» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
12/04/2015 - ඉරිදා ලංකාදීප
දේශපාලන මාධ්‍ය සහ මාධ්‍ය භාවිතාවේ දේශපාලනය - මිලින්ද මොරගොඩ

මාධ්‍ය භාවිතාව නිදහස් සහ මධ්‍යස්ථ එකක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි වටහා ගැනීම පහසු නැත. නමුත් එවැනි අදහසක්මගින් රටට ඇති කරන්නේ ඉතා සංකීර්ණ ව්‍යුහයකි. සන්නිවේදන භාවිතාව තුළපුවත් පත සතු කාර්ය භාරය සුවිශේෂී එකකි. එහි අන්තර්ගතය සමාජ විඥාණය සකස් කිරීමට යම් බලපෑමක් කරයි. සමාජයට විශ්වාසනීය තොරතුරු සැපයීම සම්බන්ධයෙන් සුවිශේෂී කාර්යයක් ඉටුකරයි.ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය තුළ දේශපාලන ප‍්‍රතිපත්ති සහ දේශපාලන ක‍්‍රියාකාරකම් සම්බන්ධ ප‍්‍රචාරණයේ දී පුවත්පත ඉටුකරන මෙහෙවර සම්බන්ධ අලූත් අනන්‍යතාවක් තහවුරු වෙමින් තිබේ. එය තුළ පවතින දේශපාලනය සහ අලූතින් මතුවන දේශපාලන ප‍්‍රවනතා සාකච්ඡා කළ යුතුව තිබේ.

වර්තමාන සමාජ ගෝලීයකරණය තුළ ප‍්‍රවෘත්තියක් ඉක්මනින්ම සමාජය තුළට සන්නිවේදනය කරන්නේ අන්තර් ජාලයේ සමාජ වෙබ් අඩවි සහ විද්‍යුත් මාධ්‍යයයි. එතැනින් තොරතුර දැනගන්නා සමාජය එය තහවුරු කරගන්නේ පුවත්පත කියැවීමෙන්ය. මෙම නැඹුරුව හෙයින් ලෝකයේ නොයෙක් රටවල ප‍්‍රසිද්ධ පුවත් පත් සහ ස`ගරා මුද්‍රණය නතර කර අන්තර් ජාල ප‍්‍රකාශනයකට සීමාකරන ලද අවස්ථා මෑතකාලය තුළ වාර්තා විය. නමුත් ශ‍්‍රී ලංකාවේ පොදු ජනතාව තවමත් පුවත්පතක අකුරු කියවන හුරුව තුළතමන්ට ලැබෙන තොරතුර සාක්ෂාත් කරගනිති. මෙයින් පෙනෙන්නේ තොරතුරු යුගයේ වර්තමාන පරම්පරාව පවා මුද්‍රිත මාධ්‍ය ස්වකීය විශ්වාසනීය තොරතුරු සම්පාදකයා වශයෙන් සලකන බවය. ඉදිරි කාලයේ දී තොරතුරු සන්නිවේදනයේ පුලූල් බලපෑම අනුව පුවත් පතක කාර්යය වෙනස් විය හැකි නමුත් තවමත් එසේ වී නැත.

පුවත්පතක අන්තර්ගතය තුන් ආකාරයක ද්‍රෘෂ්ටිවාදයක එකතුවක් ලෙස සැලකිය හැකිය. පුවත්පතට ලැබෙන තොරතුරු මගින් එහි අද දවසේ සාමාන්‍ය පැවැත්ම අවබෝධ කරගත හැකිවෙයි. පුවත්පතට ලියන පුරවැසියන් කොටසක් සිටී. එම පුරවැසියන් ජනමතය වශයෙන් ඉදිරිපත් කරන ලිපි වලින් විදහා දක්වන්නේ ජනතාවගේ දැක්මයි. මෙම පැති දෙකට අමතරව කතුවරයාට මතයක් තිබේ. එය ඉදිරිපත් කරන්නේ කතු වැකියෙන්ය. සමාජයට ඉදිරියෙන් සිටිමින් සමාජ ප‍්‍රශ්න දෙස විවිධ කෝණ වලින් බලා විග‍්‍රහ කරමින් සම්පාදනය කරන කතු වැකිය පුවත්පතක වැදගත්ම ලේඛනය සේ සැලකේ.

