» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
31/07/2016 - දේශය
ඝාතනයකට ලක්වූ සමාජ මාධ්‍ය තාරකාව

ඇය හ`දුන්වා තිබුණේ පකිස්තානයේ කිම් කාඩෑෂියන් හැටියටය. පකිස්තානයේ ආකර්ශණීය චරිතයකි. කිම් කාඩෑෂියන් යන අන්වර්ත නමින් හැ`දින්වුණ ඇය ෆවුසියා අසිම්ය. ෆවුසියා අද ජීවතුන් අතර නැත. ඇයගේම සහෝදරයා ඇය ඝාතනය කළාය. ෆවුසියා කරන ලද වරද සමාජ මාධ්‍යයෙහි ඇලී එය පකිස්තාන ගතානුගතිකත්වය ඉක්මවා යන සේ හැසිරීමයි. ෆවුසියා සමාජ මාධ්‍යයෙන් ලැබෙන අසීමිත ජනප‍්‍රියත්වයට ආශක්තව සිටියාය. ඇයගේ පරමාදර්ශී චරිතය වූයේ යොවුන් පෙල අතර දිදුලන බටහිර යුවතියක වූ කිම් කාඩෑෂියන් ය. සමාජ මාධ්‍ය අතර වේගයෙන් ජනප‍්‍රිය වූ කාඩිෂන් ගේ විලාශය ලෝකය පුරා උන්මාදයක් වූ අතර ඇය හැසිරෙන කතාබහ කරන පමණක් නොව ඇ`දුම් පැළ`දුම් මෝස්තර ද යොවුනන් අනුකරණය කරන්නේ ඉතාමත් ලැදියාවෙන්ය. එකී ඇබ්බැහිවීමට කැමැත්තක් නැති ලෝක වාසීන් අතර පටහැනි මත අපමණ තිබුණත් කාඩෑෂියන් ජනප‍්‍රියත්වයෙන් ඉහළටම පැමිණි තාරකාවකි. එයින් උපයාගත් කීර්තිය පමණක් නොව ධනය ද අති විශාලය. පකිස්තානයේ ෆවුසියා අසීම් පෙළැඹෙන්නේ කාඩෑෂියන් ගේ පියවර ඔස්සේ අඩිය තබා අනාගතය ගොඩනගාගන්නටය.

නමුත් පකිස්තානය යනු බටහිර නොවේ. එහි ඇත්තේ තද සංස්කෘතික රාමුවකි. ආවේනික ගති ගුණ තිබේ. කාන්තාවන් සම්බන්ධයෙන් අනුගමනය කරන චාරිත‍්‍ර එමටය. ආගම එයට ප‍්‍රබල රාමුවක් හදයි. සමාජයට විවෘත නැති අයිතිවාසිකම් සීමා සහිත සමාජයක ජීවත්ව සිටි ෆවුසියා බටහිර තාරකාවක් වූ කාඩෑෂියන් ගේ ලෝකයට ඇතුළු වෙන්නේ කෙසේද? එය පහසු නැත. ෆවුසියා අපහසු දේ කරන්නට සූදානම් වූවාය. ආගමික සම සංස්කෘතික බැ`දීම් පැත්තකින් තබා අභිමතය පරිදි ක‍්‍රියාකළාය. එක පැත්තකින් ඇය විප්ලවීය ලෙස ඉදිරියට ගියාය. සියලූ බාධක පැත්තට කර අභීත ලෙස සමාජ මාධ්‍යයේ පෙනී සිටියාය. විවිධ මෝස්තර ඉරියව් සහ ප‍්‍රකාශන වලින් සමාජ මාධ්‍යයේ සැරිසරන විට ඇයට දැනෙන්ට ඇත්තේ කුල්මත් භාවයකි. ලෝකය පුරා මිතුරන් ඇගේ අදහස් බෙදාගන්නා විට ඇයට දැනෙන්නට ඇත්තේ වීරත්වයයි. නමුත් ගෙදරින් අයට ලැබුණේ දෝෂාරෝපණයකි. ක‍්‍රමයෙන් දරුණු වූ එය ගැටුමක් දක්වා වැඞී විහිදී ගිය අතර එක්තරා තීරණාත්මක අවස්ථාවක ඇයගේ සහෝදරයා ෆවුසියා තමන්ගේ පවුලට මහා අවමානයක් එකතු කරන ලද තැනැත්තියක සේ සලකා මරා දැමුවාය. පකිස්තානයේ ඇතැම් ජන කණ්ඩායම්වලට අනන්‍ය අන්තවාදී අදහස් තිබේ. තමන්ගේ රීති ඉක්මවා යන විට ඔවුන් විනාශ කළ හැකිය. ඒ අනුව ෆවුසියා ගොදුරුවූයේ පවුලේ ගෞරවය ආරක්ෂා කරන ඝාතනයකටය. ඇය ගේ විපත සාධාරණීකරනය වෙන්නේ එසේය.

