31/08/2014 - දේශය
ඉන්දියාව සමග ඔට්ටු වීම - මිලින්ද මොරගොඩ
 

ඉන්දියාව සමග බලපවත්වන සම්බන්ධතා කෙරෙහි ශ‍්‍රී ලාංකික අවධානය අලූත් මගකට පැමිණ තිබේ. අලූත් ආණ්ඩුව, අලූත් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සමග ඉන්දියාව හැසිරෙන ආකාරය ගැන විශාල බලාපොරොත්තු මෝදු වෙමින් තිබේ. ඉන්දියාව හඳුනා ගැනීම සහ ශ‍්‍රී ලංකාවේ රාමුව අවබෝධ කරගැනීම ඉතාම වැදගත්ය.ඉන්දියාවේ අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි අසමාන චරිතයකි. ඔහු කියනදේ කරන කරනදේ කියන පුද්ගලයෙකු වශයෙන් ඉන්දියානු දේශපාලනයේ තහවුරුවී සිටී.ඔහුගේ තීරණ ප‍්‍රායෝගික බවද පිළිගැනීමයි.ඉන්දියාවේ ඉදිරිගමන ගැන ඔහුට විශ්වාසයක් ඇතිබව පෙනේ.ඉන්දියාවට ජාත්‍යන්තර තලයේ නිසිතැන ලැබීනැති බව ඔහුගේ අදහසයි . ඒ සදහා වන හොඳ සැලසුමක් ඔහු සතුව ඇත. ඔහු මැතිවරණය අවසන් වීමත් සමග ඉන්දියාවේ බලය සියතට ගත්තේ කලාපයේ නායකයන් කැඳවා ඔවුන්ගේ සහභාගීත්වයෙනි. එයින් ඔහු පණිවුඩයක් දුන්නේ ඉන්දියාව සතු කලාපිය බලය තහවුරු කරගැනීම පිළිබඳවය. වර්තමාන ලෝක ස්වභාවය අනූව ඉන්දියාවට හිමිස්ථානය තහවුරු කරගැනීමට නරේන්ද්‍ර මෝඩි එයින් උත්සහ ගත්තේය. එතුමා මැතිවරණය මෙහෙයවු ආකාරයත් බලය අතට ගත් ආකාරයත් බලන විට තීක්ෂණ උපදේශන මණ්ඩලයක් සිටින බව හඟවා ඇත. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක වශයෙන් පත්වූ අජිත් ඩොවාල් (Ajit Kumar Doval) විදේශ අංශය ශක්තිමත් කරන සුෂ්මා ස්වරාජ් (Sushma Swaraj) මූල්‍ය සහ ආරක්ෂක පැති බාරව සිටින අරූන් ජෙට්ලි (Arun Jaitley) වැනි අය එයින් ප‍්‍රමුඛය.

අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මෑතකදී TNA නියොජිතයින් හමුවීම ආන්දොලනාත්මකය නමුත් ශ‍්‍රී ලංකාවේ දෙමළ ප‍්‍රශ්ණය සලකන විට, උතුරු පළාතේ මහජන ඡුන්දයෙන් තේරීපත්වූ නියෝජිතයින්ගේ ආකල්ප බැහැරකල නොහැකිය. 13වැනි සංශෝධනය ඉන්දියාවේ අදහසකි. බලය බෙදාහැරීම සම්බන්ධ ඉන්දියානු ස්ථාවරය එරට දේශපාළන භාවිතාවේදී වෙනසකට ලක්ව නැත. ඉදිරි කාළයේදී ඉන්දියානු නායකත්වය 13 වන සංශෝධනය හා ඒ ආශ‍්‍රීත කරුණු සම්බන්ධව ආණ්ඩුව හා සෙසු දේශපාළන පක්‍ෂ සමග සාකච්ඡා කරනු ඇත.

