- මිලින්ද මොරගොඩ
ජනාධිපතිවරණ උණුසුම ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ. දේශපාලන පක්ෂ පමණක් නොව ජනතා ව්‍යාපාර ද ජනාධිපති තරගයට සූදානම් වන ලකුණු පෙනේ. දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනයට පසු පවත්වන, මුළු රටවැසියන්ගේම ඡන්දයෙන් බලයට පත් කරන ජනාධිපතිවරයෙකු වෙතින් ජනතාව අපේක්ෂා කරන්නේ මොනවාද? විමසා බැලීම වැදගත්ය. පාර්ලිමේන්තුවට වගකියන ක‍්‍රමයක් අපේක්ෂාවෙන් ධුරයට අදාල සංශෝධන ගණනාවක් කර තිබේ. ඒවායෙන් ඇති කරන බලපෑම සියුම්ය. අතිශය ප‍්‍රබලය. මෑත කාලින සිද්ධි හෙයින් නායකත්වය ගැන පොදු ජනතාව අතර නොයෙක් මතිමතාන්තර ඇත. අලූතින් රට ගොඩනගන නැවුම් බලාපොරොත්තු ඇති කරගනිමින් සිටී. ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ක‍්‍රියාත්මක කරන රජයේ ප‍්‍රධානියා සහ ආණ්ඩුවේ හා සන්නද්ධ සේවාවන් හි සේනාධිනායකයා ද වන අලූතින් පත්වන ජනාධිපතිවරයා කෙරෙහි පවතින බැරූරුම් බව නැවතත් සාකච්ඡා කළ යුතුය.
ඉදිරි ජනාධිපතිවරණය ඉතා වැදගත් සන්ධිස්ථානයකි. පැරණි සම්ප‍්‍රදායික පක්ෂ ව්‍යුහය වෙනස් කර අලූත් යුගයක් ඇති කරන අවකාශයකි. තරුණ පෙළ ලෝකයේ සිදුවන පරිවර්තනයට එකතු වී ඇත. ඔවුහු පරිවර්තනය ඉල්ලා සිටිති. එළැඹෙන ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයා අතරමැදි යුගයක අවශ්‍යතා ඉටුකරන කාර්යභාරයට වගකිව යුතුය. තරුණ පෙල විකල්පයකට තල්ලූ කර නැවත ලේ හලන අරගලයකට යොමු නොකරන ඊළඟ විනාශය වලකන නායකයා වශයෙන් ක‍්‍රියා කළ යුතු බව හිතන්නට අවශ්‍යය. ඔහුට ඇති වගකීම බරපතලය. තද අධිශ්ඨානයක පිහිටා ක‍්‍රියාකළ යුතුව ඇත.
යුක්තිගරුක නායකයෙකු ගේ අවශ්‍යතාව
බලයට පත් වන විධායක ජනාධිපතිවරයාගෙන් පටු පක්ෂ දේශපාලන ව්‍යුහය නඩත්තු කිරීමේ වගකීමක් අපේක්ෂා නොකෙරේ. ව්‍යවස්ථාව මගින් කරන බලතල අඩු කිරීම ප‍්‍රයෝජනයට ගෙන පවතින ක‍්‍රමය සාධාරණ හා යුක්ති ගරුක කරගැනීම අරමුණු කරගත් පුලූල් නායකත්වයක් ජනතා අපේක්ෂාවයි. හුදෙක් ඇමැති ධුරයකට පත්ව ඇමැති මණ්ඩලයේ බලය අතට ගෙන ප‍්‍රතිවාදීන් මැඩ, සම්ප‍්‍රදායික ගෝත‍්‍රික දේශපාලනයට ඇතුලත් විය යුතු යැයි කිසිසේත් අපේක්ෂා නොකෙරේ. තනි පුද්ගලයෙකු අත අසීමිත බලයක් බලාපොරොත්තු නොවන පසුබිමක, ලිබරල් අදහස් සහිතව නවීන තාක්ෂණික යුගයට ජන සමාජය යොමු කිරීමට සමත්විය යුතුය.
