» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
05/04/2015 - ඉරිදා ලංකාදීප
නූතන මාධ්‍යයේ භූමිකාව විචාරයට ලක්කිරීමේ අවශ්‍යතාව - මිලින්ද මොරගොඩ

මාධ්‍ය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? එය ඉතා සංකීර්ණ ව්‍යුහයකි. ජන සමාජය දැනුම්වත් කරන්නට තොරතුරු සම්පාදනය කරයි. මාධ්‍ය යනු මෙයින් සියවස් කිහිපයකට කලින් හුදෙක් කතාබහට සීමා වූ මුද්‍රණයක් රහිත ජන ව්‍යවහාරයක් පමණකි. මෙම ව්‍යවහාරය තුළ තොරතුරු යනු සීමිත අවකාශයකි. නමුත් මෙම සීමිත සන්නිවේදනය ජනශ‍්‍රැතියකි. බුදු දහම සියවස් ගණනක් පැවතුණේ කටින් කට යමින්ය. මුද්‍රණය වන්නට කලින් කරන ලද බුදු දහමින් කරන ලද සන්නිවේදන මෙහෙවර සලකා බැලිය යුතුය.

මුල් යුගයේ රාජ්‍යයේ සිදුවන දේ දැනුම් ජනතාවට දුන්නේ මුද්‍රණයෙන් පළවූ නිවේදනයන්ය. ඒවා නියෝග හෝ බලහත්කාරයෙන් කළ පැවරීම්ය. සන්නිවේදනයේ බලය උපයෝගී කරගත්තේ පාලකයන්ය. ජනතාවට දැනුම් දිය යුතු නීති විධි විධාන සන්නිවේදන භාවිතාවේ වැඩි අවකාශයක් අත්පත් කරගත්තේය.

යුග පෙරැුළි සිදුවන විට මාධ්‍ය සම්බන්ධ භූමිකාව ද ක‍්‍රමිකව පරිවර්තනය විය. පාලකයයන් දැනුම් දිය යුතු තොරතුරු පමණක් නොව අභ්‍යන්තරයේ සිදුවන දේ ජනතාව දැනන්නේ ද මුද්‍රිත මාධ්‍ය භාවිතාවත් සමගය. මුද්‍රණ යන්ත‍්‍රය එකී සන්නිවේදනය කෘත්‍ය ඉටුකරයි. ආගමික ප‍්‍රබෝධය ඇතිවන්නේ මුද්‍රණය කරන ලද කෘති සමගය. දේශපාලන කතිකාව පුලූල් වන්නේ මුද්‍රණය භාවිතාවෙන්ය. ඇමරිකාව, ප‍්‍රංශය වැනි රටවල ප‍්‍රතිසංස්කරණ වලට බලපාන්නේ මුද්‍රණය කරන ලද පති‍්‍රකා බෙදා හරිමින් ජන මතයක් ඇති කරමින්ය. එහි ප‍්‍රතිඵලයවූයේ පාලකයන් ගැන තොරතුරු අනාවරණය වීමය. අධිරාජ්‍ය රාමුව බි`ද රාජ්‍ය බිහිවන්නේය. ක‍්‍රමානුකූලව නිදහස් ස්වෛරී ආණ්ඩු ලොව පුරා ඇති වෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් පාලනයට එකතුවෙයි. මෙම ආණ්ඩු පත් කරන්නේ ජනතාවයි. ජනතා කැමැත්තෙන්ය. ජනතා කැමැත්තෙන් කරන පාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී එකකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැතිරෙන්නේ මහජන නියෝජනය පදනම් කරගනිමින්ය. ජනතාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලකයන් අතර සංවාදය පවත්වාගෙන යාමේ වගකීම මාධ්‍ය වෙත පැවරෙයි. මුද්‍රිත මාධ්‍යයේ සන්නිවේදන කාර්යභාරය තාක්ෂණය සමග එකතු වී ලෝක ව්‍යාප්ත දැනුම සහ තොරතුරු බෙදා හරින පුලූල් ජාලයක් බවට පත්ව තිබේ.

