» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/10/2020 - දේශය
කොවිඞ් වසංගතයේ ව්‍යාප්තිය හා පරෙස්සම

කොවිඞ් වයිරසයේ විසි එක් වැනි සියවස මුහුණ පා ඇති බරපතලම තර්ජනය විය හැකිය. ත‍්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය වලින් කරන විනාශය හෝ දරිද්‍රතාවය වැනි කාරණා ලෝක දේශපාලනයේ අවධානයට ලක්ව තිබුණි. එහෙත් මෙම වසරේ මුල් භාගයේ සිට පැතිරෙන නව කොරෝනා නොඑසේනම් කොවිඞ් -19 වසංගත තතත්වය සමාජ සහ ආර්ථික ව්‍යුහය උඩු යටිකුරු කර තිබේ. ලෝකයේ මෙතෙක් නොතිබුණ දැවෙන හා තැවෙන ස්වභාවයක් මතු කර ඇත.

ශ‍්‍රී ලංකාව රටක් වශයෙන් කොවිඞ් 19 වයිරස බලපෑම කිසියම් මටට්මක පාලනය කරගෙන සිටියේය. පළමු රෝගියා වාර්තා වූ මොහොතේ සිට තද පරීක්ෂාකාරී පිලිවෙතක් අනුගමනය කරන ලද බව සදහන් කරන්නට අවශ්‍යය. නිසි නායකත්වයක් තිබුණි. සියළු අංශ සම්බන්ධ කරගෙන කළමණාකරණය හා තීරණ ගැනීම තුළින් වාසිදායක වාතාවරණයක් ඇති කළේය. මෙරට සෞඛ්‍ය අංශ වලට ධාරිතාව ඉක්මවා නොයන තරමට සිද්ධි පාලනය කරගත හැකි වූ අතර අවස්ථා දෙක තුනක දී කොවිඞ් වයිරසයට ගොදුරු වූ පොකුරු වහා පරීක්ෂාකාරී වී හුදෙකලා කරන පියවර ගත හැකි විය. සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ එහි ලා විශාල කැපවීමක් කරන ලද බව දැක්විය හැකිය. ශ‍්‍රී ලංකාව සාර්ථක ලෙස වයිරසය පාලනය කරගත් බවට ජාත්‍යන්තරයෙන් පවා පැසසුම් හිමිවිය. එම වාසිදායක ස්වභාවය අවාසියකට මුල පුරා තිබේ. කොවිඞ් ව්‍යාප්තිය ආරම්භ වූ මුල් වකවානුවේ මෙරට ජනී ජනයා තුළ තිබුණ දැඩි භීතිය අඩු විය. එයින් නොසැලකිල්ල ඉහළට පැමිණි අතර අද මුහුණ දී ඇති තීරණාත්මත තත්තවය එහි ප‍්‍රතිඵලයකි.

මෙම අවදානම් සහගත වයිරසය මුළු ලෝකයෙන්ම තුරන් කරන තුරු පරීක්ෂාකාරීවීම සුදුසුය. මාස දෙකකට පසු රට අභ්‍යන්තරයෙන් පළමු කොවිඞ් රෝගියා වාර්තා වූ අතර එක රෝගියා දෙදෙනෙකු වූ අතර පසුව එක ඇගළුම් ආයතනයක සේවය කළ අටසියයකට අධික පිරිසකට ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. තවදුරටත් ව්‍යාප්තිය පාලනය කිරීම අරමුණු කරගෙන රජය විශේෂ නියෝග නැවත බලගන්වා ඇත. සියළු උත්සව සහ පොදු කටයුතු අත්හිටුවන බව නිවේදනය කර තිබේ. ඇතැම් ප‍්‍රදේශ වලට පොලිස් ඇ`දිරි නීතිය පනවා ඇත. මෙම තීරණාත්මක අවස්ථාවේ දී සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන වලට අවනතවීම සියළු පුරවැසියන් ගේවගකීමකි.

