ජනමාධ්‍ය මාධ්‍යයේ නිදහස යනු අවසානයක් නැති සංවාදයකි. මාධ්‍ය පරිහරණය කරන ජනතාව තොරතුර ගැන සියලූම දේ දැනගන්නට කැමැතිය. නමුත් තොරතුරක අනාවරණය බවට පත්ව අපහසුතාවයට පත්වෙන්නට කිසිම පුද්ගලයෙකු ගේ කැමැත්තක් නැත. පුද්ගලයන් එසේය. තමන් ගැන ඇත්ත හෙළිදරව්වීමට එරෙහිය. ආයතන හෝ දේශපාලනඥයන් යන පාර්ශව පවා මාධ්‍ය නිදහස අපේක්ෂා කරන නමුත් එය තමන්ට ගැලපෙන තරමට සීමා විය යුතු එකක් බවට පත් කරගැනීම අභිලාශයයි. තමන්ට අභියෝගයක් වන හෝ තමන් අකමැති දෙයක් මාධ්‍යයෙන් අනාවරණය වෙනවා නම් එයට එරෙහි වෙන්නට ඔවුහු සූදානම්ය. ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක තත්ත්වය නොවෙනස් බව තේරුම් ගැනිම අවශ්‍යය. මාධ්‍ය නිදහස සාපේක්ෂ එකක් බවට පත්වන්නේ එහෙයින්ය.
නොබෝදා එනම් ඉකුත් මැයි මාසයේ දී පිලිපීනයේ නව ජනාධිපති ධුරයට පත් රොඞ්‍්‍රගෝ ඩුටේර්ටේ තමන්ගේ කැබිනට් මණ්ඩලය තෝරා ගන්නා අතරවාරයේ ජනමාධ්‍ය වෙත තද අනතුරු ඇගවීමක් කළේය. ඳුෂ්‍ය සහ අගතිගාමී මාධ්‍යවේදීන්ට මරණය අත්වන බවය. එය මාධ්‍ය නිදහස සම්බන්ධ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් වශයෙන් ලෝකය පුරා මාතෘකාවක් වී තිබේ. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු එකී ප‍්‍රකාශය හෙලා දැක ඇත්තේ ඕනෑම නායකයෙකු නොකළ යුතු අන්තවාදී කතාවක් හැටියටය. 1986 සිට මාධ්‍යවේදීන් 186 ක් ඝාතනය වී ඇති ලෝකයේ ජනමාධ්‍යවේදීන්ට අපල භූමියක් සේ වාර්තාවී ඇති පිලිපීනයේ අලූත් නායකයා කියන්නේ ‘‘මරණයට පත් ජනමාධ්‍යවේදීන් ඳුෂිතය. මොනවා හෝ කර තිබේ. වැරදි නොකරන ලද මාධ්‍යවේදීන් ජීවතුන් අතර සිටින’’ බවය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ජන නායකයෙකු වෘත්තීය මාධ්‍යවේදීන්ට මරණය ගැන ප‍්‍රසිද්ධියේ අනතුරු ඇ`ගවීම ආන්දෝලනාත්මකය. මාධ්‍ය ජනතාව අතරට තොරතුරු සන්නිවේදනය කිරීමේ දී මුහුණ පාන ඉරණම කෙබ`දු එකක් දැයි එයින් අ`ගවන්නේ ය. මරණය ගැන අනතුර පෙනි පෙනී කාර්යය කරන නමුත් විශිෂ්ඨ මාධ්‍යවේදීහු දේශපාලනඥයන්ගෙන් හෝ මැරවරයෙකුගේ තර්ජනය ඉදිරියේ පසුබා ආපසු හැරෙන්නේ නැත. සිය ගණනින් මාධ්‍යවේදීහු ඝාතනය වූ පිලිපීනයේ පවා තව තවත් ගැඹුරට ඇත්ත සොයා යන මාධ්‍ය භාවිතාවක් පවතින්නේ එහෙයින්ය.
