මහ මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව ශක්තිමත් ජන වරමක් ආණ්ඩුවට ලැබී තිබේ. අධිශ්ඨානශීලී රටක් වශයෙන් අනාගතය දෙස බලන්නට හොද පසුබිමකි. සමාජයේ පවතින බෙදීම් තුරන් කර එකමුතුවෙන්නට සුදුසු අවස්ථාවකි. පැරණි ව්‍යුහ අමතක කර අලූතින් හිතන්නට අවශ්‍යය. අතීත උරුමය මත පදනම් වූ ශ්‍රී ලාංකේය අනන්‍යතාව ඉතා වැදගත්ය. කොවිඞ් -19 වසංගතය සෞඛ්‍ය අංශයට ඔරොත්තු දෙන මට්ටමට පාලනය කරගත හැකි වී ඇත. ආර්ථික අභිවෘද්ධිය සදහා පියවර ගත යුතු අතර සමාජ විනය නැවත තහවුරු කිරීම අවශ්‍යතාවයකි.
අලූත් යුගයක් ඇති කරන පියවරක දී විනය, සංස්කෘතිය සහ සමාජ පැවැත්ම වඩාත් වැදගත් සාධක සේ සැලකිය හැකිය. පරිවර්තනයක් ඉදිරියේ බෞද්ධ දර්ශනය බලවත් පිටිවහලක් වනු ඇත. බුද්ධ දේශනාවට අනුව ජීවිතය හැඩගසාගැනීම වෙනුවට බෞද්ධයෝ විහාරස්ථානයේ කටයුතු හා දන් පින්කම් යනාදි කාරණා පිලිවෙත් බවට හරවාගෙන තිබේ. රටට දර්ශනයක් ඇතිකර ගැනීමේ දී ජනතාවගේ මනස නිරවුල් කළ යුතු අතර සැනසිලිදායක ජීවිතයකට මග දැක්වීම අවශ්‍යය. මහා සංඝරත්නයට එහි ලා විශාල වගකීමක් තිබේ. නමුත් ඇතැම් අංශ සලකා බලනවිට ශාසනය තුළ ද, බලවත් ප‍්‍රශ්න ඇති බව නිරීක්ෂණය කළ හැකිය. ඉතිහාසයේ දැක්වෙන පරිදි ශක්තිමත් ජන නායකයෝ රට නිවැරදි දිශාවට යොමු කරන ලද අතර ශාසනික උන්නතිය සදහා ද පියවර ගෙන ඇත. මහා සංඝරත්නය පෙරටුකොට ගෙන ශාසනික සංශෝධනයට පියවර ගෙන තිබේ. ධර්ම-විනය සංගායනාවක් පවත්වා ශාසනික සජශෝධනයකය කාලය උදා වී ඇත. කතිකාවත් හා විහාර දේවාලගම් පණත් සම්මත කරගත යුතුය. අවසානයේ දී සාමග‍්‍රීය අරමුණු කරගෙන සංඝරාජ පදවියක් ඇති කළ හැකිය.
භික්ෂු ශාසනයේ දුර්වලතා
මහා සංඝරත්නයේ බලය දුර්වල කළ අවස්ථා ඉතිහාසයේ සනිටුහන්ය. ලංකාව යටත් කරගත් ආක‍්‍රමණිකයෝ බොහෝ අවස්ථාවල පළමුවෙන් වෙහෙර විහාරස්ථාන වලට හානි කර සංඝරත්නට පීඩා කළහ. ශාසනික පරිහානිය ඇති කරන ලද අතර එමගින් රට වැසියන්ගේ ආත්ම ශක්තිය දුබල කරවූහ. සිදුවූ විනාශය මැඩ නැවත නැගීසිටින්නට සාසනයේ පුනර්ජීවනයක් ඇති කරන්නට එයින් පසු සිදුවූ බව මතක් කර දිය යුතුය. අද වන විට සමාජය ඉතා සංකීර්ණ තැනෙක පවතී. විවිධ අදහස් හා ආකල්ප වලින් පිරී ඇත. අන්තවාදී ලක්ෂණ ඉහවහා ගොස් තිබේ. අසමගිය බලවත්ය. පවතින බෙදීම් රටට විශාල හානියකි. රට ජාතිය සමගි සම්පන්න කිරීමට අවවාද අනුශාසනා කළ යුතු ඇතැම් සංඝයා වහන්සේලා පවා ස්වකීය වගකීම අමතක කර ඇති බව පෙනේ. පොදුවේ විවේචනය වන තැනට පත්ව ඇත. එවැනි වාතාවරණක් පැවැතීම සුදුසු නැත.
