» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
21/06/2015 - ඉරිදා ලංකාදීප
ඡයාරූප කලාව තාක්ෂණික භාවිතාවෙන් ඔබ්බට කරන මෙහෙවර

පුවත්පතක අන්තර්ගත ඡායාරූපයක් ඉටු කරන සන්නිවේදන මෙහෙවර කෙබ`දු එකක්ද? ඡායාරූපයකින් කියන්නට හැකි පණිවුඩය සංකීර්ණ එකකි. වචන විශාල ප‍්‍රමාණයක් එකතුකර කියන්නට තැත් කරන ප‍්‍රකාශයක් අ`ගවන්නට හැකිය. එපමණක් නොවේ, ඡායාරූපය රස වි`දින ආකාරය අනුව එකිනෙකට වෙනස් ආකාරයේ මත ඇති කරන්නේය. මුද්‍රිත මාධ්‍ය භාවිතාව ඉක්මවා යමින් අන්තර් ජාලයේ සහ සමාජ වෙබ් අඩවිවල ඡායාරූප වලින් නොයෙක් කතාන්දර ඇතිකරන තාක්ෂණික යුගයකට ප‍්‍රවේශ වී සිටී. ඡායාරූප සන්නිවේදනයෙහි බලය කෙබ`දු එකක්ද?

ඡායාරූප තාක්ෂණය, එහි භාවිතාව සහ වෘත්තීමය ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් වී තිබේ. දශක කිහිපයකට කලින් ඡායාරූප ශිල්පියා සුවිශේෂී පුද්ගලයෙකි. ඔහු ආලෝකය සහ අ`දුර මැනවින් පාලනය කර ශිල්පීය හරඹයකින් හො`ද පින්තූයක් නිෂ්පාදනය කර ගනී. හො`ද ඡුායාරූප ශිල්පියෙකු බවට පත්වන්නේ ආලෝකය පාලනය කිරීම දැන හො`ද කලාත්මක ඇහැක් ඇති නිර්මාණ ශිල්පියෙකි. පුවත්පත් ඡායාරූප කලාවේ දී එයට වේගය ද එකතු වෙයි. ඉතාම ඉක්මනින් ප‍්‍රවෘත්ති වටිනාකමක් ඇති පින්තූරය හඹායන්නට සමත්වන ඡායාරූප ශිල්පියෙකු විශිෂ්ඨයෙකු බවට පත්ව පාඨක ගෞරවාදරය අත්පත් කරගනී.

දශක කිහිපයකට කලින් සුවිශේෂී වෘත්තිමය හැකියාවක් ඇති පුද්ගලයෙකු සතු බලවත් මෙවලමක් වූ කැමරාව අද සුලබ සරල උපකරණයකි. එය නූතන තාක්ෂණයෙන් දියුණු වී තිබේ. ඡායාරූප ගැනීමේ දි අ`දුර ආලෝකය පමණක් නොව ඉලක්කය නාභිගත කිරීම ද ස්වයංකී‍්‍රයව සිදුවෙයි. ඉතාම වේගයෙන් සහ ඕනෑම ආලෝක තත්ත්වයක් යටතේ පින්තූර ගැනීමට හැකියාව ඇති අතර පින්තූර ගැනීමේ දී සිදුවූ වැරදි පරිගණක වැඩසටහන් ඔස්සේ නිවැරදි කරගෙන ඉතාම සුදුසු තත්ත්වයට පත් කර ගත හැකිය. අවශ්‍ය වන්නේ හො`ද අවධානයක් පමණකි. කැමරාවක් අවශ්‍ය නැත. සෑම ස්මාට් ජංගම දුරකථනයකම කැමරාවක් ඇත. ලෝක වාසී සියලූම දෙනා කැමරාකරුවන් බවට පත්ව තිබේ. දශක දෙක තුනකට කලින් ඡායාරූපයක් ගැනීම එක්තරා ඉහල පැලැන්තියේ භාවිතාවක් වූ නමුත් දැන් එය ඉතා සාමාන්‍ය දෙයකි.

