08/09/2015 - ලංකාදීප
ජිනීවා අභියෝගය ජයගන්නේ කෙසේද?
 

ශ‍්‍රී ලංකාවේ සමාජ දේශපාලන මුහුණුවර පරිවර්තනයකට ලක්වෙමින් තිබේ. මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයෙකු වශයෙන් ජනාධිපති ධුරයට පත්වීම පමණක් නොව අටවැනි පාර්ලිමේන්තු සැසිවාරය ජාතික සමගි සම්පන්න එකක් බවට පත් කර ගැනීම ද විශේෂිත තත්ත්වයකි. ඡන්ද වේදිකාවේ දී මත ගැටුම් පැවැති නමුත් රාජ්‍ය පාලනයේ දී නායකයන් වශයෙන් ක‍්‍රියාකරන්නට දේශපාලනඥයන් සමත් බව පෙන්නුම් කර ඇත. ඡන්දය දිනන්ට ප‍්‍රතිවිරුද්ධ ක`දවුරු වල සටන් කළ නමුත් ඡන්දයට පසු පෙන්වන්නේ සන්සුන් බවයි. අගමැති දිවුරුම් දෙන අවස්ථාවට හිටපු ජනාධිපතිවරයා පැමිණීම, වත්මන් ජනාධිපතිවරයා ගේ ලෙන්ගතු පිළිගැනීම රට තුළ වැදගත් සංකේත සේ සැලකිය හැකිය. ජාත්‍යන්තර ප‍්‍රජාව මෙම අලූත් අවකාශය දෙස බලා සිටින්නේ විමසිලිමත්වය. මෙම පසුබිම තුළ ජිනීවා නුවර දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මුණ ගැසෙන්නට නියමිතය. 2014 වසරේ පැවැති විසි පස් වැනි සැසි වාරයේ දී පමණක් නොව 2012 වසරේ දී ද, රටට එරෙහිව මානව හිමිකම් ගැටලූව සාකච්ඡා කළේය. මානව හිමිකම් සාක්ෂි විමසා බලා කරුණු ඉදිරිපත් කරන්නට පත් කරන ලද කමිටුව විශේෂ වාර්තාවක් සකස් කර තිබේ. එම වාර්තාව සැප්තැම්බර් සැසි වාරයේ දී අවධානයට ගැනෙනු ඇත. ත‍්‍රස්තවාදය පරාජය කර සාමකාමී රටක් ප‍්‍රාර්ථනා කරමින් සිටි සමාජයට ජාත්‍යන්තර බලපෑම් හමුවේ සිදුවිය හැකි අනතුර අවධානය ගත යුතුය. පවතින නව ප‍්‍රවේශය ශ‍්‍රී ලංකාවේ අභිමානය, ගෞරවය සහ අලූත් ආරම්භයක් වෙනුවෙන් ධෛර්යය උපදවන ආකාරයට පරිවර්තනය කරගන්නේ කෙසේද යන්න විමසා බැලීම වැදගත්ය.


