අන්තර් ජාලය ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය ආක‍්‍රමණය කර වැඩි කාලයක් ගත වී නැත. නමුත් මෙම කාලය තුළ ජන සමාජය ප‍්‍රවෘත්ති පරිභෝජනය කරන ආකාරය කෙරෙහි සියුම් බලපෑමක් කරන්නට අන්තර් ජාලය සමත්ව තිබේ. ශ‍්‍රී ලාංකේය සමාජයේ පවා අද වන විට ප‍්‍රවෘත්තිය ගන්නේ අන්තර් ජාලයෙන්ය. සමාජ මාධ්‍ය මගින්ය. පුවත් පත ඇතුළු සම්ප‍්‍රදායික මාධ්‍ය භාවිතා කරන්නේ එම ප‍්‍රවෘත්ති තහවුරු කර සමාජගත ගැනීමට බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.
ජාත්‍යන්තරයේ සිදුවන්නේ කුමක්ද? ඇමේසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බිසෝස් මෙයින් අවුරුදු දෙකකට කලින් ඇමරිකාවේ, වොෂින්ටන් පෝස්ට් පුවත් පත මිලදී ගනියි. එම මිලදි ගැනීම ආන්දෝලනාත්මක නමුත් ඒ වන විට පැවැති අන්තර්ගතය තුළ ප‍්‍රමුඛ වෙනස්කම් කරන්නට හෙතෙම මෙතෙක් උත්සාහ දරා නැත. මෙම ගනුදෙනුව ගැන ජාත්‍යන්තර ප‍්‍රජාව විමසිලිමත්වන විට එක වතාවක් හෙතෙම අදහස් පළ කිරීමක දී කියා සිටියේ පුවත්පත් කර්මාන්තය ගැන අමුතුවෙන් දෙයක් දන්නේ නැති බවය. ඊ කොමස් නමැති අන්තර් ජාල වෙළ`දාම ආරම්භ කර ලෝකයට අලූත් අදහසක් ඇති කර සහ ඇමරිකානු ඩොලර් බිලියනපති ධන කුවේරයන්ගේ සාමාජිකයෙකු වූ හෙතෙම මාධ්‍ය කර්මාන්තයට අත පොවන්නේ ඇයි? ඒ ආකාරයටම චීනයේ ප‍්‍රධාන පුවත් පතක් වූ සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පත මිලදී ගන්නට එරට තවත් ධන කුවේරයෙකු මෑතක දී තීන්දුවක් ගත්තේය. ජැක් මා යනුවෙන් ප‍්‍රකට ඔහු ද තාක්ෂණයට සම්බන්ධය. ඊ කොමස් ක‍්‍රමය අනුව භාණ්ඩ හුවමාරු කරන අලිබාබා සමාගම ආරම්භ කර ධනවත් සමාජයට එකතු වූ හෙතෙම චයිනා මෝනිං පෝස්ට් පුවත්පතට තමන්ගේ සමාගම් අතරට එකතු කර ගන්නේ ලෝක අවධානය දිනා ගනිමින්ය.
මෙම ගනු දෙනු මගින් පසු ඇමරිකාවේ සහ චීනයේ පුවත් පත් කර්මාන්තය යොමු විය හැකි නව පැති ගැන බලවත් කුතුහලයක් ඇති වි තිබේ. ඇමරිකාව ලෝක බලවතාය. වෙළඳ පොල අයිතිය සහ ලෝකයේ විශාලතම ආර්ථිකය ඇති රටයි. චීනය තරඟ කරමින් සිටින්නේ ඇමරිකාව සමගය. දැනට විශාලතම පරිභෝජන වෙළඳ පොල සමග තමන්ගේම ආවේනික රටාවකකට ලෝකය තුළ හැසිරෙමින් සිටින චීනය ඇමරිකාව මෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට නැඹුරු නැති නමුත් තමන්ගේ අනන්‍ය ක‍්‍රමයකට නතු බලවත් රටකි. මෙම රටවල් දෙක තුළ නැගී එන අලූත් ව්‍යවසාය මෙහෙයවන පමණක් නොව ඉතා ධනවත් ව්‍යාපාරිකයන් වන ජෙෆ් බිසෝස් සහ ජැක් මා සම්ප‍්‍රදායික පුවත්පත් කර්මාන්තයේ අයිතිකරුවන් වන්නට තිරණය කරන්නේ මන්ද? වොෂින්ටන් පෝස්ට් පුවත්පත ලාභ උපයන වයාපාරයක් නොවන බව ප‍්‍රකට අතර චයිනා මෝනිං පෝස්ට් පුවත් පත ද විශාල වශයෙන් ලාභ ගෙන දෙන ව්‍යාපාරයක් නොවන බව මූල්‍ය තක්සේරු කරුවන්ගේ විග‍්‍රහයයි.
