09/12/2024 - ලංකාදීප
සංවර්ධනයට නිෂ්පාදන ආර්ථිකයක්
 

කොවිඞ් වසංගතයේ බලපෑම ලෝක ආර්ථිකයෙහි අර්බුද ඇති කළේය. භූ දේශපාලනය හා තාක්ෂණයේ දියුණුව බොහෝ රටවල තත්ත්වය තවත් සංකීර්ණ කර ඇත. රටවල් ගණනාවක බරපතල පෙරැුළි සිදුවිය. රාජ්‍ය නායකයන්ගේ ජනප‍්‍රියත්වය පහත වැටිණ. පහල මැදි ආර්ථිකයේ සිට වර්ධනයකට ගමන් කරමින් තිබුණ ශ‍්‍රී ලංකාව ද එම ඉරණමට ගොදුරු විය. විෂමතා තුරන් කර ඉක්මන් විස`දුම් අපේක්ෂා කරන ලද නමුත් ආර්ථිකයක් ආපසු හැරවීම පහසු වූයේ නැත. අර්බුදයෙහි පීඩනය හේතු කොටගෙන ජන ජීවිතවලට ඇති කරන ලද බලපෑම තියුණුය. අවසානයේ දී පාලකයන් කෙරෙහි එල්ල විය. බහුතරයක් උපකල්පනය කරන පරිදි අලූතින් පත්කරගත් ආණ්ඩුව ඔවුන් අපේක්ෂා කරන ලද විස`දුම් සහිත නවීන සංවර්ධිත යුගය නිර්මාණය කරනු ඇත.

අලූත් අදහස් සහිත කණ්ඩායමක් සමාජ ආර්ථික පරිවර්තනයක් ස`දහා සැලසුම් සකස් කරමින් සිටී. අනවශ්‍ය වියදම් සීමා කරන උත්සාහයකින් කටයුතු ආරම්භ කර ඇත. ආර්ථිකය රාමුවකට ඇතුළු කිරීමේ සැලැස්මක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවදුරටත් කටයුතු කරන්නට සූදානම් බව පෙනේ. මෙතෙක් අනුගමනය කරන ලද පියවර තුළ ස්ථාවර වී ඇති අතර පුලූල් පරිවර්තනයක් ස`දහා වර්ධනයක් අවශ්‍ය අතර උත්පාදනය අවශ්‍ය කෙරේ. දැනට ඉලක්ක කර ඇති පරිදි ඉදිරි වසර දහයක කාලය තුළ ශ‍්‍රී ලංකාවට ලබාගත හැකි උපරිම වර්ධනයේ සාමාන්‍ය සියයට තුනක් බව දැක්වේ. සියයට හය ඉක්මවන ආර්ථික වර්ධනයකට පියවර ගැනීමෙන් හැර ජන ජීවිතය පහසු කළ හැකි අනෙක් මාර්ගයක් නැත. එය උදෙසා නිෂ්පාදනය නැංවිය යුතුවේ. ආර්ථිකයෙහි විශාල වපරිසයකට දායකවන සේවා ආර්ථිකය තිබිය දී නිෂ්පාදන අංශය වර්ධනය කරන ක‍්‍රමවේද අවශ්‍යය.

නිෂ්පාදනය ඉහළ නැංවීමෙන් ආර්ථිකයට බලපෑම

රට තුළ පරිභෝජනයට අවශ්‍ය නිෂ්පාදනය පමණක් නොව අපනයන වෙළ`ද පොල සලකා නිෂ්පාදන අංශ දියුණු කර ගත යුතුය. දැනට වෙළ`ද පොල ස්වභාවය සලකන පසු ආහාර නිෂ්පාදන අවශ්‍යතාවයෙහි තරම අවබෝධ කරගත හැකිය. සහල්, එලවලූ, බිත්තර, පොල්, මස් සහ මාලූ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හි`ගයක් තිබේ. ඉල්ලූමට ප‍්‍රමාණවත් නිෂ්පාදනය අඩුවීම තුළ මිල ගණන් වැඩිවේ. නීති පැනැවීම හෝ මිල පාලනය මගින් වෙළ`ද පොල හැසිරවීම පහසු නැත. නිෂ්පාදනය වැඩිකිරීමෙන් පමණක් අභ්‍යන්තර වෙළ`ද පොල හසුරුවා ගත හැකිවේ. ආර්ථික අර්බුදය හේතු කොටගෙන කෘෂිකාර්මික හා කාර්මික අංශයේ විවිධ තලවල ව්‍යවසායකයන් මුහුණ පා ඇති ප‍්‍රශ්න සලකා බලා විස`දුම් ලබාදිය යුතුය. ඉඩම, ශ‍්‍රමය, නවීන තාක්ෂණය භාවිතාකර පිරිවැය අඩුකරගැනීම, ඇසුරුම් හා ප‍්‍රවාහනය සහ විශේෂයෙන් වගාකරන ප‍්‍රමාණය සලකා බලා වෙළ`ද පොල සමතුලිත කරන මැදිහත්වීම වැදගත්ය. පුද්ගලික අංශය මෙම කටයුතුවල දැනටමත් නිරතව සිටී. විවිධ පර්යේෂණ හා දත්ත රජය සතුව ඇත. නිවැරදි ප‍්‍රතිපත්ති අනුව මෙකී අංශ තුළ කටයුතු කරන්නට පහසුකම් සැපයීමම ආණ්ඩුවේ වගකීමකි.

