» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
02/02/2020 - දේශය
විස්මිත වේගවත් ඉදිකිරීම්

ලෝකය වේගයෙන් වෙනස් වෙමින් තිබේ. අද පවතින යතාර්ථය හෙට යල් පැන ගිය එකකි. ආර්ථික හා සමාජ පෙරැළි විශ්වාස කරන්නට අපහසු සිද්ධි බවට පත්ව ඇත. කෙරෝනා වයිරසය ගැන ජනී ජනයා භීතියෙන් බලා සිටිය දී චීනය එරට වුහාන් ප‍්‍රාන්තයේ රෝහල් දෙකක් ඉදිකරන අන්දම මිලියන සංඛ්‍යාත පිරිසක් සජීවිව දැක බලාගත්හ. එය තාක්ෂණයේ බලය වී ඇති අතර අති නවීන සැලසුම් බව ප‍්‍රකාශ වෙයි. හදිසි ප‍්‍රතිකාරෙ වනුවෙන් වෙන් කරන මෙම රෝහල් වලින් එකක් දින දහයක් තුළ ඇදන් දහසක් සහිතව ඉදිවන අතර අනෙක එයටත් වඩා විශාල එකක් වශයෙන් අතිරේක දින ගණනකින් ඉදි කිරීම් අවසන් වෙමින් පවතින අතර මෙමසති අන්තයේ මෙම රෝහල් දෙක පරිහරණයට පැවරෙනු ඇත. චීනයේ මධ්‍යම රූපවාහිනී නාලිකාව මෙම ඉදිකිරීම් සජීවීව විකාශය කළේය.

චීන ඉදිකිරීම් වල ඉතිහාසය තවත් අලූත් ස්වභාවයක

රෝහල් දෙකක් ඉදිකිරීම ගැන අනාවරණයවන තොරතුරු වලට කලින් චීනය ඉදිකිරීම් වලින් සෑහෙන ඉදිරි පියවර තබා තිබේ. දින පහලොවකින් මහල් තිහක සංචාරක හෝටලයක් ඉදිකර තිබේ. එම හෝටවලයට නුදුරින් පදිංචිකාරියක හැන්දෑවේ නිවස පිරිසිදුකර කසල ඉවතට දමන අවස්ථාවේ දී කහ පැහැති දොඹකරයක් පැමිණ ඇති බව නිරීක්ෂණය කර ඇති අතර දින පහලොවක් අවසානයේ දී වීදුරු හා ඇළුමීනියම් වලින් දිස්නය වැටෙන දැවැන්න ගොඩනැගිල්ලක් ඇයට දැක ගත හැකි වී තිබේ. මහල් පනස් හතක කාර්යාල හා සාප්පු සංකීර්ණයක් තැනූ චිනය මාසයක් ඇතුලත මහල් 200 ක ගොඩනැගිල්ලක් හදන සැලසුමක සිටී. මේවා කරන්නේ කලින් සකස්කළ කොන්ක‍්‍රීට් ඇසුරු කරගෙනය. අත්තිවාරම දමන අවස්ථාවේ දී ඉදිකිරීම් ඇරඹෙන අතර වේගයෙන් හැදීම විශේෂ ලක්ෂණය වී තිබේ.

ඉදිකිරීම් වේගවත් කිරීම 1980 දී චීනය කරන ලද ආර්ථික ප‍්‍රතිසංස්කරණ වල එක තීරණයක් වී ඇති අතර එහි වැදගත්කම අද වන විට මැනැවින් සාක්ෂාත් වී ඇත. 1950 වැනි කාලයේ දී ලෝකයේ සිමෙන්ති නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් බිලියන පහකි. 1996 වන විට එය මෙටි‍්‍රක් ටොන් බිලියන 40 දක්වා ඉහළ නැග ඇත. අද එය තවත් දෙතුන් ගුණයකින් වර්ධනය වී තිබේ. ජගත් ආර්ථික සංසදයට ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව මෙම සියවස තුළ ඇමරිකාව ඉදිකිරීම් වලට භාවිතා කළ සම්පූර්ණ සිමෙන්ති ප‍්‍රමාණය හා සමාන තොගයක් චීනය ඉකුත් වසර තුන තුළ සිය ඉදිකිරීම් වලට භාවිතා කර ඇත. එය අතිශය පුදුම වේගයකින් කොන්ක‍්‍රීට් ප‍්‍රයෝජනයට ගැනීමක් බව ප‍්‍රකාශ වෙයි. එය සමහරවිට ලෝකයේ සියළුම රටවල් භාවිතා කරන ඇති සම්පූර්ණ කොන්ක‍්‍රීට් ප‍්‍රමාණයෙන් හරි අඩක් පමණ බව ද දැක්වෙයි.