ඉදිරියේ දී පවත්වන ජනාධිපතිවරණයක දී අපේක්ෂකයාට පක්ෂ සාමාජිකයන්ගේ ඡන්ද පදනම පමණක් ප‍්‍රමාණවත් නැත. අවධානය යොමු කළ යුතු පැති ගණනාවක් තිබේ. මැදි ආදායම් මට්ටමට උසස් වූ ලක්ෂ සංඛ්‍යාත ජනකාය හිතන පතන ආකාරය වෙනස්ය. මධ්‍යස්ථව කල්පනා කරන බුද්ධිමත් ඡන්ද දායකයෝ ප‍්‍රතිශතයක් වශයෙන් වර්ධනය වී තිබේ. තරුණ ඡන්ද විශාල ප‍්‍රමාණයක් ඇත. ජාති, ආගම් හා විවිධ අරමුණු සහිත සංවිධාන වල පරමාර්ථ සියුම්ය. දේශීය පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද එල්ල වන පීඩනයක් තිබේ. මෙම සියළු අංශ ඉල්ලා සිටින ජාතික ව්‍යුහය තේරුම් ගැනීම වැදගත්ය. ජනාධිපතිවරණයෙන් දිනන්ට පමණක් නොව ධුර කාලය තුළ ක‍්‍රියා කරන්නට ද ගැඹුරු දර්ශනයක් සහිත විනිවිද පෙනෙන ප‍්‍රතිපත්ති අනුගමනය කළ යුතුව ඇත. එය පහසු කර්තව්‍යයක් නොවේ. ජනතාව ඉල්ලන්නේ යුක්තියයි. සාධාරණත්වයයි. සමාන අවස්ථා සහිත සමාජ ව්‍යුහයක් වන අතර පටු පරමාර්ථ ප‍්‍රතික්ෂේප කරති.
රාජ්‍ය පාලනයේ දී ජනතාව ඉල්ලන්නේ මොනවාද
සහනාධාර, වංචාදූෂණ හෝ දේශපාලන පලිගැනීම් යනාදී වචන ඉතා ගතානුගතිකය. මෙම කටුක අදහස් ඉදිරිපත් කිරීම් වලින් මධ්‍යස්ථ පොදු ජනතාව හෙම්බත්වී සිටී. පළමුවෙන් එම කලකිරීම ඉවත් කළ යුතුය. සාමාන්‍ය ජනතාවගේ සිට ඉහළම රජයේ නිලධාරියා දක්වා බහුතරයක් බලවත් ආත්ම ශක්තියක නැත. වැඩක් කළහොත් තීරණයක් ගතහොත් සැකයට, වෛරයට හෝ පලිගැනීමට ලක් විය හැකිය යන ආකල්පයකය. ආණ්ඩුව කොපමණ ධනය උපයන නමුත් ජන සමාජය වෙනුවෙන් වැඩ සටහන් ක‍්‍රියාත්මක කරන නමුත් මෙවැනි කලකිරීමක පසුවන විට අභිවෘද්ධියක් ඇති වෙන්නේ නැත. පළමුවෙන් රාජ්‍ය සේවකයා ආරක්ෂා කරන පණතක් අවශ්‍යය. දැන් සිටින අති විශාල කණ්ඩායම සීමා කර, ශක්තිමත් කුඩා රාජ්‍ය සේවයක් ඇති කර තීරණ ගැනීමේ දී එඩිතර වන ස්වභාවයක් පිහිටුවන අලූත් පණතක් මගින් ආරක්ෂාවට සිටින සෙබලාගේ සිට සංවර්ධන යාන්ත‍්‍රණයට ජවය දෙන නිලධාරියා දක්වා වගකීමෙන් ආරක්ෂා කරන්නට අවශ්‍යය. දේශපාලන ගැතිකම, වහල් භාවය තුරන් කළ යුතු අතර රාජ්‍ය සේවයේ නීති හා විධි විධාන උස් පහත් බේධයක් රහිතව අකුරටම ක‍්‍රියාවේ යෙදවීම අවශ්‍යය. ජනතා සේවය බෙලහීන කරන චක‍්‍රලේඛන ඇත්නම් සොයා බලා අවලංගු කළ යුතු අතර අලූත් අණ පනත් සම්මත කරගැනීම සුදුසුය. නව පණතක් ගෙන එන විට යල් පැන ගිය ඒවා ඉවත් කිරීමට පියවර ගැනීම අනිවාර්ය කිරීම සුදුසුය.
