවශ්‍යය. මෙම ඉඩම් වල අලූත් කර්මාන්ත සහ ව්‍යවසාය ආරම්භ කරන්නට ඉඩ කඩ තිබේ. බේධයකින් තොරව අලූත ආයෝජන කරන්නට නීතිය සහ විධිවිධාන සකස් කිරීම බලධාරින්ගේ වගකීමකි.

උතුරු පලාත ස්වභාවයෙන්ම කෘෂි සහ ධීවර අංශයට නැඹුරුය. එම පලාත් වල ගොවියන් කැපවීමෙන් කරන ගොවිතැන ගැන අවබෝධයක් රටට ඇත. උතුරට ප‍්‍රධාන ගැටලූවක්ව ඇත්තේ ජල අපහසුවයි. ගැඹුරු ලිං වලින් මහන්සියෙන් ජලය සපයා ගෙන ගොවිතැනෙහි නියැලෙති. ජල ප‍්‍රශ්න නිසා උතුරේ දෙමළ ජනතාව අතර පවතින ගැටලූ විවිධාකාර බව නොරහසකි. මහවැලි ජලය උතුරට යොමුකිරීම ගැන කලකට පෙර අවධානය යොමු වී තිබිණ. නමුත් නොයෙක් කාරණා නිසා මෙම කාරණය යටපත් විය. උතුරට ජලය සම්පාදනය කරන විට මහවැලි ගෙ`ග් ඉහළ කොටස් වලට ජල හි`ගයක් ඇතිවිය හැකි යැයිඅනියත බියක්ඇතිබව ද පෙනේ. නමුත් මේවාට පොදු සාධාරණ විස`දුම් අවශ්‍යය. මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ මඩ ඉඩම් වලට අමතරව ගොඩ ඉඩම් ප‍්‍රමාණයක්ද වගා කිරීම මුල් සැලසුමයි. වී වගාවට විශාල ජල ප‍්‍රමාණයක් අවශ්‍ය වන අතර ජලය වඩා අවශ්‍ය නොවන භෝග වගා කිරීමෙන් ජල කළමනාකරණයක් සිදුවන බවට සැලසුම් තිබිණ. නමුත් මෙම සැලසුම් අද මුල් තත්ත්වයේ නැත. ජල කළමනාකරණය සම්බන්ධ අලූත් පර්යේෂණ සිදුවන්නේ නම් මහවැලි ජලය උපරිම ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගෙන උතුර දක්වා යොමු කරන්නට හැකියාව තිබේ.උතුරු නගෙනහිර පලාත් වලට ගැලපෙන ආකාරයට පොල් වගා කළ හැකිය. රටඉ`දි වැනි දේ වගා කරන්නට හැකි බව දැනටමත් පෙනී ගොස් ඇත. මෙවැනි අලූත් දේ කෙරෙහි ආයෝජනය කරන්නට කැමැති ව්‍යවසායකයන්ට ඉඩදීම අවශ්‍යය. ජලය සම්බන්ධ ගැටලූවේ දී මුහුදු ජලය පිරිසිදු කිරීම පමණක් නොව කලපුවල එකතු වන පිරිසිදු ජලය පෙරා යළි වගාබිම් වලට යොමු කළ හැකි ආකාරයට අද තාක්ෂණය දියුණුය. මෙම අංශ වලට ආයෝජනය කරන ප‍්‍රතිපත්ති සම්පාදනය කළ හැකිය. අවශ්‍ය අවස්ථා වලදී උතුරට කරන සංවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහයෝගය ඉල්ලා සිටීම අපහසු කාර්යයක් නොවේ. ත‍්‍රස්තවාදය තුරන් කිරීමෙන් පසු උතුර සහ නැගෙනහිර සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් දක්වන බටහිර ලවා මෙවැනි යෝජනා ක‍්‍රම ඇති කරන්නට හැකියාවක් තිබේ. එවැනි අවස්ථාවක රටට අත්පත්වන ප‍්‍රයෝජනය සුවිශේෂී බව සිහිපත් කළයුතුය.

උතුර නැගෙනහිර පලාත් ඇසුරෙහි ධීවර කටයුතු වල ද විශේෂ ආයෝජනයක් කළහැකිය. මෙම පලාත් බද ගැඹුරු මුහුදේ මත්ස්‍ය අස්වැන්න වෙනත් රටවලින් පැමිණ අල්ලාගෙන යන බව ප‍්‍රකට කරුණකි. ධීවර අංශයෙහි අත්දැකීම් ඇති රටවල් සමග මෙම පලාත්වල ව්‍යවසායකයන් සම්බන්ධ කළහැකිය. රටවල් හෝ ආයතන වශයෙන් එකට එකතු වී ධීවර කටයුතු වල නියැලෙන්නට හැකි පසුබිමක් නිර්මාණය කළ හැකි නම් සෑහෙන ප‍්‍රමාණයක් රැකීරක්ෂා බිහි කළ හැකිය. දැනටමත් ලංකාවට ආනයනය කරන මත්ස්‍ය නිෂ්පාදන ප‍්‍රමාණය සලකා බලන විට මෙම ක්ෂේත‍්‍රය විශාල වශයෙන් ලාභ ඉපැයිය හැකිය.

පසුගිය වසර දෙක තුළ මෙරට සංවර්ධනය දෙස විශේෂයෙන් සලකා බලන විට කැපී පෙනෙන කරුණක් තිබේ. එනම් ත‍්‍රස්තවාදය තුරන් කිරීමෙන් පසු උතුර නැගෙනහිර පලාත් වේගයෙන් දියුණු වීමයි. තුනෙන් එකකින් පමණ වෙළ`ද පොළ ප‍්‍රසාරණයවී තිබේ. නමුත් රට තුළ උතුර සහ නැගෙනහිර සම්බන්ධයෙන් පවතින ආකල්ප වෙනසකට ලක්වී නැත. සාමකාමී යුගයෙන්අපේක්ෂා කරන ප‍්‍රමුඛ කරුණ එයයි. නිදහසේ රට තුළ ජීවත් වියහැකි පරිසරයක් බිහිවියයුතුය. අයුක්තියක්, අසාධාරණයක් සිදු නොවන බව උතුර නැගෙනහිර ජීවත් වන ජනතාවට දැනෙන්නට අවශ්‍යය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.