ලෝක ඉතිහාසය තුළ අති දක්ෂ සන්නිවේදකයන් බිහි වී තිබේ. සන්නිවේදන කෘත්‍යයේ අතීතය අධ්‍යයනය කරන විට එය පැහැදිලිය. වර්තමානයේ සන්නිවේදනය ඉතා පහසු සහ ලෙහෙසි කර්තව්‍යයකි. තොරතුරු තාක්ෂණ යුගයේ දී තම අන්තර්ජාල සම්බන්ධතාවය ඔස්සේ සමස්ථ සංහතිකයටම පණිවුඩයක් සන්නිවේදනය කරන්නට අවශ්‍ය වන්නේ නිර්මාණශීලීත්වය පමණකි. තන්තු රහිත මාධ්‍ය භාවිතාව තුළ නිදහසේ විසිරෙන අප‍්‍රමාණ පණිවුඩ ප‍්‍රමාණය අතරතුර ක්ෂණික අවධානයට ලක්ව එය හා සම්බන්ධ වන්නට නම් අලූත් අදහසක් හෝ අලූත් ආකරයකට කරන නිර්මාණයක් විය යුතුය. එයට කැපවූ යමක් කරන්නට හැකි දක්ෂ සන්නිවේදකයන් අද ලෝක අවධානයට ලක්ව ඇත.
බොදු බැතිමතුන් මෙම වෙසක් මාසය වැදගත්ය. ලොව එතෙක් මෙතෙක් පහල වූ විශිෂ්ඨතම සන්නිවේදකයා සිහිපත් කරයි. ගෞතම බුදු රජාණන් වහන්සේ මුළු මහත් ලෝක වාසීන්ට කරන ලද සන්නිවේදනය ඉතාමත් දාර්ශනික එකකි. එයට පදනම වූයේ මධ්‍යම ප‍්‍රතිපදාවයි. මැද මාවත විනා අන්තවාදයෙන් අරමුණු ජයගන්නට නොහැකි බව බුදුන් වහන්සේ පෙන්වා දුන්හ. එකී සන්නිවේදනය එක පැත්තකට පමණක් ගලා ගිය අධිපතිවාදී එකක් වූයේ නැත. සංවාදයට ඉඩ තිබිණ. සත්‍යය ගවේශනය කරන ලෙස දේශනා කළ බුදු රජාණන් වහන්සේ තමන් යමක් කී පමණින් විශ්වාස නොකරන්නැයි වදාලහ. රන් කරුවෙකු රන් කැබැල්ලක් පිරිසිදු රන් දැයි සොයන්නට කපා වෙන්කර බලන අතර පසුව පුලූස්සා බලා තහවුරු කරගන්නා ආකාරයට සත්‍ය ගවේශනය කරන ලෙස දේශනා කළහ. කාලාම සූත‍්‍රයේ දී එවැනි දේශණාවක් කරන්නේ සන්නිවේදනය දේශණාව පමණක් නොව සත්‍ය සොයා ගන්නා සංවාදයක් බව අනුගාමිකයන්ට පෙන්වමින්ය.
බුදුන් වහන්සේ සන්නිවේදනයෙහි සංඥාර්ථය දැන සිටියේය. රාජ වංශයට උරුම සංකේත තිබේ. බුද්ධ වංශයට සංකේත නිර්මාණය කරන්නේය. හිස මුඩු කරයි. එය කිසිවෙකුගේ ඇල්මට හේතු නොවන සංකේතයකි. අලංකාර කේෂ කලාපයක් නැති කසාය වස්ත‍්‍ර හැ`ද සියලූ ආශාවල් අත් හරින භික්ෂූන් තුළ ඇත්තේ නිර්වානය ගැන ඉලක්කයක් පමණකි. කහ සිවුර ද සමාජයේ බලවත් සන්නිවේදන සංකේතයකි. ලෞකික ජීවිතයෙන් ඈත් වී ධර්මයට අනුව සංසාරයෙන් එතෙරවෙන භික්ෂුවක කහ සිවුර අ`ගවන්නේය. භික්ෂු සමාජයට ඇති ගෞරවය, භික්ෂුව කරන ශාසනික කැපවීම බලවත් ආකාරයකට සන්නිවේදනය කරන්නේ කහ සිවුරයි.
