10/09/2013 - ලංකාදීප
ආර්ථිකයට නව ප‍්‍රවේශයක් අවශ්‍යද? - මිලින්ද මොරගොඩ
 

මෙරට ජනතාව සහන අපේක්ෂා කරයි. අඩු මිලට බඩු අවශ්‍යය. නොමිලේ බෙහෙත්, නිදහස් අධ්‍යාපනය සහ දුම්රිය සහ බස් ගාස්තු සහන පදනමකින් බලාපොරොත්තුවෙයි. අධ්‍යාපනයට පසු ආණ්ඩුවෙන් රුකියා දෙන තුරු බලා සිටියි. දේශපාලනඥයන් ද එය අවබෝධ කරගෙන සිටී. ඔවුන් සතුව අපමණ පොරොන්දු තිබේ. මහජනතාව වෙනුවෙන් සහන සපයන්නට නොහැකි නම් ආණ්ඩුවක් කුමකටදැයි ඔවුහුම ප‍්‍රශ්න කරති. සහන දෙන්නට ආණ්ඩුවට මුදල් ලැබෙන්නේ කොහොමද යන ප‍්‍රශ්නය මහජනතාව අහන්නේ නැත. ජනතාවට සහන දෙන නමුත් එයට වැය කරන්නේ ජනතාවගෙන්ම අය කරන බදු බව දේශපාලනඥයන් ද කෙලින්ම රටට නොකියන කතාන්දරයකි. ආණ්ඩුව මුදල් ඉපැයිය යුතුය. සහන බෙදන්නට නම් ධනය බිහිකරන්නට අවශ්‍යය. ධනය උපයන හැකියාව වැඩි කර ගත යුතුය. සහන වෙනුවෙන් ධනය රජයේ ආයතන වලින් බිහි නොවේ. එය කළ හැකි පුද්ගලික අංශයට බව පැහැදිලිය. ධනය නිපදවන්නට ඉඩ දි එයින් උපයන දෙය සමාජයට බෙදා දිය හැකිය.

මෙම පැවැත්ම ඇති කරන ආර්ථිකයකින් විනා රටට අනාගතයක් උදා කරන්නේ නැත. රට තුළ ආර්ථික නිදහස පුලූල් කළ යුතුය. ආයෝජන අවස්ථා නැංවීම එකම අරමුණ කර ගත යුතු අතර නිෂ්පාදනය වැඩි කර ගැනීම සහ කොටසක් අපනයනයෙන් විදේශ විනිමය උපයා ගැනීම ආර්ථිකයේ පදනමයි. ජනතාව තම රටේ ආර්ථිකය සම්බන්ධව නිසි වගකීම අවබෝධකර ගැනීම අවශ්‍යය. නිෂ්පාදනය සහ සේවා වැඩි කර ගැනීමට සම්බන්ධවීම අවශ්‍යය. කුඩා සහ මධ්‍යම පරිමාන ව්‍යවසාය ඇතිවීම රටක සංවර්ධනයට විශාල ශක්තියකි. ආණ්ඩුව කළ යුතු එයට අවශ්‍ය පසුබිම වශයෙන් යටිතල පහසුකම් සැකසීමය. පෙනෙන ආකාරයට සංවර්ධනය ගැන පොදු ජනතාවගේ බලාපොරෙත්තු සහ ඉටුකරන්නට ගන්නා වැඩපිළිවෙල අතර විශාල පරතරයක් තිබේ. අනුගමනය කරන ප‍්‍රතිපත්ති සහ එයින් ඇතිවන දේශීය හා ජාත්‍යන්තර පීඩනය අනුව එහි ප‍්‍රතිඵල එකිනෙකට වෙනස් ව තිබේ. එය අද අප මුහුණ පා ඇති අභියෝගයයි.

