» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/10/2015 - ඉරිදා ලංකාදීප
භාවිතාව වෙනුවෙන් එක`ගවන මාධ්‍ය ක‍්‍රමවේදයක වැදගත්කම

ශ‍්‍රී ලංකාව මාධ්‍ය භාවිතාව සම්බන්ධ අලූත් කතිකාවලට නිතර මුහුණ දෙන රටකි. ජනමාධ්‍ය ආචාරධර්ම පැනවීම ගැන අදහස් ඇතිවෙයි. තවත් අවස්ථාවක ස`දහන් වන්නේ ජනමාධ්‍ය පාලනයට වෙනුවෙන් කොමිසමක් පිහිටුවීම ගැනය. තවත් අවස්ථාවක සිවිල් නීති යටතේ ජනමාධ්‍ය පාලනය ගැන අදහස් මතුවෙයි.

පවතින මාධ්‍ය සම්ප‍්‍රදාය ලෝකයට එන්නේ බි‍්‍රතාන්‍ය සහ ඇමරිකාව යන රටවලින්ය. පුවත්පත් භාවිතාවක් වශයෙන් එක පැලැන්තියකට දේශපාලන ශක්තියක් දෙන ව්‍යුහයක් ලෙසය. වින්සන්ට් චර්චිල් වෙනුවෙන් ලෝඞ් බෲවර් පෙනී සිටියි. ඒ ආකාරයට පාලක පැලැන්තිය හා මාධ්‍ය අතර සම්බන්ධයක් නිර්මාණය වී තිබිණ. පුද්ගලික විද්‍යුත් මාධ්‍ය ප‍්‍රවේශවීම සමග මෙම සම්මුතිය බි`ද වැටේ. රූපට් මර්ඩොක් විද්‍යුත් මාධ්‍යයෙන් පටන්ගෙන මුද්‍රිත මාධ්‍ය අධිරාජ්‍යයක් හදාගන්නේ ඒ රාමුව බි`දිම්න්ය. එහි දී ඔහුට ප‍්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදුවෙයි. දැන් විද්‍යූත් සමාජ මාධ්‍ය මෙම රාමුවට අභියෝග කරමින් සිටී. එබ`දු පරිසරයක් හමුවේ සම්ප‍්‍රදායික මාධ්‍ය මෙම පසුබිම තුළ තමන්ගේ විශ්වාසය තහවුරු කරගැනීමේ සහ වගකිම් සහගත මාධ්‍ය භාවිතාව වෙනුවෙන් වෑයමකය. සම්ප‍්‍රදායික මාධ්‍ය පාලනයට නීති හදන්නට යෝජනා කරන්නේ සහ පාලනය කළ යුතු යැයි ආණ්ඩු කි‍්‍රයාකරන්නේ නූතන මාධ්‍ය භාවිතාවේ පරිවර්තනය ඉදිරියේය. එය නිරීක්ෂණය කරමින් වගකීමක් ඇතිව ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සම්ප‍්‍රදායික ජන මාධ්‍යයන් මුහුණ දෙන බරපතල එකකි.

