» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
02/08/2015 - ඉරිදා ලංකාදීප
අහිතකර බලපෑම් අවම කරන මාධ්‍ය භාවිතාවක් වෙනුවෙන් ප‍්‍රයත්නයක්

මනුෂ්‍යයන් වශයෙන් ජීවත්වීමට දරන ප‍්‍රයත්නය සුළු එකක් නොවේ. එය නිතිපතා පෙළ ගැසෙන අභියෝග විශාල ප‍්‍රමාණයකින් සමන්විත එකකි. ගැටලූ, ගැහැට ඇති කරන්නේ ජීවත්වන මාර්ගය තවත් දුෂ්කර කිරීමය. සියලූ පැති කෙරෙහි සාවධාන වී ආත්ම ශක්තියෙන් නැගී සිටින චරිත දෙස සමාජය තුළ ඇත්තේ ප‍්‍රසංසාවකි. අරමුණ ජය ගැනීමට අනුගමනය කළ ක‍්‍රියා මාර්ග තවත් කොටසකට මග පෙන්වීමක් ද වෙයි.

තවත් පැත්තක් තිබේ. ගැටලූ, අභියෝග එන විට එයට මුහුණදීමට අපොහොසත්වීමයි. සුළු සිද්ධියකින් පවා කම්පාවට පත්වන ඇතැම් චරිත දිවි නසාගන්නට පෙළැඹෙති. ජීවිතය ජයගෙන එය උපරිම තැනට ගෙනැවිත් තෘප්තිමත්ව ගතකළ හැකි අවස්ථා තිබිය දී ජිවිතය හැරයන්නට තිරණය කිරීම අනුමත කළ නොහැකිය. දිවි නසා ගැනීම සමාජ ප‍්‍රශ්නයකි. නමුත් එවැනි සිදුවීම් මාධ්‍ය වලින් වාර්තා කරන ආකාරය යුතුය. එක්තරා කාලයක දිවි නසාගන්නා සිද්ධි සම්බන්ධව හදිසි මරණ පරීක්ෂණ වාර්තා පළ කිරීමට පුවත් පත් වල සෑහෙන ඉඩක් වෙන්කර තිබිණ. එවැනි වාර්තාකරණයක් කරන්නේ ජීවත්විය යුතු මිනිසුන් ජීවිතය හැරයන්නට තීරණය කිරීම ප‍්‍රවෘත්තියක් ලෙස සලකන ලද හෙයින්ය. නමුත් එයින් අනිසි ප‍්‍රතිවිපාක ද ඇති වන්නේය. දිවි නසාගන්නය අනුගමනය කරන ලද ක‍්‍රම තවත් කෙනෙකු අනුගමනය කරන්නට පෙළැඹවීමයි. එය ඉතාමත් ශෝචනීය තත්ත්වයකි. දීර්ඝ සංවාද අවසානයේ දී අද වන විට මාධ්‍ය අනුගමනය කරන ප‍්‍රතිපත්තිය ප‍්‍රශංසා කටයුතුය. දිවිනසා ගැනීමේ සිද්ධි තවත් මූලාශ සැපයීමක් වන ආකාරයට වාර්තා කිරීමෙන් වැලකී සිටී. අනවශ්‍යයැයි ඇ`ගවෙන කරුණු උලූප්පා දක්වන්නට ඉඩ කඩසම්පාදනය කරන්නේ නැත. එය සමාජයට ඉටු කරන ලද බලවත් යුතුකමකි. නමුත් තවමත් මාධ්‍ය වාර්තාකරණයේ දී දිවි නසාගැනීම් සහ අපරාධ වාර්තා කිරීම සම්බන්ධව පොදු පිළිගත් සම්මුතියකට ගමන් කරන්නට මෙරට මාධ්‍ය භාවිතාවට සම්පූර්ණ හැකියාවක් ලැබී නැත.