පුවත් පත් යුගයට පසු මාධ්‍ය භාවිතාවට ඇතුළු වන්නේ ගුවන් විදුලිය, රූපවාහිනිය යන අංශයන්ය. ඒවා පවා අද දේශ සීමා රහිතව ලෝකයේ සන්නිවේදන බාධා රහිත අන්තර් ජාල විකාශ බවට පත්ව තිබේ. එය වඩා පුලූල් සහ සංකීර්ණ ස්වභාවයක් ගෙන ඇත්තේ සයිබර් අවකාශය සමගය. වෙබ් අඩවි, ෆේස් බුක්, ට්විටර් වැනි සමාජ සන්නිවේදන මෙවලම් සහ ස්කයිප් සහ වයිබර් වැනි නිදහස් සන්නිවේදන අංශ ඉතාමත් සංකීර්ණ ආකාරයට තොරතුරු හුවමාරුවට අවස්ථා සම්පාදනය කර තිබේ. මෙම තොරතුරු ජාලා වල සමස්ථ විශ්වය සම්බන්ධ අසීමිත තොරතුරු ප‍්‍රමාණයක් එකතු වී ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දී තිබේ. අද පවතින තොරතුරු යුගය තුළ පණිවුඩය ලැබෙන පොදු ජනතාව තොරතුරු අතිිරික්තයකින් සිටින අතර මෙම අධි තොරතුරු සැපයුම හමුවේ සන්නිවේදනය බලවත් ගැටලූවක් බවට පත්ව ඇතැයි පර්යේෂණ විශේෂඥයන්ගේ අදහස වී තිබේ. මේ අනුව තොරතුර ලැබෙන පුද්ගලයා අතට එහි විවිධ පැතිකඩ වලින් විවිධ මාන ඔස්සේ එකිනෙකට වෙනස් අදහස් සම්භාරයක් ලැබෙන අතර ඒවා එකිනෙක අවබෝධ කරගෙන විග‍්‍රහයකින් පසු ඇත්ත සහ තමන්ට අවශ්‍ය තොරතුර කුමක්දැයි වටහා ගැනීමට සිදුව තිබෙන බව පෙනේ.

එපමණක් නොවේ. පසුගිය සියවසේ ඉදිරියෙන් සිටියේ මුද්‍රිත මාධ්‍යයයි. විද්‍යුත් මාධ්‍ය එය අභිබවා ගොස් ඉක්මනින් තොරතුර ඉදිරිපත් කරමින් ග‍්‍රාහකයා ආකර්ශනය කරගත්තේය. වර්තමානය වන විට සමාජ මාධ්‍ය මෙම අංශ දෙකම ඉක්මවා යමින් ක්ෂණයෙන් තොරතුරු ඉදිරිපත් කරන ආකාරයකට ප‍්‍රවේශය සකස් කරගෙන ඇත. මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක සංස්කාරකවරයෙකුට යටත්ය. මෙම සංස්කාරකවරයා පුලූල් අවබෝධයක් ඇති එක්තරා පංතියක් නියෝජනය කරන්නේය. නව මාධ්‍ය මෙම පංතිය බි`ද අලූත් තොරතුරු යුගයක් ඇතිකරන අතර මාධ්‍ය අයිතිකාරීත්වය එක්තරා කොටසකට පමණක් සීමා වීම ගැන තිබූ විවේචනයට සාපේක්ෂව වගකීමක් ඇතිව කි‍්‍රයා කරන්නේද යන ප‍්‍රශ්නය සමාජ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් ඇතිවී තිබේ. පංති බේධයක් තොරව තොරතුරු හුවමාරුවට අවස්ථාව ලැබී ඇති නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ සියලූම දෙනා සම්බන්ධවීමෙන් තොරතුරු ඝෝෂාවක් හටගෙන ඇති අතර එය තුළින් තොරතුරු දැනගැනීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්නේයැයි යන සංකල්පය තහවුරු නොවේ.

ජනමාධ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක හතරවැනි මානය බව පිළිගැනීමය. ව්‍යවස්ථාව, විධායකය සහ අධිකරණය හැරුණවිට ජන සම්මතවාදය ආරක්ෂා කරන බලවේගය බවට පත්ව ඇත්තේ ජනමාධ්‍ය භාවිතාවයි. ජනතාව වෙනුවෙන් පෙනී සිටින, ජන අයිතීන් ආරක්ෂා කරන ජන මාධ්‍ය ක්ෂේත‍්‍රය විශ්ව බලවේගයකි. පාලකයන්ගේ නිවේදන වලට මුල් තැනක් දුන් මාධ්‍ය අද සන්නිවේදනය කරන්නේ ජනතාවගේ මතයයි. මේ අනුව ජන මතය වෙනුවෙන් ඉඩ දෙන මාධ්‍ය පවතින සමාජ ගෝලීයකරණ ස්වභාවය හමුවේ ඉටු කරමින් සිටින කෘත්‍ය කවරේදැයි විග‍්‍රහයකට යා යුතුය. දේශ සීමා බැ`දීම් තුරන් කරන පුලූල් බලවේගයක් ලෙස පාඨකයා හෝ පේක්ෂකයා අතට ලැබෙන ප‍්‍රවෘත්තිය තුළ නොකියැවෙන පණිවුඩය කුමක්දැයි වටහා ගැනීමට අපට අයිතියක් තිබේ. සන්නිවේදනය කරන යම් තොරතුරක අභ්‍යන්තරය විමසා එය තුළින් ඉදිරිපත් කරන යටි පෙළ වටහා ගැනීමට නොහැකි ජන කොටස දෙස බලන වගකීම් සහගත කාර්ය භාරයක් තිබේ. මාධ්‍ය මගින් විකාශය කරන තොරතුරක ද්‍රෘෂ්ටිය කුමක්දැයි වටහා ගන්නට මාධ්‍ය ඇසුරුකරන සියළුම ජන කොටස් සමත්වන්නේ නැත. තමන්ට ලැබෙන තොරතුරෙහි ස්වභාවය සහ එය වටහා ගැනීමට ඇති ඥාණය සමග අනන්‍ය කර ගන්නට ජනතාවට සිදුව තිබේ. මේ අනුව මාධ්‍ය සන්නිවේදනයේ දී සිදුවෙමින් පවතින්නේ ජනතාව ඥාණනය කිරීමේ ක‍්‍රියාවලියක් නොව ජනතාව යම් ආකාරයකට රාමුගත කර පාලකයන්ට හෝ මාධ්‍ය පාලනය කරන අංශ වලට අවශ්‍ය පරිදි මතය හැසිරවීමේ ක‍්‍රියා පටිපාටියක් බව අවබෝධ කරගත යුතුව ඇත.

