16/12/2014 - ලංකාදීප
දේශපාලන ස්ථාවරභාවය - මිලින්ද මොරගොඩ
 

ශ‍්‍රි ලංකාවේ ඡන්ද දායකයන් සිය ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ සියුම් අභියෝගාත්මක පියවරට මුහුණ දී සිටී. මෙවර ජනාධිපතිවරණය අලූත් අත්දැකීමකි. නිදහස ලැබූ වකවානුවේ සිට පැවැති පක්ෂ දේශපාලනයට අද ප‍්‍රබල වලංගු භාවයක් නැත. ධනවාදය, වාංමාංශික ප‍්‍රතිපත්ති හෝ මැද මාවත වැදගත්ම කාරණා නොවේ. ත‍්‍රස්තවාදයෙන් මුදාගත් රට ව්‍යවස්ථා සංශොධනයකින් යහපාලනයක් ඇති තැනක් බවට පත් කිරීම සමාජයේ එක කොටසක එකම උවමනාව වී තිබේ. ඒ උදෙසා එක පැලැන්තියක් එනම් නිදහසට පසු රට පාලනය කළ පංතියේ වර්තමාන නියෝජනය එක වේදිකාවක දැඩි උනන්දුවක් දක්වයි. බඩගින්න නිවන ආකාරය පසුගිය දශක හය තුළ මැතිවරණ වේදිකාවේ ඡුන්ද පොරොන්දු වශයෙන් ඉදිරිපත් විය. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල ස`දහන් වූයේ දුප්පත්කම තුරන් කරන ආකාරය සම්බන්ධවය. නමුත් පසුකරමින් සිටින සංක‍්‍රාන්ති සමය පොදු ජනතාවගේ අපේ්ක්ෂා වෙනස් තලයක් දක්වා කැ`දවමින් සිටිති. එය සාධාරණ විය හැකිය. නමුත් දරුණු යුද තත්ත්වයක් පරාජය කර රට සැනසිලිදායක තැනක් බවට පත්වන පසුබිමෙහි එම උනන්දුව සාධාරණ එකක් දැයි විමසා බැලීම අවශ්‍යය.

පරම්පරා දෙකක් යුද්ධය අත් වි`ද තිබේ. අද ජීවත්වන පරපුර භීෂණයෙන් පන්නරය ලැබුවෝ වෙති. ශ‍්‍රී ලංකාවේ අද පවතින සංස්කෘතිය, දේශපාලන ව්‍යුහය සහ ජන සමාජය ගැටුම් සහ ප‍්‍රචණ්ඩත්වයෙන් විකෘති වූ එකකි. දශක තුනක් රට තුළ ව්‍යසනයක්ව පැවැති ත‍්‍රස්තවාදයෙන් සිදුවූ හානිය තවමත් නිසි ලෙස තක්සේරු කරන්නට හැකියාවක් ලැබී නැත. පිලිකාවක් සේ වැඞී රට බෙලහින කර එයින් ඔද්දල් වූ සමාජයක් යළි සාමකාමී තැනක් බවට පත්වෙමින් තිබේ. අද අප ජීවත්වන්නේ අවස්ථා මගහැරී අහිමි වී ගිය සමාජයකය. අවුරුදු තිස් හයකට කලින් ආර්ථිකය විවෘතකර ආසියාවේ සෙසු රටවලට පූර්වාදර්ශයක් වූ රටක් අද සිය ම`ගහැරුණ අවස්ථා සොයා යමින් සිටී. අධිවේගී මාර්ග ගැන සාකච්ඡුා කළ යුතුව තිබුණේ අසූව දශකයේය. අලූත් වරාය, අලූත් ගුවන් තොටුපොල, අධ්‍යාපන ක‍්‍රමය සහ තාක්ෂණය වැනි අංශ වල සිදුවිය යුතුව තිබූ පරිවර්තනය බොහෝ ප‍්‍රමාද වී තිබේ. වත්මන් සමාජයේ තරුණ ජන කොටස සීමාසහිතය. ජනගහනයේ වයස්ගත කොටස වැඩි වෙමින් තිබේ. ජනගහනයේ ජවය හිමි තරුණ ජන කොටස වැඩි කාලයේ දී