10/01/2022 - ලංකාදීප
සිල්ලර සටන්පාධ් ගැලපේද?

බලාපොරොත්තු සහගත නව වසරක් උදා වී තිබේ. පසුගිය වසර දෙක තුළ අනපේක්ෂිත සිද්ධි මාලාවකට මුහුණ දෙන්නට සිදුවිය. වසංගත තත්ත්වය එයින් ප‍්‍රධාන එකකි. සෞඛ්‍ය අංශවලට සෑහෙන පරිශ‍්‍රමයක් දැරිය යුතු වූ කාලයක් විය. ආර්ථික, සමාජ හා දේශපාලන ක්ෂේත‍්‍රවලට එල්ල වූයේ තියුණු බලපෑමකි. ආගම හා සංස්කෘතික අංශ පවා නොයෙක් පරිවර්තනයන්ට පත්විය. දියුණු වෙමින් පැවැති ශ‍්‍රී ලංකාව, දුෂ්කර තැනකට පත්විය. ජන ජීවිතය අර්බුදකාරී තැනකට පත් වූ අතර අප සියළු දෙනා, දැනට පවතින විෂමතාවයෙහි ගොදුරු බවට පත්ව ඇත. සමාජය නොසන්සුන්වීම එහි ප‍්‍රතිඵලයකි. පසුගිය දශක තුන හතර තුළ අලූත් මගකට යොමු නොවී තිබුණ පැවැත්ම, තවත් වටයකින් දුර්වල කරන්නට උද්ගතව ඇති තත්ත්වය සමත්ව ඇත. මෙම අභ්‍යන්තරය වටහා ගැනීම වැදගත්ය. ලෝක ස්වභාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණ සහ ආර්ථික ප5වණතා අප සියළු දෙනා අපේක්ෂා භංගත්වය වෙත තල්ලූ කර තිබේ. ඇද වැටෙමින් සිටින ප‍්‍රපාතය ගැන අපට පුලූල් වැටහීමක් නැත. තේරුම් ගත යුතුය. ධෛර්යයවන්තව, අලූත් උත්සාහයකින් අලූත් ගමනක් ආරම්භ කළ යුතුව තිබේ. සමාජ එක`ගතාවයක් ඇති කරගත යුතුය. සාමූහිකත්වය අවශ්‍යය.

රටට දැනෙන අලූත් යමක් සිදුවිය යුතුය. පරිවර්තනයකින් විනා වෙනසක් සිදුනොවේ. පවතින චක‍්‍රය විඩාවකි. ආත්ම ශක්තිය දුර්වල කරයි. ත‍්‍රස්තවාදය පරාජය කිරීම පහසුය. සැලසුම් කළ හැකිය. සාමය දුෂ්කරය. රෝග පීඩා සහිත පරිසරයක එය තවත් අපහසුය. එය අපට දැනෙන කරුණකි. ආඩම්බරවිය හැකි ඉතිහාසයක් අපට තිබුණි. ජාතික අනන්‍යතාවයක් තිබුණි. අනාගතය ගැන අවධානය යොමු කළ යුතුය. අපගේ දරුවන් ගේ පැවැත්ම අනෙක් රටකින් බලාපොරොත්තු විය යුතු නැත. මතු පරපුර වෙනුවෙන් කැපවීම අප සියළු දෙනාගේ වගකීමකි. බිය නැති කරන, ජාත්‍යන්තරය සමග එකතුව ගමනක් යන යුගයක් උදාකරගත යුතුය.

