» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
08/11/2015 - ඉරිදා ලංකාදීප
විරෝධතා වාර්තාකරණය සහ එයින් ඇති කරන පීඩනය

ශිෂ්‍ය අරගල අලූත් ඒවා නොවේ. පොලිසිය ශිෂ්‍ය අරගල, උද්ඝෝෂණ හෝ පෙලපාලි පාලනය කරන ආකාරය නොඑසේනම් පහරදීම ද අසාමාන්‍ය එකක් නොවේ. නොබෝදා නැවත වතාවක් විරෝධතා වල නිරත තරුණ දරුවන්ට පොලිසිය පහරදෙන ආකාරය පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

වචන දහස් ගණනකින් කියන්නට බැරි සංවේදී සිද්ධි එක ජායාරූපයකින් නිරුපනය කිරීම මාධ්‍යයේ බලවත්කම පෙන්වන අවස්ථාවකි. මාධ්‍ය මගින් සිද්ධි වාර්තා කරන ආකාරය දෙස බලා නඩු අහන්නට යාම බරපතල කාරණයක් බව ස`දහන් කළ යුතුය. සිද්ධිය වාර්තා කරන ලද ආකාරය දෙස බලා සමාජ මතයක් නැගෙන විට පොලිසිය කරන්නේ මාධ්‍ය ඉදිරියට පැමිණ පුවත් පත් සාකච්ඡුා පවත්වමින් උත්තර බැ`දීම බව පෙනේ. මාධ්‍ය වාර්තා අනුව සලකා බලා වැරදිකරු හෝ නිවැරදිකරු තෝරා බේරා ගන්නට උත්සුකවීම සුදුසු නැත. මාධ්‍ය වාර්තා දෙස බලා නඩු අහන්නට යාම සහ එයට අනුව හැ`ගීම් වලින් තීන්දු ගැනීම නුසුදුසු තත්ත්වයකි. සිද්ධියක හො`ද නරක අතර බෙදුම් රේඛාව අ`දින්නට පාලන ක‍්‍රමය තුළ ඉඩ තිබිය යුතු අතර එය මාධ්‍ය වාර්තා අනුව තීරණය කිරීම ගැටලූ සහගතය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය තුළ විරෝධතාව අයිතියකි. අසාධාරණයට පත් පාර්ශවයට තම මතය ඉදිරිපත් කිරීමට තැනක් තිබිය යුතුය. පාලකයන් සාකච්ඡුාවෙන් සංවාදයෙන් අහන්නට සූදානම් නැති බව පෙනෙන අවස්ථාවක අවධාරණය වෙනුවෙන් පාරට බැස විරෝධතා දක්වන සූදානම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජය තුළ අපේක්ෂා කළ යුතු තත්ත්වයකි. මෙම උද්ඝෝෂණ හෝ විරෝධතා වලදී සමාජයේ සෙසු පිරිසට හිරිහැරයක්, අපහසුවක් නොවෙන ආකාරයට කරන්නට උපරිම උත්සාහ දරන්නට අවශ්‍යය.