සංඝයා වහන්සේලා චතු පාරිශුද්ධි ශීලය හෙවත් කෝටියක් සංවරශීලය ආරක්ෂා කරගත යුතු බව බුද්ධ දේශනාවේ සදහන්ය. ඇතැම් භික්ෂුන් වහන්සේලා ගේ හැසිරීම එයට අනුකූල නැත. භික්ෂු ජීවිතයෙහි ආරක්ෂා කළ යුතු විනය ගැන මනා අවබෝධයක් විනය පිටකය අධ්‍යනය කළහොත් ලබා ගත හැකිය. ගෞතම බුදු රජාණන්වහන්සේ දේශනා කළ පරිදි ‘‘විනයෝ නාම සාසනස්ස ආයු’’ එනම් ‘‘භික්ෂු විනය සම්බුද්ධ ශාසනයේ ආයුෂය’’ යි. සංඝයා වහන්සේලා නිසි පිලිවෙත අනුව කටයුතු කළහොත් ශාසනය ආරක්ෂා වෙයි. රට ජාතිය ආරක්ෂා වන හේතුවකි. රට පරිහානියට පත් කරන අරමුණ ඇතිවඅනුදැන වදාල මග තිබිය දී අනෙක් ක‍්‍රියාවන්හි නිරත වෙති. ඇතැම් භික්ෂුවක ලාභ ප‍්‍රයෝජන අපේක්ෂාවෙන් කටයුතු කරන අතර එය නිවන් මග ඈත් කරයි. (අඤඤාහි ලාභූපනිසා - අඤ්ඤා නිබ්බාන ගාමිණී) තවත් භික්ෂුවක රියැදුරු බලපත‍්‍රය ඉල්ලා අධිකරණයට යන අතර තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් දේශපාලනයට අවතීර්ණව සිටිති. නොකටයුතු නොයෙක් වෘත්තීන්ට ඇතුලත්ව ආදායම් උපයන අවස්ථා ද තිබේ. ඇතැම් විහාරස්ථාන කර්මාන්ත හා සේවා ස්ථාන බවට පත්ව තිබේ. ධර්ම දේශනයකට ගාස්තු නියම කරන අවස්ථා ද ඇති බව ගිහියෝ ප‍්‍රකාශ කරති. සුදුසුකම් නැති හිමිවරු දහම් දෙසුම් පවත්වා වටිනා බුදු දහම හෑල්ලූවට ලක් කරති. ඓතිහාසික කරුණු විකෘති කරමින් බුදුන් වහන්සේ ලංකාවේ උපන් බව ප‍්‍රකාශ කරති. මෙවැනි සිද්ධි සුදුසු නැත. සත්‍ය විමර්ෂණය කර වඩා සුදුසු දේ තෝරා බේරාගෙන, අනිසි දේ පාලනය කරන්නට නිකාය හා පාර්ශව මට්ටමින් බලය ලැබෙන නීති රීති සම්මත කරගැනීම සුදුසුය. කතිකාවත් පණත එයට එක අදහසකි. නැවත නිසි මගට අවතීර්ණ කරගැනීම අරමුණු කරගෙන ධර්ම-විනය මහා සංගායනාවක් පැවැත්වීම අවශ්‍යය. ශාසනය එකතු කර ශ‍්‍රී ලංකා ථෙරවාදී මහා විහාරවංශයේ එකම සාමග‍්‍රී ආයතනයක් බවට පත් කොට ඉදිරි මග නිරවුල් කරගැනීම අරමුණු කරගෙන සංඝරාජ පදවියක් ඇති කරන්නට යෝජනා කළ හැකිය.