මේ වන විට ජාත්‍යන්තර ආර්ථිකය ගැටලූ ගණනාවකට මුහණ දී සිටියි. ලංකාව සමාජ ගෝලීයකරණයේ එක කොටසකි. ලෝකයේ සිදුවන දෙයින් සම්පූර්ණයෙන් බැහැරව ජීවත්වන්නට අපට හැකියාවක් නැත. ඇමරිකාව සහ යුරෝපීය රටවල් ඔවුන් මුහුණ දුන් ආර්ථික අර්බුදය ප‍්‍රතිසංස්කරණ වලින් පසු යළි හිස ඔසවමින් සිටින වකවානුවකි. ඇමරිකාව ප‍්‍රධාන බටහිර රටවල දැන් පවතින තත්ත්වය අනුව ආර්ථික කි‍්‍රයාකාරීත්වය වෙනුවෙන් අඩු කළ බැංකු පොලිය යළි නිසි ලෙස සකස් කරමින් තිබේ. එහිප‍්‍රතිඵලයක් වහයෙන් ශ‍්‍රී ලංකාව ඇතුලූ ආසියාවේ ආයෝජනය වූ මුදල් ආපසු බටහිරට ඇදෙන වකවානුවකි. මෙරට සංවර්ධන බැ`දුම්කර වලින් විශාල කොටසක් ඇමරිකානුවන්ගේ ආයෝජන බව අමතක කළ යුතු නැත. චීනයේ සංවර්ධන වේගය අඩුවී ඇත. ඉන්දියාව යම් ආර්ථික පසුබෑමකය. බටහිර රටවල් ආපසු ක‍්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වන නමුත් ආසියානු රටවල් අතර නිෂ්පාදනය, වෙළ`දාම සහ පාරිභෝජනය සම්බන්ධව යම් ආකාරයකට අලූත් ගැටලූ මතුවෙමින් තිබෙන බව පෙනේ.

ආර්ථිකය දියුණු කරන්නට නම් නිෂ්පාදන සහ සේවා අංශ වැඩිදියුණු කරගැනීම අවශ්‍යය. අතිරේක නිපැයුම් ලෝක වෙළ`ද පොලට තරගකාරී මිලකට සැපැයිය හැකි විය යුතුය. නැගෙනහිර ආසියාවේ රටවල් අතර ''අපනයනය කරන්න නැත්නම් විනාශයි'' යන තද අදහසක් තිබිණ. ව්‍යවසායකත්වය වැදගත් වූ අතර අපනයනයට යමක් නිපදවන්නන් වීරයන් සේ එම රටවල් සලකන බව දැක්විය යුතුය. ශ‍්‍රී ලංකාව ද අඩු මිලට හො`දම දේ නිපදවන්නට අවශ්‍යය. නැත්නම් මෙරට නිෂ්පාදන වෙනත් රටවල් මිලදී ගන්නේ නැත. කාර්යක්ෂම, ඵලදායී ආකාරයට කර්මාන්ත සහ කෘෂිකර්මාන්තය හසුරුවන්නට වග බලා ගැනීම අවශ්‍යය. 2005 දී මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 33 ක පමණ වූ අපනයන ආදායම 2012 වන විට සියයට 17.2 දක්වා අඩුවී තිබේ. මැලේසියාව සියයට 78.4 ක්, තායිලන්තය සියයට 77 සහ වියට්නාමය සියයට 74.4 ක් වශයෙන් එම රටවල දළ දේශීය නිෂ්පාදිතයට අනුව අපනයනය ඉහළය.

රට තුළ රැුකියා හි`ගය අඩු බව පෙනේ. නමුත් වැඩ කළ හැකි දක්ෂ පිරිස විදේශ රැුකියා සොයා රට හැර යමින් සිටී. රට රුකියාවලට යන පිරිස පුහුණු ශ‍්‍රමිකයන් නොවේ. නුපුහුණු රට රුකියා වලින් ලැබෙන ආදායම සීමිතය. විදේශ රටවල රැුකියා කරන පිරිස අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන 6.5 ක් එවයි. එය මෙරට විශාලම විදේශ විනිමය උපයන මාර්ගයයි. රුකියා සපයන මග රජයේ සේවය බවට පත්ව ඇති අතර රජයේ සේවය අකාර්යක්ෂම බව පොදු අදහසකි. පසුගිය අවුරුදු පහ තුළ රජයේ සේවය දෙගුණයකින් වර්ධනය වී තිබේ.

