ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඊයේ පැවැත්විණ. මෙම ලිපිය ඉදිරි වසර පහක කාලය ස`දහා බලයට පත්වන ජනාධිපතිවරයා ගේ ගමන් ම`ග සම්බන්ධ අදහසකි. පාර්ශව දෙකකට සීමා වූ තර`ගය විධායක ජනාධිපතිවරණ ඡන්දවල ඉතිහාසයේ දී දක්වයි. මෙම වතාවේ දී ප්‍රධාන ධාරා හතරක් වෙන් කොට හ`දුනාගත හැකි විය. අනෙක් අපේක්ෂකයන් සුළුකොට නොසලකන නමුත් අන්තවාදී නොවන වපරිසය ක්‍රමයෙන් පුලූල්වීම යහපත් ලක්ෂණයකි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ දියුණුවකි. මැතිවරණ ව්‍යාපාරයේ දී අලූත් අදහස්, කාලීන මත සැලකිය යුතු ප්‍රමාණයක් දැකගත හැකි විය. ප්‍රතිපල නිකුත්වීම සමග ඡන්ද වේදිකාවේ කරන ලද ව්‍යායාමය අවසන්ය. රට ඉදිරියට ගෙන යන සටන ආරම්භ කළ යුතුවේ. ඡන්ද දායකයන් ගේ වැඩිම ඡන්ද ප්‍රමාණයෙන් පමණක් ජනාධිපතිවරයාට සියළු කටයුතු සාක්ෂාත් කළ නොහැකිය. රට ගොඩනගන සැලැස්මකට වගකීම උසුලන කණ්ඩායමක් පෙනී සිටිය යුතුවේ. ජය පරාජය කෙසේවෙතත් සියළුම දෙනා පටු ආකල්ප අත්හැර එකමුතුවීම අවශ්‍යය.
ආර්ථීක, සංස්කෘතික හා සමාජයයීය වශයෙන් ශ්‍රී ලංකාව අර්බුද ගණනාවක පසුවේ. පැන නැගී ක්‍රමයෙන් වර්ධනය වන භූ දේශපාලනයෙහි ද පැටැලී ඇත. ජන සමාජයේ කොටස් මෙකී විවිධ පැතිකඩ ඔවුන්ට අනන්‍ය ලෙස තක්සේරු කරමින් සිටී. සෑම අංශයක්ම වෙන්කළ නොහැකි සංකීර්ණ භාවයන්ගෙන් යුක්තය. මෙයට හේතු තිබේ. නිදහස ලැබීමෙන් පසු ගත වූ කාලය තුළ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනුවට පක්ෂවල අරමුණු ඉදිරියෙන් තබා තිබුණි. පක්ෂ දේශපාලනය ඉතා පටු ආකාරයකට ක්‍රියාත්මක වූ අතර ආධාරකරුවන්ට සලකන ගෝති්‍රික ස්වභාවයකින් කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයක් විය. පුද්ගලික අභිමතාර්ථ උදෙසා ආණ්ඩු පත් කරගැනීමට, පක්ෂ ආධාරකරුවෝ වැර දැරීය. පාක්ෂිකයන් නඩත්තු කරන ආණ්ඩු එයින් බිහි වූ අතර අවස්ථා අහිමි වූ ජන කොටස් ආණ්ඩුවලට දොස් තබන, විරුද්ධවාදීහු පිරිසක් බවට පත් වූහ. අවසානයේ දී අතෘප්තිකර සමාජ ස්වභාවය උත්සන්න විය. කැරළි කෝලාහල, ත්‍රස්තවාදී ක්‍රියා වර්ධනය වූ අතර මරාගෙන මැරෙන තැනට පැමිණියේය. මේවායෙන් පාඩම් ඉගෙන ගත යුතුය. ජාත්‍යන්තරයේ සිද්ධි අත්දැකීම් වශයෙන් ප්‍රයෝජනයට ගැනීම සුදුසුය. එක්සත්ව, එක් සිත්ව, එකමුතුව මෙතැන් සිට ඉදිරියට යා යුතුව තිබේ.