රට තුළ පලාත් සභා, කොමිෂන්, සංස්ථා, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත මණ්ඩල අති විශාල ප‍්‍රමාණයක් තිබේ. පලාත් සහා අවශ්‍යද? ජනතාවට ලැබී ඇති පිටිවහල කුමක්ද? දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ඉන්දියාවේ උවමනාවට කළ බලය බෙදාහැරීම උතුරු හෝ දකුණ අද ඉල්ලා සිටින එකක්ද? ඒ හා සමානව රජය නඩත්තු කරන ආයතන ගණන ගැන සලකා බැලීමට කඩිනම් පූර්ණ සංශෝධනයක් කළ යුතුය. තාක්ෂණික යුගයේ දී ජනතාව පෝලිමේ පැමිණ කාර්යාලයක නිලධාරීන් හමුවී කරගන්නා වැඩ බොහොමයක් නිවසේ සිට පරිගණකයෙන් කළ හැකි කාලයක් උදා වී තිබේ. ජනතාව දෙපතුල ළඟට ගෙන්වා ගන්නා නිලධාරීවාදය අහෝසි කර තොරතුුරු තාක්ෂණය බලගැන්වූ පසු රාජ්‍ය සේවය වේගයෙන් වෙනස් වනු ඇති අතර පවතින පරිපාලන රටා සෑහෙන ප‍්‍රමාණයක්, ආයතන සෑහෙන ගණනක් අහෝසි කළ හැකිය.
රජයේ වියදම් පාලනය කිරීමට වැඩ පිලිවෙලක්
කැබිනට් මණ්ඩලය විසි හතර දෙනෙකුට සීමා කළ හැකිය. ආණ්ඩුවේ ආයතන අලූත් යුගයට ගැලපෙන පරිදි වෙනස් කිරීම සුදුසුය. තරුණන් නියෝජිතයන්ට වගකීම් පැවරීම අවශ්‍යය. විදුලිය හා ඛනිජ තෙල් යන බලශක්ති අංශ වල විශාල පරිවර්තනයක් සිදුවෙමින් තිබේ. විදුලිය නිපදවීම සූර්ය බලයට හැරවිය හැකිය. රජයේ කාර්යාල, වාහන, පොදු ප‍්‍රවාහනය විදුලියට හැරවීම වියදම සෑහෙන පාලනය කරනු ඇත. වර්තමානයේ විදුලිය බල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාව ජාතික සම්පත් වී ඇති අතර අති විශාල ජනතා ධනයක් විනාශ කරයි. තවත් දශකයක් අවසානයේ මේවා වැදගැම්මකට නැති ව්‍යුහ බවට පත්වීම වැලැක්විය නොහැකිය. සාමාන්‍ය ජනතාව පවා විදුලිය නිපදවන අතර සෑම රටක්ම පාහේ සූර්ය බල විදුලියෙන් බලගැන්වෙමින් තිබේ. ශ‍්‍රී ලංකාවේ පැවැත්ම අලූත් රාමුවකට යොමු කිරීමෙන් කළ හැකි විප්ලවීය පරිවර්තනය සිතාගත නොහැකිය. මෙම තීරණ ගැනීම සම්ප‍්‍රදායික ගතානුගතික පක්ෂ, පාට, ටෙන්ඩර්, කොමිස් අනුව කළ නොහැකි බව සඳහන් කරන්නට අවශ්‍යය. 1977 දී ජේ. ආර්. ජයවර්ධන පාලනය විවෘත ආර්ථිකය මගින් අලූත් ව්‍යුහයකට රට ඇතුල් කරන ලද ආකාරයට 2020 ජනාධිපතිවරයාට පැවැත්ම වෙනස් කරන තීරණ ගත යුතුව ඇත. විවෘත ආර්ථිකය ගැන තද විවේචන පවතින නමුත් සාමාන්‍ය ජනතාවට ආනයන අපනයන අංශ හා විදේශ ගමන් බිමන් දොරටු විවෘත වූයේ එම හැරවුම සමග බව අමතක කළ යුතු නැත. ආර්. පේ‍්‍රමදාස ජනාධිපති ධුරය දරන කාලයේ අමාත්‍යංශ කොළඹින් එපිටට යැවීය. ධීවර අමාත්‍යංශය ත‍්‍රිකුණාමලයට යැවීම එක උදාහරණයකි. යම් යම් බාධා නිසා එම සංකල්පය සාර්ථක වූයේ නැත. ජනතා අවශ්‍යතා ඉටු කරන අමාත්‍යංශ අගනුවරින් බැහැර කළ හැකිය. කෘෂිකර්ම අමාත්‍යංශය කොළඹ පැවැතිය යුතු ඇයි? ගුවන් හමුදාව පවා තිබිය යුත්තේ වානිජ ගුවන් තොටුපොලක නොවේ. සමාජ සේවා අමාත්‍යංශය තිබිය යුතු එයින් සරණ සැලසෙන ජනතාවට ළඟාවිය නොහැකි තැනකද?
