» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/10/2015 - ඉරිදා ලංකාදීප
පර්යේෂණ සහ අධ්‍යයන අභ්‍යාසයන්හි නිරතවීමේ වැදගත්කම

අලූත් පාර්ලිමේන්තුවක් පත්ව තිබේ. අලූත් ඇමති මණ්ඩලයක් පමණක් නොව අලූත් ආකෘතියක් ද එයින් අනාවරණය කරයි. ප‍්‍රධාන පක්ෂ දෙක එකතුව රටේ මූලික ගැටලූ විස`දා ගැනීමට යම් සම්මුතියකට ප‍්‍රවේශ වී තිබේ. එය නිදහසට පසු ගත වූ කාලය තුළ මෙතෙක් අත්වි`දින්නට නොලැබුණ අවස්ථාවකි. මෙතෙක් ක‍්‍රියා කරමින් තිබූ පාර්ලිමේන්තු ක‍්‍රමය වෙනුවට ප‍්‍රශ්නයක් දෙස එකට එකතුවී බලන්නට මෙයින් මග පෑදී ඇති බව පිළිගත යුතුය. මෙතෙක් කාලයක් පාර්ලිමේන්තුවේ දී විකල්පය සොයාගත්තේ විරුද්ධ පක්ෂයේ විරුද්ධ අදහස් වලින්ය. නමුත් එක`ගතා ආණ්ඩුවක් තුළ එක`ගතාවයෙන් අරමුණ සාක්ෂාත් කරගන්නට උත්සාහ කරයි.

එක`ගතාවය ඇති කරගෙන අලූත් යුගයක් බිහිකරන්නට ජනමාධ්‍ය භාවිතාව උපරිම ආකාරයට භාවිතා කරන්නේ කෙසේද? රටවැසියන්ට මෙම පසුබිම සන්නිවේදනය වන ආකෘතිය කුමක්ද? එය ඉතාම වැදගත් ආකාරයකට විමසා බැලිය යුතු ප‍්‍රශ්නයකි. දේශපාලනඥයන් මාධ්‍ය වලින් සංවාද වලට සභාගීවන ආකාරය හා යම් ගැටලූවක් සම්බන්ධයෙන් දක්වන විග‍්‍රහය සරල විවාද බවට පත්ව ඇත. යම් කාරණයක් ගැන විවිධ පැතිවලින් සලකා එහි බැරූරුම් බව නිරික්ෂණය කරන්නේ ද යන්න විමසා බැලිය යුතුය. දශක හයක් පක්ෂ හා විපක්ෂ මතවාදයක සිටි මහජන නියෝජිතයන්ට මෙය නුහුරු එකකි. එවැනි පසුබිමක මාධ්‍ය භාවිතාව රට ගොඩනගන වගකීම සංහිදියාව ඇති කරන ආකාරයේ පමණක් නොව අලූත් ශක්තියක් සමාජ ගතකරන එකක් කරන්නේ කෙසේද?

මහජන නියෝජිතයන්ගේ සංවාද ගැන බලා සිටින පුරවැසියන්ට අලූත් සංයුතියක් අධ්‍යයනය කළ හැකිද? එකී අලූත් දේ අනාවරණය නොකරන ලෙස හැසිරෙන මහජන නියෝජිතයන්ට තම අනාගතය භාර දිය හැකි දැයි සමාජයට සැකයක් ඇතිවුවහොත් එය පුදුමයට කරුණක් නොවේ. මෙවැනි තත්ත්වයක් උදාවෙන්නේ ඇයි? දේශපාලනඥයන් පර්යේෂණ කරන්නේ නැත. යමක් දෙස අවධානයෙන් දකින්නේ නැත. විකල්ප පැත්තෙන් හිතන්නට වෙලාවක් නොමැත. අඩුම තරමින් ලෝකයේ සිදුවන්නේ කුමක්දැයි හොයා බලන්නට වෙලාවක් වෙන්කර නොගනී. එහි ප‍්‍රතිඵලය මෙවැනි අලූත් යුගයක මාධ්‍ය සංවාද වලදී දේශපාලන චරිත වල හැබෑ තත්ත්වය හෙළිදරව්වීමයි. මුද්‍රිත මාධ්‍ය සංවාද වලදී ලියුම්කරුවන්, සංස්කාරකවරු සහ විශේෂයෙන් කර්තෘවරයන්ගේ මැදිහත්වීමෙන් යම් ආකාරයකට සංස්කරණයක් සිදුවන නමුත් විද්‍යුත් මාධ්‍යයේ දී සිදුවන්නේ අනර්ථයකි.