ලෝකයේ ධනවත් හා බලවත් රාජ්‍ය වයිරසයේ බලපෑම ඉදිරියේ තර්ජනයකට ලක්ව ඇත. බලවත්ම රාජ්‍යයේ ප‍්‍රධානම පුරවැසියා වූ ඇමරිකානු ජනාධිපති, ජනාධිපති ආර්යාව හා සමීප කාර්ය මණ්ඩල නියෝජිතවරිය ඇතුළු පිරිසකට කොවිඞ් වැළදී ඇත. අසල්වැසි ඉන්දියාවෙන් දිනපතා වාර්තා වන සිද්ධි ගණන ඉතාම බරපතලය. ලෝකයේ රටවල් ගණනාවක් නැවත වතාවක් ලොක් ඩවුන් නොඑසේනම් සාමාන්‍ය ජන ජීවිතය අවහිර කරන තීරණ ගැනීමේ සූදානමක බව හෙළිවෙයි. මෙම වසංගතය කෙබ`දු අවසානයක් කරා ගමන් කරන්නේ ද යන්න නිශ්චිත නැත. ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වනු ඇත. ආර්ථික තත්ත්වය අනතුරකය. සියළු රටවල සංවර්ධන වියදම් අභිබවා සෞඛ්‍ය පිරිවැය ඉහළ යන ලකණු පහල වී ඇත. වයිරසය පරාජය කරන ප‍්‍රතිකාර සොයා විද්‍යාත්මක පර්යේෂණ සිදුවන බව ලෝකයේ දසතින් අනාවරණය වන නමුත් ඒවා භාවිතා කරන්නට ගතවන කාලය නිශ්චිත නැත.

වසංගත තත්ත්වය නොසලකා හැර එය දේශපාලනීකරණය කරගැනීම ගැන හොදම උදාහරණය ඇමරිකාවෙන් වාර්තා වෙයි. එරට වැසියෝ දෙපැත්තට බෙදී තිබේ. රෝගී තත්ත්වය වාර්තාවීමට කලින් සිට ඇමරිකානු ජානාධිපතිවරයා ක‍්‍රියා කළ, හැසිරුණ අන්දම ගැටළු සහගතය. වයිරසයෙන් එතරම් බලපෑමක් නැති අතර පුද්ගලික සෞඛ්‍ය ආරක්ෂක විධි විධාන පවා අනවශ්‍ය බවට මතවාදයක් ඇති කළේය. එක්තරා අවස්ථාවක මුඛ ආවරණ පැළද පුවත් පත් සාකච්ඡාවක දී ප‍්‍රශ්නයක් නැගි මාධ්‍යවේදියෙකු ගෙන් එම ආවරණ ගලවා ප‍්‍රශ්නය නැවත අසන සේ පුන පුනා කියා සිටින දර්ශන සමාජ මාධ්‍ය වල පැතිරිණ. මෙවැනි සිද්ධි සමග ඩොනල්ඞ් ට‍්‍රම්ප් හිතවාදී රිපබ්ලික් මතධාරීහු ප‍්‍රසිද්ධියේ වයිරසය නොතකා හැසිරෙන බව ප‍්‍රකට කාරණයක් වී තිබේ. ඇමරිකානු ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු ආරම්භ වී ඇති අතර ඩිමොක‍්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් හා තරග වදින ඩොනල්ඞ් ට‍්‍රම්ප් අතර පළමු ප‍්‍රසිද්ධ විවාදය පසුගියදා පැවැත්විණ. එම උණුසුම සමග කොවිඞ් බරපතල සේ සලකා කි‍්‍රයා කරන හා එසේ ක‍්‍රීයා නොකරන අන්තවාදී ජන සමාජ ඇමරිකාව තුළ නිර්මාණ වී ඇති බව අනාවරණය වෙයි. එය ඉතා අනතුරුදායක අවස්ථාවක් බව විශේෂඥ මතය වී තිබේ. එහෙත් තද අන්තවාදී දේශපාලන මුහුණුවර පාලනය කළ නොහැකි වී ඇති බව දැනට ලැබෙන වාර්තා දක්වයි. මෙහි අවසානය කෙසේ වනු ඇති ද යන්න සම්බන්ධයෙන් දැඩි භීතියක් ලොව පුරා හටගෙන ඇත. ජන සමාජය වෙලාගෙන ඇති රෝගී තත්ත්වයක් කටු දේශපාලනික මුහුණුවරක් ගැනීම ඉතා භයානක බව නොකිවමනාය.