එම තරුණන් යුද්ධයට බිල්ලට දෙන්නට අපට සිදුවූ අතර යුද්ධය අවසන් කර වයස්ගත වන සමාජයක් සමග මතුවන ගැටලූ කෙරෙහි අප වඩා අවධානයට ලක් කළ යුතුව තිබේ. වර්තමාන දේශපාලන වේදිකාවේ දී කතා කරන කාරණා වලට වඩා එය බැරූරුම් පැත්තක් බව අවබෝධ කරගත යුතුය. ආර්ථිකය දියුණු කර වේගවත් සමාජ පරිවර්තනයක් අවශ්‍යය. දශක තුනකට කලින් යාපනයේ සිට කොළඹට අධිවේගී මාර්ගයක් තැනුණේ නම් ත‍්‍රස්තවාදය ඇති නොවන බව දැක්විය හැකිය. අවුරුදු තිහක්, ඇතැම් අවුරුද්දක මහවැලි යෝජනා ක‍්‍රමය ඉදි කරන්නට වැය කළ මුදල තරම් ධනස්කන්ධයක් යුද්ධය වෙනුවෙන් වියදම් කළ ආණ්ඩු වලට එය එසේ නොවුණා නම් ශ‍්‍රී ලංකාව උසස් ජීවිත ඇති රටක් බවට පත් කරන්නට හැකියාව තිබිණි. නිදහස ලැබීමෙන් රටට අත්පත් වූයේ වැවිලි ආර්ථිකයකි. නිශ්චිත සැලසුම් අනුව ගමන්කලා නම් ආසියාවේ මූල්‍ය කේන්දුය හෝ සේවා මධ්‍යස්ථානය වන්නේ ශ‍්‍රී ලකාවයි. ඩුබායි සහ සිංගප්පූරුව අද එම අවස්ථා හිමි කරගෙන තිබේ. තොරතුරු තාක්ෂණයේ අවස්ථාව රටට මග හැරී ගියේය. සංචාරක ව්‍යාපාරය ත‍්‍රස්තවාදය විසින් බිලිගත් තවත් ආර්ථික මර්මස්ථානයකි. තරුණන්ට රට හැර යුදබිමට සහ කාන්තාවන් ඇතුළු නුපුහුණු ශ‍්‍රමිකයන්ට මැදපෙරදිග ඇතුළු රටවල රැුකියා සොයා ගැනීම විනා අන් ආර්ථික උපාය මාර්ගයක් රටට ඉතිරි වූයේ නැත.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් වත්මන් ආණ්ඩුවට ත‍්‍රස්තවාදය පරාජය කරන්නට හැකිවිය. මානුෂික මෙහෙයුම හමුවේ සමාජය එකතු කර එක ඉලක්කයකට ගොනු කරන්නට සමත් වූයේය. ත‍්‍රස්තවාදයෙන් බැට කෑ ශ‍්‍රී ලංකාව ආර්ථික සමාජ සහ සංස්කෘතික පරිහානියක සංකේතයකි. සමාජ වටිනාකම් බි`දී ඇත. ගම, පන්සල, වැව සහ දාගැබ සමග තිබූ සම්බන්ධතා පිරිහී තිබේ. පරිසරය, වාරි ශිෂ්ඨාචාරය සහ දහම් අධ්‍යාපනය පදනම් කරගෙන ගොඩනැගී තිබූ ආධ්‍යාත්මික ගුණ ධර්ම පසුගිය දශක තුන තුළ බලවත් ආකාරයට විනාශ විය. යුද ගිණි නිවන ලද නමුත් භීතිය, භීෂණය, සැකය, අවිශ්වාසය සහ ආත්ම ශක්තියෙන් පිරිහී ගිය සමාජයක නටඹුන් අදටත් රටට ඉතිරි කළේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය පළමු ධුර කාලය වැය කරන්නේ ත‍්‍රස්තවාදය පරාජය කරන අභියෝගයටය. සියලූ දේශපාලන බලවේග එකතු කරගන්නට හෙතෙම සමත්විය. සමාජ සන්ධානයක් ගොඩනගන්නේය. ත‍්‍රස්තවාදය පරාජය කරන මතවාදයක් රට තුළ ඇති කල අතර සියලූ මත ඒ ස`දහා ඒකරාශී කරන්නට එතුමාට හැකිවිය. පළමු කාල පරිච්ෙඡ්දයේ දී ත‍්‍රස්තවාදය පරාජය කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය දෙවැනි ධුර කාලයේ දී යුද තත්ත්වය හෙයින් ම`ග හැරී ගිය යටිතල පහසුකම් දියුණු කිරීමේ අවස්ථා අතරින් යම් කාර්ය භාරයක නිරත වෙයි. බලශක්තිය, මාර්ග, ගුවන්, නාවික, අධ්‍යාපනික සහ තාක්ෂණික ඇතුළු නොයෙක් පැතිවල සිදුවන වේගවත් සංවර්ධනය හමුවේ රට තුළ ආර්ථික ප‍්‍රසාරණයක් සිදුවූ අතර මැදි ආදායම් රටක් බවට පත්වන්නේය. එය ආර්ථික සමෘද්ධිය උදෙසා බලවත් පදනමකි. මෙම පදනම සමග අලූත් මධ්‍යම පැලැන්තියක් රට තුළ බිහි වී ඇත. ඔවුන්ගේ අපේක්ෂා මෙයින් වසර දහයකට කලින් පැවැති මට්ටමේ සංකල්ප නොවේ. ආකල්ප සිතුම් පැතුම් ඉදිරියට පැමිණ තිබේ. තොරතුරු තාක්ෂණය ඉතාමත් දියුණු වී ඇති මෙම වකවානුවෙහි දැනුම සහ අවබෝධය අතින් ඉදිරියට පැමිණ සිටින නාගරික ජනතාවගේ අදහස් වෙනස්ය. තීරණ ගන්නා ආකාරය සංකීර්ණය. වටහා ගත යුතු ස්වභාවය එයයි.

මහින්ද රාජපක්ෂ මහතා තුන්වැනි ජන වරම ඉල්ලා සිටින්නේ ත‍්‍රස්තවාදයෙන් නිදහස් කරගත් සහ යටිතල පහසුකම් දියුුණු කර ආර්ථිකය වේගවත් කරන ලද ජන සමාජය තුළ සමාජ විනය සහ යහපත් පැවැත්ම ඇති කරන්නටය. මෙය පියවරෙන් පියවර ගමන් කළ යුතු ගමනකි. අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් ස`දහන් කර ඇති පරිද්දෙන් මිනිසා හදා රට හදා ගැනීම වර්තමානයේ සිදුවිය යුතුය. යුද්ධයේ පීඩාව හෙයින් විකෘති වූ සමාජය නැවත සකස් කරන්නට අවශ්‍යය. නීතියේ ආධිපත්‍ය තහවුරු කළ යුතුය. සමාජ විනය ඇති කළ යුතුය. අධ්‍යාපන ක‍්‍රමය හරහා පාසල් මට්ටමේ සිට දරුවන්ගේ මානසික මට්ටම සකස් කල යුතුය. ජාති, ආගම්, කුල, දේශපාලන පක්ෂ සහ පැලැන්තිය අනුව බෙදී ඇති සමාජය එකතු කර එක දර්ශනයකට රට ගොනු කරන්නට අවශ්‍යය. එය කළ හැකි වන්නේ සාමය සහ දේශපාලන ස්ථාවර භාවය තුළින් පමණකි. නොබෝදා දිවයිනට පැමිණි ආසියාවේ කෘතහස්ථ නායකයෙකු වන මලයාසියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය මහතීර් මොහමඞ් මහතා ශ‍්‍රී ලංකාවේ සාමය සහ දේශපාලන ස්ථාවරත්වයෙහි වැදගත්කම අවධාරණය කළේය. ශ‍්‍රී ලංකාව පසුගිය වසර කිහිපය තුළ ලබාගෙන ඇති දියුණුව එතුමා නිරීක්ෂණය කළ අතර ස්ථාවර ප‍්‍රතිපත්ති අනුව අනුගමනය කරන සැලසුම් වලින් සංවර්ධනය සාක්ෂාත් කරගත හැකි බව පෙන්වා දුන්නේය.