දේශපාලන සංවාදයක දී අහන ප‍්‍රශ්නයට උත්තරයක් හොයාගන්නට නොහැකි දේශපාලන චරිත දැක ගත හැකිය. දෙන උත්තර ඉතා සංකීර්ණ සහ ජනතාවට වටහාගත නොහැකි එකක් වන අවස්ථා එමටය. ශාස්ත‍්‍රීය විග‍්‍රහයකින් තොර ප‍්‍රලාප බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිවීම ප‍්‍රධාන වැදගත් කරුණකි. දකින්නේ තමන්ගේ පැත්ත පමණකි. දෙන්නේ බලය ආරක්ෂා කරගන්නට පසුබිම හදන උත්තරයකි.

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලයට පර්යේෂණ නිලධාරියෙකු ඇතුලත් කරන පුද්ගලික යෝජනාවක් ඉදිරිපත් කර එහි සාර්ථකත්වය ලබා තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට රාජ්‍ය සේවයේ සිටින දක්ෂ නිලධාරියෙකු තමන්ගේ පර්යේෂණ නිලධාරියා වශයෙන් අනුයුක්ත කරගන්නට අවස්ථාවක් ඇත. අද පෙනෙන ආකාරයට එම වටිනා අවස්ථාව ප‍්‍රයෝජනය ගන්නා මැති ඇමැතිවරුන් ගණන ප‍්‍රතිශතයක් වශයෙන් ඉතා හො`ද එකක් නොවන බව පැහැදිලිය. රජයේ වියදමින් නිලධාරියෙකු සපයා යම් ක්ෂේත‍්‍රයක් සම්බන්ධයෙන් තොරතුරු සොයා පර්යේෂණ කරන්නට ඉඩකඩ සපයා තිබියදී, ප‍්‍රයෝජනයට නොගැනීම ගැටලූවකි. දේශපාලනඥයන් සිය ජනතාව ගැන දක්වන අඩු ලන්සුවක් බව එයින් ඉතාමත් පැහැදිලිව අ`ගවයි.

අද මාධ්‍ය දෙස බලන විට දේශපාලනඥයන් පමණක් නොව, මාධ්‍යවේදීන් පවා වැඩසටහනක් හසුරුවන විට හෝ සම්මුඛ සාකච්ඡාවක් කරන විට දක්වන පරිචය බලවත් එකක් නොවේ. තමන්ගේ සූදානම අඩු බව පැහැදිලිව නරඹන්නන්ට අනාවරණය කරයි. කියවන්නන්ට දැනේ. එය අහන දකින කියවන ලක්ෂ සංඛ්‍යාත පිරිස ගැන නොසිතා කරන සන්නිවේදනයේ වරදකි. දක්ෂ මාධ්‍යවේදීන් සහ ගවේශනශීලි ආකාරයට ක‍්‍රියා කරන මාධ්‍ය වෘත්තිකයන් නැතැයි එයින් අදහස් කරන්නේ නැත. නමුත් අලූත් ආකාරයකට රට මෙහෙයැවෙන විට එය තේරුම් ගෙන එය පෝෂණය කරන අතර සාධාරණ විවේචනයකට උත්සාහ දරන්නේ අඩුවෙන්ය.