1950 ගණන් වල ශ‍්‍රී ලංකාවේ දිවි නසාගැනීමේ සිදුවීම් සාමාන්‍යයෙන් අඩු බව දැක්වෙයි. නමුත් ලෝකයේ රටවල් අතර දිවිනසාගන්නා පිරිස බහුල රටක් බවට 1980 වන විට ශ‍්‍රී ලංකාව පත් වූ බව අමතක කළ යුතු නැත. සිය දිවි නසා ගන්නා ආකාරය, එයට අවශ්‍ය කරන විෂ කාරක සම්බන්ධ පුලූල් ප‍්‍රචාරය මෙයට හේතුවූ බව මතයක් පැතිර ගියේය. කලින් සිදුවීම් වලදී අනුගමනය කරන ලද විධි ගැන සමාජය දැනුවත්වීම එයට බලපාන්නට ඇති බව අනුමාන කළේය. කෙසේ නමුත් පොදු ප‍්‍රතිපත්තියක් අනුව මාධ්‍ය ක‍්‍රියා කිරීම පමණක් නොව කෘෂි රසායන යනාදියට එකතු කරන ලද සංයෝග, අලෙවිය සීමාකරන නීති පැනවීම වැනි කරණා එයට දිවිනසා ගැනීම පාලනය වන්නට ඉවහල් වන්නේය.

දිවි නසාගැනීම්, ¥ෂණ සහ අපරාධ වාර්තා කිරීම් යනාදිය සම්බන්ධයෙන් සමාජ යුක්ති සහගත ක‍්‍රමවේදයක් ඇති කර ගැනීම අවශ්‍ය බව මාධ්‍ය භාවිතාව නිරීක්ෂණය කරන විට පෙනේ. ප‍්‍රධාන ධාරවේ මාධ්‍ය පමණක් නොව එයට අනුබද්ධව මාධ්‍ය භාවිතාවේ පැති පුළුල්වීම හේතු කරගෙන මෙවැනි වාර්තාකරණයට සම්මතයන් අනුගමනය කිරීම පහසු නැත. පුළුල් අවධානයක් සහිත පරිනත කර්තෘවරු සමාජයට බලපෑමක් විය හැකි පැති ගැන ගැඹුරින් සොයා බලා සූක්ෂම ආකාරයට තොරතුරු වාර්තා කරන්නට පෙළැඹෙයි. ප‍්‍රදේශීය හෝ ජාතික මට්ටමින් වාර්තාවක් ලැබුණ විට එය පළ කරන්නටම අවශ්‍ය එකක් දැයි සොයා බලන ක‍්‍රමයක් අනුගමනය කරන්නේය. නමුත් තවත් මාධ්‍ය මෙම සිද්ධියක් සමාජ අවධානය ගන්නා අවස්ථා සේ සලකයි. එය මග හැරුණහොත් සමාජය තුළ ආන්දෝලනය ඇතිකළ හැකි තොරතුරක් ගිලිහීයාමක් සේ සිතයි. එය මාධ්‍යයට අළෙවිකර ගත හැකි හො`ද අවස්ථාවකි. සිද්ධි වලින් සම්පූර්ණ පුවත්පතක් බවට පත්වන්නට නම් සමස්ථ සමාජ හරස්කඩක නියෝජනය පෙන්විය යුතුය. එය අළෙවිය වැඩි කර ගැනීමට මගකි. සාමාන්‍යයෙන් ජනතාව ගේ ඇතැම් කොටසක් දිවිනසාගැනීම්, කාන්තා ¥ෂණ සහ අපරාධ ගැන ලියැවුණ කතා කියවන්නට කැමැත්තක් දක්වති. ඒ වෙුනවෙන්ම මාධ්‍ය භාවිතාවක් වර්ධනය වී එයට ඉඩ දෙන්නට තිරණය කළහොත් එයින් රටට පොදු වේ සිදුවන අවැඩදායක තත්ත්වය ගැන සිතන්නට සමස්ථ මාධ්‍ය ක්ෂේත‍්‍රයට වගකීමක් තිබේ. එය හුදෙක් පුවත්පතට සීමා වූ එකක් නොවේ. ගුවන් විදුලි, රූපවාහිනී සහ අන්තර් ජාල තොරතුරු ප‍්‍රවාහයට ද මෙම පැති අදාලය.

