බුදු රජාණන් වහන්සේ ඉන්දියාවේ උපත ලබන සමයේ ඉන්දියානු සමාජය කුළ, ගෝත‍්‍ර සහ ඇදැහිිලි අප‍්‍රමාණව පැවැති එකකි. එකල එහි පැවැති සමාජ ක‍්‍රමය තුළ ජනී ජනයා වෙත තිබූ පීඩනය සැලකිය යුතු තරම්ය. සිදුහත් කුමරු උපදින්නේ පීඩනය දුරුකර, දුක් තුරන් කරන අලූත් දර්ශනයක් ඉල්ලා සිටින යුගයකය. විවිධ ශාස්තෘවරුන්, සත්‍ය බව දක්වමින් නොයෙක් ආගමික විශ්වාස පතුරවමින් සිටියහ. ඉහළම රාජකීය සම්පත් වලට හිමිකම් කියමින්, බිහිවූ සිදුහත් සක්විති රජවන බවට තවුසෝ අනාවැකි පළ කළහ. සියලූ සැප සම්පත් අනිත්‍ය වන අතර නැවත ඉපැදීමක් නැති නිවන හැර අන් දෙයක සැනසිල්ලක් නැතැයි දක්වමින් සිදුහත් කුමරු ගිහි ගෙදරින් නික්ම ගියහ. ජාති, ජරා මරණ රහිත නැවත ඉපැදීමක් නැති නිර්වාණය ගෞතම බුදු රජාණන් වහන්සේ අත්පත් කරගත්තේය. සර්වඥතා ඥාණය ලබා ගන්නට ගුරුවරුන් සොයා ගියේය. සිදුහත් කුමරුන්ගේ අභිලාශය සපුරන්නට ගුරුවරු අසමත්ය. සිරුරට අධික සැප හෝ අධික දුක නිවනට මග නොවන බව සර්වඥයන්වහන්සේ අවබෝධ කරගත් තම දර්ශනයෙන් ලොවට පසක් කළහ. මැදහත් මාවත විනා අනෙකක් නැති බව ද පළ කළහ.
බුදු බව ලැබූ තම පුතු සිවුරු හැ`ද, පාත‍්‍රය අතින් ගෙන කිඹුල්වත් නුවර පි`ඩු සි`ගා වඩිනු දකිනවිට ශුද්ධෝදන රජු මහත් කම්පාවට පත්ව රජගෙදරින් රජ බොජුන් වළ`දන ලෙස ඇරයුම් කළේය. ''මහරජ ඔබ රාජ වංශයේය. මම බුද්ධ වංශයේ'' යැයි බුදු රජාණන් වහන්සේ ප‍්‍රකාශ කළ බව ස`දහන් වෙයි. රජ දරුවන්ට රාජ වංශය පවත්වාගෙන යන්නට ඉඩ හළ බුදු රජාණන් වහන්සේ බුද්ධ වංශය සියලූ කෙලෙස් අත්හරින උතුම් සංකල්පයක් බව සියලූ සත්වයන්ට පසක් කළහ.
බුදු රජාණන් වහන්සේ ලංකාද්වීපයට තෙවරක් වැඩම කළ බව ස`දහන්ය. බුදු දහම ජනතාව තුළ තහවුරු වූයේ දේවානම් පියතිස්ස රජ දවස මිහි`දු මහ රහතන්වහන්සේ මිහින්තලාවට වැඩම කර දහම් දේශනා කිරීමෙන් ඉනික්බිතිවය. මිහි`දු හිමි මෙරටට වැඩම කළේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයාගේ මැදිහත්වීමෙන්ය. අශෝක රජු ප‍්‍රකටව සිටියේ චණ්ඩාශෝක ලෙසය. යුද්ධයෙන් අසල් වැසි රටවල් යටත් කරගෙන අධිරාජ්‍යයක් ගොඩ නගමින්ය. රටවල් දිනාගත් නමුත් මහා විනාශයක් අවසානයේ හෙතෙම යථාර්ථය පසක් කර ගත්තේය. කුඩා හිමි නමකගේ ශාන්ත ස්වරූපය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සිත පැහැදී යථාර්ථය අවබෝධ කරගත් අශෝක රජු තමන් දිනූ දර්ශනය අසල්වැසි රටවලට ද බෙදාහරින්නේය. මිහි`දු මහ රහතන්වහන්සේ ඇතුළු පිරිස බුද්ධාගම රැුෙ`ගන මෙරටට වැඩම කරන්නේ ඒ අනුවය.
