» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
09/02/2020 - දේශය
හුවාවේ සමග තොරතුරු තාක්ෂණයේ පස් වැනි පරම්පරාවට යන බ්‍රිතාන්‍ය

ප‍්‍රකට සන්නිවේදන තාක්ෂණ ආයතනයක් වූ හුවාවේ ආයතන බි‍්‍රතාන්‍යයේ පස්වන පරම්පරාවේ තොරතුරු තාක්ෂණ සන්නිවේදන පහසුකම නිර්මාණය කරන වගකීම භාරගෙන තිබේ. බි‍්‍රතාන්‍ය අවශ්‍යතා සම්පාදනය කරනු සදහා හුවාවේ සමාගම සම්බන්ධ කර ගැනීමට පවතින සූදානම කෙරෙහි බලවත් රටවල් ගණනාවක් නොසතුට පළ කර තිබුණි. ඇමරිකා එක්සත් ජනපදය එහි මුලින් සිටි බව නොරහසකි. චීනයට අයත් සමාගමක් බි‍්‍රතාන්‍යයේ අතිශය වැදගත් සන්නිවේදන ජාලා සම්පාදනයෙහි හවුල්කරු වන විට ඇතිවිය හැකි අනතුරු ගැන විවිධ අනතුරු ඇගවීම් ප‍්‍රසිද්ධියේ එළි දැක්විණ. කෙසේ නමුත් දීර්ඝ විවාදයකට පසු හුවාවේ සමාගම අතට අවස්ථාව පත්ව ඇති අතර බි‍්‍රතාන්‍ය දක්වන පරිදි එය සමස්ථ ව්‍යුහයෙන් සියයට තිස් පහක පමණ කොටසක් පමණකි.

සයිබර් ආරක්ෂාව ගැන සහතිකයක්

පස්වන පරම්පරාවේ රැහැන් රහිත තාක්ෂණය ඉතාම දියුණු සන්නිවේදනයකි. එය බාධාවකින් තොරව තොරතුරු හුවමාරු කරගැනෙන අතර විශේෂයෙන් යන්ත‍්‍ර සමග සන්නිවේදනයට ප‍්‍රයෝජනවත්ය. දැනට කරන සන්නිවේදනයේ දී ප‍්‍රජාව අතර කෙරෙන අදහස් හුවමාරුවට පළමු තැනක් ලැබේ. එහි දී සිදුවන සන්නිවේදන දෝෂ සමහරවිට දරා ගත හැකි තත්ත්වයක පවතී. බිද වැටීම් බරපතල ගැටළු ඇති නොකරයි. නමුත් අනාගතයේ දී රොබෝ තාක්ෂණය හා කෘතීම බුද්ධියෙන් බලගැන්වෙන පරිසරයක් තුළ බාධාවකින් තොරව අඛණ්ඩව කෙරෙන සන්නිවේදනය අවශ්‍යය. එහි ලා පස්වන පරම්පරාවේ සන්නිවේදනය උපකාරී වෙයි. ලෝකයේ නොයෙක් රටවල් පස්වන පරම්පරාවේ සන්නිවේදනයට නතු වෙමින් පවතින අතර එය සුපිරි වාසියක් හා සමානව සයිබර් අනතුරක් බව ද ප‍්‍රකාශ වෙයි.

අන්තර් ජාතික පර්යේෂණ ආයතන අනාගතයේ දී ඇති විය හැකි සයිබර් අපරාධ ගැන සැලකිල්ල යොමු කරමින් තිබේ. තොරතුරු හුවමාරුවේ දී සිදුවන දත්ත අනිසි පරිහරණයට ලක්වීම හෝ ඒවා වෙනස් කිරීමෙන් හෝ බලහත්කාරකම් වලට යටත් කිරීමෙන් විශාල ආර්ථික හා සමාජ පීඩාවක් සිදුවිය හැකි බව දක්වයි.

කෙසේ නමුත් බි‍්‍රතාන්‍ය වාර්තා අනාවරණය කරන පරිදි හුවාවේ ආයතනයේ මෙහෙයුම් වලට බි‍්‍රතාන්‍යයේ ජාතික ආරක්ෂාවට හෝ ඉතාමත් වැදගත් ස්ථාන වලට ඇතුළු වන අවස්ථාව නැත. ඉතා සූක්ෂම අවධානයකට පසු හුවාවේ ආයෝජනයට පරිසරය සැකසේ.

