04/06/2014 - ලංකාදීප
රුපියල් - ශත සහනාධාර අවශ්‍යද? - මිලින්ද මොරගොඩ
 

මහජනතාව තුළ බලාපොරොත්තු තිබේ. හො`ද හෙට දවසක් ගැන පොදු ජනතාව සිහින මවති. ආණ්ඩු පත් කරන්නේ තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්නටය. මහජන ඡන්දයෙන් පත්වන ආණ්ඩු වලට මහජනතාවගේ අපේක්ෂා මුදුන් පත්කරන නිසි දර්ශනක් තිබිය යුතුය. බලාපොරොත්තු ඉටු කළ නොහැකි වූ විට ආණ්ඩු අප‍්‍රසාදයට පත්වෙයි. මහ මග බයිසිකලයක් පැද යන තරුණයෙකුට කවදා හෝ තමන්ගේම වාහනයක ගමන් කිරීමේ අභිප‍්‍රායක් තිබේ. තමන්ටම කියා නිවසක්, තම දරුවන්ට හො`ද පාසලක් ලබාගන්නට ඇති අපේක්ෂා සාධාරණය. ඒවාට ගරු කළ යුතුය. නමුත් බලයට පත්වන ආණ්ඩුවලට ආර්ථිකකරණයේ දී මතුවනප‍්‍රශ්න හමුවේ ජනතාවගේ බලාපොරොත්තු පාලනය කරයි. බොහෝ විට දුක් මහන්සියෙන් වැඩකරන පොදු ජනතාවට තමන්ගේ එදිනෙදා අවශ්‍යතා ඉටු කරගන්නට පවා නොහැකි වන තරමට ජීවිතය කටුක තත්ත්වයට පත්වෙයි. යහපත් හිත් ඇති මිනිසුන් ආණ්ඩු වලට වෛරකරන පිරිසක් බවට පත්වන්නේ තමන්ට අවස්ථාව අහිමි වන බව දැනෙන විටය. මහන්සියෙන් උපයාගෙන තමන්ටම අනන්‍ය ජීවිතයක් ගත කරන්නට රට තුළපරිසරයක් ඇති බව දැනෙන විට සමාජය සාමකාමී වෙයි.

අධ්‍යාපනයෙන් සහ ආගමික පරිසරයෙන් මිනිසුන් යහපත් කරන්නට හැකිය. නමුත් ආර්ථිකයට ද වැදගත් කාර්ය භාරයක් තිබේ. යථාර්ථය අනුව ආර්ථිකය ගොඩනැගෙන විට මහජනතාවගේ සංස්කෘතිය සහ විනය යහපත් පැත්තට හැරේ. අවශ්‍යතා සපුරාගත නොහැකිව, අඩක් කා ජීවත්වන මිනිසුන්ට විනය හෝ බලහත්කාරයෙන් මෙන් ආගමික සිතිවිලි ඇතිකරන්නට යාම භයානකය. ආර්ථික ගැටලූ සහ සමාජයේ පවතින අසමානතා රටට ප‍්‍රශ්න ඇති කර තිබේ. ආපසු හැරී බලන විට රට තුළ විනාශයක් සිදුවූයේ සමබර ආර්ථික උන්නතිය ගැන තැකීමක් නොකළ හෙයින් බව අමතක කළ යුතු නැත. දුගී දුප්පත්ව එදිනෙදා ආහාරවේල සපයා ගැනීම ප‍්‍රශ්නයක් වන සමාජයකට අඩු මිලට ආහාර සපයා තෘප්තිමත් කළ හැකිය. සහනාධාර දිය හැකි කෙටි කාලයකට පමණකි. සමාජයක් දියුණු වී මැදි ආදායම් මට්ටමට පත්වන විට ජනතාව ප‍්‍රශ්න කරන්නේ බත් පත ගැන නොවේ. තම දරුවන්ගේ අනාගත සුරක්ෂිතභාවය ගැනය. තමන් උපන් බිමෙන් දරුවන්ගේ අනාගතය වැඞී ඔවුන් තමන්ට වඩා ඉහළින් ජීවත්වනු දැකීම ජනතාවගේ පොදු ප‍්‍රාර්ථනාවයි.