අප ජීවත්වන්නේ ඉතා සංකීර්ණ ආර්ථික සහ සමාජ පසුබිමකය. බුද්ධෝත්පාද කාලයේ පැවැති සමාජ පසුබිම තරම් සංකීර්ණ නැති නමුත් සිදුවෙමින් පවතින සිදුවීම් පෙන්වන්නේ බරපතල පිරිහීමක වග බව ඉතාමත් පැහැදිලිව පෙනේ. වර්තමානයේ රට හැම තැනින් ඇසෙන්නේ දහම් පණිවුඩයයි. නමුත් මිනිස් සිත් ¥ෂිතය. ජන මාධ්‍ය මගින් ධර්ම කාරණා පොදු ජනතාව වෙත පතුරවයි. ගම් නියම්ගම් පාසා වෙහෙර විහාරස්ථාන පිහිටුවා තිබේ. බුදු පිළිම බෝ වන්දනා බහුලය. දනට පිනට කැමැති ජනතාවගේ හි`ගයක් නැත. නමුත් බුදු සිරිත වන්දනා කරන සමාජය බුද්ධ දර්ශනයට අනුව ජීවිත පැවැත්ම සකස් කරගන්නට උත්සාහ කරන්නේ නැත. හරය වටහා නොගන්නා අප ඇලී ගැලී සිටින්නේ එහි මතු පිට ඇති සැරසිලිවලටය. දහම පදක්කමක් සේ පැළ`ද අප බුද්ධාගම්කාරයන් යැයි කියන බහුතරයක් බුදු දහමට අනුව හැසිරෙන්නේ නැත. දහමට අනුව ජීවත්වන සමාජක ¥ෂණ, වංචා මිනිස් ඝාතන අපේක්ෂා කළ නොහැක. ධාර්මික යැයි කියන නමුත් මෙරට සමාජයේ කොටසක් තද නපුරු ප‍්‍රවේශයකය. අන්තවාදීව සිතන සහ අන්තවාදී ආකාරයට හැසිරෙන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. එය දිනෙන් දින වැඩිවන අතර දහමට නිගා කරන ආකාරයට කරන ක‍්‍රියා පාලනය කිරීමද අපහසු වී තිබේ. බුදු දහම අන්තවාදී එකක් නොවේ. එහි දර්ශනය අට ලෝ දහම මත පදනම් වෙයි. හරය මධ්‍යම ප‍්‍රතිපදාවයි. ප‍්‍රශ්න දෙස විවෘතව බලා සන්සුන්ව උත්තර සොයාගත යුතු බෞද්ධ සමාජය නොසන්සුන් සහ කලහකාරී ආකාරයට හැසිරෙන්නට පටන්ගෙන තිබේ. එය බෞද්ධයන් තමන් අනාරක්ෂිත යැයි සිතන්නට හුරුවීමේ ප‍්‍රතිඵලයකි. නොයෙකුත් බාහිර බලවේග ධර්මය යටපත් කරන්නට ද, බුද්ධ දේශනාව නොසලකා හරින්නට ද තැත් දරන බව සමාජයේ කොටසක් සිතන බව පෙනේ. දහමට විශාලතම අභියෝගය එල්ල වූයේ ලංකාව යටත විජිතයක් බවට පත්්වීම සමගය. පවතින දේ වෙනුවට බටහිර කි‍්‍රස්තියානි ආගම ද අධ්‍යාපනය ද යටත් විජිතය තුළ පතුරුවන්ට අධිරාජ්‍යවාදීහු පියවර ගත්හ. ස්වදේශිකයන්ගෙන් කොටසක් කැමැත්තෙන් ද, තවත් කොටසක් බලහත්කාරයෙන් ද අන්‍යාගමීකරණයට ලක්විය. මහා සංඝරත්නය සහ බොදු ජනතාව ධර්මයත්, බෞද්ධකමත් ආරක්ෂා කරගෙන ඇත්තේ බලවත් පරිශ‍්‍රමයකින්ය. නමුත් සංකේත විනා ධර්මය විනාශ වූයේ නැත.