මානව හිමිකම් කවුන්සලය සහ දේශපාලනය

මානව හිමිකම් කවුන්සිලය, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සාකච්ඡා සභාවකි. රටට එරෙහිව නෛතික තීන්දුවක් ගැනීමේ බලතල එයට නැත. මානව අයිතිවාසිකම් පිළිබ`ද අන්තර් ජාතික ගිවිසුම් වලට අනුව අත්සන් කරන ලද රටවල්, ඒ අනුව ක්‍රීයාකරන්නේදැයි සොයාබලන අයිතියක් කවුන්සලයට තිබේ. මානව හිමිකම් යෝජනාවක් ඉදිරිපත් කර එය සම්මත වුවහොත් ජාත්‍යන්තරය ඉදිරියේ රට අපහසුවට පත් වෙයි. මෑත කාලය තුළ මානව හිමිකම් සම්බන්ධව කරුණු විභාග කරන සෑම අවස්ථාවකම චෝදනා එල්ලවන්නේ දියුණුවෙමින් පවතින රටවලට විරුද්ධවය. චෝදනාව ඉදිරිපත් කරන්නේ බටහිර බලවත් රටවල්ය. ඇමරිකාව, බි‍්‍රතාන්‍ය වැනි රටවල් වල ක‍්‍රියාකලාපයන්ට විරුද්ධව යෝජනා ඉදිරිපත් කරන්නේ නැති අතර ඇෆ්ගනිස්ථානය, ඉරාකය හෝ මැදපෙරදිග වෙනත් රටක සිදුකරන ලද ඇමරිකානු මැදිහත්වීම් විභාග නොකරන්නේ මන්දැයි රට තුළ විමතියක් ඇත. ඉරානය හෝ සිරියාව වැනි රටවලට බලපෑම් කරන නමුත් සවුදි අරාබිය, බහරේන් වැනි රටවල මානව හිමිකම් පිළිබ`ද ප‍්‍රශ්න විභාග කිරීමට උත්සාහ නොකිරිම ගැන මෙරට සමාජයට මතයක් තිබේ. බටහිර මේ ආකාරයට ක‍්‍රියා කරන විට එහි අභ්‍යන්තරය සහ බලවත් රටවල දේශපාලනය, තේරුම් ගැනීම අවශ්‍යය. ස්වභාවය නැඹුරු වෙන්නේ බලවත් රටවල ආණ්ඩුවල තීරණ බලපැවැත්වීමෙන් පමණක් නොව එම තීරණගන්නට තුඩු දෙන මත ඇති කරන ජන පීඩනය, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු පැතිවල බලපෑම පදනම් කරගෙනය. එවැනි සංකීර්ණ විශාල ව්‍යුහයක් සමග සටන් කිරිම කුඩා රටක් වශයෙන් ශ‍්‍රී ලංකාවට පහසු නැත. කළ යුත්තේ යථා ස්වභාවය පෙන්වා දී ජාත්‍යන්තරයට පැහැදිලි අවබෝධයක් දෙන්නට උත්සාහ කිරීමය.

මානව හිමිකම් ගැන සොයා බලන්නට ජාත්‍යන්තර ක‍්‍රියාදාමයක් අවශ්‍ය බව ජාත්‍යන්තරයේ එක්තරා කොටසකගේ මතයකි. කි‍්‍රයාදාමය ස`දහා ජාත්‍යන්තරය මැදිහත් විය යුතු බවට මතයක් උතුරේ දෙමල සංවිධාන අතුරින් යම් කොටසක් ද දක්වයි. දේශීය යාන්ත‍්‍රණයක් ගැන විශ්වාසයක් නැති බව ඇතැමෙකු ගේ මතයකි. දකුණේ තවත් කොටසක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට එරෙහිව යුද වැදුන සමයේ හමුදා කටයුතු පිළිබ`දව විභාග කිරිමට එරෙහිව සිටී. මෙවැනි බෙදීම් වලින් ප‍්‍රයෝජන ගන්නේ මෙරටට බලපෑම් කිරීමට පුන පුනා බලා සිටින ජාත්‍යන්තරයේ කොටසකි. රට තුළ සියලූ පාර්ශව එකතු කරගෙන පොදු අදහසක් ක‍්‍රියාත්මක කිරිම ශ‍්‍රී ලංකාවේ එකම උපාය විය යුතුය. උද්ගත වී ඇති තත්ත්වය හා එහි ආදිනව සමාලෝචනය කර, සියලූම දෙනා එක මතයකට හෝ එක ප‍්‍රවේශයකට ගොනු කරගැනීම ඉතාමත් වැදගත්ය. එකී කාර්ය භාරය උදෙසා රට තුළ විද්වත් සංවාදයක් ඇති කිරීම අවශ්‍යය.


