» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
12/07/2015 - ඉරිදා ලංකාදීප
ජනතාව කරා තොරතුර යැවෙන සුදුසුම ව්‍යුහය වෙනස් වෙයි

අප ඉදිරියේ පෙනී සිටින මාධ්‍ය ව්‍යුහයට කිසියම් ප‍්‍රතිරූපයක් තිබිණ. එයට අනුව මාධ්‍ය ආයතනයේ සංවිධානගත දක්ෂ මෙහෙයැවීම ගැන හැ`ගීමක් ඇතිවන්නේය. එය තුළින් ආයතනයේ වගකීම සහ ආයතනයෙන් නිකුත් කරන තොරතුර ගැන විශ්වාසනීයත්වය තහවුරු කරන රාමුවක් සකස්වන්නේය. මාධ්‍ය නිකත් කරන තොරතුර සහ ඒවා සමග ගනුදෙනු කරන ප‍්‍රජාව අතර ගාම්භීර අනොන්‍ය සම්බන්ධතාවයක් ඇති කරන්නේ ඒ ආකාරයටය. නමුත් නූතන ව්‍යුහය තුළ එවැනි සම්මත ආපසු හැරෙමින් තිබේ. සම්ප‍්‍රදාය එසේ තිබිය දී අලූත් ව්‍යුහ ජනනය වෙමින් පවතී. ඒවා සරල පුද්ගල ක‍්‍රියාකාරකම් වන අතරවාරයේ එවැනි මාධ්‍ය තුළ ඇති බලය අසීමිත එකක් බව පැහැදිලි වෙමින් තිබේ.

පසුගියදා ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා අනුගමනය කළ මාධ්‍ය භාවිතාව එයට එක් උදාහරණයකි. රාජ්‍ය නායකයෙකුගේ මාධ්‍ය සාකච්ඡාව ඉතා පරෙස්සම් සහගත එකකි. මනා සංවිධානයක් ඇති පසුබිම තුළ එයින් නිකුත් කරන පණිවුඩය අති විශාල අවධානයක් ගොඩ නගන්නේය. එසේ තිබිය දී ලෝකයේ බලවත්ම රටක ප‍්‍රධාන පුරවැසියා ඇමරිකාවේ ප‍්‍රාන්ත සංචාරකයක දී පුද්ගල ගුවන් විදුලි විකාශකයෙකු හමුවට ගොස් සම්මුඛ සාකච්ඡාවක් කරයි. එය මාර්ක් මැරන් ගේ ,උඔත්‍, චදාජ්ිඑ විකාශයකි. එක පුද්ගලයෙකු හො`ද පහසුකම් නැතිව කරගෙන යන අවධානය දිනාගත් වෙබ් ගුවන් විදුලි විකාශයකි.

රාජ්‍ය නායකයා සමග සම්මුඛ සාකච්ඡාවක් කිරීම මගේ හීනයක්. නමුත් ඒ අවස්ථාව උදා වුණා. මෙම විකාශය කරගෙන යන ඔහුගේ ගරාජයේ සිට ඔහු ශාවකයන්ට කියන ලද බව දැනටත් අන්තර්ජාලයේ ඇති එම සම්මුඛ සාකච්ඡාව ගැන පූර්විකාවේ දී කියයි. ''ඇමරිකානු නායකයා මගේ නිවසට ඇවිත්'' යනුවෙන් කියන ඔහු ''අඩුම තරමින් මගේ නාන කාමරයේ දොරවත් හරියට වැහෙන්නේ නැහැ'' යනුවෙන් කරන ප‍්‍රකාශයෙන් අ`ගවන්නේ අසංවිධිත වෙබ් ගුවන් විදුලියක් නිර්මාණය කර ඇති බලයක තරම ගැනය. මැරන් එවැනි ප‍්‍රකාශයක් කරන නමුත් ඇමරිකානු ජනාධිපතිවරයා ගේ එම සම්මුඛ සාකච්ඡාව දැන් ලෝක ප‍්‍රකට එකකි. දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එයට සවන් දී තිබේ. නැවත නැවතත් වෙබ් අඩවි හරහා ලෝකය පුරා විහිදී යයි. බැරක් ඔබාමා මෙහි දී කලූ ජාතිකයන් සහ ජාතිවාදී බව ගැන මතු කරන ලද අදහස තීරණාත්මක එකක් බවට පත්ව ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

