» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
20/10/2019 - දේශය
රොබෝ තාක්ෂණයෙන් කෘෂිකර්මයෙහි පෙරැළියක්

ස්වයංකී‍්‍රවය මෙහෙයැවෙන හා අතිශය බුද්ධිමත් රොබෝ පිරිසක් අනාගතයේ දී කෘෂිකර්මාන්තය ආක‍්‍රමණය කරනු ඇති බව ප‍්‍රකාශ වී තිබේ. සිඞ්නි නගරයේ පිහිටි වගාබිම් වෙනුවෙන් රොබෝ තාක්ෂණය ගැන පර්යේෂණ කරන ඕස්ටේ‍්‍රලියානු ආයතනය දක්වන පරිදි දැනට කරගෙන යන අත්හදා බැලීම් සාර්ථකය. සංවේදක සහිත, නිරීක්ෂණය කළ හැකි, තීරණ ගැනීමට සූදානම් මෙවලම් ප‍්‍රායෝගිකව අත්හදා බලන මට්ටමට පත්කර ඇත. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඉදිරි දශකය තුළ කෘෂි අංශයෙහි විශාල පරිවර්තනයක් සිදුවනු ඇතැයි සැලකේ.

අනාගතයේ දී ගොවියෝ නැති කෘෂි කර්මාන්තයක් නිර්මාණය වන්නට ඉඩ තිබේ. ගොවිපොල කළමනාකරුවන් කිහිප දෙනෙකුට විශාල යායක වගාව කරගෙන යා හැකිය. නූතන දැනුම සහිත මෙවලම් පාලනය කළ හැකි දක්ෂතාවය පමණක් ප‍්‍රමාණවත්ය. පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි ගොවිතැන ගැන අත්දැකීම් අවශ්‍ය නොවෙන්නට ඉඩ තිබේ. සියළු උපදෙස් හා වගා ක‍්‍රම පද්ධතිවගට ඇතුලත් කර ඇත. නිසි අවස්ථාවේ දී විධාන නිකුත් කිරීම පමණක් අවශ්‍ය කෙරේ. වගාවට අවශ්‍ය බීජ ගබඩා කර තිබීම පොහොර හා ජලය නිසි පරිදි ප‍්‍රමාණවත්දැයි සොයා බැලීම පමණක් නොව වගාවට එල්ල වන හානි ගැන පවා තාක්ෂණිකව දත්ත සැපයේ. සමහර ගොවිබිම් මහල් ගණනකින් යුතු ගොඩනැගිලි වන අතර ඒවායේ පස් රහිත දියර වගා ක‍්‍රම අනුගමනය කරනු ඇත.

ඔස්ටේ‍්‍රලියානු ආයතනය දැනට සූදානම් කර ඇති කෘෂි රොබෝවරු ස්කෑන් කිරීමේ හැකියාවක් ද සහිතය. සූක්ෂම දර්පන වලින් දර්ශනය වන ඡායා හ`දුනාගෙන පැසුනු ගෙඩි තෝරා වෙන් කරගෙන පරීක්ෂාකාරීව නෙලා ගැනීමට ද සමත්ය. ඒවා කෙලින්ම ඇසුරුම්කරණය කරා යවන ප‍්‍රවාහන යාත‍්‍රා පවා සකස් කර තිබේ. ඒවා ක‍්‍රියාත්මකවීම සූර්ය බලශක්තියෙන් හෙයින් පරිසර හානි අවමය. කෘෂි භෝග වල නිෂ්පාදන පිරිවැය ද පාලනය වන බව දැක්වෙයි.

සම්පූර්ණයෙන්ම යන්ත‍්‍ර භාවිතා කරන ගොවිතැන අපට තවමත් නුහුරුය. ට‍්‍රැක්ටරය යොදා පොලව සකස් කිරීම ගැන තවමත් සැකයක් තිබේ. පස ගැන සොයා අවශ්‍යතාවය අනුව පොහොර යොදන ක‍්‍රමය ගැන සලකන්නේ නැත. ආරක්ෂිත කුටි වල වගාකිරීම ප‍්‍රචලිත නැති අතර ජල බිංදු තාක්ෂණය වැනි සම්ප‍්‍රදායයෙන් මිදුනු ක‍්‍රම පවා තවමත් ජනප‍්‍රියත්වයක් දිනාගෙන නැති බව පෙනේ. ඒවා අධික වියදම් සහිත වගා ක‍්‍රම වශයෙන් සලකන්නට තවමත් හුරු වී සිටිති. යන්ත‍්‍ර වෙනුවට වගා කරන විට අත් ගුණේ නැත්නම් ගහක් කොළක් හැදෙන්නේ නැහැ යනුවෙන් හිතන්නට තවමත් හුරුවී සිටිති. වගා බිමේ එහා මෙහා ඇවිද තණකොළ ගලවන අතර සෝදා යමින් තිබුණ පස් වැටි ලං කර ගස් ආරක්ෂා කරන චර්යාව බැහැර කළ නොහැකිය.