භෞතික සංවර්ධනය ඉක්මවා යන පියවරක්
ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට ප‍්‍රමුඛ තැන ලබාදී තිබේ. බුදු දහම ආරක්ෂා කර පෝෂණය කරන බව දක්වා ඇත. බලයට පත් වන ආණ්ඩු එකී වගකීම අනුව ක‍්‍රියා කරයි. වෙහෙර විහාර තනවා, සංඝරත්නයේ අවශ්‍යතා සොයා බලා මහත් කැපවීමකින් කටයුතු කරන බව දැක්විය යුතුය. වෙනම අමාත්‍යංශයක් ද ඇති කර තිබේ. රාජ්‍ය කටයුතු වල දී සංඝරත්නයේ ආශීර්වාදය ලබා ගනී. එය පමණක් ප‍්‍රමාණවත් ද යන ප‍්‍රශ්නය අද පැන නැගී ඇත. ධර්මය විනාශ වී නැවත ඇතිවීමක් සිදුවන බව බුද්ධ දේශනාවේ සදහන්ය. නැතිවීම හැකිතාක් ප‍්‍රමාද කළ යුතුය. ධර්මයට හානිකරන ක‍්‍රියා වැලැක්වීම අවශ්‍යය. පාලකයෝ නිසි අවධානය යොමු කළහොත් ශාසනය ආරක්ෂා කරගත හැකිය.
බුදු රජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළ අවස්ථාවේ දී ‘‘මහරජ ඔබ ශාක්‍ය වංශයේ මම බුද්ධ වංශයේ ’’ බව සදහන් කර පිය රජු අමතන ලදහ. කාලාන්තරයක් ගතවීම සමග බුද්ධ වංශය ගැන මතකය ශේෂ වෙමින් තිබේ. සංඝයා වහන්සේලා අතරින් යම් කොටසක් ශාක්‍ය වංශය එනම් පාලකයන් බවට පත්වන්නට තැත් කරති. පාර්ලිමේන්තුවට වැඩම කිරීම අභිලාශය වී ඇත. එය වරදකි. සංඝ ශාසනය හෑල්ලූවට ලක් කිරීමකි. සියළු නිකායවල නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු බහුතරයක් හිමිවරු දේශපාලනයෙහි නිරතවීම නුසුදුසු බවට අවවාද අනුශාසනා කර තිබේ. ගිහියන් ද එම අදහසට එකගය. දේශපාලනයට හෝ වෙනත් අනිසි මාර්ගවලට යොමුවන භික්ෂුන් පාලනය කිරීමේ මගක් ද නැත. භික්ෂුන් වහන්සේලා ගේ විනය තීරණ සම්බන්ධයෙන් වෙනම ව්‍යුහයක් අවශ්‍යය. කතිකාවත් පණත එයට සුදුසුය. මෙම පණත ගැන සෑහෙන කාලයක් තිස්සේ සාකච්ඡා වෙමින් තිබේ. එය ශාසනය පාලනය කරනු සදහා භික්ෂුන් වහන්සේලා විසින් සකස්කරනු ලබන ව්‍යවස්ථා මාලා වශයෙන් දැක්විය හැකිය. තම නිකාය හෝ පාර්ශවයට අනුකූල වන පරිදි හෝ එසේත් නැත්නම් සමස්ථ සංඝ රත්නයටම ගැලපෙන එක කතිකාවතක් සේ සකස් කරගැනීම යෝග්‍යයය. ශාසනය ක‍්‍රමවත් කරගැනීම සදහාම එවැනි අවශතාවයක් ඇත.අතීතයේ දී ශාසන පරිහානියක් සිදුවූ අවස්ථාවල මෙබදු කතිකාවත් ඇතිකරගත් බවට උවමනා තරම් සාක්ෂි තිබේ.
කතිකාවත් පණත සමග විහාර දේවාලගම් පණත සංශෝධනය කරගැනීම ද වඩාත් යෝග්‍යය බව සදහන් කළ යුතුය. බි‍්‍රතාන්‍ය පාලන කාලයේ දී එම නිලධාරීන් සකස් කරන ලද මෙම පණත දැන් බොහෝ දුර්වල එකකි. විහාරස්ථානවල පාලනය හා ඒවායේ අයිතීය පිලිබදව බොහෝ අර්බුද තිබේ. එවැනි පැති විමර්ෂණය කර විසදාගැනීම සදහා ද විහාර දේවාලගම් පණත සකස් කරගැනීම කාලෝචිතය.