පොදු ජනතාව මුහුණ දී ඇති ඉරණම
ආර්ථීකය හැකිලීම හේතුකොටගෙන දුප්පත් ජනතාව අන්ත දුප්පත්භාවයට පත්ව ඇත. මැදි ආදායම් මටට්මක සිටි ජන කොටස් අලූතින් දුප්පතුන් වී සිටී. උපයන ආදායම ප්‍රමාණවත් නැති තැනකට පත්ව ඇති අතර ආර්ථීකය කළමනාකරණය කරගැනීමට අසමත් වූ පාලකයන් ගැන අසතුට ඔවුහු පළ කර ඇත. මෙම අමනාපය ඡන්ද පදනම තුළ ඇත. ජනතාප්‍රශ්න වටහාගෙන උත්තර සැපැයිය යුතුව තිබේ. තරුණ පිරිස් රටහැර යන තීරණ ආපසු හරවන සැලැස්මක් අවශ්‍යය. ශ්‍රී ලංකාවේ පවතින අඩු අවස්ථා සහ අසමානතා සලකන තරුණ පිරිස් උපරිම වෑයමක් දරා සංක්‍රමණික අදහසක පසුවන අතර බුද්ධිමත්, දක්ෂ පිරිස අහිමිවීම සුදුසු තත්ත්වයක් නොවේ. අනෙක් අතට ජන සමාජයේ වයස් ගත පිරිස ප්‍රතිශතයක් වශයෙන් ඉහළ යමින් තිබේ. වයස්ගත ජන කොටස ස`දහා අවශ්‍ය පහසුකම් සලසන්නට සිදුවේ. ප්‍රවාහන, සෞඛ්‍ය හා වැඩිහිටියන් ගේ ජීවත්වීමේ වියදම ගැන අවධානය යොමු කරන්නට අවශ්‍යය. තරුණන් ර`දවාගන්නා ආකාරය හා වැඩිහිටි සමාජය තේරී පත්වන ජනාධිපතිවරයාට පැවැරෙන මූලික වගකීමකි.
කොවිඩ් වසංගතය, නවීන සමාජ මාධ්‍යවලින් කෙරෙන තෙරපුම හා භූ දේශපාලනයේ පීඩනය ඇතුළු හේතු කොටගෙන මෑත කාලීනව පත්වූ පාලකයන් හා ආණ්ඩු විනාශ කළේය. ධුර කාලය නොසලකා, සැලසුම් සාක්ෂාත් කරගන්නට ඉඩ නොදී සමාජ අවශ්‍යතා සම්පාදනය කරන සේ බලකිරීම ඉදිරියේ දී තවත් තර වියහැකිය. ස්වභාවය අවධානයට ගත යුතුව ඇති අතර ජනතාව තුළ ඇති විශ්වාසය අඩුවෙන්නට කලින් තීරණගැනීමට සිදුවේ. පසුගිය සිද්ධි වෙනුවට ඉදිරිය සලකා වේගයෙන් තීරණ නොගතහොත් අවදානමක් ඇත. ශ්‍රී ලංකාවේ ජාතික නායකයන් ගේ නම ඉතිහාසයේ ලියැවී ඇති ආකාරයක් තිබේ. කොපමණ යහපත් තීරණ ගන්නා නමුත් විවේචන කරන රටක නායකයන්ගේ ස්වභාවය පසුකාලයක හැබෑවට ලියැවේ. මෙම අවස්ථාවේ දී එම අවසාන රාමුව පමණක් මතක තබාගෙන කටයුතු කළ යුතුය.
විසඳුම්වලට කලින් සමාජය එකතු කිරීම
ජනාධිපතිවරණ කාලයේ දී ඇති කරන ලද දේශපාලන ව්‍යාකූලතා හේතුකොටගෙන ජන කොටස් අතර ඛෙදීමක් ඇති විය. පක්ෂ දේශපාලනය පදනම් කරගෙන පිල් ඛෙදීම සාමාන්‍යයෙන් සිදුවේ. ප්‍රජාතන්ත්‍රවාදය අනුව පක්ෂ අවශ්‍යය. ප්‍රතිපත්ති වෙනස්කම් අනුව සුදුසුම බලවේගය හ`දුනාගැනීම ස`දහාය. ඡන්දය අවසන් වූ පසු ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව හෝ පැරණි බේධ අත්හැරිය යුතු අතර සියළු කොටස් එකතුකර එක්සත් කරගන්නට සමත්විය යුතුය. ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය අනුව එකක් අවසන් වන විට තවත් මැතිවරණයක් තිබේ. ඒවා දිනන්නට පක්ෂ පමණක් නොව, ජාතිය, ආගම, භාෂාව, කුලය පමණක් නොව ඉගෙනගත් පාසල අනුව ද ජනතාව බේධ කිරීම සිදුවේ. මෙම භයානක ඛෙදීම් ශ්‍රී ලංකාවේ එකමුතුභාවය අනතුරකට පත්කර ඇත. සංවර්ධන තීන්දුගැනීමේ ක්‍රියාවලියේ දී, පාක්ෂිකයන් හා අනුගාමිකයන් හේතුකොටගෙන තියුණු පරස්පරතා ඇති කර ඇත.
