12/07/2022 - ලංකාදීප
ප්‍රශ්න විසදීමට මුණු වෙනස්කිරීමේ අසාර්ථක න්‍යාය
 
milinda

දීර්ඝ ඉතිහාසයක් ඇති ශ‍්‍රී ලංකාව ගැටුම් සහ කෝලාහලවලින් පන්නරය ලැබූ රටකි. අභ්‍යන්තර හෝ බාහිර කුමන්ත‍්‍රණ අලූත් සිද්ධි නොවේ. විනාශයකට පසු නැගී සිටීම, එයින් පසු නැවතත් විනාශය සාමාන්‍යකරණය වී ඇත. පසුගිය මාස ගණනක කාලය තුළ පැවැති ජනතා පෙළගැස්ම සුපුරුදු පරිදි අනපේක්ෂිත තත්ත්වයකින් අවසන් වී තිබේ. නැගිටීමක් තුළින් ජනතාව අපේක්ෂා කළ වෙනස්කම් ගණනාවකි. සිස්ටම් නොඑසේනම් ව්‍යුහාත්මක වෙනස එයින් එකකි. විප්ලව සිදුවූ ආකාරය ලෝක ඉතිහාසය දක්වයි. ප‍්‍රංශය, රැුසියාව, බි‍්‍රතාන්‍ය, ඇමරිකාව හා චීනය යන රටවල දැවැන්ත විප්ලව සිදු වී තිබේ. ඒවායේ දී සිදුවූ හොද නරක ගැන අපට අත්දැකීම් ඇත.

ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි ලෝකය පුරා කැළැඹිලි සහ අරගල විශාල ප‍්‍රමාණයකි. බි‍්‍රතාන්‍ය අගමැතිවරයා ධුර කාලයට කලින් ඉල්ලා අස් වී තිබේ. ජපානයේ හිටපු අගමැතිවරයා ඝාතනය කර ඇත. ජෝ බයිඩන් ජනාධිපතිවරයා, ඩොනල්ඞ් ට‍්‍රම්ප් හිටපු ජනාධිපතිවරයාටත් වඩා දක්ෂිණාංශික බලවේග වගට ගොදුරු වී සිටි. අරගලයකින් පසු පලවා හැරි පාලකයාගේ ඊළග පරම්පරාව බලයට පත් කරන්නට පිලිපීනය තීරණය කර ඇත. ත‍්‍රස්තවාදයෙන්, පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් සහ කොවිඞ් වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව තිබුණ ජන ජීවිත, අරගලය සමග තවත් සංකීර්ණ තැනකය. ආණ්ඩුව අසාර්ථක බව එක පැත්තකි. සමාජ, දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය අනෙක් පැත්තකි. ප‍්‍රශ්න විස`දා ගන්නා ආකාරය ගැන මතබේධ තිබිය හැක. සාර්ථක ක‍්‍රම වෙනුවට ප‍්‍රායෝගිකභාවය මෙම අවස්ථාවේ දී වැදගත්ය.

මම කරන්නම් සහ මට පුළුවන් න්‍යාය

අරගලය ජනාධිපති මන්දිරය දක්වා ගෙන ගිය ක‍්‍රියාකාරිකයන් රට පාලනය කළ යුතු ආකාරය දක්වන ප‍්‍රකාශනයක් නිකුත් කර තිබේ. අන්තර් කාලීන ආණ්ඩුවක්, එම ආණ්ඩුවට නෛතික බලපෑමක් කළ හැකි මහජන කවුන්සලයක්, දේශපාලන පත්වීම් සහිත සියළුම පිරිස ඉවත්වීමක් ඇතුළු කරුණු දැක්වේ. ජනතා බලය සහතික කෙරෙන ව්‍යවස්ථාවක් අවුරුද්දක් තුළ සම්මත කරගත යුතු අතර බදු ක‍්‍රමය සංශෝධනය හා විධායක බලය ඉවත් කිරීම වැනි කරුණු මාස හයක් තුළ ක‍්‍රියාවට නැංවිය යුතු බව අවධාරණය කර ඇත. අරගලයේ ක‍්‍රියාකාරිකයන් ගේ ඒකමතික අදහස යැයි පෙනෙන මෙම කරුණු දශක ගණනාවක් සාකච්ඡුා කර එහෙත් එකගත්වයකට එන්නට නොහැකි වූ ඇතැම් අංග ඇතුලත්ය. ශ‍්‍රී ලංකාව දැන් පවතින තැනින් ගොඩගන්නට මෙවැනි සරල සැලැස්මක් කිසිසේත් ප‍්‍රමාණවත් නැත.

