කොවිඞ් -19 වසංගතය ලෝකයේ හැම තැනෙකම අර්බුද ඇති කර ඇත. මුළුතැන් ගෙදර සිට අභ්‍යවකාශය දක්වා පරාසයක එකිනෙකට වෙනස් ප‍්‍රශ්න ඇති කර තිබේ. ශ‍්‍රී ලාංකිකයන්ට ද එහි යහපත් හා අයහපත් පැති වලට මුහුණ දෙන්නට සිදුවීම පවතින යතාර්ථයයි. අර්බුද නිරාකරණය කරගත යුතුය. ප‍්‍රශ්න වලට උත්තර සොයා ගැනීම අවශ්‍යය. බාධක ජය ගෙන ප‍්‍රතිසංස්කරණයකින් නැගී සිටීමට ඇති අවස්ථා ගැන ජාත්‍යන්තර ප‍්‍රජාව තියුණු අවධානයකය. කෘෂි සහ කාර්මික නිෂ්පාදනය, අලෙවිය, ප‍්‍රවාහනය, සන්නිවේදනය, බලශක්තිය පමණක් නොව මාධ්‍ය ඇතුළු සමස්ථ සංහතිකයම බලවත් පරිවර්තනයක එළිපත්තේ බව සදහන් කළ යුතුය. අපට ද වෙනස්කම් වලට අවතීර්ණ වෙන්නට සිදුවෙයි.
වෙනස්කම් කරන්නේ කෙසේද? කළ යුතු පරිවර්තනය ගැන සමාජය දැනුම්වත් කළ යුතුය. අවබෝධය තුළින් තීරණ ගැනීම අවශ්‍යය. එහි දී තවත් පැති ගණනාවක් ගැන විපරම් කරන්නට අවශ්‍යය. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පහසු තැනක නැත. ආදායම හා වියදම පාලනය කරගැනීමේ පයත්නයක සිටී. විදේශ විනිමය හිගයක් බලපා තිබේ. අත්‍යවශ්‍ය දේ ආනයනයට පවා විනිමය ප‍්‍රමාණවත් නැත. වෙළද පොලේ කහ කුඩු හිගය එහි ප‍්‍රතිඵලයකි. අද වන විට කහ කුඩු නැති ආහාර පිලියෙල කරන්නට ඇතැම් ගෘහණියෝ නැඹුරුය. මෙරට වගා කරන කහ අස්වැන්න රටට ප‍්‍රමාණවත් නැත. හිගය හෙයින් කහ ඉතා අධික මිලකට අලෙවි වෙමින් තිබේ. විනිමය හිගය අනුව කහ ආනයනය හා ප‍්‍රති අපනයනය රජය තහනම් කර ඇති අතර කහ කුඩු මිල පාලනයකට ද යටත් කර ඇත.
කහ ආනයනයේ සිට මෙරට කාර්මික හා කෘෂිකාර්මික කටයුතු සදහා පිටරටින් ආනයනය කළ යුතු සෑහෙන අමුද්‍රව්‍ය ප‍්‍රමාණයක් ආනයනය පාලනය කර තිබේ. එම අමුද්‍රව්‍ය දේශීයව සපයා ගන්නා සේ නිලධාරීහු දැනුම් දී ඇත. ඉතාම අතශ්‍යවශ්‍ය අවස්ථාවක කෙලින්ම අනුමැතියක් ඉල්ලන්නට නිෂ්පාදකයන්ට සිදුවී ඇත. ගෙදර අවශ්‍යතා වෙනුවෙන් කහ නැති බව සදහන් කර ලියන්නට අසමත් කාන්තාවෝ නිහඩව සිටිති. ස්වදේශිකත්වය ගැන අවධානය කිරීම නරක නැත. එහෙත් ලෝකයේ විශාලම ජනගහනයක් සහිත චීනය තමන්ගේම සංවෘත ක‍්‍රමය වෙනස් කළේය. එය හොද පාඩමකි. ඩෙන් ෂියාවෝ පෙන්ග් හිටපු ජනාධිපතිවරයා චීනයට විවෘත ආර්ථිකය හදුන්වා දුන් අතර ඔහු කියා සිටියේ ‘‘මීයන් අල්ලනවා නම් බලලා මැටියෙන් වුවත් ප‍්‍රශ්නයක්’’ නැති බවය. කහ ඇතුළු ආනයන නතර කර දේශීයත්වයට එරවන්නට තැත් කරන තීරණයේ දී මෙවැනි අත්දැකීම් අත්හැරීම වරදකි.