අලූත් සොයා ගැනීම් දක්වන අන්දමට කුඩා යන්ත‍්‍රයක් බීජ සිටුවන අතර ඒවා නියමිත පරිදි කලින් තීරණය කළ ගැඹුරකින් සිටුවයි. ඒවා පැලවන අවස්ථාවේ දී අවට පොලව බුරුල් කරන කුඩා යන්ත‍්‍ර පවා ඔස්ටේ‍්‍රලියාව නිපදවා තිබේ. ඒවා ඉතා සූක්ෂමව පැලයෙන් පැලයට ගමන් කර නියමිත පැලෑටිය පමණක් හ`දුනාගත හැකි පරිදි වැඩි දියුණු කර තිබීම විශේෂත්වයකි.

මෙවැනි ක‍්‍රම මගින් උසස් අස්වැන්නක් පමණක් අපේක්ෂා නොකෙරේ. ලෝකය පුරා කෘෂි අංශයේ ශ‍්‍රම හිඟය බලවත් ප‍්‍රශ්නයකි. චීනයේ ෂින්ජියෑන්ග් ප‍්‍රදේශයේ රියැදුරු රහිත ට‍්‍රැක්ටර් නිපදවා භාවිතා කරයි. ට‍්‍රැක්ටරයට දී ඇති උපදෙස් පරිදි ගොවිපොල පුරා ගොවිපොල සී සෑම හා පැල සිටුවීම කරගෙන යන අතර දවස පුරා නොනවත්වා සේවය ලැබීම ද විශාල වාසියක් වී තිබේ.

නොබෝදා චීනය මහ පොලවේ තත්ත්වය ගැන පරීක්ෂාකාරීව සිටින කෘතීම චන්ද්‍රිකා දෙකක් පසුගිය මාසයේ කක්ෂ ගත කර ඇත. ඒවා කෙලින්ම ගොවිපොලේ භාවිතා වන මෙවලම් සමග සන්නිවේදනය කර තීරණ ගැනීමට සැලැස්විය හැකි බව සිඞ්නි නගරයේ පර්යේෂණ වාර්තා පෙන්වා දී තිබේ.

වාතයේ ආර්ද්‍රතාවය කාලගුණ වෙනස්කම් සහ පොහොර යෙදිය යුතු අවස්ථා ගැන පරීක්ෂාකාරීව සිට ගොවි පොල භාර කළමනාකරුවන්ට නිසි උපදෙස් නිකුත් කිරීමට ද සමත් යන්ත‍්‍ර ගොවිතැන දියුණු කරනු ස`දහා නිපදවා තිබේ. අස්වැන්න සම්බන්ධ දත්ත පරිගණක වලින් එකතු කෙරේ. ඩ්‍රෝන යාත‍්‍රා වගාවේ ක‍්‍රමවේදය නිරීක්ෂණය කර තත්ත්ව වාර්තා සපයයි. මිනිසුන් රහිත ඩ්‍රෝන යාත‍්‍රා වගාවට අවශ්‍ය පොහොර හා රසායනික ද්‍රව්‍ය විසුරුවීමට යොදා ගැනේ.

සිඞ්නි නගරයේ පිහිටි වගාබිම් වෙනුවෙන් රොබෝ තාක්ෂණය ගැන පර්යේෂණ කරන ඕස්ටේ‍්‍රලියානු ආයතනය අනාගත ගොවිතැන සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරණයකට ලක් වනු ඇති බව කියා තිබේ. සුළු ගොවියන්ට කණ්ඩායම් වශයෙන් එකතු වී මෙම යන්ත‍්‍රවලට ආයෝජනය කළ පසු තමන්ගේ ඉඩම වඩා කළමනාකරණය කළ හැකි වනු ඇත. ලෝකයේ වැඩිවන ජනගහනය අනුව ආහාර හි`ගය අනාගතයේ දී වැඩිපුරම බලපාන ප‍්‍රශ්නයකි. ඉඩම සීමිතය. සම්ප‍්‍රදායික වගා වලින් ලැබෙනඅස්වැන්න ප‍්‍රමාණවත් නැති අතර වගාවෙහි නිරතවන අදහසක් තරුණ පෙලට නැත. පර්යේෂකයෝ මෙම සියළු පැති ගැන අවධානය යොමු කර තිබේ. ගොවිපොල නවීකරණය ගැන පර්යේෂණ එහි ප‍්‍රතිඵලයකි. දිනෙන් දින වෙනස්වන තාක්ෂණය අනුව මිනිසුන්ගේ උපදෙස් නැති ගොවිතැන් ක‍්‍රමයක් අනාගතයේ තහවුරු වනු ඇතැයි විශ්වාස කෙරේ.