» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/11/2015 - ඉරිදා ලංකාදීප
සුළුතරය වෙනුවෙන් බහුජන මාධ්‍ය වාර්තාකරණය

සියුම් සහ ඉතා කුඩා හඞක් දෙස අවධානයක් යොමු කරන්නේ නැති බව පෙනෙන නායකයෙකුගෙන් පුලූල් හදවතක් ඇතිව ගමනක් ආරම්භ කරන්නට සූදානම් වන බව තේරුම්ගත හැකිද? කුඩා හඞක් සේ වතාවක් නැගුනේය. එයින් පසු තවත් වතාවක්ය. තුන් හතර වතාවකට පසු උත්තරයක් ලැබුණි. මෙම සිදුවීම නොබෝදා වාර්තා වූයේ ඇමරිකාවේ පැවැති පුවත් පත් සාකච්ඡාවක් අතරතුරය. ''වාඩි වෙන්න. ඔබට කතා කළේ නැහැ. යුනිවිෂන් එකට ආපහු යන්න'' පුවත් පත් සාකච්ඡාව කැ`දවා තිබූ එරට දක්ෂිණාංශික අන්තවාදී අදහස් ඇති, රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂා කරමින් රට වටා යන ඩොනල්ඞ් ට‍්‍රම්ප්ය. මෙම සිදුවීමට මුහුණ දුන්නේ ඇමරිකාවේ ජනප‍්‍රිය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වූ හෝගේ රමෝස්ය.

ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් පක්ෂ සාමාජිකයන්ගේ අනුමැතිය ගැනීමේ දීර්ඝ වෙහෙසකර ප‍්‍රචාරක සැලසුමකට මුහුණ දෙයි. පක්ෂ අනුමැතිය නැති සහ පදනමක් නැති අපේක්ෂකයන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නට ඉඩක් නැත. පක්ෂය තුළ පදනමක් ඇති බව පෙනෙන සේ ස්වකීය පෞර්ෂය ඉදිරියට ගන්නට වෙහෙසවෙන දේශපාලන පක්ෂ නියෝජිතයෝ මේ දිනවල දැකගත හැකිය. ඒ අතර ඉදිරියෙන් සිටින්නේ හිලරි ක්ලින්ටන් සහ මෙම සිද්ධියට මුහුණ දුන් ඩොනල්ඞ් රම්ප්ය. හෙතෙම ධනවතෙකි. විශාල වශයෙන් මුදල් යොදවන්නේ මාධ්‍ය සමීක්ෂණ වෙනුවෙන්ය. සමීක්ෂණ කර ජනමතය විමසයි. ඒ වෙුනවෙන් ලොකු පිරිසක් ඔහු වටා සිටී. සමීක්ෂණ වලින් සොයාගන්නා ජනමතය වෙනුවෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශ ඉදිරිපත් කරන්නට ඩොලනල්ඞ් ට‍්‍රම්ප් නොපැකිලෙන අතර ඒවාට ඇමරිකානු ජනතාව බලවත් කැමැත්තක් දක්වන බව පෙනේ. එය ඇමරිකානු දේශපාලනයේ අලූත් පැත්තකි. ජනතාව හිතන දේ දැනගෙන ඔවුන්ට කතා කරන නිසා විශාල අනුගාමිකයන් පිරිසක් ඩොනල්ඞ් වටා ඉන්නා බව පැහැදිලිව පෙනේ. එය ඒත්තු ගැන්වීම රිපබ්ලිකන් අපේක්ෂකත්වය දිනාගැනීමට ඉතාම වැදගත්ය. නමුත් ඔහුගේ පැවැත්ම තුළ කුඩා හඞකට ඉඩක් නොදෙන සහ අධ්‍යයනයකින් තොර ව්‍යාජෝක්තියක් පවතින බව අඟවන්නට යුනිවිෂන් මාධ්‍යවේදියාට හැකිවිය.