ආනයනය කරන කහ, කුරුදු හා ගම්මිරිස් වැනි කුළු බඩු ඇතුළු ඇතැම් වෙළද ද්‍රව්‍ය ප‍්‍රති අපනයනයක් සිදුවූ අතර එය ව්‍යාපාරයකි. ප‍්‍රති අපනයනය අතර තුර සිදුවන වංචා සහ රට තුළට එන තොග ප‍්‍රමාණය හෙයින් මෙරට ගොවි ජනතාවට ප‍්‍රශ්නයක් වූ අතර ගොවියන් ගේ විරෝධය ද ආනයනය පාලනයට බලපා තිබේ. විනිමය හිගය හා ආනයනය ගැන ගොවියන්ගේ විරෝධය මෙරට සමස්ථ පාරිභෝගික ජනතාවටම ප‍්‍රශ්නයක් වී තිබේ. මිල පාලනය කළ නොහැකිවීම මත වෙළද පොළ විකෘතියක් ද සිදුවී ඇති අතර අයුතු ලාභ උපයන අතරමැදි පිරිස පාලනය කිරීමට හැකිවී නැත.
රජයේ ප‍්‍රතිපත්ති තීරණ අනුව ආනයන හා අපනයන සම්බන්ධ තීරණ වෙනස් කිරීම ගැටළුවක් නොවේ. එයින් ඇතිවන ප‍්‍රතිවිපාක ගැන ද සැලකිලිමත් විය යුතුය. වසරකට මෙරටට අවශ්‍ය කහ ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් හත් දහසකට ආසන්නය. රට තුළ නිපදවන්නේ මෙටි‍්‍රක් ටොන් දෙදහසකි. කහ වගා කරන කන්නය අනුව අස්වැන්න ලැබෙන්නට මාස නමයක් ගත වෙයි. අස්වැන්න ලබා ගත් පසු වියලි කහ බවට පත් කිරීමට ද කාලයක් අවශ්‍යය. ඉන්දියාව ලෝකයේ කහ වගා කරන රටවල් අතර ප‍්‍රධානය. වාර්තා දක්වන පරිදි 2014-2018 කාලය තුළ ඇමරිකාව කහ ආනයනය තුන් ගුණයකින් ඉහළ නංවා තිබේ. එයට හේතුව කහ එකතු කරගත් තේ පානය ප‍්‍රචලිතවීම බව පැවසේ. විශ්ව විද්‍යාල ඇතුළු ජාත්‍යන්තර ආයතන විශාල ප‍්‍රමාණයක් කහ ගැන පර්යේෂණ පවත්වා ඇති අතර ඒවායේ වාර්තා දක්වන පරිදි කහ නිෂ්පාදනවලට නොනවතින වෙළද පොලක් ඇත. ආහාර, පාන පමණක් නොව රූප ලාවන්‍ය කටයුතු සදහා ද අලූතින් අවස්ථා ඇති වෙමින් තිබේ. කහ හිගය ගැන පමණක් නොව අනාගතයේ ඇති විය හැකි ඉල්ලූම ගැන ද අවධානය යොමු කිරීම වැදගත්ය.
කහ ආනයනය තාවකාලිකව තහනම් කරන අතරතුර මෙරට අවශ්‍යතා සහ අපනයනය ඉලක්ක කරගෙන කහ වගා කළ හැකිය. උසස් ප‍්‍රමිතියකින් යුතු බීජ ආකන්ද සැපයිය යුතුය. ගොවියන් සංවිධාන ගත කර මහා පරිමානයෙන් වගා කරන්නට පෙළඹවීම සුදුසුය. එය වෙනම ව්‍යාපාරයක් වශයෙන් දියුණු කළ හැකිය. එහෙත් මෙරට කෘෂිකර්මයෙහි නිරත ගොවියන්ට ද ප‍්‍රශ්න තිබේ. විශාල වෙළද පොලක් ඇති බව දක්වා සියළුම දෙනා ගර්කින් වගාකරන විට අවශ්‍යතාව ඉක්මවයි. අන්තිමට විකුණාගත නොහැකිවෙයි. වැල්දොඩම්, ස්ටාර්ෆෘට්, ඉගුරු, වැනි අලූත් අපනයන බෝග වල සිට තක්කාලි දක්වා ගොවියන් මුහුණ දෙන ඉරණම එකය. රටට අවශ්‍ය දේ නිපදවන අතර අතිරේක කොටස අපනයනය කරන හා වෙළද පොල පාලනය කරන ක‍්‍රම හදන්නට අවශ්‍යය. තාක්ෂණික යුගයේ දී මෙවැනි දේ අපහසු නැත.
|