මෙම තීරණාත්මක අවස්ථාවේ දී අවධාරණය කළ යුතු වැදගත් කරුණක් තිබේ. රටක් ගොඩනගනවිට අත් හැර දැමිය හැකි කොටසක් නැත. සෑම පුරවැසියෙකුම අභිමානයක්, විනයක් හා හදවතක් ඇති මිනිසුන්ය. ප‍්‍රතිපත්තිමය මතවාද සාකච්ඡුා කරන්නට හැකි පිරිසක් බවට පත් කරගත යුතුය. අරගල ගෙනගිය ආකාරය අනුව එතැන විනයක් නැත. අභිමානයක් නැත. පිරිස හැසිරුණ ආකාරය ලැජ්ජා සහගතය. රට භාර දෙන්නේ මෙවැනි අරගලයකද? ජනාධිපති මන්දිරය, ලේකම් කාර්යාලය හෝ වෙනත් ගාඩනැගිලි සංකේත පමණකි. බලහත්කාරයෙන් ඇතුළු වූ අතර හැසිරුණ අන්දම අපට ඇති විනය දක්වන කදිම කැඩපතකි. රජයේ දේපොල ආරක්ෂා කරගත යුතු අතර ඉදිරියේ දී තවත් තැන් අත්පත් කරගන්නට ඉඩ දිය යුතු නැත. මෙවැනි ක‍්‍රියාවලට උසිගන්වන ලද පිරිස, රට පරිහානිය කරා තල්ලූ කරන කණ්ඩායමේ එක කොටසකි.

ආර්ථිකයක්, සමාජයක් ගොඩනගන ක‍්‍රමය තුළ තනි ගමන් නැත. තමන්ට කළ හැකි බව කල්පනා කිරීම තුළ අසාර්ථකත්වය තිබේ. එක ක්ෂේත‍්‍රයක දක්ෂ පිරිස් අනෙක් ක්ෂේත‍්‍රයක දක්ෂ නැත. ව්‍යාපාරික, ක‍්‍රීඩා, කලා හෝ වෙනත් අංශයක ප‍්‍රවීනයෙකු තමන් රටක් ගොඩනැගීමේ දී ද සමර්ථබව කල්පනා කිරීම වැරදි අදහසකි. නිදහස් සටන ගෙන ගිය මහත්මා ගාන්ධි රාජ්‍ය පාලනයෙන් ඉවත්විය. ලෙනින්, මාවෝ සේතු වැනි විප්ලවීය නායකයන්ගේ සාර්ථක භාවය අද ප‍්‍රශ්න කෙරේ. බෙදීම් ඇති කිරීම හා කුලල් කා ගැනීම වෙනුවට පරිත්‍යාගයක්, කැපවීමක් මෙම අවස්ථාවේ දී රටට අවශ්‍යය. රට කෙරෙහි අභිමානයක්, රට තුළ විනයක් ගොඩනගා ගත යුතුව ඇත. අපට නැත්තේ එකමුතුභාවයි. ආර්ථිකය ගොඩනගන, රට දියුණු කරන, ජාත්‍යන්තර අවබෝධය ඇති විශේෂඥයන් පිරිසක් රටට ඇත. එක හ`ඩක්, එක සැලැස්මක් අවශ්‍ය කෙරේ.