සමීප නායකත්වයක දුරස්ථ හැදුනුම්කම

ජන සමාජයක නායකයෝ සිටිති. ආගමික, අධ්‍යාපන හෝ දේශපාලන අංශවල විය හැකිය. නූනත මාධ්‍ය භාවිතාව නායකත්ව භූමිකා තර්ජනයකට ලක් කොට තිබේ. ආදර්ශවත් චරිත ඉතිහාසයේ සදහන්ව ඇත. එම විශිෂ්ඨ පුද්ගලයන් තුළ ද, දුර්වලතා නොතිබුණා නොවේ. අපට පෙනෙන්නේ නායකයන්ගේ වීරත්වයයි. ජනතාව ඔවුන්ගේ ප‍්‍රතාපවත් භාවයට ගරු කළහ. මාධ්‍යයෙහි නව්‍යකරණය හෙයින් දුරස්ථව සිටි නායකයෝ සමීප කර ඇත. සමාජ මාධ්‍ය එහි ප‍්‍රධාන වගඋත්තරකරුවෙකි. දක්ෂතා, දර්ශනය, ධෛර්යය ගැන හෙළිකරන අතරවාරයේ හැසිරෙන, ක‍්‍රියාකරන හා තීන්දු ගන්නා විලාසය ද ක්ෂණයකින් අනාවරණය කරයි. නිර්දය ලෙස විවේචනය කරයි. ජන මාධ්‍ය, ප‍්‍රජාතන්ත‍්‍රවාද ක‍්‍රමයේ එක වැදගත් පාර්ශවයකි. වර්තමානයේ දී, සමාජ මාධ්‍ය භාවිතාව විසින් ඇති කරන පීඩනය ලෝකය විශාල කැළඹීමකට ලක් ඇත. තොරතුරු විකෘති කිරීම හා සැලසුම්කර පළ කරන මතවලින් අන්තවාදය හා සමාජ නොසන්සුන්තාව ඇති කර තිබේ. සාධාරණ විවේචනය සුදුසුය. මගපෙන්වීම අවශ්‍යය. ආගමික, සමාජ හෝ දේශපාලන නායකයන් නිර්දය ලෙස හෙලාදැකීමෙන් අපට ලැබිය හැකි ප‍්‍රතිලාභය කුමක්ද?

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් බලයට පත්වෙන්නේ දැවැන්ත ප‍්‍රසාදයක් සහිතවය. සමාජ මාධ්‍ය ඔහු ඉහළට ඔසවා තැබීය. ඉහළට ඔසවා තැබූ ඔහුගේ ගමන සීමා කරන්නේ ද සමාජ මාධ්‍ය බව සදහන් යුතුය. වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ගේ ජනප‍්‍රියභාවය ද අඩු වී තිබේ. බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, ප‍්‍රංශ අගමැති එම්මානුවෙල් මැක්රොන් ඇතුළු නායකයෝ එදා සිටි තැන අද නැත. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ පවා ජනප‍්‍රියත්වය පහත වැටී තිබේ. චිලී ජනාධිපතිවරයා වශයෙන් පත්වූ තරුණ ගාබ්රියෙල් බොරික් කෙරෙහි විශාල අවධානයක් දැනට තිබේ. මෙම ආකෘතිය ඔහුට දෙන කාලය ගැන තක්සේරු කිරීම පහසු නැත.

දකුණු කොරියාව, චිලී වැනි රටවල පැවැත්ම වෙනස් කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක්ම නොවේ. සමාජය දියුණුවීම සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග එකතු කරගෙන ඇත. දේශපාලනය කෙසේ වෙතත් ආර්ථික රාමුව වෙනම තබා ගන්නට එම රටවල් සමත්ව ඇත. චීනයේ ක‍්‍රමය තද අනන්‍ය ක‍්‍රමයකි. සිංගප්පුරුව, ජපානය සහ යුරෝ රටවල් ආර්ථික හා සමාජ ප‍්‍රශ්න පාලනය කරගන්නට වෙනම ආකෘතියක් ඇත. මෙම රටවල වෙනස අපට ප‍්‍රශ්න කරන්නට සිදු වී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හොද පාලන ක‍්‍රමයකි. විවෘත ආර්ථිකය තරගකාරී සාධාරණ අවස්ථා සම්පාදනය කරයි. මෙම අංශ දෙක මැනැවින් තුලනය කරන්නට අප සමත් වී ඇති තරම ප‍්‍රශ්න කරන්නට අවශ්‍යය. සමාජය ඉදිරියට ගෙන, ආත්ම ශක්තිය ඇතිකරන්නට ගෙන තිබෙන ප‍්‍රයත්නය ප‍්‍රමාණවත් ද?