පුවත්පත ස්වාධීන, සමබර, සියලූ අදහස් වලට ඉඩදෙන එකක් බවට තහවුරුවක් තිබූ වකවානුව අවසන් වෙමින් තිබේ. ඒ අනුව වර්තමානයේ ලෝකයේ ඇතැම්පුවත් පත් පැත්තක් ගනිමින් සිටී. විශේෂයෙන් ආණ්ඩුවක් බලයට පත්කරන මැතිවරණ කාලයේ දී එම පුවත්පත අනුගමනය කරන ප‍්‍රතිපත්තිය කෙලින්ම පාඨකයාට දන්වා ඔහු දැනුම්වත් කරයි. මෙයට කලින් මෙවැනි කාර්යයක නිරත වුයේ පක්ෂ නිල පුවත් පත් පමණකි. යම් දේශපාලන පුවත් පතක් පක්ෂයක නිල පුවත්පත වශයෙන් පාඨකයන්ට කරුණු ඉදිරිපත් කළේ තමන්ගේ පක්ෂය විශ්වාස කරන පක්ෂය ගරු කරන ප‍්‍රතිපත්ති සහමූලධර්ම සම්බන්ධ තොරතුරු පමණකි. එවැනි දේ පාඨක ජනතාව අතරට ගෙනයන සහ ඒ තුළින් පක්ෂය සම්බන්ධ සංවාදය වැඩිදියුණු කරන ආකාරයට මෙම නිල පුවත්පත් කි‍්‍රයා කළේය. මේවා ජාතික මට්ටමේ පුවත් පත් වශයෙන් සැලකෙන්නේ නැත. නමුත් මේ වන විට සමබර සහ අපක්ෂපාතී යන විග‍්‍රහයෙන් ඉවත්ව යම් මතවාදයක් වෙනුවෙන් පෙනී සිටින්නට ඇතැම් ජාතික පුවත්පත් පවා පෙළැඹී තිබේ. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල්වල අලූත් ප‍්‍රවනතාවයකි. එය දැකගත හැකිවන්නේ දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රම පවතින රටවල් වලය. ලෝකය පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ විවෘත ආර්ථික ක‍්‍රමය වරින්වර අලූත් වෙමින් පවතී. ශ‍්‍රී ලංකාවට ද ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නව ප‍්‍රවනතා සහ ඒවා බලපවත්වන ආකාරය ගැන සාකච්ඡුා කරන්නට වගකිමක් තිබේ.

මෙම ප‍්‍රවනතාව අනුව ස්වාධීනව මෙහෙයවන පුවත්පත් පවාමැතිවරණයක් ප‍්‍රකාශයට පත්වූ විට සිය පුවත්පත කවර දේශපාලන දර්ශනයක් අනුව කුමන පක්ෂයකට සෘජුව සහාය දක්වන්නේ දැයි පාඨකයන්ට කෙලින්ම ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රමවේදයක් දැන් ඇතැම් රටවල පුවත්පත් අනුගමනය කරයි. එයින් පෙන්වන්නේ පුවත්පත අනුගමනය කරන ප‍්‍රතිපත්තියයි. කතු වැකියෙන් කෙලින්ම සිය පාඨකයන්ට කතා කරන මෙම පුවත් පත් කිසියම් දේශපාලන පක්ෂයකට නැඹුරු මතයකට ගමන් කරන්නේ මන්දැයි කරුණු සහිතව කියා සිටී. එයින් ඉනික්බිතිව තෝරාගත් දේශපාලන පක්ෂයට වාසි දායක වන අයුරින් කර්තෘ මණ්ඩලය මෙහෙයැවෙයි.

