05/01/2025 - දේශය
අදායම පිරිහීමට එකම උත්තරය බදු වැඩි කිරීමද ?
 

ඉතාම සංකීර්ණ භූ දේශපාලනික යුගයක් අප ඉදිරියෙහි ඇත. තියුණු තර`ගකාරීත්වයක් ඇති ආර්ථික පසුබිමකින් යුතු වකවානුවක් කරා ඇතුළුවෙමින් සිටින මොහොතකි. ශ‍්‍රී ලංකාවට මෙම ප‍්‍රවණතාවලින් බැහැර විය නොහැකිය. ගතානුගතික පැරණි, රාමුව තවදුරටත් වලංගු නැත. පරිවර්තනීය අංශ කෙරෙහි සියුම් පරීක්ෂාවකට යා යුතුව තිබේ. තීරණ ගැනීමේ දී ඉක්මන් විය යුතු අතර ලෝක ආර්ථික රටාව තුළ ඉදිරියෙන් සිටින අරමුණ එහි දී සලකා බැලිය යුතුවේ. කෙසේ නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය තුළ එකිනෙකට වෙනස් අදහස් සැලකිය යුතු ප‍්‍රමාණයක් තිබේ. රට ඉදිරියට ගෙන යන තීරණ ගැනීමේ දී ප‍්‍රතිවිරුද්ධ අදහස් සහිත පක්ෂ, වෘත්තීය සමිති, ජනමාධ්‍ය හා සමාජ නායකයන් ගේ හ`ඩ බැහැර කළ නොහැක. විශේෂයෙන් ක‍්‍රියාත්මකභාවය හමුවේ සමාජ මාධ්‍යයන් වෙතින් එල්ලවන බලපෑම ඉතාම තියුණුය.

කොවිඞ්-19 වසංගතයේ බලපෑම සමග ලෝක ආර්ථිකයෙහි අර්බුද ගණනාවක් ඇති කළේය. එතෙක් පැවැති සමාජ සම්බන්ධතා දුරස්විය. රටවල් අතර ගනුදෙනු කෙරෙන ආකාරය වෙනස් ආකාරයකට ආකෘති ගත වූ බව ස`දහන් කළ යුතුවේ. සමාජ දුරස්ථභාවය සමග එක්තරා ආකාරයකට දියුණුවෙමින් පැවැති සන්නිවේදන හා ඩිජිටල් තාක්ෂණික අංශ වේගයෙන් දියුණු විය. එහි ප‍්‍රගතිය බොහෝ රටවල ස්වභාවය තවත් සංකීර්ණ කර ඇත. සමාජ දරිද්‍රතාව අභිබවා ඩිජිටල් දරිද්‍රතාව ලෝකයේ රටවල් ආක‍්‍රමණය කරමින් සිටී. ආහාර ස`දහා මෙහෙයැවෙන අතරවාරයේ ඩිජිටල් ආකෘතිය වෙනුවෙන් වෙහෙස නොවුනහොත් නැවත වටයකින් ලෝකයේ රටවල් අතර කෙළවරකට තල්ලූවන අවදානමක් තිබේ.

2025 ඉක්මවා යන පුලූල් සැලැස්මක්

2025 වසරේ දින පහක් ගෙවී අවසන්ය. කාලය වේගයෙන් ගතවේ. මෙම වසර ස`දහා පමණක් ගමන සැලසුම් කිරීම ප‍්‍රමාණවත් නැත. ඉදිරි දශකය තුළ ශ‍්‍රී ලංකාව දිනාගත යුතු ස්ථානය ස`දහා මාර්ග සිතියමක් සකස් කළ යුතුව තිබේ. සැලසුම පමණක් නොව ඒවා කරා ළ`ගාවන දින වකවානු හා සාක්ෂාත් කරගත යුතු ක‍්‍රමවේද සම්බන්ධ සවිස්තරාත්මක ආකෘතියක් සුදුසුය. බලයට පත්වන ආණ්ඩු මැතිවරණ කාලයේ දී පොරොන්දු ප‍්‍රකාශයට පත් කරන අතර බලයට පත් වූ පසු ඒවා අමතක කෙරේ. පොරොන්දු ඉටු කරන ආකාරය සහ අවශ්‍ය සම්පත් උපයාගැනීම ස`දහා පිලිවෙල විශ්වාස කළ හැකි පරිදි අනාවරණය කරන ලෙස දේශපාලන පක්ෂවලට බලකරන ධෛර්යයක් ජනතාවට තිබිය යුතුය.

