» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
19/04/2015 - ඉරිදා ලංකාදීප
රූපවාහිනියේ දේශපාලන අංශයේ වත්මන් මුහුණුවර හ`දුනා ගැනීම - මිලින්ද මොරගොඩ

ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන ස්වභාවය සම්බන්ධව මහජනතාව තුළ ඇති විනිශ්චය කුමක්ද? මහජනතාව දේශපාලනය ව්‍යුහය කෙරෙහි දක්වන ආකල්පය කෙබ`දු ආකාරයේ එකක්ද? මෙම ජනතාව සහ දේශපාලනඥයා අතර සහ සම්බන්ධතාවය ගොඩනගන්නට නූතන මාධ්‍ය භාවිතාව ඉටුකරන මෙහෙවර තුලනාත්මක තත්ත්වයක පවතින්නේ යැයි තහවුරු කරන්නට හැකියාව තිබේද?

වර්තමාන පැවැත්ම තුළ මාධ්‍ය භූමිකාව විමසා බැලීමේ දී රූපවාහිනී නාලිකා මගින් ඉදිරිපත් කරන දේශපාලන මතවාදය ඉතාමත් වැදගත් එකක් සේ සැලකිය හැකිය. ශ‍්‍රී ලංකාවේ රූපවාහිනිසන්නිවේදනයට ඇත්තේ අඩ සියවසකට අඩු ඉතිහාසයකි. විවෘත ආර්ථික ක‍්‍රමය සහ රූපවාහිනි විකාශයශ‍්‍රී ලාංකේය සංස්කෘතිය සහ සමාජ පැවැත්මේ එක්තරා හැරවුම් ලක්ෂයකි.

අද වන විට රූපවාහිනිය මෙරට මාධ්‍යයේ බලවත්ම ප‍්‍රවාහය වී තිබේ. රූපවාහිනී මාධ්‍ය තුළනරඹන්නන්ට විනෝදය සහ සැහැල්ලූව අප‍්‍රමාණව සකස් කරදෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. බුද්ධිය ජනනය කරන සහ මහජනතාවගේ විචාර ශක්තිය දියුණු කර අලූත් ආකාරයකට සිතන්නට මෙරට රූපවාහිනී නාලිකා වල අන්තර්ගතය සකස් වී තිබේයැයි ප‍්‍රකාශ කළ නොහැකිය. මෙම අන්තර්ගතය තුළ දේශපාලන වැඩසටහන් අපගේ විශේෂ අවධානයට ලක් විය යුතුය.

රූපවාහිනී නාලිකා දේශපාලන ප‍්‍රවෘත්ති සහ දේශපාලන සංවාද විකාශය කිරීමෙන් රටට අවශ්‍ය කරන මතවාදය ඇති කිරීමට විශාල මෙහෙවරක් කරන බව විශ්වාස කරන බව පෙනේ. නමුත් ආපසු හැරී බලන විට පසුගිය කාලය තුළරූපවාහිනී දේශපාලන වැඩසටහන් වලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්නට ඇති කරන ලද මෙහෙවර වටිනා සහ ප‍්‍රමුඛ එකක් දැයිවිමසා බලන්නට අවශ්‍යය. දේශපාලනය තුළ ගැඹුර මතු කර සමාජ ආකල්ප වර්ධනය කිරීම වෙනුවට විනෝදය සහ හාස්‍ය උත්පාදනය කරන්නට සමස්ථයක් වශයෙන් රූපවාහිනියේ වැඩසටහන් සම්පාදනය කරන බව පැහැදිලිය.