ධර්ම -විනය සංගායනාවක් පැවැත්වීම
ඉන්දියාව බුදුන්වහන්සේ උත්පත්තිය ලැබූ භූමිය නමුත් බුද්ධ දේශනාව පවතින තැන වශයෙන් සැලකෙන්නේ ශ‍්‍රී ලංකාව ය. චීනයේ සිට පාහියන් භික්ෂුව බුද්ධ ධර්මය ගැන ලියැවුණ කෘති සොයා ලක්දිවට පැමිණියහ. බුරුමය සහ තායිලන්තය ඇතුළු රටවල් තමන්ට බුද්ධාගම දායාද කළ රට සේ සලකන්නේ ද අප රට බව පෙන්වා දිය යුතුය. එසේ තිබිය දී කෙටි කාලයක් තිබුණ පරිහානිය මැඩ උපසම්පදාව ස`දහා ලබාගත් උපකාර වෙනුවෙන් එම රටවල් හා නගර ස`දහන් කර නිකාය වෙන්වන තරමට පත්ව තිබේ. අපගේ බෞද්ධ උරුමය සොයා ගැනීම සුදුසුය. බෞද්ධ අනන්‍යතාව තහවුරු කළ යුතුය. තවත් අවුරුදු දහස් ගණනක් සම්බුද්ධ ශාසනය ඉදිරියට පවත්වාගෙන යෑමේ වඩාත් භාරධුර කර්තව්‍යය ශ‍්‍රී ලංකාවට පැවැරී ඇති වගකීමකි. ථෙරවාද බුදු දහමේ මුලස්ථානය වශයෙන් සැලකෙන ලංකාදීපයට ලෝකයේ සියළු සාසනික ගැටළු විසදීම සදහා අනෙක් රටවලට ද කිසියම් නායකත්වයක් දිය හැකිය. එහි දී පළමුවෙන් ධර්ම- විනය සංගායනාවක් පැවැත්වීම අවශ්‍යය. එය උත්කෘෂ්ඨ වැඩපිලිවෙලක් වනු ඇති අතර අවශ්‍ය උපදෙස් ලබාගැනීම සදහා දැන උගත් මහ තෙරුන් වහන්සේලා වැඩසිටින බව ද වැඩිදුරටත් දක්වන්නට අවශ්‍යය.
සංඝයා වහන්සේලා ගේ පැවැත්ම සහ සියළු බෙදීම් සම්බන්ධව ගැඹුරින් සලකා බලන ධර්ම-විනය සංගායනාවක් පැවැත්වීම කාලෝචිත පියවරක් වන අතර රජය සතු ශක්තිමත් නායකත්ව අවකාශය එහි ලා ප‍්‍රයෝජනයට ගත යුතුය. ධර්මය විකෘති කිරීම් ගැන සලකා ධර්ම සංගායනාවක ද අවශ්‍යතාව දැනේ. ධර්ම-විනය සංගායනාවක් පැවැත්වීම පහසු කාරණයක් නොවේ. ඒ වෙනුවෙන් විශේෂ ස්ථානයක් සම්පාදනය කරගත යුතුය. බුදු රජාණන් වහන්සේ ගේ නියෝජනය සහිත උත්තරිතර වස්තුවක් තැන්පත් කළ යුතුය. සියළු දේ අලූතින් හිතන පරිසරයක් සංගායනාව පවත්වන ස්ථානය තුළ තිබීම අවශ්‍ය බව කරුණු දත් ස්වාමීන්වහන්සේලා ප‍්‍රකාශ කරති. මෙකී කාරණය සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් කර, සියළු පාර්ශව වල සහයෝගයෙන් සම්බුද්ධත්ව ශාසනයේ උන්නතිය තකා තීරණයක් ගැනීම අවශ්‍යය. ස්ථානයක් හා සංවිධාන කටයුතු වෙනුවෙන් විශාල වියදමක් දරන්නට සිදුවිය හැකි නමුත් එම ආයෝජනය අපතේ නොයන බව නිසැකය. දැනට පවතින පිරිහීම සමාජයට ඇති කරන පීඩනය වලකා ගැනීමට ඇති පුලූල් අවස්ථාවක් වන බව සැකයක් නැත.