චීනයට පමණක් අත පොවන්නට ඉඩ නැත

බි‍්‍රතාන්‍ය වාර්තා අනුව පස් වන පරම්පරාවේ සන්නිවේදන මෙමරි පත ඉන්ටෙල් සමාගමට අයත්ය. එය ඇමරිකානු බහු ජාතික සමාගමකි. ලෝකයේ වඩාත්ම වටිනාකමක් සහිත වෙළද නාම අතර දෙවැනි තැන සිටින ඉන්ටෙල් සමාගමේ 2018 වසරේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 70 ඉක්මවයි. ඉන්ටෙල් තොරතුරු තාක්ෂණ ආයතන අතර ඉදිරියෙන්ම සිටින අතර හුවාවේ සමාගම සපයන තාක්ෂණයට අවශ්‍ය මෙමරිපත සැපයීමෙන් යම් ආකාරයකට එහි චීන අතපෙවීම පාලනය වී ඇති බව දැක්වේ. අනෙක් වාර්තාවකට අනුව මෙම සන්නිවේදනය වෙනුවෙන් මෘදුකාංග සපයන්නේ මයික්‍රොසොෆ්ට් ආයතනයයි. වොෂිංටන් හි මුලස්ථානය පිහිටි මයික්‍රොසොෆ්ට් ආයතනය ද ඇමරිකානු එකකි. සුප‍්‍රකට නව නිර්මාපකයන් වන බිල් ගේට්ස් හා පාවුල් ඇලන් නිර්මාතෘවරුන් වශයෙන් අද එය ඉහළම තාක්ෂණය සහිත දැවැන්ත සමාගමක් බවට පත් කර තිබේ.

හුවාවේ ආයතනය පස්වන පරම්පරාවේ සන්නිවේදනය සම්පාදනය කරන නමුත් ඉන්ටෙල් හා මයික්‍රොසොෆ්ට් සමග එකතුවීමට සිදුවෙයි. බි‍්‍රතාන්‍යයට පහසුකම් සැලසීම ස`දහා චීන ආණ්ඩුවේ ප‍්‍රධාන සන්නිවේදකයා ඉදිරිපත්වන විට ඇමරිකානු බලවත් සමාගම් දෙකක් අවශ්‍ය යටිතල පහසුකම් වෙනුවෙන් පෙනී සිටීම විශේෂත්වයකි. කෙසේ වෙතත් මෙම සමාගම් අතර කොටස් බෙදී යන ආකාරය ගැන තවමත් නිගමනයකට එළැඹී නැත.

සන්නිවේදනයේ පහසුව සහතික වෙන ලකුණු

පස් වන පරම්පරාවේ සන්නිවේදනය සමග මෙහෙයුම් පිරිවැය අඩු වෙයි. නඩත්තුව සීමා සහිතය. එහෙත් ඒ වෙුනවෙන් කළ යුතු ආයෝජනය දැවැන්ත බව අනාවරණය වෙයි. නිෂ්පාදන හා සේවා අංශ අතර එකිනෙක සම්බන්ධ වන වේගය හා එයින් ඉතිරි කරන කාලය රටකට ඉතාම වැදගත්ය. එය සෑහෙන ආර්ථික වාසි ඇති කරනු නිසැකය.

‘‘නොකියා’’ සමාගම, පින්ලන්ත යේ පිහිටි සිය නවතම නිෂ්පාදන අංශය ගැන මෑතක දී අනාවරණය කළ තොරතුරු අනුව එහි මෙහෙයුම් වලින් සියයට අනූනමයක් ස්වයංකී‍්‍රයව සිදුකෙරේ. මිනිස් ශ‍්‍රමය භාවිතා කිරීම සියයට එකකි. සියළුම යන්ත‍්‍ර රොබෝ තාක්ෂණයෙන් යුක්තය. රොබෝ යන්ත‍්‍ර වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගෙන වාතයේ ආර්ද්‍රතාවය හා උෂ්ණත්වය පවා ස්වයංක‍්‍රීවය පාලනය කෙරේ. ඉතාම ඉහළ ගුණාත්මක භාවයක් සහිත පස්වන පරම්පරාවේ රැහැන් රහිත සන්නිවේදනය ඇමරිකාව හා කොරියාව දැනට භාවිතා කරයි. චීනය, ජපානය, පින්ලන්තය හා ඔස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල් ගණනාවක් එම තාක්ෂණයට ඇතුළුවීමට ප‍්‍රයත්න දරමින් සිටී. පින්ලන්තයේ විශ්ව විද්‍යාලයක රැහැන් රහිත සන්නිවේදනයේ පස් වැනි පරම්පරාව ක‍්‍රියාත්මක අතර නොකියා සමාගම මෙහෙයැවෙන්නේ ඒ ආශ‍්‍රිතවය.