රූපවාහිනිය එවැනි තැනකට පත්වන්නේ ඇයි?එය විමසා බලන්නට අවශ්‍යය. දේශපාලනයේ දී ඡන්ද දායකයන් සමග සංවාදය සජිවී සහ ආකර්ශණීය මුහුණුවරක් ගැනීම එහි ලා බලපාන ලද ප‍්‍රධාන කරුණකි. මුල් අවධියේ පුවත් පතක වාර්තාවක්, හෝ පින්තූරයක් මගින් දේශපාලනය ජනතාව අතරට යයි. ගුවන්විදුලිය පැමිණීම එයට තවත් වෙනස්කමක් ඇති කළේය. කියවන දෙය පමණක් නොව එය අසන්නට ද ලැබීම ඡන්ද දායකයාගේ තීරණ කෙරෙහි බලපෑමක් ඇති කරන්නේය. රූපවාහිනිය පැමිණීම සමග අසන්නට පමණක් නොව නරඹන්නට ද අවස්ථාව හිමිවෙයි. දේශපාලනඥයන් මහජන අවධානය දිනා ගන්නට නම් රූපවාහිනි විකාශය ගැන අවධානය යොමු කරන අතර තමන්ගේ අරමුණු, තමන්ගේ දර්ශනය සහ ප‍්‍රතිපත්ති ගැන උනන්දුවෙමින් සිටි දේශපාලනඥයන්ට තමන්ගේ ප‍්‍රතිරූපය රූපවාහිනිය ඔස්සේ වර්ධනය කරගැනීම ගැනද සිතන්නට සිදුවෙයි. මේ අනුව හැඩගැසෙන දේශපාලනඥයන් තමන්ගේ සොබාව, හිැිරීම සහ ජන අවධානය ලබා ගැනීමට කරන ක‍්‍රියා හෙයින් රට තුළ දේශපාලනඥයන්ගේ පැවැත්ම සම්පූර්ණයෙන්ම වෙනස් එකක් බවට පත්ව තිබේ. දේශපාලනඥයන් වහසි බස් කියන්නට අවශ්‍යය. ප‍්‍රතිවාදීන්ට අභියෝග කරන්නට අවශ්‍ය වන අතර කැමරාව ඉලක්ක කරගෙන වේදිකාවේ දී හැසිරෙන්නට සිදුවෙයි. මෙකී ස්වභාවය කොපමණ පරිවර්තනයක් කර තිබේද යත් සුපුරුදු සමාජය ගරු කරන නායකත්ව චරිත සැහැල්ලූ සහ විනෝදකාමී ඒවා බවට පත්ව තිබේ.

දේශපාලන සංවාදයක පවා සංවාදාත්මක කරුණු සහිතව කරන විග‍්‍රහ වෙනුවට ඝෝෂාකාරී ඒවා බවට පත්ව ඇත. ගැටුම් මගින් නරඹන්නන්ගේ අවධානය දිනාගන්නට තැත් කරන ඒවා බවට පත්ව තිබේ. රූපවාහිනී දේශපාලන වැඩසටහන් කොපමණ වේලාවක් උනන්දුවෙන් පේ‍්‍රක්ෂකයන්ගේ අවධානය රැුකගන්නට හැකියාවක් තිබේද? පැය භාගයක් නොඑසේනම් පැයක්. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර දේශපාලන වැඩසටහන් වල දී සම්මුඛ සාකච්ඡාවක දී විශේෂිත පුද්ගලයෙකු නම් උපරිම විකාශ කාලය පැයක් පමණය. සාමාන්‍ය දේශපාලන වැඩසටහනක් පැය භාගය නොඉක්මවයි. ශ‍්‍රී ලංකාවේ දේශපාලන සංවාද පැය ගණන් අඛණ්ඩව පැවැත්වෙයි. මේවා ආරම්භ වන්නේ අනෙක් වැඩසටහන් අවසන් වීමෙන් පසුවය.

දේශපාලන පක්ෂ නියෝජනය කරමින් සහභාගිවන නියෝජිතයන් මෙම වැඩසටහන් වලදී විවිධ අදහස් ඉදිරිපත් කරයි. වැඩිම අදහස් ප‍්‍රමාණකය අන්තර්ගතය චෝදනා හෝ පුද්ගලිකමඩගසා ගැනීමිය. පක්ෂයක ප‍්‍රතිපත්ති හෝ අනාගත දර්ශනය ගැන මේවායේ සාකච්ඡුා කරන්නේ ඉතාමත් අඩුවෙන්ය. පොදු ජනතාව එදිනෙදා මුහුණ දෙන ගැටලූ වලට විස`දුම් සොයන්නට බුද්ධිමත් සාකච්ඡුාවක් කරන්නේ සීමාසහිතවය. බි‍්‍රතාන්‍ය, ඉන්දියාව, සහ ජපානය වැනි රටවල රාජ්‍ය සතුව ස්වාධීන නාලිකා පවතින අතර ඒවා පටු පරමාර්ථ වලින් තොරව පවත්වාගෙන යයි. ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නාලික සමග තරගයට පුද්ගලික නාලිකා පැමිනීමෙන් නිර්මාණාත්මක වෙනස්කම් සිදුවී ඇති නමුත් එය ශ‍්‍රී ලංකාවේ ඡන්ද දායකයන්ගේ බුද්ධිය දියුණු කරන ස්වභාවයට පැමිණ ඇත්දැයි විමසීම වටී. හුදෙක් එකිනෙකා කෙරෙහි වෛරයෙන් සහ ක්‍රෝධයෙන් කරන කතා බහ සුලබ දසුනකි.