පසුගිය කාලය තුළ ලෝකයේ රටවල් ගණනාවක දේශපාලන පෙරැුළි සිදුවිය. මහජනතාවට විශ්වාස කළ නොහැකි ආකාරයට තීරණ ගන්නා රාජ්‍ය නායකයන්ගේ ජනප‍්‍රියත්වය පහත වැටිණ. සමාජ මාධ්‍ය මගින් ඇති කරන පීඩනය ද නායකයන්ගේ ප‍්‍රතිරූප විනාශ කරන්නට හේතු වූ බව ස`දහන් කළ යුතුය. ශ‍්‍රී ලංකාව ද එම ඉරණමට ගොදුරු විය. ආණ්ඩුකරණය පමණක් නොව වගකීම් සහගත විවේචනයක් ද අවශ්‍ය කෙරේ. විවේචනය කරන අතර විකල්පය ඉදිරිපත් කිරීම ද වැදගත්ය.

ආර්ථික අර්බුදයට හේතුව ආණ්ඩු ගණනාවක් නිසි අවස්ථාවේ දී තීරණ ගැනීමට අපොහොසත්වීමය. තාවකාලික ස්ථාවරභාවයක් ල`ගා කරගෙන ඇත. ආණ්ඩුවේ සියළු බර මහජනතාවට පවරා ආර්ථිකය හකුළුවා තිබේ. පාලනය කළ හැකි රාමුවකට ආර්ථිකය ඇතුළු කිරීමේ සැලැස්මක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන ලද වගකීම් ඉටුකරන්නට ආණ්ඩුවට සිදු වී ඇත. ස්ථාවර භාවය පමණක් ප‍්‍රමාණවත් නැති අතර ඉහළ වර්ධන අනුපාතිකයක් අවශ්‍යය. දැනට ප‍්‍රකාශවන පරිදි ඉදිරි වසර දහයක කාලය තුළ ශ‍්‍රී ලංකාවට ලබාගත හැකි උපරිම වර්ධනයේ සාමාන්‍ය සියයට තුනක් හෝ එයට ආසන්න අගයක් බව දැක්වේ. මෙම වර්ධනයකට ජන ජීවිතය පහසු කරන්නේ නැත. අඩුම වශයෙන් සියයට හයක වර්ධනයක් අවශ්‍ය කෙරේ. එය උදෙසා නිෂ්පාදනය නැංවිය යුතුවේ. සේවා ආර්ථිකය තිබිය දී නිෂ්පාදන අංශය වර්ධනය කරන ක‍්‍රමවේද ගැන අවධානය යොමු කළ යුතුය.

නිෂ්පාදනය ඉහළ නැංවීම හා අපනයන වර්ධනය

පරිභෝජනයට පමණක් නොව අපනයනය සලකා නිෂ්පාදන අංශ දියුණු කර ගත යුතුය. ඉල්ලූමට ප‍්‍රමාණවත් නිෂ්පාදනය නොවන පසුබිම තුළ මිල ගණන් වැඩිවේ. නීති මගින් වෙළ`ද පොල හැසිරවීම අපහසුය. කෘෂිකාර්මික හා කාර්මික අංශයන් හි විවිධ තලවල ව්‍යවසායකයන් මුහුණ පා ඇති ප‍්‍රශ්න සලකා බලා විස`දුම් ලබාදිය යුතුය. ඉඩම, ශ‍්‍රමය, නවීන තාක්ෂණය යනාදිය ගැන නව ප‍්‍රවණතා සලකා බැලියයුතුවේ. ආයතනික පිරිවැය අඩුකරගැනීම, බලශක්ති හා ප‍්‍රවාහන කාර්යක්ෂමතාව ස`දහා තීන්දු ගත යුතුවේ. පුද්ගලික අංශය මෙම පැතිවල දී ඉදිරියන් සිටී. ආණ්ඩුවේ ආයතනවල සීමාව හා කළ නොහැකි දේ ගැන දත්ත රජය සතුව ඇත. නිවැරදි ප‍්‍රතිපත්ති අනුව මෙකී අංශ තුළ කටයුතු ස`දහා පුද්ගලික අංශයට පහසුකම් සැපයීම ආණ්ඩුවේ වගකීමකි.

