» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/07/2012 - ඉරිදා ලංකාදීප
වැඩිහිටියන්ට සැලකීම නීතියෙන් නියම කිරීමට පණතක් ? - මිලින්ද මොරගොඩ

කිසිවෙකුටත් බරක් නොවී ජීවිතයේ සැදෑ සමයේ ජීවත්වන්නට අකැමැති කිසිවෙකු නැත. සැහැල්ලූවෙන්, ආගමික වතාවතක යෙදෙමින් ජීවත් වන්නට පහසු වටපිටාව ක‍්‍රමයෙන් ඈත්වෙමින් තිබේ. පවතින ආර්ථික හා සමාජ පරිවර්තනයේ විෂමතා එයට සැනසිළිදායක ජීවිතයකට ඉඩ නොදෙයි. දෙටු පුරවැසියන්, තමන්ට ජීවත්වන්නට පහසුවක් නැති හෙයින් දරුවන් ගෙන් නඩත්තුව ඉල්ලා නීතිය ඉදිරියට පැමිණෙන අවස්ථා ඉතාමත් කලාතුරකින් මෙරටින් වාර්තාවෙයි. සමාජයේ වැඩිදෙනකු ඉතා සෝබර හදවතකින් යුතුව එම තොරතුරු කියවා කම්පාවට වෙති. ජ්‍යෙශ්ඨ පුරවැසියන්ට සලකා ඔවුන් ගේ දුක සැප සොයන සමාජ සංස්කෘතිය ශ‍්‍රී ලංකාවේ උරුමයකි. කලාතුරකින් එය පළුදුව ඇති බව පෙනෙන විට පොදු ජනතාව එය දරාගන්නේ මහත් ආයාසයකිනි. නමුත් මේ වන විට ඉන්දියාව ස්වකීය ජ්‍යෙශ්ඨ පුරවැසියන් රැකබලා ගැනීමේ විධිවිධාන අලූත් අණ පනත් මගින් සම්මත කර තිබේ. වගකිමක් ඇති කිසිවෙකු වැඩිහිටියන් සුරක්ෂා නොකරයි නම් නීතිය යටතේ නඩු පවරා නඩත්තු ඉල්ලා සිටින්නට වැඩිහිටියන්ට ඉඩ සැලසී තිබේ. එය අලූත් ලෝක ස්වභාවයයි.

නීතියෙන් ඇති පහසුකම් දැනගන්නට වැඩිහිටියන්ට පහසුකම් සපයමින් ඉන්දීය ආණ්ඩුව එරට ජනමාධ්‍ය වලින් නිතිපතා තොරතුරු සපයයි. Ministry of Social Justice & Empowerment යනුවෙන් අමාත්‍යංශයක් පිහිටුවා ඇති ඉන්දීය රජය එරට සමාජ සුරක්ෂිතතාවය අපේක්ෂා කරන වියපත් ජනගහනය කෙරෙහි සියුම් අවධානයක් යොමු කර ඇත. එම තොරතුරු වලට අනුව 2007 වසරේ දී සම්මත කරන ලද නව පණතක් තිබේ. The Maintenance and Welfare of Parents and Senior Citizens Act, 2007 යන එම පණත වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනි. http://socialjustice.nic.in යන වෙබ් අඩවියෙන් එය ගැන වැඩිදුර කරුණු හදාරන්නට හැකිය. දරුවන් ගේ, කාන්තාවන් ගේ හෝ ආබාධිත අයගේ අයිතිවාසිකම් ගැන උනන්දුවෙන් සිටි ඉන්දීය සමාජයට ඡ්‍යෙශ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ගැන අවධානය යොමු කරන්නට සිදුව ඇත. මෙම පණත අනුව ජ්‍යෙශ්ඨ පුරවැසියෙකුට තම ජීවත්වීමට අවශ්‍ය පහසුකම් ඉල්ලා අධිකරණයට යා හැකිය. ආහාර, ඇදුම් පැළදුම්, නිවාස පහසුකම් සහ සෞඛ්‍ය පහසුකම් ඉල්ලන්නට හැකියාව තිබේ. අවුරුදු හැටකට වඩා වියපත් පිරිමියෙකුට හෝ කාන්තාවකට තම දරුවන් සලකන්නේ නැතිනම් මෙම පණතට අනුව වරප‍්‍රසාද අයැදුම් කළ හැකිය. ආදායම් උපයන වැඩිහිටියෙකු වන දුව, පුතා, මුණුබුරා හෝ මිණිබිරිය දරුවන් නැති ජ්‍යෙශ්ඨ පුරවැසියන්ට ලේ උරුමය ඇති ළග ඥාතින් හෝ තම වත්කම් හිමිවිය හැකි පුද්ගලයෙකු සොයා නීතියේ පිහිට පැතිය හැකිය. නීතිය අනුව විශේෂ අධිකරණයකින් කරුණු සොයා බලන අතර එහි ඇති පසුබිම අනුව නීතිඥ සහායක් අවශ්‍ය නැත. වැඩිහිටියාට තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු එහි ඇති සැබෑ තත්ත්වය තහවුරු වුවහොත් මාසයකට ඉන්දීය රුපියල් දස දහස බැගින් වන දීමනාවක් මාසිකව ගෙවන ලෙස නියම කළ හැකි අතර වැරදිකරු තෙමසකට සිරගත කළ හැකිය. නොඑසේනම් ඉන්දිය රුපියල් 5,000.00 දඩයකි. මෙම දඩුවම් දෙකම නියම කරන්නට ද අධිකරණයට පණත මගින් බලය පවරා ඇත. පැමිණිල්ලක් ඉදිරිපත්කර දින අනූවක් ඇතුලත තීන්දුවකට එළැඹීමට නියම කර තිබීම පණතේ විශේෂත්වයයි.