ක‍්‍රමය වෙනස් කරන විශාල ප‍්‍රයත්නයක්

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හොදම පාලන ක‍්‍රමය නොවන බව වින්සන්ට් චර්චිල් ප‍්‍රකාශ කර ඇත. එහෙත් සුදුසු වෙනත් ක‍්‍රමයක් දැනට නැති බව ඔහුගේ මතය විය. ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බි‍්‍රතාන්‍ය ආභාෂයෙන් සකස් වූ එකකි. පසුව ඇති කරන වෙනස්කම් වලින් මිශ‍්‍ර ලක්ෂණ මුහු වී තිබේ. බි‍්‍රතාන්‍ය ක‍්‍රමය අනුව විපක්ෂය විරුද්ධය. ප‍්‍රතිපත්තියක් ලෙස විරුද්ධ නමුත් ගරු කරන සම්ප‍්‍රදායයන් ඇත. සම්ප‍්‍රදාය ආරක්ෂා කරයි. වැදගත් ඉතිහාසයක් අපට තිබුණ නමුත් සම්ප‍්‍රදායට ගරු කරන පිලිවෙලක් අපට නැත. අනන්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් ගොඩනගා ගන්නට ද අප සමත් වී නැත. තවමත් ක‍්‍රමය ගැන අත්හදා බලමින් සිටින රටකි.

එක ආණ්ඩුවක් තුළ ආණ්ඩු මහ ගොඩක් තිබිය යුතු නැත. වෙනම බලකේන්ද්‍ර නුසුදුසුය. මහජන නියෝජිතයන්ට පොදු ජනතාව ඉදිරියේ සම්මුතියක් තිබේ. වගකීමක් ඇත. ආණ්ඩුවේ පක්ෂ අතර පක්ෂ සන්ධානවලින් සකස් වූ කැබිනට් මණ්ඩල අතර පරස්පරතා මෑත කාලයේ දැකිය හැකි ප‍්‍රවණතාවයකි. මෙම වාද විවාද වලින් රටට ලැබී ඇති වාසිය කුමක්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර තිබේද? චන්ද්‍රිකා රනිල් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අතර බේධ තිබුණි. මෛත‍්‍රී රනිල් ආණ්ඩුව එය වඩා තීව්ර තැනකට කැදවීය. වත්මන් ආණ්ඩුවේ පවා පක්ෂ අතර මතවාදී වෙනස්කම් පවතින බව පෙනේ. තීරණ ගැනීමට බාධා කර ඇත. ආණ්ඩුව හෝ කැබිනට් මණ්ඩලය තුළ සංවාදය වැදගත්ය. වෙනස් මත තිබිය හැකිය. ඒවා ජන සමාජය ඉදිරියේ දේශපාලන වාසි සදහා භාවිතා කිරීම ගැටළුවකි. මතවාදී වෙනස්කම් නරක නැත. බහුතර කැමැත්ත අවසාන තීරණය විය යුතුය. ගැටුම්, මතබේධ හා හිත් අමනාපකම් සමග කරන අභියෝගවලින් ජනතාවගේ අභිමතාර්ථ සාක්ෂාත් නොවේ.

රටට අවශ්‍ය අනන්‍යතාවයකි. එක පිලිවෙලකි. තීරණ ගැනීම හා ඒවා නිසි ලෙස ක‍්‍රියාත්මක කිරීමය. කොවිඞ් ව්‍යාප්තිය ගැන පවතින භීතිය සහ දේශපාලන නොසන්සුන්තාව රට තුළ මතු කරන සංකීර්ණ ගැටළු වල තරම අප වටහා ගත යුතුය. ආගමික නායකයන්, සමාජ නායකයන් සහ විද්වතුන් මෙම පැති දෙස වඩා වගකීමකින් කි‍්‍රයා කිරීම ඉතාම වැදගත්ය.