ශ‍්‍රී ලංකාව මුහුණ දී ඇති මූලික ප‍්‍රශ්නය ආදායම පිරිහීම බව පෙන්වා දිය යුතුය. බදු වැඩි කිරීම පමණක් එයින් රජයේ ආදායම වැඩි කරගැනීම උත්තරය නොවේ. ව්‍යවසායකත්වය ඇති කර නිපදවන දේ අපනයනය මගින් ආදායම් උත්පාදනය ඉලක්කය විය යුතුය. සංචාරක, විදේශ විනිමය පේ‍්‍රෂණ, ඇ`ගළුම් හෝ තේ වැනි අංශවල ආදායම සීමා සහිතය. තොරතුරු තාක්ෂණ අංශය අලූතින් වර්ධනය වෙමින් තිබේ. නවතම අදහස්වලින් කර්මාන්ත බිහිකරන සැලැස්මකින් ජාත්‍යන්තර වෙළ`ද පොලට ඇතුළුවන පැති අවශ්‍ය කෙරේ.

අඩු පිරිවැයකින් සහ උසස් ප‍්‍රමිතියක් සහිත නිෂ්පාදනවලට ඉල්ලූමක් තිබේ. සුළු හා මධ්‍ය පරිමාන නිෂ්පාදකයන් වැදගත්ය. මහා පරිමාන ආයෝජන වැදගත්ය. ඒ ස`දහා සමත් ප‍්‍රබල දේශීය ව්‍යවසායකයන් මෙරට නැත. මෙම අවස්ථාවේ දී ශ‍්‍රී ලාංකේය සහ විදේශීය සම්මිශ‍්‍රණයකින් යුතු ආයෝජන උපායමාර්ගයක් අනුගමනය කළහොත් අලූත් ශක්තියක් ලබාගත හැකි වේ.

ධනවාදී ක‍්‍රමය තුළ සාධාරණභාවය නැත

අතීතයේ පැවැති ආර්ථික ක`දවුරු වර්තමානයේ දී නැත. තර`ගකාරීත්වය ඉහළම සාධකය වී තිබේ. චීනය, ඉන්දියාව, ජපානය, ඇමරිකාව, වියට්නාමය, දකුණු කොරියාව වැනි රටවල් තීන්දු ගන්නා ආකාරය අධ්‍යයනය කළ යුතුවේ. ඇමරිකාව සමග වෛරයක සිටි වියට්නාමය අද ආර්ථික ක‍්‍රියාවලියේ දී ඇමරිකානු සහාය සහිතව පසුවේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පැරණි සාධක පැත්තකින් තබා කෙලින්ම රටවල් සමග ගනුදෙනු කරන්නට සූදානම්ය. ඇමරිකාවෙන් මිල දී ගන්නා භාණ්ඩවලට යම් රටක් අයකරන බදු ප‍්‍රතිශතය අනුව ඇමරිකාවට කරන යම් අපනයනයේ දී ඒ හා සමාන බද්දක් එම රටවලට ගෙවන්නට සිදුවන බව අ`ගවා ඇත. වෙළ`ද ගිවිසුම්, බදු රහිත වෙළ`දාම, දියුණුවන රටවලට ලැබන සහන අහෝසිවන වීමට ඉඩ ඇත. කෙටි ඉතිහාසයක් තුළ දැවැන්ත ආර්ථිකයක් බවට පත්වීම තුළ ඇමරිකානුවන් වරින්වර අනුගමනය කරන ලද ජවාධික ධනවාදී ආර්ථික උපක‍්‍රම ඇත. ඒවා හසුරුවන ලද ආකාරය සාධාරණ නැත. විවෘත ආර්ථිකය මානුෂික නැත. ධනය නිපදවිය හැකිය. එහි ප‍්‍රයෝජන ගැනීම අපගේ වගකීමකි. ධනවාදයට ඉඩ දෙන අතර ධනවාදයට සාධාරණ රාමුවක් හ`දුන්වා දෙන්නට සමත්විය යුතුය.