වර්තමානයේ දී රාජ්‍ය අතර අන්තර් සම්බන්ධතා තහවුරු කරගැනීමේ දී හුදෙක් රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා පමණක් ප‍්‍රමාණවත් නොවේ. රාජ්‍ය නායකයන් අතර පවතින හොඳ හිත සහ ලෙන්ගතුබව ට අමතරව දෙරට පොදු ජනතාව අතර ද අවබෝධය සහ බැ`දීම ප‍්‍රමාණාත්මකව වර්ධනය විය යුතුය.පසුගිය අඩ සිය වසක කාලය තුළ සලකන විට ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිත‍්‍රශීලී භාවය වරින් වර උණුසුම් වූ බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. ආවේග මතු වූ අතර එයට හේතු වූ කරුණු සාධාරණ සහ යුක්ති සහගත පසුබිමක් සහිත බව මතු පිටින් පෙනේ. දෙරට අතර සම්බන්ධතා තීව්ර බවකින් පවත්වාගෙන යාම දෙරටටම අවශ්‍යය. එය වෙනුවෙන් පොදු ජනතාව සහ රාජ්‍ය තාන්ත‍්‍රික න්‍යාය පත‍්‍රය අතර තිබිය යුතු ප‍්‍රධාන සංකල්ප පුලූල්ව අවධානයට ලක් කළ යුතුය.

5 ජාත්‍යන්තර දේශපාලනය දෙස බලන විට රටවල් අතර සම්බන්ධතාවල යම් යම් පරස්පරතා හඳුනාගත හැකිය. බලවත් රටවල් සහ කුඩා රටවල් අතර සිදුවන ගනුදෙනු හැමවිටම සාධාරණ සහ යුක්ති සහගත නොවේ. අධිරාජ්‍යවාදය පැවැති කාලයේ බලහත්කාරයෙන් රටවල් යටත් කරගෙන සිටි නමුත් දැන් නිදහස් ස්වෛරී රාජ්‍ය වලට බලවත් රටවල තර්ජනය එල්ලවන්නේ නොසිතන පැති වලින් නොඇඟවෙන වෙන අන්දමටය. රුසියාව සිය අසල්වැසි යුක්රේනය හමුවේ ක‍්‍රියාකරන ආකාරය ජගත් ප‍්‍රජාව අනුමත කරන්නේ නැත. රුසියන් භාෂාව කතා කරන අය ආරක්ෂා කිරීමට බව දක්වමින් රුසියාව කරන බලපෑම ජාත්‍යන්තර සම්මුති උල්ලඝනය කරන බව පැහැදිලි කාරණයකි. නමුත් ලෝකයේ රටවල් ගණනාවකට එය අවධානයට ලක් නොවූ කාරණයකි. බටහිර රටවල් කිහිපයක් හැරෙන්නට රුසියාවේ බලහත්කාරය ගැන තදින් කතාකරන්නටබහුතරයක් රටවල් උනන්දුවක් නැත. අසල්වැසි රටවල් වනචීනය හා ඉන්දියාවවැනි බලවත් රටවල් සම්බන්ධව ප‍්‍රශ්න ඇත. බලවත් රටවල් හැසිරෙන ආකාරය ගැන ප‍්‍රශ්න නැති රටක් නැත. බටහිර රටවල ආකල්ප සහ කි‍්‍රයාකාරීත්වය ගැන ආසියානු සහ අප‍්‍රිකානු රටවල් නගන විරෝධතා ඇතත් ඒවායේ අවසාන විග‍්‍රහය කුඩා රටවලට වාසිදායක එකක් නොවේ. බලවත් රටවල් කුඩා රටවලට කරන බලපෑම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය යම් වගකීමක් ඇතිව ක‍්‍රියා කරයි. නමුත් එම කාර්ය භාරය ද නොයෙක් විවේචන වලට ගොදුරු වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතනයක් නැති අවස්ථාවක බලවත් රටවල් කෙබඳු අන්දමට හැසිරෙනු ඇත්ද? මෙම ස්වභාවය වටහා ගැනීම අවශ්‍යය. ආවේග තිබේ. අයිතියක් ඇත. යුතුකම සහ වගකීම් ගැනනිර්වචන තිබේ. නමුත් ජාත්‍යන්තර තලයේ දී ප‍්‍රායෝගිකව සර්ව සාධාරණ අති උතුම් ගුණාංග පමණක් පවතින්නේ නැත. ආගමික, සංස්කෘතික සහ ආත්ම ගරුත්වය සම්බන්ධ නොයෙක් ප‍්‍රශ්න ජාතින් සහ රටවල් අතර පවතී. එය ලෝක ස්වභාවයයි. බලවතාට ඇති හඬ , ඔහු සිතන ආකාරය සහ බලවත් රටක් යුක්තිය සේ සිතා ක‍්‍රියාකරන ආකාරය ඕනෑම කුඩා රටකට බරපතල, සංකීරණ අභියෝග මතුකරයි.