බිදුණු හදවත් තුළ ආත්ම ශක්තිය ඇති කිරීම

ආත්ම ශක්තිය, ආත්මාභිමානය රටක පැවැත්මට වැදගත්ය. අපට කළ හැකිය යන අධිශ්ඨානය අවශ්‍යය. වැටුණු හැම අවස්ථාවකම නැගිටින, නැගී සිටින ධෛර්යය අපට උවමනා කර තිබේ. ලංකාව හැම පැත්තකින්ම ගොදුරු වූ සමාජයකි. ඉතිහාසයේ සිට නොයෙක් ආක‍්‍රමණ වලට හසු වී ඇත. එහෙත් මිශ‍්‍ර සමජයක් වශයෙන් පැවැත්මක සිටින බව ස`දහන් කළ යුතුය. මෙම මිශ‍්‍ර භාවය අප තුළ බියක් ඇති කර ආත්ම ශක්තිය දුර්වල කර තිබේ. මහ ජාතිය තුළ සුළු ජාතිකයන් කෙරෙහි අනවශ්‍ය තර`ගයක් ඇති කරගෙන තිබේ.

අප රටට අතීතයේ සිට නොයෙකුත් බලපෑම්, සහ ආක‍්‍රමණ එල්ල වී තිබුණ බව මතක් කළ යුතුය. විවිධ ජාතීන් රටට පැමිණ ඇත. වෙළදාමට පැමිණි පිරිස් ගැන වාර්තාවෙයි. සිංගප්පූරුව, ඩුබායි වැනි වානිජ නගර හා සමාන තැනෙක තිබුණ බව උපකල්පනය කළ හැකිය. මැද පෙරදිග, දකුණු හා නැගෙනහිර ආසියාවට මුහුදු මාර්ගයෙන් සම්බන්ධ වී තිබුණ බවට සාක්ෂි තිබේ. ලන්දේසි හා පෘතුගීසි ජාතිකයන් පවා මුල් කාලයේ වෙළදාම් කර ඇත. වෙළ`දාමට පැමිණි ඉන්දීය, චීන, මැදපෙරදිග රටවල්, හා බටහිර රටවල ආක‍්‍රමණවලට ලක්විය.

නිදහස ලබාගත් ලංකාව එක්සත් ගමනක් ඇරඹීය. පක්ෂ දේශපාලනය බෙදීම් වලට මුල පුරයි. ජාති, ආගම්, කුලය පැලැන්ති පමණක් නොව ඉගෙනගත් පාසල අනුව පවා සමාජය බෙදා ඇත. මේවා රටක් අන්තවාදයට තල්ලූ කරන පදනම්ය. මෙකී බෙදී අනතුරුදායකය. අන්තවාදයෙන් විනාශ වූ සමාජවලින් පාඩම් ඉගෙනගත යුතුය. අප මුහුණ දුන් කටුක සිද්ධි සුළු ඒවා නොවේ. රට තුළ පවතින තර්ක, විතර්ක හා ගැටුම්වලට හේතුව අප අතර පවතින, එසේ තිබිය යුතු නැති බෙදීම්බව ඉතාම පැහැදිලිය. සමාජ එකගතාවය අපට අවශ්‍යය. ජාතිය හෝ ආගම වෙනම අයිතියකි. එම අයිතිය තහවුරු කරන අතර ලාංකේයත්වය කෙරෙහි ඇති පුලූල් බැදීමක් - හැගීමක් ඇති කරගත යුතුය. අපට පුලූවන් බවට මානසිකත්වයක් ඇතිකරන ව්‍යාපාරයක් අවශ්‍යය.