මාධ්‍ය නිදහස සම්බන්ධ සංවාදයේ දී මාධ්‍ය ආයතනයක කර්තෘ හෝ සංස්කාරක ධුරය සතු කාර්ය භාරය බැහැර කළ නොහැකි එකකි. එය ඉතා සියුම්ය. වගකීම් සහගතය. මාධ්‍ය නිදහස සම්බන්ධ කාර්ය භාරය සමාජය පවරන්නේ කර්තෘ වරයාටය. එහෙයින් සම්ප‍්‍රදායික ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ නියැලි කර්තෘවරයාගේ කෘත්‍ය පීඩනයකට ගොදුරුවන සහ තොරතුරු වාර්තාකරන විෂයය සම්බන්ධව පුලූල් එකකි.
පිළිගත් ජන මාධ්‍ය ආයතනයක් එය පවත්වාගෙන යන රාමුව තුළ යම් නිදහසක් අපේක්ෂා කරන්නේ ස්වකීය මාධ්‍ය පරිහරණය කරන ප‍්‍රජාව වෙනුවෙන්ය. නමුත් කිසිදු ආර්ථික සමාජ සහ දේශපාලන පරිසරයක මාධ්‍ය නිදහස පහසුවෙන් දිනාගත හැකි එකක් වෙන්නේ නැත. තොරතුරක් දැනගත් පසු එය වාර්තා කරන තැන දක්වා අතිශය සංකීර්ණ අවස්ථා ගණනාවක් පසු කරන්නට කර්තෘවරයාට සිදුවෙයි. වාර්තාව නිකුත්වීමෙන් පසු ඇතිවන ව්‍යුහය ගැන අවබෝධයක් තිබිය යුතුය. එයින් සිදුවිය හැකි සමාජ පීඩනයෙහි වාසි අවාසි මැන බලන පුලූල් ද්‍රෘෂ්ටියක පිහිටා කි‍්‍රයාකරන්නට සිදුවෙයි.
මෑත ඉතිහාසය තුළ ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාව තුළ නිදහස පැති ගණනාවකින් සාකච්ඡා වී තිබේ. තමන්ට නිදහසේ ක‍්‍රියාකරන්නට පසුබිමක් නැති බවට මාධ්‍ය ආයතතන සහ මාධ්‍ය සංවිධාන නගන විවේචනය එයින් එකකි. ප‍්‍රවෘත්ති හෝ විශේෂාංග පළ කරන විට එය පැවැත්මට තර්ජනයක් බව උපකල්පනය කරන ආණ්ඩු ඒවා පාලනය කරන්නට උත්සාහ කරයි. ප‍්‍රවෘත්ති පාලනය එහි සෘජු නිල කාර්යය වශයෙන් සැලකිය හැකිය. කර්තෘවරයාට හෝ කර්තෘ මණ්ඩල සාමාජිකයන්ට නොනිල වශයෙන් බලපෑම් කෙරේ. අනතුරු අඟවයි. පුවත් පත පළකිරිමට බාධා වන උපාය අනුගමනය කරන අතර දැන්වීම් ලැබෙන මාර්ග අවහිර කිරීම සහ බෙදාහැරීම දුර්මුඛ කිරීම යනාදී වශයෙන් මෙම අංශ එකිනෙකට වෙනස්ය. හඳුනාගත නොහැකි තරමට වක‍්‍ර ක‍්‍රම මගින් මාධ්‍ය පාලනය කරන්නට පාලකයෝ තැත් දරති. මෙම ස්වභාවය මාධ්‍ය නිදහස අගය කරන ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානයට ලක් ව ඇති විෂයයකි.