සංහිදියාව සහ වගවීම

යුද ගැටුම් අවසන්ව අවුරුදු හයකි. එදා දරුණු යුද්ධයක් තිබූ රට අද වන විට විශාල වශයෙන් වෙනස් වී තිබේ. උතුර සහ නැගෙනහිර පලාත්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන මැතිවරණ තුනක් පවත්වා ඇත. එකක් පලාත් සභා මැතිවරණයයි. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය රට පුරා එකවර පවත්වන්නේ අවුරුදු තිහකට පසුවය. ඉකුත් කාලය තුළ දකුණට වඩා සංවර්ධනයක් සිදුවූයේ උතුර නැගෙනහිර කලාපයේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී වරප‍්‍රසාද භුක්ති වි`දින්නේ රටවැසියන්ය. මෙම ප‍්‍රවනතාව ඉදිරියට ගෙනයාම උදෙසා රටට අවශ්‍යව ඇත්තේ සංහිදියාවය. නමුත් ජාත්‍යන්තරය අතීතය උදෙසා වගවීමකට බලකරයි. අතීතයේ සිද්ධි විමර්ෂණය කර, ඒවා විභාග කර ද`ඩුවම් හෝ සමාව දෙන ක‍්‍රියාපටිපාටියක් යෝජනා කරයි. ඉතිහාසයේ සාක්ෂි විමසමින් ඛේදවාචක ගැන සුසුම් හෙලනවා ද නොඑසේනම් අනාගතය දෙස අභියෝගාත්මකව සලකා රටක් වශයෙන් නැගී ඉදිරියට ගමන් කරනවාද යන්න තීරණය කළ යුතුය. ඉකුත් දශක තුන තුළ ශ‍්‍රී ලංකාවට අහිමි වූ අවස්ථා, අප‍්‍රමාණ බව පැහැදිලිය. අද මුහුණ දෙන ආර්ථික සහ සමාජ ගැටලූවලට මුල ත‍්‍රස්තවාදයයි. ත‍්‍රස්තවාදය නොතිබුණ, විවෘත ආර්ථිකයේ අවස්ථා ප‍්‍රයෝජනයට ගන්නා රටක් වශයෙන් නැගී සිටින්නට හැකි වූවා නම් අද මෙරට සමාජ පසුබිම මෙයට වඩා සහමුලින්ම වෙනස් එකකි.

ත‍්‍රස්තවාදය පරාජය කරන අවස්ථාව සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියාමාර්ග අනුගමනය කර ද`ඩුවම් දෙන තීරණයකට රටට එක`ග විය හැකිද? එවැනි ද`ඩුවම් වලට යටත් වන්නේ කවුරුන්දැයි අප විමසා බැලිය යුතුය. ජාත්‍යන්තරය බලාපොරොත්තු වන සත්‍ය කොමිසම වැනි ව්‍යුහයක් හමුවට පැමිණ කතාකරන්නට සහ සිද්ධි ප‍්‍රකාශ කර ඒවාට සමාව ඉල්ලන්නට හෝ සමාව දෙන්නට මෙරට සමාජ ආගමික ව්‍යුහය තුළ පසුබිමක් තිබේද? එවැනි කොමිසමක් මෙරට පවතින සමාජ සංස්කෘතික ව්‍යුහයට බද්ධ කරගැනීම පහසු එකක්ද? පැරණි දේ මතුකර, නැවත බෙදීම් වලට මග පාදා ගැනීම තුළින් තවත් ගැටලූ ඇති කරගැනීමක් විනා සංහිදියාවක් අපේක්ෂා කළ නොහැකිය. එය ජාත්‍යන්තරයට අවබෝධ තර දෙන්නේ කෙසේද? ඉකුත් රජය විද්වත් පිරිසකගේ සහභාගීත්වයෙන් උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන ජනාධිපති කොමිසමක් පිහිටුවීය. එහි ඇතැම් යෝජනා සාධනීය ආකාරයට ක‍්‍රියාත්මක වූ නමුත් සියලූම යෝජනා ඉටු කිරීමට සමත් වූයේ නැත. එම කොමිසමේ ඇති නිර්දේශ බොහොමයක් කි‍්‍රයාත්මක කර රට තුළ සහ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කළ හැකිය. ඉදිරියට මෙවැනි දේ සිදු නොවන තැනට තදබල වගවීමක් එයින් පෙන්වා දිය හැකිය. මේ ස`දහා රට තුළින් කි‍්‍රියාමාර්ගයක් නොගන්නේ නම් ශ‍්‍රී ලංකාවට එරෙහිව තද ස්ථාවරයක සිටිය යුතු බව සමහර රටවල මතය වී තිබේ. එවැනි බලපෑමකට අවනත වුවහොත් එතැනින් දොරටුව විවර කරගන්නා ජාත්‍යන්තරය, ශ‍්‍රී ලංකාව තමන්ට රිසි පරිදි මෙහෙයවන රටක තත්ත්වයකට පත් කර ගත හැකි බව විද්වතුන්ගේ අවධානයට ලක්ව ඇති කාරණයකි.