ශ්‍රී ලංකාවේ ඡන්ද ව්‍යාපාර මෑත භාගය තුළ, යම් ප්‍රමාණයකට ප්‍රචණ්ඩකාරීත්වයෙන් බැහැර වී තිබේ. බියවැද්දීම්, ගැටුම් හා මිනී මරාගැනීමේ සිද්ධි අඩුය. හොර ඡන්ද දැමීම හා ඡන්ද පෙට්ටි පිටින් අවලංගු කිරීමේ සිද්ධි ඉතිහාසයට එක්වී ඇත. මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි පවා අඩු අතර එය ඡන්දදායකයන් ගේ බුද්ධිමත්භාවය ඉහළ මටට්මකට පත්වීමේ ප්‍රතිපලයකි.
දැනුම්වත් ජන සමාජයක් සහිත, අනාගත දියුණුව අපේ්ක්ෂා කරන බහුතරයක් සමග කටයුතු කිරීමේ දී ජනාධිපතිවරයා පමණක් නොව දේශපාලනයන් ද පුලූල් දැක්මක් සහිතව කටයුතු කළ යුතුවේ. ප්‍රධාන වශයෙන් ආර්ථීක, සමාජ හා සංස්කෘතික ගැටළු අද අප හමුවේ ඇත. මෙම දුබලතා එක කණ්ඩායමකට පමණක් විස`දිය නොහැක. පක්ෂ ප්‍රතිපත්ති, තුලනාත්මකව සලකා බලා පොදු එක`ගතාවයකට පැමිණීම අවශ්‍යය. ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය එය තවත් ආකාරයකින් තහවුරු කරනු ඇත.
එක අරමුණකට එකතු විය නොහැකි හේතුවක් නැත
ජනාධිපතිවරණයට සම්බන්ධ වූ අපේක්ෂකයන් හා ඔවුන්ගේ ප්‍රතිපත්ති අතර විශාල වෙනස්කම් දැක ගත හැකි වූයේ නැත. විවෘත ආර්ථීක ක්‍රමයට එක`ග අතර ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග ආරක්ෂා කරන්නට පෙනී සිටියේය. දශක කිහිපයකට කලින් පක්ෂ අතර වාමාංශික හා දක්ෂිණාංශික වශයෙන් පැහැදිලි ඛෙදුම් රේඛාවක් තිබුණු අතර වර්තමානයේ පක්ෂ ප්‍රතිපත්ති සලකා බලනපසු ජයග්‍රාහී ජනාධිපතිවරයා පමණක් නොව අනෙක් අපේක්ෂකයක් ද එකම කුලකයක බව පෙනේ. මහජනතාව නගා සිටුවන, රට දියුණු කරන හා දරුවන්ගේ අනාගතය අරමුණු කරගෙන සාමුහිකව කටයුතු කරන්නට බාධාවක් ඇති බවක් නොපෙනේ.