ජාත්‍යන්තර සමාජයේ මෑත කාලය තුළ සි¥වූ පරිවර්තන ගණනාවක කේන්ද්‍රීයහරය ආර්ථිකයයි. අරාබි වසන්තය මධ්‍යම පැලැන්තියේ විප්ලවයකි. සාමාන්‍ය ජීවිතයක් ගත කළ අරාබියේ තරුණන් තාක්ෂණය ව්‍යාප්තවීම සමග ලෝකයේ සිදුවන දේ වටහා ගත්තේය. ඉතාමත් ධනවත් මැදපෙරදිග රටවල සම්ප‍්‍රදායික පාලකයින් ජනතාවට අප‍්‍රමාණ සහනාධාර දුන් නමුත් එම සහන මගින් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරන අවස්ථා තෘප්ත කළේ නැත.පාලකයන්ට එරෙහිව නිසි නායකත්වයක් සහ ඉලක්කයක් නැති විප්ලව කි‍්‍රයාත්මක විය. නොබෝදා අවසන් වූ ඉන්දියාවේ මහ මැතිවරණ ප‍්‍රතිඵලයපෙන්වන්නේ ද පහළ මධ්‍යම පැලැන්තියේ අපේක්ෂා සම්බන්ධ අර්බුදයයි. භාරතීය ජනතා පක්ෂය ආර්ථික වර්ධනය ගැන කතා කරන විට කොන්ග‍්‍රසය කතා කළේ සහනාධාර බෙදා දෙන ආකාරය ගැනය.දශක කිහිපයකට පෙර ආර්ථික වර්ධනයේ හින්දු රේට් යනුවෙන් උපහාසයෙන් ප‍්‍රකාශ විය.ඉන්දියාව පසුගිය වසර පහලොවක පමණ කාලය තුළ ආර්ථිකයේ ප‍්‍රතිසංස්කරණ රැුසක් හ`දුන්වා දුන්නේය. එයින් වෙනස් වී ලෝකයේ වේගයෙන්ම ඉදිරියට යන ඉන්දීය ආර්ථිකය දෙස ජාත්‍යන්තර විචාරකයෝ අවධානයෙන් සිටියහ. එම පරිවර්තනයට පදනම සකස් කළේ මුදල් ඇමති ධූරයේ සිටියදී මන් මොහන් සිං මහතාය. ජාත්‍යන්තරයට දොරටු විවෘත කරන ලද අතර ඉන්දීය ආර්ථිකයේ විශාල පරිවර්තනයක් කළේය. නමුත් මන් මෝහන් සිං මහතා අගමැති ධුරයහෙබවූසහ සෝනියා ගාන්ධි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් යුත් කොන්ග‍්‍රස් ආණ්ඩුව පරාජයට පත්වූයේ ද ආර්ථික කරුණු පදනම් කරගෙනය.ලෝක ආර්ථික අවපාතය සහ අවශ්‍ය අවස්ථාවේ දී තීරණ නොගැනීම හේතු කරගෙන එරටආර්ථික වර්ධන වේගය අඩාල විය. වර්ධනය අඩුවන විට එහි පීඩනය දැණුනේ පහළ මධ්‍යම පැලැන්තියටය. උත්සාහයෙන් යමක් උපයාගෙන ජීවිතයේ ප‍්‍රශ්න වලින් ගොඩඑන්නට තැත් කරන පහළ මධ්‍යම පන්තියේ ඉන්දියානුවන්ට ආර්ථික වේගය අඩුවන විට එහිබලපෑම දැඩිව එල්ලවිය. අප‍්‍රසාදයට පත්වූයේ ආණ්ඩුවයි. කොන්ග‍්‍රස් පක්ෂය ඡුන්දයේ දී සහනාධාර යෝජනා කළේය. මහජනතාව සහනාධාර මත යැපෙන්නට සූදානම් වූයේ නැත. නරේන්ද්‍ර මෝඩි මහතා ජනතාවට සහනාධාර ගැන කතා කළේ නැත. ඔහු ආර්ථිකය වර්ධනය කර රටට අවස්ථා දෙන ආකාරය ගැනකතා කර මහජන විශ්වාසය දිනාගත්තේය. තරුණ පෙළ සමග සමාජ වෙබ් අඩවි හරහා සම්බන්ධ විය. සෙසු දේශපාලන නායකයන් සහනාධාර පොදි බැ`ද ගෙන පොරොන්දු දෙන විට මෝඩි මහතා ඉන්දියාවේ සමාජ වෙබ් පරිහරණය කළසහ එයින් වැඩිම සම්බන්ධතා ඇති කරගත් නායකයා වශයෙන් වාර්තා පිහිටුවීය. තරුණ පෙළ විශ්වාස කළේ ඔහුගේ ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියා විලාශයයි.