ෆවුසියා අසීම් සහෝදරයන් හය දෙනෙකු සහ සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් ලොකු පවුලක සාමාජිකාවකි. රැකියාවක් වශයෙන් මගී ප‍්‍රවාහන බස් සේවාවක මගී සත්කාරක සේවාවෙහි නිරත වූ ඇය සමාජ මාධ්‍ය භාවිතාව දැන අ`දුනා ගන්නේ අහම්බෙන්ය. පකිස්තානයේ සම්ප‍්‍රදාය සහ පරණ පරම්පරාවේ අභිලාශ වලට එපිටින් යන ෆවුසියා තමන්ගේ පින්තූර, වීඩියෝ සහ අදහස් සමාජ මාධ්‍ය වලින් ජාතයන්තරයට නිදහස් කළාය. ඒ දෙස බලාගෙන සිටි පකිස්තාන ප‍්‍රජාව මහත් විමතියට පත්විය. සාමාන්‍යයෙන් පකිස්තාන ඉස්ලාම් කාන්තාවන් ආරක්ෂා කරමින් සිටි වෘතයෙන් බැහැරව විලප්ලවීය චරිතයක් බවට පත්වූ ඇය ෆේස් බුක් සහ ට්විටර් සමාජ මාධ්‍ය වලින් පෙන්වූ නර්තන විලාශ එරටට ගැලපුණේ නැති නමුත් එයට කැමැති වූ ලෝකයේ නන් දෙසින් එකතුවූ ලෝලීහු ෆවුසියා සමග සමාජ මාධ්‍ය සම්බන්ධතා තර කරගත්තෝය. ඇය ගේ කියන කරන දේ ගැන බලා සිටි ඔවුහු ඇය සමාන කරන්නට පටන්ගත්තේ කාඩෑෂියන්් ටය. එය නොසිතන තරමේ විශාල ප‍්‍රබෝධයක් වන විට ඇයගේ ෆේස් බුක් ගිණුමෙහි සාමාජිකයන් ගණන හත්ලක්ෂ පනස් දහස ඉක්මවා ගියේය. සම්ප‍්‍රදායට අනුව කොටු වී සිටිය යුතු චරිතයක් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ අවධානයට ලක්වන විට ඇයට කරදරයක් වූයේ එම පාලනයයි.

ගතානුගතිකත්වය ප‍්‍රතික්ෂේප කරන අදහස් ෆවුසියා අසීම් සිය පණිවුඩ වලින් නිකුත් කළාය. ඇය පෙනී සිටියේ බොලාච් යන ආරූඪ නමකින්ය. සමාජය උණුසුම් කරන අදහස් පතුරවන විට ඇය ගැන විමසිලිමත් වූවෝ ඇය සොයාගෙන ඇගේ හැබැ තතු හෙළිදරව් කළා පමණක් නොව ගුවන ගමන් බලපත‍්‍රයේ ස්කෑන් පිටපතක් ද ප‍්‍රසිද්ධ කළේය. එය ෆවුසියා අවදානමකට යොමු කරන වෑයමක් විය. ඇයට දුරකථනයෙන් තර්ජන එල්ල වන විට ආරක්ෂක අංශ ආරක්ෂාව ගැන සොයා බලන නමුත් එය සාර්ථක එකක් වෙන්නේ නැත.

