08/01/2014 - ලංකාදීප
යහපත් ක්‍රියාවක් : සාර්ථකත්වය රැදෙන්නේ රට වැසියන්ගේ කි‍්‍රයාකාරීත්වය මතයි - මිලින්ද මොරගොඩ

පාර්ලිමේන්තු විවාද සජීවීව විකාශය කිරීමේ සූදානමක් පවතී. 2014 ජනවාරි 21 වැනිදා සිටි ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි පියෝ ටීවී නාලිකා 91 මගින් මෙය සිදුකරන්නට නියමිත බව කතා නායකවරයා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කර තිබේ. මිලින්ද මොරගොඩ මහතා 2001 ජනවාරි 12 දා පාර්ලිමේන්තුවට පුද්ගලික යෝජනාවක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු කටයුතු සජීවිව විකාශය කරන්නැයි දැක්වීය. එයට කමිටුවක් පත් කළ නමුත් වරින්වර අදහස් වශයෙන් පැවැතිණ. පාර්ලිමේන්තු කටයුතු සජීවී විකාශය යථාර්ථයක් වීම ජනතාවට තම මහජන නියෝජිතයන්ගේ හැසිරීම මැනවින් දැක ගැනීමට ඉඩ සලසයි. මිලින්ද මොරගොඩ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී කළ කතාව ඇසුරෙන් මෙම ලිපිය සකස් කර ඇත. රූපවාහිනිය, ගුවන් විදුලිය සහ අන්තර්ජාලය විසි එක්වන ශත වර්ෂයේ සාමාජයීය ජීවිතයේ අවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක, තම ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතු සජීවිව විකාශනය කිරීම මගින්, ප‍්‍රතිපත්ති සම්පාදන ක‍්‍රි‍්‍රියාවලිය පිළිබද ව මහජනතාවට පැහැදිලි අවබෝධයක් ලබාදෙන එකකි. ශ‍්‍රී‍්‍ර ලංකාව නව පැතිලට යොමු වී මහජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවලියට මහා පරිමාණයෙන් දායක කර ගත යුතු හෙයින් ජනතාව දැනට වඩා සමීපව පාර්ලිමේන්තු කටයුතු පිළිබද ව දැනුවත් වීම වැදගත්ය.

පාර්ලිමේන්තුවේ නියෝජිත මණ්ඩලය එහි කටයුතු ජාතික මට්ටමින් ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන් සජීවීව ප‍්‍රචාරය කිරීීමේ ශිල්පිය ක‍්‍ර‍්‍රම හා සැලසුම් කටයුතු කි‍්‍රයා කරවීමේ කමිටුවක් පත් කිරීමට ඉඩ සලසන මෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළෙමි. 2001 වසරේ දී එම යෝජනාව ඉදිරිපත් කරන්නට ලැබිම මා ලද ගෞරවයකි, අප රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිණාමයේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරන මෙම කටයුත්ත සම්බන්ධයෙන් දැන් යළිත් සමාජයෙ තුළ උනන්දුවක් ඇතිව තිබේ. එයට පසුබිම් වූයේ පාර්ලිමේන්තු කටයුතු පුලූල් තිරයක් මගින් සජීවීව දැකගන්නට කතාතානායක චමල් රාජපක්ෂ මහතා ගේ ප‍්‍රධානත්වයෙන් ඉඩ සැලසීමයි. එපමණක් නොව ගරු කතානායක තුමා පසුගිය දෙසැම්බර් 20 වැනිදා සභාවට ප‍්‍රකාශක් කරමින් 2014 ජනවාරි 21 වැනිදා සිට පාර්ලිමේන්තු කටයුතු සජීවිව විකාශය කරන්නට සූදානමක් ඇති හෙයින් ස්ථාවර නියෝග වලට අවනතව හැසිරෙන ලෙස මහජන නියෝජිතයන්ට නැවතත් මතක් කරදුන්නේය. මෙහිදී සජීවී විකාශයක වැදගත්කම එහි පසුබිම සහ මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නැග්මට එය උපයෝගී කරගත හැකි ආකාරය ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද තොරතුරු නැවත දැක්වීම වැදගත් යැයි හැෙ`ග්.

