» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
24/03/2019 - දේශය
රොබෝවරු පාලනය කරන ලෝකයක්

ලෝකයේ පැවැත්ම ගැන විශ්මයාර්ථයක් පැන නැගෙමින් තිබේ. නිෂ්පාදන, අලෙවි හෝ සේවා අංශ වල රොබෝවරුන් ගේ සම්ප‍්‍රාප්තිය නොසිතන තරමේ වේගයක් අත්පත් කරගෙන ඇත. රොබෝ තාක්ෂණය දියුණු වන අතර මෙතෙක් පැවැති කර්කෂ පෙණුම ද වෙනස් වී තිබේ. සියුම් දේ වෙනුවෙන් යෙදවිය නොහැකි යැයි පැවැති උපකල්පනය බිඳ වැටී ඇති බව ජාත්‍යන්තරයෙන් ලැබෙන වාර්තා පෙන්වයි. ඇඟිළි තුඩු අගින් අල්ලා කරන කාර්යයන්ට පවා සමත් වී ඇත. අනෙක් වැදගත්ම කාරණය රොබෝ දසමාජය සාමුහිකය ක‍්‍රියාකරන්නට සමත් බව පෙන්වීමය. කණ්ඩායමක් වශයෙන් කාර්යය බෙදා ගෙන සංවිධානාත්මකව පැවැරෙන නියෝග ඉටු කරන්නට සමත් දියුණු රොබෝවරු බිහි කරන්නට පර්යේෂණ අංශ සමත්ව ඇත.

වාහන එකලස් කිරීම හෝ නිවැරදිව පින්තාරුකිරීම වැනි කාරණා වලට රොබෝවරු සීමා වී සිටි කාලය හමාරය. ඇමරිකාවෙන් නිපදවා අපනයය කරන රොබෝ වරුන්ගෙන් සියයට හැටක් දක්වා ආහාර පාන නිෂ්පාදන අංශ වලට සම්බන්ධ බව අලූත් වාර්තා දක්වයි. 2010 දී රොබෝ යන්ත‍්‍ර සහිත නැව් තොග යවන ලද ප‍්‍රමාණයෙන් සුළු කොටසක් පමණක් ආහාර පාන අංශය ආවරණය කළ නමුත් 2010 අවසන් වන විට අපනයනට සූදානම් කර තිබුණ යන්ත‍්‍ර වලින් සියයට හැටක් ආහාර පාන නිෂ්පාදන අංශ වලට අදාල රොබෝවරු බව එම වාර්තා වල දැක්වෙයි. මහා පරිමානයෙන් නිපදවන තැන් හා ඒවා ගබඩා කරන දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ වල මෙහෙයුම් වලට රොබෝවරු හ`දුන්වා දී ඇත. එපමණක් නොවේ සුළු ප‍්‍රමානයෙන් නිපදවන හා අලෙවි කරන තැන් වලට ද රොබෝවරු අවතීර්ණ වී සිටී. ඇමරිකාවේ වෙළඳ පොල ශ‍්‍රම භාවිතාව ඉතා තරගකාරී වී ඇත. පිරිවැය කපා හරින අවස්ථා වල දී සේවකයන්ට වැටුප් ගෙවීම වෙනුවට යන්ත‍්‍ර වලින් සීමාවකින් තොරව වැඩ ගැනීම පහසු බව ඔප්පු වී ඇති බව ඇමරිකාවෙන් ලැබෙන වාර්තා තව දුරටත් සනාථ කරයි. 1970 ගණන් වලව්‍යාපාර ආරම්භ කරන ලද ඇමරිකානු ව්‍යවසායකයෙකු කාර්ය මණ්ඩලය 125 දෙනෙකු සමග කරගෙන ගිය නමුත් පසුගිය වසරේ පළමු රොබෝවරයා සේවයේ යෙද වූ පසු ලැබුණ වාසිය කිසි කලෙක සමකළ නොහැකි බවව දක්වා ඇත.

වසර 2050 වන විට නිෂ්පාදනය, ප‍්‍රවාහනය, ගබඩා කිරීම හා තොග අලෙවිය වැනි අංශ වල රොබෝ වෘත්තිකයෝ සියයට 35-50 අතර විය හැකි බව අනාවරණය වන වැදගත් කරුණකි. අනෙක රෙබෝ වරුන්ගේ මිල පහත වැටීමයි. ස්වයංක‍්‍රීය රොබෝවරු ඉතා මිල අධික බවට මතයක් තිබේ. 2015 සිට 2025 වන විට මුල් කාල වකවානුවට වඩා රොබෝවරයෙකුගේ මිල සියයට හැට පහකින් පහත වැටී ඇත. සාමාන්‍ය පුහුණු ශ‍්‍රමිකයකු වෙනුවෙන් ගෙවන වැටුප හා සසඳන විට රොබෝවරයෙකු සේවයේ යෙදවීම හැම අතින්ම වාසිදායක වී තිබේ. නුදුරු අනාගතයේ දී සෑම අංශයකම සේවයෙන් හරි අඩකට වඩා ස්වයංකී‍්‍රයව පාලනය වන රොබෝවරයෙකු මෙහෙයවන තැනට පත් වනු ඇති බව ගණන් බලා ඇත. එය සෑම අංශයකින් ම වියදම කපා හරින අතර සාමාන්‍ය මනුෂ්‍යයෙකු යෙදවීමෙන් අපේක්ෂා කරන කාර්ය ප‍්‍රමාණයට වඩා ඉහළ ගුණාත්මක සේවයක් සහතික කෙරේ.