අද පෙනෙන ආකාරයට ආර්ථික ජය ගැනීමට විශාල කැපවීමක් කළ යුතුය. මැදි ආදායම් රටක් වශයෙන් දියුණු වී ඇතත් විදේශ රුකියා නොවන්නට රටට අත්වන්නේ අනතුරකි. තේ වගාවෙන් අවුරුද්දකට ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.4 කි. ඇ`ගලූම් කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5 ක වාර්ෂික ආදායමක් ලැබෙන නමුත් එයින් බිලියන තුනක් පමණ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය වෙනුවෙන් වැයවෙයි. සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ ආදායමක් උපයයි. සංචාරක ව්‍යාපාරය, කෙටි කාලයක් තුළ ඉක්මනින් සංවර්ධනය කර ගත හැකි පැත්තකිි. 1980 ගණන් වල තායිලන්තය සහ ශ‍්‍රී ලංකාව සංචාරක කර්මාන්තයේ එක සමාන දියුණුවක සිටියේය. පසුගිය වසරේ ලංකාවට මිලියනයක සංචාරකයන් එන විට තායිලන්තයට මිලියන 24.5 ක් පැමිණ තිබේ. 2014 වසරේ තායිලන්තයේ ආදායම් ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියන 43 කි. රට දියුණු කරන්නට මෙම පැති ගැන අලූතින් සිතන්නට අවශ්‍යය. රටට විදේශ සම්පත් අවශ්‍යය. සංචාරක කර්මාන්තටය අමතරව අපනයනයවැඩි කරගත යුතුය. අපනයනය කරන්නේ මොනවාද සහ විනිමය ඉපැයිය හැකි මග ගැන සුවිශේෂී අවධානය යොමුකළ යුතුය. විනිමය හි`ග වන විට ණය ගන්නට සිදුවෙයි. චීනය සහ දකුණු කොරියාව වැනි රටවල් තම විනිමය අනුපාත පහත හෙලා ලෝක වෙළ`ද පොලට මිල අඩුකර අපනයන අවස්ථා පාදාගෙන ඇත.

ආර්ථික හා මූල්‍ය ප‍්‍රතිපත්ති වෙනුවෙන් හරි දේ කරන්නට දේශපාලනඥයන් දක්වන්නේ බියකි. රුපියල ශක්තිමත්වන විට, ණයට ගෙන සහන සපයන විට ජනතාව සතුටට පත්වෙයි. නමුත් එය අඛණ්ඩව අනුගමනය කළ නොහැකිය. රජයේ ණය බර ඉහළට මට්ටමකය. යටිතල පහසුකම් නැංවිම, මහජන අවශ්‍යතා සැපයීම වෙනුවෙන් රටට ණය ගන්නට සිදුව තිබේ. ණය ගැනීම වැරදි නැත. ආර්ථිකය වර්ධනයවන විට ණය ගත යුතු අතර ඒවා නිසි ආකාරයට ආයෝජනය කිරීම වැදගත්ය. එසේ නොවනවිට උද්ධමනය වැඩිවෙයි. බැංකු පොලී අනුපාත වැඩිවෙයි. රජයේ ආදායම අඩු වන අතර ආදායම වැඩි කරගන්නට යොදන උපාය හමුවේ ජීවන වියදම වැඩි විය හැකිය. පවතින ප‍්‍රශ්න හමුවේ ඉක්මනින් ඉදිරියට යන්නට තද තීන්දු සහිත ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍යය.

යටිතල පහසුකම් වෙනුවෙන් විශාල ආයෝජනයක් කර තිබේ. වරාය පහසුකම් දෙගුණ තෙගුණ වී තිබේ. ගුවන් තොටුපොල පහසුකම් වැඩි වී ඇත. අධිවේගී මාර්ග ඇතුළු මාර්ග පද්ධතිය සංවර්ධනය වී තිබේ. තොරතුරු තාක්ෂණය සහ පණිවුඩ හුවමාරුව වේගයෙන් දියුණුය. මෙයින් දශක දෙක තුනකට පමණ කලින් මෙරට විදේශ වෙළ`දාම හෝ සංචාරක කර්මාන්තය දියුණු කිරීම ගැන සාකච්ඡුා කරන විට බාධා වශයෙන් පැන නැගුණ අංශ යහපත් ආකාරයකට පරිවර්තනය වී තිබේ. මේවා දියුණු කරන්නට මෙරටින් සහ පිටරටින් ණය ගෙන ඇත. මෙම යටිතල පහසුකම් වලින් උපරිම ප‍්‍රයෝජන ගැනීමට අවධානය යොමු කළ යුතුය. මෙම යටිතල පහසුකම් උපයෝගී කරගෙන අපනයනය කරන්නේ මොනවාද? අලූත් යමක් නිපදවා ජාත්‍යන්තර වෙළ`ද පොලට යවන ඉලක්කයක් අප සතුව තිබේද? මේවා විවෘතව සාකච්ඡුා කිරීම වැදගත්ය. යටත් විජිත සමයේ අධිරාජ්‍යවාදීහු තම උවමනාව වෙනුවෙන් මෙරට කෝපි වගා කළේය. එය අසාර්ථක වූ විට තේ වගාව ඇරඹීය. එයට පසු විකල්පයක් නැතිව සිටි රටට අපනයන අවස්ථා උදා කළේ ඇ`ගලූම් කර්මාන්තයයි. නිපදවා රටින් යමක් අපනයනය කරනු වෙනුවට පිටරටට ගොස් රැුකියා කිරීමේ ආර්ථිකයක් අද බිහිවී තිබේ. එය අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකිය. අඩු තරමින් පුහුණු ශිල්පීන් පිටරට යවන ගෞරවණීය තත්ත්වයක් දක්වා තාවකාලික වෙනසක් විය යුතුය. දක්ෂ ශ‍්‍රමය විදේශ රටවලට යැවීම වෙනුවට මෙහිම ව්‍යවසායකයන් කරන්නට අනුබලදීම අලූත් ආර්ථිකයක් බිහි කරන්නට අවශ්‍ය සාධකයකි. ආර්ථිකයක ශක්තිය මහා පරිමාන ව්‍යාපාර පමණක් නොවේ. කුඩා ව්‍යාපාර සහ කර්මාන්ත ජාලයක් සහිත ව්‍යවසායකත්වය දියුණු කළ යුතුය. අධිරාජ්‍යවාදී කාලයේ ලංකාව ඉදිරියෙන් සිටියේ වෙළ`දාමෙන්ය. ශ‍්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රතිපත්ති වෙළ`දාමට ගැලපෙන තරගකාරී ලෙස පරිවර්තනය කිරීම අවශ්‍යය. විශාල ජනගහනයක් ඇති විශාල ආර්ථික හිමි ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමග ආයෝජන, වෙළ`ද හා සේවා සම්බන්ධතා තර කර ගත යුතුය. දැනට මෙම රටවල් සමග ආර්ථික සහ සේවා ගිවිසුම් අත්සන් කර ඇත. ඒවායෙන් ප‍්‍රයෝජන ගත හැකි ආකාරයට සැලසුම් සකස් කළ යුතු වෙයි. ලෝක වෙළද පොලට අවශ්‍ය දේ නිපදවන ව්‍යවසායකයන් රට තුළ බිහිකරන පසුබිම ඇති කළ යුතුය. ජපානයේ මෝටර් රථ සමාගම් ඉන්දියාවේ ආයෝජනය කර ඇත. එම කම්හල් වලට අවශ්‍ය රබර් අමතර කොටස් අපට නිපදවිය හැකිය. ජපානය, ඉන්දියාව සහ ලංකාව අතර මේ ස`දහා රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් සම්බන්ධතා ගොඩනැගිය හැකිය. නිෂ්පාදනය වැඩිකරන්නට දේශීය ව්‍යවසායකයන්ට ඉඩදිය යුතු අතර එයින් විදේශීය ආයෝජකයන් අතර විශ්වාසය තහවුරු වෙයි.

