» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/01/2012 - ඉරිදා ලංකාදීප
අලූත් යුගයකට දොරටු විවර කරන පංච මහා සලකුණු - මිලින්ද මොරගොඩ

වසර අවසානය උදාවෙමින් පවතින්නේ අවිනිශ්චිත ස්වභාවය සමග. ලෝකය පුරා ප‍්‍රශ්න. විශාල ආර්ථික අර්බුද. ඇමරිකාව ප‍්‍රධාන බටහිර රටවල් හා යුරෝපය ඒ අතර ප‍්‍රධානයි. මේ රටවල ප‍්‍රශ්න ආසියාවට දැනෙන්න පටන් අරගෙන. අපනයන වෙළද පොළට, සංචාරක ව්‍යාපාරයට බලපෑම් තියුණුයි. එක් එක් රටවල්, කලාප මෙම ප‍්‍රශ්න වලට විසදුම් සොයන්නෙ අනන්‍යය ආකාරයට. විවිධ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කරමින්.

ඇමරිකානු ආර්ථිකය විසදුම් සොයා යමින් සිටී. එරට සංස්කෘතිය හා සමාජ පදනම අනුව ඉදිරිපත්ව ඇති ප‍්‍රතිසංස්කරණ තදයි. දරුණුයි. ඇමරිකානු ක‍්‍රමය අනුව ඉක්මනින් අර්බුද ඇතිවනවා. වේගවත් ප‍්‍රතිසංස්කරණ හෙයින් ඉක්මනින් යථා තත්ත්වයට පත් කරගන්න සමත්. ඇමරිකාවේ කෙටි ඉතිහාසය, සැලසුම් සහගත ප‍්‍රතිපත්ති එයට සපයන්නේ ශක්තියක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගැඹුරු ව්‍යුහය එයට ඉඩ දෙනවා. කාර්යක්ෂම අලූත් යාන්ත‍්‍රණයක් ඇති ඇමරිකාව, සම්ප‍්‍රදායික ආකෘති සහිත යුරෝපයට කලින් වෙනස් වෙන්නට සමත්. යුරෝපය පැරණි සම්ප‍්‍රදායික සමාජයක්. සම්ප‍්‍රදායික ලක්ෂණ හෙයින් වෙනස්වෙන්න, ප‍්‍රතිංසස්කරණයක් කරන්න කල්ගතවෙනවා.

ලෝකය ඉදිරියට ගමන් කරන්නේ යුග පසුකරමින්. කෘෂිකාර්මික යුගයක් තිබුනා. මේ යුගයේ දී ගොවිපොළ හා ගොවියා වැදගත් යාන්ත‍්‍රණයක්. කර්මාන්ත යුගය උදා වුණේ ඉන් පසුව. කම්කරුවා සහ කම්හල අභිබවමින් අද උදා වී ඇත්තේ සේවා ආර්ථිකය. කෘෂිකාර්මික යුගයේ දී ඉඩම, කාර්මික යුගයේ දී තාක්ෂණය හා අමුද්‍රව්‍ය. වර්තමාන සේවා ආර්ථිකයක වැදගත්ම දේ දැනුම. යුග පරිවර්තනය සිදුවන විට සාධකය වෙනස්වුණා. එයට ලැබෙන වටිනාකම අලූත් වෙන්න පටන් ගත්තා. අද ඉහළම වටිනාකමක් ඇත්තේ දැනුමට. දැනුම පදනම් කරගත් සමාජ රටාව වර්තමාන පදනම. මහජනතාව දැනුම සොයා යනවා. රටවල් අතර අධ්‍යාපනය, දැනුම අලූත් දේ සොයා යන්න ඇත්තේ තරගයක්. ආර්ථික ශක්තියෙන් හෙබි රටවල් මේ වෙනුවෙන් වෙහෙසෙනවා. කරන ආයෝජනය විශාලයි. දියුණු වෙමින් පවතින රටවලට ඒවා ලැබෙන්නෙ කල් පහුවෙලා. රටවල් ඉදිරියට ගමන් කරන්නෙ දැනුම ගලා එන වේගය අනුව.