මැලේ ඩිලේමා අපට එක්තරා පාඩමකි

මහතීර් මොහමඞ් ගේ දැක්ම මෙහි දී උදාහරණයක් සේ දැක්විය හැකිය. මැලේ ජාතිකයෝ උදාසීන, අධෛර්යවත් තැනක පසුවිය. ඔවුන් අවදිකිරීම පහසු වූයේ නැත. ‘සිංහලයිනි අවදිවෙව්’යන අනගාරික ධර්මපාල තුමා ගේ වචන හා සමාන ක‍්‍රමයක් ඔහු භාවිතා කළේය. මැලේ ජාතිකයන් ඉදිරියෙන් කැරට් අලයක් පෙන්විය යුතු අතර පශ්චාත් භාගයට වැරෙන් තැලිය යුතු බව ඔහු කියා සිටියේය. මෙම අදහස් හෙයින් මහතීර්ට ජාතිවාදී ලේබලයක් ද ඇලවී තිබුණි. ‘මැලේ ඩිලේමා’ කෘතිය ඔහු ඉදිරිපත් කළේ පැති දෙකක් එනම් මාර්ග දෙකක් අතර තීරණයක් ගැනීමට නොහැකිව සිටින මහ ජාතියට මාර්ගය පෙන්වීමටය. ඔහු අවදි කළේ මැලේ ජාතිකයන් පමණක් නොවේ. මැලේසියාවේ සියළු ජාතින් එකතු කරගෙන මැලේසියාවට පුලූවන් කියන හැගීම ඇති කළේය.

දක්ෂතාව තිබිය දී පසෙකට වී සිටින ස්වභාවයක් ලාංකිකයන්ට ද තිබේ. දැන් එය එක්තරා හීනමානයක ලක්ෂණ දක්වා වර්ධනය වී ඇත. පැට්‍රොනාස් ගොඩනැගිල්ල, මැලේ ජාතිකයන්ට කළ හැකි බව අගවන්නට තනන ලද සංකේතයකි. එය ඉදිකරන්නේ ලාංකේය දෙමළ සම්භවයක් සහිත ආනන්ද ක‍්‍රිෂ්ණන්ය. මැලේ ජාතිකයන් අවදි කරන්නට තනන ලද ගොඩනැගිල්ල පිටස්තර සුළු ජාතික ආයෝජනයකි. ලෝකයේ සෑම තැනකම ලාංකේය දක්ෂ පිරිස්, වෙනස් ක්ෂේත‍්‍රවල මහත් අභිමානයෙන් වැඩ කරති. ඔවුන්ට එම රටවල්වල තැනක් ලැබුණේ කෙසේද? ලෝකයේ සෑම රටකම පාහේ සිටින දක්ෂ ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්ට එම රටවල් ඉඩ නොදුන්නානම් ඔවුන්ගේ අනාගතය කෙබදු තැනෙකද? ලාංකිකයන්ට අවස්ථා ලබා දුන් කිසිම රටක් එම රටවල ඉඩම, ධනය හෝ වෙනත් සම්පතක් පැහැරගෙන යනු ඇතැයි කල්පනා කර නැත. එවැනි සමාජ විවෘත භාවයක් පවත්වා ගැනීමට අපට ධෛර්යයක් නැත.

ත‍්‍රස්තවාදී ගැටුම් ඉතා ධෛර්යවන්ත තරුණ පිරිසක් අපට අහිමි කළේය. අවාසනාවන්ත යටගියාව පසෙකට කර අලූත් යුගයකට ඇතුළුවීමට අපට මහත් ශක්තිය අවශ්‍යය. ජාතික උන්මාදයක් ඇති කළ යුතුය. එය ජාති වාදය නොවේ. ජාතීන් සහ සංස්කෘත නියෝජනය කරන, පැලැන්තිවලින් තොර බලවේගයකි. එම ජවය ඇතිකරන පිලිවෙල ගැන අපට ප‍්‍රශ්න ඇත. අප ගැන අවිශ්වාසයක් අපට ඇත. අභ්‍යන්තරය ගැන සැකයක් ඇත.