සෑම පුද්ගලයෙකුම සිද්ධි දකින සිද්ධි ඡායාරූප ගතකරන පසුබිමක වාර්තාකරණය සුවිශේෂී එකකි. මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් ඉතාම විවෘත ස්වභාවයක් ගෙන තිබේ. කැමරාවක් ඇති, ස්මාට් දුරකථනයක් හිමි සියලූම දෙනා අද සමාජයේ සිදුවන සිද්ධීන් හි සාක්ෂිකරුවන් වී තිබේ. තොරතුරු දකින ඒවා ඡායාරූප ගතකරන සහ තවත් අය වෙත බෙදාහරින මාධ්‍යවේදීන් බවට පත්ව ඇත. යථාර්ථය පෙන්වන සන්නිවේදකයන්ය.

අතීතයේ මෙම තත්වය තරමක් වෙනස්ය. විලියම් රැන්ඩොල්ෆ් හර්ට්ස් ඇමරිකාවේ මාධ්‍ය ජාලයක හිමිකරුවෙකි. ඔහු සමාජ මත පාලනය කරන්නට සමත්කම් දැක්වූ හෙයින් ඉතා බලවත චරිතයක් විය. ජනාධිපතිවරු පත් කරන බලය ඇතිව ක‍්‍රියා කළ අයෙකි. 1897 දී ඔහු සිය දක්ෂතම පින්තූර අ`දින චිත‍්‍ර ශිල්පියා වූ පෙඩි‍්‍රක් රෙමින්ටන්ස් කියුබාවට යවන්නේය. එහි යුද්ධයක් සිදුවිය හැකි බව දැනගන්නට ලැබී ඒ ගැන හො`ද නිරූපනයක් පාඨකයන්ට දෙන්නට හර්ට්ස්ට උවමනා කළේය. ඡායාරූප ශිල්පය දුලබ එකල මාධ්‍ය පාවිච්චි කළේ චිත‍්‍ර ශිල්පීන් සිදුවීම බලා අ`දින චිත‍්‍ර සටහන්ය. කියුබාවට ගිය පෙඩි‍්‍රක් කේබල් පණිවුඩයක් එවන්නේ එහි යුද්ධයක් නැති බවය. රැන්ඩොල්ෆ් හර්ට්ස් පෙරලා උත්තර යවමින් ඔබ පින්තූර ඇ`ද එවන්න මම යුද්ධය ඇති කරන්නම් යැයි ස`දහන් කරන ලද බව මාධ්‍ය ඉතිහාසයේ ස`දහන්ය. එවැනි බලයක් පින්තූරයකට කළ හැකිවිය.

සන්නිවේදනය සීමිත, එය අත්වි`දින්නට හැකි එක්තරා කොටසකට පමණක් සීමා වී තිබූ සමයෙහි ඇත්ත නැත්ත කරන්නටත් නැති දේ ඇති බවට පත් කර ජනතාව හමුවේ හුවා දක්වන්නටත් හැකියාව තිබිණ. එය මාධ්‍යයේ බලවත් භාවයයි. විශේෂයෙන් එවකට බටහිර මුද්‍රිත මාධ්‍ය අයිතිකරුවන් අසීමිත බලයක් ඇති සමාජ පාලයයන් කොට්ඨාශයකි. පසුව එම බලය තුළ ඡුායාරුප ශිල්පියා ගේ හැකියාව බවට පත්වන විට එය ඉතාමත් ඉහළ වටිනාකමක් සනිටුහන් කළේය.