මෙවැනි පසුබිමක ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ, ආර්ථිකය සහ පොදු ජනතාවගේ බලාපොරොත්තු සම්බන්ධව සියුම් අධ්‍යයනයකට යා යුතුව තිබේ. මැදි ආදායම් රටක් වශයෙන් වර්ධනය වී ඇති මෙරට අභිවෘද්ධිය වෙනුවෙන් අලූත් ආකාරයකට තීන්දු ගත යුතු කාලය එළැඹ ඇත. මැදි ආදායම් රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව ඉදිරියට පැමිණ ඇත්තේ කෙසේද? එය පළමු විග‍්‍රහය විය යුතුය. මෙරට ජනගහනයෙන් මිලියන දෙකකට ආසන්න පිරිසක් විදේශගතව සිටී. වැඩි කොටසක් මැද පෙරදිග ඇතුලූ රටවල වැඩ කරන අතර බටහිර රටවලට ද ගොස් සිටින මෙම ලාංකිකයන් ගේ මුල් පසුබිම දරිද්‍රතාවයෙන් පිරි කටුක එකකි. ඔවුහු විදේශගත වූයේ යමක් උපයාගෙන හො`ද ජීවිතයක් ගත කරන්නටය. අද රටට ලැබෙන විදේශ විනිමය වලින් වැඩිම කොටස උපයා දෙන්නේ මෙම මැද පෙරදිග ඇතුලූ රටවල සේවයට ගිය සමාජයේ එක්තරා අඩු ආදායම් මට්ටමක සිටි පිරිසයි. මෙම දරු පවුල් අද මධ්‍යම පැලැන්තියේ ආදායමක් ලබන ජන කොටස බවට පත්ව සිටී. විදේශ ගතවන්නට කලින් බඩගින්න ප‍්‍රශ්නයක් වූ මෙම පිරිසගෙන් වැඩි කොටසකට, දැන් එය කිසිසේත් ප‍්‍රශ්නයක් නොවේ. නිවාසයක් අහිමිව සිටි කොටසක් සිටියේ නම් අද ඔවුහු තමන්ගේම නිවහනක් තනාගෙන යම් තෘප්තිමත් භාවයක පසුවෙයි. ආණ්ඩුවෙන් සමෘද්ධි සහන හෝ නිවසක් ආධාර වශයෙන් ලැබුණ පවුලකට වඩා මෙම අයගේ තෘප්තිය ඉහළය.

පහළ මට්ටමේ සිට මැදි ආදායම් තත්ත්වයට පැමිණි අනෙක් ප‍්‍රධාන ජන කොටස ආරක්ෂක අංශවල සේවය කරන අය සිටින පවුල්ය. ත‍්‍රස්තවාදය පරාජය කරන යුද්ධය අතරතුර හා යුද්ධයෙන් පසු ඔවුහු හො`දින් රැුකබලාගත්හ. රට වෙනුවෙන් ජීවිතය දෙන්නට ඉදිරියට පැමිණි රණ විරුවන්ට හො`ද ආර්ථික පසුබිමක් ඇති කිරීම අගය කළ යුතුය. නමුත් ප‍්‍රශ්නය ශ‍්‍රී ලාංකිය ජන සමාජයේ මැදි ආදායම් මට්ටමට පත් මෙම කණ්ඩායම සතු ඉදිරි අපේක්ෂා සාක්ෂාත් කරන ආකාරයයි.