රට දියුණු කරන තද තීරණ ගන්නා විට ජනතාවගෙන් කොටසක් අසතුටට පත්වෙයි. කෙටි කාලීනව සමාජය අතෘප්තියට පත් වියහැකි නමුත් දිගු කාලීනව සිදුවන්නේ යහපතකි. සිංගප්පූරුව, චීනය, මැලේසියාව සහ කොරියාව වැනි වේගයෙන් දියුණු වූ රටවල් පවා ආර්ථිකය හමුවේ කඩිනම් තීරණ ගන්නා ක‍්‍රම අනුගමනය කර තිිබේ. තීරණ දහයකින් දෙක තුනක් අසාර්ථක විය හැකිය. රටට ජයගන්නේ සාර්ථක තීරණ වලින්ය. නිදහස ලැබූ කාලයේ ශී‍්‍ර ලංකාව ආසියාවේ ඉහළින් සිටි රටකි. නිසි ආකාරයට සැලසුම් කළේ නම් ආසියානු කලාපයේ සේවා කේන්ද්‍රස්ථානය වන්නට හැකියාව තිබිණ. අද යම් ආකාරයකට ඉදිරියට පැමිණෙන්නට හැකියාව ලැබී ඇත. එයින් ජවය ලබා ගෙන පුලූල් සංවර්ධන ගමනක් උදෙසා විශාල ආර්ථික සහ සමාජ පෙරැුළියක් අවශ්‍යය. එය වෙනුවෙන් අලූත් ආයෝජන කළ යුතුය. ව්‍යාපාර වෙනුවෙන් පුද්ගලික අංශය දිරිගැන්්වීම අවශ්‍යය. මූල්‍ය වෙළ`ද පොලෙන් ණය ගෙන රට සංවර්ධනය වෙනුවට හැකිතාක් දෙස් විදෙස් ආයෝජන වැඩි කරගැනීම අවශ්‍යය.

දක්ෂ ලෙස ව්‍යාපාර මෙහෙයවන්නට ආණ්ඩු අසමත්ය. එය ජාත්‍යන්තරව ද පිළිගෙන ඇති කරුණකි. පුද්ගලික අංශය තරගකාරී ලෙස ව්‍යාපාර පවත්වාගෙන යන්නට දක්ෂ අතර එයට ගැලපෙන ප‍්‍රතිපත්ති සකස් කිරීම සහ සමාජයේ අසාධාරණයට ලක්වන කොටස් වලට අතදීම ආණ්ඩුවේ වගකීමයි. ව්‍යාපාර වලින් රැුකියා අවස්ථා ඇති කරන අතර ඒවායෙන් අය කරන බදු ආණ්ඩුවේ ආදායම තර කරයි. ජනතාවට අවශ්‍ය සුබ සාධනය එයින් සපුරන්නට හැකිය. වර්තමානයේ ආණ්ඩු ව්‍යාපාර මෙහෙයවන අතර ඒවා ඉතා අසාර්ථකය. විශාල වශයෙන් පාඩු ලබයි. ආයතන පවත්වාගෙන යන්නේ මහජන සේවයක් වශයෙන් යන විශාල මිත්‍යාව පතුරවා තිබේ. රජයට අයත් ආයතන වල අලාභ සහ අසාර්ථකත්වය වෙනුවෙන් වන්දි ගෙවන්නේ මහජනතාවය. මෙම ක‍්‍රමය වෙනස් කළ යුතුය. බැංකු, රක්ෂණ සහ දුරකථන වැනි අංශ ප‍්‍රතිසංස්කරණයකින් අපේක්ෂා කරන්නේ එයයි. ගුවන්සේවා, ඛනිජ තෙල්. විදුලිය, අධ්‍යාපනය, ප‍්‍රවාහනය හා සෞඛ්‍ය වැනි අංශ වල විශාල ප‍්‍රතිසංස්කරණ ඉක්මනින් අවශ්‍යය. රජයේ ආයතන රැුක ගත යුතු බව දේශපාලන උවමනාවක් පමණකි. රාජ්‍ය ආයතන දේශපාලනඥයන් සහ තම පාක්ෂිකයන්ට රුකියා දෙන ඔවුන් යැපෙන තැන් බවට පත්ව ඇත. ඒවා වෙනස් කරන තින්දු ගන්නට සිදුවෙයි. විදුලිය හා ඛනිජ තෙල් වෙනුවෙන් කලාපයේ සියලූම රටවල් අභිබවන වියදමක් ගෙවන්නට මහජනතාවට සිදුව තිබේ. මෙම සේවා තරගකාරීව අලාභ රහිත වන විට අඩු මිලට විදුලිය සැපයිය හැකිය. එවිට භාණ්ඩ සහ සේවා නිෂ්පාදන වියදම පහත වැටේ. අඩු මිලට සැපයීම සහනයක් බව දේශපාලන වේදිකාවේදී කියයි. මෙය බරපතල මිත්‍යාවකි. පාඩු වක‍්‍රව මහජනතාවගෙන් බදු වශයෙන් අය කර ගැනේ. සියලූම දේ සිදුවන්නේ මහජනතාවට නොඇ`ගවෙන පරිදිය. දුක් වි`දින්නේ මහජනතාවය. මෙම ක‍්‍රමය අවබෝධ කරගෙන එයට එරෙහිව මතයක් ඇතිකර ජනතාව පෙළ ගැසෙන්නට අවශ්‍ය කාලයකි. චීනයේ විශාල ආර්ථික ප‍්‍රතිසංස්කරණයක් කළ ඩෙන් ෂියාවෝ පින්ග් මියන් අල්ලන්නේ නම් බළලාගේ පාට වැඩක් නැති බව ප‍්‍රකාශ කළේය. අද අපට අවශ්‍ය ජනතා ආර්ථිකය දිනවන ප‍්‍රායෝගික ක‍්‍රමයකි.