අද වැනි තාක්ෂණික යුගයක ජනතාවට තොරතුරු සම්භාරයක් ලැබේ. ගතකරන්නේ තොරතුරු යුගයකය. දැනුම්වත්ව සිටින ජනතාව වෙත කරන සන්නිවේදනයේ දී එහි පුලූල්බව ගැඹුර සහ හරය ගැන ක්ෂණයකින් අදහසක් ඇතිවෙයි. ආරම්භයේ දීම කතාකරන මාතෘකාව ගැන අවධානයක් දිනාගත නොහැකිනම් අඛණ්ඩව එහි ර`දවා තබාගන්නට මාධ්‍යයට හැකියාවක් නැත. වැඩසටහන හරයක් නැති ඉලක්කය දුර්වල එකක් බවට පත්වෙන්නේ එයින්ය. සාකච්ඡුාවක දී පේ‍්‍රක්ෂක අවධානය ගන්නේ සංවාදය ගැටුමක් බවට පත් කරගැනීමෙනි. අවුල බලන්නට ජනතාවගේ හිත තුළ කැමැත්තක් තිබේ. ගැටුමක් නරඹා එහි වීරයා දෙස බලන්නට ජන විඥාණයේ කැමැත්තක් ඇත. එහෙයින් නිදිවරාගෙන ගැටුම් බලන ජන කොටසක් අද මාධ්‍ය භාවිතාව ඔස්සේ බිහිවී තිබේ. එය රට සාධනීය පැත්තකට ගෙනයන්නට ඉඩ සලසන්නේ නැත.

දේශපාලනඥයන් ශාස්තී‍්‍රය ආකාරයට කරුණු මත පදනම්ව කරුණු ඉදිරිපත් කරන්නේ නැතිනම් එය නිවැරදි කිරීමේ වගකීමක් රටට තිබේ. ඒ වෙනුවෙන් පසුබිම සකස්කරන පර්යේෂකයන්ගේ සහාය ලබාගන්නට හැකියාවක් තිබේ. මාධ්‍ය ක්ෂේත‍්‍රයට ද, ගවේශනය බලවත් උවමනාවක් විය යුතුය. එක් එක් ක්ෂේත‍්‍රවල ගැඹුර එහි වටපිටාව ගැන නිතර අවධානයෙන් සිටින හො`ද දැනුවත් භාවයකින් යුතු වෘත්තීය සන්නිවේදන පරපුරක් රටට අවශ්‍යය. පවතින වානිජ රාමුව තුළ අලූතෙන් බිහිවන ව්‍යවසායක් වශයෙන් පර්යේෂණ මාධ්‍ය භාවිතාව දියුණු කළ හැකිය. නොයෙක් රටවල එය සිදුවෙමින් පවතී. බාහිර වැඩසටහන් නිෂ්පාදන ආයතන බිහිකරන අවස්ථාවක් වශයෙනි.

රූපවාහිනී හෝ ගුවන් විදුලි නාලිකාවකට දක්ෂතම ශිල්පීන් කණ්ඩායමක් සම්පූර්ණයෙන් නඩත්තු කිරීම පහසු නැත. විචාරාත්මකව බලන දක්ෂතම ශිල්පීන් විශාල ප‍්‍රමාණයක් ද නැත. මේ වෙනුවෙන් වැඩසටහන් නිෂ්පාදන ආයතනවලට ඉදිරිපත් විය හැකිය. ප‍්‍රබල වැඩසටහන් සකස් කර චැනල්වලට භාර දිය හැකිය. එය රටට ඇති බලවත් අවස්ථාවකි. හො`ද වැඩසටහනකට රට තුළ ඉඩක් තිබේ. නිසි ගවේශනාත්මක බවක් නැති, සරල ගැටුම් හදන වැඩසටහන් වෙනුවට හරවත් යමක් මතුකරන මහජන නියෝජිතයන් සූක්ෂම ආකාරයකට ප‍්‍රශ්න කරන වැඩසටහන් විකාශයට රූපවාහිනී නාලිකා අකමැතිවුවහොත් එය විමතියකි. දැනටත් මෙරට නාලිකා වලට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා ටෙලි නාට්‍ය නිපදවන්නේය. ඒවා නිපදවන්නේ නාලිකා වලින් බැහැරවය. ටෙලිනාට්‍ය වලින් ඔබ්බට ගමන් කළ යුතුය.

