» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/06/2021 - දේශය
ගෙවත්තේ පලතුරු නෙලන්නට රොබෝ තාක්ෂණය

ගෙවත්තේ පලතුරු ගහක් දෙකක් වවන්නට අපට කැමැත්තක් තිබේ. සාරවත්ව වගා කර අවසානයේ දී පලතුරු අස්වැන්න නෙලන කාල වකවානුවේ දී වෙනත් ගැටළු මතුවෙයි. ගහකට නැග පලතුරු නෙලා ගන්නට ශ‍්‍රමිකයෝ නැත. සමහර අවස්ථාවල ගොවියන්ට සිය ගොවිපොල කරගත නොහැකිවෙයි. අතින් නෙලා ගත යුතු බව බෝග නිසි වෙලාවට ලබාගැනීමට අවහිරතා ඇති වෙයි. කලට වේලාවට නෙලා නොගතහොත් අස්වැන්න අපතේ යයි. නුපුහුණු ශ‍්‍රමිකයෝ හොදට පැසුණු පමණක් නොව නොපැසුනු අස්වැන්න පවා එකවර කඩා දමති. සෑහෙන කොටසක් නිරපරාදේ අපතේ යන සිද්ධි නිතර වාර්තාවෙයි. ගහේ ඉදී සුවද හමන පලතුරක් ගෙවත්තෙන් නෙලාගෙන අතුරු පසට එකතු කරගන්නට තරමට තාක්ෂණය දියුණු වී තිබේ. අස්වැන්න තෝරා බේරා වෙළද පොලට යැවිය හැකි හොදම දේ පමණක් වෙන්කර නෙලාගත හැකි ක‍්‍රම ඇත.

නිවසේ තබාගත හැකි සරල රොබෝවරයෙකු නිපදවා ඇති අතර පද්ධතියට දත්ත ඇතුළු කිරීමෙන් පසු තෝරා ගෙන අස්වැන්න කඩා ගැනෙති. මහා පරිමාන වගා බිමම්වලට පවා මෙම රොබෝවරු යෙදවිය හැකිය. ඉතාම දියුණු කැමරාවක් මෙම රොබෝ උපකරණයට සවිකර ඇති අතර එක ගහක් අත් නොහැර සියළුම පැති වලින් සොයා බලා අස්වැන්න එකතු කර දෙන්නට සමත්ව තිබේ. අස්වැන්න නෙලා ගැනීමෙන් පසු නැවතත් ශ‍්‍රමය යොදා නිසි පරිදි තෝරා වෙන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගී.

බි‍්‍රතාන්‍ය විශ්ව විදයාලයක් මෙම සොයා ගැනීම කර තිබේ. දැනට පර්යේෂණ මට්ටමින් අත්හදා බලන අතර නුදුරු කාලයේ දී වානිජ මටට්මින් නිපදවනු ඇත. ති‍්‍රමාණ ද්‍රෘෂ්ඨියක් සහිත කැමරාවක් මෙම රොබෝවරයාට සවිකර ඇත. මීටර් දෙකක් පමණ උස අතර සවිකරන ලදද රෝද වලින් හරිතාගාරය තුළ සංචාරය කළ හැකිය. නෙලාගත යුතු දෙය තෝරා ගැනීම තත්ත්පර දහයක් ඇතුලත තීරණය කරගත හැකි බව දැක්වෙයි. දලනය කළ හැකි කැමරාව නෙලාගත යුතු අස්වැන්න තීරණය කරන අතර කුඩා අඩුවක් විහිදුවා පසුව එය නිශ්චිතව අසුරා ගැනේ. මිනිස් උපකාරයක් රහිතව දිනකට පැය විස්සක් දක්වා එක දිගට වැඩ කළ හැකි අතර එය විශාල ප‍්‍රයෝජනයක් වී තිබේ.

යුරෝපා කලාපයේ රටවලට තාවකාලික ශ‍්‍රමය සීමා සහිත බව වාර්තා වෙයි. විශේෂයෙන් බි‍්‍රක්සිට් තීරණයෙන් පසු අලූත් තත්ත්වයක් උද්ගත වී ඇත. කලින් රුමේනියාවෙන් හා පෝලන්තයෙන් පැමිණී ශ‍්‍රමය අඩුය. එක කලාපයක් වශයෙන් පැවැති කාලයේ වීසා රහිතව එන අඩු ආදායම් ලාභීහු අස්වනු නෙලන කාලයේ දී ගොවියන්ට මහත් සේවයක් සලසයි. නමුත් යුරෝපා හවුලෙන් ඉවත් වූ පසු බි‍්‍රතාන්‍යයේ ගොවියන්ට සෑහෙන ප‍්‍රශ්න මතු වී තිබේ. අනෙක දැන් පවතින දැඩි සංචරණ නීති තත්ත්වය තවත් අසීරු කරන ලද බව අනාවරණය වෙයි. ශ‍්‍රම හිගයට කදිම විසදුමක් බව දැක්වෙයි.