මෙයින් මතු කරන්නේ කුමක්ද? මාධ්‍ය භාවිතාවේ සිදුවී ඇති පරිවර්තනයයි. තාක්ෂණික යුගය තුළ තොරතුර සම්පාදනය වන ආකාරය වැදගත් නැත. තොරතුරක වැදගත්කම අනුව සහ එය අයත් කරගන්නා අනන්‍යතාවය අනුව එයට නිසි වටිනාකමක් ලැබේ.

දශක ගණනකට කලින් කවි කොලයක් මිලදී ගෙන කියවා වැදගත් සිදුවීමක් ගැන අර්ථකතනයක් ලබාගත් සමාජය අපට අමතක නැත. එම අත් දැකීම ඇති වැඩිහිටියන් තවමත් අප අතර සිටී. පුවත්පතකය, ගුවන් විදුලියට සහ එයින් ඉනික්බිතිව ශබ්ධය හා රූපය පෙන්වන රූපවාහිනියට තොරතුරු සන්නිවේදනයේ හිමිවී තිබූ බලය අද ඇත්තේ අන් තැනකය. පුද්ගලයෙකු අතින් නොදැනෙනා ආකාරයට අදහසක් විසුරුවා හැරෙන සහ එම අදහස වටා ලෝකය පුරා තව තවත් පාඨකයන් එකතුවන යුගයක් නිර්මාණය වී තිබේ. වෙනස ඇති කරන්නේ සමාජයේ සියලූම දෙනා සන්නිවේදකයන් කරන්නට හැකියාව ලැබී ඇති තාක්ෂණික පසුබිමයි. ඉතාමත් පහසුවෙන් අන්තර් ජාල ගුවන් විදුලියක් ආරම්භ කරන්නට හැකියාව තිබේ. සමාජ වෙබ් අඩවියක ට්විටර් පණිවුඩයකින් ක්ෂණයකින් දස දහස් ගණනකට තොරතුර යවන්නට හැකිය.

