08/07/2014 - ලංකාදීප
අ‍විචාර විචාරය පරාජය කරවීම - මිලින්ද මොරගොඩ
 

ශ‍්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කරන රටක් දැයි ජාත්‍යන්තර ප‍්‍රජාව ප‍්‍රශ්න කරයි. එය ප‍්‍රශ්න කිරීමකට සීමා වන්නේ නැත. විශේෂ නියෝජිතයන් පැමිණ රට තුළ පවතින තත්ත්වය නිරීක්ෂණය කරයි.මෙවැනි පසුබිමක් නිර්මාණය ආසන්න හේතුවය ත‍්‍රස්තවාදය පරාජය කිරීම බව පැහැදිලිය. යුද තත්ත්වයට පසු ජාතික ඒකාබද්ධතාවය සම්බන්ධව ගැටලූ පවතී. උතුරු පලාත් සභාව පාලනය කරන ටී.එන්. ඒ ඇතුලූ කණ්ඩායම් එහි ඇති නොගැලපෙන තත්ත්වය ගැන ජාත්‍යන්තරයට කරුණු කියයි. අවුරුදු තිහක් රට ව්‍යවසනකාරී තත්ත්වයකට ඇද දමන ලද ත‍්‍රස්තවාදය අවසන් කරන්නට පැවැති ආණ්ඩු විවිධ කි‍්‍රයා පටිපාටි අනුගමනය කළේය. ත‍්‍රස්තවාදීන් සමග සාකච්ඡා කළ අවස්ථා ගණනාවකි. අවසානයේ දී මානුෂික මෙහෙයුමකින් සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා කරන්නට ගත් පියවරඅද වන විට ජාත්‍යන්තරවිමසීමට විෂය වී ඇත.ත‍්‍රස්තවාදය මැඩ පැවැත්විය යුතු බව මෙරට සාමකාමී අහිංසක ජනතාව එක හෙලා පිළිගත් කාරණයකි. නමුත් අන්තර් ජාතික ප‍්‍රජාව එය නිසි ලෙස සන්නිවේදනය වී නැත. ගැටුම් සහිත කාලයේ දී රට හැර ගිය දැන් විදේශගතව සිටින ඩයස්පෝරාව ද වෛරයෙන් කතා කරමින් සිටී. රටවල් පමණක් නොව සංවිධාන සහ බලවේග පවා ශ‍්‍රී ලංකාවේ තත්ත්වය ප‍්‍රශ්න කරන බව පෙනේ. සමාජ ගෝලීකරණය තුළ සිදුවන දෙය එයයි. මෙම චෝදනා සහ අභියෝග වල පැති අනාවරණය වන්නේ එක් එක් පාර්ශව බලන ද්‍රෂ්ටි කෝණය අනුවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවේ ස`දහන් වන ආකාරයටරට තුළආගමික සමගියක් ද නැතැයි ප‍්‍රකාශ වෙයි. එය වලංගු කරන්නට බල කරන ආකාරයේ කණගාටුදායක සිදුවීමක් පසුගියදා අලූත්ගම දර්ගා නගරය ආශ‍්‍රිතව සිදුවිය. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. අන්තවාදය ප‍්‍රතික්ෂේප කරන මැදහත් ජනතාව එය හෙලා දුටුවේය. ජාති බේධ ඇවිලී අතිශය ඛේදජනක ඉරණමකට මුහුණ දුන් රටක් ආගම්බේධයෙන් තවත් අර්බුදයකට යා යුතු නැත.සාමාන්‍ය ජනතාව දරන මතය එයයි. ආපසු හැරී බලන විට රට තුළ තැනින් තැන ගැටුම් ඇති කරන නමුත් සමස්ථයක් වශයෙන් නොයෙක් ආගම් අදහන ජාතීන් ගණනාවක් දීර්ඝ කාලයක් රට තුළජීවත් වී තිබේ. දර්ගා නගරයේ සිද්ධිය සම්බන්ධව පුලූල් විග‍්‍රහයකට යා යුතුව ඇත. ගැටලූ ඇත්නම් සමාජය තුළ පවත්වන සංවාදයකින් විස`දුම් සොයාගත හැකිය. විවෘතව සාකච්ඡුා කර අලූත් සමාජය රාමුවක් බිහිකරගත හැකිය.ජන කොටස් අතර වෛරය ඇති කරන ගැටුම් ප‍්‍රශ්නයකට උත්තරයක් නොවේ.