ඉන්දියාව ලෝකයේ බලවත් රාජ්‍යක් වශයෙන් පිළිගත යුතුය. වර්තමාන ලෝක ආර්ථික සහ දේශපාලනයේ දී ඉන්දියාව ක‍්‍රියාකරමින් සිටින්නේ දකුණු ආසියාවේ බලවතා වශයෙනි. භූමියෙන් සතු ආධිපත්‍ය සහ විශාල වෙළද පොළක් සහිත ආර්ථිකය හෙයින් මෙම බලවත් භාවය තවත් ඔප්නැංවී තිබේ. ශ‍්‍රී ලංකාව දීර්ඝ ඉතිහාසයක්, ශිෂ්ඨාචාරයක් සහ අනන්‍ය සංස්කෘතියක් ඇති රටකි. පැහැදිලිවම දෙරට අතර දීර්ඝ කාලයක් තිස්සේ අනොන්‍ය සම්බන්ධතා පැවැතියේය. මෙම තත්ත්වය හමුවේ පැන නැගෙන ප‍්‍රධාන බලධාරාවන්හතරක් හදුනා ගත හැකිය. එකක් රාම රාවනා පුරා වෘතයයි. රාමායනය දෙරට තුළ දෙආකාරයකට සිදුවන විග‍්‍රහයරටවල් වල ජන විඥානයේ දැවැන්ත ලකුණක් සේ දැකිය හැකිය. ශ‍්‍රී ලාංකිකයන්ට රාවන වීරයෙකු නමුත් ඉන්දියානුවන්ට එය එසේ නොවේ. දෙවනුව ඉන්දියාවෙන් මෙරටට ලැබුණ බුදු දහමයි. ඉන්දියාවටත් වඩා බුදු දහම පවතින සහ ධර්මය ලෝකයට බෙදා දෙන රාජ්‍ය බවට පත්ව ඇත්තේ ශ‍්‍රී ලංකාවයි. තුන්වැනුව බදු දහම මෙරටට ලැබෙන්නටත් කලින් සිදුවූ විජයා ගමනයයි. එයින් පසු දැකිය හැකි බලවත්ම සිද්ධිය නම් චෝල ආක‍්‍රමණයයි. එය මෙරට ආගමට සහ සංස්කෘතියට සිදුවූ බලපෑම සියුම්ය. මෙම සිද්ධි හතර කිහිප ආකාරයකට රටවල් අතර සම්බන්ධතාවයන් හමුවේ බලපවත්වමින් සිටී. බුදු දහම සහ එයින් ලැබුණ ශික්ෂණය ගැන නොතකන අප වඩා අවධානයට ගන්නේ රාමායනයේ ප‍්‍රතාභාවයයි. බුදු දහමින් ලැබුණ ආභාෂය සහ විජයාගමනය සම්බන්ධ තහවුරුව අමතක කරන තරමට දෙරට අතර වර්තමානයේ පවතින්නේ රාමායනයේ එදිරිවාදයයි. විජයාගමනයෙන් සහ බුදු දහමින් ශ‍්‍රී ලංකාව පෝෂණය වූ බව අප අමතක කර තිබේ.