බුදු පිළිම වදින අපි එය ධර්මය උදෙසා සංකේතයක් බව අවබෝධ කර ගත යුතුය. බුදු රජාණන් වහන්සෙට කරන ගෞරවයක් වශයෙන් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම ප‍්‍රශ්නයක් නොෙවි නමුත් අප අනුගමනය කළයුත්තේ ධර්මයයි ධර්මය අනුගමනය කර සංසාරෙන් එතෙරවිී දුක නිවාගනු වෙනුවට ගිහි පැවදි සමාජයේ සෑහෙන පිරිසක් කරන්නේ ධර්මයට නොගැලපෙන දේවල්ය. බුදුන් අදහන අපි දර්ශනය අවබෝධ කරගෙන නැත බුද්ධාගම ඇදහිල්ලක් නොෙවි. එහි ඇති දර්ශනය අද අවධානයට නොගැනීම කනගාටුවට කරුණකි.
බුදු දහම ලිඛිතව පවතී. බුදු රජාණන් වහන්සේ කාලාම සූත‍්‍රයේ දී දේශනා කළ ආකාරයට දහම ප‍්‍රශ්න කළ හැකිය. රන් කරුවෙකු රන් කැබැල්ල පිරිසිදු දැයි බලන්නට කපා කොටා පුලූස්සන්නාක් මෙන් ධර්මයෙහි ඇති සත්‍යය විමසන්නට ඉඩ දී තිබේ. අද පවතින විද්‍යාත්මක සමාජය දාර්ශනික පැති ප‍්‍රශ්න කරමින් සිටින අතර බුදු දහම ජීවිත ආලෝකවත් කරන දර්ශනය ලෙස ලොව පුරා පිළිගැනේ. මෙම පරිවර්තනය සිදුවන්නේ බලහත්කාරයෙන් නොවේ. ධර්මය අන්තවාදී ලෙස බලපැවැත්වීමෙන් නොවේ. ලෝකයේ නොයෙක් ආගම් වල වර්ධනය හා පැවැත්ම ගැන අධ්‍යයනය කරන විට බුදු දහම පමණක් නොව අනෙකුත් ආගම් වලට පවා අභියෝග ඇති වූ අවස්ථා ඇත. දර්ශනය සම්බන්ධ ගැටලූ අභ්‍යන්තර අර්බුද පැන නැගුණ අවස්ථා තිබේ. ආගමික නායකයින් ධනය හා බලය සිය ප‍්‍රමුඛ අභිමතාර්ථය සේ සලකා ක‍්‍රියාකරන්නට තැත් කළ අවස්ථා වල ආගම් පරිහානියට ලක්විය. බටහිර රටවල මෙම තත්ත්වයට උදාහරණ ඇත. ආගමික නායකයන් ධනය උපයන මාර්ගයක් වශයෙන් ආගම පාවිච්චි කර ඇති අතර එය සමාජය පිරිහීම කරා යොමු කර තිබේ. බලවත් චින්තකයින් සහ සමාජ දාර්ශනිකයින් මෙම විපත් හ`දුනාගෙන තද ප‍්‍රතිසංස්කරණ ඔස්සේ නැවත නිසි තැනට ගෙන එන්නට ප‍්‍රයත්න දරා ඇත. මෙම උත්සාහයේ දී ආගම් කොටස් වලට කැඞී අනුකාලීන නායකයින් යටතේ නොයෙකුත් කොටස් වලට වෙන්වූ බව ද අවබෝධ කරගත යුතුය.
