» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/12/2015 - ඉරිදා ලංකාදීප
පාර්ලිමේන්තු කටයුතු ගැන සමතුලිත හා සාධාරණ තොරතුරු ලබාගැනීම

පාර්ලිමේන්තුව තුළ සිදුවන්නේ කුමක්ද? පොදු ජනතාව පාර්ලිමේන්තුවේ කටයුතු ගැන වැඩිමනත් යමක් දන්නේ නැත. එහි කාර්ය පටිපාටිය ගැන අල්ප හෝ අවබෝධයක් දෙන්නට ජනමාධ්‍ය භාවිතාව ඉතාම වැදගත් මෙහෙවරක් ඉටු කරයි. එය අවිවාදිතය. නමුත් පාර්ලිමේන්තු වාර්තාකරණය තුළ සාධාරණය ඉටු කරන්නේ කා හටද? පාර්ලිමේන්තුවේ දී මැති ඇමැතිවරුන් හැසිරෙන ආකාරය රූපවාහිනියෙන් විකාශය වෙයි. ගුවන් විදුලියෙන් අසන්නට ලැබේ. පුවත් පත් වල පළවෙයි. අන්තර් ජාලය ද පාර්ලිමේන්තුවේ සිදුවන දේ උපුටා පළ කරයි. එකිනෙකට වෙනස් සහ විවිධ පැති වලින්ය. නමුත් අවසානයේ දී මේවා අසන දකින කියවන පොදු ජනතාව පාර්ලිමේන්තුව යහපත් තැනක් බව සිතනු ඇත්ද?

පාර්ලිමේන්තු මහ මැතිවරණය පවතින අවස්ථාවක අපේක්ෂකයන් ක‍්‍රියාකරන ආකාරය සමාජයට අවබෝධයක් තිබේ. එය අති විශාල වියදමක් කරන එකකි. ගැටුම් සහිත උද්යෝගිමත් මැතිවරණ ව්‍යාපාර බව ස`දහන් කළ හැකිය. දහස් සංඛ්‍යාත අපේක්ෂකයන් අතරින් ඉතාම සීමිත පිරිසකට එහි ප‍්‍රවේශ වෙන වරම ලැබේ. පාර්ලිමේන්තුවට යන පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් අති විශාල කැපවිමකින් පසු බලයට පත්වීමෙන් ඉනික්බිතිව පාර්ලිමේන්තුවේ කි‍්‍රයා කරන්නේ මෙසේදැයි රටට ප‍්‍රශ්නයක් ඇතිවෙයි. ජනමාධ්‍ය පර්යේෂකයන්ගේ අවධානයට ලක්විය යුතු සියුම් පැත්තක් වශයෙන් මෙය සාකච්ඡුා කළ යුතුය.

එංගලන්තයේ පාරිලිමේන්තුවේ කතා නායිකාවක වශයෙන් ක‍්‍රියා කළ බෙටී බුත්රොයිඞ් මහත්මිය එතුමියගේ ධුර කාලසීමාව ගැන අදහසක් පළ කර තිබේ. ඇයට අනුව ඇයගේ කාලය තුළ එංගලන්ත මහජන මන්තී‍්‍ර මණ්ඩලයේ දී සවන් දුන් විශිෂ්ඨතම දේශනය විනාඩි දොලහකට සීමා වූ එකකි. එම විශිෂ්ඨ දේශනයට හේතු වූයේ ඇනුම් බැනුම්, කටුක වචන හෝ උපහාසය මිශ‍්‍ර කර ප‍්‍රතිවාදියා මානසිකව වට්ටන ඒවා වෙන්නට බැරි බවට කිසිදු සැකයක් නැත. නිදහස් ශ‍්‍රී ලංකාවේ කතානායකවරුන් වශයෙන් වගකීම් ඉසිලූ කිසිවෙකුගෙන් මෙම ප‍්‍රශ්නයම නැවතත් විමසා බැලූවහොත් එනම් ඔවුන් සවන් දුන් විශිෂ්ඨතම දේශනය කුමක්ද? උත්තරයක් තිබෙන්නට ඉඩ ඇත. නමුත් පැහැදිලිවම මාධ්‍ය වලින් ආවරණය නොවූ එකකි.

ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය ගොඩනැගෙන්නේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට අනුරූපවය. එරට පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු විකාශය සම්බන්ධයෙන් ප‍්‍රමිති සකස්කර තිබේ. විකාශ ප‍්‍රමිති ගැන ස`දහන් කරන බි‍්‍රතාන්‍ය ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධ විද්වතෙකු වූ අර්ස්කින් මේ ස`දහන් කරන ආකාරයට පාර්ලිමේන්තුවේ කටයුතු විකාශය මගින් අදහස් කරන කරුණු දෙකක් තිබේ. 'සභාවේ කටයුතු පිළිබ`ද සම්පූර්ණයෙන්ම සමතුලිත හා සාධාරණ නිවැරදි තොරතුරු ලබා දීම' සහ 'විනෝදවීමේ ස්ථානයක් නොව පාර්ලිමේන්තුව ක‍්‍රියාකාරී ඒකකයක් ලෙස කටයුතු කිරීමේ ගෞරවය ලබා දීම' එම කාරණා දෙකයි. අපට පෙනෙන ආකාරයට ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාව අනුව එංගලන්තය නොකළ යුතු දේ වශයෙන් හ`දුනාගෙන ඇති දෙවන කාරණාව එනම් විනෝදවීමේ ස්ථානයක් වශයෙන් සලකා පාර්ලිමේන්තුවේ කටයුතු වාර්තා කරමින් සිටී. එය කොපමණ වැදගත් සන්නිවේදනයක් දැයි ප‍්‍රශ්න කරන්නට කාලය උදා වී තිබේ.

අපට පෙනෙන පරිදි පාර්ලිමේන්තු වාර්තාකරණයේ දී ඒ වෙනුවෙන් විශේෂ යමක් කරන්නේ නැත. මැති ඇමැතිවරු තමන්ගේ කතා අවසානයේ දී ඒවා සටහන් වූ විඩියෝ පිටපත් රූපවාහිනි නාලිකා වලට දෙන අතර ඔවුන්ට ඇති සම්බන්ධතා අනුව ඒවායෙන් ඔවුන්ගේ ප‍්‍රතිරූපය නංවන්නට හේතුවිය හැකියැයි සිතන කොටස් උපුටා විකාශය කරයි. රූපවාහිනියෙන් හෝ ගුවන් විදුලියෙන් හො`ද ආවරණයක් ගන්නට නම් කනට වදින සහ කට කැඩෙන කතා අංගයක් ඇතුලත් කිරීම අවශ්‍යය. එම කටට එන කතා මාධ්‍ය ජාලා වල අ දකාලයේ ඉතා ජනප‍්‍රිය විශේෂාංගයක් බවට පත්ව තිබේ. තමන්ගේ නායකයන් ගේ හැසිරීම රට පෙන්වා ඔවුන් නිවැරදි කිරීම මාධ්‍ය භාවිතාවෙන් අපේක්ෂා කරන වැදගත් කාර්ය භාරයක් නමුත් අද සිදුවන බොහෝ අවස්ථාවල මාධ්‍ය ආවරණ සකස් කරන්නේ පටු ජනප‍්‍රියත්වයක් වෙනුවෙන් උපහාසාත්මක ආකාරයෙන් බව පෙනෙන්නට තිබේ. මැති ඇමැතිවරුන්ගේ කතාවක් හරයාත්මක ලෙස ගෙන විවේචනාත්මක විකල්ප ද්‍රෘෂ්ටියක් ඉදිරි පත්වෙන අවස්ථා විරලය. මැති ඇමැතිවරු සලකන්නේ තමන්ගේ දේශනයෙන් උපුටා ගෙන විකාශය කරන හරය ගැන නොවේ. මාධ්‍ය අවධානය ගන්නට නම් තමන්ගේ සහෝදර මහජන නියෝජිතයෙකු සමග ඇවිලෙන්නට අවශ්‍යවන අතර එම වාදය පාර්ලිමේන්තුවේ විවාද කරමින් පවතින කාරණාවට කිසිසේත් අදාල එකක් නොවීම ඉතාම වැදගත් කාරණයක් බවය. පාර්ලිමේන්තු වාර්තාකරණය එතැනට පත්ව තිබේ. පුවත් පත් පවා කරන්නේ මහජනතාව දැන ගත යුතුම නැති මෙම කරුණු වාර්තා කිරීමයි. එයින් රටට ලැබෙන අර්ථකතනය කුමක්ද? පාර්ලිමේනතුව යනු කතා සාප්පුවක් පමණක් නොව එහි කාලය නාස්ති කරමින් සිටින්නේ කටට එන දේ කියමින් බවය. එය අද වන විට මතුකර ඇති නරක සන්ධර්භයකි.

