» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
31/05/2015 - ඉරිදා ලංකාදීප
මාධ්‍ය සමීක්ෂණ පැවැත්වීම සහ සමාජයට ඇති වැදගත්කම - මිලින්ද මොරගොඩ

ජන මතය ඉදිරිපත් කරන්නේ මාධ්‍ය භාවිතාව බව ප‍්‍රකට කරුණකි. පුවත් පත එයින් ඉදිරියෙන්ම සිටී. ?පවාහිනිය, ගුවන් විදුලිය සහ අන්තර් ජාලය මගින් තොරතුරු විකාශය කරන නමුත් තොරතුර සම්බන්ධව සමාජයේ පුලූල් ස්ථාවරත්වයක් අවබෝධයක් ඇතිවන්නේ පාඨකයා පුවත්පත අතට ගෙන එය කියවා සිය විඥාණයෙහි තැන්පත් කර ගැනීමෙන් බව පැහැදිලිව පෙනෙන කරුණකි.

මාධ්‍ය මගින් ජනතාවගේ මතය ඉදිරිපත් කිරීම සුලබ අදහසක් නමුත් ජනමතය මැන බලන, නියම ජනමතය කුමක්දැයි විමසා බලන ආකාරයකට ශ‍්‍රී ලංකාවේ සන්නිවේදනය සියුම් ලෙස විහිදී නැත. එය බලවත් අඩුවකි.

ජාත්‍යන්තර මාධ්‍ය භාවිතාවේ දී තොරතුර ඉදිරිපත් කිරීම පමණක් නොව තොරතුර තුළින් සමාජයේ සිදුවන පරිවර්තනය ගැන ද අවධානයෙන් සිටී. තොරතුරු ප‍්‍රවාහය හෙයින් සමාජයේ සිදුවන අවබෝධය තුළ තීන්දු තීරණගැනීමේ ක‍්‍රියාවලියට එය බලපෑමක් වන්නේ කෙසේදැයි නිතර සොයා බලයි. ජන සමාජය තුළ සිදුවන වෙනස්කම් අරභයා පොදු ජනතාවගේ මතය වෙනස්වන ආකාරය ගැන විමසිල්ලෙන් සිටී. එවැනි විශාල කාර්ය භාරයක් පවත්වාගෙන යන්නේ ජන මත සමීක්ෂණ වලින්ය. මෙම සමීක්ෂණ එක පැත්තකින් මාධ්‍ය ආයතනයට ප‍්‍රයෝජනවත්ය. අනෙක් පැත්තෙන් පාලකයන්ට ජනතාව සිතන සහ ක‍්‍රියාකරන ආකාරය ගැන දැන ගැනීඹට ඉඩක් ලැබේ.