එක්සත් ජනපදයේ සී ස්පෑන් එක සහ දෙක යනුවෙන් නාලිකා දෙකක් තිබේ. එකක් කොන්ග‍්‍රස් විවාද විකාශය කරන අතර අනෙක කරන්නේ සෙනෙට් විවාද සජීවිව ජනතාව හමුවට ගෙන යාමයි. විවාද නැති අවස්ථාවල ගැඹුරු දේශපාලන වැඩසටහන් විකාශය කරයි. ඒවා කරන්නේ එම නාලිකාවේ ශිල්පීන් නොවේ. වෘත්තීය දක්ෂතා ඇති පර්යේෂණාත්මකව දේශපාලනය දෙස විකල්ප ආකාරයකට බලන මාධ්‍යවේදීහු ඒ වෙනුවෙන් වැඩසටහන් සම්පාදනය කර නාලිකාවට සපයයි. එවැනි වැඩසටහන් වලට යහපත් ප‍්‍රතිචාර තිබේ. අපක්ෂපාතී, මධ්‍යස්ථ වැඩසටහන් නරඹන්නන්ට අලූත් මානයකින් කතාකරන අතර ඒවා ඉතාමත් ජනප‍්‍රිය වැඩසටහන් ලෙස ලෝකය පුරා විකාශය වෙයි.

ශ‍්‍රී ලංකාවේ රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා වල වැඩසටහන් වල සන්ධර්භය සලකන විට එහි අන්තර්ගතය සම්බන්ධව බලවත් ප‍්‍රශ්න තිබේ. වැඩසටහන් ඉදිරිපත් කරන්නන් වැඩි දෙනෙකුට පෙර සූදානමක් නැත. අපේක්ෂකයෙකුගේ පසුබිම, ඔහුගේ හෝ ඇයගේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාකළ ආකාරය ගැන අවබෝධය ප‍්‍රශ්න කරන්නා අත නැත. එවැනි සූදානමක් සකස් කරගෙන්නට නාලිකා වල දක්ෂ පර්යේෂණ අංශ ඇති කළ යුතු අතර ඇතැම් නාලිකා වලට එවැනි අංශ වැදගත් යැයි හැ`ගීමක් ඇති බවක්වත් නොපෙනේ.

අද පවතින දේශපාලන රටාව අනුව පක්ෂ සහ අපේක්ෂකයන් අතර කලූ සුදු වෙනසක් නැත. සීතල යුද්ධයට කලින් පක්ෂ අතර බලවත් වෙනස්කම් තිබුණේය. ප‍්‍රතිපත්ති එකනෙකට වෙනස්ය. නමුත් එවැනි වෙනස්කම් වලින් තොර වත්මන් දේශපාලනය තේරුම් ගැනීමට නම් දේශපාලන හැදෑරීම ඉතාමත් වැදගත්ය. පර්යේෂණ කරන්නට අවශ්‍යය. මැති ඇමැතිවරු තමන් ගේ හො`ද සූදානම සහ තමන් සතුව ඇති දැනුම ජනතාව හමුවට යන මාධ්‍ය වැඩසටහන් වලදී ඔප්පු කළ යුතුය. අද යුගයේ ඉදිරිපත් කරන ශිල්පීන්ගේ වගකීම දේශපාලනඥයන්ගෙන් අලූත් දේ මතුකර ගැනීමයි. එවැනි පසුබිමක් නැති නිසරු චරිත නම් ගවේශණශීලී ආකාරයට හෙළිදරවු කිරීමයි. එකී පැති දෙකම නැති වැඩසටහන් වලින් රටට හෝ මාධ්‍ය ක්ෂේත‍්‍රයට ප‍්‍රයෝජනයක් නැත.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.