තියුණු තරගකාරීත්වයක අලූත් අවස්ථා

කොවිඞ් වසංගතයේ අවසානය සමග ශ‍්‍රී ලංකාව තියුණු, තර`ගකාරී ආර්ථිකයකට ඇතුළුවීමට සිදුවේ. තාක්ෂණය සහ බලශක්තිය ප‍්‍රබල සාධකයක් වනු ඇත. ඒවායෙහි සිදුවන වෙනස්කම් තුළින් ඉදිරියට යා හැකිය. මානව සම්පත මෙරට හො`දම ආයෝජනය වනු ඇත. සමාජය වයස්ගතවීමේ ප‍්‍රශ්නය හමුවේ පවා හොද අවස්ථාවකි.

ජාත්‍යන්තරය ගැන පවතින බිය හා සැකය අපට ඇති ප‍්‍රශ්නයකි. නොයෙක් රටවල්, නොයෙක් බලවේග ලංකාව අල්ලා ගැනීමට මාන බලනබව කියයි. එවැනි මතයක සිටින බහුතරයකගේ දරුවන් සහ ඥාතීන් ඉගෙනගන්නේත් ජීවත්වන්නේත් වෙනත් රටකය. පහල තලයේ ජන කොටසක් රට ආරක්ෂා කරගත යුතුය මිත්‍යාවෙන් රවටමින් ඔවුන්ගේ ඡුන්දයෙන් පවතින අතර ඔවුන්ට පමණක් අවස්ථා හදාගන්නා ක‍්‍රමයක් නිර්මාණය කරගෙන ඇත. අපට මෙවැනි භීතියක් සැකයක් ඉතිහාසයේ තිබුණේ නැත. අභියෝග හා අවස්ථා පැමිණියේ පිටතින්ය. මුතු, මැණික් අපනයනය, කුරුදු වෙළදාම අපට ශක්තියක් වී තිබුණි. අද අපි එවැනි තැනක නැත. ජාත්‍යන්තරයට ඇති බය නඩත්තු කරන්නේ දේශපාලනයයි. බිය අපගේ සමාජ හුරුව නොවේ. අනුරාධපර යුගයේ හෝ පොලොන්නරු යුගයේ අප ඉතා නිර්භීතය. ශක්තිමත්ය. අධිරාජ්‍යවාදීහු ලංකාව දූපතකට කොටු කරන ලද අතර පසුව අද පවතින දේශපාලනය අප සියළු දෙනා ගමට සීමා කර ඇත. මෙම සීමා පැන ජාත්‍යන්තරයට යන තරුණ පරපුරක් බිහිවෙනමින් සිටින බව පෙනේ. අපට අවශ්‍ය එම මානව සම්පත ප‍්‍රයෝජනවත් ආකාරයකට හැසිරවීමය. ලෝකයට විවෘත විය යුතු අතර ආයෝජන හෝ ව්‍යාපාර ඩැහැගැනීමට පිටස්තරයන් තැත් කරන බව කියන පටු මතවාදී දේශපාලනය තුරන්කරන්නට අවශ්‍යය.

බෞද්ධ දර්ශනයෙන් විශාල ශක්තියක් රටට ඇත. විනය එහි තිබේ. මධ්‍යස්ථ භාවය ඇත. අපට මග පෙන්වන්නේ බෞද්ධ දර්ශනයෙන්ය. වෙළදාම හා ව්‍යවසායකත්වය දහම තුළ ඇත. දේශපාලනය ආගම ඉදිරියෙන් තබා වාසියක් ලබාගන්නා අතර ආගමකින් අපට ලැබෙන දර්ශනය අප අවබෝධ කරගෙන නැත. අපට අද ඇති සටන අන්තවාදය නොවේ. අන්තවාදය බිහිකරන මෙම ක‍්‍රමය සමගය. සත්‍ය වෙනුවට මිත්‍යාව වපුරවන දේශපාලන පැලැන්ති වලට එරෙහිව අපට සටනක් ඇත. සැබෑ සතුරා හදුනාගත යුතුය. ඝෝෂාවෙන් කෑ ගහන සුළුතරයක් මෙරට බහුතරය නිහඩ කර ඇත. මාධ්‍යයෙන් එයට ලැබෙන අනුබලය ද ගැටළුවකි. අනෙක් මතවලට අවස්ථාව දෙන බව ප‍්‍රකාශ කරමින් පටු අදහස් ඇති සුළු පිරිසක් සතුටු කරන සුළු වෙළද පොලක් හදා ගෙන ඇත.