විශාල ජනගහනයක් සහිත, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් ඇති රටක් වශයෙන් ඉන්දියාව නවීන සමාජ තත්ත්වයන් ට අනුව ස්වකීය පාලන යාන්ත‍්‍රණය ගලපන්නට උත්සුක වෙයි. තොරතුරු තාක්ෂණය, තොරතුරු දැනගැනීමේ අයිතිය හා කලාපයේ රටවල් අතර සමාජ ආර්ථික ගිවිසුම් ඇති කර ගැනීම මගින් එය තහවුරු කර තිබේ. ඉන්දියාව ආර්ථික වශයෙන් දියුණු වන ස්වභාවය හා සමානවම සමාජයේ ශ‍්‍රම බලකාය සීමාසහිත වෙමින් තිබේ. වියපත්වන ජනගහනය දරාගත හැකි සීමාව දක්වා පැමිණෙමින් තිබේ. රටට හා සමාජයට එයින් විය හැකි බලපෑම ගැන පූර්ව තක්සේරුවකට පැමිණෙන ඉන්දීය මධ්‍යම රජය පනවා ඇති නව පණත ඉන්දියාවේ සියලූම ප‍්‍රාන්ත අනුමත කර ඇති බව ද පළවෙයි.

ශ‍්‍රී ලංකාව මෙවැනි පණතක් යෝජනා කිරීමට ඉක්මන් විය යුතු නැත. නමුත් අන්තර් ජාතිකව සිදුවන සමාජ විපර්යාස ගැන අවබෝධයෙන් සිටීම වැදගත්ය. ස්වකීය දෙමාපියන් තමන් ළගම සිටිමින් ඔවුන් ආරක්ෂා කරගත යුතු යැයි බටහිර රටවල ඒ තරමට තකන්නේ නැත. වැඩකරන්නට හැකි කාලය තෙක් උපයන බටහිර රටවල ඇතැම් වැසියෝ තමන්ගේ ජීවිත තමන්ට වලංගු නැති, රැක බලා ගත යුතු වයසට එළැඹෙන විට වැඩිහිටි නිවාසයකට ඇතළු වෙති. දරුවන් ද විවේකයක් ඇති අවස්ථාවක ඔවුන් හා කාලය ගත කරන්නට පැමිණෙන අතර ඒවා නඩත්තු වන්නේ පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් වලින්ය. තම මව හෝ පියා වැඩිහිටි නිවාසයකට පවරා දරුවන් නගරයේ සුව පහසු ජීවිත ගත කිරීම එකී රටවල සංස්කෘතිය අනුව නම් සාමාන්‍ය දෙයකි. ශ‍්‍රී ලංකාවේ පවා කිසිවක් කරකියාගත නොහැකිව අසරණ වන දෙටු පුරවැසියන් වෙනුවෙන් වෙන්වූ වැඩිහිටි නිවාස රට පුරා පවතින බව දැකිය හැකිය. එය තවමත් වෙන්වී ඇත්තේ ඥාතින් නැති අසරණවූවන් සදහාය. සමාජයේ නොයෙක් දෙනා මේවායේ ඇති අඩු පාඩු සොයමින්, ආහාර, ඇදුම් හා සෞඛ්‍ය අවශ්‍යතා සපුරමින් කි‍්‍රයාකරන අතර එය අගය කළ යුතු වැඩ පිළිවෙලකි.

