» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
16/08/2020 - දේශය
බලයට පත්වන පාලකයෝ ජනතාව ගෙන් දුරස් විය යුතු නැත

අලූත් ආණ්ඩුවක් බලයට පත් ව තිබේ. පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ඡන්ද දායකයන් ඡන්දය පාවිච්චි කරන ලද ආකාරය කැපී පෙනේ. සමානුපාතික ක‍්‍රමය අනුව බහුතර ආසන ප‍්‍රමාණයක් ගැනීම පහසු නැත. එහෙත් ජනතාව සිය තීරණය ඉහළින්ම ප‍්‍රකාශ කර තිබේ. ජයග‍්‍රහණය කැපී පෙනෙන නමුත් නිදහසට පසු කාලපරිච්ඡේදයේ, ඉතාම බලවත් දුෂ්කර අභියෝග එල්ලවන ආණ්ඩුවක් බව සදහන් කළ හැකිය.

ඉතා බැරෑරුම් අවස්ථා දෙකක් මෙරට ඉතිහාසයේ සනිටුහන් වී තිබේ. ත‍්‍රස්ත‍්‍රවාදය එකකි. දශක තුනක කාලයක්, ජීවිත හා දේපොල විශාල ප‍්‍රමාණයක් වැනසීය. දකුණේ හෝ උතුරේ යනුවෙන් වෙන් කළ හැකි නමුත්, ත‍්‍රස්තවාදයේ බලපෑම නිසා වටිනා අවස්ථා රටට අහිමි වී ගිය බව නොරහසකි. සුනාමි ව්‍යසනය අනෙක් අමිහිරි සිද්ධිය බව දැක්විය හැකිිය. ක්ෂණයකින් ශ‍්‍රී ලංකාවේ ඉරණම ආපසු හැරවීය. ත‍්‍රස්තවාදය සහ සුනාමි විපත බලවත් නමුත් ජාත්‍යන්තර ප‍්‍රජාව අප හැර නොගියහ. ආර්ථික අතින් ආධාර කරන ලද අතර, ධෛර්යය හා ආත්ම ශක්තිය ඇති කරගන්නට මිතුරු රටවල් මහත් සේ උපකාරී වූ බව මතක් කළ යුතුය.

වත්මන් ආණ්ඩුව මුළු ලෝකයම අසරණ කර ඇති කොවිඞ් -19 වයිරසයේ බලපෑමට යටත් වී තිබේ. ශ‍්‍රී ලංකාව ද එම ඉරණමට ගොදුරු වී සිටී. රටට මිතුරු රටවල් හා ඒවායේ ජනී ජනයා පවා දුෂ්කරතාවයකය. සහන අවශ්‍ය නැති ප‍්‍රජාවක් ලෝකයේ නැත. මුළු ලෝකයම අනපේක්ෂිත පැවැත්මක බව ඉතාමත් පැහැදිලිය. මහ මැතිවරණයෙන් බලයට පත්වූ ආණ්ඩුව අලූත් කැබිනට් මණ්ඩලයක් ද පත් කර ගෙන තිබේ. මහජනතාව තුළ මහත් බලාපොරොත්තු ඇත. ඡන්දය දින්නට පහසු නමුත් ඡන්දයෙන් පසු ආණ්ඩු කිරීම ලෙහෙසි නැත.

ශ‍්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතා ගැන අලූතින් සදහන් කළ යුතු නැත. බෙදුණු සමාජය නැවත එකතු කළ යුතුව තිබේ. අධ්‍යාපන, තාක්ෂණ හා වෙනත් අංශ වල විශාල වෙනස්කම් කරන්නට අවශ්‍යය. රැකී රක්ෂා බහුල කළ යුතු අතර ආයෝජනය ඉතා වැදගත්ය. මෙම සියළු කටයුතු ඉදිරියේ ජනතාව සමග යහපත් සන්නිවේදනයක් කරගෙන යා යුතුය. ඉතාම ඉහළ ජයග‍්‍රහණයකින් බලයට පත්වන ආණ්ඩු ඉතාම ඉක්මනින් ජනතාවගෙන් ඈත් වෙයි. එයට හේතුව පාලකයන් කරන කියන දේ ගැන සැකය හා අවිශ්වාසය වර්ධනය වීමයි. නූතන සන්නිවේදන ව්‍යුහය තුළ ඇවිලවිය හැකිය. විරුද්ධ මත පතුරවන්නට ඉඩකඩ වැඩිය. ආණ්ඩුව සියුම් පැති ගැන අවධානයක් යොමු කරන්නට අවශ්‍යය.

ජනතාව සමග කරන සන්නිවේදනයේ දී නායකත්ව අනුගමනය කරන ප‍්‍රතිපත්ති කෙලින්ම ඉදිරිපත් කිරීම අවශ්‍යය. අසල්වැසි ඉන්දියාවෙන් ආදර්ශයක් ගත හැකිය. ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මාසයකට වතාවක් එරට ජාතික ඉන්දියානුවෝ ආමන්ත‍්‍රණය කරති. ජාතික ගුවන් විදුලියෙන් ආරම්භ කළ මෙම වැඩසටහන දැන් ඉන්දීය ජාතික රූපවාහිනිය ද සමාන්තරව විකාශය අරඹා තිබේ. මෝදි අගමැතිවරයා වසර හයක් පුරා මාසයකට වතාවක් ජනතාවට කතා කර තිබේ. එය හුදෙක් ජනතාව වෙත කරන දේශනාවක් නොවේ. කථෝපකතනයකි. මන් කී බාත්ි‘ඵ්බබ ණස ඊ්්එ’’ යනුවෙන් මෙම සාකච්ඡව නම් කර තිබේ.