වසර දෙදහස් හයසියයකට වැඩි කාලයක් සමීප රටවල් වශයෙන් ජනතාව අතර බෙදා හදා ගැනීම් පමණක් නොව කැඞී වෙන්වීම් ද සිදුවූ බව සැලකිල්ලකට ගෙන නැත. දූපතක ස්වභාවය හෙයින් ලංකාවට නොයෙක් ජාතීන්ගේ සහ සංස්කෘතීන්ගේ ආක‍්‍රමණ සිදුවී ඇත. විශේෂයෙන් ඉන්දියාවෙන්ය. ඉන්දියාවේ රජවරු ලංකාව සමග සම්බන්ධතා පවත්වා ඇති අතර පසු කාලයක මෙරට රජවරු විවාහයට කුමාරිකාවන් තෝරාගෙන ඇත්තේ ද දකුණු ඉන්දියාවෙන් ය.අවසාන කාලයේ ලංකාවේ රජකමට පත්වන්නේ ද ඉන්දීය නරපතියන්ය.මේ අනුව දෙරට අතර අත්‍යවශයෙන්ම තිබිය යුතු එදිරිවාදයක් නොව සහ සම්බන්ධතාවයක් බව පැහැදිලිය. රාමායනයෙන්ශ‍්‍රී ලංකාවට ආත්ම ගෞරවයක් සහ විජය කුමාරයාගේ පැමිණීමෙන් අලූත් සම්භවයක් තහවුරු වෙයි. ඉනික්බිතිව ලාංකිකයන් බුදු දහම වැළද ගැනීමෙන් රටට ලැබුණ අවස්ථාව ඉමහත්ය. එවැනි පසුබිමක සිට අනාගතය දෙස විග‍්‍රහ කරණු විනා රටට අන් විකල්පයක් නැත.

ශ‍්‍රී ලංකාව මෑත කාලය තුළ සෑම අවස්ථාවකදීම බලවත් සැකයකින් සහ භීතියකින් ජාත්‍යන්තරයට මුහුණ දී තිබේ. ආක‍්‍රමණ සහ විදේශ අතපෙවීම් ගැන කනස්සල්ලෙන් සිටී. මෙවැනි තත්ත්ව මතුවන්නේ සමාජයක ආත්ම විශ්වාසය පලූදු වූ විටය. යථාර්ථයට මුහුණ දී අභිමානයෙන් ක‍්‍රියාකරන්නට නම් තම පසුබිම අමතක කළ යුතු නැති අතර වටිනාකම් සහ තමන්ට ජාත්‍යන්තර ආර්ථික දේශපාලන රාමුවේ හිමි ස්ථානය ගැන අවධානයක් ඇතිව මෙහෙයවිය යුතු වෙයි. මෙහිදී පුලූල් අවබෝධය වැදගත්ය. තීන්දු ගැනීමේ දී දුර දිග සිතා බලා එහි ප‍්‍රතිඵල සහ විපාක ගැන කල්තියා සාකච්ඡා කළ යුතුය. ඉන්දියාව සමග ගනුදෙනු කිරීමේ දී බලවත් රටක් සහ අසල්වැසියෙක් ගැන සිතන ආකාරය අමතක කළ යුතු නැත.9 දෙමළ බස කතා කරන වැසියන් ගැන දක්වමින් පසුගිය තිස් වසර තුළ විශේෂයෙන් ත‍්‍රස්තවාදය හමුවේ ඉන්දියානු මැදිහත්වීම විචාරශීළීව විග‍්‍රහ කළ යුතුය. 1987 දී බලහත්කාරයෙන් ගුවනින් ආහාර හෙළීම සහ එය පසුව රටට ඉන්දියානු හමුදා පැමිණීම දක්වා දුර දිග ගියේය. දෙරට අතර මුහුදු සීමාවේ යුද නැවක් නතර කර තිබුණ බව ඇතැම් විචාරකයන්ට මතකය.රුසියාව කරන, චීනය හැසිරෙන සහ ඇමරිකාව වශයෙන් බලවත් රටවල් ක‍්‍රියා කරන ආකාරයට වඩා වෙනස් තීන්දුවක් එහි නොවූ බව සැලකිය යුතුය.