මෙරට පවතින යහපත් ස්වභාවික පරිසරය සහ වැඩිහිටියන් රැකබලා ගැනීමට සංස්කෘතියෙන් ම ඇති හැගීම් ප‍්‍රයෝජනයට ගනිමින් අලූත් ව්‍යාපාරික අවස්ථා ද බිහිවී තිබේ. නොයෙක් රටවල ධනවත්, නමුත් ජීවිතයේ සැදෑ සමයේ අසරණ වන ඇතැමුන් ස්වකීය ධනය බැංකුවල තැන්පත් කර එයින් උපයන ආදායමෙන් මෙරට සාත්තු සේවාව සහිත විශේෂිත නිවාස වල පදිංචියට පැමිණෙමින් සිටිති. එය රටට විනිමය උපයන මගක් ද වෙයි.

සංකීර්ණ ආර්ථික ස්වභාවය සහ තොරතුරු තාක්ෂණය ශ‍්‍රී ලංකාවේ ජන ජීවිතය ද ආක‍්‍රමණය කිරමින් තිබේ. වේගයෙන් සමාජගෝලීයකරණයට ලක්වෙමින් සිටින රටකි. බටහිරට හුරු, ඉන්දියාව නීතියෙන් නියම කරන ඡ්‍යෙශ්ඨ පුරවැසියන් රැකබලාගැනීමේ ප‍්‍රතිපත්ති අපට ද නුහුරු වන්නට බැරි නැත. සමාජය කල්තබා එවැනි බැරූරුම් සංස්කෘතික පෙරුළි වලට මුහුණ දෙන සූදානමක සිටීම අවශ්‍යය.

දැනට මෙරට ඇති අලූත් ජනගහන දත්ත අනුව සමාජයේ වැඩ කළ හැකි තරුණ ජවය සීමාසහිත වෙමින් තිබේ. විශ‍්‍රාම යන ප‍්‍රමාණය වැඩිවෙයි. අධ්‍යාපනය ලබන දරුවන් හා විශ‍්‍රාමික පිරිස සමාජයේ වැඩි කොටසක් බවට පත්වන විට ඔවුන් නඩත්තු කරන්නට සිදුවන්නේ වැඩ කළ හැකි වයසේ සිටින සීමාසහිත ජන කණ්ඩායමටය. විවාපත්වන තරුණ යුවලකට තම දරුවන් සහ දෙදෙනාගේ ම දෙමාපියන් සහිත කණ්ඩාමයක් රුකබලා ගන්නට සිදුවන විට ආර්ථික අපහසුතා ඇතිවීම වැලැක්විය නොහැකිය. එහි සෘජු ප‍්‍රතිඵලය වන්නේ සමාජ ප‍්‍රශ්න ඇතිවීමයි. වියපත් වැඩිහිටින් ගේ් මානසික තත්ත්වය ද සියුම්ය. ඔවුන්ගේ ආකල්ප හා ක‍්‍රියාකාරකම් අතර පරම්පරා පරතරයක් ඇත. සංකීර්ණ ආර්ථික පසුබිමක ජීවත්වන පවුලකට දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ සමාජ අවශ්‍යතා නිසි ආකාරයට සපුරාලන්නට අසමත්වීම බරපතල ප‍්‍රශ්න ඇතිකරනු ඇත. ඉදිරි දශක කිහිපය තුළ මෙරට ශ‍්‍රම බලකාය අඩුවී වියපත් ජනගහනය වඩිවන බව ජනගහන දත්ත පර්යේෂණ සනාථ කර ඇති අවස්ථාවක වැඩකරන්නට හැකි සවිබල ඇති පිරිස ගෙන් සේවයක් ගැනීම හා වියපත් දුබල පිරිස සුරක්ෂිතව බලා ගැනීමට සමාජයට හැකිවන ආකාරයේ වාතාවරණයක් ඇති කිරීම ට අවධානය යොමු කළ යුතුය.

දැනටමත් ශ‍්‍රී‍්‍රි ලංකාවේ අලූත් වියයුතු විශ‍්‍රාම වැටුප් ක‍්‍රම ගැන සාකච්ඡුා කරයි. වෙහෙසට පත් නොවී, බුද්ධිය මෙහෙයවා කළ හැකි සේවා අංශයේ අලූත් රැකියා අවස්ථා බහුල කරන යම් යම් ප‍්‍රතිසංස්කරණ ඇති වෙමින් තිබේ. මේ අතරට යථාර්ථය ද ඇතුලත්විය යුතුය. මෙම සියලූ පරිවර්තන හමුවේ යම් කොටසකට ස්වකීය එදිනෙදා ජිවිතය ගතකරන මග පිළිබ`ද තවදුරටත් ප‍්‍රශ්න ඇතිවන්නට බැරි නැත. බෞද්ධ සාර ධර්ම වලට අනුකූලව පවතින ගුණ ගරුක සමාජයක පවා ඇතිවිය හැකි වෙනස්කම් සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකික සමාජය අවබෝධයක සිටීම කාලෝචිතය. මේ

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.