බුද්ධත්වයට පත් බුදුහිමියන් අවබෝධ කරගත් සිය ඥාණය බෙදාදෙන්නට හැකි මාවත කුමක්දැයි විමසා බලයි. හැට නමකගෙන් යුත් පළමු භික්ෂු කණ්ඩායම තෝරා සකස් කරගනී. සියලූ ලෝ සතුන්ගේ යහපත උදෙසා ගමින් ගම සැරි සරමින් බුද්ධ දේශණාව පතුරවන්නැයි එම මුල්ම කණ්ඩායමට උපදෙස් දෙයි. දෙදෙනෙකු එක මග නොයන්න. බුදුන් වහන්සේ උපදෙස් දුන් බව බෞද්ධ පොත පතෙහි ස`දහන්ය. උපරිම සන්නිවේදනයක් උදෙසා එම අවවාදය වදාල බව පෙනේ. ඉතා කෙටි කාලයක් තුළ මහ රහතුන් වහන්සේලා ඇතුළුව ශාසනයට එකතු වූ භික්ෂුන් ප‍්‍රමාණය දස දහස් ගණනකි. රජවරු, සිටුවරු සිට සුනීත, සෝපාක වැනි අය දක්වා දායක දායිකාවන් බුදු දහම වැළ`ද ගනී. මේ සා විශාල පරිවර්තනයක් ඇති කර්නනේ සන්නිවේදනයෙහි බුදුන් වහන්සේ මතු කරන ලද දක්ෂතාවය බව වටහා ගත යුතුය. එහි තිබුණේ පුද්ගල සන්නිවේදනයයි. කෙලින්ම කතාකර යථාවබෝධය ඇති කරගැනීමයි. අද වැනි සන්නිවේදනයේ න්‍යාය ගොඩනැගී නැති තාක්ෂණය උපයෝගී නොවූ කාලයක සිදුවූ මෙම පැතිරීම ඉතාමත් සුවිශේෂී එකකි. අවුරුදු දෙදහස් හයසියයකට වැඩි කාලයක් ධර්මය පවතින්නට නම් මෙම සන්නිවේදනයෙහි බලය කොතරම් බලවත් එකක්ද? වර්තමානයේ පොත පත වල ලියැවි තිබේ. ඒ අනුසාරයෙන් කැසට්, වීඩියෝ සී.ඞී. යනාදී වශයෙන් නොයෙක් තාක්ෂණික මෙවලම් වලට ධර්ම ශාස්තී‍්‍රය කරුණු සංගෘහිත කර තිබේ. එවැනි මෙවලම් නොතිබූ යුගයක සිට අද දක්වා බුදු දහම පවතින්නේ එහි තිබූ සන්නිවේදන ශක්තිය හෙයින් බව පැහැදිලිය.
බුදු දහම, එහි දාර්ශණිකත්වය ගැන රටට අවබෝධයක් තිබේ. බුදු දහමේ ඇති දර්ශනය ගැන සමස්ථ ලෝකයම නැවත නැවතත් හදාරමින් සිටිති. නමුත් මහා සන්නිවේදනයක් සිදුවූ ආකාරය ගැන බලවත් ආකාරයකට ගවේශනය කරන්නට අවශ්‍යය. ජීවිතාවබෝධය ඇතිකරන ධර්මය පමණක් නොව සන්නිවේදන ශිල්පය සම්බන්ධයෙන් ද බුදුන් වහන්සේ ඇති කරන ලද ප‍්‍රවනතා අධ්‍යයනය කරන්නට අවශ්‍යය.
ජනමාධ්‍ය හැදෑරීමේ දී සන්නිවේදන න්‍යාය ගැන ලියැවී ඇති තොරතුරු ප‍්‍රමාණය අති විශාලය. පෙරදිග සහ අපරදිග දාර්ශනිකයන් ජන සන්නිවේදනය වෙනුවෙන් කර ඇති අධ්‍යයන ගැන බොහෝ පොත පත ලිපි ලේඛන තිබේ. බුදු දහම ගැන පමණක් නොව බුදු දහම සන්නිවේදනයට අනුගමනය කරන ලද සුවිශේෂී පිළිවෙත වෙනම ගවේශනය කර එහි මූලධර්ම විමසා බලන්නට අවශ්‍යය.
මෙවැනි සොයා බැලීමක් වැදගත්වන්නේ ඇයි? වර්තමාන සංඝ සමාජයට ධර්මය ආරක්ෂා කිරීම, පිළිපැදීම පමණක් නොව සන්නිවේදනය අංශයෙන් ද නොයෙක් අභියෝග වලට ලක්වන්නට සිදුව ඇති හෙයින්ය.