ත‍්‍රස්තවාදය පෝෂණය කර රුකුල් දුන්නේ ඉන්දියාව බවට මෙරට තහවුරු වී ඇති අදහසකි. එහි වරුද්දක් නැත. නමුත් රජීව් ගාන්ධි ඝාතනය සමග ප‍්‍රභාකරන් සිය මරන වරෙන්තුව ඉන්දියාවෙන් ලියා ගත්තේය. ත‍්‍රස්තවාදය පරාජය කරන මානුෂික මෙහෙයුමේ තීරණාත්මක අවස්ථාවේ දී ඉන්දියාව නිහ`ඩව සිටි අතර අභ්‍යන්තර දේශපාලන පීඩනය සහ ජාත්‍යන්තර මතය දරාගනිමින් එසේ හැසිරීම නොවන්නට ත‍්‍රස්තවාදය පරාජය කිරීමට හැකියාවක් නැත. ඉන්දියාව පමණක් නොව ඇමරිකාව ප‍්‍රමුඛ බලවත් රටවල් ද ත‍්‍රස්තවාදය සම්බන්ධව නිහඩ සම්මුතියකට පැමිණ සිටි අතර එම රටවල් බුද්ධි අංශ වලින් ද එල්.ටී.ටී.ය තහනම් කිරීමෙන් ද ශ‍්‍රී ලංකාවට වාසි දායක ලෙස හැසිරුණ බව සදහන් කළ යුතුය. මෑත කාලයේ දී මානව හිමිකම් චෝදනා සකස් වන විට ඉන්දියාව ක‍්‍රියා කළ ආකාරය බටහිරට අවනත එකක් වූයේ නැත. ඉන්දියාව තුළ දේශපාලන වශයෙන් තිබූ බලපෑම් ඉදිරියේ පවා ප‍්‍රවේසමෙන් තීරණ ගත් බව පැහැදිලිය. රටට ප‍්‍රශ්නයක් මතු වුවහොත් අසල් වැසි ඉන්දියාවේ විනා ලෝකයේ වෙනත් කෙළවරක් ඉක්මනින් අවධානය යොමු කරන්නේ නැත. බලවත් රටවල් ලෝකය බෙදාගෙන ඇති ආකාරය අනුව වගකීම පැවරෙන්නේ ඉන්දියාවටය.

අද වන විට සමීප රටවල් දෙකක් වශයෙන් ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අලූත් යුගයකට අවතීර්ණ වී තිබේ. ත‍්‍රස්තවාදය පරාජයට පත් කිරීමෙන් පසු ආර්ථික ජයග‍්‍රහණ ඉලක්ක කර ගමන් කරන යුගයක එය ඉතාමත් වැදගත්ය. ත‍්‍රස්තවාදය පරාජය කරන ලද ආකාරය සහ එහිදී රජයක් වශයෙන් ගත් තීරණ බටහිර ප‍්‍රජාව සහ මානව හිමිකම් සංවිධාන වල අභියෝග වලට ලක්ව ඇත. ත‍්‍රස්තවාදයෙන් මෙරට සාමාන්‍ය ජනතාව වි`දි පීඩා සහ ආණ්ඩු ගණනාවක් විවිධ ආකාරයෙන් එයට උත්තර සෙවීමට ගත් වෙහෙස නිසි ආකාරයට ඒත්තු ගැන්වීම පහසු එකක් වී නැත. නොයෙක් ආකල්ප සහ මතිමතාන්තර වල සිටින ජාත්‍යන්තර ප‍්‍රජාව ඒවා දකින්නේ නොයෙක් පසුබිම් වල ඔවුන්ගේ කෝණයෙහි සිටිමින්ය. කලාපීය එකමුතුව සහ ආර්ථික ශක්තිය හමුවේ මෙම තත්ත්වයට සෘජු සාවධාන පිලිතුරක් දිය හැකිය. එහිලා ඉන්දියානු සාධකය රටට ඉතාම වැදගත් සාක්ෂියකි.