අපේ රට ගැනත් අපි හිතමු. කෘෂි යුගයේ සිට කාර්මික යුගයට වෙනස් වෙන්න රටට සම්පූර්ණ හැකියාවක් ලැබුණේ නැහැ. ඇගලූම් වැනි කර්මාන්ත අසම්පූර්ණ චක‍්‍රයකට ඇතුල් වුණා. දැන් ඇතුල්විය යුතු සේවා යුගයට. කෘෂි යුගයේ සිට සේවා යුගයට පරිවර්තනය වීම පහසු නැහැ. එය බරපතලයි. ආකල්ප වෙනස් විය යුතුයි. අධ්‍යාපන රටාව සහමුලින් ම වෙනස්වීම අවශ්‍යයි. පාසලෙන් බිහි කළ යුතු ගොවිපොලට අවශ්‍ය පුද්ගලයන් ද? එහෙම නැතිනම් වැඩබිමට ගැලපෙන කාර්මිකයන්ද? නැත. අද අවශ්‍ය දැනුම පදනම් කරගත් සේවා ආර්ථිකයට ගැලපෙන්නන්ය. යුගයවෙනස් වූ පමණින් කෘෂිකර්මය හා කාර්මික අංශ අහෝසි වන්නේ නැත. නමුත් එකී අංශ වල ද සේවා දායක පැති වර්ධනය වෙයි. පාසලේ ඉගැන්විය යුතු දේ හා ප‍්‍රායෝගිකව භාවිතා වන දැනුම අතර පරතරයට හේතුව මෙයයි. අධ්‍යාපන ක‍්‍රමය වෙනස් විය යුතු ජාත්‍යන්තරයේ තරගය අනුව. ලංකාවේ උපාධිධාරින්ට රැකියා හිගයි. කම්හල් විශාල ප‍්‍රමාණයකට ශ‍්‍රමය ප‍්‍රශ්නයක්. අධ්‍යාපන ක‍්‍රමයෙන් බිහිවෙන තරුණන් ඉල්ලන්නේ ගොවිපොල නොවේ. කම්හලේ රැකියා ද නොවේ. ඇත්ත එයයි. නූතනයට ගැලපෙන අන්දමට අධ්‍යාපනය වෙනස් නොවෙන්න හේතුව දශක තුනක් තිබුණ යුද පරිසරය. යුගයෙන් යුගයට ගැලපෙන පරිදි ආකල්ප වෙනස් නොවුනේ ඒ නිසා. සමාජයේ ආකෘතිය හැඩ නොගැසුනේ මේ අභ්‍යන්තර ප‍්‍රශ්න සමග. දැන් රටට අවශ්‍ය සේවා යුගයට අවශ්‍ය දැනුම කේන්ද්‍ර කරගත් විප්ලවයක්. ප‍්‍රතිසංස්කරණයක්.

බටහිර හා යුරෝපයේ ආර්ථික අර්බුද ඉන්දියානු ආර්ථිකයේ වේගය අඩු කළා. චීනයේ වර්ධනය සීමා කළා. අපේ රටටත් එය දැනෙනවා. ආර්ථිකයක ඉහල සිටින රටක් අර්බුදයකට පත්වීම හා පහල සිටින රටකට එය දැනෙන ආකාරය වෙනස්. ඒ හරහා ඇතිවී තිබෙන තත්ත්වය තේරුම් ගැනීම පහසු නැහැ. ඇමරිකාවට සිදුවුණේ කුමක්ද? ලෝක ආර්ථික බලවතාගේ ආර්ථික ප‍්‍රශ්න වල සැබෑ මුහුණුවර කෙබ`දු ද යන්න ගැන විවිධ නිර්වචන ලැබෙමින් පවතී.