රොබෝවරු අවතීර්ණවීම සමග සාමාන්‍ය රැකියා අවස්ථා අහිමි වන ප‍්‍රමාණය ගැන ලෝකය පුරා භීතියක් ඇත. පර්යේෂකයන්ට අනුව ආපසු හැරී බලනවිට රෙබෝ ආගමනය නිසා අහිමි වූ රැකියා ප‍්‍රමාණයට වඩා අලූත් ශිල්පීය වෘත්තීන් ප‍්‍රමාණයක් බිහිකර තිබේ. රැකියා අවදානම අවම බව එයින් පෙන්වන එක වැදගත් කරුණකි. කෙසේ හෝ වේවා වසර 2030 වන විට රෙබෝ වරුන්ගේ සම්බන්ධතා හෙයින් ලෝක ආර්ථිකයේ බලපෑම ඇමරිකානු ඩොලර් බිලියන 15.7 ක් වනු ඇත.

කැනඩාව ආශ‍්‍රිතව කරන ලද ගණන් ගැනීමක් තිබේ. දැනට එරට පවතින මිලියන 18.5 ක රැකියා ප‍්‍රමාණය අභිබවා මිලියන 2.5 ක අලූත් රස්සා ප‍්‍රමාණයක් උත්පාදනය වනු ඇත. එම රැකී රක්ෂා හුදෙක් එක දෙයකට සීමා නොවූ බහු කාර්ය ගනයට අයත් වන බව පෙන්වා දී තිබේ. රෙබෝවරු පැවරෙන දේ කරන අතර ඒවා ගැන හිතන්නට හා තර්කානුකූලව පෙල ගස්සවන්නට සමත් භාවය ඉතාම වැදගත්ය. ලෝකයේ අලූතින් ඇතිවිය හැකි වෘත්තීය අවස්ථා ද නොසිතන පැත්තකට යොමු වී ඇත. එකක් මිනිස් වෘත්තිකයන් ක‍්‍රියාශීලීව සවන්දෙන පිරිසක් විය යුතුය. අනෙක හොඳට කතාවට දක්ෂ විය යුතුය. සිද්ධියක දී පැති ගණනාවකින් කල්පනා කර රැඩිකල් තින්දු ගැනීමට හැකියාව අනාතයේ වෘත්තීය සුදුසුකමකි. තොරතුරක් කියවා වෙනස්කම් හදුනා ගැනීමට හැකි වීම හා සිද්ධි අධීක්ෂණ වෘත්තිය සුදුසුකම් අතර ඉහළ සාධක විය හැකිය. මේවා දැනට රොබෝවරු ඉහළින් සමත්කම් පෙන්වා ඇති අංශ නොවේ.

එහෙත් රොබෝ තාක්ෂණයේ දී වේගයෙන් දියුණු වන අංශ ගණනාවක් ද තිබේ. හුදෙක් සමාගමම්වලට ලාභ ශ‍්‍රමය සැපයීම ඉක්මවා යන අවකාශයකි. කෘතීම බුද්ධිය සහ සම්පූර්ණයෙන්ම තනිව තිරණ ගැනීමට ඇති හැකියාවයි. ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ ක්ෂණයික් ඒවා තේරුම් ගෙන අනුවර්තනය වන රොබෝවරු අනාගතයේ දී එළි දක්වනු ඇත. වෙළඳ පොල ඉල්ලූම සලකා බලා නිපදවනු පමණක් නොව ඒවා පරිභෝජනය වන රටාව විමර්ෂණය කර නිෂ්පාදනයේ වෙනස්කම් සහිතව අලෙවියට ඉදිරිපත් කරන්නට තරම් තනිව හිතන මෘදුකාංග නිපදවන තරමට රෙබෝ තාක්ෂණය දියුණු වෙමින් තිබේ. ඒවා මනුෂ්‍ය හැකියාව පරයා යන දවස වැඩි ඈතක නොවන බවට ද තර්කයක් තිබේ.

ලෝකයේ සෑම රටක්ම තමන්ගේ නිෂ්පාදන හා අලෙවි ක‍්‍රම අරභයා කෘතීම බුද්ධයෙ යොදවමින් සිටී. නිෂ්පාදන පිරිවැය ඉාම අවම වන අතර ශ‍්‍රමය භාවිතා කරන නිෂ්පාදන වලට සෑහෙන තියුණ තරගයකට මුහුණ දෙන්නට සිදුවිය හැකිය. රුකි රක්ෂා පමණක් නොව වෙළඳාම ද වෙනස්වන ආකාරය ගැන නිසි අවධානය ඉතාම වැදගත්ය.