අද වන විට මෙරට බුදු දහම ආරක්ෂා කරගැනීමට දරන ප‍්‍රයත්නය ආන්දෝලනයකට හේතු වී තිබේ. රජාණන් වහන්සේ ජිවමානව වැඩ විසූ සමයේ පවා එයට සමාන්තරව නොයෙක් ආගම්, ඇදහිලි හා විශ්වාස පැවතුන බව ඉතිහාසය සාක්ෂි දරයි. ඒවා යටපත් කර වාද විවාද කළේ නැත. විවිධ මත වලට ඉඩ දුන් බුදු රජාණන් වහන්සේ කෙනෙකු උසස් හෝ පහත්වන්නේ ක‍්‍රියාවෙන් මිස උපතින් නොවන බව දේශනා කළහ. ඉන්දියාවේ පැවති කුල වාදය වෙනුවට බුදු රජාණන් වහන්සේ සමානාත්මතාව ඇති කළහ. අන් ආගම් ගරහා ඒවා යටපත් කරන්නට උත්සාහ නොකළ අතර අබෞද්ධ යැයි අන් ආගම් ප‍්‍රතික්ෂේප කළේ ද නැත. වෙනත් ආගමක් ඇදහීම අබෞද්ධ නොවන අතර බෞද්ධයන් බෞද්ධ දහමට නොගැලපෙන ආකාරයට ක‍්‍රියාකිරීම අබෞද්ධකම බව පෙන්වා දුන්හ. නීති මගින් වැසියන් පාලනය කිරීම පාලකයන්ගේ ප‍්‍රයත්නයයි. ජීවිත අවබෝධය ඇති කරගෙන එයට අනුගතවීමෙන් තමන් පාලනයවීම ධර්මයයි. බුදු රජාණන් වහන්සේ තම වංශය බුද්ධ බව ප‍්‍රකාශ කළේ ලෞකික උවමනාවන් අත්හැර තිබූ බැවින්ය.
බුදු රාජණන් වහන්සේ දේශනා කළ බුද්ධ වංශය කුමක්දැයි වටහා ගැනීම වැදගත්ය. එයට අනුව සලකන විට අදටත් මහණකමට බලවත් ශික්ෂාවක්, කැපවීමක් අවශ්‍යය. ගිහි සම්පත් අතහැර පැවැදිවන්නේ බුද්ධ වංශයේ අභිමතාර්ථ වෙනුවෙන්ය. රාජ්‍ය බලය තහවුරු කිරීම එහි පරමාර්ථයක් නොවේ. ගිහි ගෙදරින් නික්ම කසාවත හැ`ද නිවන් අවබෝධය පිණිස කැපවූ සංඝ රත්නයට බෞද්ධ දායකයෝ බලවත් සේ ගරු කරති. මහණකම නිවන් මගට ප‍්‍රවේශයයි. නිර්වාණය අරමුණු කරගෙන ශාසනික කර්තව්‍යයෙහි නිරතවීමට අති විශාල කැපවීමක් අවශ්‍යය. විනය ශික්ෂාවන්ට අනුව ක‍්‍රියාකරන්නටත්, ධර්මයෙහි අනුගතවන්නටත් සිදුවෙයි. වශයෙන් තමන්ට කරන්නට අපහසු මෙම උදාර කාර්යය වෙනුවෙන් වෙහෙසෙන භික්ෂුන් කෙරෙහි ගිහියන් පැහැදෙති. බොදු ජනතාව වන්දනීය ගරුත්වයක් දක්වන්නේ බුද්ධ වංශයට බව අවධාරණය කළ යුතුය. බුද්ධ වංශය යනු සිංහල බෞද්ධ එකක් නොවේ. එහි දේශපාලන හෝ රාජ්‍ය පාලනයක් නැත. මෙම මුල් අරමුණ අමතක කර රාජ්‍යත්වය ආරක්ෂා කිරීමට වර්තමානයේ සංඝයා වහන්සේ අතුරින් කොටසක් දරන ප‍්‍රයත්නය හමුවේ අවැඩදායක ප‍්‍රතිරූපයක් ගොඩ නැගී තිබේ. එය අද වන විට ශාසනය අභියෝගයට ලක්වන තැනට පත් කර ඇත. එය ශාසනික මෙහෙවර වරදවා වටහා ගැනීමකි.