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පසුගිය වසරේ නොවැම්බර් තුන් වැනි දා ප‍්‍රකාශයක් කළා. එය අවධානයට ලක් වූවක්. ''අපට වඩා හො`ද දුම්රිය සේවාවක් චීනයේ පැවතීම සහ අපට වඩා හො`ද ගුවන්තොටුපොල සිංගප්පූරුව තුළ බිහිවීම වටහා ගත නොහැක්කකි. මිහිපිට ඇති වේගවත්, සුපිරි පරිගනකය චීනය විසින් නිපදවා ඇති බව ඉතා මෑතකදී දැනගන්නට ලැබින. නමුත්, මෙවැනි ප‍්‍රමුඛතාවයන්ට උරුමකම් කියමින් රැඳී සිටියේ අපය. "It makes no sense for China to have better rail systems than us, and Singapore having better airports than us. And we just learned that CHINA now has the fastest supercomputer on Earth --- that used to be us." --- President Barack Obama, November 3, 2010 ඔහු කියා සිටියේ එහෙම.

තෝම්ස් එල් ප‍්‍රීඞ්මන් ප‍්‍රකට තීරු ලිපි රචකයෙක්. ඇමරිකාවේ යුද වාර්තාකරුවෙකු ලෙස ලේඛන දිවියට ඇතුලූ වූ හෙතෙම පසුව ප‍්‍රසිද්ධ වුනේ ආර්ථික හා දේශපාලන ලියුම්කරුවෙකු ලෙස. පුලිස්ටර් සම්මානය දිනූ ඔහු සහ ප‍්‍රකට දේශපාලන ප‍්‍රතිපත්ති විශ්ලේශකයෙකු වන මයිකල් මැන්ඩෙල්බයුම් එකතු ව අලූත් ම කෘතිය ක් සම්පාදනය කළා. That Used to Be Us, එයයි. ඔහුගේ කෘතියෙන් කියන්නේ ඇමරිකාවට ප‍්‍රමුඛතාවය අහිමිවීම ගැන.

තෝම්ස් එල් ප‍්‍රීඞ්මන් Thomas L Friedman 'ද ලෙක්සස් ඇන්ඞ් ඔලිව් ටී‍්‍රි' The Lexus and the Olive Tree නමින් කෘතියක් ද කලින් සම්පාදනය කර තිබුණා. ප‍්‍රීඞ්මන් එදා තමන්ගේ කෘතියෙන් පෙන්වා දුන්නේ ගෝලීයකරණය හරහා ලෝකය යහපත් වෙන බව. ලෙක්සස් කියන්නේ ලොව වටිනාම මෝටර් රථය ඔලිව් අත්ත මැද පෙරදිග කලාපයේ සංකේතය. මේ දෙක අතර සංකලනය ගැන මතයක් පී‍්‍රඞ්මන්තමන්ගේ පොත හරහා එදා ඉදිරිපත් කළා. නමුත් මේ වතාවේ ඔහු සමග එකතු වූ මයිකල් මැන්ඩෙල්බයුම් කියන්නේ ඇමරිකාවේ වෙනස ගැන. ඇමරිකාවේ අභිමානය පලූදු වෙන්න බලපෑ හේතු.

මෙම අලූත් කෘතියේ පෙන්වන්නේ ඇමරිකාව ට අයහපත් ලෙස බලපෑ කරුණු පහක්. පංච මහා සලකුණු. සන්ධිස්ථාන. අනෙක් පැත්තකුත් තිබේ. එයින් කියන්නේ මෙම කරුණු පහ ගැන හොද විමසිල්ලකින් ඉන්න රටකට ලබාගන්න හැකි ජයග‍්‍රහන. පළමුවැන්න අධ්‍යාපනය. දෙවැන්න යුගයට ගැලපෙන යටිතල පහසුකම්. තෙවැන්න ලෝකයේ බුද්ධිමතුන් එකතු කරගන්නට හැකිවීම. හතරවැන්න ධනය බිහිකිරීමට හේතුවන නීති රීති සම්පාදනය. පස්වැන්න දියුණු පර්යේෂණ හා සොයා ගැනීම්.