ති‍්‍රමාණ තාක්ෂණය ඉදිකිරීම් සංකල්ප වෙනස් කරයි

අලූත් පර්යේෂණ අනුව ඉදිකිරීම් සදහා ත‍්‍රිමාණ තාක්ෂණය පැමිණ තිබේ. ලෝකයේ පළමුවතාවට ජල බැහැර කරන අතර හරිත තාප්ප තනන ත‍්‍රිමාණ තාක්ෂණය හදුන්වා දී තිබේ. එය අතිශයින් විස්මිත වන අතර ආරක්ෂාව හා පරිසරය ගැන හිතන පිලිවෙලකි. ආරක්ෂිත තාප්පයක් තනන ආකාරයටම පරිගණකයෙන් නිර්මාණය කළ සැලැස්ම යන්ත‍්‍රානුසාරයෙන් ඉදි කෙරේ. ලෝකයේ වෙනත් කෙළවරක නිර්මාණය කරන දේ තොරතුරු තාක්ෂණ මගින් සන්නිවේදනය කරන අතර පරිගණකයට දෙන විධානය අනුව ත‍්‍රිමාන තාක්ෂණයෙන් වැඩ අවසන් කෙරේ. එය වියදම අඩු සියයට සියයක් ම නිවැරදි ඉදිකිරීමක් බවට පත්වෙති.

ත‍්‍රිමාණ ඉදිකිරීම් ගැන පර්යේෂණ ඇරඹෙන්නේ 1980 ගණන් වල දී ය. කැලිෆෝනියාවේ විශ්ව විද්‍යාලයක් 2014 දී නිවාස ඇතුලත ඉදිකිරීම් සාර්ථකව අත්හදා බැලීය. චීනය මීටර් හතක් උස ඉදිකීරීමක් තී‍්‍රමාන තාක්ෂණයෙන් කරන ලද අතර පසුව එනම් 2016 දෙසැම්බර් 16 වැනි දා ස්පාඤ්ඤය එරට ප‍්‍රධාන නගරයක මගී පාලමක් ත‍්‍රිමාණ තාක්ෂණය උපයෝගී කරගෙන ඉදිකර භාවිතාවට ගෙන ඇත. පෙර සවි කොන්ක‍්‍රීට්, ත‍්‍රිමාන තාක්ෂණය, අධි බලැති මෙවලම් හා මනුෂ්‍ය බුද්ධිය හා සමානව මෙහෙයැවෙන කෘතීම රොබෝවරු ලෝකයේ දැන් දැන සිටින ඉදිකිරීම් ව්‍යුහය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් සිටී.

සිමෙන්ති පමණක් නොව දැව පෙණුමැති ශක්තිමත් යකඩ

ඉදිකිරීම් වෙනුවෙන් බහුලව අවශ්‍ය වන යකඩ වෙනුවෙන් ඉතාම ශක්තිමත් දැව විෂයක් නිපදවන්නට ඇමරිකාවේ පෙනිසෙල්වේනියානු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවන් පිරිසක් සමත් වී ඇත. නිෂ්පාදනය ටයිටේනියම් ලෝහය තරම් ශක්තිමත්ය. නමුත් දැවමය ස්වභාවයක් පෙන්වයි. විශේෂත්වය වන්නේ දිය මතු පිට පාවෙන ස්වභාවයක තිබීමය. අභ්‍යන්තර කුහර හෙයින් සැහැල්ලූ වන අතර දිය මතු පිට පාවෙන තරමට පුදුමාකාර ලෝහයකි. එහෙත් ඉතාම ශක්තිමත්ය. මෙම නිෂ්පාදනය ලෝහ දැව වශයෙන් හදුන්වන්නට පර්යේෂකයෝ තීරණය තිබේ.

ටයිටේනියම් ලෝහය සොයා ගන්නේ 1791 වසරේ දී ය. ශල්‍ය වෛද්‍ය උපකරණ, සැත්කම් වලින් සිරුරට බද්ධ කරන ඇතැම් කොටස් තැනීමට භාවිතා කරන අතර විශේෂයෙන් අභ්‍යවකාශ යානා වල උපාංග, රසායනික ද්‍රව්‍ය ප‍්‍රවාහන නල තැනීමට උපයෝගී කරගැනේ. අලූතින් නිපදවන ලද දැවමය ලෝහය ටයිටේනියම් අභිබවා ලෝකයේ කර්මාන්ත හා තාක්ෂණ අංශ වල පෙරැළියක් කරනු ඇත. සියවස් දෙකකට පසු අනාවරණය වූ වැදගත් සොයා ගැනීමක් සේ සලකයි.