ජාත්‍යන්තරයේ ප්‍රවණතා අනුව ඇතැම් රටවල් අර්බුදකාරී අවස්ථාවල පක්ෂ ඛෙදීම් පැත්තකට දමා ජනතාව වෙනුවෙන් එක වැඩ පිලිවෙලකට එක`ග වූ බවට සාක්ෂි තිබේ. ඉන්දියාව එයට සාක්ෂියකි. ජම්මු කාෂ්මීර සිද්ධිය පදනම් කරගෙන පකිස්තානය විසින් 1994 වසරේ දී ඉන්දියාවට විරුද්ධව මානව හිමිකම් කොමිසමට චෝදනාවක් ඉදිරිපත් කළේය. ඉන්දීය හමුදාවේ සිද්ධි හා භට පිරිස් අහිංසක ජනතාවට කරන හිරිහැර උලූප්පා දක්වමින් පකිස්තානය ගෙන යන පියවරට මුහුණදීම අසීරු කටයුත්තක් බව එවකට ඉන්දීය ආණ්ඩුවට පැහැදිලිව ඒත්තු ගොස් තිබුණි. අගමැතිවරයා වූ නරසිංහ රාවෝ මහතා එවකට විපක්ෂ නායක අතල් බිහාර් වජ්පායි මහතා අමතා ජිනීවා මානව හිමිකම් කොමිසමට පිටත්ව යන කණ්ඩායමේ නායකත්වය ගන්නා ලෙස ඉල්ලා සිටියේය. එවකට විදේශ ඇමැති සල්මන් කුර්ඩීෂ් විපක්ෂ නායකයා යටතේ ජිනීවා කොමිසමට ගොස් රට වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ අතර දේශපාලන එදිරිවාදිකම් ජාතික අවශ්‍යතා හමුවේ තුරන් කළ යුතු බවට සංකේතයක් විය. සමානුපාතික ඡන්ද ක්‍රමය පවතින රටවල මැතිවරණය අවසානයේ බලයට පත්වන පක්ෂය හා සෙසු විපක්ෂ කණ්ඩායම් අතර බහුතරය ඉතාම අඩුය. සමහර අවස්ථාවල බහුතරයක් නැත. මෙවැනි අවස්ථාවල ආණ්ඩුවට අඩු ඡන්ද සංඛ්‍යාව විපක්ෂයෙන් ලබා දී යහපත් යෝජනා වලට පාර්ලිමේන්තුවේ දී ශක්තියක් වේ. නෝර්වේ, නෙදර්ලන්තය වැනි ස්කැන්ඩිනේවියානු රටවල මෙම ප්‍රවණතා බහුල අතර එයින් මහජනතාවගේ කැමැත්තට ඉඩ සපයයි. ජර්මනිය මෙවැනි සිද්ධි ගණනාවක ඉතිහාසයක් සහිතය. ඡන්දයට ප්‍රධාන පක්ෂ එකතු වී ජාතික අවශතා අනුව තීරණ ගැනීමට නැඹුරුවේ. ඉදිරියේ දී එන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාව පසුවන තැන සලකා තීරණ ගැනීමේ වගකීමක් නායකය්ට ඇත.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන පක්ෂවලය හා ස්වාධීන අපේක්ෂකයන්ට වෙනම අදහස් තිබුණි. එහෙත් මේවා අතරින් කොටසක් ප්‍රතික්ෂේප වී තිබේ. යහපත් වැඩපිිලවෙල ඉදිරිපත් කර තිබුණ ඉදිරිපත් කළ නමුත් ජනතා කැමැත්ත ප්‍රමාණවත්ව නොලැබුණි. ඔවුන්ගේ වැඩ පිලිවෙල නැවත ජනාධිපතිවරණයක් එන තෙක් අත්හැර දැමිය යුතු නැත. අර්බුදවලින් ගැලවෙන්නට දක්ෂ පිරිස් එකතුකරගැනීම වරදක් නොවේ. සමාජ නායකයන්, ආගමික නායකයන් සහ විද්වතුන් ජනතාව දක්වන ලද ප්‍රතිඵලය තුළ ඇති අභ්‍යන්තරය රටට පැහැදිලි කළ යුතුය.