හතරවැනි හා පස්වැනි පරම්පරා වෙනස

සන්නිවේදනයේ පස්වැනි පරම්පරාව සතු සුවිශේෂීතා හªනා ගැනීම වැදගත්ය. හතරවැනි පරම්පරාවේ රැහැන් රහිත සන්නිවේදනයට වඩා දහ ගුණයක් වේගවත් බවක් පෙන්වයි. වර්ග කිලෝමීටරයක් තුළ එකිනෙකට වෙනස් මෙවලම් මිලියනයක් එකිනෙකට සම්බන්ධ කළ හැකි බව දැක්වෙයි. දැනට භාවිතාවන සියළුම ගණන් ගැනීම් පරාජය කර ඉතා වේගයෙන් හා නිවැරදිව සන්නිවේදනයෙහි නිරත වනු ඇත. මෙය අද පවතින ජනතාව අතර සන්නිවේදනය අභිබවා සමස්ථ සංහතිකය සමග කරන සන්නිවේදනයෙහි සමත්වන ගුණාත්මක පරිවර්තනයකි. එම`ගින් යන්ත‍්‍ර හා යන්ත‍්‍ර අතර කරන සන්නිවේදන ව්‍යුහයක් බිහි කර ඇත. අවසානයේ දී එය ඉතාම බුද්ධිමත් රොබෝ තාක්ෂණ යුගයක් කරා ගමන් කරනු ඇතැයි විශ්වාස කෙරේ. පස් වන පරම්පරාවේ රැුහැන් රහිත සන්නිවේදනය සමග කෘතීම බුද්ධි පරිනාමනය අතිශය සංකීර්ණ ක‍්‍රියාවලියක් වනු ඇති අතර එය පාලනය කරන්නේ කෙසේ ද යන්න ගැන ද ජාත්‍යන්තරය තුළ සෑහෙන බරපතල විවාදයක් තිබේ. මානව පැවැත්මට තර්ජනයක් වන තත්ත්වයට පත් විය හැකි ද යන ප‍්‍රශ්නය ද ගැඹුරෙන් සාකච්ඡා කරමින් සිටී.

විකාශන ස්වභාවය වෙනස් විය හැකිය

පස්වන පරම්පරාවේ සන්නිවේදනය සමග සියළු තොරතුරු විකාශන ජාලා වල ස්වභාවය වෙනස් වෙයි. හුදෙක් එක සන්නිවේදන පරාසයක් ලබා ගන්නා ව්‍යවසායකයෙකුට ගුවන් විදුලිය, රුපවාහිනී හෝ වෙනත් ඕනෑම සමාජ මාධ්‍ය විකාශයක් පවත්වාගෙන යා හැකි වනු ඇති අතර මෙතෙක් වෙන් වෙන්ව තිබුණ ආයතනික රාමු එකට එකතු වී සංකීර්ණ තත්ත්වයට පත්වෙයි. එහි දී සන්නිවේදන බලපත‍්‍ර ක‍්‍රමය අනෙක් පැත්තකට හැරෙන අතර බලපත‍්‍ර නිකුත් කිරීම වෙන්දේසි ක‍්‍රමයකට යොමු වනු ඇතැයි සැලකේ. ඉහළම වෙන්දේසිය ලබා ගන්නා ව්‍යවසායකයෙකුට එයින් නොයෙක් අලූත් පැති වල සන්නිවේදන අවශ්‍යතා සපුරන්නට හැකි වන අතර එය ගෝලීය වෙළදාමක් දක්වා පුලූල් කළ හැකිවෙයි. ඇමරිකාව මුලින් බි‍්‍රතාන්‍යයේ තීරණයට එරෙහිව සිටියේය. තෙරේසා මේ අගමැතිනිය බලයේ සිටින කාලයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් බි‍්‍රතාන්‍යයට පැමිණි අතර එහි දී චීන හුවාවේ ආයතනයට පස්වන පරම්පරාවේ සන්නිවේදනය පැවරීම ගැන කෙලින්ම අසතුට පළ කර තිබුණ බව මාධ්‍ය වාර්තා කර ඇත. බි‍්‍රතාන්‍යයේ අගමැති බොරිස් ජොන්සන් පියවරක් ඉදිරියට එහෙත් උපායශීලීව ගෙන යන්නේ එවැනි පසුබිමක දී බව අමතක කළ යුතු නැත.