පාක්ෂිකත්වය ගන්නා මෙවැනි අවස්ථා බි‍්‍රතාන්‍ය පුවත්පත් සමාජයේබහුලය. මෙම ප‍්‍රතිපත්තියට අනුගතවන්නේ දේශපාලන පක්ෂයක් ජනතාවට ඉදිරිපත් කරන ප‍්‍රතිපත්ති පදනම් කරගෙන වන අතර එක් මැතිවරණයක දී කොන්සවටිව් පක්ෂයට උදවු කරන මෙවැනි පුවත්පතක් ඉන් පසුව එළැඹෙන මැතිවරණයේ දී උදවු කරන්නේ ලේබර් පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමකට විය හැකිය. ඇතැම් විට තමන් කිසිම දේශපාලන පක්ෂයකට පෙනී නොසිටින බව මෙම පුවත්පත් කියයි. බටහිර රටවල පමණක් නොව ඉන්දියාවේ ද කලාතුරකින් මෙම තත්ත්වය දක්නට ලැබෙයි. මැතිවරණයක දි දේශපාලන පක්ෂයකට අනුග‍්‍රහය දක්වන මෙම පුවත්පත් මැතිවරණය අවසන් වීමෙන් පසු අඛණ්ඩව එම දේශපාලනයට සහය දක්වන්නේ නැත. ජනමාධ්‍යයේ හැසිරීම සම්බන්ධ ස්වාධීන භූමිකාව වෙනස් කර ඇති මෙම ක‍්‍රමවේදය අනුව සහය දැක්වූ පක්ෂයක් බලයට පත් කිරීමෙන් පසු එම ආණ්ඩුවෙන් වරප‍්‍රසාද අපේක්ෂා නොකිරීම මෙහි ඇති විශේෂත්වයයි.

ශ‍්‍රී ලංකාවේ ජාතික පුවත්පත් ඉතිහාසය බලන විට මෙවැනි සෘජුව පක්ෂ බලයට පත් කරන්නට ක‍්‍රියාකරන ලද අවස්ථා කලාතුරකින් පැවැති බව නිරික්ෂණය කළහැකිය. එය එසේ වූයේ පුවත්පතේ කර්තෘවරයාගේ උවමනාවට දේශපාලන ප‍්‍රතිපත්ති දෙස සලකා බැලීමෙන් අනතුරුව ද නොඑසේනම් මාධ්‍ය අයිතිකාර භූමිකාව අනුව ද යන්න විමසා බැලිය යුතු වැදගත් පැත්තකි. එසේ නමුත් මෙරට පුවත් පත් මැතිවරණයක දී අපක්ෂපාත සහ සියලූ අපේක්ෂකයන්ට සමාන අවස්ථා සම්පාදනය කරන බව අ`ගවන නමුත් සාමාන්‍යයෙන් එසේ කරන්නේ නැත. පසුගිය ජනාධිපතිවරණයේ දී ප‍්‍රධාන පක්ෂ වලට අමතරව නොයෙක් සැ`ගවුණ අරමුණු සහිත අපේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් විය. පුවත්පත් වලින් මෙම අපේක්ෂකයන්ට ලබා දුන් අවස්ථා ඉතාම සීමිතය. සලකා බලන විට ස්වාධීන හෝ අපක්ෂපාතී මාධ්‍ය මෙහෙවරක් සිදුවූයේ දැයි ප‍්‍රශ්න කරන්නට අවස්ථාව තිබේ. තෝරාගත් අපේක්ෂකයෙකුට සෘජුව සහාය නොදුන් නමුත් සෑම පුවත් පත් ආයතනයකටම සැ`ගවුණ න්‍යාය පත‍්‍රයක් තිබිණ. ඒවා පාඨකයන් දැන සිටියේ නැත. පුවත් පත කියවන විට එහි අන්තර්ගතය තුළ වක‍්‍රව අපේක්ෂයන් කෙරෙහි දක්වන සියුම් බලපෑම හ`දුනාගත හැකි වූ අතර එයින් ජනමතයට එල්ලවූ පීඩනය කොපමණදැයි තීරණය කිරීම පහසු නැත.

ශ‍්‍රී ලංකාවේ පුවත් පත් සම්බන්ධයෙන් පාඨකයන්ගේ විනිශ්චය කුමක්ද? අපක්ෂපාතී මාධ්‍ය භාවිතාව සම්බන්ධව ඔවුන් තුළ ඇති විශ්වාසය කෙබ`දුද