ධර්ම දේශනාව ප‍්‍රබල සන්නිවේදනයකි. ධර්ම දේශකයාණන් වහන්සේලා ප‍්‍රබල සන්නිවේදකයන්ය. සංඝ සමාජයේ එක්තරා කොටසක් පමණක් ධර්ම දේශකයාණන් සහ ධර්ම සන්නිවේදකයන් වශයෙන් ඉදිරියට පැමිණ තිබේ. බෞද්ධයන් ඉල්ලන්නේ ජනප‍්‍රිය සන්නිවේදනයයි. දහම නොව දහම සන්නිවේදනය කරන හිමිපාණන් අනුව ශ‍්‍රාවක අවධානය යොමු වෙමින් තිබේ. ධර්මය දේශණා කරන විලාශය, එහිදී භාවිතා කරන වචන, උච්ඡුාරණ විලාශය සහ උපයෝගී කරගන්නා උපමා බොදුනුවන්ගේ හදවත් ආකර්ශණය කරගන්නා බවකි. ඉහළම ආකර්ශණයක් ඇති ස්වාමීන් වහන්සේලා පිරිසක් සමාජය තුළ තහවුරු වී තිබේ. උපාසක උපාසිකාවෝ බණ හො`ද යැයි ශ්‍රේණිගත කරති. හිමිපාණන් වහන්සේලා දේශණා කරන්නේ එකම ධර්මයකි. එය ලියැවී තිබේ. වෙනස් කළ හැකි සංගායනාවකින් පමණකි. ධර්ම සංගායනාවක් අවශ්‍ය නැත. අද රටට අවශ්‍යව ඇත්තේ විනය සංගායනාවකි.
ධර්මය පවතින්නෙ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන් යන සතර කොටසකගේ සහභාගිත්වයෙන් බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. වර්තමාන තොරතුරු තාක්ෂණ යුගයේ දී නවීනත්වයට ගොදුරු වෙමින් පවතින දහම සහ එහි භාවිතාව ගැන අවධානයක් යොමු කළ යුතුව ඇත. ඉන්දියාවෙන් පැන නැගුණ බුදු දහම ශ‍්‍රී ලංකාවට ලැබෙන්නේ ධර්මාශෝක රජු ගේ මෙහෙයැවීමෙන්ය. එවකට මෙරට රජ කළ දේවානම් පියතිස්ස රජු බුදු දහම අසා අවබෝධ කරගෙන එය රාජ්‍යයේ ආගම බවට පත් කරගනී. ඉන්දියාවටත් වඩා සාරවත් ලෙස දහම පවතින්නේ ද, ලේඛන ගත වන්නේ ද ශ‍්‍රී ලංකාවේදීය. වර්තමානය වන විට තාර්කිකත්වයට ඉඩ ඇති යථාර්තයට සමීප බුදු දහම සර්ව කාලීන දර්ශනයක් ලෙස පිළිගැනීමට ලක්ව තිබේ. සන්නිවේදනයේ නූතන ප‍්‍රවනතා සමග ධර්මය පතුරවන්නට වර්තමාන ධර්ම සන්නිවේදකයන්ට බලවත් වගකීමක් තිබේ.
ධර්මය දේශනා කරන පාලි භාෂාව අද භාවිතය සිමා සහිතය. පාලි ඉගෙනගෙන දහම අවබෝධ කරගන්නැයි ජගත් ප‍්‍රජාවට සන්නිවේදනය කිරීම අර්ථ විරහිතය. අන්තර් ජාලය තුළ සන්නිවේදනයෙහි නතන භාවිතාව ඉදිරියට පැමිණ තිබේ. භාෂා පරිවර්තනය නූතන සන්නිවේදනය ඉතාමත් දියුණු අවධියක් කරා පැමිණ ඇති බව දක්වයි. සංඥාව තුළින් ධර්මය සහ එහි සන්සුන් බව පෙන්වා යම් පැහැදීමක් ඇති කරගත හැකි නමුත් ධර්මයෙහි ගැඹුර වටහාගෙන එහි දාර්ශණික ලක්ෂණ සමග අනන්‍යවන්නට නම් හැදෑරීමක් අවශ්‍යය. සිංහල පමණක් දන්නා බෞද්ධයන්ට පවා පාලි ගාථා භක්තියෙන් කියැවෙන වාක්‍ය විනා අර්ථයෙන් අවබෝධයක් ඇති කරන්නේ නැත. මෙම වෙසක් සමයෙහි ඉතාමත් විශිෂ්ඨ සන්නිවේදන කෘත්‍යයක පෙළහර පෑ බුද්ධ ධර්මය නූතන සන්නිවේදන භාවිතාව සමග මුහුකර තාක්ෂණික යුගයට ඇතුළු කරන්නේ කෙසේද යන කාරණය සම්බන්දයෙන් අවධානය යොමු කළ යුතුව ඇත.
තොරණ, දන්සැල්, ශීල ව්‍යාපාර මගින් රට පුරා බෞද්ධ ප‍්‍රබෝධයක් ඇති කරන අතරම එය අඛණ්ඩව යුග ගණනක් පවත්වාගෙන යන්නට නම් පැවැතිය යුතු මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් සංවාදයක් ඇති කරගැනීමට කාලය එලැඹ තිබේ.
මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
|