මෙම සාක්ෂිය උදෙසා 13 රටවල් දෙක අතර පවතින ප‍්‍රධාන කරුණු හතරක් කෙරෙහි සියුම් උපායශීලී අවධානයක් යොමු කිරීම අවශ්‍යය. පළමුවැන්න ආර්ථික සම්බන්ධතාවයයි. ඉන්දියාව සමග ආර්ථික වශයෙන් බැ`දීමකින් තොරව රටට තිරසාර ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ නොහැකිය. ලෝකයේ සැපයුම් චක‍්‍රය වියදම් අඩු කරන වේගවත් නිෂ්පාදන ක‍්‍රියාවලියක් කරා ගමන් කරන වකාවානුවක රටට සමීපව පිහිටි විශාලම වෙළද පොළ අමතක කිරීම බලවත් ගැටලූවකි. වේගවත් ආර්ථික පිබිදීමකට යොමු වන ඉන්දියාවේ ගමන ශ‍්‍රී ලංකාවට ඉවහල් කර ගත යුතුය. ආර්ථිකය වර්ධනය කරගැනීමෙන් තොරව පවතින ජාත්‍යන්තර තර`ගකාරි ස්වාභාවය හමුවේ දෙරටටම අනාගතයක් නැත. ආර්ථිකය වර්ධනයෙන් තොරව පුරවැසියන්ගේ ජීවන තත්වය උසස් නොවේ. ඉන්දියාව අභියෝගයක් නොව අවස්ථාවක් සේ සැලකීම වැදගත් වන අතර නොයෙකුත් අංශ වලින් ආර්ථික සම්බන්ධතාව සහ ආයෝජන සක‍්‍රීය බව ඇති කර ගැනීමට ඇති හැකියාව සොයා බැලීම සුදුසුය. දෙරට අතර ගමනාගමනය පහසු කරනනට අවශ්‍යය. ගුවනින් මුහුදෙන් පමණක් නොව ගොඩබිමින් ද මෙම සමීප රටවල් දෙකෙහි සම්බන්ධතා වැඩිවන විට දෙරට අතර සංචරණය වේගවත්වෙයි. පාසල් සිසුන් තරුණන් දෙරට අතර යන එන විට සහ කේරළය හා අන්ද්‍ර ප‍්‍රදේශය වැනි ප‍්‍රාන්ත වල අධ්‍යන අවස්ථා උදාකරගත හැකි වන විට රට තුළ පවතින තත්ත්වය වෙනස් වනු ඇත. එම ප‍්‍රාන්ත වලට අමතරව කර්නාටක සහ විශේෂයෙන් මිලියන හැත්තෑවක ජනගහනයක් සිටින ශ‍්‍රි ලංකාවට ඉතාම කිට්ටු තමිල්නාඩුව සමග ආර්ථික සමාජ සම්බන්ධතා තර කරගත යුතුය. ඉන්දියාවට අවශ්‍ය හෙයින් නොව ශ‍්‍රී ලංකාවට එයින් ලැබෙන වාසි කෙරෙහි අවධානය යොමු කර මෙම පැති අධ්‍යනය කර අවස්ථා පුලූල් කිරීම කාලෝචිතය. එය ආර්ථික වාසි පමණක් නොව සමාජ අවබෝධය ද තහවුරු කරන්නකි.