ලෝකයේ ඉතා දියුණු රටවල තත්ත්වය හා සස`දන විට ශ‍්‍රී ලංකාව යහපත් තැනක සිටී. එහෙත් දෙවන රැල්ලකින් අවදානම ඉහල ගොස් තිබේ. එයට එකම හේතුව අපරීක්ෂා කාරීත්වයයි. අවදානම නොසලකා කි‍්‍රියා කිරීමයි. ත‍්‍රස්තවාදය තිබුණ කාලවකවානුවේ දී ද මෙවැනි අතපසුවීම් සිදුවූ අවස්ථා මතක් කර දිය යුතුය. පරෙස්සම හා අවධානයෙන් සිටිය යුතු බවට දැනුවත් කරන නමුත් නොසැලකිල්ල හෙයින් බලවත් විනාශ සිදුවූ අවස්ථා ගණනාවකි. කිසිම අවස්ථාවක ආරක්ෂාව ගැන ලිහිලක් දිය යුතු නැත. පුද්ගලික සෞඛ්‍යාරක්ෂාව ගැන ද එම පිලිවෙල අවශ්‍යය. කොවිඞ් වයිරසය පැතිරීම සම්බන්ධයෙන් අවදානමක් තිබුණ මුල් වටයේ දී දැඩි නීති පනවා සමාජ දුරස්ථකරණයට පියවර ගත්තේය. සහන අවශ්‍ය ජන කොටස් වලට ආධාර සැපයීය. ජනතාව නිවෙස්වලට සීමා කළේය. දේශපාලන ව්‍යුහය අභිබවා තාක්ෂණික අංශ ඉදිරියට පැමිණියේය. දිවා රාත‍්‍රී නොසලකා නිලධාරීහු ජනතාව වෙනුවෙන් වැඩ කළහ. විශේෂඥ අසහස් වලට ජනී ජනයා අවනත වූහ. රට තුළ තිබුණ සියළු බේධ හා මතවාද පැත්තකින් තබා එක අදහසකට ගොනුවූ අතර එය මෑත ඉතිහාසය තුළ වාර්තා වූ විරල සිදුවීමකි. දැනට වාර්තා වන සිදුවීම් පෙළ සලකා බලන විට නැවත වතාවක් මුල සිට ආරම්භ කරන්නට සිදුවී තිබේ. පරෙස්සම ගැන හිතන්නට සිදුවී ඇත. අප සියළු දෙනා තමන්ගේ යුතුකම හා වගකීම සිහියට නගා ගැනීම සුදුසුය. අලූතින් කියා දෙන්නට අවශ්‍ය නැත. රට සකී‍්‍රය කරන පියවරක දී නැවත වතාවක් පාසල, විභාග, කාර්යාල හා වැඩබිම අවදානම් කලාපයට තල්ලූ කළ යුතු නැත. කොතැන, කෙලෙසක කුමක් සිදුවුව ද තමන් ආරක්ෂා විය යුතුය. පාලනය කරගැනීමෙන් ලැබුණ වටිනාකම් ගිලිහී යා යුතු නැත. රෝහල්වල හදිසි ප‍්‍රතිකාර ඒකක වලට දරාගත හැකි මට්ටම අභිබවා ගියහොත් බලවත් අනතුරකි.