නමුත් අද වන විට ලෝකයේ විශාලතම ඡායාරූප එකතුව ඇති ගෙටී ඉමේජස් නමැති අන්තර් ජාල සමාගමට නිල ඡායාරූප ශිල්පියෙකු නැත. සමාගම සතුව ලෝකයේ ඕනෑම තැනක සිදුවන සිද්ධීන් හි අනර්ඝ විවිධ ඡායාරූප එකතුවක් තිබේ. එම එකතුව සපයන්නේ නිදහස් ඡායාරූප ශිල්පීන්ය. සිදුවීමක් අසල සිටින ඕනෑම කෙනෙකු ගන්නා ඡුායාරූප මිලදීගෙන ඒවාට මිලක් නියම කරන්නට මෙම සමාගම සූදානම්ය. ලෝකයේ විවිධ ක්ෂේත‍්‍රවලට අයත් විශාලතම ඡායාරුප එකතුව පවත්වාගෙන යන ආයතනයට නිල ඡායාරූප ශිල්පියෙකු නැති තරමට ස්වභාවය පරිවර්තනය වන විට එහි නොයෙක් පැති විමසා බලන්නට අප සූදානම් විය යුතුය.

ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතාවේ ඡායාරූප ශිල්පය සම්බන්ධ පසුබිම් කතාන්දරය ද පරිවර්තනය වෙමින් තිබේ. පුවත් පතක දුර බැහැර පලාතක ප‍්‍රවෘත්ති ඡායාරූප සම්පාදනය වන්නේ ඒවායේ වාර්තා කරුවන්ගේ මැදිහත්වීමෙන්ය. නමුත් වාර්තාකරුවන්ගෙන් තොරව පාඨකයන් එවන ඡායාරූප පළ කරන්නට කර්තෘවරුන් දැන් කි‍්‍රයාකරමින් සිටී. එය මාධ්‍ය සම්බන්ධව තිබූ භූමිකාව වෙනස් පැතිවලට යොමු කරන තත්ත්වයකි. තොරතුර සම්පාදනය වන අවස්ථාවේ එතැන සිටින, එය දකින සාක්ෂිකරුවා සපයන පින්තූරය ඉතාම වැදගත් එකක් බවට අද පත්වී තිබේ. එම පරිවර්තනය කරන්නේ තාක්ෂණය පොදු ජනතාව අතට පත්වීමේ සාධකයයි. ඡායාෑපය පමණක් නොව ස්මාට් දුරකථනයකින් ගන්නා වීඩියෝ පට ජාතික නාලිකා වල ප‍්‍රවෘත්ති විකාශයේ දී ප‍්‍රයෝජනයට ගෙන ඒවා ජාත්‍යන්තරව මුදාහරින තත්ත්වයකට පත්ව තිබේ.

ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂික මෙහෙයුම තුළ ගත් ඡායාරූප සහ කෙටි වීඩියෝ පටි අද ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත්තේ මෙම පදනමෙහි තවත් පැත්තක් වශයෙන්ය. වින්දනයට පත්වූවන් පමණක් නොව සෙබලූන් සහ ත‍්‍රස්තවාදීන් තමන්ගේ අත ඇති දුරකථනයෙන් ගත් ඡායාරූප මැකිය නොහැකි ආකාරයට සිද්ධි ඉදිරිපත් කරමින් සිටී. එපමණක් නොවේ. මෙම ඡායාරූප කුමන අවස්ථාවක කවර පසුබිමකින් නොසිතන ආකාරයට ගත් ඒවා නමුත් ඒවා උපයෝගී කරගනිමින් ඉතා බරපතල අර්ථ නිරූපනය කරන්නට භාවිතා කිරීම ද සැලකිය යුතු තත්ත්වයකි. කීර්තිය පමණක් නොව අපකීර්තිය ඇති කරන්නට ද මෙම ඡායාරූප වලට හැකියාවක් ලැබී ඇත.