සමාජය තුළ ජාතීන් අතර වෛරයක් ගොඩනගමින් සමගියක් සහෝදරත්වක් ඇති කළ නොහැකිය. දශක තුනක පමණ කාලයක් බලපවත්වන ලද යුද මානසිකත්වය රට තුළ අන්තවාදී බලවේග බිහිවන පදනම සකස් කරනලද බව වටහා ගත හැකිය. යුද කාල පරිච්ෙඡ්දයට පසු අවතීර්ණවෙමින් තිබෙන්නේ සාමකාමී යුගයකටය. සැනසිලි සහගත,විනයක් සහිත සමාජයක් කරා ගමන් කරනවිට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග ගරු කරන සහඅන්තවාදී බලවේග සමබර කරන සංවාදයක් අවශ්‍යය. තමන්ගේ මතය පමණක් නොව අනුන්ට ද සවන්දෙන ස්වභාවය ජන සමාජය තුළ තහවුරු කළ යුතුය. නමුත් අද සිදුවන්නේ එය නොවේ. යක්ෂයන් මවා පෙන්වා සමාජය භීතියට පත් කිරීමය. ජාතිබේධය ඇති කිරීමේ භයානක කම අප තවමත් තකන්නේ නැත. 1983 ජූලි සිදුවීම් රටට විශාල අනර්ථයකි. ශ‍්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ නොයක් රටවල් ජාති ආගම් බේධ මත යුද වැදී ඇත. ඉතිහාසය අධ්‍යයනය කරන විට වැඩිම මනුෂයන් පිරිසක් මරා දැමූ කුරිරු යුද්ධ වලට පසුබිම් වී ඇත්තේ ජාතිය හෝ ආගම සම්බන්ධ කරුණුය. අප රට තුළ බෙදීම් ඇති කරන්නට බලවත් හේතුවක් වී ඇත්තේ දේශපාලනයයි. දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් පොදුවේ ජනතාව බේධ කරයි. එය තමන්ගේ මනාප ප‍්‍රමාණය වැඩි කරගැනීමේ උපක‍්‍රමයකි. තමන්ගේ කොටසගේ උවමනා එපාකම් පමණක් හොයා බලන දේශපාලනඥයන් ඇති කරන්නේ බලවත් විපතකි. මනාප ප‍්‍රමාණය ආරක්ෂා කරගැනීමට ගන්නා වක‍්‍ර උපායමාර්ග ජන සමාජය තුළ බලවත් අන්තවාදී සංවිධාන බිහිකරන අතර ඒවායේ ක‍්‍රියාකාරීත්වය රටට විස`දාගත නොහැකි අර්බුද මතු කරමින් සිටී.දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් ජාතික මට්ටමින් සිතන, සහ පටු බේධ වලින් තොරව ජාතික ප‍්‍රතිපත්ති මත ක‍්‍රියාකරන් පිරිසක් කළ හැක්නම් සමාජයේ දැනට පවතින ගැටලූ ගණනාවකට විස`දුම් සපයා ගත හැකිය. ඒ ස`දහා වූ මනාප ක‍්‍රමය වෙනස් කරන යෝජනා සාකච්ඡුා කරන නමුත් ඒවා ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නොනැගෙන තාක් කල් මෙම වෛරී අදහස් සහිත අන්තවාදය පෝෂණයවන බව නොඅනුමානය. නිදහසට පසු ගතවූ කාලය තුළ රට තුළ ජාතිවාදී දේශපාලන පක්ෂ මතුවී ඇති අතර එය පාලනය කිරීමට නීති ගෙන එන්නට හැකියාවක් නැත. වැදගත්ම කරුණ දේශපාලන පක්ෂ නායකයින් පුලූල්ව අවධානය යොමු කර ජාතිවාදයක් ඇතිනොවන ආකාරයට සිය පක්ෂ පවත්වාගෙන යාමය.