ආර්ථික ප‍්‍රතිපත්ති හමුවේ අන්ත දෙකක් දක්නට නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ විවෘත ආර්ථිකය ලෝකය පුරා පැතිරෙමින් තිබේ. අමෙරිකානු ගත්කතුවරයෙකු සහ දේශපාලන දාර්ශනිකයෙකු වන ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා සීතල යුද්ධය අවසන් වන විට ඔහු ගේ කෘතියක ඉතිහාසය අවසන් බව ප‍්‍රකාශයට පත් කළේය. අලූත් යුගයක් ඇති වන බව දැක්වීය. දැන් හෙතෙම සිය නවතම කෘතිය සම්පාදනය කරමින් එම සමාජයට ඉදිරියට යන්නට නම් ස්ථාවර බව වැදගත් බව දක්වා තිබේ. දේශපාලන ස්ථාවර භාවය, නීතිය සහ වගකිව යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව අවශ්‍ය බව ස`දහන් කරයි. ජපානය දෙවන ලෝක යුද්ධයෙන් පසු නැගී සිටියේ දේශපාලන ස්ථාවර බව සමගය. තනි පක්ෂයක් රට මෙහෙයවා වත්මන් දියුණුව කරා රැුෙ`ගන ආවේය. දකුණු කොරියාව ද මුල් කාලයේ ඒකාධිපති හමුදා පාලනයක් වශයෙන් කි‍්‍රයාකරමින් ආර්ථිකය සකස් කළේය. ශ‍්‍රී ලංකාවට ද දේශපාලන ස්ථාවරභාවය හැර අන් මගක් නැත. යුද කාල පරිච්ෙඡ්දයේ දී තිබූ පරිසරයට වෙනස් අන්තවාදී බලවේග රට තුළ මතු වී තිබේ. මෙම බලවේග ස්වකිය අරමුණු සහ අපේක්ෂා වෙනුවෙන් සමාජය සමග කේවල් කරමින් සිටී. බලය හුවමාරු කරගැනීම පංති සටනක් කරගත යුතු නැත. බලය ලබා ගැනීම ස`දහා වෛරයෙන් සහ අන්තවාදී ආකාරයට සමාජය මෙහයැවියවීම නුසුදුසුය. ස්ථාවර බව තුළ පවතින තත්ත්වය වෙනස් කර එයින් අනපේක්ෂිත තත්ත්ව ඇතිකර විනාශය තුළින් යළි අවස්ථාව ලබා ගැනීම සුදුසුද යන්න මෙයට වඩා විවෘතව සාකච්ඡුා කළ යුතුව තිබේ. අලූත් යුගයක් කරා පරිවර්තනය වන දේශය අන්තවාදී බලවේග හමුවේ ගමන් මග වෙනස් කරගතහොත් අනාගතය පැහැදිලි නැත. මානව අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස, විනිවිද පෙනෙන පාලනය සහ දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදි ලක්ෂණ සමාජගත කරන අතර සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති සෘජුව සහ අඛණ්ඩව අනුගමනය කළ යුතුය.

ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් හෝ විධායක බලතල කප්පාදු කිරිමෙන් රට තුළ ප‍්‍රාතිහාර්යක් සිදු නොවේ. නිදහස ලබා ගැනීමෙන් පසු, 1972 දී සහ 1978 දී වශයෙන් ව්‍යවස්ථා තුනක් රට තුළ සම්පාදනය වී තිබේ. 