දෙවැන්න ඉන්දු ලංකා ධීවර ගැටලූවයි. දෙරට අතර දේශපාලන සහ සමාජ ප‍්‍රශ්න උණුසුම් කරන ධීවර ගැටලූව කෙරෙහි සාවධාන නොවී ඉදිරි පියවරකට යා නොහැකිය. ලෝකයේ නොයෙක් රටවල් ගිවිසුම් සහ බලපත‍්‍ර ක‍්‍රම වලට රටවල් අතර මසුන් අල්ලා ගන්නා නවීන ක‍්‍රමවේද සකස් කරගෙන තිබේ. යුරෝපා, ඇමරිකානු සහ නැගෙනහිර ආසියානු රටවල ධීවර ගැටලූ ඇති වූ අවස්ථාවල ඒවා නිරාකරණය ගත් අවස්ථා අපට අත්දැකීම්ය. මේවා අධ්‍යයනය කළ යුතුය. රටවල් අතර ආරක්ෂක නැව් නතරකර වැට බැ`දීමෙන් හෝ අහිංසක ධීවරයන් දිගින් දිගටමඅත් අඩංගුවට ගැනීමෙන් විස`දුමක් ලැබෙන්නේ නැත. දකුණු ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට පැමිණ සීමාවකින් තොරව මසුන් අල්ලන අතර එයින් අසරණ වී ඇත්තේ මෙරට ධීවරයින්ය. නමුත් තහනම් කිරීම ප‍්‍රායෝගික ආකාරයට කළ යුතුය. දැනට පවතින දියුණු තාක්ෂණය අනුව දෙරට අතර මුහුදේ අස්වැන්න ගණන් බලා ඒවා ඕනෑම රටක ධීවරයෙකුට බලපත‍්‍රමත අල්ලා ගන්නට ඉඩ දීම ඥාණාන්විතය. බලපත‍්‍ර ගාස්තුව රටවල් අතර බෙදා ගැනීමට ඉඩ ලැබේ. ක‍්‍රමය ස්ථාපිත කිරීම පමණක් නොව නියාමනයක් ද ඇති කළ යුතුය.

ශ‍්‍රී ලංකාවේ කි‍්‍රයාපටිපාටි සහ හැසිරීම ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් නොවන බව පැහැදිලිවන ආකාරයට විනිවිද පෙනෙන තීන්දු ගැනීම අවශ්‍යය. දියුණු තාක්ෂණික භාවිතා අනුව ලෝකයේ දුරස්ථ රටවල් සමග පවා නොයෙක් ආකාරයට තොරතුරු බෙදා ගනිමින් සිටින වකවානුවක ශ‍්‍රී ලංකාව ආසියානු කලාපයෙන් බැහැර පවත්වන සම්බන්ධකම් වලින් අභියෝග ඇති නොවන බව බලවත් ඉන්දීයාවට ඒත්තු ගැන්වීම වැදගත්ය. එය අන් රටක ස්වෛරීත්වයවෙනවෙන් ශ‍්‍රී ලංකාව දක්වන උනන්දුවක් බව පැහැදිලි වන විට විශ්වාසය තහවුරු වෙයි. නූතන තත්ත්වය අනුව බලවත් රටවල් තම තමන්ගේ කලාප වෙන්කරගෙන එහි බලය තහවුරු කරගෙන සිටින අතර එයට අභියෝගයක් නොවන ආකාරයට ජාත්‍යන්තර සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීම තුන් වැනිව වැදගත් වන සාධකය සේ දැක්විය හැකිය. භූගෝලීය වශයෙන් ශ‍්‍රී ලංකාවේ පිහිටීම අවධානයට ගැනෙන එකකි. මැදපෙරදිගට සහ ආසියාවට දොරටු විවෘත වන්නේ ශ‍්‍රී ලංකාව හරහාය. ඉන්දියාව සහ චීනය සම්බන්ධ කරන පාලමක් බවට පත්වන හැකියාව තිබේ. චීනය සමග හො`ද සම්බන්ධතා පවතින රටට ඉන්දියානු දැක්ම තහවුරු කරගත හොත් මෙම රටවල් දෙක සමග ආර්ථික ගමනක් රටට තිබේ.