වර්තමානය යනු මාධ්‍ය නිදහසට බාධා කිරීම එකිනෙකට වෙනස් පැති වලින් සාකච්ඡා වන වකවානුවකි. එය අතරතුර දෙස් විදෙස් මාධ්‍යවේදීහු බරපතල තත්ත්ව හමුවේ නිර්භය ලෙස තොරතුරු සමාජ ගත කරන ආකාරය ඇගයිමට ලක්ව තිබේ. යුද ගැටුම්, ඒකාධිපති පාලනය, මර්දන නීති පමණක් නොව එකිනෙකට වෙනස් අවස්ථාය. මෙකී කාරණා හෙයින් තොරතුරු වාර්තා කළ නොහැකිය යන තීරණයට නතු වෙන්නට මාධ්‍ය ආයතනයක හෝ කර්තෘවරයා හෝ මාධ්‍ය ආයතනයේ ප‍්‍රධානියා සූදානම් නැත. තම කාර්ය මණ්ඩලය සූදානම් කරන්නේ කොයි ආකාරයකින් හෝ ප‍්‍රවෘත්තිය සමාජ ගත කරන්නටය. ඔහු එම තනතුරට පත්කරන මූලික සුදුසුකම එයයි. විශාල ආත්ම ශක්තියක් සහ ධෛර්යයක් ඒ වෙනුවෙන් අවශ්‍යය. තමන් ගේ පාඨක ශාවක පිරිස අතරට නිවැරදි දේ පත් කරනු සඳහා කර්තෘවරයා අනුගමනය කරන ප‍්‍රතිපත්ති ගෞරවයට පාත‍්‍රවෙයි.
ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාව එකිනෙකට වෙනස් යුග වල දී විවිධ පීඩනකාරී අවස්ථාවලට පත්ව තිබේ. ඉකුත් දශක කිහිපය තුළ මාධ්‍ය පැමිණි ගමන ගැන සලකන විට එය පැහැදිලිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාංග ඉහළින්ම බලපවත්වන කාලයක පමණක් නොව අන්තවාදය බලවත්ව සමාජ භීෂණය ඇති පසුබිමක පවා මාධ්‍ය ක‍්‍රියා කරන්නේ ජනතාවට තොරතුරු වාර්තා කිරීම වැදගත් ය යන ස්ථාවරයෙහි පිහිටමින්ය.
මාධ්‍ය නිදහස රඳා පවතින්නේ පාලකයන් ගේ අනුදැනුම අනුව නොවේ. පාලකයන් අණ පණත් වලින් මාධ්‍ය නිදහස සම්බන්ධ විධිවිධාන ඇති කළ හැකිය. එකී විධිවිධාන ඉක්මවා නොයන ලෙස මාධ්‍ය ක‍්‍රියා කළ යුතු බව පෙන්වා දිය හැකිය. පිලිපීනයේ ජනාධිපතිවරයා වැරදි කරන ලද අය ජීවතුන් අතර නැති බව කියන විට එක්සත් ජාතීන් ඇතුළු ලෝක ප‍්‍රජාව එයට විරුද්ධව නැගෙන්නේ මාධ්‍ය නිදහස සම්බන්ධ මිනුම් දණ්ඩ එය නොවන බව අවධාරණය කරමින්ය. ශ‍්‍රී ලංකාවේ පවා ගැරහුම් අවමාන මැද පමණක් නොව මරණ තර්ජන ඉදිරියේ මාධ්‍ය භාවිතාව අඛණ්ඩව පවත්වාගෙන යන්නට මාධ්‍යවේදීහු ඉදිරිපත්විය. එවැනි ධෛර්යයක් ඇති පිරිස තමන්ට ඇති බලපෑම් පෙනි පෙනී ඒවා අතරින් යා හැකි උපරිම දුර ගමන් කරමින් පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටියේය. එය ආත්ම ශක්තිය පිලිබඳ අදහසකි. පිලිපීනයේ පමණක් නොව ලෝකයේ කොතැනක පවා මාධ්‍යයේ කාර්ය භාරය අගය කරන්නේ ඔවුන් අවදානම දැන හැසිරෙන නිර්භීත ආකාරය අනුවය.
|