අද පවතින්නේ රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග තහවුරුවෙමින් පවතින වකවානුවකි. යුද කාලයේ දී හමුදාවට සම්බන්ධ වී සිටි පොලිසිය සාමය බලපවත්වන අවස්ථාවේ දී සමාජයට සම්බන්ධ විය යුතුය. සමාජය හැසිරෙන ආකාරය තේරුම් ගැනීමට පොලිස් සේවාව උනන්දු වියයුතුය. පෙනෙන ආකාරයට තවමත් හුරුවෙමින් පවතින්නේ එයටය. ඉවසිලිවන්ත සහ අනෙක් පාර්ශවයේ මතයට ඉඩ දෙන ලෙස සූක්ෂම ආකාරයට ක‍්‍රියාකරන්නට පොලිසියට වගකීමක් තිබේ. ලෝකයේ වෙනත් රටවල කැරළි මර්දනය විශේෂිත වගකීමක් ඇති කාර්යයකි. ගැටෙන්නට සූදානමින් එන පිරිසක් සමග නොගැටෙන අන්දමට ක‍්‍රියා කිරීමය. ඒ වෙනුවෙන් විශේෂ පුහුණුවක් ලැබේ. තෝරා ගන්නේ හො`දට පසුබිම සොයා බැලීමෙන්ය. ශ‍්‍රී ලංකාවේ ද කැරළි මර්දන ඒකකයක් තිබේ. ඒ අයට ද පුහුණුවක් දෙයි. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැඩෙන එහි ගුණාංග තහවුරු වන ආකාරය අනුව කැරළි මර්දනය ද විශේෂිත ආකාරයට හැඩගැසෙන්නට අවශ්‍ය බව පැහැදිලිව පෙනෙන කාරණයකි. ප්ලේටෝ ආරක්ෂක අංශයේ මුරකාර භූමිකාව විග‍්‍රහ කර තිබේ. ඒ අනුව හාම්පුතා සතුරන්ගෙන් ආරක්ෂා කළ යුතුය. හාම්පුතාගේ වගකීම ආරක්ෂක අංශය හො`දින් සලකා බලාගැනීමය. පොලිසිය කරන්නේ ආණ්ඩුව නියමකර ඇති කාර්යයි. ඒ වෙනුවෙන් පෙනී සිටීමේ දී පියවර ගණනාවක් පසු කරන බව නිසැකය. පොලිසිය පැමිණි වහා දරුවන්ට පහර දෙන්නට පටන් ගන්නේන නැත. දරුවන් ද එක වරම ප‍්‍රකෝපකාරීව පොලිසිය හා ගැටෙන්නේ නැත. අවසානයේ මාධ්‍යයෙන් අනාවරණය කරන එක පින්තූරයකින් සියලූ දේ තීන්දු කරන්නට යාම සුදුසුද?

අමානුෂික බැටන් ප‍්‍රහාරයක් වාර්තා කරන මාධ්‍ය භාවිතාව තුළ ඇති අන්තර්ගතය අධ්‍යයනය කරන්නට අවශ්‍යය. විරෝධතාවයෙහි නිරත දරුවන්ගේ පීඩනය මුලින් අවබෝධ කරගත යුතුය. වාර්තාකරණය එකකි. එහි අභ්‍යන්තරය ගැන පැති තුනක් තිබේ. එහි පළමුවගකීම දේශපාලනඥයන්ටය. දේශපාලනඥයන් යනු මහජන නියෝජිතයන්ය. ජනතාවට දැනෙන ප‍්‍රශ්න ගැන අවබෝධයක් නැති වෙන්නට නොහැකිය. මෙවැනි ප‍්‍රශ්න ඇති විට ඒවා ගැන විමර්ෂණය කරන විට එකවරම උත්තර නැත. නමුත් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් ලබා දිය හැකි විස`දුම් ගැන සංවාදයක් තිබුණේ නම් මෙවැනි ගැටුමක් වාර්තා කරන්නට සිදුවෙන්නේ නැත. උද්ඝෝෂණය ඉදිරියට එන විට හැසිරෙන්නේ කොහොම දැයි තීරණය කරන්නට පොලිසියට වගකීමක් තිබේ. දරුවන්ගේ ප‍්‍රශ්න සහ ආණ්ඩුවේ විස`දුම අතර ඝර්ෂණය වලක්වන්නට ක‍්‍රියා කළ යුතුව තිබූ පොලිසිය දරුවන්ගේ පිඩනයෙන් රත්වන අතර පුපුරා යන්නේ ආණ්ඩුව වෙනුවෙන්ය. පැහැදිලිව පෙනෙන ස්වභාවය එයයි. අනෙක් පැත්තෙන් සමාජයට ද තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගැනීම ගැන මධ්‍යස්ථ භාවයක් තිබිය යුතුය. දිනාගත හැකි ඉලක්ක ඇති අතර ඒවා අත්පත් කරගත යුතු සර්ව සාධාරණ ආකාරයෙන්ය. තම අරමුණ පමණක් නොව සමාජ තුලනයට එයින් අපහසුවක් ඇති කරන්නේ නම් අරමුණ දිනා ගැනීම පලක් නැත. තරුණ දරුවන් මෙහෙයවන සංවිධාන උද්ඝෝෂණ සහ විරෝධතා වලට එන්නට කලින් උපදේශනයකට යා යුතුය. මැදිහත්ව සිතන ආණ්ඩුව සහ නිලධාරීන් සමග සන්නිවේදනයකට යා හැකි කොටසක් සමග තමන් මුහුණ දෙන පීඩනය ගැන සාකච්ඡුා කළ යුතුය. එවැනි සංවාද මගින් තහවුරු වෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. ප‍්‍රක්‍ාතන්ත‍්‍රවාදී රටක විරෝධතාවයට අයිතියක් ඇති ආකාරයටම එය කරා ගමන් කිරීම ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී නැඹුරුවක් තිබීම අවශ්‍යම කාරණයකි.