කෘෂිකාර්මික අංශය වේගයෙන් වෙනස් වෙමින් තිබේ. අතීතයේ දී ගොවිපොලට බැස මඩ තවරාගෙන කරන වගාව දැන් යල් පැන ගිය තැනට පත්වන ලකුණු විද්‍යමාන වෙයි. අනාගතයේ දී ගොවියෝ මහපොලව ස්පර්ශ කිරීමක් රහිතව ගොවිපොළ වලින් එලවලූ, පලතුරු ඇතුළු බව භෝග නිෂ්පාදනය කරන්නට බොහෝ දුරට ඉඩ තිබේ. බි‍්‍රතාන්‍ය පර්යේෂකයෝ කෘතීම රොබෝයන්ත‍්‍ර යොදවා අස්වනු නෙලන අතරවාරයේ දී චීනය මිනිස් ශ‍්‍රමයක් රහිත කෘතීම බුද්ධියෙන් සම්පූර්ණයෙන්ම පාලනය වන ගොවිපොළ ඉදිකරන සැලසුමකය. යාන්ත‍්‍රික ට‍්‍රැක්ටර් වලට පරිගණක සවිකර ඇත. ලැබෙන නියෝග අනුව භූමිය අස්වද්දන්නට සමත්ය. ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ගොවිබිමට ගැලපෙන තවත් රොබෝවරු විශේෂයක් නිපදවා තිබේ. මහාචාර්ය ජර්මනියේ පැවැති සම්මන්ත‍්‍රණයක දී සියළු අනාවරණ සිදුවිය.

ඕස්ට්‍රේලියාව අලූතින් නිර්මාණය කර ඇති රොබෝවරු ගොවිපොල හා සත්ව පාලන කටයුතු සම්බන්ධ මෙහෙයැවිය හැකිය. කෙත් වතු සකස් කර අස්වද්දන යන්ත‍්‍රයක් එහි නිපදවා තිබේ. නියමිත පරිදි ඇට හෝ පැල සිටුවිය හැකිය. ඒවායේ සන්නිවේදක තිබේ. කැමරා පද්ධති සවිකර ඇත. වල් පැල හදුනාගෙන ඒවා ගලවා ඉවත් කරන්නට අලූත් සොයාගැනීමක් වන මෙම රොබෝවරු සමත්ය. පස බුරුල් කර පොහොර යොදන්නට ද හැසිරවිය හැකිය. සත්ව පාලන කටයුතුවලට හවුල්වීම සදහා නිපදවා ඇති රොබෝවරු ආහාරදීම, රැකබලා ගැනීමට දක්ෂය. සතුන් හැසිරෙන අන්දම හා අනෙකුත් ගොවිපොල කටයුතු ස්වයංක‍්‍රීයව හාම්පුතුන්ට තොරතුරු නිතිපතා සන්නිවේදනය කරති. දිවා රාත‍්‍රී නොතකා සේවය කරන හෙයින් විශාල වාසියකි. අනෙක ගොවිපොල හා සත්්ව පාලන කටයුතු වලට නිපදවා ඇති රොබෝවරු සූර්ය බලයෙන් කි‍්‍රයාත්මක වෙයි.

මෙයට අමතරව මහ පොලවේ තත්ත්වය ගැන පරීක්ෂාකාරීව සිටින කෘතීම චන්ද්‍රිකා දෙකක් චීනය පසුගිය කාලයේ කක්ෂ ගත කළේය. ඒවා කෘෂිකාර්මික අංශයේ තොරතුරු සන්නිවේදනයට පමණක් යොමු කර ඇත. වාතයේ ආර්ද්‍රතාවය, කාලගුණ වෙනස්කම් සහ අස්වැන්න සම්බන්ධ දත්ත මෙමගින් එකතු කෙරේ. මේවා සමග එකතු වන ඩ්‍රෝන යාත‍්‍රා වගාවේ ක‍්‍රමවේදය වෙනස් කර ඇත. මිනිසුන් රහිත ඩ්‍රෝන යාත‍්‍රා වගාවට අවශ්‍ය පොහොර හා රසායනික ද්‍රව්‍ය විසුරුවීමට යොදා ගැනේ. අස්වැන්න නෙලීම එවා ගබඩා කරා යොමු කිරීම ද යාන්ත‍්‍රිකව කළ හැකි රොබෝ යන්ත‍්‍ර නිපදවා ඇත. අනාගතයේ දී ගොවිපොලල නිෂ්පාදන වෙනස් විය හැකි ආකාරය ගැන අවධානය යොමු කරන්නට සුදුසු කාල වකවානුවකි.