ශ‍්‍රී ලංකාව දුප්පත් රටක් නොවේ. ආහාර හි`ගයෙන් ජනතාව මිය යන්නේ නැත. පියවරෙන් පියවර ඉදිරියට පැමිණ ඇති ජන සමාජය පවතින සහනාධාර ක‍්‍රමයෙන් ඉදිරියට ගෙන යාම නායකයන්ගේ වගකීමකි. පසුගිය අලූත් අවුරුදු උත්සව කාලසීමාවේ පෙන්නුම් කළේ ජනතාවගේ පරිභෝජන ශක්තියේ තරමයි. වෙසක් කාලයේ දී නගර වලට එකතු වූ අති විශාල ජනකාය දෙස බලන විට රට තුළ පවතින මැද පන්තියේ පිබිදීම හ`දුනාගත හැකිය. මැදි ආදායම් ලබන ජනතාවගේ අවශ්‍යතාවය හො`ද රැුකියාවකි. දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාගැනීමය. හො`ද ප‍්‍රවාහන සේවාවක් සහ හො`ද සෞඛ්‍ය පහසුකම්ය. හැකියාව ඇති අයගේ දරුවන් අයුක්ති සහගත ලෙස ජාතික පාසල්වලට ඇතුලත්වන බව පෙනෙන විට පශ්චත්තාපයට පත්වෙයි. දරුවාට හො`ද පාසලක් සොයා ගැනීම ප‍්‍රශ්නයක් වන විට ජනතාව තුළක‍්‍රමය ගැන වෛරයක් ඇති වෙයි.දරුවා පාසලට ඇතුලත්කරගන්නට දේශපාලනඥයන් මැදිහත්වනබව පෙනෙන විට සහ දේශපාලන අනුගාමිකයන් ඒ වෙනුවෙන් කරන බලපෑම දකින විට සමාජ ක‍්‍රමය වෙනස් කරනන්ට තද ඕනෑකමක් ඇතිවෙයි. කිලෝමීටර් තිහ හතලිහක් උදේ හවස වැඩට යන්නට බලවත් දුෂ්කරතාවක් අත්වි`දින විට පොදු ප‍්‍රවාහනය ගැන කනස්සල්ලට පත්වෙයි. තමන්ටම වාහනයක් ගන්නට ප‍්‍රමාණවත් ආදායමක් නැති ක‍්‍රමය තුළ පවතින අසාධාරණය ගැන කතා කරන්නට පටන් ගනී. මහ මග ඇති ඉතාම සුඛෝපභෝගී වාහන ප‍්‍රමාණය සහ ඒවායේ පහසුව ලබන සුඛිත මුදිත සමාජය දෙස බලන විට ඔවුන්ට ක‍්‍රමය ගැන යම් අවබෝධයක් ඇති වෙයි. මෙම පිරිස රෝහලකට බෙහෙත් ගන්නට ගිය විට අප‍්‍රමාණ දුෂ්කරතා මතුවෙයි. රෝගීන්ට ප‍්‍රතිකාර නියම කරන නමුත් එයට ගතවන කාලය සහ හිරිහැරය අසීමිතය. ප‍්‍රතිකාර රහිතව ජීවිතය ගැන බලාපොරොත්තු අත්හරිමින් ජීවත්වන පිරිස ද සුළු පටු නැත. ශල්‍යකර්මයක් කරගැනීමට ඇති බලාපොරොත්තු ලේඛන දීර්ඝ එකකි. හදිසි සැත්කමක් කරගන්නටත් අවශ්‍ය උපකරණ සහ උපාංග බාහිරව මිලදී ගන්නට සිදුවෙයි. වරප‍්‍රසාද සහිත සමාජයට මෙම ප‍්‍රශ්න නැත. කොතැනකින් හෝ ධනය ලැබෙන අතර ධනය වියදම් කර ඉහළම ප‍්‍රතිකාර ලබන්නට අවස්ථාව තිබේ. මෙවැනි ජන කොටසකට රුපියල් දහසක සමෘද්ධි දීමනාව ප‍්‍රමාණවත් ද? විදුලියට, පොහොර වලට හෝ අත්‍යවශ්‍ය ආහාර වලට ආණ්ඩුව සහනාධාර ගෙවීම ඔවුන්ට වැදගත් කරුණක්ද?