ආගමික සහජීවනය සහ සමාජ විනය

ත‍්‍රස්තවාදයෙන් මිදී, සාමකාමී සමාජයක් ගොඩනැගෙන අවස්ථාවක, ජාත්‍යන්තර පරිසරය පමණක් නොව රට තුළ ඇති ස්වභාවය ද පුලූල්ව සාකච්ඡා කරන්නට අවශ්‍යය. එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය රට මුහුණ දුන් බැරූරුම් තත්ත්ව අතරින් එකක් පමණකි. උතුරු පලාත ඒ ස`දහා සංකේතය නම්, දකුණ දරුණු අරගල තුනකට මුහුණ දුන්නේය. 1971 දී සහ 1987 දී කැරළි දෙකකි. උතුරේ සන්නද්ධ අරගලය උතුරේ පමණක් නොව දකුණේ ජන ජීවිතය බලවත් දුෂ්කරතාවයකට පත් කළේය. ජනී ජනයාගේ ජීවිත දේපොල ආරක්ෂාකර යළි සාමය ස්ථාපිත කරන්නට එවකට පැවැති සෑම ආණ්ඩුවක්ම කි‍්‍රයා කළේය. 1971 සහ 1987 පැවතුන දකුණේ සන්නද්ධ අරගල මැඩපවත්වන ලද්දේ තද නායකත්ව යටතේ බව රහසක් නොවේ. එවකට තිබූ ආණ්ඩු ගත් තීරණ හමුවේ ආපසු හැරී, කැළැල් ගැන වේදනාවෙන් කතා කරන්නට ජාත්‍යන්තරය බල නොකළා මෙන්ම දකුණ සූදානම් වූයේ නැත. සමාජය ඇත්ත අවබෝධ කරගෙන ඉවසමින්, ඉදිරිය බලන්නට සමත්විය. එවැනි ඉවසීමකට ගමන් කළේ අභ්‍යන්තර විවේචනයක් පමණක් නොව තරුණ අසහන කොමිසම වැනි අංශ තුළින් කරන ලද යෝජනා වලට අනුකූල වෙමින්ය. අද වන විට දකුණේ බලපවත්වන ලද, ආයුධ සන්නද්ධ ව්‍යාපාර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයට එකතු වී තිබේ. නොයෙක් ඝාතන සහ විනාශ ගැන චෝදනා ආණ්ඩුවේ හමුදා වලට පමණක් නොව කැරළිකරුවන්ට ද තිබුණි. නමුත් ඒවායේ ඇතැමි පැති අධිකරණයෙන් ද තවත් ඒවා සමාජ සම්මුතියෙන් ද විස`දාගෙන තිබේ. වැදගත්ම සාධකය එයයි. උතුරේ ත‍්‍රස්තවාදය මර්දනය වූයේ ද එයට වෙනස් රාමුවක නොවේ. උතුරේ ජනතාව අතරින් බහුතරයක් එය වටහා ගෙන ඇත. උතුරේ සන්නද්ධව සිටි කණ්ඩායම් පවා ක‍්‍රමානුකූලව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සිය අභිමතාර්ථ කෙරෙහි නැඹුරුවෙමින් සිටී. දකුණ සිය වේදනාව සමනය කරගෙන අතීතය අමතක කරන්නටත්, සාමකාමී අනාගතයට මුහුණ දෙන්නටත් සූදානම් නම් උතුර එයට වෙනස් ගමනක් ස`දහා යොමුකරන ජාත්‍යන්තර පෙළඹවීමක් ඇතිවෙන්නේ කෙසේද? මෙම වැදගත් ප‍්‍රශ්නය විවෘතව සාකච්ඡා කළ යුතුය.

දකුණට නැති උතුරට පමණක් පැන නැගෙන තත්ත්වය මෝදුවෙන්නේ උතුරේ අන්තවාදී දේශපාලනය සහ ඩයස්පෝරාවේ බලපෑම් හේතුවෙන් බව පැහැදිලිය. යුද තත්ත්වය මත රට හැර ගිය මිලියනයකට ආසන්න දෙමල ඩයස්පෝරවක් ලෝකය පුරා ජීවත් වෙති. ඔවුන් ස්වකීය මවුබිම ගැන අවධානයෙන් බලාසිටින ජන කොටසකි. ඔවුහු තමන් මුහුණ දුන් අවාසනාවන්ත තත්ත්වය ගැන බලවත් වේදනාවකින් පසුවෙති. මෙම ප‍්‍රශ්නය රට මුහුණ දී ඇති ප‍්‍රබල එකකි. එහිලා ජාත්‍යන්තර මත ගොඩනගන, තින්දු ගැනීමේ ව්‍යුහයට බලකරන අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධාන හා ජාත්‍යන්තර මාධ්‍ය කාර්ය භාරය ද සු`ථ කොට තැකිය නොහැකිය.