සංඝරාජ ධුරයකින් ඇතිකරන එකමුතුව
සංඝයා වහන්සේලා ගේ ඒකායන අරමුණ නිර්වාණයි. සංඝයාවහන්සේලා භික්ෂුත්වය රැකගනිමින් රට ජාතිය ආරක්ෂා කිරීමට කැපවී සිටිති. ඇතැම් භික්ෂූන්වහන්සේලා පිරිසක් තම මූලික අරමුණ පසෙක ලා ‘‘රාජ්‍ය පාලනයට ’’ ඇතුළුවීමට වෑයම් කිරීම මෑත කාලීන ඇතැම් භික්ෂු ප‍්‍රවනතාවයකි. දේශපාලනය පිරිහී ඇති අතර දේශපාලනඥයන් වැඩි කොටසක් අතිශය දූෂිත බවට නැගෙන විවාදය අමතක කළ යුතු නැත. භික්ෂුව එතැනට ප‍්‍රවේශ විය යුතු ඇයි? නොවිය යුතු දේ වැලැකිය යුතුය. ධර්ම-විනය සංගායනාව පවත්වා එයින් ඉනික්බිතිව නැවත රට තුළ ශාසනික අවැඩදායක දේ නතර කරන පියවරක් වශයෙන් සංඝරාජ තනතුරක් ඇති කළ හැකිය. මහා සංඝයා වහන්සේලා සහ නායක හිමිපාණන් වහන්සේලා එකතු වී මෙම අදහස ගැන සාකච්ඡා කළ යුතුය. එයින් සංඝ නායකත්වයක් බිහිකරගත හැකිය. එක් එක් නිකාය හෝ පාර්ශව තුළ සංඝරාජ පදවිය මාරු වන සේ යෝජනා සම්මත කර ගැනීමට පුලූවන්කම තිබේ.
සමාජය තුළ අසාධාරණකම් හා අයුක්තිය සිදුවෙයි. ඒවා නිරකරණය කරගැනීඹ පාලකයන්ගේ වගකීමකි. අසාධාරණය දකිනවිට එයට එරෙහිව නැගී සිටිය යුතු අතර එහි දී මහණකම නොවැදගත් යැයි ඇතැම් භික්ෂුන්වහන්සේ නමකට කල්පනා කිරීමට අයිතියක් තිබේ. පාර්ලිම්න්තුවට යෑම හෝ පාරට බැස විරෝධතා දැක්වීම එයට ඇති එකම උත්තරය නොවේ. සමාජය ගැන කැක්කුමක් දැනෙන අවස්ථාවක මගග පෙන්වීඹ සුදුසුය. තමන්ට තීරණ ගත යුතු යැයි හැගේනම් සංඝරාජ පදවිය තුළ එයට සුදුසු අවස්ථාවක් බලගැන්වීමට පුලූවන්කමක් තිබේ. භික්ෂුභාවය ලබා ගත් ගුරු හිමිපාණන්ගේ දෙපා නමැද, සංඝරාජ හිමිපාණන්ට දන්වා ස්වකීය කසාවත විහාරස්ථානයෙහි තබා සමාජ අභිවෘද්ධිය වෙනුවෙන් නැවත ගිහි ජීවිතයට ඇතුලත්විය හැකිය. දෙපැත්තම නඩත්තු කරමින් අන්තවාදීව හැසිරෙන භික්ෂුවක ගෙන් ජන සමාජට සිදුවන අවැඩ මැඩ පැවැත්වීමට එයින් හැකිවනු ඇත.
මුළු ලෝකයම නවීන තාක්ෂණික යුගයකට ඇතුළු වෙමින් තිබේ. අනාගතයේ දී කෘතීම බුද්ධිය බහුලව භාවිතා වනු ඇත. බුදු රජාණන් වහන්සේ විසූ කාලයට වඩා වෙනස් මෙවලම් සහ ජීවිතය පහසු කරන උපකරණ පරිහරණයට පැමිණ තිබේ. විහාරස්ථානය මෙම සියළු දේ වලින් තොර පැරණි ව්‍යුහය සහිත තැනක් විය යුතු යැයි අදහස් නොකෙරේ. එහෙත් කිසියම් රාමුවක්, ප‍්‍රතිපත්ති සමුදායක් හා ඒවා ගැන අවධානයෙන් සිටින පුලූල් වැඩ පිලිවෙලක් අවශ්‍යය. එය ඉතා සංකීර්ණ සහ මහා සංඝරත්නයට එකවර පවරන්නට පහසු නැති ක‍්‍රමවේද අන්තර්ගත වෙන්නට ඉඩ තිබේ. මෙම කරුණු ගැන සාකච්ඡා කර, සියළු පැති සලකා බලා මැදහත් සිතින් තීරණ ගැනීම සුදුසුය.
|