සමබර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක වැදගත්කම

ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය අප ඉදිරියේ ඇත. ජීවත්වීමේ ප‍්‍රශ්නය නොදැනෙන කිසිවෙකු නැත. සමාජයේ ඇති ප‍්‍රශ්න දේශපාලනඥයන් නොදන්නවා නොවේ. විදුලිය කපා හැර, ගෑස් නතර කර, ඉන්ධන ආනයනය නොකර කටයුතු කරන්නට කිසිම පාලකයෙකු කැමැති නැත. කාර්යාල කටයුතු, අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි අංශවල අර්බුද සැලසුම් සහගත කුමන්ත‍්‍රණ නොවේ. පාලකයන්ට දොස් පැවැරීමෙන් මුලික ප‍්‍රශ්න නිරාකරණය නොවේ. මුහුණු වෙනස් කිරීමෙන් ආර්ථිකයක් හැදෙන්නේ නැත. ආර්ථික හා සමාජ ප‍්‍රතිසංස්කරණ අවශ්‍යය. නිෂ්පාදනය වැඩි කළ යුතුය. විදේශ වත්කම් උපයා ගැනීමට සිදුවේ. මෑත වසර දෙකක පමණ කාලය තුළ එම අංශ දුර්වල වී තිබේ. කාර්මික, කෘෂිකාර්මික හා තාක්ෂණික පැති වල ආයෝජන අවශ්‍යය. ඇගළුම් කර්මාන්තය අරඹනවිට, අපහාස කළ අතර එයින් පසු අලූත් කර්මාන්තයක් නැත. විදුලිය හා ඛණිජ තෙල් අංශවල අවස්ථා ඇත. ත‍්‍රිකුණාමලය වරාය දියුණු කළ හැක. ඉන්දියාව, ජපානය වැනි රටවල සහාය සහිත ආයෝජනවලට කරන උපහාස වල තරම අනාගතයේ වටහා ගත හැක.

ආණ්ඩුවකින් යැපෙන, ආණ්ඩුවේ ආධාරයෙන් ජීවත්වන තැනට පත්වීම මෙම අර්බුදයේ ඇතුලාන්තය බව සදහන් කළ යුතුය. ඡුන්දය දෙන්නේ පුද්ගලික අවශ්‍යතා සාක්ෂාත් කරගැනීමටය. ඡන්ද දායකයන් සිල්ලර දේ අපේක්ෂා කරන අතර ව්‍යාපාරිකයන්, අතරමැදියන් සහ රජයේ ව්‍යවසාය මහා පරිමානයෙන්ය. ජනතා සහන වලට පමණක් නොව රජයෙන් යැපෙන ව්‍යාපාර විශාල ආර්ථික විනාශයක් සිදුකරයි. ඩොලර් ණයට ගෙන ආනයනය කරන අතර රට තුළ ගනුදෙනුවලට සල්ලි අච්චු ගහන ක‍්‍රමය අසාර්ථක එකකි. මුදල් මුද්‍රණයකර වෙළ`ද පොල හදන හිස් චක‍්‍රයකින් රටට පලක් නැත. නිෂ්පාදනයක් කළ යුතුය. ඛනිජ තෙල්, වරාය, විදුලිය, ගෑස් ඇතුළු අංශ තුළ පැවැති අසාර්ථක අනර්ථකාරී තීන්දු අද පවතින බිහිසුණු වාතාවරණය නිර්මාණය කර තිබේ. තර`ගකාරීත්වය හා පාරිභෝගිකයා ගැන කල්පනා කරන ක‍්‍රමවේදයක් ඇති කළ යුතුය. අසාර්ථකත්වයේ බර ජනතාවට දරන්නට සිදුවී තිබේ. දේශපාලන ක‍්‍රමය හා සමාන්තරව මෙම ජාල බි`ද ජාතික ආර්ථිකය රැුක ගැනීම ඉතාම අවශ්‍ය කාරණයකි. අරගලයට පසු ඇති කරන අලූත් යුගයේ දී, පරිවර්තනයක් අවශ්‍යය. වහා තිරණ නොගැනීම අසාර්ථකත්වයට තවදුරටත් හේතු වනු ඇත.

මහජන නියෝජනය හැර වෙනත් ක‍්‍රමයක්

ඇතැම් දේශපාලනඥයන් ප‍්‍රතික්ෂේප කරන නමුත් නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රතික්ෂේප කිරීම භයානක තත්ත්වයකි. සියළුම දෙනා පාලනයට එකතු වන සෘජු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය ද ප‍්‍රායෝගික නැත. අපේක්ෂකයන් තෝරන ක‍්‍රම වැරදි නම්, වෙනස් කිරීම පක්ෂ සාමාජිකයන්ගේ වගකීමකි. නායකයා කැමැති පුද්ගලයා අපේක්ෂකයා කරන අතර ඡුන්ද දායකයා තමන් ගේ වාසිය තකා මනාපය පළ කිරීම ද ගැලපෙන්නේ නැත. සුදුසු පුද්ගලයන් දේශපාලනයට ඇතුළු කරගැනීම හා ඔවුන් විනාශ නොකිරීම අපගේ වගකීමකි. වීදියේ අරගලයකින් බලයට එන්නට වෑයම් කරන පක්ෂ පවා ජනතාව අතරටට ගොස් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කළ යුතු බව ද අවධාරණය කළ යුතුය.