පුවත්පත් සාකච්ඡාවේදී ඔහු අහන්නට සූදානම් වූයේ ස්පාඤ්ඤ ජාතිකයන්ගේ පැවැත්මයි. ඔහු ස්පාඤ්ඤ සම්භවයක් ඇති කෙනෙකු පමණක් නොව එම භාෂාවෙන් වැඩසටහන් ඉදිරිපත් කරන බව දැන සිටි ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රශ්න අහන හැටි ඉගෙනගෙන එන ලෙස දැනුම් දෙමින් ශාලාවෙන් පිටතට පන්නා දැමුවේය. ''මගෙත් එක්ක වැඩ කරන මට ක්‍න්දය දෙන ස්පාඤ්ඤ ජාතියයන් දස දහස්ගණනක් ඒත් මේ මනිසුසයාට ප‍්‍රශ්නයක් අහන්න දැනෙන්නෙ නෑ. ඉගෙනගෙන එන්න එලියට දැම්මා'' ට‍්‍රම්ප් කියා සිටියේය. පසුව ට‍්‍රම්ප් ගේ ආරක්ෂකයා සමග සාවධානව කතා කළ යුනිවිෂන් මාධ්‍යවේදී හෝගේ රමෝස් තමන්ගේ පැත්ත ඒත්තු ගන්වන්නට සමත් වූ අතර රිපබ්ලින් අපේක්ෂක ට‍්‍රම්ප් පසුව අවස්ථාවක් දෙන්නට කැමැත්ත පළ කරන ලද බව පසුව වාර්තා විය.

ඇමරිකානු සමාජය තුළ ස්පාඤ්ඤ උරුමයක් ඇති පිරිසට රට තුළ තිබිය යුතු අනන්‍යතාව ගැන සියුම් උනන්දුවක් පැතිර යමින් තිබේ. ඇමරිකාවේ සංචාරයකට සැපත් සුදොතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ සංචාරයේ පවා වැදගත් අවධානයක් ගත්තේ එතුමෝ ස්පාඥ්ඤ භාෂාවෙන් දේශනා කිහිපයක් පැවැත්වීමට තිරණය කිරීමය. ඇමරිකානුවන්ගේ භාවිතා කරන ප‍්‍රධාන භාෂාව ඉංග‍්‍රීසිය. නමුත් එරට වැසියෝ අතරින් සැලකිය යුතු පිරිසක් පළමු බස හැටියට භාවිතා කරන්නේ ස්පාඤ්ඤ භාෂාවයි. දෙවන භාෂාවක් වශයෙන් එබස භාවිතා කරන පිරිස ද සුළු පටු නොවේ. ඇමරිකානුවන් මිලියන 45 ක් ස්පාඤ්ඤ භාෂාව කතා කතාකරති. ස්පාඤ්ඤ උරුමයක් ඇති පිරිසට ඇමරිකාව තුළ තිබිය යුතු අනන්‍යතාව වඩා ඉහළින් තබන උවමනාව පාප් වහන්සේ තුළ තිබූ අරමුණ බව ජාත්‍යන්තර මතවාද මතුකරන ප‍්‍රමුඛ කාරණයකි. එසේ තිබිය දී ස්පාඤ්ඤ සම්භවයක් ඇති මෙම මාධ්‍යවේදියාට ප‍්‍රශ්නයක් අහන්නට ඉඩක් නොලැබීම විශාල ආන්දෝලනාත්මක එකක් බවට පත්ව තිබේ. එය ජාත්‍යන්තර නාලිකා ගණනාවක් ලෝකය පුරා පතුරවමින් සිටින අතර මාධ්‍ය වාර්තාකරණයට ඇති ඉඩකඩ අවුරන මතවාද ගැන අලූත් පැත්තක කතිකාවක් ආරම්භ කර තිබේ. මෙම පුවත් පත් සාකච්ඡුාවේ දී ස්පාඤ්ඤ ජාතිකයයන් ගැන අදහස් දක්වන්නට ඩොනලඞ් ට‍්‍රම්ප් සූදානම් වී සිටියත් එයට ඉඩක් නොලැබීම අඟවන සිද්ධිය යළි නිවැරදි කරන්නට දවස් ගණනක් වෙහෙසෙන්නට ඔහුට සිදුවිය.

මෙයින් පෙන්වන්නේ මාධ්‍ය වාර්තා කරණයේ අලූත් පැත්තකි. නායකයන් කියන දේ වාර්තා කිරිම හා සමාන්තරව ඔවුන් අනාවරණය කරන්නට තැත් කිරීමය. දිගින් දිගටම ප‍්‍රශ්න අසා අපේක්ෂකයාගේ අරමුණ වෙනස් කරන්නට කුඩා මාධ්‍යවේදියෙකුට හැකිවීම පෙන්නුම් කළේ සුළු මතවාදයක් වෙනුවෙන් පෙනී සිටිමට ඇති අධ්‍යාශයයි. නොනැවතී ඒ වෙනුවෙන් කැපවෙන්නට මාධ්‍යකරුවෙකු සතු උවමනාවයි. අවසානයේ මෙම ආන්දෝලනය තුළින් සුළුතරය වෙනුවෙන් කතාකරන බහුජන මාධ්‍යවාර්තාකරණය ගැන අර්ථයක් සම්පාදනය වී තිබේ.