ශ‍්‍රී ලංකාව මුහුණ දී ඇති මූලික ප‍්‍රශ්නය ආදායම පිරිහීම බව පෙන්වා දිය යුතුය. බදු වැඩි කිරීම උත්තරය නොවේ. නිපදවන දේ අපනයනය හා එයින් ආදායම් උත්පාදනය ඉලක්කය විය යුතුය. සංචාරක, විදේශ විනිමය පේ‍්‍රෂණ, ඇ`ගළුම් හෝ තේ වැනි අංශවල ආදායම සීමා සහිතය. අලූත් කර්මාන්ත හා ව්‍යාපාර මගින් ජාත්‍යන්තර වෙළ`ද පොලට ඇතුළුවන පැති අවශ්‍ය කෙරේ.

අඩු පිරිවැයකින් සහ උසස් ප‍්‍රමිතියක් සහිත නිෂ්පාදනවලට ජාත්‍යන්තර ඉල්ලූමක් තිබේ. සුළු හා මධ්‍ය පරිමාන නිෂ්පාදකයන් වැදගත්ය. නමුත් අලූත් තාක්ෂණය, තොරතුරු සන්නිවේදනයේ වාසිය ලබාගන්නා අතර අපනයන වෙළ`දාම සලකා නිපදවීම ස`දහා මහා පරිමාන ව්‍යවසායකත්වය වැදගත්ය. මෙකී වුවමනාව සාක්ෂාත් කරන්නට සමත් ප‍්‍රබල දේශීය ව්‍යවසායකත්වක් රටට නැත. මෙම අවස්ථාවේ දී ශ‍්‍රී ලාංකේය සහ විදේශීය සම්මිශ‍්‍රණයකින් යුතු නිෂ්පාදන උපායමාර්ගයක් අනුගමනය කළහොත් අලූත් ශක්තියක් රටට ලබාගත හැකි වේ.

ධනවාදී ක‍්‍රමය තුළ දෙමංසලක් ඉදිරියේ

අතීතයේ පැවැති ආර්ථික ක`දවුරු දෙක වර්තමානයේ දී නැත. තර`ගකාරීත්වය ඉහළම සාධකය වී තිබේ. චීනය, ඉන්දියාව, ජපානය, ඇමරිකාව, වියට්නාමය, දකුණු කොරියාව වැනි රටවල් තීන්දු ගන්නා හැටි අධ්‍යයනය කළ යුතුවේ. ඇමරිකාව සමග වෛරයක සිටි වියට්නාමය අද ආර්ථික ක‍්‍රියාවලියේ දී ඇමරිකානු සහාය සහිතව පසුවේ. පසුගිය දා අවසන් වූ ජනාධිපතිවරණයෙන් පසු බලයට පත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් පැරණි සාධක පැත්තකින් තබා කෙලින්ම රටවල් සමග ගනුදෙනු කරන්නට සූදානම් බව දක්වයි. ඇමරිකාවෙන් මිල දී ගන්නා භාණ්ඩවලට බදු අයකරන ප‍්‍රතිශතය අනුව ඇමරිකාවට අපනයනයේ දී ඒ හා සමාන බද්දක් පනවන බව අ`ගවා ඇත. මෙතෙක් පැවැති වෙළ`ද ගිවිසුම්, බදු රහිත වෙළ`දාම, දියුණුවන රටවලට ලැබන සහන අහෝසිවන බව පෙනේ. කෙටි ඉතිහාසයක් තුළ ඇමරිකාව දැවැන්ත ආර්ථිකයක් බවට පත්වීම තුළ වරින්වර අනුගමනය කරන ලද ජවාධික ධනවාදී ආර්ථික උපක‍්‍රම ඇත. ධනවාදී ක‍්‍රමය සාධාරණ නැත. මානුෂික නැති බව පිලිගැනේ. නමුත් ධනය නිදපවියහැකිය. ධනවාදයට ඉඩ දෙන අතර සාධාරණ රාමුවක් ඇති කරන්නට ආණ්ඩු සමත්විය යුතුය. පීඩාවට පත්වන කොටස තෝරා උපයන ධනයෙන් කොටසක් සමාජය ඔසවන ක‍්‍රමවේදවලට යෙදවීම ආණ්ඩුවක වගකීමකි.