ජනමාධ්‍ය පෙනි සිටින්නේ ජනතාව වෙනුවෙන්ය. දැනුම දෙන බුද්ධිය වඩවන ආයතන වශයෙන් මාධ්‍ය සම්බන්ධව තිබූ ගැඹුරු සූක්ෂම ආකල්ප අද සංකීර්ණ තැනකට පරිවර්තනය වී තිබේ. ජනමාධ්‍ය භාවිතාව සමාජ ගෝලීයකරණයට ලක්වීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. තොරතුරු විකාශයේ වේගවත් බව සහ විද්‍යුත් තොරතුරු සම්පාදනය එයට පදනම් වී ඇත. සන්නිවේදනයේ ඉතිහාසය ගොඩනැගෙන්නේ ලිඛිත සන්නිවේදනයක් වශයෙන්ය. පසුව එය විද්‍යුත් සන්නිවේදනයට නැඹුරුවෙයි. මෙයින් දශක කිහිපයකට කලින් ප‍්‍රවෘත්තියක් කියවන්නට පුවත්පත මිලදී ගත් සහ තොරතුරු දැනයන්නට ගුවන් විදුලිය හෝ රූපවාහිනිය දෙස යොමු වූ ජන සමාජය ප‍්‍රවෘත්තිය දැනගන්නේ තමන් අත ඇති ස්මාට් දුරකථනයේ ඇති ෆේස් බුක් ගිණුමෙන්ය. මෙයින් අවුරුදු එකොලහකට පමණ කලින් සමාජ වෙබ් අඩවි යනුවෙන් සංකල්පයක් දැන සිටියේ නැත. 2004 පෙබරවාරියේ දී ආරම්භ වූ ෆේස් බුක් සමාජ ජාලා ක‍්‍රමයේ ගිණුම් ප‍්‍රමාණය මේ වන විට බිලියන දෙක ඉක්මවා වී ඇත. ශ‍්‍රී ලංකාවේ ෆේස් බුක් ගිණුම් ප‍්‍රමාණය ලක්ෂ විසි තුනක් පමණ බව අනාවරණය වෙයි. ෆේස් බුක්, ට්විටර් ඇතුළු සමාජ ජාලා වලින් තොරතුර දැනගන්නා සමාජය පුවත්පත කියවන්නේ එය තහවුරු කරගන්නටය.

මෙයින් පෙනෙන්නේ මාධ්‍යයේ බලවත්කම පමණක් නොව එය පැතිරි ඇති ආකාරයයි. මෙයින් දශකයකට දෙකකට කලින් ජනමාධ්‍ය සීමිත ව්‍යුහයකි. නමුත් අද එය පැතිරි ඇති ආකාරය අනුව ජන සමාජයේ සියලූම දෙනා ප‍්‍රවාත්ති බෙදාහරින මාධ්‍ය ආයතන බ`දුය. නමුත් මෙම අන්තර්ජාල මාධ්‍ය භාවිතාව මේ ආකාරයට ව්‍යාප්ත වන පසුබිම තුළ පවා සම්ප‍්‍රදායික මාධ්‍ය බලවත් තිරණාත්මක එකක් බව තහවුරු වී තිබේ. මාධ්‍ය පාලනය සහ මාධ්‍ය නිෂ්පාදනය කරන තොරතුරු සම්බන්ධව නීති පැනවීම ලෝකය පුරා නොයෙක් ආකාරයට අවධානයට ලක්ව ඇති කාරණයකි.