ජාති බේධ වලින් විශාල අපකීර්තියක් සහ ආර්ථික විනාශයක් ඇති කරගත් රට අද ආගමික බේධයක් කරා තල්ලූ වෙමින් සිටීම අවාසනාවන්ත තත්ත්වයකි. 1800 ගණන් වල සිට යම් යම් ආකාරයට රට තුළ ආගමික ගැටුම් පැවැති බවට සාක්ෂි තිබේ. 1915 දී සිංහල මුස්ලිම් කෝලාහල ඇතිවූ විට බි‍්‍රතාන්‍ය පාලකයන් ක‍්‍රියා කරන ලද ආකාරයෙන් සිංහලයන්ට අවාසියක් සිදුවී ඇත. එය රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ දී සාකච්ඡුා වූ ආකාරය අධ්‍යයනය කිරීම අද පරම්පරාවට වැදගත්ය. දැක්මක් ඇති නායකයන් රට ගැන සිතා අදහස් පළ කර ඇති අතර අද එවැනි නායකයන් ද, පාර්ලිමේන්තුවේ එවැනි විවාද ද දුලබය.ලීක්වාන් යූ මහතා සමාජයේ බේධ ගැන මහත් අවධානයක් යොමු කළ ආසියානු නායකයෙකි. ආර්ථිකය සකස් කරන්නට ශක්තිය තිබූ නමුත් ජාතීන් අතර අසමගියක් ඇති වී අර්බුදයක් මතුවිය හැකියැයි භීතියක් තමන්ට පැවැති බව එතුමා නිතර ස`දහන් කළ කාරණයකි. එයින් පෙනෙන්නේ අන්තවාදය දක්ෂ කීර්තිමත් නායකයකයෙකුගේ සිතට පවා වද දෙන්නට සමත්ව තිබූ බවය. ලෝකයේ බොහෝ රටවල් ආගම හෝ ජාතිය පදනම් කරගෙන ආවේග මතුවෙන්නට ඉඩ දෙන්නේ නැත. එය නීතියෙන්ද`ඩුවම්කළහැකි අපරාධයකි. ඇතැම් රටවල් ජාතියකට හෝ ආගමකට විරුද්ධව වෛරී ලෙස ක‍්‍රියාකරන්නවුන් අත්අඩංගුවට ගන්නා අතර නඩු විභාග අවසානයේ සිරද`ඩුවම් හෝ පුනරුත්තාපනයට යොමු කෙරේ.පුද්ගලයන් අතර සමානාත්මතාවය ඇති කරන අතර එකිනෙකා තුළමෛත‍්‍රීය පතුරවන බවට බුදු දහම සම්බන්ධවවිශිෂ්ඨ පිලිගැනීමයි. එහි දැක්වෙන මහා කරුණා ගුණය ලෝක වාසීන්ගේ ඉමහත් ගෞරවයට පාත‍්‍රවී ඇත. බුදු දහම ඇදහිල්ලක් නොවන අතර එහි ඇති දර්ශනය අනුව ක‍්‍රියාකරන්නට ආත්ම ශක්තියක් සහ බලවත් අධිෂ්ඨානයක් අවශ්‍යය. ශ‍්‍රී ලංකාව එම අධිශ්ඨානය තිබූ රටකි. නමුත් දැන් ශ‍්‍රී ලංකාව සහ මියන්මාරය වැනි රටවල ඇතැම් පාර්ශවයන් එම ගුණ රහිතවආගමික අන්තවාදයක් කරාගමන් කරන බව පෙනේ. ජාතිය, ආගම සහ කුලය වැනි කාරණා පදනම් කරගෙන බේධ ඇතිවීම වලක්වන දැඩි වෑයමක් ලොව පුරා පවතී. නමුත් තායිලන්තයවැනි රටවලකහ ෂර්ට් සහ රතු ෂර්ට් යනුවෙන් පවා බෙදීම් ඇති කරගෙන අරගල කරන මට්ටමට පත්ව ඇති බව අවබෝධ කරගත යුතුය. බෙදීම් වලකා එක රටක් සහෝදර පුරවැසියන් ආකාරයට ආකල්ප වර්ධනය කර නොගතහොත් අනාගතය අ`දුරුය. ජාතීන්, ආගම් අතර අනන්‍ය ලක්ෂණ තිබේ. එය වටහා ගත යුතුය. මෙම ලක්ෂණ තමන්ට වඩා උසස් හෝ පහත් යැයි වර්ග කිරීම නුසුදුසුය.