» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/12/2019 - දේශය
නගරයක ලස්සන අවලස්සන වන නැඹුරුවක්

වර්ණවත් කුරුල්ලන් ඇති කිරීම විනෝදාංශයකි. නෙත්කළු දර්ශනයක් වන අතර කුරුළු කූජනය මිහිරිය. නිදහසේ සරන කුරුල්ලන්ගේ හැසිරීම දෙස බලා සිටීම සැහැල්ලූවක් ඇති කරයි. ස්පාඤ්ඤයේ මැඞ්රීඞ් නගරයේ බලධාරීහු කුරුළු හිරිහැරයකට මුහුණ දී සිටී. නගරයේ ජීවත්වන ඉතා අලංකාර කුරුල්ලන් ගේ ප‍්‍රමාණය සීමා නොකළහොත් සෞඛ්‍ය තර්ජන පවා අති විය හැකි බවට අනතුරු අගවයි.

මැඞ්රීඞ් වඩාත් ජනාකීර්ණ නගරයක් වන අතර එහි ජනගහනය මිලියන 6.5 ක් වන බව දැක්වෙයි. යුරෝපා රටවල නගර අතර වැඩිම ජනකායක් ජීවත්වන නගර අතර තුන්වැනි තැන උසුලයි. ඉහළ ආර්ථික මට්ටමක පසුවන මෙහි වැසියන්ගේ ජීවන තත්ත්වය උසස්ය. ජීවත්වීමට සුදුසු නගර ලැයිස්තුවේ ද ඉහළම තැනකක සිටී. එසේ තිබිය දී අලූතින් උද්ගත වූ කුරුළු කරදරය නගර පරිපාලකයන්ට හිසරදයක් වී ඇත. වැඩිපුරම දකින්නට ලැබෙන්නේ ගිරවුන්ය. ඉතා අලංකාර ගිරව් රංචු නගරය වාසස්ථානය කරගෙන ඇති අතර අවුරුද්දකට කලින් සිටි නම දහසක පමණ ගිරවුන් ගේ ප‍්‍රමාණය එක වසරක් තුළ දොලොස් දහස ඉක්මවා තිබේ. අවුරුදු හත අට කට කලින් ගිරවුන්න දාහක් වැඩිම වුවහොත් එක්දහස් පන්සියයක් වෙනෙස්සට ඇති බව මැඞ්රීඞ් නුවර පාලකයෝ කියා සිටිති.

වර්ණවත් කුරුල්ලන්ගේ අවලස්සන

මෙම ගිරා රංචු ගැන දක්වන සත්වවේදීහු සතුන් ස්පාඤ්ඤයේ නොව ආර්ජන්ටිනාවෙන් පැමිණි අය බව පෙන්වා දෙති. වැඩි පිරිසක් කුරුල්ලන් ඇති කරන පිරිස් ආනයනය කරන ලද අතර බෝවීම පාලනය කරගත නොහැකි නිසා නිදහස් කර තිබේ. අවසානයේ දී නගරයේ උස් ගොඩනැගිලි, දැවැන්ත වෘක්ෂ සහ ඉඩ ඇති හැම තැනකම විශාල කූඩු හදා ගෙන ස්ථිරව පදිංචි වී ඇත. එය නගරය කුරුළු වසුරු වලින් අවලස්සන වන හේතුවක් වී තිබේ. ඇතැම් වාර්තා දක්වන පරිදි කුරුළු උණ හටගැනීම සහ සැල්මොනෙල්ලා පැතිරීම ඇතුළු නොයෙක් රෝග බෝවෙන අවදානමක් ද තිබේ. ආහාරයට ගත හැකි එලවලූ හා පලතුරු වලට කරන විනාශය බලවත් තර්ජනයක් බව ද පාලකයෝ සදහන් කරති. මැඞ්රීඞ් නගරයේ පාලකයෝ පෙන්වා දෙන පරිදි ගිරවුන් තනන කූඩුවක් සමහරවිට කිලෝ 200 ක් පමණ වන අතර එය පුදුම සහගත පමණක් නොව වීදියේ ඇවිද යන පොදු ජනතාවට අවදානමක් ද බව අනාවරණය කර තිබේ. කුරුල්ලන්ගෙන් වන හිරිහැර ගැන පැමිණිලි 218 පසුගිය අවුරුද්දේ ලැබී තිබීම වඩාත් පුදුමයට කරුණකි.

වාහන පාලනයක පරිසරය අනතුරක

පරිසර තත්ත්ව ගැන සලකා බලන ලද මැඞ්රීඞ් නගර සභාවේ පාලනය නගරයට වාහන ඇතුළු කිරීම පාලනය කරන ලද අතර එහි අදහස වූයේ විහන දු ම්වලින් අපවිත‍්‍ර නොවූ හුස්මක් ගැනීමට ජනයාට ඉඩ සැලසීමයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රතිශතය අවම වී ඇති අතර නීති ලිහිල් කරන්නට අවධානය යොමු කර තිබේ. එහෙත් අනෙක් පැත්තෙන් පැන නැගී ඇති ගිරවුන් ගේ හිරිහැරය හෙයින් සතුන් පාලනය කරන්නට පියවර ගැනෙන බව අනාවරණය වෙයි.