බෞද්ධයෙකු වශයෙන් මෙම වෙසක් සමයෙහි පැන නැගෙන බෞද්ධ ප‍්‍රබෝධය පදනම් කරගෙන රට තුළ පවතින තත්ත්වය දහමට අනුව විමසා බැලිය යුතුය. තමන්ගෙන් ම ප‍්‍රශ්න කළ යුතුය. බෞද්ධකම යටපත් කරන අබෞද්ධ ක‍්‍රියා පටිපාටිය පැන නැගි ඇත්තේ බොදුනු සමාජය තුළින්මය. වටහා ගත යුතු යථාර්ථය එයයි. බුද්ධ වංශය ආරක්ෂා කරන අදහසින් වෙනත් ආගම් හෝ ඇදහිලි වලට ගරහා ඒවා හෙලා තලා පහත් කිරීම යුක්ති සහගත නැත. එය බුදු දහමට නොගැලපෙන ක‍්‍රියාවලියකි. අන්‍යාගම් වලට චෝදනා කිරීම වෙනුවට බුදු හිමියන් පෙන්වා දුන් නිවැරදි මාර්ගය අනුගමනය කරන්නේ දැයි අප අපගෙන්ම විමසා බැලීම අවශ්‍යය. මග වැරදී ඇත්නම් එය නිවැරදි කළ යුතු බවට මනා දැක්මක් ඇතිකර ගැනීම වෙසක් සමයෙහි අපට ගත හැකි යහපත් තීන්දුවකි.
අන්‍යයන්ගේ දොස් දැකීම බුදු දහමේ නැත. දහම දක්වන්නේ තමන්ගේ දොස් දකින ලෙසය. බුද්ධ දර්ශනය ජාතිකත්වය ඉක්මවා ගිය එකකි. ඉන්දියාවෙන් ආරම්භවී ජපානය, චීනය, තායිලන්තය ආදී වශයෙන් ජාත්‍යන්තරයට බුදු දහම ප‍්‍රචාරය විය. යම් යම් ප‍්‍රවනතා හමුවේ යටපත් වූ බුදු දහම යළි පිිළිගැනීමට ලක් වෙමින් තිබේ. ඕනෑම ආගමක් තුළ දර්ශනය සම්බන්ධව අර්බුද පැන නැගෙනවිට අන්තවාදී අදහස් මතුවන බව ඉතිහාසයෙන් පෙන්වන කරුණකි. පරිසරයට සියලූ සතුන්ට ආදරය කරුනාව හා මනුෂ්‍ය වර්ගයා අතර ඇති අන්තර් සමිබන්ධතා සම්බන්ධයෙන් පුළුල් විග‍්‍රහයකට පලමුවෙන්ම ප‍්‍රෙවිශවුයේ් බුදුරජානන් වහන්සේ බව අමතක නොකළ යුතුය.
බුද්ධ දර්ශනයට අන්තවාදයෙන් ආරක්ෂා විය නොහැකිය. ආගම සම්බන්ධයෙන් මතුව ඇති ජාතිවාදී පැති අත් හරන්නට අවශ්‍යය. සිංහල බෞද්ධකම වැනසෙන බවට නැගෙන මතය එයින් බැහැර වෙයි. වර්තමාන තාක්ෂණ යුගයට ගැලපෙන බුදු දහම පතුරවන අභියෝගය භාරගත යුතුය. ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරව ඕනෑම ජාතියකට, ඕනෑම තලයකට බුදු දහම විවෘත කළ හැකි වන්නේ පටු ආකාර. බුද්ධ දර්ශනය ගැන ආත්ම ශක්තියක් අපට අවශ්‍යය. දහම විකෘතිකර එය වටා එකතුකර ගන්නා කුඩා පිරිසකගෙන් යැපෙන අන්තවාදී බුද්ධාගමක් වෙනුවට දහමේ නියම සංකල්පය පැහැදිලි කර දහමට අනුව ජීවිතය හැඩ ගසාගන්නා විනය රට තුළ තහවුරු කිරීම වැදගත්ය. නියමාකාරයෙන් දහමට අනුව හැසිරෙන ජනතාවක් සිටින රටක විනය පිළිබ`ද ගැටලූ සිමා වෙයි.