අන්‍ය ආගම් වල පවා යහපත් අදහස් සහ විශ්වාස පවතී. කුඩා රටක විවධත්වයෙන් යුතු අදහස් සහිත කණ්ඩායම් එකිනෙකාගේ සංස්කෘතියට සහ අනන්‍යතාවයට ගරු කළ යුතුය.

ජාති බේධ ඇති කළ ගැටුම් නිරාකරණය කරගත් රටක් ආගම් බේධ මත ගැටුම් ඇති කරගැනීම ප‍්‍රයෝජනයක් නැත. ත‍්‍රස්තවාදය හමුවේ පසුගිය වසර තිහ තුළ මෙරට සමාජය ගෙවූ වන්දිය ගැන අනාගත පරපුර සමාවක් නොදෙන බව නිසැකය. ජාති බේධයට අනාගතයේ දී සාප කරනු ඇත. දැන්වත් පාඩමක් ඉගෙන ගත යුතුය. සමාජයේ ඇතැම් කෙනෙකුට අන්තවාදය තුළ කෙටි සාධාරණයක් පෙනෙන්නට ඉඩ තිබේ. අද අන්තවාදීව සිටින තත්ත්වයට වඩා තද අන්තවාදයක් හෙට ඇති නොවුනහොත් එහි පැවැත්මක් නැත. අන්තවාදය පරාජය කරන්නට නම් රටක පුරවැසියන්ට විශාල ආත්ම ශක්තියක් තිබිය යුතුය. උණුසුම් හදවතක් සහ සියලූ අභියෝග හමුවේ පරෙස්සමෙන් තීරණ ගන්නට හැකියාව අවශ්‍යය. එම බලය ලැබෙන්නේ සමාජය තුළ පවතින සමාජ බලවේග වල පුලූල් ආකල්ප අනුවය. මෙම බලවේග නිවැරදි තීරණ ගන්නට පමණක් නොව වැරදි තීරණ ගැනීමට කි‍්‍රයා කරන පටු අවස්ථාවල දී සෘජුව නැගී සිට එය නිවැරදි කරන්නටද සමත්විය යුතුය. නොබෝදා සිදුවූ ආගමික බේධය සමග දේශපාලන තීන්දු සම්බන්ධව මහජනතාවට ප‍්‍රශ්න තිබිණ. යම් කොටසක්දුර්වල ආකාරයට හැසිරෙන විට එය දකින්නට සමත් ආගමික සහ සමාජ බලවේගයක් අද රටට අවශ්‍යය. එය සෑම ආගමක්ම නියෝජනය කරන ආගමික කවුන්සිලයක් විය යුතුය. යම් ප‍්‍රශ්නයක් දෙස අගතිගාමී ආකාරයට සමාජය උණුසුම් වන විට යථාර්ථය දක්වා ජාතික මට්ටමින් අදහස් දක්වන්නට සමත් විශිෂ්ඨ පිරිසක් මෙයට නායකත්වය ගැනීම අවශ්‍යය. මෙම ව්‍යුහය ප‍්‍රාදේශීය මට්ටම තෙක් විමධ්‍යගත කළහොත් එයින් සමාජය එකතු කර පොදු අදහස් වලින් පෝෂණය කරන්නට සමත්වනු ඇත. ජනාධිපති තුමා මෙම ප‍්‍රශ්නය සම්බන්ධව සොයා බැලීමට කොමිසමක් පත් කරන බව දක්වයි. මෙහි මුල මැද අග සොය ාබලා නැවත මෙවැනි තත්වයක් ඇති නොවන්නට ක‍්‍රියාකිරීමේ වගකීමක් එම කොමිසමට තිබේ.