එවැනි පසුබිමක් පවතින නමුත් මෙම ගනුදෙනු සම්බන්ධ විශ්ලේෂණයක් කරන මතධාරීහු යම් ආකාරයක වෙනස් සහ අලූත් දෙයක් නුදුරු කාලයේ සිදුවිය හැකි බවට උපේක්ෂා සහගත වෙති. මාධ්‍ය කර්මාන්තය පරිවර්තනය වෙමින් තිබේ. අන්තර් ජාලය තොරතුරු බෙදා හරින ප‍්‍රධාන ප‍්‍රවාහයයි. අද වන විට ලෝකයේ හරි අඩක් අන්තර් ජාල සම්බන්ධතා සහිත වන අතර මෙම ප‍්‍රමාණය වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. අන්තර් ජාලය පරිහරණය කරන සමාජය තොරතුරු කියවන්නේ සම්ප‍්‍රදායික පුවත් පතෙන් නොවේ. අත ඇති ස්මාට් දුරකථනයෙන්ය. සම්ප‍්‍රදායික පුවත් පත් අතර නමක් ඇති වොෂින්ටන් පෝස්ට් සහ චයිනා මෝනිං පෝස්ට් යන පුවත්පත් දෙක ඊ කොමස් භාවිතා කරන ඇමේසන් සහ අලිබාබා වැනි සමාගම් භාරයට පත්වන විට මාධ්‍ය කර්මාන්තයේ ඊළඟ පිම්ම කොයි ආකාරයට සිදුවිය හැකි දැයි යන අවධානය තියුණුවීම ස්වභාවිකය.
අන්තර් ජාල ප‍්‍රවෘත්ති සන්නිවේදනය ලෝක ජන මාධ්‍ය භාවිතාව රාමු කරන ආකාරය දෙස අවධානය යොමු කරන විට ශ‍්‍රී ලංකාවේ අන්තර් ජාල තොරතුරු සන්නිවේදනයෙහි භාවිතාව ගමන් කරමින් සිටින දිසාව කෙරෙහි සැලකිල්ලක් දැක්විය යුතුය. ශ‍්‍රී ලංකාවේ බහුලව කියැවෙන බව දක්වන ප‍්‍රධාන වෙබ් පුවත් පත් පවා බොහෝ විට පළ කරන්නේ ඇත්ත තොරතුරු නොවේ. සමාජ වෙබ් ජාලා වල හුවමාරු වෙන්නේ දැනුම වෙනුවට ඕපාදුප බව හඳුනාගත හැකිය. ඒවායේ දැනුම වෙනුවට බාල තොරතුරු බහුලය. ප‍්‍රසිද්ධ මාධ්‍යයේ නොකියැවෙන සංස්කරණය කරන තොරතුරු ඒවායෙන් එළියට එයි. තව දුරටත් ඇත්තේ බාල මඩ ගසා ගැනීම්ය. එයින් සන්නිවේදන ගමනට ඇති කරන පිටිවහල කුමක්ද? අප සාකච්ඡා කිරීම වැදගත්ය. ඇමේසන් සහ අලිබාබා වැනි ලෝක ප‍්‍රකට සමාගම් වොෂින්ටන් පෝස්ට් සහ චයිනා මෝනිං පෝස්ට් වැනි පුවත් පත් මිලදී ගන්නේ ඇයි? මෙම පුවත් පත් එහි නව අයිතිකරුවන් යෙදී සිටින ක්ෂේත‍්‍ර අනුව අලූත් අන්තර් ජාල මුහුණුවරක් ගතහොත් ඒවා පළ කරන්නේ පටු ඒපාදුප වෙනුවෙන් ද?
අනාගතයේ දී මාධ්‍ය භූමිකාවේ ප‍්‍රධාන කාර්ය භාරයක් අන්තර් ජාල පුවත් පත් හා වෙබ් අඩවි වලට හිමිවිය හැකිය. පුවත් පත පමණක් නොව සියලූ විද්‍යුත් මාධ්‍ය පවා අලූත් රාමුවක් තුළ නවීන තාක්ෂණ යුගයට ඇතුලූ විය හැකිය. තව දුරටත් එක සමාජයක එක ජන කොටසකට පමණක් සන්නිවේදනය කරන ව්‍යුහ විය නොහැකිය. ඒවා ගමන් කරන්නට ඉඩ ඇත්තේ විශ්ව සන්නිවේදනය යුගයකටය. එක ස්ක‍්‍රීන් එකක පුවත්පත ගුවන් විදුලිය සහ රූපවාහිනිය වෙනුවෙන් ඇප් ඇතිවිය හැකිය. කරුණු මෙසේ හෙයින් එකී විස්මිත මාධ්‍ය භාවිතාව තුළ ශ‍්‍රී ලංකාවේ දැක්ම කෙබඳු ආකාරයක වගකීමක් උසුලන්නට සූදානම් දැයි විමසා බැලීම අවශ්‍යය.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|