මැතිවරණයක් හමුවේ ශ‍්‍රි ලංකාවේ පුවත්පත් තමන්ට අවනත කරගන්නට දේශපාලන පක්ෂ විශාල පීඩනයක් එල්ල කරයි. බලයේ සිටින පක්ෂ සිය බලපෑම තියුණු කරන අතර බලයට එන්නට උත්සුක වන දේශපාලන පක්ෂ අවස්ථාව ගන්නේ ඉදිරියේ දී ඇතිවිය හැකි තත්ත්වය ගැන ඉ`ගිකරමින්ය. බලයේ සිටින විට රාජ්‍ය ව්‍යවසාය වල දැන්වීම් ලබා දෙන අතර අලූතින් බලයට පත්වන ආණ්ඩු තමන්ට අවනත නොවූ පුවත්පත් වල දොරටු අවහිර කරන්නේ රාජ්‍ය ආයතන වල දැන්වීම් නතර කරමින් සහ අඩුම තරමින් මහජන සම්බන්ධතා ද අවහිර කරමින්ය.ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අනුව ව්‍යවසායයේ විශාල කොටසක් ආණ්ඩුව සතුය. ඒවායේ දැන්වීම් මාධ්‍යයන්ට නිකුත් කරන්නේබලයේ සිටින දේශපාලනඥයන්ට උදවු කරන ලද පුවත්පතකට උපරිමව සලකන සහ සෙසු පක්ෂ වලට නතුවක‍්‍රියාකළපුවත්පත් වලට හැකි උපරිම බාධා කරන ආකාරයටය.මෙම ස්වභාවය වෙනස් කරන්නට අවශ්‍යය. එය කළ හැකි නිර්භීතව පෙනී සිටින රාමුවක් තුළ පමණකි. අනෙක ආණ්ඩුවේ ආයතන හැකි තරම් අඩු කර ඒවා තරගකාරීව මෙහෙයවන්නට පුද්ගලික අංශයට භාර දිය යුතුවෙයි. එයින් පාරිභෝගිකයාට වාසි අත්පත්වනවා පමණක් නොව සමාජ මතවාද සාධාරණව ඉදිරිපත්කරන පුවත්පත් වලට ද රාජ්‍ය බලපෑමෙන් නිදහස් කරන්නට හේතුවක් වෙයි. එය ඔස්සේ පුවත්පතක කතුවැකියට දේශපාලන දර්ශනය ගැන විවේචනයකට යන්නට හැකියාව ලැබේ. එම විවේචනය කරන්නේ ශ‍්‍රී ලංකාවේ ඉදිරි පරම්පරාව මුහුණ දෙන අභියෝග ගැන අවධානය යොමු කරමින්ය. යහපත් අදහස් ඉදිරිපත් කරන පක්ෂ වලට හෝ අපේක්ෂකයන්ට සෘජුව සහාය දෙන ප‍්‍රතිපත්තියකට යා හැකිය. එයින් සමාජයට දෙන පණිවුඩය ඉතාම වැදගත් ප‍්‍රමිතියක් බව අවබෝධ කරගත යුතුය. පුවත් පතක පැවැත්මට දැන්වීම් සහ පවතින රජයේ අනුග‍්‍රහය සෘජුව බලපවත්වන වැදගත් සාධකයක් නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහය වඩා ශක්තිමත් කරන්නට නම් මාධ්‍ය කෘත්‍ය සම්බන්ධ අලූත් භාවිතාවන් කෙරෙහි නැඹුරුවීම අවශ්‍යය.

අපක්ෂපාතී සහ සමබර යන අර්ථකථන සහිතව පෙනී සිටීමෙන් මේ දක්වා රටට සිදුවූ වාසි අවාසි සලකා බලන්නට අවශ්‍යය. දේශපාලන පක්ෂයක ප‍්‍රතිපත්ති හො`ද නරක කුමක් වුවත් සමාන අවස්තා දීම තුළින් සිදුවිය හැකි පැති සමාලෝචනයකට යා යුතුය. පක්ෂයක ප‍්‍රතිපත්ති සලකාඒවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන සහ පුරවැසියන්ට වැදගත්වන ඒවා නම් කෙලින්ම එම පක්ෂය වෙුවෙන් පෙනී සිටින්නට පුවත් පත් තීරණය කරන්නට අවශ්‍යය. එසේ කළ යුතු පාඨකයන්ට සෘජුව කරුණු දක්වමින්ය. කතුවරුන්ගේ ද්‍රෘෂ්ටිය අනුව නව මතවාද මැතිවරණයක දී බලපවත්වන්නට තීරණය කළ හොත් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන අලූත් දිගුවක් බවට පත් වනු ඇත. ඒ ස`දහා සාධනීය ඇරඹුමක් වෙනුවෙන් ආණ්ඩුවේ ආයතන වල දැන්වීම් නිකුත් කිරීමේ ක‍්‍රමවේද සම්බන්ධයෙන් ද සාධනීය වෙනස්කමක් අපේක්ෂා කරන්නට අවශ්‍යය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.