රටට විශාල අභියෝගයක් තිබේ. ධනය උත්පානදය කර, රැුකියා ඇති කරන සහ සමාජ සාධාරණත්වය තහවුරු කළ යුතුව ඇත. බලයට පත් වන ආණ්ඩුවකට ප‍්‍රතිපත්ති, වැඩ පිලිවෙල හෝ විශ්වාසය අනුව ඉදිරියට යන්නට අවස්ථාව දිය යුතුය. මැතිවරණය පවත්වන ආකාරය, ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වෙනස් කළ හැකි අන්දම ව්‍යවස්ථාවෙන් නියම කර ඇත. බලහත්කාරයෙන් පලවා හැර බලය අල්ලා ගත හැකි ක‍්‍රමය අනාගතයේ දී ද එය පුර්වාදර්ශයක් විය හැකි අතර මාසයෙකින් දෙකකින් ආණ්ඩු මාරු වන රටක් බිහිවනු ඇත.

මෑත කාලයේ බලයට පත් ආණ්ඩු ඉතාම ඉක්මනින් ප‍්‍රතික්ෂේප වී තිබේ. ඡුන්ද කාලයේ දී පක්ෂ ඔසවා තබන ජනමාධ්‍ය පවා ආණ්ඩුවක් පත් වූ වහා විපක්ෂ මතය වෙත හැරේ. එහි පිටුපස ඇති වානිජ උපක‍්‍රම ජනතාව වටහා ගත යුතුය. ජනතාව, සිවිල් සංවිධාන, අධිකරණය සහ ජනමාධ්‍යයට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හරය ආරක්ෂා කරගැනීමේ වගකීම ඇත. සාධාරණ විවේචන පිලිගත හැක. යුක්ති සහගත විරෝධතා සහ වර්ජන ස`දහා ඉඩ ඇත. විවේචන, විරෝධතා හා වර්ජන තුළ සීමාව ඉක්මවා නොයන විනය අවශ්‍යය. නිලධාරීන්ට අපහාස කරන, ආරක්ෂක අංශවලට අභියෝග කරන හා මැර කල්ලි ලෙස හැසිරෙන සංවිධානාත්මක ජාලා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානියකි. අදහස් දක්වන්නට, විරෝධය පළ කරන්නට ඉඩ තබන අතර සීමාව ඉක්මවා යන ඕනෑම අවස්ථාවක තද තීරණ ගැනීම අදට පමණක් නොව හෙට බලයට පත්වන නායකයන්ටත් වලංගුය. ජන ජීවිත අවහිර කරන සිද්ධිවලට එරෙහිව නීතිය හා අධිකරණය සාධාරණ තීරණ ගත යුතුව තිබේ.