මෑතක දී රොයිටර් පුවත් සේවයෙන් කරන ලද අනාවරණයකට අනුව සමාජය ප‍්‍රවාත්තියක් ගන්නා මාධ්‍ය ව්‍යුහාත්මකව වෙනස් වී ඇති ආකාරය පෙන්වා දී තිබේ. වයස අවුරුදු 18-24 අතර තරුණ වයස් කාණ්ඩය තුළ සියයට 60 ක් තොරතුර ගන්නේ අන්තර් ජාලයෙන්ය. 25-34 අතර සියයට 54 ක් හා 35-44 අතර වයස් කාණ්ඩයේ සියයට 44 ක් තොරතුරක් ගන්නේ අන්තර් ජාලයෙන්ය. නමුත් අන්තර් ජාලයෙන් තොරතුරු ගන්නා වයස අවුරුදු 55 ට වැඩි ජනගහනයේ එම ප‍්‍රතිශතය සියයට 22 කි. එම වයස් කාණ්ඩයේ අය තොරතුර ගන්නේ කොතනින්ද? ඊළ`ගට මතුවන ප‍්‍රශ්නය එයයි. මෙම වාර්තාව අනුව එම වැඩි වයස්ගත පිරිස අතරින් සියයට 54 ක් තොරතුරු ගන්නේ රූපවාහිනියෙන්ය. තරුණන් අන්තර් ජාලයට යන විට රූපවාහිනිය වයසක උදවියට සීමා වී ඇති බව මෙයින් පෙන්වා දෙයි. 18-24 අතර තරුණ කාණ්ඩයේ අය රූපවාහිනි නරඹන ප‍්‍රතිශතය සියයට 27 කි. රේඩියෝ සහ හා පුවත්පත් ඇසුරු කරමින් ප‍්‍රවෘත්තිය ගන්නා පිරිස දෙපාර්ශවයෙන්ම සීමිත එකක් බවට පත්ව ඇත. මුහුණු පොත, ට්විටර් වැනි සමාජ වෙබ් ජාලා වලින් තොරතුර ගන්නා අය ද විශාල කොටසක් නොවේ. වැඩිහිටි පිරිස සියයට තුනකි. ගුවන් විදුලියෙන් තොරතුර ගන්නා වැඩිහිටි පිරිස සියයට 10 ක් සහ පුවත් පත කියවා ප‍්‍රවෘත්තිය ගන්නා වැඩිහිටියන්ගේ ප‍්‍රතිශතය සියයට 12 ක් බව මෙම වාර්තාව තව දුරටත් දක්වයි. ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් නරඹා පසුව පුවත්පත කියවා තොරතුර තහවුරු කරගන්නා බවට මෑත දශකය තුළ තහවුරුව තිබ සමාජ විශ්වාසය ද මේ අනුව වෙනස් වී ඇති බව පැහැදිලිය.

මේ අනුව පෙනෙන්නේ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් නුදුරු කාලය තුළ අත්පත් විය හැකි ස්වභාවයයි. තොරතුරු තාක්ෂණය බහුල වෙමින් පවතින සමාජය තුළ රූපවාහිනිය වියපත් ජනතාව අතර ජනප‍්‍රිය එකක් විය හැකි අතර තරුණ ප‍්‍රජාව අතරට ප‍්‍රවේශ වී ඇත්තේ අන්තර් ජාලයයි. පුවත්පත සහ ගුවන් විදුලිය අතර මැද අවකාශයකට සීමාවෙමින් තිබේ. මෙයින් අවුරුදු දෙක තුනකට කලින් ශ‍්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ භාවිතාව ඉතාම සුළු මට්ටමක තිබිණ. අද වන විට එය ක‍්‍රමයෙන් වැඩෙන ව්‍යුහයකි. විශේෂයෙන් තරුණ කොටස් තමන්ගේ ජංගම දුරකථනයෙන් පවා අන්තර් ජාලය සමග සම්බන්ධවී තොරතුරු හුවමාරු කරගනිමින් සිටියි. සෑහෙන ප‍්‍රතිශතයක් තවමත් මෙම ව්‍යුහය තුළින් බලන නොඑසේනම් අසන ප‍්‍රවෘත්තියේ ස්වභාවයක සිටිය හැකිය. නමුත් එය සුළු වෙනස්කමක් සේ නොසලකා නොතකා සිටිය හැකි යුගය ක‍්‍රමයෙන් පසු කරමින් තිබේ.

ඇමරිකානු රාජ්‍ය නායකයා තමන්ගේ මාධ්‍ය ප‍්‍රකාශයක් වෙනුවෙන් අන්තර් ජාල විකාශයක් තෝරා ගන්නේ මේ අනුව විය හැකිය. ප‍්‍රතිපත්ති සම්පාදකයන්, රාජ්‍ය නායකයන් සහ ජනමත ප‍්‍රධානීන් මෙම පැති ගැන අවධානය යොමු කරන්නට අවශ්‍යය. නවීන යුගය තුළ මාධ්‍ය ආයතන කි‍්‍රයාකිරීමේ දී ග‍්‍රාහකයන් තොරතුර ලබාගන්නා කොතැනින්ද? කෙබ`දු ආකාරයකට ද යන්න අවධානයට ගැනීම ඉතාම වැදගත්ය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.