කුඩා ආර්ථිකයක් සහිත ශ‍්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට හැරවීමේ දී, නවීන ආර්ථික ක‍්‍රමෝපායයන්ට ගැලපෙන තීරණ ගැනීමට සිදුවේ. තේ, රබර් හා පොල් වැනි කෘෂිකාර්මික අපනයන හෝ ඇ`ගළුම් වැනි නිෂ්පාදන ඔස්සේ ගමන් කළ හැකි උපරිම තැනට පැමිණ ඇත. විදේශ රටවලට ලාංකේය ශ‍්‍රමිකයන් සැපයීමෙන් ද රට දියුණු කළනොහැක. අවශ්‍යතා සපුරාගැනීම ස`දහා විදේශ විනිමය උවමනා කෙරේ. මහජනතාව බලාපොරොත්තුවන සහන වෙනුවෙන් ආර්ථිකයක් බිහි කිරීම අවශ්‍යය. රුකියා උත්පාදනය ස`දහා ක‍්‍රියාමාර්ග ගැනීමත්, සමාජ පරතරය හා ආදායම් විෂමතා තුරන් කර පියවර ස`දහාත් මෙතෙක් අනුගමනය කළ ක‍්‍රමවේදවලට බැහැර තීන්දුගත යුතුව තිබේ.

ජාත්‍යන්තරයේ ඇති අලූත් ආර්ථික බලවේග අතරින් රටට හා සංස්කෘතියට ගැලපෙන, අනන්‍යතාව ආරක්ෂා කරන ව්‍යවසායකයන් සලකා ව්‍යාපාර ස`දහා ඉඩදෙන තීරණ ගැනීම අවශ්‍යය. ඛනිජ සම්පත්, මිනිරන් වැනි අංශවලට ඇතුළුවිය හැකිය. විදුලිය, වරාය, තොරතුරු තාක්ෂණය, වැනි අංශ වලට නැඹුරු විය යුතුවේ. අනාගතය හමුවේ බුලට් දුම්රිය, රියැදුරු රහිත වාහන, ඉලෙක්ටික් ක‍්‍රමවේද බිහිවෙමින් තිබේ. ඒවායෙන් බැහැර විය නොහැක. දැවැන්ත ආයෝජන ස`දහා රට තුළ අවස්ථා සම්පාදනය කරන අතර ඒවායේ නියාමනය ආණ්ඩුව භාරගත යුතුවේ. පුද්ගලීකරණය යනවචනයට බිය විය යුතු නැත. සමාජය අනියත භිතියක පසුවන අතර රාජ්‍ය ව්‍යවසාය ඇති කරන විනාශය තක්සේරු නොකිරීම වරදකි. මහජනතාව තුළ ඇති ආකල්ප හේතු කොටගෙන පුද්ගලීකරණ තීරණ ගැනීමේ දී ආණ්ඩු පියවරක් පසුපසට ගනී. එයින් ආර්ථිකය තවත් දුබලවේ. ශ‍්‍රී ලංකාවට දක්ෂ මානව සම්පත් ඇත. දැනට එම පිරිස් වෙනත් රටවලට පිටත්ව යන අතර එය අවාසියකි. ක‍්‍රමවේද ඇතිකර ආර්ථිකය පුලූල් කළහොත් මානව සම්පති ශ‍්‍රී ලංකාවේ ඉහළම වත්කම බවට පත්කරගත හැකිවේ. මෙකී අදහස් සම්බන්ධ සාකච්ඡුා සංවාද තීන්දු ගන්නා පිරිස් හා විද්වත් සමාජය තුළ තිබිය යුතුය.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට දැක්වීමෙන් සංවාදයකට එකතු විය හැකිය.

මිලින්ද මොරගොඩ