ක්‍රමය වෙනස් කරන ලෙස ජනතා බලකර ඇත
පැරණි යල්පැන ගිය දේශපාලන උපාය අදට වලංගු නැත. කොවිඩ් වසංගත කාලය හා ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථීක අර්බුදකාරී කාලය අවසානයේ දී ඉතාම තර`ගකාරී තාක්ෂණික ව්‍යුහයක් අප හමුවේ ඇත. ඉදිරියේ දී බලශක්ති උත්පාදනය නවතම ක්‍රමවේදවලට ඇතුළුවනු ඇති අතර කෘතීම බුද්ධිය කර්මාන්ත, ව්‍යාපාර හා සේවා අංශවලට ඇතුළු වේ. කෘෂිකර්මාන්තය පවා නවීන මුහුුණුවරක් ගනු ඇත. මුල්‍ය අංශය විශාල පරිවර්තනයකය. එද උදාහරණයක් දැක්වුවහොත් චීනයේ විදුලිය වාහන භාවිතය සියයට හතලිහකි. නෝර්වේ හි සියයට අනු එකක් විදුලිය වාහන භාවිතා වේ. ඉන්දියාවේ දුම්රිය සම්පූර්ණයෙන්ම පාහේ විදුලිය බලයට හැරී තිබේ. වසර පහක් වාහන ආනයනය තහනම් කර තිබුණ ශ්‍රී ලංකාව නැවතත් පැරණි ඉන්ධන වාහනවලට ඉඩදෙන්නට කලින් යුගය වෙනස් වී ඇති ආකාරය සිතා බැලීම අවශ්‍යය. දේශපාලන ක`දවුරු අතර සටන් හා දෙපිල, තුන් හතර පිල ඛෙදී වාද කරමින් සිටියහොත් ශ්‍රී ලංකාව නැවත වතාවක් අවස්ථා අහිමි වූ සමාජයක් ලෙස සලකුණු විය හැකි අවදානමක් තිබේ. අධ්‍යාපන අංශයේ වේගවත් ප්‍රගතියක් අද දැකගත හැකිය.
ජාත්‍යන්තර ප්‍රජාවට ගෙවිය යුතු ණය, දේශීය වශයෙන් ලබාගෙන ඇති ණය හා ඒවා පියැවීමේ දී ඇති විය හැකි විනිමය ප්‍රශ්න හා උද්ධමන ගැටළු එක පුද්ගලයෙකුට හෝ එක කණ්ඩායමකට පමණක් හැසිරවිය නොහැක. ඉන්දියාව, චීනය හා ඇමරිකාව වැනි බලවත් රටවල් සමබර කරගෙන විදේශ ප්‍රතිපත්ති සකස් කිරීම ද ඒ හා සමාන දුෂ්කර ක්‍රියාවකි. ඛෙදීම් තුරන් කොට සමාජය එකතු කරන අතර විනයගරුක ස්වභාවයක් ඇති කිරීම ආණ්ඩුවකට පමණක් කළ හැකිද? ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, අනන්‍යතා ආරක්ෂා කරගන්නා අතර ජාතීන්, භාෂා හා ආගම් අතර පිලිගැනීම හා ගෞරවය ඇති කරන්නට අනුගමනය කළ යුතු පිලිවෙල ගැන අවධානයක් තිබේ ද? මේවා ජනාධිපතිවරයා පමණක් නොව සෑම දේශපාලන පක්ෂයක්ම ගැඹුරින් කල්පනා කොට තීන්දු ගත යුතු අංශ අතර ඉහළින්ම ඇත.
ජනතා තීන්දුව අනුව සිස්ටම් වෙනස් කරන සේ පෙන්වා දී ඇත. අරගලය මගින් හෙළිකරන ලද අභ්‍යන්තරය නැවත වෙනස් මුහුණුවරකින් ඉදිරිපත් කොට තිබේ. මහජන මතයට ගරු කරන අතර ජනතාව හා පාලකයන් අතර අලූත් සම්මුතියක්, විශ්වාසයක් ගොඩනගා ගැනීම ස`දහා පැතිරුණු අවබෝධයක් ඇතිව සාමුහිකව කටයුතු කළ යුතුවේ. ආත්මාර්ථකාමීත්වය අත්හැරිය යුතු අතර තමන්ට පමණක් සියළු ප්‍රශ්න විස`දා ඉතිහාසය ලියන්නට හැකි වෙතැයි තක්සේරු කළහොත් එය බරපතල වැරදීමකි. සංකීර්ණතා බහුල රට, අලූත් ආකාරයකට එකතු කළ හැකි ආකාරය ගැන අවධානය වැදගත්ය. මෙම තීරණාත්මක අවස්ථාවේ දී ජනාධිපතිවරණ ප්‍රතිපලය අනුව යමින් රට ගොඩනගන්නට සියලූ ශක්තීන් එකට ගොනුකරගැනීම ජනාධිපතිවරවරයාගේ පමණක් නොව සෑම නායකයෙකුගේම පරම වගකීම වේ.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට දැක්වීමෙන් සංවාදයකට එකතු විය හැකිය.
මිලින්ද මොරගොඩ
|