මුල් කාලයේ ඇමරිකාවට සංක‍්‍රමණය වූ රොකෆෙලර් එරට ඛනිජ තෙල් කර්මාන්තය ආරම්භ කළේය. ඇන්ඩෲ කානගී යකඩ කර්මාන්තයට ප‍්‍රවේශ විය. කොනෝලියස් වැන්ඩබිල්ට් දුම්රිය මාර්ග තනන ලද අතර ජේ. පී මෝර්ගන් මුල්‍ය අංශයේ ආරම්භකයාය. උපක‍්‍රමශීලීව දැවැන්ත ධනයක් නිර්මාණය කළ මෙම ව්‍යවසායකයන් ධනය උපයන ලද ක‍්‍රමය ගැන විවේචන තිබේ. දුප්පතුන්ගේ ශ‍්‍රමය සූරාකෑම සහ අවස්ථා අත්පත්කරගත් විලාසය ගැන චෝදනා ඇත. නමුත් මෙම ව්‍යවසාය හේතු කොටගෙන ධනය බිහිවිය, රැුකියා ලැබුණි. ආණ්ඩුවලට බදු උපයාගත හැකි විය. අනෙක් අතට මෙම ධනවතුන් ගේ පරිත්‍යාග හේතුවෙන් විශ්ව විද්‍යාල, රෝහල් ඉදිකෙරිණ. ධනය නැවත සමාජයට ලැබණි. ඇමරිකාව හරහා යුරෝපයට දුම්රිය මාර්ග තනා එකල සිහිනෙන් හෝ හිතන්නට බැරි නිෂ්පාදන ප‍්‍රවාහන ක‍්‍රම ඇති කරන ලද එවැනිම ව්‍යවසායක කණ්ඩායමක් පිරිවරාගෙන ඇමරිකාව මෙකල තවත් වටයකින් ඉදිරි පිම්මක් සැලසුම් කරමින් සිටී.

ඇමරිකානු රජය සතුව තිබුණ අභ්‍යවකාශ තරණය පුද්ගලික අංශය අතට ගෙන ඇති අතර මිනිස් ප‍්‍රජාව ග‍්‍රහලෝක ගණනාවක ජීවත්වන තැනට පත්කරන සිහිනයක ටෙස්ලා, හයිපලූප් හා ස්පේස් එක්ස් සමාගම්වල නිර්මාතෘ ඊලෝන් මස්ක් පසුවේ. ජෙෆ් බිසෝස්, පීටර් තීල්, මාරක් සුකර්බර්ග්, වොරන් බෆට්, බිල් ගේට්ස් ඇතුළු පිරිස් දැවැන්ත පරිවර්තනයක සංකල්පධාරීහු වෙති. පැවැත්ම වෙනස් කරන අතර මනුෂ්‍යයා පරාජය කරන කෘතීම බුද්ධිය නිර්මාණය කර අදට වඩා දියුණු ක‍්‍රමවේද හදන්නට වෑයම් කරති. සමාන සමාජයක, ¥පත් මානසිකත්වය හෝ ගෝලීය සමාජයක කොටස්කරුවෙකු වන දෙමංසල ශ‍්‍රී ලංකාවට ඉදිරියෙන් ඇත.