මානව හිමිකම් කවුන්සලයේ යෝජනාවට විකල්ප දේශීය අනන්‍යතාවය ඇති අලූත් යමක් ඉදිරිපත් කරන්නට අපට අවස්ථාවක් ඇත. එය රට තුළ බලපවත්වන යුක්ති ධර්මය පෙරටු කරගෙන ඉදිරියට ගත හැකිය. සමාජ විනය ඇති කරන්නේ ආගමෙන් ඇති කරන ශික්ෂාවයි. මෙරට සියලූ ආගම්, පුරවැසියන් යහපත් ජීවිත ගතකරන්නන් බවට පත්කරන්නට මග දක්වන බව අවිවාදිතය. යුද කාල පරිච්ෙඡ්දය තුළ ත‍්‍රස්තවාදයෙන්, භීතියෙන් සහ අවිනිශ්චිතභාවයෙන් කැළඹිලි ඇති කරන ලද රට තුළ සැනසිල්ල ඇති කරන කාර්ය භාරය සැලකිය යුතු මට්ටමකින් ඉටුකරන්නට ආගමික නායකත්වයට කළ හැකිය. සර්ව ආගමික සම්බන්ධතාවය රට තුළ ඇති සුවිශේෂී තත්ත්වයකි. සියලූ ආගම්වල එකමුතුව පවතින ව්‍යුහය සමාජ සංහිදියාව යළි ඇතිකරන කර්තව්‍යට සම්බන්ධ කරගැනීම වැදගත්ය. සියලූ ආගම් එකතු වී රට තුළ සංහිදියාව ඇතිකරන, රට එකතු කර අලූත් යුගයක් වෙනුවෙන් ජන මතයක් ගොඩනැගුවහොත් එය පුලූල් බලපෑමක් කරන එකකි. ආගමික නායකයන් හා ජාතික නායකයන් ඒ වෙනුවෙන් සංවාදයක් ආරම්භ කළ යුතුය.


ජාත්‍යන්තරයට ඇත්ත පෙන්වාදීම

ත‍්‍රස්තවාදය පරාජය කරන මෙහෙයුමේ දී සාමාන්‍ය ජනතාවට අවම වශයෙන් හානියක් නොවන්නට ආරක්ෂක අංශ වෙහෙසුන බව දන්නේ මෙරට සමාජයයි. මෙහෙයුම අවස්ථාවේ ජනතාව මිනිස් පලිහක් කරගන්නට ත‍්‍රස්තවාදීන් ප‍්‍රයත්න දැරූ ආකාරය රටට මෙන්ම ජාත්‍යන්තරයට අමතක නැත. සාමාන්‍ය ජනතාව ස`දහා ඇතිකරන ලද වෙඩි නොතබන කලාප ස්ථාන වලට බලෙන් කඩා පැන, ඒවායේ ආරක්ෂාව ප‍්‍රයෝජනයට ගනිමින් හමුදාවට ප‍්‍රහාර එල්ල කළේ ත‍්‍රස්තවාදීන්ය. ත‍්‍රස්තවාදීන් එවැනි ක‍්‍රියාමාර්ග ගත්තේ හමුදා ප‍්‍රතිප‍්‍රහාර ගැන ජාත්‍යන්තර ප‍්‍රචාරයක් ගැනීමේ අභිමතාර්ථයෙන්ය. එවැනි තත්ත්වයක් තුළ, කලාපවල දොරටු විවර කළ අවස්ථාවේ දී එහි කොටුවී සිටි දස දහස් ගණන් ජනතාව ආරක්ෂක හමුදා පාලනය පැවැති ප‍්‍රදේශ වලට සරණ සොයා පැමිණි බව රහසක් නොවේ. එම පිරිස රැකවරණය සහිතව නැවත ගම්බිම් වල පදිංචි කිරීමේ මෙහෙවර පමණක් නොව හමුදාවට භාර වූ ත‍්‍රස්තවාදීන් පුනරුත්තාපනය කර නැවත සමාජ ගත කළේ ආරක්ෂක අංශයයි. සත්‍යය එය නමුත්, මුහුණ දුන් පීඩනය නිවැරදිව ජගත් ප‍්‍රජාව වෙත සන්නිවේදනය කිරීම කුඩා රටක් වශයෙන් රටට පහසු එකක් වි නැත. එම පසුබිම වටහා ගන්නට තරම් බලවත් රටවල් සාධාරණ ද නැත. සීතල යුද්ධය සමයේ තිබූ ආකාරයේම නොවෙතත් බටහිර සහ නැගෙනහිර වෙනස් ආකාරයට බෙදී තිබේ. ලෝකයේ රටවල් කලාප වලට බෙදී ඇති අතර කලාපවල බලවත් රටවලට ලෝක නායකත්වයේ යම් වගකීම් හිමිවි ඇති බව පැහැදිලිය. ඉන්දියන් සාගර කලාපයේ දී ඉන්දියානු නායකත්වය බැහැර කළ නොහැකි සාධකයකි. රට තුළ ඇති මතවාදය සහ ස්වභාවය තේරුම් කර දී ඔවුන් ද එකතු කරගෙන ජාත්‍යන්තරය කරා ගමන් කරන උපායක් අනුගමනය කිරීම වැදගත්ය.