අන්තවාදී ක‍්‍රියාවලින් ආර්ථිකයක් හැදීම

අද පවතින තත්ත්වය සලකා බලන පසු රජයේ ආදායම විශාල වශයෙන් අඩු වී ඇති බව පෙනේ. රජයේ වැටුප් හා ණය ගෙවීමට පවා ණය ගන්නට සිදු වී තිබේ. අධික ලාභ ලබන ව්‍යාපාරික අංශවලට තවත් බදු වැඩි කළ හැක. මෙම බදු මහජනතාව ගෙවන බද්දකි. ව්‍යාපාරික අංශ ඒවා ජනතාව වෙත පටවයි. ඒවා තේරුම් ගත යුතු අතර ආර්ථිකය පුලූල් කිරීම හා ලිහිල් කිරීම තුළින් හැර සහනයක් නොලැබේ. ලෝකයේ අනෙක් රටවල් අනුගමනය කරන ප‍්‍රතිපත්ති අධ්‍යයනය කළ යුතු අතර අලූත් ක‍්‍රම අප‍්‍රමාණ ප‍්‍රමාණයක් අත්හදා බලා අසාර්ථක වී තිබේ. ශ‍්‍රී ලංකාවේ අපනයන ආදායම සීමිත අතර සංචාරක අංශයෙන් ලැබුණ අඩු වී ඇත. විදේශ රැුකියා කරන ආදායම ද සීමා වී ඇති අංශයකි. ආයෝජන වලට ඉඩ නොදෙන වෘත්තීය සමිති විරෝධතා පසුගිය කාලයේ තිබුණි. මේවායේ ප‍්‍රතිඵල අද අපට ලැබී ඇත. ඉන්ධන නැවක් මිල දී ගන්නට හෝ විනිමය නැත. දුෂ්කර තත්ත්වය අනුව මිත‍්‍ර රටවලින් හා මුල්‍ය අරමුදල වැනි ආයතන වලින් කෙටි හා දීර්ඝ කාලීන සංචිත පහසුකම් ඉල්ලා ඇත. ඒවා තාවකාලිකය. ආපසු ගෙවිය යුතුය. එයට සමාන්තරව විදේශ ආදායම වැඩිකරගත යුතුව තිබේ. සංචාරකයන් ගෙන්වා ගත යුතුය. විදේශ ආයෝජන අවශ්‍යම අංශයකි. රජයේ වියදම වැඩි කරන අසාර්ථක ආයතන පුද්ගලීකරණය කළ හැක. බලශක්තිය, තාක්ෂණ හා වෙනත් අංශවල ආයෝජනයට පුද්ගලික අංශයට ඉඩදිය යුතුය. ධනය යෙදවිය හැකි පරිදි රට තුළ විශ්වාසයක් ඇති කිරීම අවශ්‍යය. සැලැස්මක් සහිතව, පදනමක් සකස් කරගත හැකි වුවහොත් ශ‍්‍රී ලංකාවට අනාගතයක් ඇත. අද සටන් කළ යුතු අනාගත පරපුරට හොද රටක් නිර්මාණය කිරීමට බව අවධාරණය කළ යුතුව තිබේ.

පීඩනයක සිටින ජනතාව නැවත, නැවතත් පෙළැඹවීම පහසුය. දේපොල හා ජීවිත විනාශ කරමින් කරන වෛරයේ අරගල රට එකතුකරන්නේ නැත. නැවත නැවතත් උද්ඝෝෂණ හා විරෝධතා ආර්ථිකය තවත් දුර්වල කරනු ඇත. සෑම අවස්ථාවකදීම අපහසුවකට පත් වෙන්නේ සාමාන්‍ය ජනතාව බව මතක තබාගත යුතුය. අර්බුද වැඩි කිරීමෙන් විස`දුමක් ලැබෙන්නේ නැත. සාමාන්‍ය ක‍්‍රියාකාරිත්වය ඇති කරගත යුතුය. ආර්ථිකය නිවැරදි කර පවතින උග‍්‍ර පසුබෑම වෙනස් කරන්නට ගත යුතු පියවර තිබේ. ඒවා කිසිසේත් ජනප‍්‍රිය තීන්දු නොවේ. ප‍්‍රතිසංස්කරණ ස`දහා ඉදිරිපත්වන කිසිම නායකයෙකුට දේශපාලන අනාගතයක් නැත. ව්‍යුහාත්මක වෙනස්කම් කළහොත් ඒවායේ වාසි ලැබෙන්නේ බලයේ සිටින ආණ්ඩුවට නොවේ. මතු පරම්පරාවටය.

නොපමාව ගත යුතු තීරණ සමහරක්

මෙම තීරණාත්මක අවස්ථාවේ ආණ්ඩුවට අනුමනය කළ හැකි ක‍්‍රම තුනක් තිබේ. වහාම ඡුන්දයකට යා යුතුය. ජනතාවගේ තීන්දුව වැදගත්ය. මැතිවරණයක් තබන්නට ඇති අපහසු තත්්ත්වය වෙනම කතා කළ යුතු කරුණකි. ආණ්ඩුව ඉල්ලා අස්වී වෙනත් පාර්ශවයකට පැවැරීම දෙවැනි ක‍්‍රමයයි. වඩා සාර්ථකව කළ හැකි බව විශ්වාස කරන පාර්ලිමේන්තුවේ දැනට ඇති පක්ෂවලට අවස්ථාවක් ලැබේ. අනෙක් එනම් තුන්වැනි යෝජනාව හෙට පත්වන ඕනෑම ආණ්ඩුවක් ව්‍යවස්ථාපිත බලය අනුව රට මෙහෙයැවීමට තීරණය කිරීම බව අවධාරණය කළ යුතුය. නීතිය ක‍්‍රියාත්මක කළ යුතු අතර රට ගොඩනගන තියුණු ආර්ථික සැලැස්මක් අනුව පාලනයකට යා යුතුය. අලූත් සැලැසුම් නියමාකාරයෙන් ජනතාවට පහදාදීමේ වැඩ පිලිවෙලක් ද අවශ්‍ය කෙරේ. ජනමාධ්‍ය විශේෂයෙන් සමාජ මාධ්‍යවලට මෙහි දී බරපතල වගකීමක් ඇත.