ඉකුත් කාලය තුළ කරන ලද විශාල කැපකිරීමක ප‍්‍රතිඵල අද අත්පත් කරගෙන ඇත. මැදි ආදායම් රටක් යන උගුලට හසු විය යුතු නැත. රට දියුණු වන විට ජනතාවගේ අපේක්ෂා සහ එය ඉටු කරන්නට මැදි ආදායම් ආර්ථිකයට ඇති හැකියාව අතර පරතරයක් තිබේ. ශ‍්‍රී ලංකාව, පටු තීන්දු හෙයින් අවස්ථාව අහිමි කරගෙන ඇති රටකි. විපක්ෂයේ සිටින විට විරුද්ධ වන නමුත් ආණ්ඩුවට පැමිණි විට එය අනුමත කරන තරමට දේශපාලනඥයන් කි‍්‍රයා කරයි. ජනතාව මේවා අනුමතකරන තරමට දක්නා නුවන පිරිහී ඇත. ජාත්‍යන්තර සමාජය අලූත් අවස්ථා සොයායමින් සිටින මෙම වකවානුවේ අලූත් ඉලක්කයකට, අලූත් ගමනකට සමාජය සූදානම් කිරීම සියලූ දෙනාගේම වගකීමකි. අලූතෙන් සිතන්නට අවශ්‍යය. ආර්ථික වර්ධනය අඩුවන හේතු සොයා බැලීම අවශ්‍යය. ව්‍යවසායකත්වය දියුණු කළ යුතුය. ශ‍්‍රී ලංකාවේ මූල්‍ය හා බදු ක‍්‍රමය ගැන විශේෂ අවධානය යොමු කළ යුතුය. පවතින බැංකු හා මූල්‍ය ක‍්‍රම සිය වසකට වඩා පැරණිය. එයින් ඉටුකරන්නේ ව්‍යවසායකයන්ගේ අරමුණ නොවේ. බැංකු පද්ධතිය රටේ ව්‍යවසායකත්වයට ඉඩක් දෙන්නේ නැත. බදු අයකිරිම ආසියානු කලාපයේ සෙසු රටවලට වඩා ඉහළය. පොලියට ප‍්‍රාග්ධනය ගෙන, විශාල බදු ගෙවමින් නිෂ්පාදනය කරන්නෙකුට ඒවා ලෝකයේ කොතැනකටවත් අලෙවි කරගත නොහැකිය. මෙම පැති ස්වාධීන පර්යේෂණ වලින් පසු හ`දුනාගෙන නිවැරදි කිරීම සුදුසුය.