මෙම රාමුව වෙනස් කළ යුතුය. ආණ්ඩුව පමණක් නොව විපක්ෂ දේශපාලන පක්ෂ පවා ආකල්ප වෙනස් කරගත යුතුව තිබේ. දුප්පත් රටක දුප්පත් ජනතාවටක් වශයෙන් ආමන්ත‍්‍රණය කළ යුගය අවසන්ය. මැදි ආදායම් රටක මධ්‍යම පැලැන්තියේ අපේක්ෂා හ`දුනාගෙන ඒවාට උත්තර ලැබෙන අලූත් අදහස් රටට ඉදිරිපත් කරන්නට අවශ්‍යය. අද දවසේ දේශපාලනයේ ඉලක්කය වියයුතු මධ්‍යම පැලැන්තියේ අවශ්‍යතා හ`දුනාගෙන ඒවා ජන පදනමකින් විභාග කිරීමයි. රට තුළ පවතින අතෘප්තිය විප්ලවයක් බවට හැරෙන්නට ඉඩ ඇති අවස්ථාවක එම විප්ලවය යහපත් ආර්ථික පුනරුදයක් පැත්තට හරවා ගැනීමයි. පොදු ජනතාව අනාගතය ඉල්ලා සිටින විට දේශපාලන පක්ෂ තවමත් එදා වේල ගැන කතා කරයි.දේශපාලනඥයන් සහ දේශපාලන ක‍්‍රමය ආකල්ප වශයෙන් පරිවර්තනය වියයුතුය. මැදි ආදායම් රටක ජනතාව සිතන ආකාරයට දේශපාලනඥයන් ද හිතන්නට අවශ්‍යය. දේශපාලනඥයන් සිටින්නේ මහජනතාවට පිටුපසින්ය. සමාන අවස්ථා ඇති සමාජයක් ඉල්ලන පොදු ජනතාවට ඔවුහු දිගුකරන්නේ සහනාධාරය. ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කර අලූත් සමාජයක් ගොඩනගන ලෙස කරන ඉල්ලීමට ලැබෙන්නේ දේශපාලනයේ 'ෆයිනල් කට්ය'. උපහාසයෙන් හා වක්‍රොත්තියෙන් පමණක් මහජනතාව රැුවටිය හැකි කාලයක් තිබේ. වේදිකාවකට නැග පෞර්ෂයක් ඇතිව මහජනතාවට පැහැදිලි දර්ශනයක් දියයුතු නායකයන් කතාව අවසානයේ ගීතයක් ද කියා මහජනතාව නලවා මනාපය ඉල්ලා සිටීම මැදි ආදායම් රටක මහජනතාවගේ අවශ්‍යතා සපුරාලීම නොවේ. මැදි ආදායම් ඇති රටක වැසියන් සහනාධාර ලෙස ගෙවන රැුපියල් වලින් තෘප්තිමත් කළ හැකිද? රුපවාහිනී යන්ත‍්‍ර, ජංගම දුරකථන බෙ¥ ඉන්දියාවේ දේශපාලනය මෙවර පාඩම් ඉගෙනගෙන තිබේ. පොරොන්දු වලින් රටක් දියුණු කළ හැකිනම් ගෙවුණ මැතිවරණ ඉතිහාසය තුළ ශී‍්‍ර ලංකාව තරම් ජනතාවට පොරොන්දු දුන් රටක් තවත් නැත.