ඝාතනය වෙන්නට පැය කිහිපයකට කලින් ඇගේ ෆේස් බුක් අඩවියේ ඇය ස`දහන් කරන්නේ කාන්තා විමුක්තිය පිළිබ`ද ඇයගේ ආත්ම ප‍්‍රකාශයයි. තමන් නවීන යුගයේ කාන්තාවක් යනුවෙන් හ`දුන්වන ඇය නිදහස් සිතිවිලි සහ නිවහල් මානසිකත්වයකින් වන අතර තමන් ජීවත්වන ආකාරය ගැන ආඩම්බර වන බව ස`දහන් කර තිබුණාය. එයට කලින් බාල කාලයේ ම සිදුවන විවාහ ගැන වෙනස් ආකාරයේ අදහස් දක්වන ඇය කාන්තා අයිතිය ගැන බලවත් හ`ඩක් නංවයි. ජාත්‍යන්තරයේ ඇති ස්වභාවය තේරුම් ගෙන සිටි ෆවුසියා පකිස්තානයේ ඇති ග‍්‍රහණයෙන් මිදෙන්න උවමනාවෙන් නොනවතින අදහස් සංග‍්‍රාමයක නියැලී සිටි බව පැහැදිලිව නිරීක්ෂණය කරන්නට හැකිය. ඉන්දියාව සහ පකිස්තානය අතර පැවැති ඒවර 20-20 ක‍්‍රිකට් තරගයක දී පකිස්තානය ජය අත්කර ගතහොත් නර්තනයෙහි යෙදෙන ආකාරය ඇය වතාවක් ප‍්‍රසිද්ධ කර තිබූ අතර එය එරට පමණක් නොව ජාත්‍යන්තර ක‍්‍රිඩා ලෝලීන්ගේ කදිම ආකර්ශනයකට හේතු වී තිබිණ. තව දුරටත් බැ`දීම් වලින් කොටු වී ඉන්නට බැරි බව කියමින් ඇය කරන ලද නිරූපන බටහිර විලාසිතා නිරූපිකාවකගේ අංග වලට සමාන කළ හැකි අතර ඒවා කිසිසේත් සම්ප‍්‍රදායික ඉස්ලාම් භක්තික කාන්තාවක ගේ පින්තූර නොවූවාය.

සම්ප‍්‍රදායිකත්වය අභිබවා යන්න තැත් දරන සිය ගණනක් කාන්තාවන් පකිස්තානයේ රහසිගතව මරා දැමෙන බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි. චාරිත‍්‍ර ඉක්මවා යන්නට තැත් කරන තරුණියන්ට අත් පත්වන්නේ මරණයයි. එය පවුලේ ගෞරවය වෙනුවෙන් කරන ඝාතනයක් සේ යුක්ති සහගත කරන්නට එරට ක‍්‍රමය සකස් වී තිබේ. නමුත් සමාජ මාධ්‍ය ඇසුරු කරමින් එය හරහා විශාල මතයක් ගොඩ නැගූ ෆවුසියා ගේ ඝාතනය පවුලේ ගෞරවය වෙනුවෙන් යැයි පිලිගන්නට ඇයගේ වාසනාවකට ඉඩ කඩ ලැබී නැත. ඇගේ පියා පොලිසියට කරුණු අනාවරනය කර ඇති අතර සහෝදරයා ඇය මරා දැමූ බවට සාක්ෂි දී තිබේ. එය පවුලේ ගරුත්වය ආරක්ෂා කරගන්නට කර ඇති මරණයක් බව පෙනෙන නමුත් හැබෑව අනාවරණය කර ගැනීම ස`දහා පරීක්ෂණ මෙහෙයවන බව පොලිසිය ජන මාධ්‍ය වලට ප‍්‍රකාශ කර තිබේ.

පවුලේ සාමාජිකයන් අතර පටු විය යුතු ජීවිතයක විත්ති ජාත්‍යන්තරයට මුදා හැර ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජන අවධානයට ලක් වූ ෆවුසියා ජීවත්වූයේ ලෝක දෙකකය. එකක් ඇගේ ගෙදර පැවැති සම්ප‍්‍රදායික ස්වභාවයයි. අනෙක විස්මිත වූ සමාජ මාධ්‍ය භූමිකාවයි. පකිස්තානයේ පරණ අත්දැකීම් ඇති සමාජය ගතානුගතිකත්වයට තැන ඉතිරි කර තිබේ. අභිමතාර්ථ දක්වා නිදහස් සමාජයකට පියාඹා යන්නට තැත් කළ ඇය ජීවිතයෙන් වන්දි ගෙවා තිබේ. ශ‍්‍රී ලාංකේය සමාජය පසුවෙන්නේ කොතැනකද? අද මෙරට දරු දැරියන් තව දුරටත් ලෝකයෙන් වසං කළ නොහැකි තැනකය. පරම්පරා ගැටුම සමාජ මාධ්‍ය භාවිතය සමග තවත් උත්සන්න වන බව පකිස්තානයේ සිද්ධිය දක්වයි. සාකච්ඡා කර තීරණ ගැනීම වැදගත්ය. පවුලේ ගෞරවය උදෙසා ඝාතනය මෙරට නොකරන නමුත් දරු දැරියන් ගේ ප‍්‍රවේශය තේරුම් ගැනීම කරන්නේ කෙසේද?