තොරතුරු තාක්ෂණයේ දියුණුව සමග අධ්‍යාපනය ලැබිය හැකි අවස්ථා පුලූල් වුණා. ඉහල අධ්‍යාපනය වේගයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. අලූත් අධ්‍යාපනය බිහි නොවෙන විට ප‍්‍රශ්න මතු වුණා. ඇමරිකානු ජනාධිපතිවරයා ගේ ප‍්‍රකාශය කියන්නේ අධ්‍යාපනය හා යටිතල පහසුකම් ගැන. ලෝකයේ වෙනත් තැනෙක හොදම යටිතල පහසුකම් ඇතිවීම තවත් ආර්ථිකයක කාර්යක්ෂමතාවයට ප‍්‍රශ්නයක්. තරගකාරීත්වයට අවහිරයක්. ඇමරිකාව මානව සම්පත එකතු කළා. ලෝකයේ ජිවත්වන දක්ෂයන් සොයාගත්තා. ශිෂ්‍යත්වක‍්‍රම, වීසා ලොතරැයි මගින් දැනුම ඇති විශේෂඥයන් තමන්ගෙ රටට ගෙන්වා ගත්තා. එම දක්ෂයන් වෙහෙසුනේ ඇමරිකානු ආර්ථිකය දියුණු කරන්න. මේ දැනුම ඇති සමාජයට ගැලපෙන අන්දමට ව්‍යවසායකයන් බිහිකරන්න අවස්ථාව ඇතිකලා. එයින් ධනය බිහිවුණා. ඒ ධනය බිහිකරන්න ඉඩ දෙන නීති රීති සකස් කරන්න ඇමරිකානු යාන්ත‍්‍රණය යුහුසුලූ වුණා. විශ්ව විද්‍යාල පද්ධතිය පර්යේෂණ කළේ එහෙම කරන්නේ කොහොමද කියන එක ගැන. සොයන්න. අධ්‍යයනය කරන්න. වෙළද පොළට ගැලපෙන ප‍්‍රායෝගික තත්ත්වය කුමක්ද? මහජනතාවගේ කැමැත්ත මොනවාටද? අලූත් දේ මොනවාද? හි`ගය කොතැනද? අනාගත කොහොම විය යුතුද කියන විද්‍යාත්මක පර්යේෂණ වලින් අනාවරණය කරගත් කරුණු වලට වෙළ`ද පොල සකස් කළා. එයට අවශ්‍ය දැනුම සම්පාදනය කරන්න පටන්ගත්තා. යටිතල පහසුකම් දියුණු වුණා. සාර්ථකත්වයේ රහස තිබුණේ එතැන.

මෑත කාලය තුළ ඇමරිකාවේ අධ්‍යාපනය සීමා වන අතර දේශපාලනය ඉහළට නැගුණා. සමාජයේ උනන්දුව ඇති වුණේ දේශපාලනය ගැන. යටිතල පහසුකම් අඩු වූ අතර එහි තාක්ෂණය වෙනත් රටවල්වලින් ඉදිරියට ආවා. එහි ප‍්‍රතිඵලය වුණේ ආර්ථිකය අඩාලවීම. ආර්ථික වේගය අඩුවෙන අවස්ථාවේ රැුකියා හිගවෙන්නත්, රට තුළ රැුකියා හි`ගවන විට විදේශිකයන් ගෙන්වීමට විරෝධය නැගෙන්නත් පටන්ගත්තා. මේ චක‍්‍රයට ගොදුරු වූ ඇමරිකාව එයින් නික්ම අලූත් යුගයකට සූදානම්. එයට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණවලට සමාජය මුහුණ දෙන්න සුදුවෙලා.