ඉන්දියාවේ හින්දු පත‍්‍රයේ හිටපු කර්තෘවරයා වූ එන්. රාම් මහතා පසුගියදා දිවයිනට පැමිණියේය. එස්මන්ඞ් වික‍්‍රමසිංහ වාර්ෂික මාධ්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස පැමිණ ඔහු පළ කරන ලද අදහස් සලකා බැලිය යුතු වැදගත් එකකි. අන්‍ය පාර්ශවයකින් රාමුව හදන්නට කලින් මාධ්‍ය ආයතන තුළින්ම තමන් එක`ගවන කාරණා ගැන ක‍්‍රමවේදයක් සකස් කරගත යුතු බව හෙතෙම පෙන්වා දෙයි. නරසිංහම් රාම් මහතා එම අදහස පළ කරන්නේ ඉන්දියාවේ පවතින තත්ත්වය සංසන්දනය කරමින්ය. ඉන්දියානු මාධ්‍ය විශාල ව්‍යාපාර, බලවත් දේශපාලනඥයන් අතට පත්ව ඇති අතර මාධ්‍ය හිමිකාරීත්වය සහ කර්තෘ මණ්ඩල අන්තර්ගතය පාලනය කිරීම එම පිරිස ගේ බලපෑමට ලක්ව ඇති බව අනාවරණය කරයි. පුවත්පත් සහ රූපවාහිනී ක්ෂේත‍්‍රයන් ගැන එතුමා ස`දහන් කරයි. මාධ්‍ය ඒකාධිකාරය සහ වෙළ`ද පොල වැඩිම කොටසක් හිමිකර ගැනීමට ඇති තර`ගයක් තිබේ. ඉන්දියානුවන්ට කතා කිරීමේ සහ ලිවිමේ නිදහස ලැබෙන්නේ 1952 තරම් ඈතක දී නමුත් තවමත් ඒ නිදහස සම්පූර්ණයෙන් ලැබී නැත. ඉන්දියාවේ මාධ්‍ය නිදහස අසම්පූර්ණ එකක් බව පෙන්වා දෙන රාම් මහතා ඉන්දියාවේ මාධ්‍ය වල බරපතලම ප‍්‍රශ්නය බවට පත්ව ඇත්තේ ආයතන පවත්වාගෙන යාමේ ව්‍යාපාරික ස්ථාවරත්වය සහ දේශපාලනික වශයෙන් බැ`දිම් නැතිව වර්ධනය වන තත්ත්වයකි. නිදහස් සහ ස්වාධීන මාධ්‍ය යනු වෙනස්කළ නොහැකි ඓතිහාසික කි‍්‍රයාවලියක් බව පෙනෙන බව ද රාම් මහතා කියන්නේය.

ඉන්දියාවේ මාධ්‍ය භාවිතාව මාධ්‍ය නිදහස සහ ඒ වෙනුවෙන් ඇති නොනවතින අභියෝග ගැන කියන රාම් ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්නට ඇති උවමනාව අවධාරණය කරයි. මාධ්‍ය නිදහස සහ එය ජනතාවාදී එකක් කරන්නට නම් සියලූ මාධ්‍ය අතර සම්බන්ධතාවයක් ඇතිවීම අවශ්‍ය බව ද කියා සිටින්නේය. මාධ්‍යවේදීන්ගේ අරමුණ සමාජය යහපත් එකක් කිරීමය නමුත් ඒ ස`දහා යන ගමන දැන්වීම්කරුවන්, ප‍්‍රචාරක ආයතන, සමාගම් ප‍්‍රධානීන් පමණක් නොව ජ්‍යෙශ්ඨ මාධ්‍යවේදින්ගෙන් එල්ල වන බලපෑම සැලකිය යුතු එකක් බව ද අ`ගවා තිබේ. මේ ආකාරයේ මාධ්‍ය ගැන අලූත් භූමිකාවකින් කතා කරන්නට රාම් මහතා සතු පුලූල් පරිචය ද සලකා බැලිය යුතු එකකි. හින්දු පුවත් පත ප‍්‍රකාශයට පත් කරන සමාගම් සමූහයේ ව්‍යාපාර සැලැස්ම වෙනස් කිරීම සමග කර්තෘ ධුරය වෙනුවට සමූහ ව්‍යාපාරයේ ඉහළ තනතුරකට පත් වූ හෙතෙම තම ඉන්දීය මාධ්‍ය අත්දැකීම් ගැන සාකච්ඡුා කරන්නේ සමස්ථයක් වශයෙන් කරන විග‍්‍රහයක් ආකාරයෙන් බව නිරීක්ෂණය කළ හැකිය.

රාම් මෙහෙයවන ලද හින්දු පත‍්‍රය ඉන්දිය මාධ්‍ය භාවිතාවේ විශාල පරාසයක් විහිදුන එකකි. එය එරට විකිණෙන අලෙවිය අතින් දෙවැනි තැන ගත් ඉංග‍්‍රීසි පුවත් පත වශයෙන් සැලකෙයි. මිලියන එකහමාරකට වඩා විකිණෙන හිනුද් පුවත්පත 1914 අවුරුද්දේ දී පළමු වතාවට අන්තර් ජාලයට එකතු වූ එරට පුවත්පත වනවා පමණක් නොව ඉන්දියාවේ එකිනෙකට වෙනස් ස්ථාන දහ හතරක සිට අන්තර්ගතය යම් යම් ආකාරයට වෙනස් කරමින් එකවර මුද්‍රණය කර බෙදාහැරෙන එකකි.