වැදගත්ම කරුණ යුක්තිය සාධාරණත්වය සහ නීතිය සම්බන්ධව සමාජයේ ඇති නිර්වචනයයි. සමස්ථ තත්ත්වයේ වාසිය ඇත්තේ මහජාතියට පමණක් යැයි සිතන සමාජයක් තුළ අර්බුද බහුලය. සුළු ජාතියට, අන්‍ය ආගමිකයන්ට රට තුළ සමාන අවස්ථා සම්බන්ධ තහවුරුව ප‍්‍රායෝගිකව පෙනෙන්නට අවශ්‍යය. ගැටලූ රහිත තැන් ලෝකයේ නැත. ඒවාට විස`දුම් වශයෙන් ජාතීන් සහ ආගම් අතර බැ`දීම් ඇති කරන යාන්ත‍්‍රණ පවතින රටවල් බහුලය. ආර්ථිකය දියුණු වන විට සමාජයේ ඇති අවස්ථා පුලූල් වෙයි. ආර්ථිකයක් ප‍්‍රසාරණය වන විට සියලූ දෙනාටම එහි වාසි දැනෙන්ට පටන් ගනී. ජාති ආගම් බේධ සහ නිතර ඇතිවිය හැකි ගැටුම් තුරන් වන්නේ ආර්ථික දියුණුව සමගය. මෙවැනි පැති සලකා බලා යම් පරිවර්තනයක් සම්බන්ධව තීන්දු ගැනීමට අපට සුදුසු මෙහොත ළ`ගාවී තිබේ.

අන්තවාදී ආගමික කණ්ඩායම් අතර අද පවතින අර්බුද සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ වලට සහ දේශපාලනඥයන්ට විස`දුම් නැත. මෙම ප‍්‍රශ්න දෙස ඔවුන්ට බලන්නට සිදුව ඇත්තේ ඊළ`ග මැතිවරණයේ ඡුන්ද පදනම අනුවය. බලයට එන්නට නම් තමන්ට ශක්තියක් වන කණ්ඩායම ආරක්ෂා කරගත යුතු අතර එය තව තවත් අන්තවාදය ඇති කරන තත්ත්වයකි. දේශපාලනඥයන්, පොලිසිය සම්බන්ධ විශ්වාසය අඩු වී තිබේ.මෙය නිවැරදි කළ හැක්්කේ සමස්ථ සමාජයම පවතින ක‍්‍රමය ගැන විවේචනාත්මකව බලන්නට සමත් වන්නේ නම් පමණකි. වැරැුද්ද ඒ ආකාරයට දකින්නට සහ වැරැුදි කරුවන්ට ද`ඩුවම් කරන්නට අවශ්‍යය. එසේම පවතින දුර්වලතා සම්බන්ධයෙන් වැදගත් ආකාරයකට පෙනී සිටින සමාජ හිතවාදීන් දිරිමත් කල යුතුය.