ප‍්‍රවෘත්ති වැඩසටහන් වලදී පවා දේශපාලනඥයන්ගේ ප‍්‍රකාශ වලින් තෝරා ගන්නේ පලක් නැති ඝෝෂාකාරී අදහස් පමණකි. රූපවාහිනි ප‍්‍රවෘත්ති වැනි වටිනා ඉතාමත් වියදම් අධික ගුවන් කාලයක් තුළමැදහත් නරඹන්නන් ගේ අවධානය දිනා ගන්නට මෙම දේශපාලනඥයන්ගේ මත දැක්වීම් ප‍්‍රමාණවත් කාර්ය භාරයක් ඉටු කරන්නේ දැයි විමසා බලන්නට අවශ්‍යය. අවසානයේ දී දේශපාලනඥයන්ගේ චරිත සැහැල්ලූවට ලක්ව තිබේ. ඔවුන් ගැඹුරක් රහිත රූපවාහිනී කැමරාවට අවශ්‍ය පරිදි මෙහෙයවන්නට හැකි පුද්ගලයන් බව සමාජයට තහවුරු වෙමින් තිබේ. මෙම පිරිස රටේ නායකයන් දැයි බුද්ධිමත් තරුණන් ප‍්‍රශ්න කරන තැනට පොදුවේ දේශපාලන චරිත නොවැදගත්වී ඇත.

නමුත් ඇත්ත එය නොවේ. දේශපාලනයෙහි නිරත පුද්ගලයන් මහජනතාවගේ කැමැත්ත දිනාගෙන ඇත්තේ දීර්ඝ කාලයක් ජනතාව ඇසුරු කරමින් පොදු අවශ්‍යතා ඉටු කරමින් ක‍්‍රියා කළහෙයින් බව අමතක කරන්නට නොහැකිය. එය විශාල කැපවීමකින් සහ ඉවසිල්ලකින් ගොඩනගාගත් තත්ත්වයකි. එවැනි ජන ප‍්‍රසාදයක් රූපවාහිනි නාලිකාවකට දෙන ප‍්‍රකාශයකින් ඇති කරගත හැකිද? රූපවාහිනී මගින් ඔවුන්ගේ අභිමානය වෙනුවට ලාභ ජනප‍්‍රියත්වයක් ඇතිකර එයින් විශාල පේ‍්‍රක්ෂක වෙළ`ද පොලක් ඇති කරමින් තිබේ.

ශ‍්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා වල දේශපාලන සංවාද සහ දේශපාලනයට අදාල ප‍්‍රවෘත්ති විකාශ යම් ආකාරයකට රටට වැදගත්වන සහ පේ‍්‍රක්ෂක අවධානය දිනා ගන්නා ඒවා බවට පත් කළ යුතුවෙයි. දේශපාලනයේ නිසරු ඝෝෂා ගැන අවධානය වැඩි හෙයින් රූපවාහිනී නාලිකා මගින් දිනාගෙන ඇති පේ‍්‍රක්ෂක ප‍්‍රමාණයට වඩා විශාල පිරිසක් මේවා තමන්ට විෂය නොවන හෙයින් රූපවාහිනී ග‍්‍රාහකත්වයෙන් ඈත්ව සිටින බව වටහා ගත යුතුව ඇත. සම්මුතියකින් තොර තරගකාරී මාධ්‍ය ප‍්‍රවේශයකට ගමන්කිරීම හෙයින් රටට වැඩදායක නැති සහ බහුතර බුද්ධිමත් ජනතාවගේ අවධානයට ලක් නොවූ නිසරු දේ බවට පත්ව ඇති රූපවාහිනිය සහ දේශපාලනය අතර සම්බන්ධය හරයාත්මක සහ ප‍්‍රතිපත්ති අනුව එකක් බවට පත්ව පත් කරන්නේ කෙසේද? එය අදඅ ප ඉදිරියේ ඇති අභියෝගයයි.