තරුණ දරුවන් මෙම සිිසු උද්ඝෝෂණයේ දී මුහුණ දුන් තත්ත්වයම මේ රටේ සිදුවන සෑම උද්ඝෝෂණයකම අවසාන ඉලක්කය බවට පත්විය යුතු නැත. පෙලපාලියෙන් පැමිණ නගරය අවහිර කර අවසානයේ දී පොලිසිය සමග ගැටුම ඇති කරගන්නට කලින් සියලූ පාර්ශව තමන්ගේ වගකීම් සහ යුතුකම් ගැන දීර්ඝව අවධානය යොමු කිරීම සුදුසුය. ජනතාවට තමන්ගේ විරෝධතා වගකීමක් ඇතිව මෙහෙැයැවීමේ වගකීමක් තිබේ. පොලිසියට සාමාන්‍ය ජනතාව වෛරක්කාරයන් ලෙස දකින්නට කලින් වගකීමක් ඇතිව ගැටුමක් ඇති කර නොගන්නේ කෙසේදැයි හිතා බැලීම වැදගත්ය. දේශපාලනඥයන්ට දුර දිග බලා රට තුළ ප‍්‍රතිපත්ති තීරණ වෙනුවෙන් ක‍්‍රියා කිරීමේ කාර්ය භාරයක් තිබේ. අවසානයේ දී මෙම විරෝධතා සහ නොසන්සුන්කම් සියල්ල ආර්ථිකයේ ගැටලූය. තමන්ට පහසුවෙන් ජීවත්විය නොහැකි පසුබිමක් තුළ ඇති වන අර්බුදයන්ය. ජනතාවගේ අධ්‍යාශය සහ සැනසිලි දායක ලෙස ජීවත්වෙන්නට රට වැසියන්ට ඇති ඕනෑකම හ`දුනාගෙන ඒ වෙනුවෙන් පහසුකම් සැපයීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ආණ්ඩුවක අවසාන ඉලක්කය විය යුතුය. අරගලය මර්දනය කරන විට එම අරගලයට පසුබිම් වූ හේතු සොයා බැලීම ඉතාම වැදගත්ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මාධ්‍ය භාවිතාවට විශේෂ කාර්යභාරයක් තිබේ. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය හැරුණ විට හතරවැනි මානය වශයෙන් ගැනෙන්නේ මාධ්‍යයයි. මාධ්‍ය වාර්තාකරණයේ දී ගැටුම පෙන්වා විශාල අවධානයක් ඇති කරන අතර ඒ පිටුපස ඇති සියලූ පැති පෙන්වා සාකච්ඡුා කර වගකිවයුතු අංශ වල අවධානයට ලක් කරන්නට අවශ්‍යය. නිතිපතා අවදියෙන් සිටින අතර ලෝකයේ වෙනත් රටවල පවතින තත්ත්ව පෙන්වා දී අපට ගැලපෙන ක‍්‍රමය කුමක් දයන් සාවදානයෙන් සමාජයෙන් විමසා බලන ක‍්‍රමයකට ගමන් කළ යුතුය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් පොහොසත් නමුත් ශ‍්‍රී ලංකාව තවමත් ගමන් කරමින් සිටින්නේ ගැටුම් සහගත තැනින් එළියටය. අවුරුදු තිහක් සමාජය තුළ පැවැතුනේ ගැටුම් සහ මර්දනයයි. මර්දනය නොවන ආකාරයට අදහස් මතු කරගන්නේ කෙසේදැයි විමසා බලන්නට රටට තවමත් හැකියාවක් ලැබී නැත.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.