වර්තමානයේ ලෝකය පුරා නායකත්ව චරිත බිහිවෙයි. දේශපාලන හෝ සමාජ නායකයන් අතර ඉදිරියෙන්ම සිටින චරිත දෙකක් නම් කළ හැකිය. මහත්මා ගාන්ධි සහ නෙල්සන් මැන්ඩෙලා යුග පුරුෂයන්ය. අසමාන පුද්ගලයන්ය. ප‍්‍රශ්නයක් දෙස විවෘතව බලා නිවැරදි තත්වය වෙනුවෙන් පෙනී සිටින්නට හැකි අභීත නායකයන්ට ලෝකය ගරු කරයි. බලය අරමුණ කරගත් පටු දේශපාලනඥයන්ට අද ලෝකයේ විශාල පිළිගැනීමක් නැත. දේශපාලනඥයන් කරන්නේ ඒ මොහොතේ බුහුතරය දෙස බලා තාවකාලික තෘප්තියක් ඇතිවන ආකාරයට ප‍්‍රශ්න විස`දන්නටය. එය ජනප‍්‍රිය තීන්දුවකි. ජාති, ආගම් බේධ ගැන නොතකා දුරදිග බලන තීන්දු ගන්නා නායකයන් ජනප‍්‍රියත්වයට පත් නොවේ. ජාති සහ ආගම් අතර සිදුවන ගැටුම් ගැන සලකා බැලිය යුතු ඊළ`ග ඡුන්දයේ දී එහි බලපෑම කුමක් වනු ඇත්දැයි කල්පනා කරමින් නොවේ. දිගු කාලීනව සිතන්නට අවශ්‍යය. ඉදිරි වසර දහය තුළ නැතිනම් ඊළ`ග පරම්පරාවට මුහුණ දෙන්නට සිදුවිය හැකි තත්ත්වය සලකා බලා තීරණගන්නට අපට හැකි විය යුතුය. යුග පුරුෂයන් බිහි නොවන වර්තමාන සමාජයේ දක්ෂතා පෙන්වන නායකයන් පවා තමන්ගේ ගමනේ අවසාන ඉලක්කය සේ සලකන්නේ දේශපාලනයයි. වේදිකාවෙන්, ක‍්‍රීඩාවෙන් හෝ සමාජ සුබසාධනයෙන් ඉදිරියට පැමිණෙන නායකයෝ අවසානයේ දී මහජනතාව පසු පස මනාපය ඉල්ලමින් යන පිරිසක් පමණක් බවට පත්වෙති. සමාජයට ඉදිරියෙන් සිට ජනතාවගේ ආදරයට ලක්වූ චරිත නියමුවන් සේ යථාර්ථයට මුහුණ දී රටත්, ජන සමාජයත් නිවැරදි කළ යුතු බැරූරුම් මොහොතක ඔවුහු පවා පටු දේශපාලනයට ඇතුලූවීමෙන් අද පවතින අවාසනාවන්ත බේධ වර්ධනය වී ඇති බව පිළිගත යුතුය.

මේ අනුව අද සමාජය අලූතින් හිතන්නට අවශ්‍යය. සාපලත් ත‍්‍රස්තවාදී යුගය අවසන් කර අලූත් යුගයකට ඇතුලූවන මෙහොතේ ආගම්වාදයක් ඇති කර ගත යුතු නැත. බුද්ධිමතුන් සමාජ හිතකාමීන් පෙරට පැමිණ ජාතික සංවාදයක් අවුලන්නට අවශ්‍යය. එය කළ හැක්කේ දේශපාලනය අභිබවා යන සියුම් නිර්භීතභාවයක් ඇත්නම් පමණකි. කුඩා අන්තවාදී කණ්ඩායම් සමස්ථ සමාජයම අවරට ඇදගෙන යන අවස්ථාවක බහුතර බුද්ධිමත් සමාජය නිහ`ඩව සිටීම කිසිසේත්ම සාධාරණ තත්ත්වයක් නොවේ.