ඉහළ මැදි ආදායම් රටක් ස`දහා බරපතල තීන්දු

කුඩා ආර්ථිකයක් සහිත ශ‍්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට හැරවීමේ දී, නවීන ආර්ථික ක‍්‍රමෝපායයන්ට ගැලපෙන තීරණ ගැනීමට සිදුවේ. සම්ප‍්‍රදායිකව විනිමය උත්පාදනය කරන තේ, රබර් හා පොල් වැනි කෘෂිකාර්මික අපනයන හෝ ඇ`ගළුම් වැනි නිෂ්පාදන ඔස්සේ ගමන් කළ හැකි උපරිම තැනට පැමිණ ඇත. විදේශ රටවලට ලාංකේය ශ‍්‍රමිකයන් සැපයීමෙන් ද රට දියුණු කළනොහැකි බව දැක්විය යුතුය. මුලික අවශ්‍යතා සපුරාගැනීම ස`දහා විදේශ විනිමය උත්පාදනය කළ යුතුය. සංවර්ධන අවශ්‍යතා ස`දහා ධනය උත්පාදනය කළ යුතුවේ. මහජනතාව බලාපොරොත්තුවන සහන වෙනුවෙන් ආර්ථිකයක් බිහි කිරීම අවශ්‍යය. රුකියා උත්පාදනය ස`දහා ක‍්‍රියාමාර්ග ගැනීමත්, සමාජ පරතරය හා ආදායම් විෂමතා තුරන් කර පියවර ස`දහාත් විකල්ප තීන්දුගත යුතුව තිබේ.

දැනට පවතින තත්ත්වයෙන් තවදුරටත් පැවැතිය නොහැක. අවුරුදු දෙකක් තුළ සියයට දහයක ප‍්‍රතිශතයකින් පහතට වැටුණු ආර්ථිකයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන සියයට තුනක ආර්ථිකයකින් තෘප්තිමත් කිරීම අපහසුය. බලශක්තිය, ප‍්‍රවාහනය, සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු අංශවල වෙනස්කම්වලට අවතීර්ණ නොවුනහොත් පවතින සමාජ ස්ථාවරභාවය යළිත් අසමතුලිත විය හැකිය. නිෂ්පාදන ආකෘතියක් ඇති කර එයට අවශ්‍ය පහසුකම් සැපැයීමෙන් පසු මංකොල්ලකාරී ව්‍යාපාරික පැලැන්තියක් ඇති වන බවට භීතියක් ඇති කරගතහොත් ¥පතක, කුඩා ආර්ථිකයක තව දුරටත් පවතිනු ඇත. එහි දී සැලකිය යුතු දියුණුවක් රහිතව මධ්‍යම පාන්තිකයන්ට ඉහිලිය නොහැකි සංකීර්ණතා සහිතව පවතින්නට ඉඩ තිබේ.

ජාත්‍යන්තරයේ ඇති අලූත් ආර්ථික බලවේග අතරින් රටට හා සංස්කෘතියට ගැලපෙන, අනන්‍යතාව ආරක්ෂා කරන ව්‍යවසායකයන් සලකා ව්‍යාපාර ස`දහා ඉඩදෙන තීරණ ගැනීම අවශ්‍යය. ඛනිජ සම්පත්, මිනිරන් වැනි අංශවලට ඇතුළුවිය හැකිය. විදුලිය, වරාය, තොරතුරු තාක්ෂණය, වැනි අංශ වලට නැඹුරු විය යුතුවේ. බුලට් දුම්රිය, රියැදුරු රහිත වාහන, ඉලෙක්ටික් ක‍්‍රමවේද සහිත අලූත් යුගයකි. මෙම අංශ ස`දහා මෙරට සම්පත් භාවිතා කිරීම වැදගත්ය.

කර්මාන්ත කලාප ස්ථාපනයට ඉන්දීය පියවර

සියයට හතක ආර්ථික වර්ධනයක සිටින ඉන්දියාව සියයට දහයක ආර්ථික වර්ධනයක් ස`දහා සැලසුම් වෙනස් කරමින් සිටී. පසුගිය දා ඉන්දියන් ආණ්ඩුව නිදහස් කර්මාන්ත කලාප දොළහක් ප‍්‍රකාශයට පත් කළේය. තමිල්නාඩුව දැවැන්ත කර්මාන්ත ව්‍යුහයක් නිර්මාණය කර ඇති අතර සම්පූර්ණයෙන්ම අපනයනය ස`දහා ඉලක්ක කර තිබේ. පාවහන් නිපදවන ජාත්‍යන්තර සමාගම් මෑතක දී ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ආයෝජනයයක් එහි කර ඇත. රුසියාව සමග වෙළ`දාම දියුණු කරගෙන ඇති ඉන්දියාව එරටින් ගෙන්වන බොරතෙල් පිරිපහදු කර යුරෝපයට අපනයනය ආරම්භ කර ඇත. අවුරුදු දෙකකට කලින් රැුසියාවෙන් තෙල් බැරලයක් හෝ මිල දී ගත්තේ නැති ඉන්දීය ආණ්ඩුව දැන් යුරෝපයට වැඩිම පිරිපහදු ඛනිජතෙල් ප‍්‍රමාණයක් අපනයනය කරන රට බවට පත්ව ඇත. ලෝකයේ ගැටුම්වලින් අවස්ථා අහිමිවන අතර අලූත් අවස්ථා ඇති කරගැනීම ඉදිරියේ ඉන්දියාව අපට ගලපා ගත හැකි කදිම උදාහරණයකි.