වසර 200කට පමණ පෙර ‍ඇමරිකා එක්සත් ජනපදය ගොඩනැගීමේ ලා පුරෝගාමි වු තෝමස් ජෙෆ්ර්සන් නගර වල රැස්වෙන ජන කණ්ඩායම් තුලින් ඍජු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන සිහින මැවීය. නමුත් එමගින් රටක ප‍්‍රතිපත්ති හා තීරණ ගැනීම උගහට බව අවබෝධ විය. එභෙත් වර්තමානයේ තාක්ෂණ දියුණුව තුලින්, අන්තර් ජාලය තුලින්, ජෙෆ්ර්සන්ගේ දර්ශනය ක්‍‍්‍රියාත්මක කළ හැකිව තිබේ. එහි ප‍්‍රතිඑලයක් වශයෙන් අනෙකුත් රටවල මෙන් ම, ශ‍්‍රී‍්‍ර ලංකාවට ද ජෙෆර්සන් දර්ශනයේ එල නෙළාගත හැකි වී තිබේ. මේ අනුව, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය මගින් ප‍්‍රචාරය කිරීමෙන් රටේ පිටිසර පළාත්වල සිටින ජනතාවට ද නීති සම්පාදනය කිරීමේ කි‍්‍රයාවලිය දැක බලා ගැනීමටත්, තේරුම් ගැනීමටත්, ඊට හවුල් වීමටත් අවස්ථාව ලැබෙයි. මෙය අපගේ ජාතික ප‍්‍රශ්න පිළිබඳු ජනතාව හා තේරි පත්වුණු නියෝජිතයින් අතර මනා සංවාදයක් ඇති කිරීමේ ප‍්‍රථම අදියර වනු ඇත. මෙම පැහැදිලි වීම තුළින් ජනතාවට විවිධ ප‍්‍රශ්න හා නීති සම්පාදන ක්‍‍්‍රියාවලිය ගැන අදහස් ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ද ලැබේ. එලෙසම, වැදගත් අනෙක් කරුණ නම් මෙලෙස කෂණික තොරතුරු ලැබීමෙන් අප සැමගේ ජීවිතවලට බලපාන විවිධ ප‍්‍රශ්න ගැන ජනතාව අතර දැනුම දියුණු වී යහපත් මහජන මතවාද ගොඩනැගීමයි.

පළමුව මහජන ප‍්‍රතිචාර ඍජුව ලිපි, හෝ විද්‍යුත් මාධ්‍ය මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුනට ලැබෙනු ඇත. අන්තර්ජාල පහසුකම් වැඩිවත්ම අනෙකුත් රටවල දැනට ක්‍‍්‍රියාත්මක වන පරිදි, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තම කාර්යාලයේ සිටියදීම, විද්‍යුත් තැපෑල හා අන්තර්ජාලය මගින් තම පාක්ෂිකයන්ගේ ප‍්‍රතිචාර ඉතා ඉක්මනින් ලබා ගත හැකි දිනයක් ගැන අපට සිතා ගත හැකි වනු ඇත.

පාර්ලිමේන්තු කටයුතු සජීවිව විකාශනය කිරීම මෙහි කටයුතුවලට යහපත් බලපෑමක් ඇති කරන බවට කිසිදු සැකයක් නොමැත. අනෙකුත් රටවල පසුගිය අත්දැකීම් සලකා පළමුවෙන් පුහුණුවීමේ කාලසීමාවක් ලබා දීම යෝග්‍යය. මෙම කාලසීමාවේදී සමහරුන් හොඳින් කැමරාවට ඉදිරියේ රගපෑමට උත්සාහ කරනු ඇත. එනමුත් පාර්ලිමේන්තුවට පැමිණිමේ වාර්තාව දියුණු විය හැකි අතර විවාද කල්යත්ම යහපත් වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. එබැවින්, විවාදය හොඳින් පරීක්ෂාවට ලක් වනු ඇත. තර්කානුකූල වනු ඇත. වඩා සංවිධානාත්මක වනු ඇත. විෂය මූලික වනු ඇත. වාග් ප‍්‍රහාරවලින් තොර වනු ඇත. ලෝකයේ අනෙකුත් රටවල සජීවී විකාශන හඳුන්වා දීමත් සමග මෙම පාර්ලිමේන්තු දේශන කෙටි සහ විෂය මූලික වූ බවක් පෙන්නුම් කෙරින. එංගලන්ත මහජන මන්ත‍්‍රී මණ්ඩලයේ හිටපු කථානායිකා බෙටී බුත්රොයිඞ් මහත්මිය විසින් පවසා සිටියේ ඇය එංගලන්ත මහජන මන්ත‍්‍රී මණ්ඩල සභාවේ දී සවන් දුන් විශිෂ්ටතම දේශනයට විනාඩි දොලහකට වඩා වැය නොවූ බවය.