දියුණු මාධ්‍ය ධාරාවේ පුවත් පත්, ස`ගරා සහ වෙබ් අඩවි සිය ඉඩ කඩෙන් යම් කොටසක් නිතිපතා කරන සමීක්ෂණ වලට වෙන්කරයි. රූපවාහිනී මාධ්‍ය ආයතන, ගුවන් විදුලිය හෝ වෙබ් අඩවි පවා එයට නැඹුරු වී තිබේ. මෙම මාධ්‍ය ක්ෂේත‍්‍ර සිය තොරතුරු කියවන අසන සහ දකින පාඨක ප්‍රෙක්ෂක ජනතාවට ප‍්‍රශ්නාවලියක් ඉදිරිපත් කරයි. ඒවා කෙටි, පහසුවෙන් උත්තර දිය හැකි සහ ඔවුන්ට අගෞරවයක් නොවන ආකාරයකට කරන තොරතුරු විමසීමකි. පුද්ගලික මතය විමසන නමුත් එහි දී කරුණු විමර්ෂණය කරන්නේ පොදුවේ රටට සමාජයට බලපාන ආර්ථික සහ සමාජයීය කාරණා සම්බන්ධවය. දක්වන ප‍්‍රතිචාර සම්පිණ්ඩනය කර වරින් වර අනාවරණය කරයි. එය ඉතාමත් වැදගත් අනාවරණයකි. මතය දරන පිරිස එහි ප‍්‍රතිඵල අනුව බහුතරයක් තමන් සිතන ආකාරයටම සිතන බව වටහා ගනී. තමන් වැරදි බව දැන ගන්නා එක කොටසක් එහෙම වැරදි ලෙස සිතන්නට තමන් පොලඹවන ලද කාරණා කවරේැයි වැඩිදුර හිතන්නට පටන් ගනී. මේ දෙපාර්ශවයටම අයත් නැති කොටසක් වෙත් නම් මේ ආකාරයට නැමුරුවක් සිදුවෙමින් පවතින බව අනුමාන කර එයට අනුගත වන්නට උත්සාහ කරයි. සමාජයක් ඉදිරියට ගමන් කරන විට ඉතාම වැදගත්වන ක‍්‍රියාවලියක් වශයෙන් එය වටහා ගැනීම වැදගත්ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී දියුණු සමාජ වල මාධ්‍ය ආයතන සිය සන්නිවේදන කාර්යයෙහි ඉතාමත් වැදගත් අංශයක් සේ ජනමතය විමසා බැලේ. පාලකයන් තීන්දුවක් ගන්නා විට, තීන්දුවක් ගන්නට සූදානම් වන විට පුරවැසියන් විමසා බලයි. එහි තොරතුර අනාවරණයෙන් සමාජයට හිතකර තීන්දුවක දී නම් පාලකයන්ට ධෛර්යය ඇතිකරන අතර අහිතකර තීන්දුවකදී නම් එය නතර කරන්නට බලපෑමකි. උදාහරණයක් වශයෙන් ලංකාවේ සාකච්ඡුා වූ විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගැන පාඨක මත විචාරණයක් පැවැත්විය හැකිය. එයට එක`ග ද නැද්ද එහෙම නැතිනම් ඇති අදහස් සම්පින්ඩය වන ආකාරයට ප‍්‍රශ්නාවලියක් ඉදිරිපත් කළ හැකි අතර වෙබ් අඩවි වලනම් පැයෙන් පැය හෝ පුවත් පතක නම් දිනපතා ලැබෙන ප‍්‍රතිචාර ප‍්‍රතිශත වශයෙන් දැක්විය හැකිය. එය ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට දෙන ප‍්‍රබල පණිවුඩයකි. දේශපාලන පක්ෂ වලට ව්‍යවස්ථාව වෙනස්කර විධායක බලය නැති කරන උවමනාව ඇතත් මහජනතාව එය එපා කියන්නේ දැයි විමසිය හැකිය. සමානුපාතික ක‍්‍රමය ගැන ජන මතය බලන්නට මාධ්‍ය ප‍්‍රධානීන්ට හැකියාවක් තිබේ. සමීක්ෂණ ප‍්‍රතිඵල අනුව එය අනාවරණය කරන්නටත්, තමන්ගේ මාධ්‍යයේ මතය බහුතරය සමග සමපාත වන ආකාරයට හදා ගන්නත් මාධ්‍ය ආයතන වලට එයින් ඉඩ ලැබේ.