1978 ව්‍යවස්ථාව දහ අටවාරයක් සංශෝධනය කර ඇත. ශ‍්‍රී ලංකාව යටත් කරගෙන සිටි බි‍්‍රතාන්‍යය අප රට පමණක් නොව ලෝකයෙන් අඩක් යටත් කරගෙන හිරු නොබසින අධිරාජ්‍ය යැයි නම් ලබන විට එරටට ව්‍යවස්ථාවක් තිබුණේ නැත. සුප‍්‍රීම් උසාවිය ඇති කරන්නේ මෑතකදීය. එතෙක් ඉහළම අධිකරණය වූයේ සාමි මණ්ඩලයයි. බි‍්‍රතාන්‍ය අදටත් ගරු කරන්නේ සම්ප‍්‍රදායටය. ශ‍්‍රී ලංකාව සම්ප‍්‍රදායක් තිබූ, උසස් සංස්කෘතියක් සහ සභ්‍යත්වයක් තිබූ රටකි. බුද්ධ දර්ශනයෙන් රට තුළ එකී ශික්ෂණය සහ විනය ඇති කළේය. බුද්ධාගම ඇතුළු අනෙකුත් ආගම් වලින් කුඩා වියේ සිට දරුවන් දහම් අධ්‍යාපනයට නැඹුරු කර හො`ද නරක ඉගැන්වීය. ගුණ ගරුක සමාජයක් පවත්වාගෙන යන්නට මනා පදනම සකස් කළේය. අධිරාජ්‍යවාදීහු සිය අරමුණු අනුව ශ‍්‍රී ලංකාවේ අනන්‍යතාවය විනාශ කර ඔවුන්ගේ රාමුවකට රට නතු කළ අතර නිදහසින් පසු මෑත කාලය තුළ ව්‍යවස්ථාවලින් හෝ ආයතන වලින් රට එක් සේසත් කරන්නට හැකියාවක් ලැබුණේ නම් සකස් කරන ලද ව්‍යවස්ථා සහ එය සංශෝධනය කරන ලද තරම ඉතාමත් ප‍්‍රමාණවත්ය. ව්‍යවස්ථාවෙන් සමාජය සකස් කර දිව්‍යලෝකය ගොඩ නැගිය හැකිනම් රටට අදටත් එම අවස්ථාව තිබේ. රටට නැත්තේ දර්ශනයකි. සමාජය එකතු කර එකමුතු කරන වැඩ පිලිවෙලකි. ත‍්‍රස්තවාදය පරාජයෙන් පසු ගෙවුනු කාලය තුල රට පුරා බෞද්ධ සිද්ධස්ථාන 5000ට වඩා ප‍්‍රතිසංස්කරනය කර ආගමීක ප‍්‍රබෝධයක් ඇතිකර තිබේ. උතුරු නැගෙනහිර පලාත්වල ඇතුලූ දිවයින පුරා විහාරස්ථානවල සිදුවූ එම ප‍්‍රයත්නය ආගමික නැබුරුව ජන සමාජයේ ඇතිකරන්නට මෑත කාලය තුල විශාල වශයෙන් හේතු විය.

ඉදිරි පියවර වෙනුවෙන් රටට ශක්තිමත් නායකත්වයක් අවශ්‍යය. බෙදීම් වෙනුවට සමාජය එකතු කළ යුතුය. සමාජයේ සිය`ථ දෙනාගේම අවශ්‍යතාවය ඉක්මනින් තමන්ගේ කාර්්‍ය ඉටුකර ගැනීමය. මේ ස`දහා යාන්ත‍්‍රනය වේගවත් කලයුතුවේ. රාජ්‍ය යාන්ත‍්‍රනය වේගවත් කරන්නට නම් ඉක්මනින් තීරණගෙන ඉක්මනින් මෙහෙයවන වැඩ පිලිවෙලක් අවශ්‍යය. මෙවැනි ඉක්මන් තීරන ගැනීමකින් තොරව ෙවිගවත් ආර්ථික සංවර්ධනයකට අවස්ථාවක් නැති බව ජාත්‍යන්තරයෙන් ලබාගත හැකි අත්දැකීම් බොහෝය. අද සිදුවෙමින් පවතින බෙදීම් රට යළිත් සංකීර්ණ සහ ව්‍යාකූල තත්ත්වයකට පත් කරනු නොඅනුමානය. යුද්ධය හමුවේ බලය කේන්ද්‍රගත වූ පාලනය සාමකාමී පරිසරය තුළ යළි ජන සම්මතවාදය තහවුරු කරන තැන දක්වා විමධ්‍යගතවිය යුතුව තිබේ. තිස් වසරක් තිස්සේ රට තුළ හමුදා බලය සහ ආණ්ඩු බලය කේන්ද්‍රීය තත්ත්වයක් වූ රටක මහජනතාව වෙත බලය පවරා සිවිල් සමාජය ශක්තිමත් කිරීම අවුරුදු පහකින් අවසන් කළ හැකියැයි අපේක්ෂා කිරීම යුක්ති සහගත තීන්දුවක් නොවේ. යුද්ධය අවසන් කළ වහා හමුදාව විසුරුවා ගම්වලට පිටත් කර හැරියේ නම් මතුවන තත්ත්වය වෙනස් එකකි. දෙවන ලෝක යුද්ධයට පසුව පවා සෙබලූන් ආපසු සමාජ ගත කරන්නට පරම්පරාවක් ගතවිය. සාමය ඇතිවීම තුළ හමුදාකරණය ඉවත්ව සිවිල්කරණයක් විය යුතුය. එය ඔස්සේ විනාශය මග හැර ප‍්‍රගතිය සාක්ෂාත් කර ගත යුතුය. නමුත් එය ක‍්‍රමානුකූලව සිදුවිය යුතුය.