මෙහෙයුම් වලට දායක වන රොබෝ ශ‍්‍රමිකයෝ

වසර 2050 වන විට නිෂ්පාදනය, ප‍්‍රවාහනය, ගබඩා කිරීම හා තොග අලෙවිය වැනි අංශ වලට සම්බන්ධ වන රොබෝ වෘත්තිකයෝ ප‍්‍රමාණය සම්පූර්ණ අවශ්‍යතාවයෙන් සියයට 35-50 අතර විය හැකි බව අනාවරණය වෙයි. වැඩ කරන්නට අසීරු හා ඉක්මනින් තීරණ ගත යුතු තැන් වලට රොබෝ සේවකයෝ යෙදවෙති. ස්වයංක‍්‍රීය රොබෝවරු ඉතා මිල අධික බවට මතයක් තිබුණ නමුත් 2015 සිට 2025 වන විට මුල් කාලය හා සසදන විට කෘතිම රොබෝවරයෙකුගේ මිල සියයට හැට පහකින් පහත වැටෙනු ඇතැයි සැලකේ. සාමාන්‍ය පුහුණු ශ‍්‍රමිකයකු වෙනුවෙන් ගෙවන වැටුප හා සසඳන විට රොබෝවරයෙකු සේවයේ යෙදවීම හැම අතින්ම වාසිදායකය. නුදුරු අනාගතයේ දී සෑම අංශයකම සේවයෙන් හරි අඩකට වඩා ස්වයංකී‍්‍රයව පාලනය වන රොබෝවරයෙකු මෙහෙයවන තැනට පත් වනු ඇති බව ගණන් බලා ඇත. එය සෑම අංශයකින් ම වියදම කපා හරින අතර සාමාන්‍ය මනුෂ්‍යයෙකු යෙදවීමෙන් අපේක්ෂා කරන කාර්ය ප‍්‍රමාණයට වඩා ඉහළ ගුණාත්මක සේවයක් සහතික කෙරේ.

තාක්ෂණයේ පරිවර්තනය සමාජය ගෙන යන තැන

ඉදිකිරීම් අංශය ජන ජීවිතයේ එක පැත්තකි. වැඩිවන ජනගහනයට වාසස්ථාන උවමනා කර තිබේ. විවේක ස්ථාන, කාර්යාල හා වෙළ`ද පොල වශයෙන් සෑහෙන ඉඩකඩක් අවශ්‍යය. භූමිය සීමා සහිත වන අවස්ථාවක මහල් නිවාස තනන්නට වන අතර ඒවායේ පිරිවැය ඉහළ ගියහොත් සාමාන්‍ය ජනතාවට ප‍්‍රශ්නයකි. මිල අඩු කරන අතර වේගයෙන් තනන පියවර වෙනුවෙන් කෙරෙන අත්හදා බැලීම් සාර්ථක වෙමින් තිබේ. නැකැත් බලා පිලිවෙලට ගෙවල් හදන යුගය අවසන්ය. චීනය කොරෝනා වයිරසයට මුහුණ දෙනු සදහා රෝහල් තැනීම ඉදිකිරීම් ගැන අලූත් අදහස් ජනිත කර ඇත. ත‍්‍රිමාන තාක්ෂණය, සැහැල්ලූ යකඩ, පෙර නිමි කොන්ක‍්‍රීට් මෙම ව්‍යුහය වෙනස් කර තිබේ. දැවැන්ත යකඩ බාර් ජලයේ පාකරගෙන ඉදිකරන තැනක් වෙත ප‍්‍රවාහනය කරන දිනයක් අනාගතයේ දී උදා වෙන්නට බැරි නැත. ඒවා රොබෝවරු කර තබාගෙන ගොස් නූලට සවිකරන අතර ත‍්‍රිමාණ මැෂින් ඒවායේ සිමෙන්ති පුරවා මහල් නිවාස තනනු ඇත. මේවා තවදුරටත් සිහින නොවේ. ප‍්‍රායෝගිකය සිදුවෙමින් පවතින දේ වන අතර අලූත් පිලිවෙල ප‍්‍රයෝජනයට ගැනීම කෙරෙහි අවධානය යොමු විය යුතුය.