ඇමරිකාව වැනි රටවල ජනාධිපතිවරයාගේ ජනප‍්‍රියතාව ගැන සමීක්ෂණ පැවැත්වෙයි. ප‍්‍රබල පුවත්පත් පවත්වන මෙම මාධ්‍ය සමීක්ෂණ වල ප‍්‍රතිඵල ඉතාම තීරණාත්මක බලපෑමක් කරයි. දේශපාලනඥයන් වශයෙන් ඇමරිකානු නායකයෝ මෙම මාධ්‍ය සමීක්ෂණ වල ප‍්‍රතිඵල කෙරෙහි බලවත් සැලකිල්ලක් සහ බියක් දක්වයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතින්නේ ඒ අනුවය. ඇතැම් අවස්ථාවල දේශපාලන පක්ෂ අපේක්ෂකයන් තෝරාගන්නේ මේ ආකාරයට ජනතාව තුළ ජනප‍්‍රිය චරිත සම්බන්ධ කරගනිමින්ය. ඇමරිකාවේ මැතිවරණ වල දී නිල ප‍්‍රතිඵල වලට කලින් පූර්ව ප‍්‍රතිඵල නිකුත් කරන ආකාරයට මාධ්‍ය පර්යේෂණ සහ ජන මතය විමසීම සිදුවෙයි. ඡුන්දය ප‍්‍රකාශ කළ වහා තමන්ගේ කැමැත්ත දුන් අපේක්ෂකයා ගැන ඡුන්ද දායකයාගේ අදහස විමසන ඇතැමි ප‍්‍රමුඛ නාලිකා ඒවායේ තොරතුරු මත පදනම්ව නිල ප‍්‍රතිඵල නිකුත් කරන්නට කලින් මැතිවරණයේ ජයග‍්‍රාහකයා කවුද යන්න තම නාලිකාවේ අනුමාන මතය වශයෙන් වහාම හෙළිදරවු කරයි. ඡුන්දය ගණන් කර නිල ප‍්‍රතිඵලය නිකුත් කරන විට එය බොහෝ දුරට ඇත්ත වන තරමට මෙම ජන මත විමසා බැලීම් කරන්නට ඇතැමි මාධ්‍ය සමත්ව තිබෙන බව මෑත කාලය තුළ නිරීක්ෂණය කළ හැකි විය. එම තොරතුර වැරදි එකක් වුවත් ප‍්‍රශ්නයක් නැත. අනුමාන කිරීමක් පමණකි. දේශපාලනඥයන් අමනාප වන්නේ හෝ ඒ නිසා පලිගන්නේ හෝ නැති බව පැහැදිලිව පෙනෙන කාරණාවකි. මේවා මාධ්‍ය ආයතන තනි තනිව පමණක් නොව ආයතන කිහිපයක් එකතු වී කරන අවස්ථා ද ඇත.

ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන ජනමතය නියමාකාරයෙන් මැන බලන ජනමතය විමසන සමීක්ෂණ වලට සූදානම් විය යුතුය. එය බලවත් නිර්භීතභාවයක් ඇති කාර්යයකි. නිදහස්ව අපක්ෂපාතීව මැති ඇමැතිවරුන්ගේ තීරණ විමසීමට හෝ ඔවුන්ගේ ජනප‍්‍රියතාව විමසා බැලීමට පියවරගත හොත් එය මෙරට උන්නතියට බලවත් ආකාරයකට ප‍්‍රයෝජනවත්ය. නියම ක‍්‍රමවේද අනුව විනිවිද භාවයක් ඇතිව මෙම සමීක්ෂණ කළ හැකි අතර විශ්වාසීයත්වය තහවුරු වන්නේ එයින්ය. අසල්වැසි ඉන්දියාවේ දක්ෂම ඇමැතිවරුන් දහ අදක්ෂම ඇමැතිවරුන් තෝරා බලන ජනමතය විමසන අංග පුවත්පත් වලට ඇතුලත් කර තිබේ. ඒවායේ ප‍්‍රතිඵල අනුව කැබිනට් සංශෝ්ධන සිදුවන අවස්ථා ඇත. අපට ද ඒවා අත් දැකීම්ය. මේවා ගැන සැලකිලිමත් වුවහොත් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය බලවත් සේ ශක්තිමත් කරන කාරණයකි.

මෙවැනි අංග ඇතුලත් කරන්නට හැකිවන ආකාරයට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය පුලූල් කරන්නට මාධ්‍ය ආයතන පමණක් නොව මහජන නියෝජිතයන් සහ දේශපාලන පක්ෂවලින් පෙළඹවීමක් ඇති කළ යුතුය. අද තත්ත්වය අනුව නායකයාගේ ජනප‍්‍රිය භාවය හෝ නායකයා ගත් තීන්දුව ගැන ජනමතය විමසා එහි වරදක් අනාවරණය කළහොත් පුවත් පතකට විසුමක් නැත. විද්‍යුත් මාධ්‍ය ආයතනයක බලපත‍්‍රය තහනම් වෙයි. රජයේ දැන්වීම් ලැබෙන්නේ තමන්ගේ මතයට හො`ද කියන තරමටය. ජන මතය තුළින් පක්ෂය හෝ ඇමැතිවරයෙකුගේ ප‍්‍රතිරූපයට හානිවන සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ හොත් එම මාධ්‍ය ආයතනය මුහුණ දෙන ඉරණම හිතා ගැනීමටවත් නොහැකිය. මෙවැනි ප‍්‍රතිපත්ති හෙයින් මාධ්‍ය ආයතන මත විමසන්නට ඉදිරිපත්වන්නේ නැත. ඒ මෙයින්ම මැති ඇමැතිවරු ජනතාව දරන මතය ගැන හැබෑ තත්ත්වය දැන ගන්නට ඉඩක් ලැබෙන්නේ ද නැත. එය බරපතල තත්ත්වයකි. මාධ්‍ය ආයතන ජනමතය විමසීමට පමණක් නොව ජන මතයවිමසන කි‍්‍රයාකාරකම් වලට දේශපාලනඥයන්ගෙන් බාධාවක් නොවන්නේ නම් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන බව අවධාරණය කළ යුතුය.