බුදු දහම ආරක්ෂා කළ හැක්කේ ධර්මයෙන්ම පමණකි. මහා නායක හිමිවරුන් ඇතුළු ජ්‍යෙශ්ඨ නායක හිමිපාණන් වහන්සේලා වගකීමක් ඇතිව සමාජ නායකයන්ට අවවාද කර,වැරදි ඇතිතැන් විමසා බලා කි‍්‍රයා කරන්නට අවශ්‍යය. අවිචාරය පරාජය කර විචාරය තහවුරු කිරීම අවශ්‍යය. අපට අප ගැනම විචාරයක් නැති තැන අවිචාරවත් සිදුවීම් ඇතිවෙයි. ජනසම්මුතිය සහ චිරාගත සම්ප‍්‍රදාය ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවයයි. පැවැත්ම තුළ ප්‍රෞඩ ඉතිහාසයක් ගොඩනගා ඇති නමුත් සමගියෙන් රැුස්වන්න, සමගියෙන් සාකච්ඡුා කරන්න සහ සමගියෙන් විසිරයන්නැයි බුදු රජාණන්වහන්සේ ගේ දේශනාව අද අමතකව ඇති සෙයකි. විවිධ ආගම්, විවිධ ජාතීන් සහ විවිධ පසුබිම් සහිතව එක රටක් තුළ ජීවත්වන විට අනෙක් පාර්ශවයේ ශක්තිය සහ දුර්වලතා හ`දුනාගන්නට අවශ්‍යය. අනෙක් පාර්ශවය සමග ගනුදෙනු කිරීමේ දී මතු වූ ගැටලූ අර්බුද දක්වා වර්ධනය වන්නට කලින් විස`දා ගත යුතුය.ප‍්‍රශ්නයකට උත්තර අවශ්‍යය. ගැටලූවකට විස`දුම් සොයා ගත යුතුය. පාර්ශව දෙකකට එකට එකතු වී සාවධානව ක‍්‍රියාකරන්නට නොහැකි නම් බුද්ධිමතුන්ට සහ සමාජ නායකයන්ට එකතු වී හරි දෙය පෙන්වන්නට නොහැකිනම් එය විශාල අවමානයකි. බුද්ධිමත් සමාජය තර්ක කරන්නට අවශ්‍යය. යටත් විජිත කාලයේ දී අධිරාජ්‍යවාදී අන්‍යාගමීකරණයට එරෙහිව මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් ප‍්‍රමුඛ බොදුනුවන් ගේ පංච මහා වාද ඉතිහාසයට එක්ව තිබේ. මෙකී වාද වල අන්‍යයන්ගේ චරිත ඝාතනය සහ අපහාසනොතිබිණි. නමුත් අද සමාජයේ බුද්ධිවන්තයෙකු පරාජය කරන්නට වාචාලත්වයට හැකියාව ලැබී තිබේ. සමාජයේ බහුතර බුද්ධිමතුන් ගේ හ`ඩ පරදවා විශාල හ`ඩක් නගන්නට ඝෝෂාකාරී කුඩා කණ්ඩායමකට හැකියාව ලැබී ඇත.

පරම්පරා ගණනක් විනාශ කළ යුද්ධයක් අවසානයේ සාමකාමීබව අපේක්ෂා කරන සමාජයක් වශයෙන් ශ‍්‍රී ලංකාවේ ජන සමාජය වගකීමක් ඇතිව ක‍්‍රියා කළ යුතුය. අවිචාරවත් විය යුතු නැත. උද්වේගකර අවස්ථා වලට මුහුණදිය යුතු හැ`ගීම් වලින් නොවේ. යථාර්ථය අවබෝධ කරගෙන තීන්දු ගැනීම අවශ්‍යය. තාර්කිකව හිතන්නට අවශ්‍යය. යමක් ගැන තීන්දු ගැනීම පමණක් නොව තීන්දුවට පසු ඇතිවිය හැකි ප‍්‍රතිඵලය ගැන ද පූර්ව විනිශ්චයකට යා යුතුය. නෙල්සන් මැන්ඩෙලා වරක් කියා ඇත්තේ සුදු හෝ කලූ කවර මනුෂ්‍යයාගෙන් පැමිණිය ද වර්ගවාදය එකහෙලා ප‍්‍රතික්ෂේප කළ යුතු බවය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.