එකවර වැඩිම අවධානයක් යොමුකරගත හැකි ඉන්දියාවේ මාධ්‍ය වශයෙන් ගුවන් විදුලිය නමක් දිනා ගෙන ඇත.

මෝදි අගමැතිවරයා ජනතාවට දැනෙන කරුණු ගැන ඉතා සරලව මන් කී බාත් ගුවන් කාලයේ දී සාකච්ඡුා කරයි. සමහර අවස්ථාවල තෝරා ගත් අසන්නෝ සම්බන්ධ කරගනිති. එක අවස්ථාවක ඉන්දියාවේ විවිධ ප‍්‍රදේශවල වෙසෙන ශිෂ්‍යත්ව දිනා ගත් දරුවන් කණ්ඩායමක් සම්බන්ධ කරගත්තේය. පවුල් පසුබිම හා අනාගත අපේක්ෂා ගැන කතා කළේය. දරුවන්ට ඉතා ඉහළ පිලිගැනීමක් ලැබුණි. රාජ්‍ය නායකයා සමග කතා කරන්නට ලැබීම විරල අවස්ථාවකි. තවත් අවස්ථාවක ජල හි`ගයෙන් පීඩා වි`දින ගමක වැසියෝ සමග සාකච්ඡුා කළහ. ප‍්‍රශ්නයේ මුහුණුවර හදුනා ගත් අතර ගත හැකි පියවර ගැන ප‍්‍රවේසමෙන් ජනතාවට කියා දුන්නේය. ජලය සම්බන්ධයෙන් පවතින ප‍්‍රශ්න සහ ඉදිරියේ දී මතුවන අර්බුද ගැන කියා දෙන අතර ජල හි`ගය විසදන ක‍්‍රමය ගැන ද අවබෝධයක් දුන්නේය. තවත් වතාව හෙතෙම එදිනට යෙදී තිබුණ එරට පැරණි අභ්‍යන්තර කැරැල්ලක විස්තර මතක් කළේය. එය මැඩ පවත්වා සාමය ආරක්ෂා කළ අන්දම හා එය වෙනුවෙන් එදා කැපවූ ඉන්දීය ආරක්ෂක අංශවල නිලධාරීන්ට ප‍්‍රණාමය පුද කර සිටියේය.

පසුගිය මැයි මාසයේ දී - මන් කී බාත් වැඩසටහන සම්බන්ධයෙන් කෘතියක් පළ කෙරිණ. වැඩ සටහනෙන් අත්පත් කරගත් අවස්ථා ගැන එහි විස්තරාත්මකව දක්වා තිබේ. එයට කලින් ප‍්‍රකට මාධ්‍ය පර්යේෂණ ආයතනක් මෙම ගුවන් විදුලි වැඩ සටහන ගැන විමර්ෂණයක් කර ඇත. ප‍්‍රධාන නගර හයක් පදනම් කරගෙන කළ එම පර්යේෂණය අනුව සියයට හැට හයක ශ‍්‍රාවක පිරිසක් නිතිපතා සවන් දෙන්නට පුරුදු වී සිටින බව අනාවරණය කරගෙන ඇත. වැඩිම පිරිසක් ගුජරාට්, බිහාර් හා මධ්‍ය ප‍්‍රදේශ වල වැසියෝ බව දැක්වෙයි.

රාජ්‍ය නායකයෙකුට රජයේ මාධ්‍ය භාවිතා කරන්නට තහනමක් නැත. සියළුම මාධ්‍ය වල අවශ්‍යතරම් ප‍්‍රචාරය ලබා ගත හැකිය. රාජ්‍ය නායකයෝ යන එන තැන් හා කරන කියන දෑ වාර්තා කරන්නට සෑම මාධ්‍යක්ම යුහුසුළුය. එතෙකින් නතර නොවන අතර ඕපාදූප සොයා අවුලූවන්නට ද සමත්ය. කරන දෙයට හිමි ප‍්‍රචාරය සහ ජනතාවට කියන්ට ඇති දේ කෙලින්ම සන්නිවේදනය අතර වෙනසක් තිබේ. ජාතිය අමතන අවස්ථාවකට වඩා ඔබ්බට ගිය ස්වරූපයකි. ජාතික ප‍්‍රශ්නයක්, විශේෂ අවස්ථාවක් පමණක් නොව සාමාන්‍ය පුරවැසියෙකුට දැනෙන දෙයක් වෙනුවෙන් සංවේදීවීම රාජ්‍ය නායකයෙකු ගේ පරිනතභාවය පිළිබිඹු කරයි. ජනකායක් වෙතට ගොස් ඔල්වරසන් මැද කරන ප‍්‍රකාශනයකට වඩා වටිනාකමක් තිබේ. එය වටහා ගැනීම වැදගත්ය.

ඡන්දයකින් දිනන ජන නායකයන් ජනතා කැමැත්ත ආරක්ෂා කරගත යුතුය. වර්තමානයේ දී පහසු නැත. ප‍්‍රසාදය පවතින්නේ කෙටි කාලයකි. හැම දෙනාම සතුටු කළ නොහැකි තැන පිරිහීම ඇරඹේ. ජනතාවගෙන් දුරස්වීම එක හේතුවකි. ජනතාව සමග පවත්වන සංවාදය අත් නොහැරිය යුතුය. වඩා විශ්වාසනීයත්වයක් ඉතා සුළු පියවරකින් ලබාගත හැකිය. ජනතාවට කරුණු අවබෝධ කරදෙන්නට අනුගමනය කළ හැකි පියවරකි. නරේන්ද්‍ර මෝදි මහතාගේ ගුවන් විදුලි වැඩසටහන එක සාක්ෂියකි.