ජනතාව හිතන ආකාරයට, මානව හිමිකම් කවුන්සලය ලෝක බලවතුන්ගේ ර`ගහලක් බවට පත්ව ඇත. කවුන්සලය හමුවේ එම රුස්වීමේ දී මතුවෙන පීඩනය අනුව බලවතා නැගී සිටින අතර කුඩා රටකට සිදුවන්නේ එහි නියමයන්ට අවනතවීමය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හමුවට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ගෙන එන්නේ රට තුළ සිදුවන සිද්ධීන්ට මැදිහත්වීමේ ලෝක අයිතිය සාධාරණ බව ඔප්පු කිරීමේ අරමුණ ඇතිවය. ආපසු හැරී බලනවාට වඩා ඉදිරිය බලා ප‍්‍රබෝධවත් අනාගතයක් සාක්ෂාත් කරගැනීම වැදගත් යැයි මතයක් ඇති කිරිම අවශ්‍යය. ඉතාම වැදගත් කාරණය, ලාංකිකයන් සමාව දෙන්නට සමත් උසස් මානුෂික ධර්මතා සහිත පිරිසක් බව ඔප්පු කිරීමයි. සාකච්ඡාවෙන්, සංවාදයෙන් ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීමට තරම් සබුද්ධියක් ඇති බව ඔප්පු කර වෛරය නැති සමාජයක් බව තහවුරු කිරීමයි. වෛරයෙන් වෛරය නැති නොවන බව මෙරට සංස්කෘතික පැවැත්මෙන් ජාත්‍යන්තරයට පෙන්වා දීමයි.

ඉකුත් ජනාධිපතිවරණය එයට ප‍්‍රවේශයක් ඇති කරන ලද්දේ යැයි ජාත්‍යන්තරයට පෙනී ගොස් ඇත්නම් මහ මැතිවරණය මගින් සියලූ පක්ෂ එකතුකර ජාතික ගැටලූ ගැන එක`ගතාවයෙන් විස`දුමකට ගමන් කරන ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් උදා කර ඇති බව පෙන්වා දිය හැකිය. පාර්ලිමේන්තු සංයුතිය සහ විපක්ෂය තෝරා ගැනීමේ ක‍්‍රියාවලිය අවංක ගමනකට ඉඩ සකස්කර ඇති බව සාක්ෂාත් කරන්නට අවශ්‍යය. විපක්ෂ නායකයා දෙමල සන්ධානයෙන් තෝරා ගැනිම ලඝු නොවන සහ හැත්තෑ ගණන්වල මෙවැනිම තත්ත්වයකින් පසු ඇති වූ ස්වභාවය අවබෝධ කරගෙන තීන්දු ගැනීම ප‍්‍රයෝජනවත්ය. උතුරේ පමණක් නොව දකුණේ ද සාධාරණ ආකාරයට විමර්ෂණය කළ යුතු ගැටලූ ඇති බව අවංකව පිළිගන්නට අවශ්‍යය. බලය බෙදා හැර ජනතා ප‍්‍රශ්න වලට විස`දුමක්, එනම් සියලූම දෙනාගේ ප‍්‍රශ්න සාධාරණව විස`දාගන්නට අවංක ප‍්‍රයත්නයක් දරන බව පෙන්වන්නට අවශ්‍යය. සමගියෙන් රැස්වි, සමගියෙන් සාකච්ඡා කර සමගියෙන් විසිර යන දර්ශනය බුදු දහම උගන්වයි. දීර්ඝ ඉතිහාසයට අනුව ආගමික නායකත්ව රටට මැද මාවත දර්ශනය ඉදිරිපත් කර තිබේ. බුදු දහමට ගරු කරන රටක් වශයෙන් එකි හරය ඔප්පු කරන්නට අපට හැකියාවක් ඇත.