ලෝක වෙළ`ද පොල පිලිබ`දව සලකා බලන පසු ඉන්දියන් සාගරයේ ශ‍්‍රී ලංකාවේ පිහිටීම වැදගත්කමක් සහිතය. අධිරාජ්‍යවාදීන් පවා මෙම පිහිටීමෙන් වාසි අත්පත් කරගෙන තිබේ. වරාය, ගුවන් තොටුපොල, බලශක්ති සම්පාදනය වැනි අංශ ස`දහා දකුණු ආසියාවේ ප‍්‍රධාන හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන් ශ‍්‍රී ලංකාවට අනාගතයක් තිබේ. කොළඹ වරාය දියුණු කළ යුතු අතර තාක්ෂණය භාවිතා කර මෙහෙයුම් වේගවත් කිරීම වැදගත්ය. කාර්යක්ෂමතාව සේවා ආර්ථිකයක දී ප‍්‍රධාන සාධකයකි. එක පැත්තකින් කර්මාන්ත ස`දහා යටිතලය ඇති කර ආයෝජන කැ`දවන අතර වරාය හා ගුවන්තොටුපොල සේවා පුලූල් කිරීමෙන් පවතින කුඩා ව්‍යුහය ප‍්‍රසාරණය කළ හැකිවේ.

ඇමරිකානු ව්‍යවසායකයන් ග‍්‍රහලෝකවල ජනාවාස ඉලක්ක කරන යුගයක කොළඹ සිට තමිල්නාඩුවට දුම්රිය මාර්ගයක් තැනීමට බාධා තිබිය යුතු නැත. යාපනයේ ජනතාව දිනාගන්නට සමත් වූ ආණ්ඩුව උතුරු නැගෙනහිර ජනතාවගේ ආර්ථික අවශ්‍යතා සලකා ඉන්දු ශ‍්‍රී ලංකා ගොඩබිම් මාර්ගය තනා අලූත් යුගයකට ඇතුළුවුවහොත් දැවැන්ත ආර්ථිකයක් නිර්මාණය කරනු නිසැකය.

මෙහි දී, කර්මාන්ත හා ව්‍යාපාරවල ආයෝජනයට ජාත්‍යන්තර සහාය ලබාගත හැකි අතර ආර්ථික ප‍්‍රතිසංස්කරණ සමග නිසි පියවර ගතහොත් කර්මාන්ත හා ව්‍යාපාර ඇති කර රට අලූත් යුගයකට ඇතුළු කළ හැකිය. ව්‍යවසායකත්ව පරිසරය වෙනස් කරන රාමුව තුළ දේශීය කර්මාන්ත හා කොන්ත‍්‍රාත්වලට ද අලූත් නිෂ්පාදන ක්ෂේත‍්‍ර හා සැපයුම් පරිසරයක් සැකසෙනු ඇත. විශාල කර්ාන්ත හා ව්‍යාපාරවල ආයෝජනය පුද්ගලික අංශයට පවරා එහි ප‍්‍රතිපත්ති හා නියාමනය ආණ්ඩුව භාරගත යුතුවේ. එයින් බැහැර විකල්පයක් නැත. මානව සම්පත ශ‍්‍රී ලංකාවේ ඉහළම වත්කම බවට පත්කරගත හැක. වෙනත් රටවල සේවය කරන වෘත්තිකයන් කැ`දවිය හැකි වන අතර වහාම රට හැර යන්නට වෑයම් කරන තරුණ පිරිස නතර කරගත හැකිවනු ඇත.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට දැක්වීමෙන් සංවාදයකට එකතු විය හැකිය.

මිලින්ද මොරගොඩ