ඉදිරි පියවර තුළ ආර්ථිකය ලිහිල් කරන තීන්දු ගණනාවකට ඉක්මනින් යා යුතුව ඇත. සමාජයෙන් එන දැවැන්ත අපවාදය සමග ආර්ථිකය හදන අලූත් සංකල්ප ජනගත කිරීම පහසු නැත. යෝජනා කරන අණ පණත්, සංශෝධනය කිරීමේ දී දරුණු විවේචනවලට ලක්විය හැක. තීරණ ගැනීමට අසමත් පාලකයෝ ක‍්‍රමයට නොගැලපේ. ලී ක්වාන් යූ මහතා සදහන් කර ඇති පරිදි ඔහු ජනප‍්‍රියත්වය අපේක්ෂා කර නැත. ජනමතය ගැන වැඩි අවධානයක් යොමු කර නැති අතර එවැනි දේ ගැන කල්පනා කිරීම නායකත්වයක දුබලතාවයක් බව දක්වා තිබේ. ජනප‍්‍රියත්වය ඉහළ පහල යන ආකාරය ගැන කල්පනා කරන්නෙකු නායකයෙකු නොවන බව ලී ක්වාන් යූ මහතා දක්වන කරුණකි.

පරමාධිපත්‍යයේ බලය ආණ්ඩුවකට ඇත

ආණ්ඩුව අතිශය බලවත් ඒකකයකි. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ලැබී ඇත. සුළුතර බලයක් සහිත සහ ජනතා නියෝජනයක් පවා රහිත දේශපාලන පක්ෂ හෝ සංවිධානවලට ආණ්ඩුවක තීරණවලට අකුල් හෙලීම වරදකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සීමා හදුනාගත යුතුව තිබේ. ප‍්‍රතිවිරුද්ධ අදහස් සාහසික හා විකෘති ඒවා බවට පත්වීමට ඉඩ දිය යුතු නැත. සැලකිය යුතු කාලයක් අන්තවාදයට ඉඩ තිබුණි. පසුගිය දශක හතර ඇතුලත ත‍්‍රස්තවාදය දක්වා හිස ඔසවන ලද බව සිහිපත් කළ යුතුය. දකුණේ, සහ උතුරේ සිදුවීම්වලින් ඉගෙනගත් පාඩම් අමතක කළ යුතු නැත. ජාතිවාදී හා ආගම්වාදී අන්තවාදය රටට කරන ලද විපත සුළු පටු නොවේ. බලය ලබා ගැනීම ස`දහා සටන් කිරීමේ අයිතියක් දේශපාලන පක්ෂවලට ඇත. සටන යුක්ති සහගත හා සාධාරණ එකක් විය යුතු අතර ලේ ඉල්ලන අරගල රටට ඇති කරන විනාශය ගැන සංවාදයක් අපට අවශ්‍යය.

ආගමික නායකයන් සහ බුද්ධිමත් ජනතාව වත්මන් තත්ත්වය ගැඹුරින් සමාලෝචනය කළ යුතුව තිබේ. අන්තවාදය සුදුසු බව කිසිම ආගමක් හුවාදක්වා නැත. කරුණාව, මෛත‍්‍රීය හැර විනාශය ප‍්‍රාර්ථනා නොකරයි. සමාජය තුළ ඇති අවුල් සහගත තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශයට වගකීමක් ඇත. ත‍්‍රස්තවාදය පරාජය කරන, රට ආරක්ෂා කරන සහ කොවිඞ් වසංගතය ඇතුළු ජාතික විපත් අවස්ථාවල ආරක්ෂක අංශ නිර්භීතව කැපවීමෙන් ක‍්‍රියා කර ඇත. රාජ්‍ය යාන්ත‍්‍රණය අවහිර වූ වාරවල දී ජනතාවගේ සහායට පැමිණ තිබේ. නොපමාව තීරණ ගැනීමෙන් හැර පවතින ගැටළුවලට විසදුමක් නැත.