අලූත් ගමනක් ආරම්භ කරන්නට අවශ්‍යය. ඉන්දියාවේ දේශපාලන දිශානතිය මෙරට සියලූම දේශපාලන පක්ෂ අධ්‍යයනය කළ යුතුය. මැදි ආදායම් රටක සිට ඉහළ තැනෙකට රට ඔසවා තබන්නට නම් සමාජ ආර්ථික දේහය තුළ බරපතල ප‍්‍රතිසංස්කරණයක් විය යුතුය. ආර්ථිකය සරල සහ කාර්යක්ෂම එකක් කරන්නට අවශ්‍යය. දෙස් විදෙස්ආයෝජන වැඩිකරන පසු බිමක් ඇති කළ යුතුය. එයින් ව්‍යවසායකත්වය වර්ධනය වෙයි. නිෂ්පාදන නැංවීමට පියවර ගත යුතුය. අපනයනය ආදායම වැඩි කරගත යුතුය. තර`ගකාරීත්වය ඇති කරන්නට අවශ්‍ය වන අතර ගෝලීයකරණයේ අභියෝග වලට මුහුණ දීමට සමාජය හුරු කරන්නට අවශ්‍යය. සාධාරණ යුක්තිගරුක අවස්ථා සමාජයේ සියලූ දෙනාටම ඇති බව පැහැදිලිව තහවුරු විය යුතුය. ආණ්ඩුව නිසි ප‍්‍රතිපත්ති සම්පාදනය කර නීතිය සහ විධිවිධාන ක‍්‍රියාත්මක කරන විට ජනතාව ආර්ථිකයේ ප‍්‍රති විප්ලවයට සම්බන්ධ වන බව විශ්වාස කළ හැකිය. ඇතැම් දේශපාලනඥයන් යෝජනා කරන අදහස් ක‍්‍රියාවට නැගී ශ‍්‍රී ලංකාව හුදෙකලා ගමනක් යන්නට උත්සාහ කළහොත් නැවතත් ඇති වන්නේ අක‍්‍රීය ආර්ථිකයකි. ස්වදේශීකත්වය පදනම් කරගෙන රට තුළින් නිපදවන දේ පමණක් පාරිභෝජනය කරන ලෙස වර්තමාන මැදි ආදායම් සමාජයට බල කිරීම ප‍්‍රායෝගික නැත. තත්ත්වයෙන් උසස් හො`ද නිෂ්පාදන මිලදී ගන්නට කැමැති සමාජයක් ආපසු මිරිස් නැතිව හොදි කන්නම්- සීනි නැතිව තේ බොන්නම් කියූ යුගයට හැරවිය නොහැකිය.

දරුණු යුද කාල පරිච්ෙඡ්දයකට පසු ජනතාව අතර සංහිදියාව සහ සමාජ වටිනාකම් ඇති කරන්නට අවශ්‍යය. බලය උදෙසා පටු ආකාරයකට කි‍්‍රියා කිරීමේ දී ආර්ථිකයේ පවතින යථාර්ථය නොපෙනේ. මැදහත්ව ඉක්මනින් ගත යුතු තීරණ ගැන අවධානයක් නොදක්වයි. පශ්චාත් යුද සමයක් වශයෙන් අප පසුකරමින් සිටින්නේ තීරණාත්මක කාලයකි. පවතින තාක්ෂණික සහ සමාජ මාධ්‍ය යුගය නායකයන්ගේ චරිත සැහැල්ලවට පත් කර ඇත. නිතර දකින,නිතර එකම අදහස කියන විට අලූත් දේ සොයා යන සමාජයට එම පැවැත්ම ඒකාකාරී බව දැනෙන්ට පටන් ගනී. තමන්ගේ නායකයන් ශක්තිමත්ව එඩිතර තීරණ ගන්නා බව නොදැනෙන්නට පටන් ගනී. දීර්ඝ කාලයක් බලයේ සිටින ආණ්ඩුවක් කාලයකට පසු ප‍්‍රතිපත්ති සමාලෝචනය කර අලූත් මුහුණුවරකට