බුද්ධ ධර්මයට හිමි නිසි පදනම සකසා දහම පෝෂණය කිරීම අද ඇති බලවත් වගකීමකි. අද සිදුවන්නේ බුදු දහමට අනුකූල බව දක්වමින් එයට පරිබාහිර අකටයුතුකම් වලට ඉඩ දීම බව පවතින ක‍්‍රමය මැනවින් සාක්ෂාත් කරයි. බුද්ධ දේශනාව ලේඛනගතව තිබේ. ධර්මය විකෘති වී නැත. නමුත් සංඝ සමාජයේ විනය පිරිහී ඇත. ගිහි සමාජයේ ද විනය පිරිහී ඇත. නමුත් සංඝ සමාජය එයට වෙනස්ය. සසර දුක කෙළවර දකින අරමුණෙන් ශාසනයට ඇතුලූ වූ සංඝරත්නය ස`ග ගුණය ආරක්ෂා කරන ආකාරයට ක‍්‍රියා කළ යුතුය. පිරිසිදු ධර්මය පවත්වාගෙන යන්නට ධර්ම සංගායනා පවත්වා තිබේ. අභියෝග පැමිණි අවස්ථාවේ ශාසනික සංශෝධන ක‍්‍රියාත්මක කර ඇත. කතිකාවත් පණත සහ සංඝාධිකරණය පිහිටුවීම වැනි අදහස් අදටත් සමාජයේ සාකච්ඡුා වෙයි. දේශපාලන සහ සමාජ නායකයන් සමාජය තුළ සිදුවන විපර්යාස හ`දුනාගෙන එයට අවශ්‍ය විස`දුම් යෝජනා කළ යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාංග පවා විකෘති කරමින් ප‍්‍රචණ්ඩව සහ ධනබලය ඇතිව හැසිරී පසුව ධර්මය ආරක්ෂා කරන බව ප‍්‍රකාශ කිරීම ධර්මය නොවන බව මැනවින් පෙන්වා දෙන්නට අවශ්‍යය. අවුරුදු දහස් ගණනක් නොයෙකුත් අභියෝග මැද මහා සංඝරත්නයද, බෞද්ධයන්ද බුද්ධාගම අද පවතින මට්ටමට ගෙනැවිත් තිබේ. තවත් අවුරුදු දහස් ගණනක් අවිච්ýන්නව පවතින ආකාරයට ධර්මය හා භිික්ෂු ශාසනය ආරක්ෂා කරගැනිම අප සියලූ දෙනාගේ වගකිමකි. බුදු දහම රාජ්‍ය ආගම බවට ප‍්‍රකාශ කර ඇති සහ දහම සුරකින බවට ව්‍යවස්ථාවෙන් දක්වා ඇති අවස්ථාවක එය වෙනුවෙන් පෙනී සිටීමට රාජ්‍ය පාලනයට වගකීමක් තිබේ.
බුදු රජාණන් වහන්සේ නියම මග සොයා ගත්තේය. ධර්මයෙන් පෙන්වා දෙන මධ්‍යම ප‍්‍රතිපදාව රටට වැදගත්ය. එයින් එපිට අන් මගක් නැත. ධර්ම ඥානය ඇති නායක හිමිපාණන් වහන්සේලා ශාසනයේ පැවැත්ම සම්බන්ධව අභීතව ඉදිරිපත් විය යුතු අවස්ථාව එලැඹ තිබේ. ධර්මයෙන් බොදු මහජනතාවට දෙන පණිවුඩය මධ්‍යස්ථ එකක් විය යුතුය. සමාජ නායකයින් පවතින ස්වභාවය අවබෝධ කරගෙන අන්තවාදයෙන් මැද මාවතට සමාජය කැ`දවන්නට අවශ්‍ය පියවර ගැනීම සුදුසුය. ජනමාධ්‍ය වලට පැවරෙන වගකීම ද සුවිශේෂීය. තර`ගකාරී ස්වභාවය හමුවේ ඇතැම් මාධ්‍ය පවා ක‍්‍රියා කරන්නේ ගැටුම් ඇති කර එයින් අර්බුද මතුකරන ආකාරයටය. එයින් රටක්, සමාජයක් යහපත් කරන්නේ නැත.
|