අවසාන වශයෙන් දියුණු වෙමින් පවතින රටක් වශයෙන් ශ‍්‍රී ලංකාවේ ජනගහනය තාක්ෂණයට නැඹුරුවීම විශේෂ අධ්‍යනයකට ලක් විය යුතුය. තොරතුරු වලට අනුව ජනගහනයට වැඩි ජංගම දුරකථන සහ දුරකථන සම්බන්ධතා භාවිතා කරන රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබේ. 2004 පෙබරවාරියේ දී ඇරඹි ෆේස් බුක් ක‍්‍රමය මේ වන විට ගිණුම් ප‍්‍රමාණය බිලියන 1.3 ක දක්වා වී ඇත. ශ‍්‍රී ලංකාවේ ෆේස් බුක් ගිණුම් ප‍්‍රමාණය ලක්ෂ විසි තුන ඉක්මවන වන අතර එය ජනගහනයේ ප‍්‍රතිශතයක් වහයෙන් සියයට 11.5 කි. එක් ගිණුමක් දහ දෙනෙකුට තොරතුරක් සන්නිවේදනය කරන තත්ත්වයකට පත්වුවහොත් රට පුරා ප‍්‍රවෘත්තියක් සන්නිවේදනය කරන්නට ගතවන්නේ සු`ළු මොහොතකි.

ශ‍්‍රී ලංකාවේ මූද්‍රිත පුවත් පත් ආරම්භකරන ලද මුල් අවධියේ දී ඔබ්සවර් පත‍්‍රයට ගාල්ලේ සිට කොළඹට ප‍්‍රවෘත්ති ගෙන ඒමට පරෙවි සේවයක් සකස් කර තිබුනේ යැයි ඞී. ආර්. විජේවර්ධන චරිතාපදානය ලියන එච්. ඒ. ජේ. හුලූගල්ල සහ පියසේන නිශ්ශංක වියත්හු දක්වති. ''ඒ කාලයේ එංගලන්තයේ සිට ලංකාවට ආ නැව් නැවැත්වූ ප‍්‍රධාන තොට වූයේ ගාල්ල වරායයි. පරෙවි සේවය නිසා ඔබ්සර්වර් පත‍්‍රයට අනෙක් තර`ගකාරී පත‍්‍රවලට ඉක්මනින් ප‍්‍රවෘත්ති ලබාගත හැකි විය.'' යනුවෙන් මෙම කෘතියේ දක්වන අතර මෙකියන පරෙවි පුවත් සේවය මගින් පළමු කොටම ලැබුණේ ලංකාණ්ඩුකාර පදවිය දැරූ ටොරින්ටන් සාමි ආපසු එංගලන්තයට කැ`ද වූ බව කියන ප‍්‍රවෘත්තිය බව එම කෘතියෙහි දැක්වෙයි. ''ප‍්‍රවෘත්ති කොළඹට ලැබුණේ ඔබ්සර්වර් පරෙවියෙකුගේ කකුලේ බ`දින ලද තුනී කඩදාසි කැබැල්ලක් මගිනි'' යනුවෙන් මෙහි ස`දහන් වන අතර මෙම පණිවුඩ ගාල්ලේ සිට කොළඹට ගෙන එන ගමනට පරෙවියෙකුට විනාඩි හතලිස් පහක් හෝ පැය දෙකක් අතර කාලයක් ගතවී තිබේ. මෙය වූ කලී මෙරට පුවත් සේවයෙහි ආරම්භය ගැන ස`දහනකි. ගාල්ලේ සිද්ධියක් ඡයාරූප සාක්ෂි සහිතව විනාඩි කිහිපයක් යන්නට කලින් මුලූ ලෝකයටම නිදහස් වන තර`ගකාරී වේගවත් මාධ්‍ය පරිසරයක් අද පවතී. පරෙවියා ගෙන ආ පණිවුඩයෙන් ඇති කරන ලද තත්ත්වය සහ ඡායාරූප කලාවේ සිදුවෙමින් පවතින පරිවර්තනය විද්වත් සංවාදයකට ලක් කර එය සමාජ ප‍්‍රගමනයට හරවාගත යුතුව තිබේ.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.