අලූත් තීරණයක් සදහා එකමුතුවක්

රට බෙදන, රට විකුණන හා රට විනාශ කරන බිය ඇති කිරීමෙන් අනාගතයක් ගොඩනගන්නට හැකියාවක් නැත. දූෂණය හා භීෂණය පුන පුනා ප‍්‍රකාශ කිරීමකින් අලූත් මතවාදයකට අවස්ථාවක් නැත. දුබලතාව ඇති කර, සමාජය බෙදා රටක් නගා සිටුවිය නොහැක. ප‍්‍රජාවගේ ශක්තිය හා බලය සදහා පුලූල් අවස්තා තිබිය යුතුය. පාක්ෂිකයන් පමණක් යැපෙන ආණ්ඩුවලින් රටට අනාගතයක් නැත. සුළු පිරිසක් අතට පමණක් අවස්ථා ලැබෙන රාමුවක . ආණ්ඩු පවතින්නේ ජනතාව ගෙවන බදු වලින්ය. බදු වලින් කොටසක් තමන්ට වෙන්කරගැනීමට ආණ්ඩු පත්කිරීම අපගේ අරමුණ වියයුතු නැත. අලූත් ධෛර්යයක් අවශ්‍යය. සෑම පුද්ගලයෙකුම සාධාරණ අවස්ථා සහිත බලවත් පුද්ගලයෙකු කළ යුතු අතර එය කළ හැකි සත්‍යයට මුහුණ දීමෙන් පමණකි. නිෂ්පාදනයක් කරන්නට අවශ්‍යය. සේවා දියුණු කළ යුතුය. ජාතික අනන්‍යතාව ඇති කිරීම තුළින් කේන්ද්‍රීය පිලිවෙලකට රට ඇතුල් කරන්නට අවශ්‍යය. අදහස් පාලනය කිරීමකින් වෙනසක් සිදුනොවේ. ජනතාව මෙම පැති ගැන තීරණයක් ගත යුතු දිනය උදා වී ඇත. බිය ඇති කර රට මුලූගැන්වීම පලක් නැත. ජාත්‍යන්තරයට බියේ ජීවත්වීම ද අනුචිතය.

ශ‍්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යාපාර කරන පිරිසට පවා අලූත් දැක්මක් අවශ්‍යය. ආණ්ඩුවෙන් යැපෙන්නට අවශ්‍ය නැත. සහන, ආධාර උවමනා නොකරන බව පෙන්වා දිය යුතුය. සාධාරණ අවස්ථා සැපයිය යුතුය. ව්‍යාපාරවලට සහාය දෙන බව පෙන්වන දේශපාලනඥයෝ ඒවායෙන් යැපෙන තැනට පත්ව සිටී. නිසි ප‍්‍රතිපත්ති හා සැලසුම් සදහා බලකළ යුතුය. දේශපාලනඥයෝ සමාජය නිහඩ කරගෙන සිටී. ව්‍යවසායකයන්ට කරුණු අවධානය කරන්නට ඉඩක් තියන්නේ නැත. රැස්වීමකට පැමිණ ඔවුන්ගේ අදහස කියා පිටත්විම නායකයන් ගේ පිලිවෙල වී තිබේ. අදහස් අතර සංවාදයක් ඇති නොෙවි. ලෝකයේ අනෙක් රටවල ව්‍යාපාර, කර්මාන්ත, විද්වත් සංසද ස්වාධීනව කි‍්‍රයා කරයි. එවැනි සිවිල් ක‍්‍රියාකාරීත්වයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අවශ්‍යය. අලූත් යුගයකට ඇතුල්වන අප සියළු දෙනා මෙම අවකාශයෙහි කොටස්කරුවෝ විය යුතුය.