ඉදිරි දශකය තුළ අධ්‍යාපනය හා සෞඛ්‍ය යන අංශ වෙනුවෙන් විශාල ආයෝජනයක් කළ යුතුව තිබේ. එය පුද්ගලික ද නොඑසේනම් රාජ්‍ය ද යන්න වැදගත් නැත. නිදහස් අධ්‍යාපනය හෝ නිදහස් සෞඛ්‍ය සේවය යන්න හුදෙක් ප‍්‍රමිතියක් රහිත නොමිලේ ඉගැන්වීම හෝ නොමිලේ බෙහෙත් සැපයීම යන ආකල්පයෙන් බැහැර විය යුතුය. සෑම ජන කොටසකටම ළඟා විය හැකි හෝ අත්පත් කරගත නොහැකි පිරිසට ඒ වෙනුවෙන් රැකවරණය සහිත ක‍්‍රමයක් ඇති කිරීම අවශ්‍යතාවයකි. මූලික අවශ්‍යතා තාක්ෂණයෙන් සැපයිය හැකි යුගයක් ජාත්‍යන්තරයේ දී උදා වී තිබේ. ඉගෙනගැනීමට අන්තර්ජාලය පිටිවහලක් වී ඇත. රෝගී පරීක්ෂාව පවා අන්තර් ජාලයට පවරා තිබේ. රෝග වලට ප‍්‍රතිකාර වෙනුවට නිරෝගී ජන සමාජයක් වෙනුවෙන් ආයෝජනය කර ඇති රටවල් ආදර්ශයට ගත හැකිය.
අධ්‍යාපනයේ පවතින ගැටළු හමුවේ වෙනස්කම් ගණනාවක් කළ යුතුය. දැඩි තීරණ අවශ්‍යය. විශ්ව විද්‍යාල දරුවන්ට ඉගෙනගැනීමට බල කරන්නට අවශ්‍යය. දේශපාලනයෙහි නිරත වී රට වෙනුවෙන් අරගල කිරීම උසස් අධ්‍යාපනයෙන් පසු කළ හැකි කාර්යයකි. රට දියුණු වන තෙක් සීමිත කාලයකට හෝ විශ්ව විද්‍යාලයේ දේශපාලනය තහනම් කළ යුතු අතර පාසල් අධ්‍යාපනය හා විශ්ව විද්‍යාල අතර අනිවාර්ය ජාතික සේවය හදුන්වා දිය හැකිය. උස් පහත් බේධයකින් තොරව එකම සමාජ හුරුවකට නැඹුරු වන විට තරුණන් ගේ සිට ආකල්ප හා පැවැත්ම වෙනස් කළ හැකි වන අතර එය අනාගතයට කළ හැකි විශාල ආයෝජනයකි.
කැළඹීමක් වෙනුවෙන් ජනප‍්‍රිය නොවන තීරණ
ජනතාව ඉල්ලන්නේ අලූත් නායකත්වයකි. තිස් අවුරුද්දක් රට තුළ දරුණු යුද්ධයක් තිබුණි. එය මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදයක් දක්වා වර්ධනය විය. සිංහල දෙමල ජන වර්ග අතර පැවැති අභ්‍යන්තර ගැටුමක් බව ඇතැම්හු අර්ථ දක්වති. උතුරේ ත‍්‍රස්තවාදය පරාජය කරන්නට ආරක්ෂක හමුදාවට හැකිවිය. එයට නිසි දේශපාලන නායකත්වය ද ලැබුණ බව අමතක කළ යුතු නැත. අද වන විට භයානක අන්තවාදී කණ්ඩායම් රට තුළට ඇතුළු වී තිබේ. අප‍්‍රියෙල් 21 ප‍්‍රහාර මාලාව ඇරඹෙන්නේ මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදයකින්ය. යුද්ධයකට පසු තර වූ තැනින් නැවත ආරම්භවීම දැඩි අවධානයට ලක් විය යුතුය. ජන වර්ග අතර පීඩනය පමණක් නොවේ. ආර්ථික ගැටළු, සමාජ අසමානතාවය සම්බන්ධ ප‍්‍රශ්න, නොයෙක් විෂමතා ත‍්‍රස්තවාදය පෝෂණය කරන ලද බව මතක් කර දිය යුතුය. පටු කෝණ වලින් සලකා ජන වාර්ගික ගැටළුවක් වශයෙන් කල්පනා කරනු වෙනුවට සමස්ථ සමාජයේම ඇති දුබලතා තුරන් කරන සැලැස්මක් කෙරෙහි ජනතාව අවධානයෙන් සිටින බව ඉදිරි ජනාධිපතිවරණය සැලකිය හැකිය.