සීඝ‍්‍ර සංවර්ධනයක් උදෙසා දේශපාලනය තුළ ස්ථාවරත්වය, අඛණ්ඩ සැලැස්ම ස්වයං විවේචනය වැදගත්ය. විපක්ෂය නගන මත විමසා ඒ අනුව ගමන් මග සකස් කර ගැනීම අවශ්‍යය. ජාත්‍යන්තරයෙන් අත්දැකීම් ගත හැකිය. ලෝකයේ රටවල් ඉදිරියට ගමන් කරන්නේ නිවැරදි තීන්දු මත ධෛර්යවන්තව ක‍්‍රියාකිරීමෙන් බව පැහැදිලිය. ලෝකය තුළ අද පවතින්නේ මෙයින් තිස් වසරකට කලින් තිබූ ආර්ථික දේශපාලන ප‍්‍රතිපත්ති නොවේ. යුද්ධය සමග හුදෙකලා වූ ශ‍්‍රී ලංකාවේ ආර්ථික දේශපාලන දර්ශනය ජාත්‍යන්තරයේ සිදුවී ඇති වෙනස හ`දුනා ගැනීම වැදගත්ය. බටහිර සහ නැගෙනහිර රටවල් ඉතාමත් තර`ගකාරී රාමුවකට ගමන් කරමින් සිටී. ඉන්දියාව ජාත්‍යන්තර ආයෝජකයන්ට තම රටට පැමිණ නිපදවන්නැයි විවෘත ආරාධනාවක් කරයි. ඉන්දියන් ඔන්ලි කියමින් සිටි ඉන්දියානුවන්ගේ පරිවර්තනය එබ`දුය. චීනය සාගර සේද මාවතක් සකස් කරමින් සිටී. දක්ෂිණ ක`දවුර ප‍්‍රතික්ෂේප කරන අදහස් ඇතිව සිටි චීනය අද තර`ගකාරීත්ව සහ පුද්ගලීකකරණය ගැන ඉහළින් කතා කරයි. මේවා ලෝකයේ වෙල`ද පොළ වැදගත්ය යන සංකල්පය පසුබිම් කරගෙන සිදුවන බරපතල වෙනස්කම් වන අතර ශ‍්‍රී ලංකාවට ද එයින් තොර අනාගතයක් නැත. ඉතාම අන්ධකාර මොහොතක් පසු කිරීමෙන් ඉනික්බිති අරුණාලෝකය උදාවෙයි. අන්ධකාරය පහව අරුණාලෝකය කරා ගමන් කරමින් සිටින රටක් ලෙස ශ‍්‍රී ලංකාව ජගත් ප‍්‍රජාවගේ අවධානයට ලක්ව ඇත. රටට හුදෙකලා ගමනක් නැත. බටහිර ලක්ෂණ සමාජයට එකවර ඇතුළු කරන්නට නොහැකිවා පමණක් නොව ආසියානු අත්දැකීම් ද සලකා බැලිය යුතුවෙයි. මැදි ආදායම් රටක තත්ත්වය නොව සැනසිලිදායක රටක පුරවැසියන් වශයෙන් දරුවන්ගේ අනාගතය මවුබිමේ දීම සාක්ෂාත් කරගන්නට හැකි පරිසරයක් ඇතිකරගත යුතුව තිබේ. ජනාධිපතිවරණය ඉතා තීරණාත්මක සහ සියුම් එකක් වන්නේ එහෙයින්ය. මතු පිටින් බලා සරල ජනප‍්‍රිය සටන් පාඨ වලට ගොදුරුවිම නුවනට හුරු නැත. කැඩපත හමුවට පැමිණ අප අපගෙන්ම ප‍්‍රශ්න කළ යුතුව තිබේ. ශ‍්‍රී ලංකාවේ අනාගතය කෙබ`දු එකක් විය යුතුද? පසුගිය කාලය තුළ ශ‍්‍රී ලංකාවේ ගමන් මග කෙබ`දුද යන්න සාවධානව සාකච්ඡුා කරන්නට අවශ්‍යය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.