පාර්ලිමේන්තු කටයුතු විකාශනය කිරීම සකස් කිරීමේ බලය, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටුවට පැවරෙන බැවින්, මෙහි සංවිධානාත්මක කටයුතු හා මූලික නීති රීති සාධාරණව, පැහැදිලි ලෙස ගොඩ නැගීම අත්‍යවශ්‍ය වේ. අර්ස්කයින් මේ පවසන ආකාරයට එංගලන්තයේ උත්තර මන්ත‍්‍රී මණ්ඩලය හා පහළ මන්ත‍්‍රී මණ්ඩලය සඳහා අනුගමනය කරන නීති රීති මගින් පහත කාරණා දෙක මුදුන් පමුනුවා ගැනේ. එනම්, ''සභාවේ කටයුතු පිළිබඳු සම්පුර්ණයෙන් ම සමතුලිත, සාධාරණ නිවැරදි තොරතුරු ලබාදීම හා විනෝද වීමේ ස්ථානයක් ලෙස නොව පාර්ලිමේන්තුව කි‍්‍රයාකාරී ඒකකයක් ලෙස කටයුතු කිරිමේ ගෞරවය ලබා දීම''

මා සිතන ආකාරයට බි‍්‍රතාන්‍යයේ විකාශන කටයුතු අපට ආදර්ශයක් ලෙස යොදා ගත හැකිය. ආර්ථික විද්‍යාවට අතදරුවකු වශයෙන් හා දේශපාලනයට ආගන්තුකයකු වශයෙන් එදා මා මේ මේ ගැන මගේ අදහස දක්වමින් කියූවේ මේ වෙනුවෙන් වැය වන මුදලට වඩා විශාල වාසියක් අපගේ විවාද වල දියුණුවෙන් ලබා ගත හැකි වනු ඇති බවය.

අවසාන වශයෙන් නීති සම්පාදකයන් වන අපට අපගේ ක‍්‍රියාවන් හා ප‍්‍රකාශ වඩා වගකීමෙන් යුතුව ඉදිරිපත් කළ යුතු වන්නේය. විනිවිද පෙනෙන සේ හැසිරිය යුතු වන්නේය. කෙසේ වෙතත් එහි සාර්ථකත්වය පුරවැසියන්ගේ ක්‍‍්‍රියාකාරී සහභාගීත්වය මත රඳා පවතිනු ඇත.

මෙම අවසාන කරුණ වටහා දීමට, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නිජබිම වූ ඇතැන්ස් නුවර ක‍්‍රි.පූ.පස් වන ශත වර්ෂයේ විසූ ඉතිහාසඥ තූසිඩයිඞ්ස් ගේ කියමනක් උපුටා දක්වමි. වරක් තම පුරවැසියන් අමතමින් ඔහු කියා සිටියේ ''මෙහි සිටින සෑම අයෙකුම තමන්ගේ කටයුතු පිළිබඳව පමණක් නොව පොදු කටයුතු ගැන ද උනන්දු වේ. තම ව්‍යාපාරයන් හි ඉතා සාර්ථක වූවන්ට පවා සාමාන්‍ය දේශපාලන කටයුතු පිළිබඳ මනා අවබෝධයක් ඇත. එය අපගේ විශේෂත්වයයි. දේශපාලන කටයුතු පිළිබඳ රුචිකත්වයක් නොදක්වන පුද්ගලයෙක් වේ නම් ඔහු තම කටයුතු ගැන පමණක් රුචිකත්වයක් දක්වන පුද්ගලයෙකැයි අපි නොකියමු. අප පවසනුයේ එවැන්නකුට මෙහි කිසිම තැනක් නොමැති බවය'' යනුවෙනි.

මෙය ඇතුලූ මොරගොඩ මහතා පාර්ලිමේන්තුවේ දී කළ කතා www.milinda.org වෙබ් අඩවියෙන් කැයැවිය හැකිය.