හින්දු පුවත් පත ප‍්‍රකාශයට පත්කරන සමූහ ව්‍යාපාරය අයත් පවුලට සම්බන්ධ අතිදක්ෂ මාධ්‍යවේදියෙකු ලෙස ගෞරවයට පාත‍්‍ර වී ඇති රාම් 1977 දී මාධ්‍ය ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ධුරයට සහ 2003 සිට නොබෝදා ඉවත්වන තුරු හින්දු පුවත් පතේ කර්තෘ ධුරය ද උසුලන්නේ ඉන්දියානු සමාජයට බලවත් මෙහෙවරක් ඉටු කරමින්ය.

ඉන්දියාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය සහිතව ආණ්ඩු කරන විශාලතම රටක් වන අතර එකිනෙකට වෙනස් ආගම්, භාෂා, කුල පදනම් සහිතව ඉතා පුලූල් මතවාද සහිත ජනතාවකගේ භූමියයි. අන්තර් ජාතිකව බලවත් අවධානයට ලක්ව ඇත්තේ ආර්ථික වර්ධනයෙන්පමණක් නොව විද්‍යාව සහ තාක්ෂණය පැත්තෙන් ඉදිරියට ගමන් කරන ආකාරය අනුවය. ඉන්දිය දේශපාලනය, ඉන්දියාවේ ව්‍යාපාර රට අභ්‍යන්තරය පමණක් නොව කලාපීය බලපෑමක් කරන තැනට පත්ව තිබේ. එක පැත්තකින් මාධ්‍ය භාවිතාව පමණක් නොව එරට අනන්‍යතාව සමග බලපවත්වමින් වෘත්තීය ගරුත්වය ඉහළම තැනට ගෙන යන්නට ඇති අභියෝගය සුළු පටු එකක් විය නොහැකි බව පැහැදිලිය. මෙරටට පැමිණි නරසිංහම් රාම් මහතා එස්මන්ඞ් වික‍්‍රමසිංහ ජනමාධ්‍ය සම්මානය ප5දානය කරන අවස්ථාවට සහභාගී වෙමින් ඉන්දියාවේ මාධ්‍ය පැවැත්ම ගැන සහ එහි ඉලක්ක ගැන සිය අභිලාශය ප‍්‍රකාශ කරන්නේ එහි එක්තරා පැත්තක් අනාවරණය කරමින්ය.

ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත‍්‍රය ද පවතින්නේ පරිවර්තිත යුගයකය. එක පැත්තකින් එය යුද පසුබිමක සිට සාමකාමී යුගයකට අවතීර්ණ වෙමින් තිබේ. අනෙක් පැත්තෙන් තාක්ෂණික අතින් සහමුලින්ම වෙනස් ආකාරයේ යුගයකට ඇතුලූ වෙමින් සිටී. ජනතාවගේ අපේක්ෂා සහ අභිලාශයන් දෝලනය වන්නේ ඉතාමත් සියුම් ආකාරයකටය. දේශපාලනය, ආර්ථිකය සමාජ අවශ්‍යතා සහ ගෝලීයකරණයේ ව්‍යුහය තුළ මෙරට මාධ්‍ය භූමිකාව තේරුම් ගන්නට ඉන්දියාවේ පැවැත්ම එක්තරා අත්දැකීමකි. හින්දු පුවත්පත මෙහෙයවාතමන් උපයාගත් අත්දැකීම් ඇසුරෙන් අදහස් පළ කරන ලද එන්. රාම් මහතාගේ සංක්ෂිප්තය විහිදුවා විචාරයකට ගමන් කිරීම ඉතාම වැදගත් කාරනයක් සේ පෙනේ.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.