මෙයට අමතර වශයෙන් අද පවතින තත්ත්වය අනුව ලෝකයේ ව්‍යුහය ඉතාමත් සංකීර්ණ එකකි. සමාජ ආර්ථික අවශ්‍යතා පදනම් කරගෙන රටවල් එකතු වෙයි. අලූත් අදහස් සහ වාද විවාද අවසානයේ රටවල් බෙදී අලූත් සමාජ බිහිවෙයි. සම්ප‍්‍රදායික නායකත්වයන්ට අලූත් පරම්පරාවේ අභියෝග හමුවෙයි. රටවල් වලට වඩා පුබල පුද්ගලයන්, සංවිධාන සහ ව්‍යාපාර බිහිවී තිබේ. ආණ්ඩු ඇති කරන්නටත්, ජනතා මතය අවුලූවා ආණ්ඩු බලයෙන් පහ කරන්නටත් මාධ්‍ය මෙහෙයැවීම අනුව සමත්වී ඇති ආකාරය ගැන විද්වත් පර්යේෂණ සිදුකර තිබේ. ලෝකයේ සිදුවන වෙනස්කම් සමග ජන කොටස් මුහුණ දෙන අභියෝග තේරුම් ගැනීම වැදගත්ය. මෙම ව්‍යුහය දෙස වඩා විචාරශීලීව සලකා යම් සාධනීය යුක්තවේදී විචාරයකට යා යුතුව තිබේ.

අද වන විට සමාජ ක‍්‍රම නිර්මාණය වන්නේ් නොසිතන සහ සංකීර්ණ ආකාරයකටය. මතවාද නැගෙමින් යළි අලූත් අවකාශ තැනෙමින්ය. මාධ්‍ය ඔස්සේ මෙම මත සම්පාදනය කරන්නේ සමාජ සත්භාවයක් අරමුණු කරගෙන කොතැනින් ද යන ප‍්‍රශ්නය අප විස`දා ගත යුතුය. මත ගොඩනගන්නේ වගකිමක් ඇතිව ද යන කාරණය ගැඹුරින් විමසා බලන්නට අවශ්‍යය. මාධ්‍ය සන්නිවේදනයේ මූලික අවධියේ දී එය සංස්කරකවරයෙකුට යටත් බුද්ධිමය කි‍්‍රයාවලියකි. තවමත් එය පූර්ණ වශයෙන් බැහැර වී නැත. සංස්කාරකවරයා තමන්ට ලැබෙන තොරතුර සම්පූර්ණයෙන්ම ඉදිරිපත් නොකරන්නේය. සමාජය තුළට එය නිදහස් කිරීමෙන් ආර්ථික සමාජයීය සහ දේශපාලනික වශයෙන් සිදුවිය හැකි කෙටි සහ දීර්ඝ කාලීන බලපෑම ගැන ඔහු විවේචනයක යෙදේ. මේ ස`දහා සම්බන්ධ වන සංස්කාරක මණ්ඩලයක් සිටී. මෙම සංස්කාරක මණ්ඩලයේ අනුදැනුම ඇතිව තොරතුර සමාජගත වෙයි.

නමුත් අද තොරතුර නිකුත් වන්නේ ක්ෂණයකින්ය. එහි සංස්කරණයක් නැත. කොතැනක හෝ සිදුවන දේ ඒ ආකාරයෙන්ම නිකුත්වන අතර එයින් සිදුවන බලපෑම, යම් ආකාරයක අගතිය හෝ ජන විඥාණයට කරන බලපෑම විමසා බලන්නට අවශ්‍යය. මාධ්‍ය කෘත්‍ය තුළ සිදුවන්නේ කුමක්දැයි විමසා බැලීම මෙම තීරු ලිපියේ අරමුණය. නවමාධ්‍ය භාවිතාව පුවත්පත සතු වගකීම ගැන ගැඹුරෙන් විමසීමට මෙම තීරු ලිපියේ ඉඩ කඩ වෙන් කරන්නේය. තොරතුරක් ලැබුණ පමණින් වටහා ගැනිමට ඔබ්බෙන් ඇති ව්‍යුහය අවබෝධ කරගන්නට යම් ආකාරයක සාධාරණ සාකච්ඡුාවක් ඇති කරන්නට මෙයින් ප‍්‍රයත්නයක් දරනු ඇත.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.