ශ‍්‍රී ලංකාව අවුරුදු හැත්තෑවක් පැරණි ව්‍යුහයක් කෙරෙහි සම්පූර්ණ බලාපොරොත්තු තබා තිබේ. එය වෙනස් කරන අලූත් කැලැත්තීමක් අවශ්‍යය. ජාත්‍යන්තරය හතරවැනි කර්මාන්ත යුගයට අවතීර්ණ වී ඇත. බලශක්තිය වෙනස්ම ගමනකය. ප‍්‍රවාහනයේ විශාල පෙරැලියක් සිදුවී තිබේ. නිෂ්පාදන ක‍්‍රියාවලිය සම්පූර්ණ පරිවර්තනයක් වී ඇති අතර කෘතීම බුද්ධිය පවා ප‍්‍රවේශ වී තිබේ. අලූත් පැති ගණනාවක් අභිමුවෙහි රට ගමන් ආරම්භ කළ යුතුව ඇත. මේවා කෙරෙහි අවධානය යොමු කරන විට රට තුළ කැළඹීමක් ඇති කළ හැකි අංශ අවබෝධ කරගැනීම අපහසු නැත.
එහෙත් අලූතින් පත්වන ජනාධිපතිවරයෙකුට මෙම සෑම කාර්යයක්ම අභියෝගයකි. දහ නම වැනි සංශෝධනය අනුව පාර්ලිමේන්තුවට පුලූල් බලතල සහිත නමුත් රාජ්‍ය යාන්ත‍්‍රණය ජනාධිපතිවරයා සතුව ඇති ක‍්‍රමය තුළ අභියෝග තිබේ. තීරණ ගැනීම අතිශය දුෂ්කර වනු නිසැකය. නමුත් තද තීරණ, හොඳ ප‍්‍රතිපත්ති හා ක‍්‍රියාත්මක වන වේගය අනුව සාර්ථකත්වය ගොඩනැගෙනු නිසැකය. ජරයේ නීති හා රජයේ සේවකයන් වෙනුවෙන් බලපැවැත්විය හැකි මුලින් සඳහන් කරන ලද ආකාරයේ වගකීමෙන් නිදහස් කරන වයුහයක් ඇති කළහොත් කාර්ය පහසු වනු නිසැකය.
අලූත් යමක් කරන්නට ආණ්ඩුව සතුව පවතින ධනය ප‍්‍රමාණවත් නැත. ශ‍්‍රී ලංකාව ගත කරන්නේ රුපියල් සියයක් හම්බකර දෙසීයක් වියදම් කරන ආර්ථිකයකය. දේශීය හා විදේශීය ණය ගැති භාවය ප‍්‍රබල ප‍්‍රශ්නයකි. නිෂ්පාදනය නංවන අලූත් යෝජනා අවශ්‍ය අතර ව්‍යවසායකයන්ට බාධාවකින් තොරව ක‍්‍රියාවට නංවන ලිහිල් පරිසරයක් සූදානම් කළ යුතුව තිබේ. ආණ්ඩුව ලබාගන්නා ණය ආයෝජනය කරනු හැර පරිභෝජනය නතර කළ යුතුය. වර්තමානයේ ගන්නා ණය සුබසාධනය වෙනුවෙන් වැය කරයි. යමක් උපයන්නේ නැතිව බෙදා දෙන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කිරීම මෙරට වියතුන්ගේ වගකීමකි. සමාජයට යතාර්ථය පහදා දී කැපවීමෙන් යම් අවකාශයක් දිනා ගැනීම හැර අනෙක් මාර්ගයක් නැත. ජනතාව හමුවට යන සෑම දේශපාලන පක්ෂයකටම, සෑම ජනාධිපති අපේක්ෂකයෙකුටම අති විශාල පොරොන්දු මල්ලක් තිබේ. මේවා කරන්නට පුලූවන් දේ දැයි හිතන්නට අවශ්‍යය. ප‍්‍රායෝගිකව කළ හැකි දේ මෙයින් පෙන්වා දී ඇත. අලූත් වටයකින් ආර්ථිකය ප‍්‍රසාරණය කිරීමෙන් හැර බෙදා ගන්නට පොරකන සමාජයක් ඇති කළ නොහැකි බව අවධාරණය කළ යුතුය.
|