හතර වැනි සහ අවසාන කරුණ දේශපාල විසදුම සහ තමිල්නාඩුවේ සම්බන්ධතාවයයි. මෑත කාලය තුළ මෙරට සිදුවූ සියලූ සිදුවීම් වලට ඉන්දියාවේ ප‍්‍රතිචාරයේ යම් කොටසක් දෙමළ ජනතාවගේ තත්ත්වය ද සලකන ලද බව පැහැදිලිව පෙනේ. මේ අනුව දෙරටටම වැදගත් ආකාරයට එකඟ විය හැකි දේශපාලන විසදුමක අවශ්‍යය. එමෙන්ම එය මෙරට දෙමළ ජනතාවට පිළිගත හැකි සියලූ රටවැසියන් ගේ ගෞරවය දිනාගත හැකි ආකාරයේ එකක් බව අමතකකළ යුතු නැත. එවැනි විසදුමක් කරා යාමේදී පොදු සමාජය තුල තමන්ට ඇති සිමාව කුමක්ද යන්න ගැන දෙමළ දේශපාලනඥන්ට තද වගකීමක් තිබේ. ඉන්දියානු සෑම දේශපාලන නායකයකත්වයක් ම පාහේ මෙරට තත්ත්වය කෙරෙහි සංවේදී ආකාරයට හැසිරී ඇති අතර ශ‍්‍රී ලංකාවේ සියලූම දේශපාලන පක්ෂ වලට එය කිසිසේත් මග හැර යා නොහැකිය. වක‍්‍ර උත්තර වලින් හෝ කල්ගත කිරීම් මගින් යා හැකි උපරිම දුරක් අප ගමන් කර ඇත. සිතල ආකාරයට තව දුරටත් හැසිරෙන විට දෙරට අතර සම්බන්ධතා වලට එය ගැටලූ ඇතිකරනු නොඅනුමානය. ප‍්‍රශ්නයට මුහුණදීමත් තමිල්නාඩු ප‍්‍රාන්තය සමග සම්බන්ධතා තරකර ගැනීමත් එක සේ අවශ්‍යය. තමිල්නාඩුවේ දේශපාලනඥයන් සිය වාසි තකා ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාව අවියක් කර ගන්නා අතර එයට ඉඩ දීම ශ‍්‍රී ලංකාව ගෙන ඇති වැරදි නිගමනයකි. තව දුරටත් එය එසේ පවතින්නට ඉඩ හරින විට ගැටුම් සහ මතබේධ අවුලූවා තමිල්නාඩු දේශපාලනඥයන් බලය ආරක්ෂා කරගෙන සිටින අතර ඔවුන් සමග කරන වෙන්දේසියේ දී මෙරට දේශපාලන නායකයින් ද බලවත් චරිත බවට පත්වෙමින් සිටී. ආණ්ඩුව සෘජු ආකාරයකට පියවර තබන විට මෙම ගැටලූවට වෙනස් ආකාරයකින් මුහුණ දිය හැකිය.

ඉන්දු ශ‍්‍රී ලංකා සම්බන්ධතා ගැන රට තුළනොයෙක් අදහස් තිබේ. විශේෂයෙන් දේශපාලන පක්ෂ උග‍්‍ර විවේචන සිදු කරයි. තමිල්නාඩුවේ දේශපාලනඥයන් හැසිරෙන අන්තවාදී ආකාරය ගැන විවේචනය කරන අපට මෙරට දේශපාලනඥයන් අතුරින් ඇතැම් පිරිසක් කී‍්‍රයා කරන්නේ ද ඒ ආකාරයටම බව අවබෝධ නොවීම බලවත් වරදකි. ආගමික, දේශපාලන සහ ජාතික නායකයින්ට දෙරට අතර සම්බන්ධතා කෙරෙහි නව මානයකින් බලන්නට වගකීමක් තිබේ. එම දැක්ම සහ ක‍්‍රියා පිළිවෙත අලූත් ආකාරයක් බිහි කරනු ඇත. ජුඩෝ ක‍්‍රීඩාවේ දී අනෙකාගේ ශක්තිය තමන්ගේ වාසියට නතුකරගැනීම දක්ෂතාවයයි. එමෙන්ම ක‍්‍රීඩකයන් පරාජයෙන් තොරව කෙලවර දකින දෙදෙනාටම ජය අත්කරගත හැකිය තරගයකි .ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින තත්ත්වයේ දී ද ශ‍්‍රී ලංකාව බලවත් ඉන්දියාව තම වාසියට නතු කරගත යුතු එම ආකාරයටමය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.