ඉතාම ලස්සන ගිරවුන් ගේ බෝවීම පාලනය කරන්නේ කෙසේද? වාහන පාලනය කර පරිසරය හොද පැත්තට හරවන ලද හවුල්කාර දේශපාලන පක්ෂ නායකයෝ පරිසරය හා ජනී ජනයාගේ පැවැත්ම ගැන කල්පනා කර ගිරවුන් ගැන තීරණ ගැනීමේ දී අලූත් ගැටළුවකට මුහුණ පා සිටී. තාක්ෂණයෙන් හා විද්‍යාත්මක ක‍්‍රම මගින් සියළු පැති පාලනය කරගත හැකි බව සිතන අවස්ථාවේ දී පවා ස්වභාවික වන සතුන්ගෙන් එල්ල වන තර්ජනය මෙතෙක් අවධානයට යොමු නොවූ කරුණකි.

ජීවත්විය හැකි නගර තනන අභියෝගය

අලූත් වාර්තා පෙන්වන පරිදි ජනී ජනයා නගර කරා සංක‍්‍රමණය වෙමින් සිටී. සංවර්ධවය හා ඞීවත්වන වෘත්තීය අවස්ථා සොයන තරුණ පෙල නගරයට එන අතර මුලින් අවධානය යොමු කළේ මෙම එන පිරිස පාලනය කරනු සදහා ගම් සංවර්ධනය කිරීමය. නමුත් එය වෙනුවට මෙගා නගර දියුණු කරන ප‍්‍රතිපත්තියකට යොමු වී තිබේ. මෙකී මෙගා නගරවල වාසස්ථානයට එන පිරිසට අවශ්‍ය වන නිවාස, ආහාරපාන, වාහන, පදික වේදිකා පමණක් නොව රුකියා අවස්ථා ගැන පවා වෙනස්ම ප‍්‍රමිතියකින් හිතන්නට නගර පරිපාලනයට සිදුවී තිබේ. ඒවා පරිසර තත්ත්ව වලට ගැලපෙන පරිදි නිර්මාණය කිරීමට ද බලවත් දුෂ්කර කාර්ණයකි. හොද වටපිටාවක් සහිත නගර තැනෙන විට මැඞ්රීඞ් වැනි නගර මුහුණ දෙන ප‍්‍රශ්නය පැත්තකට කළ නොහැකි බව ද සාකච්ඡුා වෙමින් තිබේ.

ලෝක ආර්ථික සංසදය පෙන්වා දෙන අන්දමට ආසියාව වේගයෙන් දියුණු වෙමින් සිටී. ලෝක ආර්ථිකයෙන් සියයට තිහක ප‍්‍රමාණයක් උසුලන ආසියාව නිෂ්පාදනයෙන් සියයට හතලිහක කොටසකට වගකියයි. ඉන්දියාවේ හා චීනයේ ජනගහනය හා ආර්ථික ක‍්‍රියාකාරකම් එයට හේතුවකි. මෙම තත්ත්වය සමග ලෝක වෙළදාමෙන් තුනෙන් එකක් පවතින්නේ ආසියාවේ බව ප‍්‍රකාශ වෙයි. මෙම ජනතාවට, මෙම දියුණුවට බලපාන පරිදි පරිසර සාධක පාලනය කරන්නේ කෙසේද? යුරෝපයේ මැඞ්රීඞ් නගරයේ වාහන පාලනය කර වාතය පිරිසිදු කරන විට පක්ෂීහු බෝ වී වෙනත් ගැටළු මතු වී තිබේ. කර්මාන්ත ඇති කර ජනතාව දුප්පත්කමින් ගලවා ගන්නා පියවරට යන විට නවදිල්ලි නගරයේ හා සමාන හුස්මගත නොහැකි තරමට වාතය අපිරිසිදු වන බව සනාථ වී ඇත.

අපට ගැලපෙන විකල්ප දියුණුවක්

ආසියාවේ සමාජ ආර්ථික දත්ත පෙන්වන ලෝක ආර්ථික සංසදය එහි ජනගහනයෙන් ඉිලියන 1.2 ක පමණ විශාල පිරිසක් දවසකට ඇමරිකානු ඩොලර් 3.2 ක අඩු ආදායමක් උපයන අන්ත දිළිදු පිරිසක් බව ගණන් බලා තිබේ. මෙම ජන කොටස මැදි ආදායම් මට්ටමට පත්කරන පියවර ගැනෙන විට පරිසරයට එල්ල වන පීඩනය කෙබදුද? දියුණුව ගැන වෙනත් මානයකින් හිතන්නට අවශ්‍යය.

ශ‍්‍රී ලංකාවේ පවා පරිසරය එපමණ නරක තැනක නැත. තදාසන්න ප‍්‍රදේශවල වාතයේ ස්වභාවය පිරිහී ඇති නමුත් එය පාලනය කරගත හැකි තත්ත්වයකය. එසේ නමුත් සෑම නගරයක් හා ගම්මානයක්ම වන සතුන්ගේ ආක‍්‍රමණ වලට ලක් වී තිබේ. වන අලි හිරිහැරය එයින් ප‍්‍රධානය. රිලව්, වදුරන් හා දඩු ලේනුන් වගා හානි කරන බව ගොවියෝ මැසිවිලි නගති. වල් ඌරන්, ඉත්තෑවන් හා මොනරුන් ද එම ලැයිස්තුවට එකතු වී තිබේ. නාගරික ප‍්‍රදේශවල පවා මෙම සතුන් බහුලව ගැවසෙන අතර පවතින නීති අනුව මෙම සතුන් ආරක්ෂා කළ යුතු බවට නීති පනවා තිබේ. මැඞ්රීඞ් නගරයේ ස්වබාවය පමණක් නොව ලෝකයේ දියුණුවන නගර මුහුණ දී ඇති පැති ගැන අවධානය යොමු කරන්නට ද සිදුවී තිබේ.