ඩයස්පෝරාව දිනාගැනීම

1983 ජූලි කලබල වලින් පසු වේදනාවට පත් ඩයස්පෝරාවක් ජාත්‍යන්තරයේ ජීවත්වෙති. ඔවුන්ගෙන් ඇතැම් අය ඉතා සූක්ෂම ආකාරයට රටට එරෙහිව තොරතුරු රැස් කරති. මානව හිමිකම්, මාධ්‍ය නිදහස, දේශපාලන ප‍්‍රචණ්ඩත්වය, සිරකරුවන් අමානුෂික ලෙස සැලකීම් වැනි නොයෙකුත් දේ සම්බන්ධයෙන් මත ගොඩනගති. රට හැර යන්නට සිදුවූ දෙමල ජන කොටස අප රටේම ජන කණ්ඩායමක් නමුත් ඔවුන්ගෙන් සමහරක් අද ක‍්‍රියාකරන්නේ අතීත සිදුවීම් වලට පලිගැනීමේ ආකල්පය ඇතිවය. එය අන්තවාදීය. ඒ අය සමග ගනුදෙනු කර, මැද මාවතේ සිටින යම් කොටසක් දිනා ගත හැකිය. සම්පූර්ණයෙන් නොවේ. එය කළ හැකි වන්නේ ආගමික නායකයන්ගේ ආශීර්වාදය සහ සියලූ ආගම් එකතු වූ සර්ව ආගමික සංවිධාන ශක්තියෙන්ය. ආණ්ඩුවක් කතා කරනවාට වඩා ඉවසිල්ලකින් සවන් දෙන්නට ඉඩ තිබේ. ජාතික ආණ්ඩුවක් පමණක් නොව සියලූ ආගමික බලවේග එකමුතු වූ පසුබිමකින් ජාත්‍යන්තරය බලකරන පිඩනය එනම් ප‍්‍රශ්නයෙන් හරි අඩක් විස`දාගත හැකිය. ඉතිරි කොටස පිලිගත හැකි බලය බෙදාහැරීමේ වැඩ පිලිවෙලකි. බටහිර කරන බලපැම ප‍්‍රායෝගික නැති අතර දේශීයව ආගමික දර්ශනය මත පදනම්ව විමසිලිවත් ක‍්‍රියාමාර්ගයකට යන බව පෙන්වුවහොත් රටට අත්පත්වන්නේ වාසිසහගත තත්ත්වයකි. එය පහසු නැත. ආණ්ඩුවටත් සමස්ථ සමාජයටත් අභියෝගයකි. උතුර හා නැගෙනහිර ඇති මත සමග දේශපාලනය කිරීම භයානකය. ජාතික ආණ්ඩුව සමග ක‍්‍රියාකරන ආගමික එකමුතුවකින් ප‍්‍රශ්නය පුලූල්ව බලන්නට හැකියාව තිබේ. අතීතය හාරා වේදනාව සාකච්ඡා කිරීම වෙනුවට රටක් හැටියට ඉදිරියට බලන්නට හැකිවන්නේ එක`ගතාවයෙන් සහ අනාගතය දෙස බැලීමෙන් පමණකි. දකුණේ සිදුවූ සිද්ධි දෙකකින් එවැනි ද්‍රෘෂ්ටියකට ගමන් කරන්නට හැකි සමාජයක් සිටින බව ඔප්පු කර තිබේ. එය නැවත අත්හදා බලන්නට ආගමික සහජීවනය පෙරටුකරගත් සංකල්පයක් සකස් කිරීම සියලූ පාර්ශවයන්ගේ ප‍්‍රයත්නය විය යුතුය. විපක්ෂය ඇතුලූ සියලූ දේශපාලන පක්ෂ එම ව්‍යායාමය පෝෂණය කර ජාත්‍යන්තරයට ඉදිරිපත් කළහොත් එය ජාත්‍යන්තර මතය ජය ගැනීමට ලැබෙන විශාල අවස්ථාවකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.