දේශපාලනඥයන්ගේ චරිත සම්බන්ධයෙන් මතු කරන සන්දර්භය සහ දේශපාලන වැඩසටහන් ඔස්සේ මෙරට දේශපාලනය නඩත්තු කරන විලාශය වෙනස් කරන්නට කාලය උදාවී තිබේ. දේශපාලන වැඩසටහන් කෙටි සහ බුද්ධිමත් පේ‍්‍රක්ෂකයන්ගේ අවධානයට ගැනෙන හරවත් ඒවා බවට පත් කරන්නට අවශ්‍යය. දේශපාලනඥයන්ට පමණක් නොව මෙම වැඩ සටහන් වල සංයුතිය ස`දහා යම් ආකාරයකට වෘත්තීයවේදීන් සම්බන්ධ කරගත යුතුය. මෑතක දී එවැනි වෘත්තීයවේදීන් සම්බන්ධ වූ අවස්ථා අපට දැකගත හැකිවිය. එය හො`ද ආරම්භයකි. බුද්ධිමත් සහ සමාජ ගරුත්වයට පාත‍්‍රවී ඇති චරිත සමග මුහු කිරීමෙන් දේශපාලනය පිරිහී ඇති ස්වභාවය යම් ප‍්‍රමාණයකට නිදහස් කරගත හැකිවෙයි.

මෙයට අමතරව මුද්‍රිත මාධ්‍යයේ පුවත් පත් සහ විද්‍යුත් මාධ්‍යයේ රූපවාහිනිය අතර සම්බන්ධය ඉතාමත් වැදගත් කාර්යයක් සේ දැකිය හැකිය. පුවත් පත් කතුවරුන් සහ දක්ෂ ලේඛකයන්ට රූපවාහිනී මාධ්‍ය තුළ වැඩසටහන් අන්තර්ගතය සාරවත් කරන්නට අවකාශය විවෘත විය යුතුව තිබේ. මේ වන විට ඉතාම පැහැදිලිව මෙම අංශ දෙක අතර වෙනස්කමක් නිර්මාණයවී ඇත. පුවත්පත් අංශයෙහි යම් දායකත්වයක් ස`දහා රූපවාහිනී මාධ්‍යවේදීන්ට ඉඩකඩක් විවෘත කරන්නට අවශ්‍යය. දැන් පවතින හුදෙක් අතිශය පෞද්ගලික තොරතුරු හා ඕපාදුප වලින් ඇත්කර මෙම ක්ෂේත‍්‍රයේ හසල අත්දැකීම් ඇති ශිල්පීන් මාධ්‍ය සමග සම්බන්ධ වී දේශපාලනය සහ සමාජ ආර්ථික කතිකාව උසස් තලයකට කැ`දවන්නට සංවිධාන ගත විය යුතුව තිබේ.

ක්ෂේත‍්‍ර වල විද්වතුන්ට මෙම පැති ගැන සිතන්නට හැකියාව ඇත. මුද්‍රිත මාධ්‍යයේ ඉතිහාසය සහ රූපවාහිනිය පැමිණි ගමන්මග දෙස බලන විට මෙම මාධ්‍ය ඇසුරෙහි වැඩි විශාල අවබෝධයක් සහිත කණ්ඩායමක් රට තුළ සිටී. මෙම පිරිස ඉදිරියට පැමිණ ස්වකීය සම්බන්ධතා තුළින් පවතින දේශපාලනය තුළ වෙනසක් ඇති කරන්නට අවශ්‍ය සංවාදය ගොඩනැගීම රටට ඉතාමත් වැඩදායකය. රූපවාහිනී තුළ දේශපාලන ක්ෂේත‍්‍රයට අදාල තොරතුරු සහසංවාද විකාශයේ දී විනෝදය නොව බුද්ධිය ගැන සිතන්නට අවශ්‍යය. රටේ අනාගතය සහ ඉදිරි කාලයේ දී පදනම සකස් විය යුතු අනාගත පරපුරට විනෝදාත්මක නායකත්වයක් ද නැත්නම් බුද්ධිමත් නායකත්වයක් වෙනුවෙන් ද යන්න විමසා බලන්නට අවශ්‍යය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.