නමුත් සංවිධිත මාධ්‍ය තුළ සමාජ වගකිම හුවා දක්වා කිසියම් අවනත සහ අවබෝධයක් ඇති මාධ්‍ය භාවිතාවක් ඇති කළ හැකිය. ඉකුත් කාලය තුළ පුවත් පත් වල දිවිනසා ගැනීමේ සිදුවීම් වාර්තා කිරීම නතර වන්නේ ඒ අනුවය. දිවි නසාගැනීමට භාවිතා කරන ලද විෂ ගැන මහත් උවමනාවකින් වාර්තා කළ කාලයක් තිබිණ. එම වාර්තා කිරිම සමග එයට පෙළැඹී යම් රුල්ලක් ඇතිවූ ආකාරයත් දිවි නසා ගැනීමට රට තුළ එක්තරා ප‍්‍රදේශයක් එම විෂ අනුගමනය කරන ලද අවස්ථාත් සමාජයට අමතක නැත. නමුත් එය ආපසු හරවා තිබේ. දැන් එවැනි අවභාවිතාවක් වන්නේ ඉතාමත් සීමිත ආකාරයකටය.

එවැනි තත්ත්වයක් තිබිය දී සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස මෙම අවැඩදායක දේ තමන්ගේ ග‍්‍රහනයට නතු කරගෙන තිබේ. තමන් දිවි නසාගන්නා ආකාරය පටිගත කරන්නට සහ එයින් වීරත්වයක් ගන්නට තැත් කරයි. ඒ බව කලින් තමන්ගේ සමාජ වෙබ් අඩවි වලින් ප‍්‍රකාශයට පත් කර ආන්දෝලනයක් ඇති කරයි. විශේෂයෙන් තරුණන් මෙම ක‍්‍රමයට නැඹුරු වෙමින් තිබේ. මෑතකදී දිය ඇල්ලකින් පැන දිවි නසා ගත් බව කියන තරුණ පෙම්වතුන් එම සිද්ධියට කලින් තමන්ගේ දෙමව්පියන් ඇතුළු හිතවතුන්ට එය ප‍්‍රකාශකර ඇත. බේරාගන්නට සහ නරඹන්නට පිරිස් වටවී තිබේ. නරඹන්නන් එය තමන්ගේ ජංගම දුරකථන වලින් පටිගත කර ඇත. දිවි නසාගෙන සුළු මොහොතක්ගත වන විට මෙම පටිගත කරන ලද කොටස් සමාජ වෙබ් අඩවි ඔස්සේ ලෝකය පුරා විසුරුවා හැරෙන්නේය. අද සිද්ධියක් සිදුවූ වහා එය වටා එකතුවන්නේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය නොවේ. එයට කලින් තමන්ගේ ජංගමදු රකථනයෙන් සිදුවීම ආවරණය කරන නොනිල වාර්තාකරුවෝ කිසිම වාරණයකින් තොරව බෙදා හරිමින් සිටිති. මෙම බෙදාහැරීම සංස්කරණය කරන්නට උප කතුවරු නැත. උපකතුවරයා තිරණය කරන ප‍්‍රවතක පවා වගකීමගන්නේ කතුවරයාය. කතුවරයාගේ පෑන් පහර අනුව සිද්ධිය වාරණය වෙයි. එම පෑනට ඇති බලය පිටුපස ඇත්තේ සමාජ සාධාරණත්වය සම්බන්ධ බලවේගයයි. එය අමතක වනතැනට අන්තර් ජාලය පත්කිරීම නුසුදුසුය.

සමාජය අවදි කරන සමාජය තුළ වීරත්වයට පත්විය යුතු හර පද්ධති ගැන තොරතුරු වාර්තා කර නැවුම් ලෝකයක් බිහි කරන්නට උර දිය යුතු සමාජ මාධ්‍ය භාවිතාව නරකම දෙයින් හො`දම තෘප්තියක් අත්පත් කරගන්නට උත්සාහ දැරීම ගැන සංවාදයක් ඇති කළ යුතුය. එපමණක් නොවේ. මෙවැනි පැති ගැන තින්දු ගන්නට හැකි නව ක‍්‍රමවේද කෙරෙහි අවධානය යොමු කරන්නට අවශ්‍යය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.