යාම අවශ්‍යය. ඊජිප්තුව, තායිලන්තය සහ ඉන්දියාව යන රටවල මෑත කාලය තුළ සිදුවූ නායකත්ව පරිවර්තන දෙස බලන විට මහජනතාව ඉල්ලන්නේ ඉක්මන් තීන්දු ගන්නා නිර්භීත ශක්තිමත් නායකයන්ය. යුද්ධයේ දී තීරණ ගැනීමේ ශක්තිය පෙන්වූ ආණ්ඩුව ආර්ථිකයේ දී ද ඉක්මන් තීන්දු ගෙන ව්‍යුහය වෙනස් කිරීම අවශ්‍යය. එයට පසුබිම වෙනුවෙන්ජාත්‍යන්තර සමාජයේ සිදුවන යථාර්ථවාදී දේ දක්වා රට තුළ මතයක් ඇතිකිරීම බුද්ධිමතුන් ගේ බලවත් වගකීමකි.සමාජ ගෝලීයකරණයට ලක්වූ ජාත්‍යන්තරය තුළ හුදෙකලා ගමනක් නැත. රට තුළ වියයුතු නිසි දේ පෙන්වා ඒ වෙනුවෙන් නිර්භීතව පෙනී සිටීමට ද ජාතික සහ ආගමික නායකයන් සතු පරම යුතුකමකි. ජනතා සංවිධාන ද කි‍්‍රයා කළ යුතු එවැනි මත ඇති කිරීම වෙනුවෙන්ය. අන්තවාදීව අයිතිවාසිකම් ගැන වෙනුවෙන් පමණක් කතා කරන විට ඉදිරියට යන සමාජය එය ප‍්‍රතික්ෂේප කරයි. සමාජයේ යමක් ගැන ගැඹුරින් සිතන මැද පන්තියේ ජන කොටස මතවාදීව සත්‍යය වෙනුවෙන් පිහිටා කි‍්‍රයා කළ යුතුය.

පසුගිය දශක තුන තුළ මෙරට ආයතනික රාමුව යම් ප‍්‍රමාණයකින් පිරිහී තිබේ. නිදහස ලැබූ කාලයේ සිට අද දක්වා ක‍්‍රමයෙන් දේශපාලනඥයන්, රජයේ සේවය සහ අධිකරණය කෙරෙහි විශ්වාසය බරපතල ලෙස පහත වැටී ඇත. පොලිසිය පවා මහජනතාවගෙන් ඈතය. අපරාධ, හොර මැරකම් සහ හිංසා හමුවේ යුක්තිය ඉටු නොවන බව මහජනතාව ගේ සිත් තුළ තහවුරුව තිබේ. සියලූම ක්ෂේත‍්‍රවල අදීන, අභීත අපක්ෂපාත නායකයන් දුලබය. ආර්ථිකය දියුණු වී මැදි ආදායම් ලබන ජනගහනය වැඩිවන රටක මහජනතාව සාධාරණත්වය අපේක්ෂා කරන ව්‍යුහ මෙම ආකාරයට විකෘතිවීම ද වරදකි.රටට අවශ්‍ය අවංක ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් ජනමතයක් ගොඩනැගීම අවශ්‍යය. ආණ්ඩු පෙරැලීම වෙනුවට ආකල්ප වෙනසකින් ජන මත අලූත් කරන බලවේගයක් පැන නැගිය යුතුය. ජන සමාජය තුළම සමාජ ආර්ථික සහ දේශපාලන විප්ලවයසිදුවිය යුතුය. එය කළහැක්කේ ආගමික නායකයන්, රටට ආදරය කරන විද්වතුන් සහ ප‍්‍රධාන දේශපාලන පක්ෂ වල නායකයන් පටු පරමාර්ථ වලින් තොරව කැපවී ක‍්‍රියාකරන පසුබිමක් තුළ පමණකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.