මාධ්‍යවේදීන්ගේ අරමුණ නායකයා කියන දේ වාර්තා කිරීම ද? නොඑසේනම් ඔහු අනාවරණය කිරීමද? එය කරන්නේ පුද්ගලික අරමුණ උදෙසා ද නොඑසේනම් සමස්ථ සමාජයේ අපේ්ක්ෂාව වෙනුවෙන් ද යන එකිනෙකට වෙනස් කරුණු ගැන දීර්ඝව විවිධ මානයන්ගෙන් සිතන්නට අවශ්‍යය.

මාධ්‍ය භාවිතාවේ භූමිකාව සම්බන්ධයෙන් පර්යේෂණය කරමින් අලූත් යුගයකට ප‍්‍රවේශවෙමින් සිටින ශ‍්‍රී ලංකාවට මෙවැනි දේ වලින් අලූත් පැති විමසා බැලිය හැකිය. නායකයෙකු ගෙන් සංයමයකින් ප‍්‍රශ්න කරන්නේ කෙසේද? ප‍්‍රකෝපගැන්වීම වෙනම කාරණාවකි. අවධානය දිනා ගැනීමට අනුගමනය කළ හැකි මාර්ග කුමක්දෟ? උත්තරයක් නොලැබෙන ප‍්‍රශ්නයක් පෙන්වන හැබෑ ප‍්‍රශ්නය රටට සන්නිවේදනය කරන්නේ කෙසේද? යන්න අධ්‍යයනය කරන්නට සුදුසු පැති සේ පෙනේ.

සුළු පැත්ත ගැන අවධානය යොමු කරන්නට අප සූදානම්ද? බහුතරය නොදැනෙන කාරණයක් ගැන අදහසක් විමසන්නට ඒ වෙනුවෙන් පෙනී සිටින්නට සූදානම්වන මාධ්‍යවේදීන් ගැන සමාජය හිතන්නේ කෙබඳු ආකල්පයකින්ද? සලකා බලන්නට එය ද වැදගත්ය. අනිවාර්යෙන් ගෝත‍්‍රවාදී, සංස්කෘතිකවාදී චරිතයක් බවට පත්වනු ඇත. රට තුළ අත්පත්වන ඉරණම කණගාටු දායක එකක් වන අතර ඒ වෙනුවෙන් විශේෂ අදහසක් ඇතිකරගන්නට සෙසු මාධ්‍ය තැත් දරන්නේ නැත. එවැනි තත්ත්වයක් ඇතිවියහැකි බව දැනෙන විට ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය භූමිකාව පරිවර්තනය විය යුතු පැති කෙරෙහි සූක්ෂමව යම් අවධානය යොමුවෙන්නේය. රටක් වශයෙන් අගය කළ යුතු මාධ්‍යවේදීන් කොට්ඨාශයක් ඇත. ගවේශනාත්මකව සහ තමන් කරන කාර්යය වෙනුවෙන් නොනැතවතී අරගල කරන ජනමාධ්‍යවේදීන් සමාජයේ ඇගයුමට ලක්වෙයි. ඇමරිකාවේ ජනප‍්‍රිය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වූ හෝගේ රමෝස් තමන්ගේ අරමුණ වෙනුවෙන් සන්සුන්ව මුහුණ දෙන ආකාරය ලෝකය පුරා කතාබහට ලක්වෙන්නේ ඒ හෙයින්ය. ඇමරිකාවේ ජනාධිපති පදවිය භාරගන්නට සටන මෙහෙයවමින් සිටි ඩොනල්ඞ් ට‍්‍රම්ප් අර්බුදයකට පත්වෙන්නේය. කියන දෙයක් වාර්තා කරනවාට වඩා නොකියැවෙන දේ වාර්තා කරන ආකාරය තුළින් මතුවෙන මාධ්‍ය භූමිකාව විශේෂිත තත්ත්වයකි. එයින් ජන විඥාණයේ ඇතිකරන ප‍්‍රමිති නොසලකා හැරිය යුතු නැත.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.