පාර්ලිමේන්තු වාර්තාකරණය විශේෂිත වෘත්තීය ගුණාංග වලින් සමන්විත එකකි. එහි ගරුත්වය ඇති කරන පමණක් නොව යුක්ති සහගත සමබර වාර්තාකරණය ද තිබිය යුතුය. පාර්ලිමේන්තුවේ කටයුතු සන්නිවේදනය විශේෂ අධීක්ෂණයකට ලක් කරන්නට රටට වගකීමක් තිබේ. ඒ වෙනුවෙන් සියලූම දේශපාලන පක්ෂ නියෝජය කරන සමබර මතධාරී නියෝජිත පිරිසක්පත් කරන විකාශය කළ යුතු සහ නොකළ යුතු දේ සම්බන්ධ පූර්ව නිගමනයකට යන සංවාදයක් ඇරඹීම සුදුසුය. එක`ගවන කාරණා අනුව බලයලත් කමිටුවක් සියලූම කතා වල හරය නොනසන පරිදි සහ පවත්වන ලද විවාදයේ වැදගත්කම රටට අනාවරණය කරන ආකාරයේ මාධ්‍ය ආවරණයකට ඉඩ ප‍්‍රස්ථාව සකස් කිරීම උචිතය.

බි‍්‍රතානය පාර්ලිමේන්තුව ඔවුන්ගේ විවාද හ`ඩ පටි හා වීඩියෝ වශයෙන් නිකුත් කරන්නට නීති සම්මත කරන්නේ 1978 පමණ කාලයේ දීය. නමුත් උත්ර මන්ත‍්‍රී මණ්ඩලය 1985 දී ආරම්භ කරන ලද අතර පසුව එහි අත් දැකිම් මත මහජන මන්ත‍්‍රීමන්ඩලයට 1989 දී ඉඩ දී එරට පාර්ලිමේන්තුවේ විවාද සජීවි ආකාරයට සන්නිවේදනයට ඉඩ කඩ පාදන්නේය. නමුත් එම කාලයේ අගමැතිනිය වශයෙන් ක‍්‍රියා කළ මාග‍්‍රට් තැචර් මහත්මිය මෙම විවාද විකාශය කිරීමේ උවමනාව ප‍්‍රමාද කරන ලද අතර එතුමිය පවා එය රටට සමාජයට වටිනාකමක් ඇති කරන අංගයක් වශයෙන් කල්පනා නොකරන ලද බව ඉතාමත් පැහැදිලිය. එම අදහස පරාජය කරන්නට සමත්වන ආාකරයේ මාධ්‍ය ව්‍යුහයක් ගොඩ නගන්නට ශ‍්‍රී ලංකාව උත්සාහ නොකරන්නේ මන්ද? ඒ වෙනුවෙන් වාර්තාකරණය තුළ පරිවර්තනයක් කරන්නැයි බල නොකරන්නේ කවර සාධකයක් හෙයින්ද? අපට ඇති ප‍්‍රශ්න ඒවාය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.