අවසානයේදී මේ කෘතියෙන් වලින් පෙන්වා දෙන්නේ ලෝකය ගමන් කරන්නේ එක දිසාවකට පමණක් බව පමණයි. අනෙක් සියලූ අවස්ථා යටපත් වී ගෝලීයකරණය ඉදිරියට පැමිණ ඇති බව. විවෘත ආර්ථීකය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ අවස්ථා ඇති බව සාධක සහිතව කියා සිටියා. මේ අදහස් ලෝකය පුරා අලූතින් හිතන අලූත් අන්දමට හැසිරෙන, ඉක්මනින් තීන්දු ගන්නා නායකයන් අතට පත්වී හමාරයි. අනාගතය දකිමින් තමුන්ගේ ඉලක්කය වෙත සමාජය තල්ලූ කරන අසමසම පුද්ගලයන් වෙත ලගා වී තිබේ. ලෝකය වෙනස් කරන්නේ එවැනි නායකයන්. රාමුවකට හිර නොවී තමන්ගේ රට හා සමාජය වෙනුවෙන් අනන්‍යතාවයක් ඇති දර්ශනයක් ගොඩනගන්නට හැකියාව උදාකරගත් නායකයන් දෙස ජගත් ප‍්‍රජාව අවධානයෙන් බලා සිටියි.

සිංගප්පූරුව එයට හොද උදාහරණයක්. කුඩා රටක් නමුත් අවස්ථා පුලූල් කළා. ලෝකයේ හොදම දේ වෙනුවෙන් ඉඩ දුන්නා. දකුණු කොරියාව මෙම තත්ත්වය අවබෝධ කරගත්තා. ඉන්දියාව යටිතල පහසුකම් දියුණු කරන්න මහන්සි වෙනවා. නමුත් දේශපාලන ප‍්‍රශ්න ඉන්දියානු ආර්ථිකයට සමාජයට බලපාන්නට පටන් අරගෙන.

සමාජයට සාධාරණ අවස්ථා සපයන හා ධනය බිහි කරන ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා බැඳුන විවෘත ආර්ථීකයයි. තවමත් විකල්පයක් නැහැ. නමුත් මේ ක‍්‍රමය රටකට ඇතුල්විය යුත්තේ ඒ ඒ රටට ගැලපෙන අන්දමට බවට විවාදයක් තිබිය යුතු නැහැ. රටක සංස්කෘතික වටිනාකම් අනන්‍යතා උරුමය ආරක්ෂා වන අන්දමට මේ ක‍්‍රම ගැන අවධානය යොමු කිරීම වැදගත්. ඒ උදෙසා සමාජයක් එකමුතු වී ගන්න වඩා දියුණූ හා සාධාරණ විසඳුම අද අපට වැදගත්. සමාජය තව තවත් පීඩා විඳින්න අවශ්‍යද?

ජාත්‍යන්තර අත්දැකීම් සොයා යමු. විමසමු. අපේ සමාජයේ හරි තැන, වැරදුන තැන ගැන ගැඹුරින් සාකච්ඡා කරමු. අද අවශ්‍ය එයයි. දියුණුව ගොඩනැගිලි පමණක් නෙවෙයි. ආකල්ප වෙනසක්. පරිවර්තනයක්. දැනුම සොයා යන විට එයින් ලැබෙන අවස්ථා අපමණයි. දේශපාලනයෙන් තොරව රටට ගැලපෙන අලූත් ක‍්‍රමය කුමක්ද සොයා බලන අලූත් බලවේගයකට ඉඩ තිබිය යුතුයි. ජාත්‍යන්තරයේ සාකච්ඡා වෙන නව මානය, එහි අත්දැකීම් අලූත් යුගයකට ඉඩ විවර කරනු ඇති.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.