මාධ්‍ය පමණක් නොව මහජනතාවගේ මතය මැන බලන ජන මත විමසුම් කරන ආයතන ද ප‍්‍රබල මෙහෙවරක් කරයි. ශ‍්‍රී ලංකාවේ පවා මෙවැනි මත විමසන ආයතන ඇති නමුත් මෙම ආයතන දැනට වැඩිම අවධානය යොමු කරන්නේ වෙළ`ද පර්යේෂණ කෙරෙහිය. පාරිභෝගිකයාගේ රැුචිකත්වය සහ මිලදී ගැනීමේ හැකියාව විමසා බලා නිෂ්පාදන සමාගම් වලට විකිණීමෙන් පාරිභෝජනයට යහපතක් විය හැකි නමුත් එය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මට විශාල පෙළඹවීමක් ඇති කරන්නේ නැත. ඉතාම තීරණාත්මක මැතිවරණ අවස්ථාවේ දී ඇතැම් දේශපාලන පක්ෂ හුදෙකලාව සමීක්ෂණ පවත්වන අතර ඒවායේ ප‍්‍රතිඵල රහසිගතව තබාගෙන පක්ෂ ප‍්‍රචාරණ යාන්ත‍්‍රණය මෙහෙයවයි. පසුගිය ජනාධිපතිවරණයේ දී විශ්ව විද්‍යාල සහ වෙනත් විද්වත් ආයතන සමීක්ෂණ කිහිපයක් පවත්වන ලද නමුත් මේවා ස්වාධීන සහ නියම ජනමතය අනාවරණය කර ගන්නට හැකි වන ආකාරයට ජන නියැදිය තෝරා ගත්තේ දැයි සැක සහිතය. එක් එක් පක්ෂ තමන්ට වාසි සහගත කොටස පමණක් අනාවරණය කරන අතර එය විශ්වාසණීයත්වයෙන් තොර හෙයින් ජනතා අවධානයක් අත්පත් කරගන්නේ නැත.

දේශපාලන පක්ෂ, මාධ්‍ය ආයතන සහ වෙළ`ද සමාගම් වශයෙන් තුන් ආකාරයකට කරන ජන මත විමසීම් ඉතාම වැදගත් තොරතුරු සම්භාරයක් අනාවරණය කරන අතර ඒවා විශ්ලේෂණයෙන් ජනතාවගේ සිතුම් පැතුම් සහ තීරණ ගන්නා ආකාරය ගැන පොදු ජනතාව හිතන අන්දම වටහා ගැනීමට ඉඩක් ලැබේ. නමුත් මෙම ව්‍යායාමය වෙනුවෙන් ආයෝජනය කරන්නට ශ‍්‍රී ලංකාව තුළ විශාල කැමැත්තක් වර්ධනය වන්නේ නැත. පෙළැඹවීමක් ඇති නොකරන්නේය. එයට අනුබල නොලැබෙන ආකාරයට පරිසරය සකස්වන්නේය. මෙම තත්ත්වය වෙනස් කර ජනතාව සිතන පතන ආකාරය ගැන විමසිල්ලක් දක්වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග රට තුළ තහවුරු කරන්නට උනන්දු වීම ඉතාමත් වැදගත්ය. මාධ්‍ය ආයතන වලට මෙන්ම දේශපාලනඥයන්ට ද එහි සම වගකීමක් ඇති බව ස`දහන් කළ යුතුය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.