පෙනෙන ආකාරයට රටට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සමාජයට කියන්නට දේශපාලනඥයන් නිර්භීත නැත. නිර්භීතව ඇත්ත කියන දේශපාලනඥයන් ජනපි‍්‍රය නැත. සහන දෙන බව කියන, රජයේ සම්පත් විකුණන්නේ නැති බව කියන හා ප‍්‍රතිසංස්කරණ යනු මහා අනතුරක් බව කියන දේශපාලනඥයන් ජනපි‍්‍රයත්වයෙන් ඉහළටම පත්ව ඇත. දේශපාලනඥයන්ට දොස් පවරා පලක් නැත. පවතින ක‍්‍රමය අනුව ඔවුහු තම අන්‍යතාවය සකස් කරගෙන තිබේ. නිවැරදි මග වටහා ගත යුතු ජනතාවය. ජනතාව යථාර්ථය වටහා ගන්නා මොහොතේ දේශපාලනඥයා ප‍්‍රමාද විය හැකිය. අලූත් පණිවුඩයක් නිකුත් කරන්නට අසමත් වුවහොත් ජනතාව තව තවත් ඈත් වන්නට ඉඩ තිබේ. ''අලූත් අදහස් මතු කිරීම නොව පැරණි ආකල්ප වලින් ඈත්වීම'' බරපතල ප‍්‍රශ්නයක් බව ආර්ථික විශේෂඥ ජෝන් ෙමිනර්ඞ් කේන්ස් කියා සිටියේය. මාගේ පුද්ගලික අදහස නම් පැරණි ආකල්ප වලින් මිදී අලූත් ආකාරයකට ආර්ථික නිදහසක් ඇති නොකළහොත් ප‍්‍රශ්නය බැරූරුමි විය හැකිය.

රටට අවශ්‍ය ආර්ථික ජවය උපයා ගැනීම වෙනුවෙන් පියවර කිහිපයක් අනුගමනය කළ යුතුය. දේශපාලන ස්ථාවර භාවය වැදගත්ය. විනිවිද පෙනෙන තද තීන්දු ගැනීමට ආණ්ඩුවට හැකිවිය යුතුය. කාර්යක්ෂමතාව, ඵලදායීතාව සහ අලූත් දේ සොයායාම යන කරුණු වටා රටට අවශ්‍ය මූලික රාමුව සැකසීම වැදගත්ය. එලදායීතාවයෙන් තොර සහ කාර්යක්ෂමතාව ගැන කිසිසේත් නොසලකන විට ප‍්‍රශ්න පැනනගී. රටට සහ ජනතාවට වන හානිය පියවන්නට සහන සැපයීමෙන් ආර්ථිකය දියුණු වන්නේ නැත. ආර්ථික වර්ධනය අඩාල වන විට මහජනතාවට ප‍්‍රශ්න මතුවෙයි. රැුකියා බිහි නොවේ. ආදායම අඩුවෙයි. ජීවන වියදම වැඩිවෙයි. සහන දිය යුතු පාරිභෝගිකයාට ද නොඑසේනම් ආයතනවලට ද යන ප‍්‍රශ්නය අප විමසිය යුතුය. ආණ්ඩු කරන්නේ දුප්පතාගේ නමින් ආණ්ඩුවේ ආයතන ආරක්ෂා කිරීමයි. යහපත් ආර්ථිකයක් ඇති කරන්නට නම් දීර්ඝ කාලීනව බලා නිවැරදි තීන්දු වලට වහා එළැඹෙන්නට සිදුවෙයි. ජනතාව හමුවේ ජාත්‍යන්තරය පිළිගන්නා නූතන ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රතික්ෂේප කරන ඇතැම් දේශපාලනඥයන් මහජනතාව භීතියට පත් කරන දේ ජනතාව හමුවේ මතුකරමින් සිටී. යථාර්ථය එය නොවේ. ප‍්‍රතිසංස්කරණය යනු පුරුදු තැනින් වෙනස් කර නිසි දෙය කරන්නට පෙළඹවීමකි. රට තුළ ආර්ථික නිදහස ඇති කළ යුතුය. ඉතාමත් අවශ්‍ය ව්‍යවසායකත්වය නැංවිම සහ ආයෝජන දිරිගැන්වීමයි. දශක තුනක කාලය තුළ පැවැති යුද්ධය ආර්ථික නිදහස ඇති කරන මග අවුරා තිබිණ. ත‍්‍රස්තවාදයෙන් නිදහස් වූ මෙම කාල පරිච්චේදය තුළ ජනතාව ව්‍යවසායකයන් කළ යුතුය. යැපෙන්නන් කළ යුතු නැත.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.